Sunday, January 19, 2020

විජය කුමරු සහ මහාචාර්ය සෝමදේව ගේ සාක්ෂි





විජය රජ්ජුරුවන් ලංකාවට පැමිණීමේ කතාව බොරුවක් යැයි රාජ් සෝමදේව මහතා youtube ඒකෙ කරන ලද කතාවක්, එශාන්ත නමැති මගේ මිතුරෙකු මුහුනු පොතේ බෙදාගෙන තිබී දැක්කෙමි.

මුලින්ම ඔහු විජය කුමාරයා ලංකාවට පැමිණීම බරපතල බොරුවක් බවත්, ඔහුට එය ඔප්පු කිරීමට බොහෝ සාක්ෂි ඇති බවත් කියයි.

ඔහු ඊළඟට මාලයක් පෙන්නා, එම මාලය ලංකාවට ආනයන කර ඇත්තේ විජය කුමාරයා පැමිණීමට අවුරුදු 300 කට පෙර යැයි කියයි.

එය සත්‍ය විය හැක, මක්නිසාද විජය කුමාරයාගේ පැමිණීම පිළිබඳ කතාව තිබෙන මහාවංශයේම ඔහු පැමිණ කුවේණිගේද ආධාර ඇතිව, ඒ අසලින් තිබූ නගරයක විවාහ මංගල උත්සවයක් පැවැත්වෙද්දී පහර දී අල්ලා ගත් බව පැහැදිලිවම කීම නිසාය. ඒ මාලය සහ වෙනත් බොහෝ භාණ්ඩ විජය කුමරු මෙහි ඒමට පෙර සිටි පිරිස් විසින් පිටරටින් ගෙන්වා ගත් ඒවා විය හැක. විජය කුමරු පිළිබඳ මහා වංශය කියවෙන තැනම, කුවේණිය විසින් ඔහුට පෙන්වා දුන් නෞකා වලින් ලබා ගත් භාණ්ඩ ගබඩා කර තිබූ ගබඩාවක් පිළිබඳවද සඳහන් වෙයි. විජය කුමරු මෙහි එන්නට පෙර ලංකාවේ සිටි මිනිසුන් පිටරටින් යමක් ගෙන් වූ පමණින්ම, විජය කුමරුගේ කතාව බොරු වන්නට හේතුවක් ඇතැයි මට නම් පෙනෙන්නේ නැත.

නැවත ඔහු ලංකාවට බුදුදහම ලැබුණේ මිහිඳු හාමුදුරුවන් එන්නට බොහෝ පෙර යැයි කියයි. එහෙත් මිහිඳු හාමුදුරුවන් පැමිණීමද ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නැත.
බුදුන් ගේ ජීවිත කාලයේම ඉන්දියාවේ බුදුන් ගැන බොහෝ ප්‍රසිද්ධ වන්නට ඇත. අප බුදුන් පිළිබඳ අසන කතාවලද බොහෝ ධනවත් වෙළෙන්දන් පිළිබඳ කතාව ඇතුළත්ව තිබේ. බුදුන් ජීවත් ජීවත්වන්නේද වරාය නගරයකට කිට්ටුවෙනි. එසේනම් එකල විප්ලවකාරී ශාස්තෘවරයෙකු වූ බුදුන් පිළිබඳව යම් ප්‍රවෘත්ති ලංකාවට පැමිණීමට බොහෝ ඉඩකඩ තිබේ.
නමුත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනතුරු, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිනිසුන් බුද්ධාගම ගැන දැන සිටිය බවක් පෙනෙන්නට නැත. එසේ දැන සිටියානම් තිස්ස රජු මිහිඳු හිමි මුලින්ම දුටුවිට බියවන්නේ නැත.
මහාවංසයේ පැහැදිලිවම දක්වා ඇති එමෙන්ම බොහෝ සාක්ෂි ඇති පණ්ඩුකාභය රජුගේ කතාවේ, එසේනම් බුද්ධාගම ගැන යම් විස්තර අවශ්‍යයෙන්ම තිබිය යුතුය. එහෙත් ඒ කිසිවක් නැත.
ඔහු ඊළඟට කියන්නේ ධර්මාශෝක රජු කාලය විස්තරයකි. ඒ බුදුන්ගෙ කාලෙ අවුරුදු දෙසීයකට පමණ පසුවය. එහිදී ධර්ම ප්‍රචාරය සඳහා ගිය නොයෙකුත් භික්ෂූන් ගෙන් ආපසු ඉන්දියාවට පැමිණියේ නැත්තේ දෙදෙනෙකු බව කියයි. ඒවායින්ද විජය කුමරුගේ කතාව බොරුවක් වන බවට පෙන්වා දීමට කිසිම සාක්ෂියක් නොමැත.

ඔවුහු තවත් කියන එකක් නම්, නියම ථේරවාද ධර්මය හොයාගෙන මුළු ලෝකයම ලංකාවට පැමිණියේ අප රටේ බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම වදාළ ධර්මය තිබුණු නිසා බවයි. නමුත් ඉතිහාසයට අනුව නම් බුද්ධාගම පැතිරුණු චීනය වැනි රටවලින් පාහියන් වැනි භික්ෂූන් බුද්ධ ධර්මය සොයාගෙන පැමිණියේ ලංකාවට නොව ඉන්දියාවටයි. ඔහු ලංකාවට ඉන්දියාවේ සිට එන්නේ ඉන්දියාවට පැමිනුන නිසාය. අනික මේ එකත් විජය රජු ලංකාවට පැමිණීම බොරු කරන්නට ඔප්පු කරන්නට සාක්ෂි නොවේ.

ඔහු තවත් කිසිම සම්බන්ධයක් නැති ගැලපීමක් නැති ප්‍රකාශයක් කරයි. ඒ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ විසින් ගෙන එන ලද ධර්මය සංගායනා තුනකින් වෙනස් වූ බුද්ධ ධර්මය බවයි. සංගායනා තුනම හොඳින් හදාරන කෙනෙකුට එම ප්‍රකාශය ඇති වැරැද්ද මනාව පෙනෙනු ඇත. එනම් සංගායනාවලදී කරන ලද්දේ හරියටම බුදුන් දේශනා කරන ලද ධර්මය කුමක් දැයි අනෙකුත් වැරදි දේවල් වලින් වෙන්කර ගැනීමත්, නොයෙකුත් මහණුන් විසින් බුදුන්ගේ විනය පද්ධතිය කැඩීමට උත්සාහ කිරීම වැළැක්වීම සඳහාය.
එසේ නැතුව ධර්මය වෙනස් කිරීමට නොවන බව ඒ සම්බන්ධයෙන් කියවා  බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඇත.

ඉන්පසුව ඔහුගේ ඒ යූටියුබ් එකේ තියන කතාවේ මුලින්ම කියන විජය කුමරු පිළිබඳව කතාව, බොරුකිරීමේ සාක්ෂි කිසිවක් ගැන කියවෙන්නේ නැත. ඔහුගේ කතාවේ කිසිම තැනක විජය කුමාරයාගේ කතාව ඇත්තක් හෝ බොරුවක් හෝ බව පෙන්වන්නට කිසිම සාක්ෂියක් පෙන්වන්නේ නැත. 

Saturday, January 18, 2020

එළවලු ප්‍රශ්නය විසඳිම ; ඉල්ලුම සහ සැපයුම සමතුලිත කිරීම





දැන් ලංකාවේ එළවලු මිල බොහෝ ඉහළ ගොස් තිබේ. කොතරම් ඉහළ ගොස් තිබෙනවාද යත් බටු කිලෝ එක රුපියල් 400 ට ගිය බවත්, පතෝල කිලෝ එක රුපියල් 300 ට ගිය බවත්, මම මුහුණු පොතේ දැක්කෙමි. ඒ කියන්නේ බටු කිලෝ එකක් chicken 500 ක  පමණ මිලට වඩා ඉහළ ගොස් ඇති බවය. මේක නං ලොකුම ප්‍රශ්නයකි.

මෙවැනි ප්‍රශ්නයක් ඇතිවූයේ කෙසේද, පහසුම පැහැදිලි කිරීම වෙළඳපොළට එළවළු ලැබීමේ අඩුවක් වී ඇති බවයි. ආර්ථික විද්‍යාවේ මූලිකම මූලධර්මය වන ඉල්ලීම සහ සැපයීම අනුව නම් අපට දෙන්නට පුළුවන් පහසුම පිළිතුර එය වෙයි.

මෙලෙස මේ කාලයට සැපයුම පහළ වැටීමට, වෙනත් සෑම අවුරුද්දකම මෙන් හේතුව, ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ මහ කන්නයට වී වගා කිරිමය. මහ කන්නයේ සාමාන්‍යයෙන්ම වාගේ වර්ෂාව ලැබීමත් අඩු වැඩි වශයෙන් වර්ෂාව ලැබීම නිසා, මෙම ප්‍රවණතාවය පරම්පරා ගණනක පටන් පැවත එන සිරිතකි.
මමත් අපේ නිවස අසල කුඹුරු අක්කර දෙකක් පමණ ගොවිතැන් කරමි. මම එහි වී වගා කරන්නේ මේ කන්නයට පමණකි. 

මේ අවුරුද්දේ ඒ තරම්ම වර්ෂාව සැර නොවූවත්, සාමාන්‍යයෙන් මේ කාලෙට තද වරුසාවක් ලැබේ. ඒ නිසා ගොවියෝ එළවළු වගා කිරීම කල් දමමින් සිටිති. එළවළු හිඟයට මෙයත් මෙය හේතුවක් වන්නට පුළුවන. මෙලෙස එළවලු හිඟයක් ඇතිවීම වළක්වා අවුරුද්ද පුරා එළවළු මිලේ සාමාන්‍ය අගයක් පවත්වා ගන්නේ කෙසේද,

මාස තුනක් පමණ රුපියල් 400 ටත්, මාස නවයක් පමණ රුපියල්150 ට බටු මිල දෝලනය වෙනවා නම්, වාර්ෂිකව සාමාන්‍ය බටු මිල රුපියල් 200 ක් පමණ විය යුතු යැයි පෙනේ.
400 x 3 + 150 x 9
             12
එවැනි සාමාන්‍ය මිලක් පවත්වා ගැනීමට කුමක් කළ හැකිද, කුමක් කළ යුතුද,
සැපයුම් සහ ඉල්ලීමේ මූලධර්මයට අනුව මිල අධික කාල වලට මිල අඩු කාලයෙන් කොටසක් ගෙන ඒමට හැකියාවක් තිබේනම්, මෙම ප්‍රශ්නයට ඉතාමත් පහසු විසඳුමක් සෙවිය හැක. එය කළ හැක්කේ කෙසේද,
මට පේන හැටියට ඒ සඳහා ක්‍රමවේද දෙකක් යොදා ගත හැකිය.

1. එළවළු ඉතාම ලාභ වන කාලයට එළවළු සූර්ය ශක්තියෙන් විජලනිකරනය කර ගබඩා කර, එළවළු මිල අධික වන කාලයට වෙළදපලට නිදහස් කිරීම. මුලින්ම මේ සඳහා මිනිසුන් පුරුදු කිරීමට සමෘද්ධිලාභීන්ගේ මාසික දීමනාවේ කොටසක් ලෙස විජලනය කරන කරණය කරන ලද එළවළු ලබාදිය හැක. මෙලෙස මෙය සමාජයේ අනික් තැන් වලටත් ව්‍යාප්ත වූ පසු මෙලෙස සමෘද්ධිලාභීන්ට එය ලබාදීම නැවැත්විය හැක. මා සිතන විදිහට අවුරුදු තුනකින් පමණ මෙලෙස ව්ජලිත එළවලු සමාජ ගත කරන්නට ;  සමාජය මෙයට පුරුදු කර ගන්නට පුළුවන.

2. ලංකාවේ එක් දිස්ත්‍රික්කයක්; මහකන්නයේදී අඩුවෙන්ම වර්ෂාව ලැබෙන දිස්ත්‍රික්කය තෝරාගත හැක, ව්  වගා කිරීම රජය මැදිහත්වී නැවැත්වීම. එම දිස්ත්‍රික්කයේ ගොවියන්ට එළවළු වගා කිරීමට හැකි පමණ ධෛර්යමත් කිරීම. ජපානය වැනි රටවල මෙලෙස බැලිය යුත්තේ කුමන බෝග ඒ ගොවියන්ට රජයෙන් යම් උපදෙස් ලබාදී, ඒ අනුව ඔවුන් වගා කරන බවට රජය බලාගන්නා  බවත් මා අසා තිබේ .

මේ ක්‍රම දෙක සමානුපාතිකව සමබරව යොද ගැනීමෙන් ලංකාවේ එළවළු වෙළඳපොලේ එළවළු ගොවියන්ට සහ පාරිභෝගිකයන් යන කොට්ඨාශ දෙකටම කරදරයක් නැතිව පහසු මිලකට ලබා ගැනීමට රජයට කටයුතු කළ හැක.

