Sunday, December 31, 2023

සීගිරිය බලකොටුවක්ද

 


ඇත්තෙන්ම සීගිරිය අවුරුදු 1500කට පෙර සෑදීම විශ්මයජනකය. 


නමුත් තම සහෝදරයා ඉන්දියානු හමුදාවක් රැගෙන පැමිණෙන විට හමුදාවට මුහුණ දීම සූදානම් වන රජ කෙනෙකු මෙවැනි ස්ථානයක ආරක්ෂක බලකොටුවක් සාදාගැනීම පුදුම සහගතය.


මෙවැනි බලකොටුවක් සතුරා විසින් වට කරනු ලැබුවහොත් එය මාසයකට දෙකකට වඩා පවත්වාගත නොහැකිය. 



එසේම කාශ්‍යප රජතුමා ද,' සමහර විට බලකොටුවක් ලෙස සීගිරියේ දුර්වලකම් දැනගෙන සතුරා පැමිණි වග දැනගත් විට ඔවුන්ට මුහුණ දීමට උතුරු මැද පළාතට ගියේය. මෙය ආරක්ෂාවට සාදන ලද්දේ නම් ඔහු සතුරාට මුහුණ දිය යුතු වන්නේ මෙතැනදීය.


එසේම බලවත් තර්ජනයකට මුහුණ පා සිටින ඔහු සතුරු හමුදාවකට මුහුණ දිය හැකි ගිරි දුර්ගයක  තම ආරක්ෂිත බලකොටු සහ තමාගේ අගනුවර යනාදිය සාදාගත යුතුව තිබිණ.

ඔහු එසේ කළ බවක්ද පෙනෙන්නට නැත, 


ඇත්තෙන්ම සීගිරිය කුමක් සඳහා ගොඩනගන්නට ඇත්තේ ද?


Tuesday, December 26, 2023

මා දුටු සුනාමිය

 සුනාමි සිදු වූයේ මෙවන් දිනයක නිසා මට මගේ සුනාමි පිළිබඳ අත්දැකීමක් ගැන ලියන්නට සිතුනි. මම එකල උතුරු නාවික විධානයේ ියෝජ්‍ය ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළෙමි. අපගේ මූලස්ථානයේ තිබුණේ කන්කසන්තුරේ වරාය අසලය.


මම උදෑසන අවදි වී එදින නිවාඩු දිනයක් වූ හෙයින් මම මගේ නිල නිවාසයේ ඇඳට වී  ටිකක් කාලය කලෙමි.


මගේ ඇඳ ළඟ තිබූ ටෙලිෆෝනයක් නාද වී එයට පිළිතුරු දුන් විට ඇමතුමේ සිටියේ අද්මිරාල් සඳගිරි නාවික හමුදාපතිවරයාය. 


ඔහු මට මෙසේ කීවේය " ඉලංන්ස්, ත්‍රිකුණාමලය පැත්තේ මුහුදේ ලොකු වෙනසක් සිදුවී තිබෙනවා බලගතු කුණාටුවක් වගේ, ඔය පැත්තෙ මොකුත් ප්‍රශ්න එහෙම තියෙනවද?" 


මම ටිකක් මුහුද පරීක්ෂා කර, ඔහුට එසේ යමක් පෙනෙන්නට නොමැති බව පවසා, ඉක්මනින් කාර්යාලය වෙත ගියෙමි. මගේ කාර්යබණ්ඩලයේ සියලු දෙනාත්, මේ පිළිබඳව දැනගෙන මෙහෙයුම් කාර්යාලයට පැමිණී අතර, එහිදී ම අපගේ පේදුරුතුඩුව අනුකන්ඩයෙන් ඔවුනට බලගතු කුණාටුවකට මුහුණ දෙන්නට සිදු වී ලොකු විනාශයක් සිදුවූ බව වාර්තා විය.


මම නිලධාරියෙකු සහ තවත් පිරිසක් එම අනුකන්ඩයට උදව් කිරීම සඳහා පේදුරු තුඩුව බලා පිටත් කළෙමි.


ටික වේලාවක් ගතවන විට මුහුදෙන් අඩි සියයක් පමණ උස ජල පවුරක් වැනි රැල්ලක් ගොඩ දෙසට එනවා පෙනුණි. සුනාමි පිළිබඳව ඒ වන විට මා අසා තිබුනේ නැත. මම හිතුවේ ලෝක විනාශය සිදුවීමට පටන් ගෙන ඇති බවය. 


හරියටම සිදුවන්නේ කුමක්දැයි බැලීමට සන්තූරයට මඳක් බටහිරින් පිහිටි ලොකු ගල් කුල වෙතට අපි ගියෙමු. කතරගම දෙවියන් දියාවේ සිට පැමිණ ලංකාවට ගොඩ බැස්සේ මේ අසල යැයි කියනු මා අසා ඇත. එතැන සිට මෙම රැල්ල  දෙස බලා සිටිද්දී, වරායේ තිබෙන අපගේ නෞකාවලට කුමක් සිදුවේදැයි යන ප්‍රශ්නය මගේ සිතට පැමිණියේය.


ඒ සමගම අසා තිබූ පරණ නාවිකයන්ගේ කතාවක් මට සිහියට නැගුණි. එයින් කියවපුණේ කුණාටුවකදී නැවකට හොඳම තැන  මහ මුහුද බවයි. 


මම වහාම ි වරාය තිබූ අපගේ නැව් දෙකට වරායෙන් පිටතට යවන ලෙසට එවකට අපගේ කාර්ය මණ්ඩලයේ වරායේ ආරක්ෂාව භාර සිටින නිලධාරියාට දැනුම් දුන්නෙමි. එසේම ඔහුට නැව්වල ලණු ලිහන්නට පරක්කු වෙන්නේ නම්, ලනු කපා හෝ පිටතට යවන ලෙසට උපදෙස් දුන්නෙමි.


ඔහු උදව්වට කෙනෙකු සමඟ මෝටර් බයිසිකලයක නැගී වරායේ දියකඩනය දිගේ නෞකා ඉක්මණින් පිටත් කර යැවීමට ගියේය. ඔහුගේ ඉක්මන් ප්‍රතිචාරය නිසා නෞකා වරායෙන් පිටතට දමා ගැනීමට පුළුවන් වූ අතර  ඒ නිසා ඒවා කිසිම උපද්‍රවයක් නැතිව  බේරුනී. වෙනත් ප්‍රදේශවල නෞකා කිහිපයක් රාය තුළ තිබියදී සුනාමියට හසුවී විනාශ විය.


සුනාමි රැල්ල දියකඩනය උඩින් වරායට වැදුණු අතර ින් එහි ජලය අපේ කාර්යාල සංකීර්ණය දක්වා පැමිණුනි.


නෞකා බේරා ගැනීම සාර්ථකව ඉටුකළ ා අපේ වරාය ආරක්ෂක නිලධාරියාට සහ ඔහුගේ සහායකට ජීවිත බේරා ගැනීමට නොහැකි විය. ඔවුන් ආපසු එන ගමනේ දී දියකඩනය මත ජල පහරට හසු වී  ජීවිතක්ෂයට පත්වුණි. 


අපගේ පේදුරු තුඩුව  අනුකන්ඩයේ කිහිපදෙනෙක්ම එලෙස ජීවිතක්ෂයට පත්වුණු අතර, අප කඳවුරට 

 සැතපුම් කිහිපයක් බටහිරින් පිහිටි, කීරමලේ ලිඳේ ස්නානය කරමින් සිටි කිහිප දෙනෙකුද එලෙස මියගොස් තිබුණි.


Sunday, November 26, 2023

රජකාලේ කාන්තාවන් ට දඬුවම් ලබා දීම

මම මේ දිනවල නැවත වරක් ෛද්‍ය හෙන්රි මාර්ෂල් ගේ ලංකාව පිළිබඳ පොත කියවමින් සිටිමි. 

ඒ පොතෙහි මහනුවර යුගයේ නොයෙකුත් දඬුවම් පිළිබඳව අපූරු කතාවක් කියවන්නට ලැබී  එය share කරන්නට  සිතුවෙමි.


එකල දරුණුම අපරාධයකට කාන්තාවකට දුන් දඬුවම දියේ ගිල්වා මැරීමයි. මෙය අපට අමුතු දඬුවමක් සේ පෙනුනද ස්කොට්ලන්තයේ ද එකල මෙම දඬුවම තිබුණු බව හෙන්රි මාර්ෂල් කියයි.


එහෙත් මෙයටත් වඩා දරුණු දඬුවමක් කාන්තාවන්ට ලබාදුන් බව කියනු ලැබේ. ඒ වැරදිකරුවන් වූ චූදිතයන් රොඩී ගමකට දූෂණයට ලක් කිරීමට යැවීමයි. 


ඇහැලේපොළ, රජුට විරුද්ධව කැරලි ගසා ුහුදුබඩ ඉංග්‍රීසීන් වෙතට ගිය පසු ඔහු සමඟ ගිය ඔහුගේ දෝලාව ඔසවාගෙන යන්නන්ගේ පවුල් වල කාන්තාවන් ; බිරියන් සහ දියණියන් , මෙලෙස සබරගමුවේ රොඩී ගමක් වෙත යැවීමට රාජසිංහ රජු නියම කළේය.


මෙම දඬුවම ක්‍රියාත්මක කිරීමට පිළියෙල කරන අවස්ථාවේ රොඩී ගම්වල ප්‍රධානීන් ඔවුනට එම දඬුවම ලබා දීම ප්‍රතික්ෂේප කළහ. 


ඔවුන් එයට හේතුව ලෙස දක්වා සිටියේ ඔවුන් එම දඬුවම ලබා දෙනවා නම් ලබාදෙන්නේ දෝලා ඔසවාගෙන යන්නන්ගේ කුලයට වඩා ඉහළ කුලයන්ගේ කාන්තාවන්ට පමණක් බවය.


සමහරවිට ඔවුන් එම හේතුව පෙන්වා දඬුවම් කිරීම ප්‍රතික්ෂේප කළේ  ඇත්තෙන්ම ඇහැලේපොළ , සබරගමුවේ ජනප්‍රිය පුද්ගලයෙකුව සිටි නිසා රාජ උදහස නොලබා , ඔහුට උදව් කිරීමට ද යන සැකයද මතුවේ.

Saturday, November 18, 2023

කෝච්චියේ සිටි රාජේශ් ඛන්නා

 



අප දහ දෙනකුගෙන් පමණ යුත් නිලධාරීන් කණ්ඩායමක් වසරක පමණ තාක්ෂණික පුහුණුවක් සඳහා 1980 වර්ෂයේ ඉන්දියාවට ගියෙමු. 


අප කණ්ඩායමට අමතරව එම පාඨමාලාවේ නයිජීරියානු ටැන්සානියානු  සහ මුරුසියස් නිලධාරීන් කිහිප දෙනකු ද සිටියහ.


ඒ දිනවල අප ඉන්දියාවට යද්දි ලංකාව ඉන්දියාවට වඩා තාක්ෂණය අතින් බොහෝ ඉදිරියෙන් සිටිය බව කිව යුතුය. ලංකාවේ එකල වර්ණ රූපවාහිනී තිබුණු අතර ඉන්දියාවේ තිබුණේ කළු සුදු රූපවාහිනිය පමණි. 


ලංකාව විවෘත ආර්ථිකය පටන් ගැනීම සහ ඉන්දියාවේ සංවෘත ආර්ථිකය තව දුරටත් පවත්වා ගැනීම නිසා මේ තත්ත්වය ඇතිව තිබූ අතර මේ පිළිබඳව ඉන්දියාවේද ොකු උනන්දුවක් එසේම ප්‍රසිද්ධියක් ඇති වී තිබුණි. ඉන්දියාවේ එකල ආණ්ඩු කිරීම licensing Raj එකක් බව රටේ ාස්‍යයට මෙන් කියූ බව මට මතක් වෙයි. 


සමහරවිට ඉන්දියාව ද විවෘත ආර්ථිකයට යන්නට ඇත්තේ අප එක්වරම අළු ගසා දමා නැගිට ආකාරය දුටු පසු වෙන්නටත් පුළුවන.


අප  ඉන්දියාවේ මෙලෙස ඉගෙන ගනිද්දි ඉන්දියාවේ නොයෙකුත් ප්‍රාන්ත වලට ගමන් කිරීමට හැකියාව ලැබුණි. ඒ නොයෙකුත් ක්ෂේත්‍රවල පාසැල් පිහිටා තිබුණේ ිවිධ ප්‍රාන්තයන්හි නිසාය. අප වැඩි කලක් ම සිටියේ කේරලයේ අරුණා කුලම සහ කොච්චි දූපත ආශ්‍රිතව වුවත්, රට හැම තැනම වාගේ නොයෙකුත් නගරවලට පාසැල් මාරු වෙන විට යාමට හැකියාව ලැබුණි. 

රට ඇතුළේ ගමන් සියල්ල දුම්රියෙන් කෙරුණු අතර දවස් ගණන් දුම්රියවල ගමන් කරන්නට ලැබුණි.


අපට රජයෙන් පලවෙනි පන්තියේ දුම්රිය ප්‍රවේශපත්‍ර ලැබුණු අතර, එකල ඉන්දියාවේ දුම්රියේ පලවෙනි පන්තිය පාවිච්චි කළේ බොහෝම ටික දෙනෙකි. නළුවන් දේශපාලඥයන් වැනි ධනවත් බලවත් පුද්ගලයන් මේ අතර වූහ.


වරෙක අපි මෙලෙස දීර්ඝ ගමනක් යද්දී, අපගේ දුම්රිය ් ප්‍රධාන දුම්රිය ස්ථානයක රාත්‍රී කාලයේ නැවතීමකට පැමිණියේය. අපි එලෙස දුම්රිය ඉඳහිට නැවැත් වූ විට කෝපි එකක් ඛී සිගරට් එකක් බොන්නට දුම්රිය වේදිකාවට පැමිනෙන්නට පුරුදුව සිටියෙමු. මෙම දුම්රිය ස්ථානයේ දී මෙලෙස එළියට එන විට තුන් හාරසීයක පිරිසක් අපට පෙති දෙකක් එහායින් පෙට්ටියක අසල පිරි පොරකන අයුරු අපට දක්නට ලැබුණි.


මේ පිළිබඳව සොයා බැලීමේදී සෙනඟ එතන පිරී ඇත්තේ ඒ පෙට්ටියෙ ්‍රසිද්ධ නළුවෙකු සිටින බව දැනගෙන බව අපිට දැනගන්නට ලැබුණි. අපි ටිකක් එදෙස බලා සිටින විට අපේ කෙනෙකුට හොඳ අදහසක් පහළ වුණි. 


අපි ඒ අදහස වහාම ක්‍රියාත්මක කළෙමු. ඒ නළුවාගේ නම මට හරියට දැන් මතක නැතත් එහි අගට babu කියා තිබුණු බව මතකය. අපේ දෙදෙනෙකු ඒ සෙනග ලඟට ගොස් දන්න දෙමළෙන් මෙසේ කියමින් අප සිටි පෙට්ටිය පෙන්වූහ.


" අඩේ, ......... බාබු එන්න ඩා, අංගෙ රාජේශ් කන්නා, ඉර්කා " 


එක්වරම දර්ශනය සම්පූර්ණයෙන්ම වෙනස් විය. එතන මුලින් සිටි සෙනගත් තවත් අලුත් පිරිසුත් අපේ පෙට්ටිය ළඟ පිරෙන්නට පටන් ගත්හ. අප ඔවුනට ඇතුළට එන්නට ඉඩ නොදී සිටියත් ටික වේලාවකින් ඔවුන් පාලනය කර ගැනීමටත් නොහැකි තත්ත්වයක් ඇති විය.


පසුව එතැන සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා අපේ පෙට්ටියට ආරක්ෂාව සැපයූනු අතර ටික වේලාවකින් එම පිරිස ඈත්කර තැබීමට පොලිස් නිලධාරීන් සමත් වූහ. 


අවසානයේ දුම්රිය පිටත් වීමට විනාඩියකට දෙකකට පෙර එතැන සිටි පොලිස් නිලධාරියෙකු මා වෙත පැමිණියේය. 


" කෝච්චිය යන්න ඉස්සර මට පොඩ්ඩක් ඔලුව ඇතුලට දාල රාජේශ් ඛන්නා බලන්න පුලුවන්ද" ඔහු මගෙන් ඇසුවේය.

 

Friday, November 17, 2023

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු පිළිබඳ මතකයන්

 




පෙරේදා අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු හිටපු නාවුක හමුදාපතිවරයා ජාතිය වෙනුවෙන් ජීවිතය පුද කර අවුරුදු තිස් එකක් ගත විය. 


මම ඔහු සමග බොහෝ තැන්හි සේවය කර ඇත්තෙමි. ලංකා කාන්ති වළඳ නෞකාව, කරේ නගර් හි ්‍රී ලංකා නාවික නෞකා 'එළාර' කදවුර , ත්‍රීකුණාමලේ නැගෙනහිර නාවික විධානය හ නාවික හමුදා මූලස්ථානය එයින් ප්‍රධාන වෙයි.


ඔහු ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූයේ ය.  එයින් ටෙනිස් ප්‍රධාන විය. ටෙනිස් කෝට් නොමැති කඳවුරු වල සේවය කරද්දී වෙනත් සමාන ක්‍රීඩාවක යෙදුණේය.


අපි ලංකා කාන්ති සිටියදී මේස පන්දු ක්‍රීඩාවේ යෙදුනෙමු. කරේ නගර සිටියදී පැඩ්ල් ටෙනිස් ක්‍රීඩාවේ  යෙදුනෙමු. Pedal tennis  ්‍රීඩාව මා දැක ඇත්තේ ද කරේ නගර හිදි පමණි. එකල ලංකාවේ මේ හැරෙන්නට තවත් pedal tennisකෝට් එකක් ඇත්තේ ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයේ පමණක් බව කියනවා මට ඇසී තිබේ. එකල සමහර නිවාඩු දිනවලට  හොඳට ගැළපෙන විරුද්ධවාදීන් කණ්ඩායමක් හමුවුණොත්, මෙම ක්‍රීඩාව බියර් බෝතල් ඔට්ටුවට දමාද ක්‍රීඩා කළෙමු.


මම නැගෙනහිර විධානයට අයත්ව තිබූ කන්ඩුල නැමැති amphibious නෞකාවක අණදෙන නිලධාරියා වශයෙන් 89 සහ 90 වසරවල සේවය කලෙමි.


ඒ කාලේ tennis නැගෙනහිර විධානයේ නිලධාරීන් අතර දරුණු රෝගයක් මෙන් පැතිර තිබුණි. හතරදෙනෙකු ක්‍රීඩා කරන විට තවත් හත් අට දෙනෙකු කෝට් එකේ බංකුව මත වාඩි වී තමන්ට අවස්ථාවක් එනතුරු බලා සිටියහ.


සාමාන්‍යයෙන් ආඥාපතිවරයා කරන ක්‍රීඩාව එම විධානය වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන බවට එකල පොඩි විහිළු කතාවකුත් තිබුණි.


මමත් හැකි සෑම වේලාවකම ෙනිස් ක්‍රීඩාව යෙදුණු අතර අප විධානයේ ටෙනිස් ක්‍රීඩකයන් අතර දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනීමක් තිබුණි.


එක් වසරක විධාන ටෙනිස් තරගාවලිය පැවැත්වීමට අයදුම්පත් කැඳවන විට මම නෞකාවේ යම් රාජකාරියකට යාපනයට ගොස් සිටියෙමි. අප සමග ඉතා උනන්දුවෙන් ටෙනිස් ක්‍රීඩා කළ තවත් ක්‍රීඩකයෙකු වූ වෛද්‍ය නිකෝ ජයසේකර මම එහි සිටියදී මෙවර වාර්ෂික විධාන ටෙනිස් තරඟයේ double event එකට ඔහුගේ partner ලෙස ක්‍රීඩා කිරීමට කැමැත්තේ දැයි මගෙන් විමසා සිටියේය.


වාර්ෂික තරගයට පෙර මට ආපසු යාමට හැකියාව තිබේ දැයි පරික්ෂා කර මම එයට කැමති වුණෙමි. ඔහු මෙසේ තරඟය සඳහා මගෙන් විමසා සිටියේ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු, ඔහුට තමාගේ පාට්නර් ලෙස ක්‍රීඩා කිරීමට ආරාධනය කළ පසුව යයි මට පසුව දැනගන්නට ලැබුණි.


අද්මිරාල්වරයා ඔහුගේ partners ලෙස සිරිපරම් නැවත නිලධාරියෙකු තෝරාගෙන තිබුණි. ඔහු ඩී එස් සේනානායක විදුහලේ ඉගෙන ගත්  දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අතර ටෙනිස් ක්‍රීඩාවේ එතරම් දීර්ඝ පළපුරුද්දක් තිබුණේ නැත.


අවසාන තරගය පැවැත්වුණේ අප අතරය. තරඟයේ හිතා ගන්නටත් බැරි තරම් දක්ෂ ලෙස ක්‍රිඩා කළ අද්මිරාල්වරයා සහ එකල ලුතිණන් වරයෙකු වූ සිරිපරම් අපට හිතා ගන්නටත් බැරි ලෙස අප පැරැද්දවූහ. 


මට ඒම තරඟයේ අවසානය තවමත් මතක තිබේ. අද්මිරාල් clancy ඔහුගේ රැකට් එක ඔසවා we beat  the champions යනුවෙන් අපට කොචොක් කරමින් සිනාසුනේය.







Wednesday, November 15, 2023

චන්ද ඔට්ටු

 බද්දේගම සිටින වැවිලිකරුවකු වන ආනන්ද ලැනරෝල් මහතා මගේ හොඳ මිතුරෙකි. ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ europa ඉතිහාසය පිළිබඳව ඔහු ඇවිදින විකිපීඩියා එකක් බඳුය.


සතියකට වරක් දෙවරක් අපි දෙදෙනා බොහෝ දේවල් ගැන කතා කරන්නේමු. එහිදී මාතෘකාවන් නොයෙක් අතට විහිදී යන අතර සෑම දිනකම වාගේ කතා කරන විට ඔහුගේ මාතෘකාවන් අතර එක් විශේෂම මැක්කෙකු වෙයි. ඒ ලංකාවේ අපරාධ සඳහා මරණ දඬුවම දීම නොකර සිටීම පිළිබඳවයි. ඔහු සැම විටම කියන්නේ මරණ දඬුවම වහාම ක්‍රියාත්මක කළ යුතු බවය.


අද අපර භාගයේ අප ටික වෙලාවක් කතා කරමින් සිටියෙමු. එහිදී අප වැඩිපුර කථා කරමින් සිටියේ ඊලඟ ඡන්දයේදී කවරෙකු ජයග්‍රහණය ලබාගැනීමට වඩා ඉඩකඩ තිබේද යන්නයි.


අප දෙදෙනා මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදී ඔහු මීට පෙර ඡන්දවල ඔහු ගේ අනාවැකි බොහෝ විට සත්‍ය වූ බව කියා සිටී අතර ඒ සඳහා පොඩි උදාහරණ දෙක තුනකුත් කීවේය.


පලවෙනි එක දෙදාස් පහ මැතිවරණයෙ රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ජනාධිපති ඡන්දය ඉල්ලා සිටි අවස්ථාවයි. ඒ ඡන්දයට මාසයකට පෙර සිරගත වී සිටි එස් බී දිසානායක බැලීම සඳහා ආනන්ද මහ රෝහලේ මර්චන්ට් වාට්ටුව වෙත ගොස් ඇත. ඔහුට එහිදී එස්බී බැලීමට පැමිණ සිටි බන්දුල ගුණවර්ධනද මුණගැසුණි. 


ඔවුන් මේ වන විට ඉදිරියේදී පැවැත්වෙන නාධිපති ඡන්දයෙන් කුමන ප්‍රතිඵලයක් ලැබේදැයි කතා කරමින් සිට ඇත. ආනන්ද දුටු SB  "මෙන්න හොඳ අනාවැකියක් කියන්න පුළුවන් කෙනෙක් ලැනරෝල් මහත්තයා මොකද කියන්නේ ඡන්දයේ ප්‍රතිඵල ගැන" යනුවෙන් පවසා ඇත.


ඒ ඇසූ ආනන්ද පවසා ඇත්තේ ඊළඟ මාසයේ ඡන්දයෙන් නිල් වික්‍රමසිංහ ඡන්ද ලක්ෂ 48ක් පමණ ද මහින්ද රාජපක්ෂ ඡන්ද ලක්ෂ හතළිස් හයක් පමණ ද ලබා ගනු ඇති බව ය.


"දෙමළ ඡන්ද ඔබ දැම්මේ කාගේ ගොඩටද?"

එස්බී ආනන්ද ගෙන් අසා සිටියේය.


"රනිල් වික්‍රමසිංහගේ ගොඩට", ආනන්ද පවසා සිටියේය.


"මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා" එස්බී කීවේය. 


"ප්‍රභාකරන්ට අවශ්‍ය මහින්ද දිනවන්න මොකද මහින්ද වටේ තමයි හෙළ උරුමය ජනතා විමුක්ති පෙරමුණ වගේ ජාතිවාදී පක්ෂ එකතු වෙලා ඉන්නේ, එතකොට යුද්දෙ අන්තිමට පෙනෙන්නේ සිංහල දෙමළ යුද්ධයක් විදිහට, ඒක  තමයි ප්‍රභාකරන්ට අවශ්‍ය" SB එකතු කළේය.


ආනන්ද ගෙදර යන ගමනුත් රියදුරා සමග එස් බීට බැන්නේය. 


ඔහු දකුණේ තවත් දේශපාලන කණ්ඩායමක් සමග මේ ඡන්දය පිළිබඳව ලක්ෂ 25ක ඔට්ටුවක් ද දැම්මේය. ඔහු කිව්වේ රනිල් දිනන බවයි. 

ඔහුට එම ඔට්ටුව දැමීමට සිදුවූයේ ‍රසිද්ධියේ යම් තැනක ඔහු රනිල් දිනන බවට ඔට්ටුවක් දැමීමට ද තමන් කැමැති බව ප්‍රකාශ කර සිටි නිසාය.


ඔහුගේ ඔට්ටු සගයන් ලක්ෂ 25 ක් රැගෙන ඡන්දයට දවස් දෙකකට පෙර ඔහුගේ නිවසට පැමිණියහ. ඔවුන් එකතු වී ඔහු දන්නා අඳුනන නීතිඥයකු ළඟට ගියේය. 

ටික වේලාවක් නීතීඥයන් සමඟ කතා කරමින් සිටී එම පිරිස ඔවුන්ට නීතිඥයා ලඟ අත්සන් කිරීමට ගිවිසුම් ගැසීමට අවශ්‍ය නැති බව පවසා ඔවුන් ගෙනාපු ලක්ෂ 25 ආනන්දට දී අනිද්දා 12ට ඔවුන්; ඒ කියන්නේ ඡන්දයෙන් පසු දාට, ඔහුගේ නිවසට පැමිණ ඔට්ටුව නිරාකරණය කරගැනීමට කැමැති බව පවසා ආපසු ගියහ.


ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පැරදිණි. පසුදින 12ට ආනන්දගේ නිවසට පැමිණි ඔට්ටුව දැමූ පිරිස ඔවුන්ගේ රුපියල් ලක්ෂ 25 ද ආනන්දගේ ලක්ෂ 25 ද එකතු කරගෙන ගියහ. 

ඊළඟ episode එකේ ඔහු මීටත් වඩා ඡන්ද ඔට්ටුවක් දිනපු කතාව



Tuesday, November 14, 2023

කාර් එකේ රිමෝට් එක රෙපයාර් කිරීම

 මගේ වාහනයේ රිමෝට් කොන්ට්‍රෝල් යතුරේ බැටරිය බැසී ගෙන එන බව ට පණිවිඩයක් වාහනයේ නිතරම වැටෙන්නට පටන් ගත්තේය. 


ගෙදර අමතර බැටරියක් තිබුන නිසා අලුත් බැටරිය දමන්නට යතුර ගැලවීමේදී මගේ  අතින් එහි යට තිබූ යම් spring එකක් වැනි කෑල්ලත් එළියට පැන්නේය.


එය කොයි ආකාරයෙන් තිබුණේද යන්න නොදන්න නිසා කිහිප වතාවක් ආපසු සවි කරන්නට උත්සාහ කළ ද කරගත නොහැකි විය. හරියට සවිවුනු බව දෙවරක් පෙනුම නමුදු වාහනය start කිරීමට එයින් නොහැකි විය.


මීට පෙර යාළුවෙකු විසින් කියා තිබූ පරිදි කටුගස්තොට කිට්ටුව මෙම යතුරු අලුත් වැඩියා කරන කෙනෙකු සිටින බව දැන සිටි නිසා මිතුරෙකුත් සමග ඔහුගේ කාර් එකෙන් එතැනට ගියෙමි.


හරියට තැන හොයා ගැනීමට ටිකක් කරදර වූ නමුත් අවසානයේ තැන සොයා ගත්තද එය වසා තිබුණි. මේ උදය 10:30 ට පමණය. එතන ළඟ තිබූ කඩේක මුදලාලි කෙනකුගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු කීවේ ඒ කඩේ එළියෙ ලොකුවට ලියා තිබෙන ටෙලිෆෝන් නම්බරයට ඇමතුමක් දුන්නොත් ඔහු පැමිණීමට ඉඩ තිබෙන බව ය.


ඇමතීමත් දුන්නෙමි. දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බව පෙනේ. කිහිප වරක් ඇමතීම් දීමෙනුත් වැඩක් නොමැති නිසා, තවත් මිතුරෙකු කියූ Anthony's convent එක ඉස්සරහ බැටරි කඩයකට ගියෙමු. හොඳින් නොයෙකුත් වර්ග වල බඩු තිබුණු එම කඩේ සිටි තරුණයා මගේ වැඩේ කියූ විට ඔහු ඒවා ගැන නොදන්නා බවත් බොස් පැමිණි පසු නම් කර දිය හැකි බවත් කියා සිටියේය. නමුත් ප්‍රශ්නය වූයේ බොස් එන්නේ දහවල් දෙක පසුව බව කියා සිටී ම ය. අපට පරක්කු වන බව කියූ විට ඔහු කීවේ නුවර  අලියා මුඩුක්කුවට ගියොත් කර ගැනීමට හැකි යැයි ඔහු සිතන බව ය


අපි එතන පහු කරගෙන මහයියාව හරහා නුවර පැත්තට යාමට පටන් ගත්තේ නගරයට වත් ගොස් පරීක්ෂාකර බැලීමට ය. මා සමඟ පැමිණි මිතුරාට මේ අතර හොඳ අදහසක් පැමිණියේය. ඒ මේ තරම් කාර් sale  තිබෙන මහයියාවේ මෙවැනි වැඩක් කර ගැනීමට තැනක් තිබිය යුතු බවය. 


අප එක් ාර් සේල් එකක අසල සිටි බ්‍රෝකර් කෙනෙකුගෙන් මේ පිළිබඳව අසා සිටියෙමු. ඔහු අපට කඩවල් කිහිපයකට එහා තැනක් පෙන්වා එතන නම් විදුලි කාර්මිකයෙකු සිටින බව පවසා සිටියේය. මම එතනට ගොස් එතැන අයිතිකරු සමග කථා කළෙමි.