හැබැයි මේ එකක්වත් රජය විසින්ම කරන්නට උත්සාහ කට යුතු නො වේ, එවිට එය අවසන් වන්නේ ලංගම දුම්රිය හෝ වී අලෙවි මණ්ඩලය වැනි අප සියලු දෙනාට පාඩු කරවන ආයතන ලෙසය. මේවා කළ යුත්තේ රජයේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ පුද්ගලික ව්‍යාපාරයක් ලෙසටය.
බොහෝ විට cottage industries ලෙසටය.

Tuesday, January 14, 2020

අජාතසතෘ ගේ ප්‍රශ්නය 2


https://lakshmanillangakoon.blogspot.com/2020/01/blog-post_7.html

සිට


මේ ප්‍රශ්නය අසන ලද්දේ බුදුහාමුදුරුවන් ජීවත්වන කාලයේ එම ප්‍රදේශයෙන්ම රජවරයකු බව සිහි තබා ගෙන, අපි මේ ප්‍රශ්නය දෙස බලමු. අජාතසත්තෘගේ ප්‍රශ්නයෙන් අපට තේරුම් යන්නේ ඒ කාලයේ ජනතාවගේ විශ්වාසය තිබුණේ බමුණන්ට දන් දීමේ ප්‍රථිඵලයක් ලෙස, දිව්‍ය ලෝකයේ ඉපදෙන්නට හැකියාවක් තිබෙන බවය. 

ඒ කියන්නේ වර්තමානයේ ලංකාවේ බෞද්ධයන් සිතන ආකාරයය. ආගමික පූජකයන්ට දන්දීමෙන් දිව්‍ය ලෝකෙට යන්නට පුළුවන් බවය.
එහෙත් පුරාණ කස්සප (වැඩිමහල් කස්සප) මෙයට සම්පූර්ණයෙන්ම විරුද්ධ අදහසක් දෙන පිළිතුරක් ලබා දෙන්නේය. ඔහු කියන්නේ හොඳ හෝ නරක කිරීමෙන් අප බලාපොරොත්තු වන දිව්‍ය ලෝකවල ඉපදීම යනාදී ප්‍රතිඵල වැඩකට නැති සිදු නොවන ඒවා බවය.

පූරණ කස්සප ගෙන් මේ පැනය ඇසූ පසු අජාසත්තෘ, ඊළඟට මක්ඛලීගෝසාල වෙතට ගියේය. ගෝසාල යනු හරක් මඩුව යන තේරුමයි. දුප්පත්කම නිසා හරක් මඩුවක ඔහු ඉපදුන බවට සඳහන් වේ. මොහු වසර ගණනාවක් මහාවීර් (නිගණ්ඨ නාථ පුත්ත) ගේ ප්‍රධාන අනුගාමිකයකු වූ අතර, පසුව වෙනම චින්තන විදියක් ගොඩනඟා ගත්තේය. මක්ඛලී ගෝසාල උප්පත්තිය චරිතය සහ කර්මය ගැන පැහැදිලි කිරීමක් කර, සෑම කෙනෙකුගේම ක්‍රියාවන්හි සම්පූර්ණ වගකීම ප්‍රතික්ෂේප කළේය. ඔහු කියූ පරිදි සියල්ල සිදුවන්නේ ඉරණමට අනුවය. සත්වයින් සියලු සියළුදෙන නියමිත සංසාර ගමන අවසන් කළ කල්හි දුකෙන් මිදෙති. අප කොතරම් එය වෙනස් කරන්නට මහන්සි වුවත් ප්‍රතිපලයක් නැත.

ඊළඟට අජාතසස්තෘ මේ ප්‍රශ්නය ඇසීමට යන්නේ ලෝකයේ ප්‍රථම සම්පූර්ණ භෞතිකවාදියා වෙතටය. ඒ අජිත කේසකම්බලයි.
රජතුමා ඔහුගෙන්ද එම ප්‍රශ්නයම අසයි.
ඔහු මෙලෙස පිළිතුරු දුන්නේය. "මිනිසෙකු සෑදී තිබෙන්නේ ධාතු සතර කිනි. මිනිසා මිය ගිය පසු ආදාහනය කළ විට, ඒ ධාතු ඒවා අයිති ස්ථානවලට යති. මෝඩයෙකුගේ මෙන්ම ඉසිවරයෙකුගේ වුවද, ශරීර එලෙස ධාතු බවට පත්වී අවසන් වෙයි. මරණයෙන් පසු ඔවුහු තව දුරටත් ඔවුහු නොවෙති."

හතරවෙනිව ඔහු ගියේ කකුධ කච්චායන ඍෂිවරයා වෙතටය. ඔහු කියා සිටියේ විනාශ කර නොහැකි ධාතූන් හතක් තිබෙන බවය.
පෘතුවි, අප්, තේජස්, වායු, සුඛ දුක්ඛ සහ ජීව හෝ ආත්ම යනු ඒ සතය. මරන්නෙකු හෝ මරවන්නකු නොමැත. යමෙකු කඩුවකින් කෙනෙකුගේ හිසක් පොඩි කරයිද හෙතෙම කිසිවෙකූ නොමරයි, ඔහු කඩුවක් යොදාගෙන විනාශ නොවන සුළු ධාතු හත අතර සිදුරක් සාදයි.

රජු ඊළඟට ගියේ නිගණ්ඨනාථපුත්ත (මහාවීර්) වෙතය. ඔවුහු ජෛන ආගමේ ශාස්තෘවරයා විය. ඔහුද බුදුන් මෙන්ම රාජ කුමාරයකු වූ අතර, එලෙසම තමන්ගේ බිරිඳ සහ දියණිය හැරදමා ශ්‍රමණයකු වූ කෙනෙකි.  ඔහු රජතුමාට පස් වැදෑරුම් රාටාස් එසේත් නැත්නම් මිනිසුන් හොඳ ආත්මයන් ලැබ, අවසාන මෝක්ෂය ලැබීමට ජීවත් විය යුතු ආකාරය පෙන්වා දුන්නේය.

අහිම්සාව - ඒ ක්‍රියාවෙන් වචන වලින් සහ සිතිවිලි වලින් කිසිම ප්‍රාණය කුට කරදරයක් නොකිරීම.

සත්‍යය - තමන් වෙතද අනුන් වෙතද සත්‍යම පමණක් භාවිත කිරීම,

අස්ටෙය - නොදුන් කිසි දෙයක් ලබා නොගැනීම.

බ්‍රහ්මචර්යය - ශ්‍රමණයන් සඳහා කාමයේ නොහැසිරීම සහ අනෙකුත් සිත පිනා යන දෑ අත්හැරීම. ගිහියන් සඳහා එක් සහකරුවකු සමග කාමයේ හැසිරීම.

අපරිග්‍රහ - ගිහියන් සඳහා භෞතික දේ සඳහා බැඳීම් නොමැතිව ජීවත් වීම, ශ්‍රමණයන් සඳහා කිසිම දෙයක් අයිති කර නොගැනීම.

මොහු ගෙන් පසු අජාසත්තෘ රජ්ජුරුවෝ මේ ප්‍රශ්නය ඇසීමට ගියේ සංජය බෙල්ලට්ටිපුත්ත වෙතය. ඔහු එම ප්‍රශ්නයට කිසිම පැහැදිලි පිළිතුරක් දීමට ඉදිරිපත් වූයේ නැත.

Saturday, January 11, 2020

10+1 ; චැම්පියන් ටීම්






Kingsbury විද්‍යාලය.
සුදු පැහැ full suit  එකකින්  සැරසුණු  විදුහල්පති  ඉඳගෙන  සිටී. වයස  30 ක පමණ එතරම් උස නැති සුදු කලිසමක් සහ සුදු අත්කොට කමිසයක් ඇඳසිටින ක්‍රිකට් බාර  ගුරුවරයා  විදුහල්පති  කාමරයේ මේසය ඉදිරිපිට  ගෞරවයෙන්  සිටගෙන  සිටී.

විදුහල්පතිකොලින් ගොඩමුන්න මහතා

“වීරසේකර,  ඇවිල්ලා  ඉදගන්න”

වීරසේකර
“නෑ  සර්  මෙහෙම  හොදයී”

විදුහල්පතිකොලින් ගොඩමුන්න මහතා
“මං  වීරසේකර   එන්න කීව්වේ වැදගත් කාරණාවකටක්‍රිකට්‌ සම්බන්ධවකථා කරන්න” .
වීරසේකර
“සර්  දැන්  ක්‍රිකට් team එක හොදම  තත්වයකට ඇවිල්ලා තියෙන්නේ.  ම‍ට  සෑහෙන්න විශ්වාසයක්  තියෙනවා අපිට මේ පාර all  island tournament  එක  දිනන්න පුලුවන් කියලා.Bowling, Bating හොදටම හොදයි fielding ටිකක්  improve ක‍රගන්න ඔනෑ. මීට කලින්  අවුරුද්දේ අපි පැරදුනු කොළඹ team දෙකක්ම අපි මේ season එකේ පැරද්දුවා ............” වීරසේකර දිගටම කියාගෙන යාමට  සැරසෙයි.
විදුහල්පතිකොලින් ගොඩමුන්න මහතා
“මම  දන්නවා ඔයා හොදට  වැඩේ  කරනවා කියලා. මම අවුරුදු 10ක් මේ ඉස්කෝලේ විදුහල්පති වෙලා හිටියා .තව අවුරුදු දෙකකින් මම retire වෙන්න ඕන. මගේ තියෙන ලොකුම හීනයක් තමයි මම retire වෙන්න ඉස්සර වෙලා, අපේ team එක All Island Champion වෙන එක. ඔයා මගේ හතරවැනි master in charge මට සැහෙන විශ්වාසයක් තියෙනවා. ඔයා දන්නවා ඇතිනේ, මාත් මේ ඉස්කොලේ ක්‍රිකට් team එකේ captain කරලා තියෙනවා. අපිට තාමත් බැරි වුනා all island champion වෙන්න”
වීරසේකර
“ඒක ඇත්ත සර් අපි ඔක්කොම දන්නවා. සර් තමයි මේ college එකේ මුලින්ම Big match එකක double century එකක් ගැහුවේ. නමුත් හොද players ලා තුන් දෙනෙක් ඉදලා All Island champion වෙන්ට බැහැමුළු team එකම එක machine එකක් වගේ නියම combination එකක් ඇතිකරගන්න ඕන. හරියට rolex ඔරලෝසුවක් වගේ”
විදුහල්පතිකොලින් ගොඩමුන්න මහතා
combination කියද්දී මට මතක් වුනේ, අපේ අර දිසානායක ඇමති තුමාගේ පුතාගේ standard එක කොහොමද?”
 වීරසේකර   “ඔව්  සර්  මිනිහා හොද batsman, batting වලින් නම් team එකේ ඉන්න පුළුවන්. නමුත් fielding අන්තිමයි. පහුගිය matches දෙකේම මම මිනිහව try කරා. නමුත් catches තුනක් drop කලා. බොහොම ලේසි catches. මිනිහා තරම්ම batting හොද, තව දෙන්නෙක්‌ reserve එකේ  ඉන්නවා. මම එයින් එක්කෙනෙක් අරගෙන දිසානායකව drop කරා”
විදුහල්පතිගේ මුහුණ අදුරු වෙයි. වීරසේකර ද අසීරු තත්වයකට පත් වූ බව පෙනේ.







දිසානායක ඇමතිතුමාගේ නිවස;

ඇමතිතුමා සහ බිරිද නිවසේ සාලයේ සිටි. ඇමතිතුමා දුරකථනයෙන් කථා කරයි .

දිසානායක ඇමැති තුමා
අපේ ගොඩමුන්න මහත්තයා නේද?

විදුහල්පතිකොලින් ගොඩමුන්න මහතා
දුරකථනයෙන් කථා කරනවා ඇසෙයි.

විදුහල්පතිකොලින් ගොඩමුන්න මහතා
ආ මේ අපේ ඇමතිතුමා නේ.

දිසානායක ඇමැති තුමා
Good morning. මම අදනේ දන්නේ විදුහල්පතිතුමා අපට නෑ කමකුත් තියනවා කියලා.
නෝනා මේ මට දැන් කිව්වේ.

විදුහල්පතිකොලින් ගොඩමුන්න මහතා
ඒක තමයි ඇමතිතුමා මැඩම් මටත් ඕක පෙන්නලා දුන්නේ ලගදී. අපිටත් කොච්චර ආඩම්බරයක්ද ඔබතුමානෑයෙක් කියලා දැනගත්ත එකට .

දිසානායක ඇමැති තුමා
අර අපේ පුතාගේ ප්‍රශ්නය, මතකද  මම ඔබතුමාට කීවේ පෙරේදා meeting එක ඉවරවෙලා. මම දන්නවා අපේ ගොඩමුන්න මහත්තයා ඒකට දැනටමත් action එකක් ගන්න ඇති කියලා. ඔබතුමාට තව පැන්ෂන් යන්න තව අවුරුදු දෙකයි නේද තියෙන්නේ. ඊට කලින් අධ්‍යක්ෂක කමකුත් කරලා ගියා නම් නේද හොද?