ඔහු කීවේ  විදුලි කාර්මිකයකු ආයතනයේ සිටින නමුත් ඔහු පැමිණෙන්නේ එම කාර්මිකයාට සිතන වේලාවකට බවය. සාමාන්‍යයෙන් 10:30 ට පැමිණෙන බව කිව් නමුත් එවිටත් වෙලාව 11 පසුවී තිබිණ. ඔහුත් සමඟ ටික වේලාවක් ලංකාවේ work ethic ගැන කතා කරමින් සිට ඒ කිට්ටුව හයිබ්‍රිඩ් වැඩපොළක් දැක එයට ගියෙමි. එහි වැඩ කරන දෙතුන් දෙනෙකු එකතු වී මගේ යතුර පරීක්ෂාකර බැලුවද ඒ සාකච්ඡා කරන විදිහ ඔවුනට මේ පිළිබඳව එතරම් දැනුමක් නොමැති බව මට වැටහුණි. 


අපි මහනුවරට ගියෙමු. food city එකේ car park එකේ වාහනය නවතා මහනුවර බැටරි වලට ප්‍රසිද්ධ අක්මීමන සාප්පුවට ගියෙමු. බැටරියක් මිලදී ගැනීමට අවශ්‍ය බව කියා යතුර දුන් පසු එතන සිටින සේවකයෙකු අලුත් බැටරියක් දමා යතුර සවි කර දුන්නේය. වියදම රුපියල් 650කි.


අවසානයේ , බැටරිය මාරු කරන විට හරියට ගැල විය යුත්තේ කුමක්දැයි යන්නත් ඔහු මට පැහැදිලිද  කර දුන්නේ ය

 

Saturday, October 7, 2023

ආගම් විවේචනය කිරීමට හේතු මොනවා විය හැකිද

 තොටවත්තගේ ප්‍රශ්නය නිසා ඇත්තෙන්ම ආගම් විවේචන කරන්නන් එසේ කරන්නේ ඇයිදැයි ටිකක් කල්පනා කර බැලුවෙමි. හේතු පහත ආකාර විය යුතුයැයි සිතේ.


 1.  තමන්ගේ ආගම අනික් අයගේ ආගම් වලට වඩා ශ්‍රේෂ්ඨ යයි ඔප්පු කර පෙන්වීම සඳහා


 2. ආගම් වලට පැටලී මිත්‍යා මත හිසේ දමාගෙන සිටින මිනිසුන්ට ඔවුනට වැරදී ඇතැයි පෙන්වා දීමට.


 3. ශබ්ද දූෂණය වැනි ආගම් වලින් ඇති කරදර නිසා ඒවා අඩු කර ගැනීමට


 4. තමන්ට යම් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට


 5. මිනිසුන් මිත්‍යා මත වල එල්ලී සිටීම ගැන කනගාටු වී ඔවුන් ඒවායින් මුදවා ගැනීමට


 6. බොහෝ මිනිසුන් ආගම් නිසා රැවටී ඇතත් තමා එසේ නොවී ඇති බව පෙන්වීමට


 7. රටේ ආර්ථික දියුණුවට ආගම් වල එල්බ සිටීම නිසා පාඩුවක් වී ඇතැයි සිතා එය නිවැරදි කිරීමට


 8. රටේ සමාජීය දියුනුවට ආගම්වලින් බලපෑමක් ඇතිවී ඇතැයි සිතා එයින් රට මුදවා ගැනීමට

9. ආගම් අතර ඝට්ටන ඇති කිරීමට

 

මේ සඳහා තවත් හේතු තිබිය හැකි ද?

Tuesday, October 3, 2023

Remote control key

 වසරකට පමණ පෙර ඥාතියෙකුගේ දාන ගෙදරකට ගොස් සිටියදී මගේ අතින් වාහනයේ රිමෝට් යතුර බිමට වැටී පෑගූනී.


ebay එකෙන් ෂෙල් එකක් ගෙන්නාගෙන පරණ යතුරේ මදය රුපියල් දෙදහක් ගෙවා කටුගස්තොට තැනකින් එයට දමා ගත්තෙමි. ෂෙල් එකටත් රුපියල් හාරදාහක් පමණ වැය විය.


මාස තුනකට පමණ පසුව යතුරේ අන්ලොක් ෆීචර් එක වැඩ කරන්නේ නැතුව ගියේය.


කටුගස්තොට තැනින් ඇසූ පසු අලුත් ෂෙල් එකක් දමන්නට සිදු වන බව දැනගන්නට ලැබුණි. මේ පිළිබඳව සොයා බැලූ පසු කොළඹ පෙට්කො ආයතනය වෙතින් මෙය කරගත හැකි බව පෙනුණි. මම ඔවුන්ට දුරකථනය දුන්විට ඔවුන් කියා සිටියේ අලුත් ෂෙල් එකක් රුපියල් අටදාහක් පමණ වන බව ය.

කොළඹ දී කරගතයුතු වැඩ දෙක තුනක් එකතු වෙනකන් සිට කොළඹ ගිය පසු පෙට්කො ආයතනය වෙත ගියෙමි.


ඉඩ එතරම් නොමැති නිසා, පාර අයිනේ කාරය නවත්වා ආයතනය ඇතුලට ගියෙමි. දෙවන තට්ටුවට ගිය පසු එහි සිටි යුවතියක් තාක්ෂණික නිලධාරියෙකු හා මා සම්බන්ධ කළේය. ඔහු පැමිණි පසු මා කාරණය ඔහුට කිව්වෙමි. ඒ වන විටත් මා හඳුනාගත් ෂෝ කේස් එකේ තිබූ යතුරු කොපුව කුත් ඔහුට පෙන්වා දුන්නෙමි.


මම පොඩ්ඩක් උඩට ගිහිල්ලා යතුර ටෙස්ට් කරගෙන එන්ඩද, සමහරවිට කවරයක් නොදාම වැඩේ කරගන්න පුලුවන් වෙයි, කී ඔහු මා එතන ඉන්දවා තබා උඩතට්ටුවට ගියේය.


විනාඩි 10 කින් පමණ පහළට පැමිණි ඔහු යතුරේ කුඩා springs දෙකක් අඩුවෙන් තිබුණු නිසා හොඳින් වැඩ නොකළ බවත් ඔව් ඒ springs යෙදූ බවත් දැන් යතුර හොඳින් වැඩ කරන බවත් කියා සිටියේය.


වාහනය ළඟට ගොස් අප පරික්ෂා කළ අතර යතුර ඉතා හොඳින් වැඩ කරන බව පෙනුණි. මම ඔහුගෙන් ගාස්තුව විමසූ අතර, ඔහු බිලක් ගෙන ගාස්තුව රුපියල් 500ක් යයි ලියා දුන්නේය. 


කාලයකට පසු යම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා හිතූ මිලට ඉතාමත් අඩුවෙන් කරගන්නට ලැබුණු සතුටින් ඉහවහා ගිය මම තරුණයාට බොහෝ ස්තුති කර එතනින් පිටත් වුනෙමි.






Friday, July 28, 2023

Ecery tree has a history

 Few years back a classmate of mine, who settled down in Germany an year or two after our  advanced levels, visited me at home with another classmate of mine. Since they were from the same neighbourhood they have kept in touch and closer to each other than me, to any of them.


I have however had met the guy who was living in Germany few times when he was here on holidays. His wife was a German lady and he had two sons typically European looking. My friend when I asked him those days what he is doing in Germany he said he drives a tramp car.


Last time he came to Sri Lanka for very unusual reason. Reason being that he wished to sell his parental house with 60 purchase of land because he is going to become a Buddhist priest and join a meditation centre samwhere near Colombo. He has spoken to several people but has not been able to find a serious buyer. 


So we had a short discussion over a  couple of drinks, and I offered him 150000 Rs a pearch , the total extent of the land was 60 purchases. Since he was going to become a monk first I remember I asked him whether he will have a drink with us. He said he has no problems and joined us for good booz that evening. 

I said I will give him Hundred and fifty thousand rupees a perch and keep my offer open for one  month, if he find somebody who offers him more than that, he can sell it to him. If not he can come to me at the end of the month to do the transaction. 


He did not like that and  said he agrees with my offer and wanted to do the transaction immediately. In few days we completed the transaction and the lawyer who officiated the transaction, was also a  classmate of us.


I really did not want this land  for myself but new it is situated in area where many new houses are being built. so I started exploring possibilities of selling the land to somebody else with some profit margin. There were many potential buyers but most of them wanted a smaller piece because they could not afford a large land like 60 perches.


So I decided to make the land into three blocks and sell. Got another classmate of mine who is a surveyor to do that. But because the house is at the centre of the land, it was difficult to divide the land into three equal size buildable blocks. 


So there was house that should be removed, and preferably without any cost. I  asked several people, who would be interested in such a task. Some  people showed interest, but wanted me to pay for the removal. I went on looking for a person who would at least do it free of charge, taking the debris of the house for the labour and the effort of breaking down the house.


A friend of mine gave me businessman's telephone number of a businessman from madawala, the Muslim township in the area.........to be continued 








Wednesday, July 26, 2023

Things we take for granted

 After several tests done recently, I came to know that I may have an eye disease.  I was told how to be careful about this.  One of them was that when sleeping at night, you should not sleep on your hands or face down.


 When I tried to do this precaution, I realized how difficult it was.  It didn't take long for me to realize how comfortable it is to sleep on your hands.  There is a saying that to appreciate something you have to not get it.

 There are many things that we take for granted in life or that make us happy without seeing it.  While trying not to hold hands, I felt that it was something we had taken for granted.

 How many things like this must be  around us or being used by us without knowing it.


 The association of a good friend, the recollection of old sweet and perhaps adventurous memories, living in a place where there is a chance to grow a garden, being used to read books, being able to get inspiration from a movie, no matter how delicious the meal is, picking up a green chili pod, being able to go to the yard after dinner and walk for about fifteen minutes, having a space on Facebook to at least criticize some mistakes made by the government, being free to post a comment every now and then when you feel like it, When you are standing in the garden, 


seeing your pet come to your place and sit next to your leg and do its work, the dog that comes to your room if you wake up a little late and sits by the bed until you get up, etc., etc. How many things are there that allow you to lead such a life without slowing down?  We only see them when they are gone.

 I now realize that sleeping on my face is such a small pleasure.

අප නොදකින අපට සතුට ගෙන දෙන කුඩා දේවල්

 ලඟකදී කරන ලද පරීක්ෂණ කිහිපයකින් මට ඇස්වල රෝගී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බව දැන ගන්නට ලැබිණ. මේ සඳහා  ප්‍රවේසම් විය යුතු අයුරු මට පහදන ලදී. එයින් එකක් වූයේ රාත්‍රියට නිදා ගන්නා විට මුනින් අතට එසේත් නැත්නම් මුහුණ පහළට දමා නිදා ගැනීම නොකළ යුතු බවයි.


මේ ප්‍රවේශම් වීමත් කරන්නට උත්සාහ කරන විට මට තේරුනේ එය කොතරම් අපහසු වැඩක් ද යන්න ය. ඒ එක්කම මුනින් අතට නිදා ගැනීම කොතරම් සැප ගෙන දෙන එකක් දැයි මට වැටහෙන්නට වැඩි වේලාවක් ගියේ නැත. යමක් අගය කරන්නට එය නොලැබෙන්නට අවශ්‍ය යයි කියමනක් තිබේ. 

අපි ජීවිතයේ  taken for granted එසේත් නැත්නම් අපට නොපෙනී අප සතුටු කරන දේවල් , බොහෝ තිබේ. මුනින් අතට නො හිදා සිටීමට උත්සාහ කරද්දී ද මට දැනුනේ එයත් අපි විසින් මෙතෙක් කල් taken for granted යමක් ලෙසටය. 

මෙවැනි කොතරම් දේවල් අප නොදැනුවත්ව අප වටා තිබෙනවා ඇද්ද අප විසින් පාවිච්චි කරනවා ඇද්ද.


හොඳ මිතුරෙකු ගේ ආශ්‍රයක්, පැරණි මිහිරි සහ සමහරවිට adventurous මතකයන් සිහියට පැමිණීම, ගෙවත්තක් හදා ගැනීමට ඉඩ තිබෙන තැනක ජීවත් වීම, පොත් කියවන්නට පුරුදු වී සිටීම චිත්‍රපටයකින් ආශ්වාදයක් ලබාගැනීමට හැකිවීම, කොතරම් රස කෑම වේලක් වුවද අමු මිරිස් කරලක් එකතු කර ගැනීම, රාත්‍රි ආහාර ගත් පසු මිදුලට ගොස් විනාඩි පහළොවක් පමණ ඇවිදින්නට හැකියාව තිබීම, රජය විසින් කරන යම් වැරදි වලට අඩු තරමේ බනින්නට වත් ෆේස්බුක් එකේ අවකාශයක් තිබීම, ඉඳහිට හෝ තමන්ට හිතෙන වෙලාවකට න්ක් එකක් දැමීමට නිදහස තිබීම, ඔබ මිදුලේ  හිටගෙන සිටින විට ඔබගේ සුරතල් බලලා ඔබ සිටින තැනට පැමිණ ඔබේ කකුල ළඟින්ම ඉඳගෙන උගේ වැඩක් කරගනිමින් සිටීම  දැකීම, ඔබ ටිකක් අවදිවීමට පරක්කු වුනොත් ඔබගේ කාමරයට පැමිණෙන බල්ලා ඔබ නැගිට එනතුරු ඇඳ ලග ඉදගෙන සිටීම,......... යනාදී වශයෙන් එවැනි ජීවිතය  ඩල් නොකර ගෙනයාමට ඉඩ සලස්වන කරුණු කොපමණ තිබේද? අපට ඒවා පෙනෙන්නේ ඒවා නැති වූ විට ය.ක තද

මගේ මුනින් අතට නිදා ගැනීමත් ඒ වගේ කුඩා සැපක් බව මට දැන් වැටහේ.


Saturday, July 22, 2023

ගමන් බලපත්‍රයේ බලය

 මම මුලින්ම කරේනගර්  නාවික කඳවුරේ සේවයට යන විට, එහි පැත්තක අළු පැහැති දිග බෝට්ටු කිහිපයක් නවතා දමා තිබිණ. ඒවායේ කොනක TAFII යනුවෙන් ලකුණුකර ඉදිරියට නොම්බරයක් ද දමා තිබිණ. 

සොයා බලන විට මේ acronym එකෙන් දැක්වෙන්නේ task force anti illicit immigration නැමැති ආයතනය බවත්, එහි කර්තව්‍යය වූයේ ඉන්දියාවේ සිට ලංකාවට හොරෙන් පැමිණෙන ඉන්දියානුවන් පැමිණීම නැවැත්වීම බවත් දැනගතිමි.

මෙවැනි තවත් බෝට්ටු සමූහයක් පලාලි යුධ හමුදා කඳවුරෙත් නවතා තිබෙනවා මම පසුව දුටුවෙමි. එමෙන්ම සංවිධානය 1963 සිට 1981 දක්වා පැවතුන බවත් දැනගත්තෙමි. මෙලෙස ලංකාවට ඉන්දියාවෙන් නීති විරෝධීව පැමිණි පිරිස එකල ලංකාවේ හැඳින්වූයේ කල්ලතෝනි නමිනි. 

මම හිතන්නේ ඒ කල්ල -හොරු, තෝණි- බෝට්ටුව, යන අදහසින් විය යුතුය.


දැන් 2023 වසරයි. දැන් ලෝකයේ වසරක් පාසා යම් රටක ගමන් බලපත්‍රය කොතරම් බලගතු වන්නේදැයි ලැයිස්තුවක් පිළියෙල කරනු ලැබේ. එලෙස බලගතු වීම ගණනය කිරීමට ප්‍රධාන සාධකය වන්නේ රටවල් කීපයකට ම බලපත්‍රයෙන් කලින් වීසා ගන්නේ නැතිව ගමන් කළ හැකිද යන්නය.


මෙවර ඉන්දියාවේ ගමන්බලපත්‍රය එම ලැයිස්තුවේ අසූ වෙනි ස්ථානයේ තිබෙන්නේ ලෝකයේ රටවල් 57 කට ඔවුන්ගේ ගමන් බලපත්‍රය පෙන්වා කලින් වීසා ගන්නේ නැතුව යාමට හැකියාව තිබීම හේතුවෙනි. 


ලංකාවේ ගමන් බලපත්‍රයේ තත්වය කෙසේද? 

ලංකාව එම ලැයිස්තුවේ 96 වන ස්ථානයේ තිබෙන අතර අපට කලින් වීසා ගන්නේ නැතිව යාමට හැකි වන්නේ රටවල් 41 කට පමණි. 


මේ යන විදිහට තව ටික දවසකින් ඉන්දියාවට TAFII එකක් දාගන්න වේදැයි කෙනෙකුට සිතුනොත් වැරැද්දකුත් නොමැත.


BTW අප වැනිම ආසියාවේ දූපතක් වන සිංගප්පූරුව මෙවර මෙම ලැයිස්තුවේ පලවෙනි තැනට පැමිණ ඇත.


Wednesday, July 19, 2023

ඉන්දියානු වතු කම්කරුවෝ

 මම මේ දිනවල දහනමවන සියවසේ අග මහනුවර ප්‍රදේශයේ කොකෝවා වත්තක වසරක් පමණ ජීවත් වී, ඒ ජීවිතය පිළිබඳ පොතක් ලියූ කාන්තාවකගේ පොතක් කියවමින් සිටිමි.


එහි ඉතාමත් සිත්ගන්නා කාරණා අඩංගු වී ඇති අතර එකල ඉන්දියාවේ සිට ගෙන එන ලද කම්කරුවන් ගේ ජීවිත පිළිබඳව බොහෝ දේවල් ලියැවී ඇත.


මෙය කියවද්දි එම කම්කරුවන් පිළිබඳව මට දැනුණු කාරණයක් නම් ඔවුන්, විශේෂයෙන්ම ඔවුන්ගේ තරමක් ඉහල කුල වලට අයත් පිරිස්, වතු වල කම්කරුවන් ලෙස කටයුතු කළ ද ඉතාමත් ආඩම්බරයෙන් සිටි පිරිසක් බවයි.


ඔවුහු කොතරම් ආඩම්බරයෙන් සිටියා දෙයක් වතු වල කම්කරුවන් දෙවියන් ලෙස සැලකූ සුදු ජාතික වතු කළමනාකරුවන් ගේ බංගලා වල් වලින් ආහාරයක් ගැනීමට එසේත් නැත්නම් තේකක් හෝ බීම ප්‍රතික්ෂේප කළහ. 


එලෙසම වත්තේ සාමාන්‍ය වැඩ කිරීම හැරෙන්නට සුද්දන්ගේ බංගලා වල් වල ගෘහ සේවාවන් කිරීමටද ඔවුන් පැමිණියේ නැත. ඒ පිළිබඳව සුද්දන්ගේ ද එතරම් තරහක් හෝ අකමැත්තක් තිබුණු බවක්ද පෙනෙන්නට නැත. 

පහත තිබෙන කෙලින්ම පරිවර්තනය කරන ලද එම පොතේ පරිච්ඡේදයකින් මේ පිළිබඳව පැහැදිලියි අදහසක් ලබා දෙයි.


ජනවාරි 20- කම්කරුවන් විසිදෙනකු ඔවුන්ගේ kangani සමග අද වත්තට පැමිණියහ. ඔවුන් ඉන්දියානු වෙරළේ සිට කෙලින්ම පැමිණියවුන් වූ අතර බොහෝ දුරක් ගෙවා පැමිණීම නිසා මහත් මහන්සියටත් විඩාවටත් පත්ව සිටියහ.

විශේෂයෙන්ම එම කණ්ඩායමේ සිටි කාන්තාවන් දෙදෙනා බොහෝ දුර  පයින් ඇවිදීමෙන් විඩාවට පත්ව සිටියත් ඔවුනට යමක් බොන්නට  දෙන්නට අපට නොහැකි බව මම දැන සිටියෙමි. ඒ ඔවුන් ඉහළ කුලයක නිසාය. මම යමක් දෙන්නට හැදුවේ නම් ඔවුන් එය පිළිකුල් කරනු ඇත.

kangani පෙරටුකොට එක පෙළකට ගමන් කළ ඔවුන්ගේ පෝලිම අවසානයේ සිටියේ ඔවුන්ගේ සියළුම බඩු භාණ්ඩ කරේ තබා ගත් හැඩිදැඩි පිරිමින් දෙදෙනෙකි.


සමහර කම්කරුවන් කුඩා දරුවන් ඔවුන්ගේ උරිස මත හෝ ඉනේ තබාගෙන සිටි අතර තවත් සමහරු නොයෙකුත් වර්ගයේ කුකුළන් ඔසවා ගෙන ගියහ. 


නමුත් ලංකාවේ ස්ථාපිත වූ පසු ඉන්දියානු කම්කරුවන් මුලින් සිටියාට වඩා හොඳ ජීවිතයක් ලබා ගනිති.

නිතිපතා වැටුපක්, ජීවත්වීමට හොඳ නිවාසයක් ෞඛ්‍ය පහසුකම් එසේම කොකෝ වතු වල නම්, නොමිලේ දර කොස් ගෙඩි, මිරිස් සහ තුනපහ යනාදිය ඔවුනට ලැබේ.


ඔවුන්ගේ ඉහළ ජීවන තත්ත්වය පිළිබඳ තවත් කතාවක් එම පොතෙහි ම ලේඛිකාව ලියා තිබේ. එම ලේඛිකාව ගේ පුතා වතු අධිකාරිවරයා ලෙස කටයුතු කරන වත්තේ  kangani වරයා තමන්ගේ දියණිය විවාහ කර දීමට ගැලපෙන කෙනෙකු අසල වතු වල නොමැති නිසා ඇයට ගැළපෙන මනාලයකු සොයන්නට ආපසු ඉන්දියාවට යයි. දවස් 10 ක ගමනකින් එසේ දියණිය රැගෙන යන ඔහු, ආපසු පැමිණි විට දියණිය තම පවුලේ අය මතක් කර අඬන නිසා ඇයගේ මව හා සහෝදරයකු නැවත ඉන්දියාවට පිටත් කර යවයි. 

කතාව ලියන ලේඛිකාව වුවද මෙම පවුලේ බැඳීම් පිළිබඳව පුදුමයට පත්වෙයි. එය හරියට ප්‍රංශයට ගිය තමන්ගේ දියණියක් නිවස මතක්වී අඩන නිසා ඇය බැලීමට යන එංගලන්තයෙ අම්මා කෙනෙකු හා සමාන බව ඇය කියයි. එංගලන්තයේ මව්වරුන් නම් එසේ කරන එකක් නැති බව ඇය සිතයි.


Saturday, July 15, 2023

ඛුක් තම්බි

 දහනමවන සියවසේ ලංකාවේ කෝපි වගාව අවසන් වූ පසු කොකෝවා රබර් සහ පොල් වාණිජ වැවිලි ලෙස කරගෙන යද්දි එංගලන්තයේ සුද්දන් එම වගාවන් පටන්ගෙන කලමනාකාරනය කිරීම සඳහා ්‍රධාන මෙහෙයක් ඉටු කළහ. ඔවුන් තමන්ගේ රටින් බොහෝ ඈතට පැමිණ පහසුකම්වලින් ඉතා අඩු ප්‍රදේශයන්හි මෙම වගාවන් පටන්ගෙන ඒවායේ නැවතී ඒවා කළමනාකරණය කරමින් තම මව් රටේ දී තමන්ට පුරුදු ජීවිතය ද යම් තරමකින් හෝ ගත කරන්නට උත්සාහ කළහ. 

තමන්ට සුපුරුදු පොත් කියවීම පුරුද්දක් වශයෙන් කරගෙන යාමට ඔවුන් බොහෝ උත්සාහ කළ ද එංගලන්තයෙන් පොත් ගෙන්වාගෙන තමන්ගේ වැවිලි තිබූ ප්‍රදේශයන්හි  බෙදාහැරීම පහසු කටයුත්තක් නොවීය.


එහෙත් සැම විටම යම් බෙදාහැරීමේ අපහසුතාවය තිබෙන විට ඒවාට විසඳුම් ද මතුවීම ස්වභාවික දෙයකි. මෙම සුද්දන්ගේ පොත් පිපාසය සංසිඳවීමට ද ලංකාවේ මුස්ලිම් වෙළඳුන් කොට්ඨාශයක් ඉදිරිපත් වූහ. 


වතු කළමනාකරණය කරන සුද්දන් මොවුන් හැදින්වූයේ 'බුක් තම්බි' වශයෙනි. මේ book තම්බි වරුන් තම වත්තට එනකන් වතුවල සින්නදොරේ පෙරිය දොරේ sinna sani පෙරියසානි වරැබලා සිටියහ.

බුක් තම්බි  වෙළෙන්දෙකුගේ කණ්ඩායමක මෙහෙකරුවන් තිදෙනකු හතර දෙනෙකු පමණ සිටියහ. ඔවුහු ගැටගැසූ පොත් මිටි අව්වෙන් හා වැස්සෙන් බේරාගන්නට තල් අතු වලින් වසාගෙන ඔළුවේ තබාගෙන තම ප්‍රධාන මුදලාලි සමග වත්තෙන් වත්තට ගමන් කළහ.


book තම්බි සෑම විටම වාගේ මුස්ලිම් පුද්ගලයකු වූ අතර ඔහු කුඩා තම්බි තොප්පියක් හිස ලා ගෙන ඉනට උඩින් අවසන් වන කොට කබායක් සහ වර්ණවත් සරමක් ඇඳගෙන සිටියේය. සරම වැටෙන්නට නොදී තබා ගැනීමට පළල හමෙන් සෑදූ දෙපැත්තේ ලොකු සාක්කු දෙකක් සහිත බඳපටියක්  අනිවාර්ය වූ අතර කළු පැහැති විශාල කුඩයක් ඔහු අත සැමවිටම තිබුණේය.


වත්තට පැමිණි පසු බංගලාවේ වැරන්ඩාවේ පොත් සියල්ල දිගහැර වත්තේ සුදු කළමනාකරුවන්ට තමන් ළඟ ඇති පොත් පරීක්ෂා කිරීමට ඉඩ ලබා දුන්නහ. සෑම විටම පොතක් මිලදී ගැනීමට පරණ ඉන්ගිරිසි පොතක් සහ පැන්ස හයක් ගෙවන්නට සිදු විය. 


මෙයට අමතරව මෙවැනි ජංගම වෙළෙන්දන්, සැමවිටම පාහේ, මුස්ලිම් ව්‍යාපාරිකයින්, වතු වලට නොයෙකුත් භාණ්ඩ විකිණීමට රැගෙන පැමිණියහ. මේ අතරින් වඩාත් ම ආකර්ෂණීය වෙළෙන්දා වූයේ flannel කමිස, flannel suit රෙදි, ඇඳ රෙදි, තුවා ඉදිකටු හැට්ට කටු බොත්තම් යනාදිය රැගෙන පැමිණි වෙළෙන්ඳා ය.

Everyday life on a ceylon cocoa estate 

Wednesday, July 5, 2023

මම කැමති හාස්‍ය ශිල්පියෝ

 nathasha අත්අඩංගුවට පත්වන තෙක් මම ඇයගේ ාස්‍ය රඟපෑම් දැක තිබුණේ නැත. 

ඉන්පසුව ෆේස්බුක් එකෙන්ම කිහිප වතාවක් දැක්කෙමි, මුල සිට අග දක්වා කිහිප වතාවක් නරඹා වින්දනයක් ලැබුවෙමි.


මම කුඩා කල සිට හාස්‍යයට බොහෝ කැමැත්තක් දක්වන අතර චන්ද්‍ර අනගිරත්න රිවිරැස පත්‍රයේ සතිපතා පළ කළ නරලොව හොල්මන් බලන්නට ඉරිදා පත්‍රය ලැබෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියා මට මතකය.

ඊළඟට රේඩියෝ එකේ විනෝද සමය කණ්ඩායම මගේ හාස්‍ය රස වින්දනයට ඉමහත් බලපෑමක් ඇති කළේ ය.


bill cosby ඊළඟට මට ඉමහත් වින්දනයක් ගෙන දුන් හාස්‍ය කලාකරුවා විය. මට ඔහු මුලින්ම මුණගැසුනේ ගුවන් යානාවක දී 1983 වසරේ ඇමරිකාවට යමින් සිටියදීය. එකල ගුවන් යානාවල ටීවී තිබුණේ නැති අතර audio clips වලට සවන් දීමට හැකියාව තිබුණි. අවසානයේ ඔහුගේ එවැනි ක්ලිප් සොය සොයා අහන්නට මම පුරුදු වුණෙමි.


Big bang theory මම තවත් බොහෝ ාස්‍යයෙන් යුතුව බැලූ නිර්මාණයක් විය. එහි සමහර කොටස් මම තවමත් බලම්.


Stand up comedian අතරෙන් මම වඩාත්ම කැමැති ඉන්දියානු සම්භවයක් ඇති කැනඩාවේ කලාකරුවකු වන russell peters ටය. 


nathasha පළමු දුටු දාම ඇයගේ හැකියාවන් දක්ෂතාවයන් මම දුටුවෙමි. විශේෂයෙන්ම ඇයගේ ඉදිරිපත්කිරීම් ඉතාමත් ස්වාභාවිකය.


දැන් ඇයට හිරගෙදරින් පවා material ලැබෙන්නට ඇත. අනාගතයේදී ඉතාමත් ඉහළ කොලිටියේ ඉදිරිපත් කිරීම් අපට බලාගන්නට, බොහෝවිට අපට පමණක් නොව මුළු ලෝකයටම බලාගන්නට හැකියාව  ලැබේ යැයි මට සිතේ.



Sunday, June 25, 2023

ග්ලූකෝමා රෝගය

 මම මේ ලඟකදී වැල්ලවාය ප්‍රදේශයේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් කළමනාකරණය සඳහා ගොස් සිටියෙමි. මෙහිදී බොහෝ කලින් පාරවල් වල වාහන එලවද්දි පාරේ ඈත කෙළවර එතරම් පැහැදිලිව පෙනෙන්නේ නැති බවක් මට සිතුනි. 

මම නැවත මහනුවරට පැමිණි පසු අක්ෂි වෛද්‍යවරයෙකු හමුවිය ඔහුගෙන් උපදෙස් ලබාගෙන ඇස් පරීක්ෂණ කිහිපයක් සිදු කළෙමි. 


එහිදී මට ග්ලූකෝමා රෝගය ඇතිවන්නට ඉඩ තිබෙන බවක් අක්ෂි වෛද්‍යවරයා පවසා සිටියේය. ඔහු එය සඳහා පාවිච්චි කිරීමට eye drop එකක්ද ලියා දුන්නේය. 


එය සෑම දිනකම හවස්වරුවේ රාත්‍රී හතට පමණ ඇසට දමා ගත යුතුය.


මම ගෙදර පැමිණ මේ අසනීපය ඇතිවීමට හේතු සහ එය තවදුරටත් වැඩි වීමට ඉඩ නොදී සිටීමට කුමක් කළ යුතුදැයි ගූගල් හරහා පරීක්ෂා කළෙමි.