විදුහල්පතිකොලින් ගොඩමුන්න මහතාගේ කාර්යාලය
මම ඇව්ල්ලා ඔබතුමා හමුවෙන්නම්කෝ කියා telephone එක තබයි. වීරසේකර එන්න ඇතුලට. ඇමතිතුමාගේ පුතා කොහොම හරි අපි team එකට දාන්න ඕන.
වීරසේකර
දාන්න නම්  පුලූවන් සර්. නමුත් team එකේ balance එක නැතිවෙනවා. ඒ එක්කම team එකේ discipline නුත්  බහිනවා.

විදුහල්පතිකොලින් ගොඩමුන්න මහතා
හොදයි  අපි මේක පස්සේ කථා කරමුකෝ.


-       3  -
පරණ පන්සලක රූප රාමුවක්;
මැදිව්යේ හාමුදුරු නමක් ඉදගෙන සිටී. වීරසේකර සරමක් ඇදගෙන ඒ අසල සිටගෙන සිටී.
පහමුණේ හාමුදුරුවෝ
එහෙනම් මහත්තයෝ අපි පෝය දවසට ඒක දාගමු. නාට්‍ය බෞද්ධ නාට්‍යක්ම නොවුනට කමක් නැහැ
වීරසේකර
මම කථාව කියවලා බැලුවා හාමුදුරුවනේ .ඒක හොදයි .විශේෂයෙන්ම පාසැල් ළමයින්ට ගැලපෙන විදිහට ලියලා තියෙනවා .එහෙනම් හාමුදුරුවනේ මම ගිහිල්ලා එන්නම්
.ඔහු හාමුදුරුවන්ට වැදීමට  සැරසෙයි .
පහමුණේ හාමුදුරුවෝ
මට තවත් පොඩි කාරණයක්  මහත්මයාට කියන්න තියෙනවා .අපේ අර ඇමති තුමාගේ පුතා මහත්තයා පුහුණු කරන ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නවා කියලා  මට කිව්වා, ඒ ළමයට කණ්ඩායමේ  දිගටම ඉන්න  හදලා දෙන්ට මහත්තයාට විතරයි පුළුවන් කියලත් මට කිව්වා .ඕක මහත්තයට ලොකු වැඩක් නෙවෙයිනේ , අනේමහත්තයා එක කරලා දෙන්ටකෝ.
වීරසේකර
අවසරයි හාමුදුරුවනේ , ඔය ක්‍රිකට් කණ්ඩායම මම දරුවෙක් වගේ අවුරුදු දෙකක් හදාගෙන ඉන්නේ . මම දිසානායකට හැකි අවස්තාවන් සේරම දුන්නා, මිනිහ කණ්ඩායමට බැලන්ස් එක එහෙම නැත්නම් සමබර තාවය කඩනවා.ඒක  අවුල් කරගෙන අපිට තරඟ දිනන්න බැහැ.මට රස්සාව නැතිවුනත් ඔය වැඩේ මම කරන්නේ නැහැ .
පහමුණේ හාමුදුරුවෝ
මහත්මයා ,ඇමතිතුමා  ආණ්ඩුවේ හරි බලගතු කෙනෙක් .ඔන්න ඕක කරලා දෙන්න .
වීරසේකර
හාමුදුරුවනේ බලයයි, ක්‍රීඩාවයි කියන්නේ දෙකක් .ක්‍රීඩාවේ තියෙන්න ඕනේ සාධාරණත්වය .මම රස්සාවෙන් අස්කරත් ඔය වැඩේ කරන්නේ නැහැ .

හාමුදුරුවන් කල්පනාවට වැටේ. වීරසේකර හාමුදුරුවන්ට දණගහ වැද පිටත් වෙයි .
                                                                             
-       4  -
ක්‍රිකට් පිටිය අසල pavilion එකේ පැත්තක ක්‍රිකට් ක්‍රීඩකයන් සමහරෙකු සිටගෙන සහ සමහරෙකු ඉදගෙන සවන් දෙති. වීරසේකර ඔවුනට කළු ලැල්ලක ලියමින් යම් ක්‍රීඩා උපදේශයක් පැහැදිලි කරයි .එය අවසන් වෙයි.

වීරසේකර
එහෙනම් ඊලග සතියේ  මම  නැහැ .මම ක්‍රිකට් seminar එකකට කොළඹ යනවා. බදාදයි ,සිකුරාදටයි බැටින් coach batting practice කරයි .ඔය තුන්දෙනා net එකේ practice කරන්න .schedule එකේ දිලා තියෙන විදිහට හැමදෙනාම table  tennis ගහන්න ඕන.
ඔහු පිටවෙයි. ශිෂ්‍යයන්ද පිටවීමට සැරසෙයි.
                                                              


-       5  -
සතියකට පසු සදුදා උදේ වීරසේකර විදුහලට පැමිණෙයි. ඔහු staff කාමරයට පැමිණෙන විට,  සිටින ගුරුවර ගුරුවරියන් තරමක අපහසුතාවයකට පත්වෙයි .ඔහු සියලු දෙනාට ආචාර කර පුවත්පතක් කියවීමට සැරසෙයි .එක් ගුරුවරයෙක් ඔහු ලගට පැමිණ ඉදගෙන,
වීරසේකර ට ආරංචි ඇතිනේද  change  එක
වීරසේකර  තරමක් විමතියට පත් වෙයි .
                                මොන change  එකද?
                                               ගුරුවරයා
ඇයි ඔයා ක්‍රිකට් in charge එකෙන් අයින් කරලා Volley ball වලට දලා. Mr.Perera cricket in charge කරලා.

........

           ක්‍රිකට් පිටියේ අලුත් පුහුණුකරු සහ එක ක්‍රීඩකයෙකු පමණක් සිටි.

පුහුණුකරු Mr කබ්රාල්
Where are the other players..?
සිසුවා
I‘m not sure sir. They went home after the school.
කබ්රාල්
So they are protesting?
සිසුවා පිළිතුරු නොදී ක්‍රීඩා පිටිය දෙස බලයි .
OK. I will take this up with principal.
ඔහු පිටත් වෙයි .






-       7  -
                                  කොලින් ගොඩමුන්න මහතා ගේ කාර්යාලය .

                                 
ඔහු ඉදගෙන සිටී. වීරසේකර කාර්යාලයේ සිටගෙන සිටී.
විදුහල්පතිකොලින් ගොඩමුන්න මහතා
මටත් හරිම කනගාටුයි . නමුත් අපි යථාර්තය තේරුම් ගන්ට ඕනෑ. උඩුගම්බලා පිනන්ට බැහැ කියලා තියනවානේ. ඒ ඉස්කෝලේ  ක්‍රිකට් කණ්ඩායමුත් නැහැනේ. ඒ නිසා වීරසේකරට ආය මේ වගේ කරදර එන්නේ නැහැ. තමන්ගේ රැකියාවේ දියුණුවට මොකක් හරි විභාගයක් කරගන්න බලන්න.
වීරසේකර යමක් කීමට සැරසී නවත්වා ගනී.

විදුහල්පතිකොලින් ගොඩමුන්න මහතා
එහෙනම් all the best. Mr.වීරසේකර. College එකෙන් යන එක college එකට ලොකු පාඩුවක්. ඒ වුනාට ගමේ ඉස්කෝල වලටත් හොද ගුරුවරු ඕනනේ.





-       8  -



                                        ගමක කුඩා විද්‍යාලයක්:
ජාතික ඇදුමින් සැරසුණු විදුහල්පති, වීරසේකර සමග කතා කරමින් සිටි.

විදුහල්පතිසමරකෝන් මහතා
මහත්මයා අපේ ඉස්කෝලෙට ආපු එක ලොකු දෙයක්. අපිට ඉංග්‍රීසි ගුරුවරයෙක් නැති එක ලොකු අඩුවක් වෙලා තිබුනේ. මහත්මයා නවතින්න තැනක් සොයා ගත්තදසොයා ගත්තේ නැති නම් මට හොද තැනක් හොයලා දෙන්න පුලුවන්.
වීරසේකර
අපේ නෑ වෙන කෙනෙක් මට තැනක් හොයලා දුන්නා. මම ටික දවසක් එහෙ ඉදලා බලලා සර්ට කියන්නම් තැනක් ඕන වුනොත්.

විදුහල්පතිසමරකෝන් මහතා
හොදයි එහෙනම් කාලසටහන බලලා වැඩ පටන් ගන්න. මොනවා හරී ප්‍රශ්නයක් තියෙනවා නම් මට කථා කරන්න.
වීරසේකර කාර්යාලයෙන් පිටව staff room එකට යයි. එහි සිටින ගුරුවරු සමග කථා කරයි.




-       9  -
සවස් වරුවක්
ගමක තරමක නිවසක්,
වීරසේකර සරමක් සහ කමිසයක් ඇද, නිවසේ මිදුලට වී ගලක් උඩ වාඩි වී පොතක් කියවමින් සිටී. පහලින් ඇති කුඹුරු යායේ ළමුන් පිරිසක් ක්‍රිකට්‌ ගසති.
                                                                                     
වීරසේකරගේ පොත කෙරහි අවධානය ගිලිහි, ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව වෙත යොමුවෙයි.  ඔහු පොත ගෙන නිවස ඇතුලට යයි . ටික වෙලාවකින් කොට කයිසමක්  සහ .අත් කොට කමිසයකින් සැරසී කුඹුරට ගොස් ළමයිගේ ක්‍රිකට් ක්‍රීඩාවට එක්වෙයි.මද වෙලාවකින් වීරසේකරට බැට් කරන්න ලැබෙයි. පලමු බෝලයෙන්ම ඔහුගේ කඩුල්ල කැඩෙයි .ක්‍රීඩාව අවසන් වී  නිවසට පැමිණෙන අතර, ඔහුට යම් අදහසක් සිතට නැඟී , ඉතා සතුටට පත්වන බව පෙනේ

-       10  -

විදුහල්පතිගේ කාර්යාලය ,
දෙබසක මැද
විදුහල්පතිසමරකෝන් මහතා
ඕක කරන්න පුලුවන්ද මහත්තයෝ .මේ ඉස්කෝලේ ඉන්නේ ගොඩක් දුප්පත් ළමයි .ක්‍රිකට් කණ්ඩායමකට බඩු ගන්න කොච්චර සල්ලි යනවද .මෙහෙ දෙමවුපියන්ට හරියට ඇදුමක් අරන් දෙන්න සල්ලි නැහැ . මමත් ආපු කාලේ ඔහොම හිතල වොලිබෝල් කණ්ඩායමක් හදන්න බැලුව, ඒත් මුදල් හරස්වුනා
වීරසේකර
අපි කොහොමහරි ඒවා හොයා ගමු .මට මුලින්ම මුලික දේවල් යාලුවන්ගෙන් එහෙම ඉල්ලා ගන්න පුලුවන්. මෙහෙ ඉන්න යමක් කමක් තියෙන කට්ටියගෙන් උදවු ගන්න පුළුවන්නේ .

විදුහල්පතිසමරකෝන් මහතා
හොදයි , එහෙනම් කරලා බලමු .මමත් මට පුළුවන් උදවුවක් කරන්නම් .හැබැයි මහත්තයෝ මගදී අතාරින්න බැහැ .පටන් ගත්තොත් ජාතික තරඟ දිනන  කම්ම යන්න ඕන
.ඔහු ඔච්චමට වගේ හිනාවෙයි .
වීරසේකර
ඔබතුමා විහිළුවට වගේ කිව්වට මගේ හිතේ කොනක ඕක නැත්තේම නෑ . තව අපිට අවුරුද්දක් තියෙනවා, උත්සාහ කරලා බලමු .
                                                                                          
විදුහල්පතිසමරකෝන් මහතා
එහෙනම් මහත්තයෝ  හාමුදුරුවන්ට කියලා පන්සල් වත්ත පිට්ටනිය ඉල්ලා ගනිමු .ලොකු හාමුදුරුවොත් උදවු කරයි .මහණ  වෙන්න ඉස්සර අපි එක  පන්තියේ ඉගෙන ගත්තේ .ඒ දවස්වල ඔට්ටපාල බෝලෙන් හයේ පාරක් ගන්න පුළුවන් උන්වහන්සේට විතරයි .
වීරසේකර

හොදයි ,එහෙනම් මම හෙටම පටන් ගන්නම් .

 පන්සලක් අසල පාලුවට ගිය ක්‍රීඩා පිටියක්

නොයෙකුත් ඇදුමින් සැරසුණු ශිෂ්‍යයන් විසි දෙනෙකු පමණ සිටිති. තිදෙනකු සරමෙන්ද සැරසි සිටිති. ඔවූහු ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගැනීමට සැරසෙති. වීරසේකර සහ ශිෂ්‍ය නායකයා ක්‍රීඩා පිටියට පැමිණෙයි.ශිෂ්‍යයෝ ක්‍රීඩාව පටන් ගැනීම පසෙකලා වීරසේකර වටා රොක්වෙති. වීරසේකර ඔවුනට අලුතෙන් ක්‍රීඩා කණ්ඩායමක් සැදීම සහ එහි අරමුණ පැහැදිලි කර දෙයි. ශිෂ්‍යයෝ මහත් සතුටට පත්වෙති.