එහිදී මම දැනගත්ත මිතුරන් ගේ අවධානයට යොමු කිරීමට පහතින් ලියා දක්වමි

ග්ලූකෝමා රෝගය ඇති වන්නේ ඇහේ ඉදිරිපස මතුපිට ද්‍රව එකතු වී ඒවායින් ඇසට ඇතිවන පීඩනය නිසා ඇසේ සිට මොළයට පණිවිඩ ගෙන යන ස්නායු නරක් වීම බව මම දැනගත්තෙමි. 


මම මේ පිළිබඳව මගේ යාලුවෙකුට පැවසූ විට ඔහු කියා සිටියේ ඔහුගේ මාමා කෙනෙකු කලකට පෙර මෙම රෝගය වැළඳී අවුරුදු විස්සක් පමණ අන්ධව තම ජීවිතයේ අවසාන කාලය ගත කළ බවයි. මෙයින් වික්ෂිප්ත වූ මම මෙය වළක්වා ගැනීමට කුමන ආකාරයේ වෙනස්කම් සිදුකර ගත යුතුදැයි ගූගල් හරහා තවදුරටත් පරීක්ෂා කරන්නට පටන් ගත්තෙමි..


එහිදී මම පහත සඳහන් ප්‍රවේශම් වීම් වලින් සෑහෙන දුරට ග්ලූකෝමා රෝගය වැළඳීමේ අවධානය අවදානම අඩු කර ගත හැකි බව දුටුවෙමි. බොහෝ දෙනෙකුට මෙම කාරණා වැදගත් විය යුතුයැයි මම සිතූ නිසා මෙලෙස බ්ලොග් එකක දමන්නට තීරණය කළෙමි.


 1. කෝපි බීම බොහෝ අඩු කළ යුතුය- මම දැන් අවුරුදු විසි පහක පමණ සිට උදේට නැවුම් කිරි ටිකක් දමා කිරි කෝපි එකක් බොන්නට පුරුදුව සිටින්නෙමි. ඒ අය තරම් විශාල කැපෙන් ප්‍රමාණයක් නොවන නිසා එහි වෙනසක් කරන්නට නොමැති බව මම තීරණය කළෙමි.

 2. තේ බොන එක හොඳ බව පෙනේ- මම දවසකට තේ කෝප්ප තුනක් හෝ හතරක් සීනි නොමැතිව බොන අතර එය දිගටම කරගෙන යන්නට සිතුවෙමි. 

 3. පහත සඳහන් විටමින් ලබා ගැනීම රෝගය පැමිණීම වැළැක්වීමට ප්‍රයෝජනවත් වන බව කියා තිබේ. එම විටමින සහිත ආහාර වර්ග සොයා මගේ ආහාර වට්ටෝරුවට එකතු කරගත යුතු බව මම සිතා ගත්තෙමි. A B9 C and E . මම දිනපතා ම පාහේ ඇඹුල් පලතුරු ගෙවත්තෙන් ලබා ගෙන ආහාරයට ගන්නා නිසා සී විටමින් ඒවා හැරෙන්නට අනික් ඒවා පමණක් සහිත විටමින් compound දෙකක් මිලදී ගන්නට තීරණය කළෙමි.

 4. වතුර පානය කරන විට ලීටර් කාලකට වඩා එක් වර පානය නොකළ යුතු බව කියා තිබේ. වතුර පානය කිරීම සෞඛ්‍යයට ඉතාමත් හොඳ යැයි අසා තිබෙන නිසා මම බෝතල් බාගයක් විතර එකවර පානය කරන්නට පුරුදුව සිටින්නෙමි. මෙය නවතා වතුර බොන විට වතුර බෝතල් කාලක් පමණ බීමට පටන් ගැනීමට තීරණය කළෙමි.

 5. රතු මස් වර්ග කෑම අඩු කළ යුතුය. මෙය තරමක් අමාරු කාර්යයක් වුවත් එය කළ යුතු බව පෙනේ. නමුත් අප රතු මස් කන්නේ බටහිර කනවට වඩා බොහෝ අඩුවෙන් නිසා මේ කාරණය අපට එතරම් වැදගත් නොවන්නට පුළුවන.

 6. Ginkgo Biloba ශාකයෙන් සෑදූ බෙහෙත් පෙති වර්ග ද මේ සඳහා හොඳ යයි අසන්නට ලැබුණු අතර මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට මම සිතා ගත්තෙමි.

 7. පහත සඳහන් පලතුරු ආහාරයට ගැනීම ද මෙම රෝගය වළක්වා ගැනීමට උදව් වන බව දැනගන්නට ලැබුණි.

 දොඩම්

පීචස්

කෙසෙල්

අලිපේර

වට්ටක්කා ඇට

කළු බොන්චි ඇට

ලූණු

ඉඟුරු

සුදු ලූනු

පොල් හෝ කුරුම්බා වතුර

සියඹලා


පුදුමයකට වගේ මම පසුගිය දවස් වල වැල්ලවාය සිටියදී අපගේ ගොවිපළේ සියඹලා ගසක බොහෝ ගෙඩි තිබෙනවා දැක ඒවා බ්ලෙන්ඩරයකට දමා ජූස් හදාගෙන බිව්වෙ මි. මම එම ජූස් වලට මහා ඇල්මක් දැක්වීම්. දැන් මට සතියකට දෙපාරක්

 පමණ එය continue කරන්නට පුළුවන.

8. තද සූර්යාලෝකය දෙස නොබැලීම, තද සූර්යාලෝකයට යනවව නම් අව් කණ්ණාඩි පාවිච්චි කිරීම

9. නිදාගන්නා විට සිවිලිම දිහා බලාගෙන නිදාගනීම

Thursday, June 22, 2023

titanic සබ්මැරීනය සහ ආතර් සී ක්ලාක්

 



මේ සබ්මැරීනයේ සිද්ධිය මට 1961 එක වසරේ ආතර් සී ක්ලාක් විසින් ලියන ලද මනරම් විද්‍යා ප්‍රබන්ධයක් සිහියට නැගුනි. 


අවුරුදු තිහ හතළිහකට පෙර මා විසින් කියවන ලද මේ පොතේ ද මෙවැනි සිද්ධියක්, හඳෙහි සියුම් වැලි කාන්තාරයක විශේෂ යානයකින් සංචාරයක් සඳහා යන කණ්ඩායමකට සිදුවෙයි.


පොතේ තිබෙන්නේ නේ එම යානය බේරා ගන්නා ආකාරයයි. එම සංචාරක කණ්ඩායමේ එක් සංචාරකයෙකු ්‍රී ලාංකික විද්‍යාඥයකු ද වූ බව ද මට මතකය. ඔහුගේ නම මට මතක හැටියට නිහාල් ජයවර්ධන විය. එම යානය බේරා ගැනීමේ කටයුතු වල දී ඔහුගෙන් යම් විශේෂ සේවයක් සිදු වූ බව ද මට මතකය.


මේ පොතෙන් තවත් එක් සිද්ධියක් මට මතකයි ඒ පොතේ මුල් හරියේ විය යුතුයි. මෙම පොතෙහි පසුබිමේ වන හඳේ මිනිසුන්ගේ ජනාවාස වල පළමු අපරාධය කාන්තාවක විසින් සිදු කළ බව විස්තර කර තිබීමය. එයින් කියැවුණේ සඳ මත ඕනෑ තරම් රත්තරන් හෝ වෙනත් වටිනා ලෝහයක් සුලභව තිබෙන නිසා සඳේ බොහෝ වැඩ වලට ලෝහයක් ලෙස යොදාගෙන තිබුණේ එම වටිනා ලෝහ ය බවය. තමන්ගේ හෝටලයේ කාමරයේ යම් ආරක්ෂාවට දමා තිබුණු උපකරණයක් රන්මුවා බව දැක කාන්තාවක් එය ගලවාගෙන තමන්ගේ පර්ස් එකේ දමාගෙන එය සොරකම් කරන්නට තැත් කිරීමෙන් ලොකු විනාශයක් සිදු වූ බවය.


එම කාන්තාව නම් ශ්‍රී ලාංකික කාන්තාවක් දැයි මට හරියට මතක නැත 🤣


එයට අමතරව මේ සබ්මැරීන ගමන යන්නට ඩොලර් දෙලක්ෂ පනස් දාහක් එක් මගියකු විසින් ගෙවූ බව මම දුටුවෙමි. මෙවැනි ඇඩ්වෙන්චර්ස් වල ඒක ලොකු මුදලක් නොවේ. හිමාලය කන්ද මුදුනට කෙනෙකුට නැගීමටත් ඩොලර් 50,000ක පමණ වැය වෙන බව මම දුටුවෙමි.

Wednesday, June 21, 2023

2 අන්තර්ජාතික නෞකා ගමන් මාර්ගය අපෙන් දකුණට ගෙන යාම 2;

 

https://lakshmanillangakoon.blogspot.com/2023/06/blog-post_20.html?m=1



අප අසලින් යන නෞකාවන් වෙතින් යම් ලාභයක් ලබා ගැනීමට නම් අප එම නෞකාවලට යම් සේවයක් ලබා දිය යුතුය. 


එසේ සේවයක් ලබාදීමට නම් ඒවා අපගේ වරායන් වලට ගෙන්වා ගත යුතුය එසේ නොමැති නම් එම නෞකාවන් අප අසලින් යද්දී එවැනි සේවාවක් ලබාදීමට අප අපගේ හැකියාවන් දියුණු කර ගත යුතුය.


දැනටමත් මෙලෙස අප විසින් ලබාදෙන්නා වූ සේවයක් වන්නේ අන්තර්ජාතික විශාල නෞකාවන් වලට යාමට අපහසු සේම යාමට තරම් බඩු ප්‍රමාණයක් නොමැති විට එම භාණ්ඩ කොළඹ වරායේදී බාගෙන කුඩා නෞකා මගින් කලාපයේ වෙනත් වරායන් වලට රැගෙන යාමට පහසුකම් සැලැස්වීමයි. 


මේ කොටස ලියද්දී මට බොහෝ කලකට පෙර ඉන්දියානු නැවක කපිතාන්වරයෙකු ගෙන් අසන්නට ලැබුණු මේ සම්බන්ධ කතාවක් මතක් විය. ඉන්දියානු සාම හමුදා ලංකාවට පැමිණි කාලයේ මම කන්කසන්තුරේ වරාය ්‍රධානියා වශයෙන් කටයුතු කළෙමි.  එකල මම ලුතිනන් වරයෙකු වුව ද ඉන්දියානු හමුදා ඒමට පෙර ාවික හමුදා අනුඛණ්ඩය ප්‍රධානියා ලෙස කටයුතු කළෙමි. එම අනුඛණ්ඩය ්‍රියාත්මක වූයේ වරාය ඇතුලේ දියකඩනය අසල නැංගුරම් දමා තිබුණු පැරණි වෙළඳ නෞකාවක සිටය. 


එසේ වෙළඳ නෞකාවක සිට ක්‍රියාත්මක වන්නට සිදුවූයේ ඒ වන විට කංකසන්තුරේ ගොඩබිම කොටි පාලනයට යටත්ව තිබුන නිසාය.

ඉන්දියානු සාම හමුදා පැමිණි පසු එක්වරම මම නාවික හමුදා අනුඛණ්ඩයේ අණභාර නිලධාරී වරයා වීමට අමතරව ඉන්දියානු සාම හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන්ද කටයුතු කරන්නට පත්වීම් ලදුයෙමි.


ඒ සා විශාල හමුදාවකට සැපයුම් ලබාදීමට ඉන්දියානු වෙළෙඳ නෞකා කිහිපයක් ඔවුන් පාවිච්චි කළ අතර එම වෙළඳ නෞකා පිළිබඳ කටයුතු සංවිධානය කළේ ද මා විසිනි. ඒවායේ කපිතාන්වරු ුළු ත්‍යාගයක් ද රැගෙන මා හමුවීමට පැමිණ බොහෝ වේලාවක් සතුටු සාමීචියේ යෙදීම පුරුද්දක් කර ගත්හ. 


එවැනි එක් නෞකාවක සිටි ප්‍රධාන ඉංජිනේරුවරයෙකු කේරළයේ පුද්ගලයකු වූ අතර ඔහු ඔහුගේ නිවස කිට්ටුව ගෙම්බන් ඇතිකරන ගොවිපලක් පවත්වාගෙන යන බව මට කීවේය. එසේ කීවා පමණක් නොව ඊළඟ වාරයේ කන්කසන්තුරය ට එන විට ඔහු එම ගෙම්බන්ගේ කලවා කොටස් තෙම්පරාදු කර සාදන ලද බයිට් එකක් ද මට ගෙනැවිත් දුන්නේ ය. 


කතාවෙන් බොහෝ පිට පැන්න බව පෙනේ. මම මුලින් කියන්නට ලෑස්ති උනේ දකුණු ඉන්දියාවේ කුඩා වරාය වල නැව් ගොඩබෑම් කටයුතු කොතරම් අකාර්යක්ෂම ද යන බවය. එක් කපිතාන්වරයෙකු මට කිව් කතාව එයට හොඳ උදාහරණයකි. 


එම වරායට නැවක් පැමිණි පසු වරායේ කම්කරුවන් ගේ වෘත්තීය සමිතියෙ සභාපති වරයා කිහිප දෙනෙකු සමග නැව නැවේ බඩු ගොඩ ගෑමට පටන් ගැනීමට පෙර නැව වෙතට පැමිණෙයි. ඉන්පසු ආගිය කතා අවසන් කර ෞකාවේ බාන්නට තිබෙන බඩු ප්‍රමාණය යනාදිය සාකච්ඡා කර එම භාණ්ඩ යම් දින ගණනක් ඇතුළත බා දීමට යම් මුදලක් සාකච්ඡා කරයි. එකලද එම මුදල ලක්ෂ ගණනක් බව කපිතාන්වරයා මට කීවේය. එම මුදල සහ දින ගණන පිළිබඳව දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණෙන තුරු එම නෞකාවේ භාණ්ඩ බෑම පටන් ගන්නේ නැත. 


මෙවැනි තත්වයක් යටතේ නෞකා භාණ්ඩ රැගෙන එකල ඉන්දියාවේ වරායවලට යාමට දැඩි අකමැත්තක් දැක්වීම පුදුමයට කාරණයක් නොවේ. මේ කාලය වන විට අපේ වාසනාවට ලලිත් ඇතුලත් මුදලි ඇමැතිවරයා කොළඹ වරාය බොහෝ නවීකරණයකට පත්කර තාක්ෂණයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් කලාපයේ ඉහළම වරායක් බවට පත් කළේය. මේ නිසා කොළඹ වරාය කලාපයේ කාර්යක්ෂමතාවය සහ පහසුව සොයා යන අන්තර්ජාතික ලොකු නැව් වලට ඉතාමත් ආකර්ෂණීය වරායක් බවට පත් විය. .........

තව කොටස් කිහිපයක් දවසක් ඇර දවසක් වාගේ ලියන්නට සිදු වන බව පෙනේ


Tuesday, June 20, 2023

අන්තර්ජාතික මුහුදු මාර්ගය ලංකාවෙන් ඈත් කිරීම

 



ලංකාවට දකුණෙන් ඇති මුහුදේ නිල් තල්මසුන් ,වෙනත් මුහුදු ජීවීන්ට සහ වෙරළට කිට්ටුව ීවර යාත්‍රාවලට අනතුරු වන නිසා ලංකාව කිට්ටුවෙන් වැටී තිබෙන අන්තර්ජාතික මුහුදු ගමන් මාර්ගය මුහුදු සැතපුම් 15කින් පමණ දැන් පවතින මුහුදු මාර්ගයෙන් දකුණට ගෙන යාමට යෝජනාවක් අන්තර්ජාතික maritime සංවිධානය අධ්‍යයනය කරමින් සිටී.