වීරසේකර

ඔය ගොල්ලෝ ඔක්කොමලම දන්නවා මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා .ඒ වගේම මම කින්ස්බරි   විද්‍යාලයේ ක්‍රිකට් පුහුණු කරමින්  හිටියේ කියලත් දන්නවා .මම මේ ඉස්කෝලෙට ආවට පස්සේ මට  හිතුනා, මේ ඉස්කෝලෙත් ක්‍රිකට් team එකක් පටන් ගන්න කියලා. මම විදුහල්පතිතුමා  එක්කත් කතා කළා .එයත් මේකට ඉහලින්ම කැමතියි .මගේ බලාපොරොත්තුව තියෙන්නේ එන අවුරුද්දේ අන්තිමේට තියෙන all island champion ship එකේ අඩුගානේ අවසාන 08 ට එන්න .එහෙම වුනොත් ඒක ලංකාවේ වාර්තාවක් . මෙච්චර කල් ගමක ඉස්කෝලයක්  මේකේ අවසාන 08 ට ඇවිල්ල නැහැ
.     ළමයි මොකද  මේක ගැන කියන්නේ .

 ඒකනායක., සිසුවෙක්   

සර් අපි බොහොම කැමතියි .ඒ වුනාට මට තේරෙන්නේ නැහැ, ඇයි අපි අවසාන 08 ට යන්නම ඕනේ කියලා .

වීරසේකර

ඇයි ඔය ළමය  හිතනවද  ඒක අමාරුයි කියලා.

                                                                   

                                                  ඒකනායක

නැහැ අපි මහන්සි වුනොත් champion  වෙන්න පුළුවන් නේද?

වීරසේකර

හරියට හරි ,මම බයේ හිටියේ කවුරුත් ඒ  උත්තරය නොදී ඉදියි කියලාඕකට ඉංග්‍රීසියෙන් කියනවා aim high කියලා .අපි යන්න ඕන eනට ටිකක් ඉහලින් ඉලක්ක කරන්න ඕන .හරියට දුන්නෙන් විදින කොට වගේ .හරි අපි දැන් වැඩේට බහිමු .අපි කණ්ඩායමේ නායකයා  විදිහට ඒකනායක පත්කර ගනිමු
                                                                      
                                                                         

                                                        ඒකනායක      

නැ සර් මට එච්චර ක්‍රිකට් ගහන්න  බැහැ, හොද උත්තර දෙන්ඩ විතරයි පුලුවන්.අලුත් අවුරුද්දට ක්‍රිකට් ගහන කොටමම ගමේ team එකටවත් තේරෙන්නේ නැහැ .ඒකට අපි ප්‍රේමරත්න  තෝරා ගනිමු .මිනිහ තුන් ඉරියවුවෙන්ම  හොදයි .මම පුහුණු වීම වලට පුළුවන් තරම් උදවු කරන්නම් .

වීරසේකර

අපි හැමදෙනාම මේ වැඩේදි අන්න ඒ විදිහට වැඩ කරන්න ඕන .තමන්ට මොකක් හරි බැරි කමක් තියෙනවා නම්ඊට වැඩි සුදුසුකම් තියෙන අය ඉන්නවනම්, අපි ඒ වැඩේ සුදුස්සට දෙන්න ඕන. ප්‍රේමරත්න  දැන් අපි bawlerලයි batsman ලයි ගොඩවල් දෙකකට වෙන් කර ගනිමු.
ඔවුන් එසේ කරද්දී දර්ශනය අවසන් වෙයි.
                                                       


                                                             - 12 -


ක්‍රීඩා  පිටිය -  හවස කණ්ඩායම පුහුණුවීම් වල නිරත වේ .වීරසේකර නොයෙකුත් උපදෙස් දෙමින් ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දෙමින් පුහුණු කටයුතු පවත්වයි.
                                                         
                                                       - 13 -


පන්සල
ධම්මසිද්ධි ලොකු හාමුදුරුවෝපොඩිමැණිකේ ටීචර් සහ නොතාරිස් රාලහාමි  සතුටු සාමීචියේ යෙදී සිටිති.

ලොකු හාමුදුරුවෝ

පොඩි මැණිකේ දැක්කදඅර අලුතෙන් ඉස්කෝලෙට  ආපු මහත්තයා  ක්‍රිකට් කණ්ඩායමක් පුහුණු කරනවා .මම මේ දවස්වල ගිහිල්ලා බලා හිටියා .පහු ගිය සුමානේ බලා ඉද්දීම ළමයි පුදුම විදිහට දියුණු වුනේ .මිනිහා හරිම
දක්ෂයෙක් වගේ .මම මේ දැනුත් බලන්නට යන ගමන්.

පොඩිමැණිකේ ටීචර් 
                                                       
                             
තමුන්නාන්සේ කොහොමත් ක්‍රීඩාවට කැමතිනේ, යන් එහෙනම් අපිත් ටිකක් බලලා යන්ට.

                                           හාමුදුරුවෝ

මම විතරක් ඇයි, අපේ නොතාරිස් රාළහාමි ගැටයා කාලේ මේ පලාතටම හිටපු පිහිනුම් සුරයානේ. මහ ගං
වතුරටත් ගග හරහා එගොඩ මෙගොඩ ඒ කාලේ පිනුවනේ.
මෙලෙස කතා කරමින් තිදෙනා පන්සලේ පඩිපෙලෙන් බැස ක්‍රීඩා පිටියට යති

-14-

සවස/ ක්‍රීඩා පිටිය
පුහුණුව අවසන් කරන ළමුන් පිටව යන අතර, වීරසේකරතිදෙනා වෙතට පැමිණෙයි. ඔහු හාමුදුරුවන්ට පසෙකින් සිට ගනී.
                                                                                   
                                                        හාමුදුරුවෝ

කොහොමද මහත්තයෝ පුහුණුවේ වැඩ කටයුතු? දැන් ඔය ළමයින්ට පුහුණුවට අවශ්‍ය ක්‍රීඩා භාන්ඩසපත්තු,ඇදුම් එහෙම කොහොමදලොකු මහත්තයා මට කිව්වා ලංකාවේ හොදම කණ්ඩායම් පරද්දන්න පුරුදුවෙන්නේ
කියලා. එහෙම නම් ඒවාට ගැලපෙන්න අනෙක් ආම්පන්න තියෙන්න ඕන නේද?, හිත ඇත්නම් පත කුඩාද කිව්වටම මදි නේද ?

                                                       වීරසේකර

මම දැනට අවශ්‍ය ඒවා සොයා ගත්තා හාමුදුරුවනේ. හුගාක් ඒවා පාවිච්චි කරපු ඒවා. හිමීට බලන්ට ඕනෑ මුදල් ටිකක් සොයා ගන්න.
                                                         හාමුදුරුවෝ

අපිත් පුළුවන් උදව්වක් කරන්නම්. මහත්තයලා දැනට ඔහොම පුහුණුව කරගෙන යන්ටකෝ.
      
     

                                                        15

දිවා කාලය /ග්‍රාමීය පාසැල් දෙකක් අතර පැවැත්වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ අවසාන ඕවර කීපය

අනෙක් කණ්ඩායමට තව ලකුණු 20 ක් ලබා ගැනීමට තිබේ.කඩුලු 04 ක් ඉතිරිව ඇත. විදුහල්පතිවරයාවීරසේකර හාමුදුරුවෝනොතාරිස්සහ තවත් ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙකු කුඩා ක්‍රීඩාගාරයේ සිට බලා සිටිති.
                                                       
                                                                    විදුහල්පති
             
මේ match එක දිනුවොත් අපි මේ  කොට්ටාශයේ පලවෙනි තැනට  එනවා.

                                                                      වීරසේකර

මේක තමයි අමාරුම team එක. මේකේ ඉන්නවා හොද බොලර්ස්ලා දෙන්නෙක් .පහසුකම් තියෙන
ඉස්කෝලෙක හිටියනම් ජාතික කණ්ඩායමට වුනත් ඇතුල් වෙන්න පුළුවන් තරම දක්ෂයි'
ලකුණු 10 ක් ගැනීමට ඉතිරිව තිබියදී ප්‍රේමරත්න පිට පිටම කඩුලු තුනක් ලබාගෙන ජයග්‍රහණය තහවුරු කරයි .වීරසේකර ඇතුළු කණ්ඩායම සතුටින් පිටව යති .
                                                                    
     16
හවස/ පන්සල
 හාමුදුරුවෝ, නොතාරිස් සහ ටීචර්" කතා කරමින් සිටිති . හාමුදුරුවෝ පුටුවක අනිත්  දෙදෙනා පැදුරකද  ඉදගෙන සිටි.

                                                         හාමුදුරුවෝ

දැන් තමයි අපිට මේකට උදව් කරන්න තියෙන වෙලාව. උපකරණයිඇදුම් සපත්තු වලටයීරු 10000 ක් වත් යයි කියලා කියනවා. පන්සලේ වත්තේ පරණ ගස් ටිකක් තියනවා. ඒ ටික මට පොල් මුදලාලි
රුපියල් 3000 ක් දෙන්නම් කීවා. මගේ අතෙත් තව රු :500 ක් විතර තියනවා.

                                                        ටීචර්
                       
මගෙත් හාමුදුරුවනේ පැන්ෂන් එකෙන් එකතු කර ගත්ත රු :2000 ක් විතර තියෙනවා. මමත් ඒක
දෙන්නම්.
                                                        නොතාරිස්
                     
මගෙ ලග නම් එච්චර ගානක් නැහැ.මමත් කොහොම හරි රු:1000 ක් වත් හොයලා දෙන්නම්.

                                                         හාමුදුරුවෝ

                            ඉතිරි ටික හොයාගන්න හොද වැඩක් නම් තියනවා.හැබැයි අපි ඔක්කොම කැමති වෙන්න ඕන. අනික් දෙදෙන බලාගෙන සිටියත් පිළිතුරක් ලැබෙන්නේ නැත.    

දිවා කාලය පාසැල
විදුහල්පති ගේ කාර්යාලයෙහි වීරසේකර සමග ඔහු කථා කරමින් සිටී.

                                                        විදුහල්පති               
       
මමත් හිතුවේ නැහැ මෙච්චර ගානක් යයි කියලා. දෙමවුපියන්ගෙන් කියලා ඉල්ලන්නත් බැහැනේ. ඒ අයත් හරි දුප්පත් අයනේ. ඉස්කෝලේ අරමුදලේ ,ත් රු :200,300 කටත් වැඩිය නැහැ. ඔහොම ලොකු ගානක් දෙන්න පුලුවන් මිනිහෙකුට මේ ගමේ ඉන්නේ අමරසුරිය  මුදලාලි තමයි. මිනිහා හැබැයි කුණු ලෝභයා. හැබැයි අපි match දිනපු එක ගැන ආරංචි වෙලා, සමහරවිට ලොකු උදව්වක් කරන්නත් ඉඩ තියෙනවා. මොකද උන්නැහැ ගම් සභාවෙත් සභාපතිනේ. චන්ද වැඩ වලටත් මේක ප්‍රයෝජනවත් වෙන හින්දා.
 18
දිවා කාලය / ඇමතිතුමාගේ නිවස
 ඇමතිතුමා , බිරිඳ සහ අමරසූරිය නිවසේ කතා කරමින් සිටී. ඔවුන්ගේ සාකච්චාව අවසන් වී ඇති බව පෙන්.
                                              
                                                          අමරසූරිය

 අසුනෙන් නැගිට

එහෙනම් ඇමතිතුමා මම ගිහිල්ලා එන්නම්,  ඔබතුමා මට ගෙදරටම එන්න කියපු එක මටත් ලොකු ගෞරවයක් ,
සන්තෝසෙට කාරණයක්. ඇයි අපි මුලින්ම හම්බුනේ අදනේ
බිරිඳ යමක් ඇමතිවරයාට ට ඉඟි කරයි.

                                                ඇමතිවරයා                                
                               
තව පොඩ්ඩක් ඉදලා යනවකෝ. එහෙනම්  මේ සැරෙත් මම ඒ පැත්තේ මන්ත්‍රීතුමාට කියලා තමුන්ට ගම් සභාවේ සබාපති කම අරන් දෙන්නම්. මේ විදිහට ගියොත් අමරසූරියට ට ලොකු ගමනක් දේශපාලනයේ යන්න පුළුවන් . තව වයසත් තියනවනේ . ඇත්තද ඔය පැත්තේ ඉස්කෝලෙක හොඳ ක්‍රිකට් කණ්ඩායමක්තියනවා කියන්නේ?
                                                  අමරසූරිය

 ඉතාම සතුටෙන් පිළිතුරු දෙන්න පටන් ගනී .ඔව් සර් බන්නකදෙනිය ඉස්කෝලෙට අලුතෙන් ක්‍රිකට් මාස්ටර් කෙනෙක් ඇවිල්ලා .ඒ ටීම් එක හොඳට හදලා ගත්තා.........” ඔහු තවත් යමක් කීමට සැරසේ.