මෙම යෝජනාව දැන් සෑහෙන කලක සිට නොයෙකුත් සංවිධාන වලින් ඉදිරිපත් කරන ලද්දක් වන අතර එවැනි තීරණ ගැනීමේදී ඉක්මනට ඉරන වලට නොපැමිණ සියලු කෝණයන් සලකා බලා තීරණ ගැනීම අන්තර්ජාතික සංවිධානයන්ගේ සිරිතයි. මෙම යෝජනාව ද මේ අවුරුද්දේ තීරණයක් ගැනීමට බොහෝදුරට ඉඩකඩ තිබෙන බව පෙනේ.


මෙලෙස මුහුදු මාර්ගය රටෙන් ටිකක් දුරස් වීමෙන් අපට බොහෝ පාඩු සිදුවිය හැකි යැයි පැවසෙන ්‍රවෘත්ති විශ්ලේෂණයක් මම මේ ලඟකදී රූපවාහිනී නාලිකාවක ්‍රවෘත්තියක් තුළින් දුටුවෙමි. 


ඇත්තෙන්ම එය තරමක් දුරට දකුණට ගෙන යාමෙන් අපිට පාඩුවක් සිදුවිය හැකිද?. මම මේ පිළිබඳව තරමක් සොයා බලන්නට සිතුවෙමි


1914 වසරේ ඇමරිකාවේ දී වානිජ ගුවන් ගමන් පටන් ගන්නා තෙක් ලෝකය සෑම තැනකම මිනිසුන් රටින් රටට ගමන් කළේ ඒ රටවල් යාබදව පිහිටියේ නැත්නම් මුහුදු මාර්ග වලිනි.. තවත් බොහෝ කලක් යනතෙක් ලෝක සංචාරයන් සිදුකෙරුණේ මගී නෞකා වලිනි. 1922 වසරේ අයින්ස්ටයින් විද්‍යාඥයා ලංකාවට පැමිණියේත් ජපානයට යන අතරමඟ කොළඹ වරායට ඔහුගෙන් නැව පැමිණි අවස්ථාවේ ය.


එංගලන්තෙ සිට ඕස්ට්‍රේලියාවට එසේත් නැත්නම් අනික් පැත්තට යන ක්‍රිකට් කණ්ඩායම් පවා එකල යායුතු වූයේ ලංකාව හරහා ය. මෙම නෞකා ඉන්ධන සඳහා යොදා ගත්තේ ගල් අඟුරු වූ අතර මුළු ගමනටම ගල්අඟුරු පුරවාගෙන ගියොත් නැවේ වෙන දෙයක් ගෙන යාමට නොහැකි වන නිසා එසේ ගල් අඟුරු අතරමඟ පහසු වරාය කදී ලබා ගැනීම ම නෞකා වල සාමාන්‍ය චර්යාව විය.


කොළඹ සහ ගාල්ල ම ගල් අඟුරු ලබා ගැනීම සඳහා ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් වූ අතර ඇමරිකාවේ සිට ජපානයට ගිය පළමුවෙනි යුද නෞකාව ගමන අතරමගදී ගල් අඟුරු ලබා ගත්තේ ද ගාල්ලේ නි. 


ගුවන් ගමන් වාණිජ වශයෙන් ස්ථාපිත වූ පසු මෙම ෞකා වලින් ගමන් කිරීමේ අවශ්‍යතාවය නොමැති වූ අතර දැන් නෞකා වල අතිශය බහුතරයක් මගීන් ගමන් කරන්නේ විනෝදය සඳහා පමණි. 


දැන් ගල්අඟුරු ලබාගන්නට නෞකා කොළඹට හෝ ගාල්ලට එන්නේ නැත, ඒමට අවශ්‍යතාවයක්ද නැත. 


වර්තමානයේ ලංකාව අසළින් මේ අප කතා කරන්න මුහුදු මාර්ගයේ මැව් කොපමණ ගමන් කරනවාද, එම ැව් ප්‍රමාණය විශාල තෙල් ගෙනියන නැව් 4500 කුත් ඇතුළුව වසරකට 40000 පමණ වන බව ගණන් බලා ඇත. ඒ කියන්නේ දවසකට සීයකට තරමක් වැඩියෙනි.


මේ නැව් 40 දාහෙන් ලංකාවට එන්නේ නැව් කීයක් පමණ ද. එම ප්‍රමාණය 2021 වසරේ තුන්දාස් 3675 ක් විය. එම නෞකා කොහොමටත් කොළඹ වරායට පැමිණෙන බැවින් ඇත්තෙන්ම අප බැලිය යුත්තේ ඉතිරි නැව් තිස්හයදාහට සඳහා යම් සේවාවක් ලබා දී අපට යම් විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි දැයි බැලීම ය.


එලෙසම දැන් මේ යෝජනා වෙමින් පවතින මුහුදු මාර්ගයේ අපෙන් තරමක් ඈත් කිරීම අපට එසේ අනෙක් නැව්වලින් ආදායමක් ලබා ගැනීමට කොතරම් දුරට බාධාවක් වේදැයි බැලීම ය. ඉතිරි කොටස හෙට හෝ අනිද්දා

Saturday, June 17, 2023

රජයේ නොවන වෛද්‍ය විද්‍යාල වාසි සහ අවාසි වගුව







රජයේ නොවන වෛද්‍ය විද්‍යාල ඇතිකල හොත් ලැබෙන ලාභ අලාභ, වාසි අවාසි, සහ යස අයස, ඒවා ලැබෙන්නේ කාටද යන්න මා ටික කලකට පෙර වගු ගත කලේ හරියටම මෙම ප්‍රශ්නය කොටස් වලට බෙදා විශ්ලේෂණය කිරීම සඳහාය.
එම විශ්ලේෂණය දැන් නැවත බැලීමට මට සිතුනේ මේ අතරට අලුත් පරදු දරන්නන් කණ්ඩායමක් එකතු වී සිටින නිසාය.

ඒ ඔවුන්ද තමන්ගේ පෙර තිබූ ඉල්ලීම් වෙනස් කර අනෙක් ආත්මාර්ථකාමී කණ්ඩායම් සමඟ එකතුවී ඇති නිසාය  

වාසි  ලබන අය
හේතු
අවාසි වන අය  
හේතු
1
වෛද්‍ය විද්‍යාල අයිතිකරුවන් සහ සමාගම්
ලාභ ලැබීම


2
ඉගෙන ගන්නා සිසුන්
පිටරට යනවාට වඩා අඩු මුදලකින් මෙරටදීම තමන් බලාපොරොත්තු වන රැකියාවට පුහුණුව ලබා ගැනීම


3
දස දහස් ගණනක් කෙලින්ම හා වක්‍රව රැකියා ලබන්නන්
මෙතෙක් නොතිබූ වර්ගයක රැකියා බිහිවේ.


4
පොදු ජනතාව
විදේශ විනිමය ඉතිරිය සහ විදෙස් සිසුන්ගෙන් විදේශ විනිමය ගලාඒම


5
පොදු ජනතාව
දැනට සංසන්දනාත්මකව ඉතාමත් අඩු ඒක පුද්ගල වෛද්‍යවරු ප්‍රමාණය වැඩිකර ගැනීමට පුලුවන් වේ. (ශ්‍රී ලංකාව 0.68/1000, කියුබාව එමෙන් දහ ගුනයක්)


6
පොදු ජනතාව
මෙහි දක්වා ඇති සෑම හේතුවකින්ම ලැබෙන වක්‍රාකාර   ප්‍රයෝජන


7
වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන්
1.තමන්ගේ දූ දරුවන්ට රට තුලම අධ්‍යාපන නිදහස ඇතිවීම
2.පිටරට යවනවාට වඩා අඩු වියදම
3.දරුවන් තමන්ගේ රටේ ඉන්න නිසා සැනසිල්ල


8
ලංකාවේ සෞඛ්‍ය සේවය
වෛද්‍ය හිඟය නැතිකර ගැනීමට හැකිවීම


9
ලංකාවේ සංචාරක කර්මාන්තය
පිරටින් එන සිසුන් වැඩිවීමෙන් ලංකාව ගැන සංචාරක උනන්දුවක් ඇතිවීම


10
ලංකාවේ ප්‍රතිරූපය
කම්කරු ප්‍රතිරූපයේ සිට දැනුම කේන්ද්‍රයක් ලෙස


1


දැනට වෛද්‍ය ව්‍යාපාරයේ යෙදී ඉන්නා වෛද්‍යවරුන්
ඉල්ලුම සහ සැපයුම න්‍යාය
2


වයෝවෘධ, සෝවියට් චින්තනය ඇති මාක්ස්වාදීන්
අසාර්ථක හා අසමර්ථවූ සෝවියට් කොමියුනිස්ට් වාදය ගැන බලවත් ශෝකයෙන් පසුවන මෙවැන්නන්ට එම දර්ශනයේ අවසාන බලකොටුවත් බේරා ගැනීමට සටන් කල හැකිවීම
3


පිටරටට සිසුන් යවන ඒජන්සි කම්පැනි
ලාභ අඩුවීම
4


ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, පකිස්තානය,බංගලාදේශය, ජෝර්ජියාව,චීනය වැනි අපගේ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට යන රටවල්
අපේ සිසුන් එම රටවලට ඒම නැතිවීමන් එම රටවල පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ආදායම අඩුවීම
5


ඉන්දියාව
ශ්‍රී ලංකාවට සැමවිටම අඩු තක්සේරුවක් කරන ඉන්දියාවට තම රටෙන් සිසුන් මෙහාට ඒමට පටන් ගත් විට ඇතිවන ලැජ්ජා

Friday, June 9, 2023

කොටි පොල්ලේ කතා




ඊයෙ මම netfix එකේ arnold නැමැති සීරීස් එකේ පලවෙනි එපිසෝඩ් එක බැලුවෙමි. එහි අවසන් හරිය නරඹද්දී මට බොහෝ කලකට පෙර ඔහු සම්බන්ධයෙන් සිදු වූ අපූරු සිද්ධියක් මතක් විය. 
 අසූ ගණන්වල මම අණභාර නිලධාරී වශයෙන් A 524 නැමැති නාවික හමුදාවට ඒ දවස්වල මිලදීගත් විශාල පැරණි වෙළඳ නෞකාවක සේවය කළෙමි. 
ඒ නෞකා වර්ගයෙන් නැව් තුනක් නාවික හමුදාව මිලදී ගෙන තිබුණු අතර ඒවායින් එකක වෙළඳ නෞකාව කාලයේ නම කොටා රුකුන් යනුවෙන් තිබී ඇති බවත් මට මතකය. 

මෙම නෞකාවන් මිලදී ගත්තේ කොටි පොල්ල නැමැති ්‍රස්තවාදීන්ගේ බෝට්ටු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීම වළක්වන්නට සැලසුම් කළ ්‍රියාදාමයක් සඳහා ය. එම ක්‍රියාදාමයේ මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස, සේවයේ යෙදවීමට ය. එම නෞකා වල සිට ඉන්දියානු වෙරළේ ිට ලංකාව බලා ත්‍රස්තවාදීන් සහ උපකරණ රැගෙන එන බෝට්ටු පැමිණීම වැළැක්වීම සඳහා යොදවා තිබූ කුඩා බෝට්ටු මෙහෙයවන ලද්දේ ය.

මෙම නෞකා බොහෝ කාලයක් මහ මුහුදේ නැංගුරම් දා තිබුණු අතර, අපිට ගොඩ යන්නට ලැබුණේ කලකට වරක් නිවාඩු යන අවස්ථාවේ පමණි.

මෙම නෞකාවේ නොයෙකුත් වර්ගයේ නාවික පුද්ගලයන් සිටි අතර ාවික හමුදාවෙන් බොහෝ කලකට පෙර විශ්‍රාම ගොස් සිටි නාවික පුද්ගලයන්  යුද්ධය නිසා නාවිකයන් අඩුකමට සේවාවට කැඳවා සිටි නිලධාරීන් සහ නාවිකයන් ද විය. මේ අතර රාජකීය නාවික හමුදාවේ කලකට පෙර සේවය කර විශ්‍රාම ගත් නාවික පුද්ගලයන් ද වූහ. ඔවුන් සමග සතුටු සාමීචියේ සිටිද්දි පැරණි නාවික හමුදාව ගැන බොහෝ සිත්ගන්නාසුලු කතා අහන්නට ලැබීමත් මනරම් අත්දැකීමක් විය. 

මේවායේ සිට නිවාඩු යද්දී එම ගමන ද සුවිශේෂී අත්දැකීමක් ගෙන දුන්නේය. නිවාඩු යන අපව නැවේ සිට ගෙනයන්නට පැමිණෙන්නේ එකල kareinagar නාවික කඳවුරෙන් එන LPB වර්ගයේ බෝට්ටුවකි. මුහුද රළු දිනවල එම බෝට්ටුවට නැවේ යාබදව පැමිනෙන්නට නොහැකි වන විට මේ ගමන තවත් දුෂ්කර වෙයි. ගමන්මල්ල ලණුවකින් එම බෝට්ටුව වෙත යවා නැවෙන් මුහුදට පැන බෝට්ටුව වෙත පිහිනා ගොස් නගින්නට සිදු වූ අවස්ථාවක් ද මට මතකය. එලෙස මුරසංචාර බෝට්ටුවට ගොඩ වන අපි කරේ නගර වලට ගොස් එතැනින් කන්කසන්තුරේ වෙත අප රැගෙන යන බෝට්ටුවේ කන්කසන්තුරේ වෙත ගියෙමු. එතැන් සිට යුද්ධ හමුදාවේ APC වල පලාලි වෙත ගොස් එහි සිට  ගුවනින් රත්මලානට ගියෙමු. 

මම කියන්නට සිත් වූ කතාව සිදුවූයේ මේ නැවේ සේවය කරද්දී ය. නැවේ සේවය කළ ්‍රධාන සුළු නිලධාරිවරයෙකු සමඟ කතා කරමින් සිටියෙමි. ඔහු බොහෝ උනන්දුවෙන් ායවර්ධන ක්‍රීඩාවේ යෙදෙන කෙනෙකු විය. සාමාන්‍යයෙන් කාය වර්ධනය කරන පුද්ගලයෙකු සමග කතාවට වැටුනොත් කතාව ඉවරවෙන්නේ කායවර්ධනය සම්බන්ධ මාතෘකාවකින් බව අප සියල්ලෝම දන්නෙමු.

එලෙස මම ඔහු සමග කතා කරමින් සිටිය දී ඔහු නාවික හමුදාවේ සිටින ඔහුට වඩා පිරිපුන් සිරුරක් ඇති කායවර්ධන ක්‍රීඩකයෙකු ගැන කියන්නට පටන් ගත්තේය. 
ඔහු මෙසේ කතාව අවසන් කල පසු කල ඉතා ජනප්‍රියව සිටි ආනෝල්ඩ් ශ්වසනෙගර් පිළිබඳව මතක් වී, 

" චීෆ් කොහොමද,  arnold schwarzenegger ගේ ඇඟ" මම ඇසුවෙමි
එක්වරම ඔහුගේ ඇස් දිලිසෙන්නට විය. සමහරවිට කඳුළක් දෙකක් ඇස් වලට ආවාදැයි මට සැක සිතුනි.

" ඒක සර් ඇඟක් නෙවෙයි......" ඔහු වචනයක් සොයමින් කල්පනා කළේය. "......... ඒක රන් කඳක්" 

Monday, June 5, 2023

ඕඩියන් සිනමා ශාලාවේ ැලරි ප්‍රවේශය

 මම අද උදේ තුන්වැනි වතාවට how to Train your dragon 2 බැලුවෙමි. ඒකත් තරමක addiction එකක් යැයි සිතේ. 