                                                       ඇමතිතුමා

 ඔහු නවත්වා

අමරසූරිය ඔය වැඩේ හරි යන්නෑඅයිසේ ඔය පොඩි ඉස්කෝල වලට ක්‍රිකට් ගහන්න බෑ. එව්වට බඩු ගන්න දාස් ගණන් වියදම් කරන්න ඕනේ. මැච් වලට පිට යන්න ගියාම තවත් වියදම් සැරයි. ඔන්න ඕක බකල් කරලා දානවා
                                                  
                                                බිරිඳ   
                                     
ඒක තමයි අමරසූරිය මහත්තයා ඔින තරම් ක්‍රීඩා තියනවා ක්‍රීඩා කරනවා  නම්. වොලිබෝල් හරි,එල්ලේ හරි, කණඩායමක් හදා ගන්නවා නම් අපිත් උදව් කරන්නම්


                                      අමරසූරිය

                                                                                               
හොඳයි නෝනා මහත්මයා , මට පුළුවන් ඕක නවත්වලා දාන්න.
   

                                                    19


හවස බණමඩුවේ රැස්වීම
 ලොකුහමුදුරුවෝ මුලාසනටීචර් ලේකම් ලෙස කටයුතු කරයි. ලේකම්වරිය  පසුගිය සභාවේ වාර්තාව කියවා අවසන් කරයි .
                                                                                             
                                                       හාමුදුරුවෝ

අද අපි මේ විශේෂ රැස්වීම කැදෙව්වේ සුවිශේෂ කාරණාවක් හින්දා, දැන් මේ අපි සියලු දෙනාම දන්නවා අපේ ඉස්කෝලේ අලුත් ක්‍රිකට් කණ්ඩායම, ඉතාම දක්ෂ විදිහට කොට්ඨාශ ක්‍රිකට් තරඟ දිනාගෙන දිස්ත්‍රික් මට්ටමේ තරග වලට පුහුණු වෙනවා .අපේ පන්සලේ පිට්ටනියේ තමයි පුහුණු වෙන්නේ. හැබැයි ක්‍රිකට් මැච් දිනන්ට පන්සලේ පිට්ටනියේ පිනෙන් විතරක් බැහැ.  ක්‍රිකට් ක්‍රීඩාවට හුගක් සල්ලි ඕන .විදුහල්පතිතුමා මගෙත් එක්ක කිව්වා ,අවසාන මහා තරගෙට යනකොට භාණ්ඩ ගන්ඩයි ,ගමන් වලටයි රු .20000 වත් ඕන වෙයි කියලා. මමයි, පොඩිමැණිකේ ටීචරුයි නොතාරිස් රාලහාමියිඑකතු වෙලා රු .10000 ක් එකතු කරලා
තියෙනවාතව රු .10000 ක් අපිට හොයාගන්න ඕන .මොකද මේ දෙමව්පියන්ට කියලා වැඩක් නැහැ. ඒ මිනිස්සු ඔක්කොම හරිම අමාරුවෙන් ජිවත් වෙන්නේ .ඒක හින්ද මම අදහස් කරනවාපන්සලේ සල් පිලක්
තියල ඒකෙන් එන ආදායම මේ වැඩේට ඉස්කෝලෙට දෙන්න කියලා .
විස්සක් පමණ දායකයන් සියලු දෙනා  මෙයට කැමති  බව පෙනේ .එක්වරම ඉදිරිපිලේ අසුන් ගෙන සිටින අමරසූරිය නැගිටියි .

                                                           අමරසූරිය

හාමුදුරුවනේ අවසර, පන්සලේ සල්ලි එකතු කරන්න ඕන පින් කම් වැඩවලට .ක්‍රිකට් ගහන එක පුණ්‍ය කර්මයක් නොවේ .ඕක අනිත් අතට පර සුද්දෝ අපට පුරුදු කරපු එකක් ,අපේ සංස්කෘතියට කිසිම ගැලපීමක් නැහැ .ඔය තරම් වියදම් කරන්නේ නැතුව කරන්න, අපේ ජාතික ක්‍රීඩා කොච්චර තියෙනවද?

                                                             නොතාරිස්

ඒ මහත්තයාගේ අදහස බොහොම හොදයි, නමුත් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා අමරසූරිය මහත්තයාගේ පුතා යන්නේ නගරේ කොලොජියට. ඒ දරුවා කොලොජියේ ක්‍රිකට් කණ්ඩායමට  තේරුනනම් අමරසූරිය මහත්තය ඒ  දරුවට ඉඩ දෙන්නේ නැද්ද ?

                                                               අමරසූරිය
              
ඒක මෙතෙන්ට අදාල නැහැ .ඒ වෙලාවට මම කැමති දෙයක් කරනවා .
                                                              නොතාරිස්

එහෙනම් මහත්තයෝ, මහත්තයා මුලින් කිව්ව එකත් මේකට අදාල නැහැ .අපි සල්පිලෙන් ගමේ මිනිසුන්ගෙන් සල්ලි එකතු කරලා, ගමේ අහිංසක දරුවෝ නගරයට ගිහිල්ලා, මුළු රටේම ඉන්න සුරයෝ වනවා බලන්න අපි ඔක්කොම කැමතියි .ඒ වගේම ඊටත් වැඩිය පුණ්‍ය කර්මයක් මට නම් හිතාගන්නවත් බැහැ .
සියලු දෙන ඔහුගේ කතාවට එකග වූ බව පෙනේ .අමරසූරියටද එය පසක් විය .

                                                           අමරසූරිය  

එහෙනම් කරලා බලනවකො, මගෙන්නම් කිසිම උදව්වක් නැහැ.
යයි කියමින් ඔහු බණ මඩුවෙන් පිටව යයි
  

 දිවා කාලයේ පාසැල


පාසැලේ නැටුම් ගුරුවරයා ජාතික ඇදුමකින්  සැරසී සිටි. ඔහු  වීරසේකර වෙතට පැමිණෙයි. ඔහු පන්තියක් අවසාන වී රෝල් කරන ලද විභාග උත්තර පත්තර දිග අරිමින් සිටි

                                                       
                         නැටුම් ගුරුවරයා, විද්‍යාපති  
                     
වීරසේකර මහත්තයෝ මම පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ

                                                             වීරසේකර

මොකක්ද මහත්තයෝ උදව්වපුළුවන් දෙයක් නම් කරන්නම් .

                                                             විද්‍යාපති
                 
මෙන්න මේකයි මහත්තයෝ ,මහත්තය දන්නවනේ මම හවස නැටුම් පන්තියක් කරනවා. ගිය සැරේ මාලිගාවේ පෙරහැර බලන්න ආපු සුද්දෙක්. උඩරට නැටුම්  දැකලා බොහොම සතුටු වෙලා නැටුම් ඉගෙන ගන්න ආසයි කියලා මාලිගාවේ මහත්තයෙක් හම්බවෙලා කියල තියෙනවා. ඉතින් ඒ මහත්තයට  මාව  මතක් වෙලා අද හවස 5.00 ට ඒ සුද්දා මා ගාවට එවනවා කියල පණිවිඩයක් එවලා තියෙනවා .සුද්දා ටික කාලයක් වෙන නැටුම් ගුරුවරයෙක් ගෙන් නැටුම් ඉගෙන ගෙන තියෙනවා කියලා මට අරංචියි .ඒ වුනාට සිංහල ඉගෙන ගෙනද කියල මම දන්නේ නැහැ  .ඒ හින්ද අද 5.00 ට උන්නැහැ ආවාම විස්තර කථා කරගන්න මහත්තයට පුලුවන්ද මට ඇවිල්ලා උදව් වෙන්න .
                                           

                                                          වීරසේකර
සුළු දෙයක් නේ මම හරියට 5.00   එන්නම්, මහත්තයගේ නැටුම් hall එකට .

                                                                   විද්‍යාපති


හොදයි එහෙනම් අපි 5ට බලාපොරොත්තුවෙන් ඉන්නවා




21
ග්‍රාමීය පරිසරයක පිහිටි නැටුම් පුරුදු කරන පන්තියක්
හවස ,විද්‍යාපති සහ වීරසේකර පුටු දෙකක වාඩි වී කථා කරමින් සිටිති. ළමුන් කීප දෙනකු නාට්‍ය අභ්‍යාසයේ යෙදිති. වයස 50 ක පමණ තරමක  තට්ටය පෑදුනු හොදින් වැඩුනු සිරුරක් ඇති සුදු ජාතිකයෙකු, පඩි පෙලින් උඩට පැමිණේ. ඔවුන් අදුනාගත් පසු ඔවුහු කථාවට වැටෙති. මුලික කථා බහෙන් පසු සුදු ජාතිකයාගේ නවාතැන් ගැනීම්හා වෙනත් අවශ්‍යතා පිළිබද එකගතාවයකට පැමිණෙති. ඔහු මීට පෙර වෙනත් ගුරුවරයෙක් ගෙන් උඩරට ඉගෙන ගෙන ඇතත් සිංහල භාෂාවේ වචන කිිහපයක් හැරෙන්නට එතරම්  හුරුවක් පෙනෙන්නට නැත.

 22

ග්‍රාමීය හන්දියක්

අම්බලමේ බැම්මක් මත තබාගෙන අඬ බෙරයක් ගසයි .ඉන්පසු තරුණයන් දෙදෙනෙක් අම්බලමේ බැම්මෙහි අතින් ලියන ලද පෝස්ටරයක් ගසති . ගැමියන් දෙදෙනකු පෝස්ටරය කියවති .
                                                                      

                                                                    ගැමියා 1


මේ පාර සල් පිල කලින්ම තියන්ට යන්නේ .
                                                                          

                                                                        ගැමියා 2


ඇයි එදා දායක සමිතියේ උඹ හිටියේ නැද්ද? ඉස්කෝලේ ක්‍රිකට් කණ්ඩායමට ඕන දේවල් ගන්ඩ සල්ලි හොයන්ට තමයි සල්පිල තියන්නේ .
                                                                       

                                                                       ගැමියා 1:


අනේ සාදු ,ඒක නම් බොහොම හොද වැඩක් .
23

පන්සලේ පිට්ටනිය

,සවස ,ළමුන් පුහුණුවේ යෙදෙති .වීරසේකර , හාමුදුරුවෝ ,විදුහල්පති ,ටීචර් සහ නොතාරිස් පිටියේ අයිනක සාකච්චාවක යෙදී සිටිති.
                                                            
                                                                     වීරසේකර

අනෙක් ඔක්කොම අංශ හොදයි ,bowling ටිකක් වගේ හිතට හොද මදි .bowling  coach කෙනෙක් හොයා ගත්ත නම් තමයි  අගේ .
                                                                                      
                                                                     විදුහල්පති

මහත්තයා  කිව්වා නේද එක්කෙනෙක් ඉන්නවා කියලා .
                                                               
                                                                    වීරසේකර

ඔව් මම පස් හය දෙනෙක්ටම කතා කරා. එක coach කෙනෙක්  විතරයි එන්ට එකග වුනේ .සතියකට දවස්  දෙකක් ඇවිල්ලා, මෙහෙ නැවතිලා කරන්න තමයි හදන්නේ. යන එන වියදමත් එක්ක පොඩි ගාණක් ගෙවන්න වෙයි .
                                                               හාමුදුරුවෝ

කමක් නැහැ මහත්තයෝ ,දැන් අපිට වැඩිපුර සල්ලි ටිකක් තියෙනවනේ. සල්පිලෙන් ආපු ආදායමත් එක්ක මොකටද අය අඩුවක් තියන්නේඒකත් කරලා බලමු.
24

ඇමතිතුමාගේ ගෙදර

,ඔහු ටෙලි ෆෝනයෙන් කතා කරයි
                                                                                  
                                                                        ඇමතිතුමා

ඕක තමයි මම කිව්වේ අමරසූරිය ඕක මුලින්ම නවත්වන්න තිබ්බේ .දැන් මේක මුල් දාලා පැලවෙලා, කවුද ඔය එනවා කියන පුහුණු කාරයා. මට  කොහේ ඉදලද එන්නේ කියලා විතරක් හොයල දෙන්න .ඉතිරි ටික මම බලාගන්නම් .හරි හරි ඔයාගේ වැඩේ කෙරෙයි .මේ ක්‍රිකට් team එක ගැන තව මොනවා හරි දැනගත්තම මට කියන්න .

25

සවස /ක්‍රීඩා පිටිය

අලුත්ම ක්‍රීඩා ඇදුමකින් සැරසුණු bowling  coach පුහුණු කරනවා පෙනේ .ඔහු bowling  සම්බන්ධව මුලික දේවල් කියා දෙමින් පුහුණු කටයුතු කරයි .පිටියේ පසෙක  වීරසේකර සහ විදුහල්පති කතා කරමින් සිටිති .
                                                               
                                                                      වීරසේකර

මිනිහ නම් හරිම දක්ෂයි, දවස් හතරට සැහෙන වෙනසක් තියෙනවා .මාස තුනක් යනකොට bowling  side
එක ඉහලටම ගන්න පුළුවන්
                                                                
                                                                     විදුහල්පති             

ඒක ඇත්ත ,  කණ්ඩායමේ කීප දෙනෙකුත් මගෙත් එක්ක කිව්වා .මෙයා ගෙනාපු එක නම් ලොකු දෙයක් ,
දිස්ත්‍රික්ක  තරගත් තව මාස දෙකකින් පටන් ගන්නවා නේද?
                                                              
                                                                         වීරසේකර

ඔව් මාස දෙක හමාරක් තියෙනවා හරියටම, දිස්ත්‍රික් තරග නම් අපට ප්‍රශ්නයක් නැහැ .මේ level එක හොදටම ඇති. එතනින් එහා බලාගෙන තමයි අපි දැන් පුහුණුවීම් කරන්න ඕන .මම හිතාගෙන ඉන්නේ දැන්මම  සුමානයක් විතර නිවාඩු දාන්න කියලා. එතකොට අන්තිම මාස තුනේ මෙහෙ දිගටම ඉන්ට
පුලුවන්. මටත් ගෙදර වැඩ කිහිපයක්ම තියෙනවා  තියෙනවා කරන්න.
                                                                                             
                                                                          විදුහල්පති                                                                 

ඒක හොදයි මහත්තයා .මම අහන්නයි හිටියේ, හුග කාලෙකින් ගමේ ගියේ නැහැනේද  කියලා. ක්‍රිකට් කණ්ඩායමටත් එතකොට ටික දවසක් පුහුණු වීම නවත්තලා, විනෝදෙට ක්‍රිකට් ටිකක් ගහන්න පුළුවන්.  
වීරසේකර සමුගෙන එතනින් නික්ම යයි.

26

දහවල

ලී දෙකක එල්ලූ පුටුවක ළමයෙකු ඉන්දවාගෙන, එය කරේ තබාගත්  කණ්ඩායමක් කදු ප්‍රදේශයක සිට කුඹුරක නියරක් දිගේ පැමිණෙති .කාන්තාවන් දෙදෙනෙකු හඩමින් පිටුපසින් යති.කැමරාව ලං කරන විට එහි සිටින්නේ ප්‍රේමරත්න බව පෙනේ .කුඹුරෙන් නියර දිගේ පාරට පැමිණ, මිනිසුන් ටික වෙලාවක් පාර අයිනේ බලා සිටිති .ඉන් පසුව පැමිණෙන කළු පැහැති මයිනර් රථයකට ප්‍රේමරත්න අමාරුවෙන් දමා ගෙන, රථය පිටත් වෙයි .
                                                                       
                                                                           ගැමියා 1

බේරෙයි කියලනම් හිතන්න අමාරුයි, කොස් ගහේ අත්තක් කඩාගෙන වැටිලා තියෙන්නේ.
                                                                      
                                                                             ගැමියා 2

දිරපු අත්තකටවත් නැග්ගද දන්නේ නැහැ, අපරාදේ හොද කොල්ලා. ඉස්කෝලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයලු නේද?

27

හවස

,සුට්කේස් එකකුත් රැගෙන වීරසේකර පාර දිගේ එයි .ඔහු ගමන් කරන මාර්ගයේ සමහර තැනක පරණ වූ සුදු කොඩි දකින්නට තිබේ. ඔහුට  මගදී පාසල් සිසුන් දෙතුන් දෙනකු හමුවුනු නමුදු, පුදුමයකට මෙන් ඔවුන් ඔහු මග හැර යනවා පෙනේ .ඔහු කෙලින්ම යන්නේ ක්‍රීඩා පිටිය වෙතය .කිසිම ක්‍රීඩකයෙකු පිටියේ දකින්නට නැත .ඔහු බෑගයත්  රැගෙනම  පන්සල වෙත යයි . හාමුදුරුවෝ හාන්සි පුටුවක ඉදගෙන පොතක් කියවමින් සිටි .ඔහු  හාමුදුරුවන්ට වැද,
                                                                 
                                                                 වීරසේකර

ඔන්න තමුන්නාන්සේට මම පාට හතරකම රෝස අතු අරන් ආවා .තමුන්නාන්සේ රෝස වවන්න කැමතිනේ .මෙතන පාට දෙකක් මල් එන පැලයක් තියෙනවා.
                                                         
                                                                හාමුදුරුවෝ

පොත පහතට නොගෙනම කතා කරයි 
මහත්තයාට මගදී මොකුත් ආරංචි වුනේ නැද්ද?
                                                                                            
                                                                   වීරසේකර  

නැහැ හාමුදුරුවනේ, හැබැයි මට තේරුණා මගදී හමුවුණු ළමයි පාරේ මම මග ඇරියා කියලා .ඇයි ආයෙත්
මට මාරුවක් වත් ඇවිල්ලද?
                                                                                            
                                                                   හාමුදුරුවෝ

නැහැ මහත්තයෝ ඊට වඩා කණගාටු දායක ආරංචියක්. අපේ ප්‍රේමරත්න කොලුවා ගහකින් වැටිලා
මැරුණා, ඉස්පිරිතාලයට ගෙනියන කොටත් මැරිලාලු,
වීරසේකර තිගැස්සෙයි .ඔහුට කිසිවක් කියා ගැනීමට නොහැකිව දොරෙන් මිදුල දෙස බලාගෙන සිටි. මිදුලට එක වරම පොල් ගෙඩියක් වැටේ .ඔහු නැගිට බෑගයත් රැගෙන පිටවෙයි.

28

ක්‍රීඩා පිටිය

වීරසේකර අසල ඇති ගලක ඉදගෙන සිටි .ක්‍රීඩකයන් ඒ අසල සිටගෙන සිටිති .දීර්ඝ සාකච්චාවක් අවසන් වී ඇති බව පෙනේ .
                                                                     
                                                                         ශිෂ්‍ය නායකයා

අපිට කිව්වා  සර් අමාත්‍යංශයේ කොන්ත්‍රාත් එකක් හම්බවුන කියලා .සර් ට කියන්නම් කියලත් කිව්වා වීරසේකර පුදුමයට පත්වෙයි .
                                                                                        
                                                                 වීරසේකර

ඔය හදිස්සියෙන්ඒ කියන්නේ මිනිහත් ආය එන එකක් නැහැ .අපේ වැඩ පිළිවෙල සම්පුර්ණයෙන්ම අවුල් වෙනවා, ප්‍රේමරත්න නැහැ, coach එන්නේ නැහැ කියනවා, දැන් අපිට තව ඉස්සරහට යන්න අමාරුයි. .දිස්ත්‍රික්කකොට්ඨාශ champion වුනා .ඒකත් ලොකු දෙයක්නේ. අපිට උදව් කරපු හැමකෙනෙක්ටම කතා කරලා, ස්තුති කරලා මෙතනින් නවතිමු.

ළමුන් සියලු දෙනා ඉතා කණගාටුවෙන් වීරසේකර දෙස බලා සිටි. කොළ පැහැති කොටුසරමකින් සහ සුදු අත් කොට බැනියමකින් සැරසී ලේන්සුවක් කරේ දමා ගත් පුද්ගලයෙකු, හෙමින් හෙමින් එතනට පැමිණේ. ඔහු පිරිස අසලින් සිටගනී.
                                                                             
                                                                  
                                                                ප්‍රේමරත්න ගේ පියා    

මහත්මයා මාව අදුරන්නේ නැතිව ඇති. මම ප්‍රේමරත්න ගේ තාත්තා, මගේ නම පුන්චිකිරා. මම බුදුරුවගල පන්සලේ තේවාවට බෙර ගහන්නේ. පන්සලේ  ඉඩමේම තමා ගෙයක් හදා ගෙන ඉන්නේ. පන්සලේ කුඹුරක් අඳයට  වැඩ කරලයි ජීවත් වෙන්නේ. අපිට මහත්තයෝ කවදාවත් සැපක් සතුටක් තිබුන මිනිස්සු නෙවේ. ප්‍රේමරත්නයි ගේ අම්මත්, අනුන්ගේ කුඹුරුවල නෙලන්න ගිහිල්ලාප්‍රේමරත්නයි ,එයාගේ අයියයි ජීවත් කලේ. පසුගිය දවස් ටිකේ තමයි අපේ ගෙදර සන්තෝෂයක් කියලා තිබුනේ. ඒ ඉස්කෝලේ match දිනුවාම ප්‍රේමරත්නගේ දස්කම් අහලා අපිට ලැබිච්ච සන්තෝෂය. ගිය පෝයට ඒකත් අපිට නැති වුණා. අපිට ආය සන්තෝෂ වෙන්ට කියලා දවසක් එන එකක් නැහැ. ඒ වුනාට ප්‍රේමරත්න කොල්ලගේ කණ්ඩායම ලංකාවෙම සූරයෝ වෙන ඒක තමයි ප්‍රේමරත්න තිබ්බ එකම හීනය.අපෙත් හීනය ඒකමයි. ඒ හින්දා මම තමුන්නැහැ ගෙන් ඉල්ලන්න ආවේ, කොහොම හරි ඉස්සරහට ගිහිල්ලා මේ කණ්ඩායම දිනවලා, අපිට ආය එක දවසකට හරි හිත හදාගන්ඩ උදව් කරන්න කියලා. මම පුතාගේ තිබු ක්‍රිකට් ගහන බඩු ටික ඔක්කොම අරගෙන ආවා.ඒ ටිකත් කාට හරි ප්‍රයෝජනයකට ගන්ට  දෙන්ට  කියලා. එහෙනම් මහත්තයෝ මම ගිහිල්ලා එන්නම්.

ඔහු කදුළු පිරි දෙනෙතින් පිටව යයි.
වීරසේකර -ඇතුළු ශිෂ්‍යයන් කිසිවක් කථා කරගත නොහැකිව, කදුළු පිරි දෙනෙතින් ඔහු යන මග බලා සිටිති.
                                                                      
                                                     ශිෂ්‍යයන් -

සර්,අපි කොහොම හරි පුළුවන් විදිහට පුහුණු වෙලා පුළුවන් තරම් ඉස්සරහට යන්. ප්‍රේමරත්න අපිත් එක්ක ඉන්නවයි කියලා හිතාගෙන. අපි  හොද fight එකක් දෙමු. අපිට නැතිවෙන්න දෙයක් නැහැනේ.
                                         
29.

නැටුම් ශාලාව

John , තරුණ කාන්තාවන් 06 දෙනෙකු සමග නැටුම් පුහුණු වෙමින් සිටී. නැටුම් ගුරුවරයාගේ දියණිය තේ සහ හකුරු සමග පැමිණේ.
                                                                                             
                                                                        John

Where are the boys today?
                                                                                             
                                                                             ගැහැණු ළමයා

They practise cricket today.
                                                                                              
                                                                           John

Practise for what?
                                                                                            
                                                                                  
                                                                           ගැහැණු ළමයා
                                                                             
                                                                    For champion ship.
                                                                                             
                                                                               
                                                                        John
                                                                       
                                                              What champion ship?
                                                                                          
                                                                         ගැහැණු ළමයා

-District champion ship.
                                                                                           
                                                                        John

I am a cricketer myself. I would like to go and see them practise.
                                                                                        
                                                                         ගැහැණු ළමයා

We go now.I will ask the teacher.
    

  ටික වෙලාවකින් ඔවුන් සියලු දෙනා ඒ ඇදුමෙන්ම ක්‍රීඩා පිටිය බලා පිටත් වෙති..

30.

වීරසේකර සහ ළමුන් පුහුණු වීම් වල නිරත වේ. John සහ ගැහැණු ළමුන් පිටියට පැමිණ පුහුණුවීම්  නරඹමින් සිටී. වීරසේකරඔවුන් දෙසට පැමිණේ.
                                                                                         
                                                                      John

Hello Mr.වීරසේකර. I did not know that you are traning a cricket team for national championship. I am a cricketer myself. I used to play for Sussex county  for several years before joining marines. And then I was the bowling coach for many schoosl in U.K after leaving marines. You know Per Mare Per Terram, by land by sea !

                                                                      වීරසේකර

Can you come and help us out. We just lost our bowling coach.
                                                                                    
                                                                                  John

Okey, Of course I will come. Even if you do not want to me to come.
              ඔහු හයියෙන් සිනා වෙයි. අත් දෙක ඉහලට දමා හයියෙන් කෑ ගසයි.
                                                                                    
                                                                                John

O.K.boys. Lets play cricket.
    සියලු දෙනා සතුටින් කෑ ගසයි.
  
 31

හවස /ක්‍රීඩා පිටිය,

ළමුන් පුහුණුවේ යෙදෙමින් සිටිති. ක්‍රීඩා පිටියට වීරසේකර සහ John පැමිණේ. ඔවුන්  දෙදෙනා පැමිණෙන විට ළමුන් සියලු දෙන ඔවුන් වටා රොක් වෙති. වීරසේකර, John  ට ක්‍රීඩකයන් වෙන වෙනම හදුන්වා දෙති.
                                                                        John

Since today is my first day, I will talk about golden rules of cricket because that is a good beginning.  These golden rules were written by  an Englishman like me called  Fredrick
gale in 1887, about 80 years back,,,,,,,,,,,,,,,

                                                                  

 32.

හවස John,වීරසේකර,සහ ටීචර් පාලු පාරක ඇවිදිමින් යන්නේ ක්‍රීඩා පිටිය වෙතය.
                                                                                                
                                                                             John

I am very happy with the team. Batting and fielding are  excellent. In a good day they can easily beat any school team in the world. However the chip  in the armour  is bowling, They are all average. You need to have a striker, a star. Who will go out and
Strike  when you want
                                                                                         
                                                                        වීරසේකර

Yes, that is my worry too. Our star was Premarathna. He could change the rhythm  of the game instantly. Yes, it was a great lost. I have tried everywhere even Children playing casual games in paddy fields  Did not see any potential replacement for Premarathna.
                                                                                        
                                                                           John

We have to do with what ever we have got. Lets hope for the best.