අද එය බලන්නට පටන් ගද්දි 20th century fox සංගීතය යන විට එක්වරම යම් පුරුදු මතකයක් මගේ සිතිවිලි තුළට ගලාගෙන ආවේය. 

ඒ අපි ඉස්කෝලේ යන කාලයේ පාසැල් ඇරී ිත්‍රපට බලන්නට ගිය අත්දැකීම් මාලාවයි.


දැන් වාගේ නොව, එකල අපට නරඹන්නට ලැබුණු ත්‍රපට බොහොමයක් twentieth century fox Warner brothers වැනි සමාගම් නිපදවන ලද චිත්‍රපටය. අප එම චිත්‍රපට සියල්ලම වාගේ බැලුවේ මහනුවර Odeon සිනමාහලේ හෝ කටුකැලේ රීගල් සිනමා හලේ දී ය.


එකල අපට චිත්‍රපටයක් බලන්නට යාමට කරුණු කිහිපයක් සම්පූර්ණ වීමට අවශ්‍යව තිබුණි. එකක් ගෙදරට කියන්නට excuse එකක් තිබිය යුතු වීමය. බොහෝ විට එය ක්‍රීඩා පුහුණුවක් හෝ අමතර පන්තියක් විය. 

ඊළඟට චිත්‍රපටය බලන්නට මිතුරන් කිහිප දෙනාට ම මුදල් තිබේ යුතු විය. ඒ කාලේ චිත්‍රපටයකට අඩුම මිල පන්තියේ ටිකට් එකත් සඳහා ශත 60ක් ගෙවන්නට සිදු විය. එයට අමතරව දවල්ට යමක් කෑමට සත තිහක් අවශ්‍ය විය. ඒ නගරයේ තිබූ තෝසෙ කඩ තුනෙන් එකක තෝස දෙකක් කෑම සඳහාය. තෝසේ දෙකට සත තිහක් වු අතර වැඩිපුර සත කිහිපයක් තිබුනොත් වඩේ 1බැගින් කෑමට ද අප පුරුදු වී සිටියෙමු.


Odeon එකේ ; දැන් grand  kandyan හෝටලය, චිත්‍රපටය බලන්නේ නම් ත්‍රිත්ව විද්‍යාලය  ගාවට පයින් ගොස් එතැනින් හැරී උඩට කන්දේ තවත් කිලෝමීටර් භාගයක් පමණ යන්නට සිදු විය. 

චිත්‍රපටයකටත් වඩා ්‍රාසජනක ප්‍රවේශයක් එම සිනමාහලේ ගැලරිය සඳහා ටිකට් ගැනීමට තිබුණි. අඩි සියයක් පමණ දිග අඩි 50ක් පමණ පළල සිමෙන්ති කොටුවක ඇතුලෙ යකඩ දැල් වලින් පෝලිමක් දමා තිබුණු එම ප්‍රවේශය මට මතක හැටියට දැල් වලින් වටවුණු පේලි පහක් හයක් පමණ තිබුණි. ඇතුල් වූ තැන සිට පේළියයි කෙළවරට ගොස් අංශක 180ක් හැරී ඊළඟ පේලියට ාම මෙහි පෝලිම් ක්‍රමය විය.


ප්‍රසිද්ධ චිත්‍රපටයක් පෙන්වන විට මෙම ඩන්ජන් එකක් වැනි වූ ්‍රවේශය අතුරු සිදුරු නැතිව පිරී ගියේය. ඇතුලෙ ලයිට් දමා තිබුණා දැයි මට මතකයක් නැත. කෙසේ වුවත් මෙය බොහෝ අඳුරු ස්ථානයක් බව නම් මතකය. ඇතුලට ගිය පසු එළියට ඒමට ඉතාමත් අපහසු වූ ෙම ප්‍රවේශය තුළ නොයෙකුත් ගණන් කාරයන්ද සිටියහ. 

අවසාන මොහොතේ පැමිණෙන සමහර ගණන්කාරයන් සාමාන්‍ය චිත්‍රපට නරඹන්නන් බොහෝවිට අප වැනි පාසල් සිසුන් ගේ ඔළුවට උඩින් වඳුරන් මෙන් පෝලිම් පැනීමට පුරුදුව සිටියහ. ඔවුනට විරුද්ධ වුවහොත් ලොකු කලබල වලට මැදිවන්නට සිදුවිය. 

මෙවැනි තැනක ාතාශ්‍රය ද විවෘතව නොතිබුණු නිසා තරමට ගඳක්ද සැමදාම වාගේ තිබුණි. එසේ සරමක් ඇඳගෙන වඳුරෙකු මෙන් යන ගණන් කාරයකුගේ වෘෂණ කෝෂයක් මිරිකන්නට අප සැමදා ම කතා කළ නමුත් එවැන්නක් කරන්නට තරම් එඩිතර කෙනෙකු ඉදිරිපත් නොවුණ බවත් මට මතකය.


මෙතරම් කරදර වී චිත්‍රපටයක් නැරඹීම ඇත්තෙන්ම දැන් කල්පනා කරන විට පුදුම සහගතය. netflix එක දමාගෙන ගෙදර ආලින්දයේ ිත්‍රපට දහස් ගණනක් අතරින් එකක් තෝරාගෙන subtitle දමාගෙන සමහරවිට පොඩි ෂෝට් එකකුත් පාවිච්චි කරමින් ේ චිත්‍රපට බැලීම odiyen එකේ ගැලරි ප්‍රවේශය හා සසඳන විට තවුතිසා දිව්‍ය ලෝකය මෙන් සිතෙන්නට පුළුවන.


චිත්‍රපටයට පැයකට පමණ කලින් පැමිණෙන ආකාරයට ගැලරියේ ටිකට් ිලදී ගන්නට ක්‍රමවේදයක් එකල ඕඩියන් කළමනාකාරිත්වය නොකළේ මන්දැයි තවමත් මට පුදුම හිතෙන ප්‍රශ්නයකි.

Saturday, June 3, 2023

අපට ගොවිතැනෙන් ම ගොඩ එන්නට බැරිද?

 වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය එසේත් නැත්නම් දේශපාලන වටපිටාව කුමන හෝ රටක කවදාවත් තිබුණේ නැති එකක් වෙන්නට පුළුවන. 

අපේ ජනාධිපති ට පාර්ලිමේන්තුවේ ඇත්තේ එක් මන්ත්‍රී ආසනයක් පමණි. 


ඔහුට ජනාධිපති වන්නට පාර්ලිමේන්තුවේ ඡන්දය ලබා දුන්නේ ඔහුගේ මුළු දේශපාලන ජීවිත කාලය තුළම, ඔහුට විරුද්ධ ව සිටී ේශපාලන ප්‍රවාහයයි.


එම දේශපාලන ප්‍රවාහය, වර්තමාන ජනාධිපතිවරයා හා විරුද්ධ වූයේ මතුපිට දේශපාලනයෙන් පමණක් නොවේ. ජනාධිපතිවරයා සහ ඔහු සිටි පක්ෂය රටේ දියුණුව සඳහා ුද්ගලික අංශය ප්‍රධාන එන්ජිම ලෙස පාවිච්චි කළ යුතු බවට පෙනී සිටි අතර දැන් ඔහුට බලයේ සිටීමට උදව් කරන ේශපාලන ප්‍රවාහය සැමවිටම පෙනී සිටියේ විශාල රජයක් එසේම රටේ සියලු වැඩකටයුතු රජය විසින් කළ යුතුයි යන මතය සඳහාය.


මෙතරම් ප්‍රතිවිරුද්ධ අහසට පොළොව මෙන් ප්‍රතිපත්ති ඇති දේශපාලන බලවේගයන් එක්ව කටයුතු කරන්නේ කෙසේද? 


ඒ සඳහා මෙම කණ්ඩායම් දෙකටම, ඇත්තෙන්ම කණ්ඩායම් එකක් සහ තනි පුද්ගලයෙකු, එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කිරීමට වශ්‍යතාවයක් ඇත්තේය.


ඔවුන් ඔහුට සහයෝගය දෙන්නේ යම් බලාපොරොත්තුවක් ඇතිවය. ඒ තව අවුරුද්දක් දෙකක් ඡන්දයක් නොපවත්වා තබා ගැනීමේ චේතනාවෙනි. ඔහු ඔවුන්ගෙන් සහයෝගය ලබා ගන්නේ ඔහුට බලයේ සිටීමට ෙනත් ක්‍රමයක් නැති නිසා ය. 


එහෙත් මෙලෙස බලයේ සිටීමට හැකියාව තිබෙන්නේ රටේ ආර්ථිකය යම් තරමකට හෝ අඩු තරමෙන් දැන් පවතින තත්වයේ හෝ තබාගැනීමට ඔහුට පුළුවන්කම ලැබෙනවා නම් පමණි. 


මෙවැනි තත්වයක ආර්ථිකය පවත්වා ගැනීමට හැකි වන්නේ මට පෙනෙන විදිහට නම්, ආර්ථිකයේ රුපියල් ණය සහ ඩොලර් ණය ගෙවන්න පටන් ගන්නා තුරු පමණි. 


මේ අවුරුද්දේ අප ඩොලර් ණය ගෙවන්නේ නැතිව සිටින විට අපට ලැබෙන ඩොලර් ආදායම සහ අනෙකුත් ආයතන වලින් සහ රටවල් වලින් ලැබෙන ඩොලර් ණය, අපට වියදම් කර ගන්නට පුළුවන් අතර, එවිට අපට ඒ තරම් දුෂ්කර ර්ථික ප්‍රශ්න ඇති නොවේ.

නමුත් මෙය සැමදාම කළ හැකි කිරීමට ප්‍රායෝගික වන කටයුත්තක් නොවේ.  අපි යම් ව්‍යාපාරයක් කිරීම සඳහාලොකු ණයක් අරගෙන එය ගෙවන්නට අපහසු වන විට, අවුරුද්දක් ණය නො ගෙවා ඉන්නට ඉඩ ලැබුනොතින් ඒ මුදලින් හොඳින් ජීවත් වීමයි ්‍රශ්නය සඳහා විසඳුම නොවේ.


අප දැන් සෙවිය යුත්තේ ඉක්මනින් එහෙත් තිරසාර ලෙස නාස්තිය අඩු කර ගන්නා ආදායම වැඩි කරගන්නා ක්‍රමවේදයන්ය.


මම පසුගිය මාස තුන හතරේ ැල්ලවාය ප්‍රදේශයෙහි ගොවිතැන් කටයුත්තකට සම්බන්ධ වී සිටියෙමි. එම ප්‍රදේශයේ තිබෙන ඉඩම් බොහොමයක් පාහේ රජයේ ඉඩම් නොයෙකුත් පුද්ගලයන් විසින් අල්ලාගෙන සිටින ඉඩම්ය.  

මේවට පැහැදිලි අයිතියක් නොමැති හෙයින් එම අයිතිකරුවන් ඉඩමට ස්ථිරසාර ආයෝජනයක් කරන්නේ නැත. දීර්ඝකාලීනව ාභ ලබාගත හැකි ව්‍යාපාර අරඹන්නේ නැත.

මෙවැනි ඉඩම් ආපසු රජයට අරගෙන ඒවා විනිවිදභාවයකින් වෙන්දේසියක විකුණා ලැබෙන මුදලින් සියයට 25ක් පමණ දැනට ඉඩම අල්ලා ගෙන එන්න පුද්ගලයාට ලැබෙන්ට සැලැස්වීමෙන් ම පමණක් අපේ රටේ දැනට තිබෙන රුපියල් ය ප්‍රශ්නය විසඳාගැනීමට හැකියාවක් ලැබිය හැකි බව මට සිතේ.


එවැනි ඉඩම් වෙන්දේසියේ විකිණීමේ දී පිටරට සිටින අපේ ඩයස්පෝරාව ඒවා මිලදී ගැනීමට බලවත් උනන්දුවක් දක්වන බව මට විශ්වාසය. පිටරට ජීවත් වන මගේ මිතුරන්; සමහරකු මුහුණුපොතේ පමණක් මිතුරන් වෙති, මෙලෙස ඉඩම් මිලදී ගැනීමට හැකියාවක් තිබෙන්නේ දැයි පසුගිය දෙන වල මගෙන් විමසා සිටියහ. ඔවුන් එසේ මගෙන් ඇසුවේය මම යම් ගොවිතැනක යෙදෙන බව මුහුණු පොත මගින් දැනගත් නිසාය.


මේ එක් ක්‍රමයකි. තවත් දහස් ගණන් ක්‍රම ංකාවේ මේ මුදල් ප්‍රශ්නය විසඳාගැනීමට තිබෙන බව මට විශ්වාසය. 

එහෙත් ඒවා නොකර ණය ගැනම කතා කරමින් සිටීමෙන් අප තවත් පහලට යනවා මිස ේ ප්‍රශ්නයෙන් ගැලවීමට නොහැකි බව ඕනෑම කෙනෙකුට දැන්වත් තේරුම් ගන්නට හැකියාවක් තිබිය යුතුය.


Saturday, April 22, 2023

ගොවියා ඩයරිය 3

 




මම දැන් සති දෙකකට පමණ පෙර මා දන්නා හඳුනන තරුණ ටැක්ටර් අයිතිකරුවෙකු සමග අහම්බෙන් මෙන් ඔහුගේ මුන්ඇට වගාවක් බලන්නට ගියෙමි. අපගේ ඉඩමේ ඉතිරිවී ඇති මිරිස් වගා කළ හැකි කුඩා ඉඩම් කැබලි තුනක් බිම් සකස් කර ගැනීමට ගණන් කතා කර ගැනීමට ඔහුට පැමිණෙන ලෙස දන්වා යැවූ පසු එම ඉඩම් කොටස් ඔහුට පෙන්වා ඒවායේ මිල ගණන් සාකච්චා කර අවසන් කර ආපසු එන්නට තනද්දී ඔහුට අපේ ඉඩමෙන් උතුරු පැත්තේ ඔහුගේ වගාවක් බලන්නට යාමට තිබෙන බව මට දන්වා සිටියේය. 


ඒ වගාව බලන්නට මටත් උනන්දුවක් ඇති වූ හෙයින් මම ඔහු සමග ඔහුගේ සිංගල් කැබ් රථයෙන්ම එම ඉඩම බලන්නට ගියෙමි. අපහසු මාර්ගයක ගමන් කර වාහනය නවතා තවත් ඇතුලට කිලෝමීටරයක් පමණ ඇවිද ගෙන යාමට අපට සිදුවිය. නමුත් ඔහුගේ මුන් ඇට වගාව දුටුවිට මහන්සිය කොහෙන් ගියාද සොයා ගැනීමට නොහැකි විය. එය ඒ තරමටම හොඳින් වැවී තිබුණි. 


ඒ ඉඩමේ ද තරමක වැවක් තිබුණු අතර තවත් මුංඇට බන්ඩක්කා වැනි වගාවන් කිහිපයක් ද තිබුණි. ඔහුට මේ වගාවට ඉඩම ලැබුණු ආකාරය ඔහු මට විස්තර කළේය. 

මේ ඉඩම අක්කර 50ක් පමණ වන අයිතිකරු ඔහුට යම් නෑ කමක් තිබෙන අතර ්‍රැක්ටර් හිමිකරු ඔහු හඳුන්වා දුන්නේ මාමා කෙනෙකු ලෙසටය. 


එම මාමා ගේ ඉඩමෙන් අක්කර දහයක් පමණ ඔහුට මුංඇට බැදීමට සකස් කර දෙන ලෙස මාමා මොහුගෙන් ඉල්ලා ඇත. එම සකස් කර දෙන ර්තව්‍යයට හිලව්වක් වශයෙන් එම ඉඩමෙන් අක්කර පහක පමණ මොහුට මුං ඇට වගා කරන්නට ඉඩදිය හැකි බව මාමා මොහුට දන්වා ඇත.