ටිචර් යමක් හදිස්සියේ සිතී සතුටට පත් වූ බව පෙනේ.

Have you seen children playing cricket in Udagammadda. There is one player there who
is a very good bowler. They must be playing now. Shall we go and see



 33

John, වීරසේකර සහ ටිචර් කඳු දෙකකින් තෙරපුණු කුඩා කුඹුරු යායකට පැමිණේ. ළමුන් 20 ක් පමණ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින් සිටී. තරඟයක් අවසන් වීමට ඇති සෙයක් පෙනේ. තිදෙනා එහි ගොස් නියරක් මත වාඩි වෙති. ටිචර් ක්‍රීඩකයන් වෙතට ගොස් ඔවුන්ට යම් උපදෙසක් ලබා දෙයි. නායකයා පහල කුඹුරක පන්දු යැවීමෙහි නිරතව සිටි කුඩා ළමයෙකු පන්දු යැවීමෙහි යොදවයි. ඔහුගේ මුල් පන්දුවට දැඩි පහරක් වදී. දෙවැනි පන්දුවටත් එසේමයි. තුන්වෙනි පන්දුවත් දඟ කැවී කෙලින්ම විකට්ටුව පෙරලයි. ඊළඟ පන්දුවෙන් අලුතෙන් එන ක්‍රීඩකයාද අවුට් වෙයි. John සහ වීරසේකර මවිතයට පත්වෙයි.
                                                                         
                                                                              John


This is fantastic, why did you hide this boy so long from us. He is better than any of your bowlers in the team
                                                                        
                                                                           ටීචර්

There is a small problem with umm…. . anyway I will ask him to come for practices tomorrow.
   
34

රෑ නවයට පමණඅමරසූරියගේ නිවස  ,  තරමක් විශාල පැරණි තාලයේ නිවසක්,

ඉස්සරහ සාලයේ ගැමියන් 4 දෙනෙකු ඉඳගෙන සිටිති. ඔවුන් මත්පැන් පානය කර ඇති බව පෙනේ. අමරසූරිය මත්පැන් බෝතලයක් රැගෙන ඔවුන් සිටින තැනට පැමිණේ.
                                                               
                                                                 අමරසුරිය                 

මේකෙනුත් ටිකක් බොමු. පස් දෙනාම තාම එක බෝතලයයි නේ බිව්වේ. ඔහු බෝතලය මේසය මත
තබයි.
                                                           අමරසූරිය

ඔය සුද්දා මට නම් විශ්වාස නැහැ. නැත්නම් සුද්දෝ කවද්ද නැටුම් ඉගෙන ගත්තේ. උන්ගේ රටවල් වල තියෙන්නේ හොඳට ඇඳගත්ත ගෑනු පිරිමි බදාගෙන නටන නැටුම් නේ. මට ඇමැතිතුමාත් කිව්වා ඕකා C .
I . A  ඔත්තු කාරයෙක්ද කොහෙද කියලා. මොකද තමුසෙලා කියන්නේ.
                                                              
                                                                     ගැමියා 1

අපිට වඩා ඉතින් සභාපතිතුමාට තේරෙනවනේ. ඌ ඔත්තුකාරයෙක් නම්අපිට තියෙන්නේ ඌ ගමෙන් එලවල දාන්න.                                              

                                                                      අමරසූරිය

 කොහොමද ඉතින් එළවලා දාන්නේ
                                                                     ගැමියා 1   

ඒක සුළු වැඩක් නේ. සභාපති තුමා අපි එකතු වුනාම මිනිහව ලේසියෙන් එළවලා දාන්න පුළුවන්.
                                                                
                                                                 අමරසූරිය


හා එහෙනම් ඒක කරලා බලමුකෝ. C. I . A ඔත්තුකාරයෙක් මෙහෙම ඇවිල්ලා ගමේ ඉන්න එක මුළු රටටම තර්ජනයක්. අනෙක ඔය අධිරාජ්‍යවාදියන්ගේ වැඩේම අපිට විරුද්ධව කුමන්ත්‍රණ කරන එකනේ.
ආ තව එකක් දාගෙන බොනවල්ලා.

ඔවුන් තව අරක්කු වීදුරු වලට දාගෙන පානය කරති. ඉන්පසු සභාපති තුමාගෙන් සමුගෙන පිටව යති .
                                                                  
                                                                          ගැමියා    

එහෙනම් අපි හෙටම වැඩේ පටන් ගමු .

 35


ක්‍රීඩා පිටිය /හවස

ළමෝ පුහුණුවේ යෙදෙති. වීරසේකර සහ John බලාගෙන සිටිති. ඔවුන් සිනහ වෙමින් යම් සාකච්ඡාවක නිරතව සිටී. ටීචර් වයස පහලවක් පමණ එහෙත් වයසට තරම් වර්ධනය නොවූ සිසුවෙක් සමඟ පිට්ටනියට පැමිණේ.

                                                                             ටීචර්                    

I brought the bowler today. Shall we get him to practice. John  this is the bowler,
                                                                                 
                                                                              John

hello bowler, I am john. Your bowling coach. You are our last hope. Lets bowl everybody out.

ඔහු ඉතා සතුටෙන් ක්‍රීඩකයාට අතට අත දෙයි. ඉන්පසු ක්‍රීඩකයා රැගෙන ක්‍රීඩා කරමින් සිටින පුහුණු වන්නන් වෙතට යයි.John  ක්‍රීඩකයා පන්දු යැවීමට යොදවයි. අනෙකුත් ක්‍රීඩකයන් John නොදන්නා යමක් දන්නා ලෙසට මුහුණට සිනහවක් නංවා ගෙන නැවත ක්‍රීඩාවට එක්වෙයි. ක්‍රීඩකයාගේ පලවෙනි දඟ පන්දුවෙන්ම විකට්ටුවක් බිඳ වැටේ. ඔහුගේ පන්දු යවන විලාසය සම්පූර්ණයෙන්ම වෙනස්ය. එහි යම් ලලිතයක් ඇත්තා සේය. පන්දුව පසුපසට දඟ කැවී කඩුල්ලටම යයි. John පුදුමයට පත් වෙයි.
                                                         John

why are u laughing? He is the majic bowler that we were all  waiting for.

John ඉතා සතුටෙන් පිටිය අයිනේ සිටි ටීචර් හා වීරසේකර වෙත දිව යයි .
                                                        
                                                             John


Hey, we found our magic bowler .

ටීචර් සහ වීරසේකර එතරම් සතුටු වූ බවක් පෙනෙන්නට නැත. ඔවුහු කල්පනාවේ නිමග්නව සිටිති.  
                                                                 
                                                            වීරසේකර

I don’t think we can use her john.


                                                    John, පුදුමයට පත්ව
                                               Why not ?
                                                    
                                                            
                                                           වීරසේකර

Yes,  mrs Podi manike is  pulling our legs.apparantly, our mirracle bowler is a girl.
                                                     
                                                               ටීචර්

But she doesn’t look like one. We can quietly use her.
                                                              වීරසේකර

But against the rules how can we use her?
                                                                                      
                                                                      John

well I agree with teacher, we will use her. After all this is just a game of cricket.
                                                                                   
                                                                   වීරසේකර

තරමක් අකමැත්තෙන් 
 ok, lets give it a try. What is her name anyway?
                                                              
                                                                   ටීචර්             

She s Nimal. A very common boys name though occasionally girls also have that.
                                                                            
                                                                  John

That is wonderful. She has been destined for this role of Cinderella of cricket. 

                                               ඔහු හයියෙන් සිනා සෙයි.

                                                                                                                                                                      

36.

සවසනැටුම් හෝල් එක අසල,

තරුණයන් දසදෙනෙකු පමණ ආවේගශීලි ලෙස කථා කරමින් පාර දිගේ නැටුම් හෝල් එක අසලට පැමිණේ. සුදු පැහැති සරමකින් සහ බැනියමකින් සැරසී කොළ පැහැති ලේන්සුවක් කරේ දමාගත් වැඩිමහලු පුද්ගලයෙකු ඔවුනට හමුවේ. කණ්ඩායමේ සියලු දෙනාම වාගේ ඔහුට තරමක ගෞරවයෙන් සිනාවෙයි.
                                                              
                                                                 එක් තරුණයෙක්

,මාමේරා පොලට ගිහිල්ලා එනවා වාගේ.
                                                              
                                                                   මාමා

ඔව් උක්කුන් බණ්ඩාඅලියා ගාල් කරලා ගියා රා ඩිංඟක් බොන්ට ,මං මේ ගෙදර යන ගමන්උබලා කොහෙද මේ රංචු ගැහිලා යන්නේ.
                                                            
                                                                තරුණයා

බලන්කො  මාමේ,  අපේ ගමට ඇමරිකන් කාරයෝ ඔත්තු කාරයෙක් එවලානේ. CIA කාරයෙක්ලු.
                                                           
                                                                  මාමා

                                             මොකාද බන් ඔය?
                                                        
                                                                  තරුණයා

සුද්දෙක් ඇවිල්ලා ඉන්නේ නටන්න පුරුදු වෙන්න කියලා.
                                                          
                                                                    මාමා

අර ඉස්කෝලේ ක්‍රීඩා කණ්ඩායම පුහුණු කරන සුද්දද?
                                                        
                                                                   තරුණයා

ඔව් මාමේ. ඔහොම තමා උන් අපිව රවට්ටන්නේ,
මාමා තරමක් කල්පනාවෙන් පසු සිනවෙයි.
                                                                 
                                                                   මාමා

උඹලට පිස්සුද බන්. සුද්දන්ට මෙහෙ ඔත්තු බලන්න අපි මෙහෙ පරමාණු බෝම්බ හදනවයි. උඹලා කාගේදෝ ලනුවක් කාලා. ඒ සුද්දා අර ඉස්කෝලේ ක්‍රීඩා පුහුණු කරන ඒක  දරාගන්න බැරි එකෙක් බොරුවක් ගොතලා උඹලව රවට්ටලා. අනෙක් අතට  ඒ මනුස්සයා ඔත්තු බලන්න ආවනම් අපි මෙහෙ කුඹුරු වැඩ කරගෙන හැන්දෑවට රා ටිකක් බීලා සන්තෝසෙන් ඉන්නවා කියලා එහෙට ගිහින් කියයි. එච්චරනේ.  නිකන් මෝඩයෝ වෙන්නැතුව උඹලගේ වැඩක් බලාගනිල්ලා.ඇතුල්ගම, උඹේ මල්ලිත් ඉන්නවා නේද? කණ්ඩායමේ, උඹවත් මුන්ට කිව්වේ නැද්ද?

ඔහු එසේ කියමින් එතනින් පිටත්ව යයි. තරුණයන් අවිනිශ්චිත බාවයට පත්වෙති. සාකච්ඡා කිරීමෙන් පසු ඔහු ආපසු හැරී යති.

37

දහවල රැස්වීමක්/පාසැල,

විදුහල්පතිවරයා කතාවක් කරමින් සිටී.
                                                                 
                                                                  විදුහල්පතිවරයා

දැන් අපි අවසාන මහා තරගයට තේරිලා ඉන්නේ. අන්තිම තරග හතරම අපි ජයග්‍රහණය කරේ, අන්තිම මොහොතේ. මුලදී අපේ batting ඉහලම තත්වයේ තිබ්බා. පන්දු යවන එක ඒ තත්වයෙන්ම තිබුනේ නැහැ. නමුත් දැන් ඒකෙ අනිත් පැත්ත. අපේ batting ටිකක් මදි. පන්දු යවන එක ඉතා ඉහල තත්වයට ඇවිල්ල තියෙන්නේ. දැන් අවසාන තරගයට පන්දු යවන එකයි, පන්දුවට පහර දෙන එකයි, පන්දු රැක ගැනීමයි තුනම එකම විදිහට තියෙන්න ඕනි. මොකද අවසාන තරගයට තේරිලා ඉන්න විද්‍යාලයේ team එක අපේ team එකට වඩා හොදයි. ඒ ගොල්ලන්ට හොද ක්‍රීඩා පිටියක් තියනවා පුහුණු වෙන්න. සල්ලි වලට ගන්න පුළුවන් හොදම ක්‍රීඩා භාන්ඩ පාවිච්චි කරන්නේ. ලංකාවේ ඉන්න හොදම පුහුණුකාරයෝ ඒ ගොල්ලන්ව පුහුණු කරන්නේ.
 මම දැක්කා, ඉස්කෝලේ bus එකට අමතරව හුගාක් ක්‍රීඩකයෝ, match වලට එන්නේ දෙමව්පියන්ගේ car වලින්. අපිට ඒ මොකුත් නැහැ, නමුත් අපිට හිතේ හයිය තියනවා දිනන්න අධිෂ්ටානය තියනවා. ඒ ඔක්කොටම වැඩිය මේ වගේ ගමක ඉස්කෝලෙකින් කවදාවත් කරන්න හම්බුන නැති දෙයක් කරන්න අවස්ථාවක් ඇවිල්ලා තියනවා. ඒ හින්දා අනිද්දා පැවැත්වෙන තරගයට, අපි
සියලු දෙනාම එකතු වෙලා දැන් ජය ප්‍රාර්ථනා කරලා, අපේ පාසැල් ගීය  ගායනා කරමු.