එම යෝජනාව පිළිගත් tractor හිමිකරු තමන්ටද අක්කර 5ක් පමන සකසාගෙන මුං ඇට වගා කර ඇත. එසේ වගා කළ ඉඩම මොහු බලන්නට පැමිණ ඇත්තේ කාලයකට පසුව බව මට කතාවෙන් වැටහිණ. බොහෝවිට බීජ ඉසීමෙන් පසුව වන්නට පුළුවන. එම ගස් වලින් සමහරක මල් පවා ඇති වී තිබුණු අතර ඒවාට දැන් බෙහෙත් ගහන්නට කාලය යයි ඔහු මට පවසා සිටියේය. 

මුංඇට වගාකිරීමේ වටිනාකම, ඒවායේ ඉක්මනින් අස්වැන්න ලබා ගැනීමට හැකි වීම ය. මාස තුනකින් පමණ අස්වැන්න ලැබෙන බව පෙනේ. 

මේ පැත්තෙ මුං ඇට වගා කිරීමේ අපූරු ක්‍රමයක් ද මම ලඟදි දුටුවෙමි. ඒ මම උදේ පාන්දරට හවෙළමුල්ල ප්‍රදේශයේ ඇවිදින්නට යන විට ය. දැනට සති දෙක තුනකට පෙර සිට එම කුඹුරු යායවල ගොයන් කපන ආකාරය මම දුටුවෙමි. දැන් සතියකට පමණ පෙර පාර අයිනෙ තියෙන කුඹුරු යායක තැනින් තැන මුංඇට පැළ වී තිබුණු මම දුටුවෙමි. මුලදි මම සිතුවේ යම් වැරදීමකින් මෙය සිදුවී ඇති බවය. මක්නිසාද එම කුඹුරු වල කිසිම සැකසීමක් නොකර ඉපනැල්ල තිබියදීම එම මුන්ඇට  පැල මතු වී තිබීමයි.

එහෙත් පසුව නිරීක්ෂණයේ දී මට පෙනුණේ එම ඇට යම් පිළිවෙලකට දමා ඇති ආකාරයයි.

මම මේ පිළිබඳව අපගේ වගාවට පැමිණ ගොවියෙකුගෙන් විමසුවෙමි. ඔහු මට එම අපූරු ගොවිතැන පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් කළේය. 

මේ ප්‍රදේශයේ කුඹුරුවල ගොයම් කැපීමට ටික දිනකට පෙර මෙලෙස මුංඇට ඉසින බවත් ගොයම් කපද්දී වැඩ කරන මිනිසුන්ගේ පයට පෑගෙන මුන්ඇට පසට යට වී ගොයම් කපා දින කිහිපයකින් පැලවෙන බවත් ඔහු කීවේය. මෙලෙස මුං ඇට වගා කිරීමේ ප්‍රයෝජන කිහිපයකි.

 1.  ගොයම් කපන විට වල් ඉතාමත් අඩු පරිසරයක මුං ඇට වලට පටන් ගන්නට පුළුවන

 2. අලුතින් බිම් සකස් කිරීමට මුදල් වැය නොවේ

 3. වී අස්වැන්න ලබාගෙන මාස තුනක් විතර යන විට ඊට වඩා හොඳ ආදායමක් ලබාගත හැක

 4. අමුතුවෙන් ජලය යෙදීමට අවශ්‍යතාවයක් ද නැත.

හෙට ඊළඟ කොටස


Friday, April 21, 2023

ගොවියා ඩයරිය 2




 අපගේ වැවට ද මේ ප්‍රදේශයේ බොහෝ අනෙකුත් වැව් මෙන් ජලය වෙනත් ජල පහරකින් පැමිණෙන්නේ නැති බැවින් වැවේ ජලයෙන් පමණක් නියඟය කාලයේදී වගාව පවත්වාගෙන යාමට නොහැකි නිසා අපි අපගේ භූමියේ නල ලිං දෙකක්ද සාදාගෙන සිටිමු. 


ඒවා දැනට ඒතරම් පාවිච්චි නොවුනද ඉදිරියේදී නියඟය වැඩිවන විට ඒවා පාවිච්චි කිරීමට සිදුවන බව අපි දන්නෙමු.


ප්‍රදේශයේ අනෙක් ගොවියන් ජලය සඳහා මුදල් ආයෝජනය නොකරන්නේ විශේෂයෙන්ම නළ ලිං ලෙසට, අලි ප්‍රශ්නය නිසා විය යුතුය. මක්නිසාද සියයට සියයක් ආරක්ෂිත වල් අලි වැටක් සවිකර ගැනීම මුදල් අතින් ලේසි පහසු කටයුත්තක් නොවන නිසාය. එය ාමාන්‍ය ගොවියෙකුට දරාගත නොහැකි තරම් පිරිවැයකින් යුක්තය.

එහෙත් මෙවැනි තත්ත්වයක් යටතේ ද තමන්ගෙ අක්කර දෙක තුනේ කුඩා ඉඩම්වල ාමාන්‍යයෙන් අලියෙකු නවත්වා ගත හැකි තරමේ වැටවල් පාරේ ගමන් කරද්දී බොහෝ දකින්නට පුළුවන. 

එහෙත් මෙම වටවල් සවි කර ගත්තද අලින් ගේ පැමිණීම සම්පූර්ණයෙන් වැළකේ යයි බලාපොරොත්තු වන්නට නුපුළුවන් නිසා බොහෝ ගොවියන් අවදානමත් අරගෙන තවත් වියදම් කර ගොවිතැනක යෙදීමට කැමැත්තක් දක්වන්නේ නැති බව පෙනේ.


මම මුලින්  ඉඩම් වලින් හරිහමං වගාවක් කිරීම 10% ක් පමණ වන්නේ යයි කීවේ මේ නිසාය. රජය මැදිහත් වී මේ ඉඩම් වලට යම් විදිහකින් වල් අලි පැමිණීම වළක්වන්නේ නම් මේ ඉඩම් වලින් රටට ලැබෙන ්‍රයෝජනය දහගුණයකින් පමණ වැඩිවනු ඇත. වෙන  මොකුත්ම වගා නොකර, මේ ඉඩම්වල පොල් වවන්නේ නම් වුවද අවුරුදු හයක් හතක් යන විට ටේ පොල් පලදාව කොතරම් ප්‍රමාණයකින් වැඩි විය හැකිද? නමුත් ඒ සියල්ල කරන්නට එම ඉඩම් වල වවන යම් බෝගයක් වල් අලි තර්ජනයට භාජනය වන්නේ නැති බවට රජය යම් වැඩපිලිවෙලක් යෙදිය යුතුය.


මේ සඳහා යොදාගත හැකි හොඳම වැඩපිළිවෙළ යැයි මට සිතෙන්නේ ඉඩම් අක්කර දහසක් පමණ වටකර එක අලිවැටක් බැඳීමයි. එසේ කිරීම ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි ැලීමට පහසුම ක්‍රමය ගණිතය යොදා ගැනීමයි.  


ඉඩම් අක්කරයක් වටා වැටක් ගැසිමට එම වැට අඩි 834 දික් විය යුතුය. මේ අනුව තැනින් තැන අක්කරයේ ඉඩම් කැබලි සීයක් වටා අලි වැටක් ගැසිමට නම් ඒවායේ සම්පූර්ණ දිග අඩි 83400 පමණ වෙයි.

එලෙසින්ම අක්කර 1000 එවැනි වැටක් සෑදීම ට ගැට ගැසිය යුත්තේ සැතපුම් 5ක දුරක් පමණි. ඒ කියන්නේ අඩි වලින් බැලුවොත් අඩි 26400 කි. 

ඒ කියන්නේ එලෙස සමූහයක් ලෙස එකතු කර අලි වැටක් ගහන්න ට යන වියදම තනියම ගහ ගන්නවා මෙන් තුනෙන් එකක් පමණ වෙයි. 

රජය යම් ලෙසකින් මැදිහත් වි පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන ඔවුන්ගේ මුදලින් මේ ලෙස වැටක් ගසා දී , එම සමාගමටද යම් ආකාරයකින් ඔවුන් විසින් ආයෝජනය කරන ලද මුදලට සමානුපාතිකව ්‍රතිලාභයක් ලැබෙන්නට සළස්වන්නේ නම් මෙම ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳා එම ගොවියන්ට ද දැන් සිටිනවාට වඩා බොහෝ ඉහළ ජීවන තත්වයක් ඇතිකර ගන්නට පුළුවන. 


රජයට දෙන්නට මුදල් නොමැත්තේ නම් එසේ එකතු කරන අක්කර දාහකින් ියයට 10 ක පමණ ප්‍රමාණයක් ආයෝජනය කරන සමාගමට ලබා දීමෙන් මෙම කටයුත්ත කිසිදු වියදමක් නොමැතිව සාර්ථකව කරගන්නට පුළුවන් බව මට සිතේ.

මුලින්ම එක් pilot project එකක් සිදුකර අත්දැකීම් ලබාගෙන ෙය රටේ බොහෝ තැන්වල ප්‍රචලිත කරන්නට ද හැකියාව තිබේ......... ඊළඟ කොටස හෙට


Thursday, April 20, 2023

ගොවියා ඩයරිය 1

  





මම පසුගිය මාස හතරේ මගේ මිතුරෙකු විසින් පටන් ගන්නා ලද මිරිස් වගාව කළමනාකරණය කිරීම සඳහා නිතර වැල්ලවායට ගියෙමි එහි ගම්වැසියන් සමග ජීවත් වූයෙමි. මා විසින් කළමනාකරණය කරන එම මිරිස් වගාව අක්කර 35 ක් පමණ වූ අතර, එය අප පටන් ගත්තේ අක්කර 60 ක භූමි භාගයක් තුළ ය. සමහර කොටස් වර්ෂාව ඇති විට මිරිස් පැලවලට උචිත නොවන නිසා මෙලෙස මුළු ඉඩමෙන් කොටසක පමණක් මිරිස් වැවීම සඳහා යෙදවීමට සිදු විය.


මෙම මිරිස් වගාව ඉන්දියානු උපදේශ ද සහිතව drip irrigation mulching sheets fertigators ඇතුළු නවීනතම කෘෂිකර්ම උපාංග යොදාගෙන සිදු කළෙමු. දැන් අපි මිරිස් අස්වැන්න නෙළන කාලයට පැමිණ ඇති අතර පළමුවෙනි අස්වැන්න ලෙස ගිය සතියේ මිරිස් කිලෝ 1500 ක් කඩා වෙළඳපොළට දැම්මෙමු.

අද ද මිරිස් කිලෝ හයසීයක් කඩන්නට සැලසුම්කර එය පටන් ගෙන ඇත.

අපගේ මෙම වැවීමට ශ්‍රමය සඳහා යොදා ගත්තේය අවට ගම්වල වාසය කරන බොහෝවිට ගොවියන් වන පිරිසකි. මම ඔවුන්ගේ ගොවිතැන් ගැන ද උනන්දුවක් දැක්වූ හෙයින් ඔවුන්ගේ ගොවිතැන් බලන්නට යාමට ද පුරුදු වුණෙමි. 


මෙම බොහෝ ගොවිතැන්, ඇත්තෙන්ම සියල්ලම පාහේ, ඉතාමත් දෛනික ආකාරය ාමාන්‍ය වචනයෙන් කියනවා නම් එදා වේල ටුවර්ස් වැනි ගොවිතැන් බව මට පෙනුණි. බොහෝ විට මේ ප්‍රදේශයේ වවන්නේ මුන් ඇට රටකජු තල වැනි භෝගයන් ය. මේ කන්නයේ සිට තරමක් දුරට දුංකොළ වන බවක්ද පෙනෙන්නට තිබුණි.

දුම්කොළ වැවීම ගැන අහන විට දැනගන්නට ලැබුනේ පසුගිය කාලයේ එය ඉතා ව්‍යාප්ත ලෙස කෙරුණු නමුත් කාලයක් ඒවා මිලදී ගත් සමාගම, ඔවුන් ඇට පොහොර යනාදියද ගොවීන්ට ලබාදුන් බව මම පසුව දැන ගතිමි, පසුගිය වසර කිහිපයේ අක්‍රියව සිටි බව ඔවුන් කී වහ.

මේ සියලු බෝග ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකි භවභෝග වන අතර මේවට යන වියදම ද අනෙක් බෝග හා සසඳන විට ඉතාමත් අඩු වෙයි. 

මෙලෙස අඩුවෙන් වියදම් වන එසේම විනාශ වුවහොත් එතරම් ලොකු පාඩුවක් නොවන බෝග වර්ග තමන්ගෙ ඉඩමෙන් කුඩා කොටසක් පමණක් වගා කරන ගොවියන් ්‍රදේශයේ බහුලව සිටිති. දල වශයෙන් කියනවා නම්  ප්‍රදේශයේ වගා කළ හැකි ඉඩම් වලින් වගාවක යෙදවෙන්නේ සියයට දහයකටත් අඩු ප්‍රමාණයක් බව මට සිතේ. 


මෙතරම් අඩු උනන්දුවකින් ඔවුන් ගොවිතැනෙහි කියා දෙන්නේ කුමන හේතුවක් නිසාදැයි මම සොයා බැලුවෙමි. මට පෙනෙන විදිහට ඒ සඳහා ප්‍රධාන කරුණු දෙකක් පෙනෙන්නට තිබේ.


පළමුවැන්න කවදා කොතනද සිදු වන්නේ යැයි කිව නොහැකි වල් අලි ප්‍රශ්නයයි. මේ දවස් ටිකේ වල් අලි දක්නට නොලැබුණ ද නොයෙකුත් ස්ථාන වලින් ඔවුන්ගේ ්‍රදේශයට පැමිණීමේ ලකුණු පිළිබඳව බොහෝ වාර්තාවන් අපට ලැබුණි. මීට ටික දවසකට පෙර අප වගාවට කිලෝමීටර් භාගයක් පමණ දුරින් ගොවිතැනට අලියකු පැමිණ සුළු විනාශයක් සිදු කර තිබුණු නිසා ඒ අවස්ථාවේ බීමත්ව සිටි ගොවිතැන් අයිතිකරු පාරට පැමිණ කෑගසමින් අලියාට අභියෝග කරමින් බැණවැදුණු බවක්ද මට දැනගන්නට ලැබුණි.


ගොවිතැනට තිබෙන අනිත් ප්‍රශ්නය ජලය ප්‍රශ්නයයි. කලකට පෙර ලබාදුන් කෘෂි ලිදවල් තවමත් හොඳින් පැවතුනද ඒවායෙන් වුවද ලොකු වගාවක් වාණිජ වශයෙන් කරගන්නට බොහෝ අපහසු කම් තිබේ. සමහර ලොකු ඉඩම් වල ඉඩම් අයිතිකරුවන් විසින් පුද්ගලිකව තනාගත් වැව් දකින්නට පුළුවන. අපගේ ඉඩමේ ද අක්කර 5 ක පමණ වැවක් තිබේ. අප දැනටත් ිරිස් වගාවට අවශ්‍ය ජලය සියයට අසූවක් පමණ ලබා ගන්නේ එම වැවෙනි. drip irrigation යොදා පවත්වාගෙන යන අපේ වැවිල්ල සඳහා එක් මිරිස් ගහකට දවසකට වතුර ලීටර් භාගයක් ලබා දිය යුතුය. අපේ මුළු මිරිස් පැල ප්‍රමාණය දැනට හාරලක්ෂහැටදාහක් වෙයි. ඒ කියන්නේ මෙම වගාව සඳහා දවසකට වතුර ලීටර් දෙලක්ෂ තිස් දාහක් අවශ්‍ය බවයි......... අනෙක් කොටස හෙට


සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...