සියලු දෙනාම පාසැල් ගීය ගායනා කරති.විදුහල්පතිවරයාගේ ඇසින් කදුළු කඩා වැටෙයි.

38

දහවල /පන්සල, ,

පන්සලේ හාමුදුරුවෝ සහ තව හාමුදුරුවරු දෙදෙනෙකු පිරිත් කියමින්, ක්‍රීඩකයන්ට පිරිත් නූල් ගටගසයි.
                                                               
                                                                           හාමුදුරුවෝ

එහෙනම් ඔන්න අපට කරන්න පුළුවන් ඔක්කොම අපි කෙරෙව්වා. දැන් තියෙන්නේ ඔය දරුවන්ගේ වැඩේ. තරගයට වෙලාවට හිත කලබල කරගන්න එපා. හිත සන්සුන්ව තියාගෙන ඊලග බෝලය ගැන විතරක් හිතන්න. එතකොට තමා බෝලය පෙනෙන්නේ. පිටියේ ඉන්නකොට වෙන කිසිම දෙයක් ගැන හිතන්න එපා. බෝලය ගැන පමණක් හිතේ තියාගෙන, බෝලෙත් එක්ක ඊලග කරන්න තියන දෙය ගැන විතරක් හිතේ තියාගෙන ක්‍රීඩා කරන්න. සියලු දෙනාම ඒක කලොත් ජයග්‍රහණය නිශ්චිතයි.

සියලු දරුවන් හාමුදුරුවන්ට  වැඳ  පන්සලෙන් පිටවෙයි.

39

උදයපාසැල අසල

60 දශකයේ භාවිතයේ තිබූ පරණ බසයක් පාසැල අසල නවතා ඇත. එකල සාමාන්‍ය දුප්පත් පිරිස් පාවිච්චි කල ඇදුමෙන් සැරසී, සුට් කේසයද රැගෙන ක්‍රීඩකයන් දෙමව්පියන් සමග පැමිණේ. ක්‍රීඩකයන්ට අමතර විදුහල්පතිවීරසේකරගුරුතුමියනොතාරිස්, John  බසයේ සිටිති. බසය පිටත්වෙයි.

40

හබරකඩ අතුරු පාරක ලොකු ගල් පර්වතයක් කෙලවර පිහිටි තරමක පන්සලක්, සවසපැරණි කුඩා පන්සලට බසය පැමිණේ.  හාමුදුරුවෝ මුලින් බසයෙන් බසී. පන්සලේ හාමුදුරුවන් ඔවුන් මුණගැසීමට පැමිණේ.
                                                            
                                                                 පන්සලේ හාමුදුරුවෝ

මම මේ බලාගෙන හිටියේ අපි මුණගැසුනේ අවුරුදු 15 කට විතර පස්සේ නේදමම හිතන්නේ පිරිවනේඉදලා ගියාට පස්සේ.
                                              
                                                                  හාමුදුරුවෝ - සතුටෙන් සිනාසේ.

ලිවුම හම්බුනා නේදඔන්න මම තමුන්නාන්සේ බලන්න තනියම අවේ නැහැ.ඉන්න මම මුනගස්සන්න. විදුහල්පති ඇතුළු සියලු දෙනා බසයෙන් බසිති. හාමුදුරුවෝ ඔවුන් හදුන්වා දෙයි.
                                                                             
                                                                     පන්සලේ හාමුදුරුවෝ

මේක එච්චර ලොකු පන්සලක් නෙවේ. ඒ උනාට මම පුළුවන් විදිහට ඉදුම් හිටුම් ලෑස්ති කළා. ළමයින්ට බන මඩුවේ නිදා ගන්න පුළුවන්. පැදුරුයි කොට්ටයි තියනවා. වැඩිහිටියන්ට පන්සලේ කාමර දෙකක් ලෑස්ති කරලයි තියෙන්නේ. අර පෙනෙන්නේ නාන ලිඳ. එහෙනම් මහත්තයෝ අඩුපාඩුවක් තියනවදබලලා මට කියන්න.

ඔහු පිරිසට නොයෙකුත් ස්ථාන පෙන්වමින් විස්තර කරයි.
                                                              
                                                                    පන්සලේ හාමුදුරුවෝ

පන්සලේ ඉඳලා ඔය කියන ක්‍රීඩා පිටියට පැය එක හමාරකින් යන්න පුලුවන්. ඒක හින්දා දහයට තරඟෙට
 මෙහෙන් අටට ගියත් ඇති.
                                                                
                                                
41

උදය

පන්සලෙන් බසය පිටත් වීමට සැරසේ. සියල්ලන්ම බසයට නැග ඇති අතර හාමුදුරුවන් දෙදෙනා කතා කරමින් සිටී. කුඩා හාමුදුරුවරු දෙදෙනෙක් ලොකු කාර්ඩ් බෝර්ඩ් පෙට්ටි දෙකක් රැගෙන එති .
                                                                                       
                                                          ධම්මදස්සී හාමුදුරුවෝ
මේ මොනවාද?
                                                                
                                                           පන්සලේ හාමුදුරුවෝ

මගෙන් සුළු තෑග්ගක්. දවල්ට කන්න කෑම පාර්සල් තිහක් තියෙනවා. ක්‍රීඩා පිටියට ගියාම කෑම හොයන්ඩ ලේසි වෙන එකක් නැහැ. මම ඉන්න ගාන ගනන් ක‍රගෙන කෑම ටික ළඟ ගෙදරකට කියල හැදෙව්වා.
අපිට වෙන දෙන්න දෙයක් නැහැ, නමුත් අපේ හදවතෙන්ම ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහණය ලැබේවා කියල, ධම්මදස්සි අතගහපු දෙයක් වරදින්න විදිහක් නැහැ
                                                                                          
                                                           ධම්මදස්සී හාමුදුරුවෝ

තමුන්නාන්සේ ලොකු පිනක් කර ගත්තේ. අපිට මේක ලොකු පහසුවක්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඔහු කඳුළු සඟවාගෙන බසයට නගී. බසය පිටත් වේ.
                                             

ක්‍රීඩා පිටියක්‍රිකට් තරගය පැවැත්වේ. අනෙක් විද්‍යාලයෙන් පැමිණි දෙමව්පියන් සහ අනෙක් අය 300 ක් පමණ ඉඳගෙන සිටිති. ඔවුන් හොදින් ඇඳ පැලඳ ඇති අතර, නොයෙකුත් සැන්විචස් සහ බීම බෝතල් වලින් ආහාර ගනිමින් ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් හයියෙන් කතා කරමින් තරගය නරඹති .අප විද්‍යාලයේ නරඹන්නන් සහ අතිරේක ක්‍රීඩකයන් තිදෙනා වාඩි වී නිශ්ශබ්දව තරගය නරඹති. විද්‍යාල දෙකේ  වෙනස ඇදුමෙන් ද, නරඹන්නන් හැසිරිමෙන්ද හොදින් පෙනේ .

43

දෙපැත්තේ ක්‍රීඩකයන් පෙලගසා ප්‍රධාන අමුත්තාට හදුන්වා දෙනු ලැබේ. නගරයේ විද්‍යාලයේ ක්‍රීඩකයන් ගේ ඇදුම් ගමේ ක්‍රීඩකයන්ට වැඩ කැපී පෙනන ආකාරයෙන් පිළිවෙලකට තිබේ .මුලින් නගරයේ පාසැලේ එකේ ක්‍රීඩකයන් හදුන්වාදෙනු ලබයි. ඉන්පසුව ගමේ විද්‍යාලයේ ක්‍රීඩකයන් හදුන්වා දෙමින් එහි නායකයා එහි  ක්‍රීඩකයන් හදුන්වා දී අවසාන ක්‍රීඩකයා වෙත පැමිණේ. අවසාන ක්‍රීඩකයා නිමල්යඇය වෙතට පැමිණෙන ප්‍රධාන අමුත්තා යමක් විමසයි. ගමේ විදුහල්පති ඇතුළු පිරිස බිය වී ඇති ආකාරයක් පෙනේ. මද වෙලාවක් විමසීමෙන් පසු අමුත්තා ආපසු ක්‍රීඩා මන්දිරයට යයි. ඉන්පසු කාසිය උඩ දමා දමා නායකයන් සහ තීරකයා ආපසු ක්‍රීඩා මන්දිරය වෙත පැමිණෙති .                                                                  
                                                                                              
44

මුලින්ම පන්දුවට පහර දෙනු ලබන්නේ ගමේ විද්‍යාලයයි. ඔවුන් ලකුණු 170 ක් ක්‍රමයෙන් එකතු කර ගනියි. ඉන්පසු නගරයේ කණ්ඩායම පන්දුවට පහර දීමට පටන්ගනියි .ඔවුහු කඩුලු හතරකට ඕවර 35 කදී ලකුණු 140 ක් ලබා ගනිති .තරගයේ ජයග්‍රණය ඔවුනට ලැබෙන්නට පෙනෙන මානයේ තිබේ. දඟ පන්දු යවන නිමල්ගේ පන්දු වලට විශේෂයෙන් පහර වදින බව පෙනේ. තේ පානය සදහා කණ්ඩායම් දෙක ආපසු ක්‍රීඩාගාරයට පැමිණේ.

45

ධම්මදස්සී හාමුදුරුවෝ සහ පිරිස නිමල්  සමග කතා කරමින් සිටිති.
                                                                                 
                                                                   නිමල්

එක තමා සර් මට හරියට විකට් එක පෙනෙන්නෙත් නැහැ, හිත හරි කලබලයි වගේ. බෝලේ පාලනය කරගන්න බැහැ.
.
                                                              
                                                                  ධම්මදස්සී හාමුදුරුවෝ

ඇයි ළමයෝ අපි හැමදාම බුද්ධාගම උගන්නන කොට, හිත පාලනය කරගන්න එකනේ ඉගෙන ගන්නේ,  අනෙත් හැමදේම අමතක කරන්න, හිතා ගන්න ගමේ වෙලේ ක්‍රිකට් ගහනවා කියලා. දිනුමයි පැරදුමයි අමතක කරන්න, ඒකරලා තමන්ට පුළුවන් හොදම බෝලය යවන්න .ඒ මොහොතේදී ක‍රන්න පුළුවන් හොදම දේ තමයි කරන්න ඕන. ඔය ළමයාගේ අතේ තමයි අපි මෙච්චර කල් වෙච්ච මහන්සියේප්‍රතිපල ලබාගන්න යතුර තියෙන්නේ,
                                                                                
                                                               නිමල්

                                                   හොදයි හාමුදුරුවනේ,

සභාපතිගේ නිවස

ඔහු ගමනක් ගොස් වාහනය නවතා ගෙදරට ඇතුළු වෙයි.
                                                              අද පොල් කැඩුවද?ඔහු තම බිරිඳ ගෙන් අසයි.
                                                                         

 බිරිඳ

නැහැසුගතදාස  අද ආවේ නැහැ. අර ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකත් එක්ක කොළඹ ගිහිල්ලා.
                                                                          
                                                                                  සභාපති

පුංචි කිරාට කොල්ලෝ නැහැනේ ක්‍රිකට් ගහන්න.
                                                                         
                                                                                බිරිඳ

නෑඒ දෙවෙනි කෙල්ල  ක්‍රිකට් ගහනවා කියන්නේ
                                                                          
                                                                                   සභාපති

වෙන්න බෑනේඒ පිරිමින්ගේ ක්‍රිකට් කණ්ඩායමක් නේඔයාට හොඳටම විශ්වාසද
                                                                        
                                                                                   බිරිඳ

ඔව්මට මිනිහගේ පවුලත් කිව්වා.
                                                                          
                                                                                    සභාපති

මේක නිකමට ඇමතිතුමාට කිව්වා නම් හොඳයි. ඔහු ටෙලිෆෝනය ගෙන ඇමතිතුමාට කතා කරයි.
  
ඇමතිතුමාගේ නිවස

ඇමතිතුමා කලබල වී ඇත.
                                                                     ඇමතිතුමා

මේක මට පොඩ්ඩක් කලින් කියන්න තිබුනනේ. මම දැන්මම පිටත් වෙන්නම්.

ඔහු රියදුරුත් සමඟ වාහනයෙන් කලබලෙන් පිටත් වෙයි. තරඟ අවසන් වන විටම වගේ ක්‍රීඩාගාරයට පැමිණ, නගරයේ විදුහලේ විදුහල්පති හමු වී කලබලයෙන් කතා කරනු පෙනේ.
                                                
 47

ආපසු තරගය පැවැත්වේ. ඊලග ඕවරයේ නගරයේ කණ්ඩායම තවත් ලකුණු හයක් ලබා ගනී.නිමල් ඊලග ඕවරය පටන් ගනී. ඇය නව‍ ජවයකින් පන්දු යවන බවක් පෙනේ. පලවෙනි බෝලය දග කැවී විකට්ටුවට පැමිණ අනුනවයෙන් විකට්ටුව බේරෙයි. ඊලග බෝලේයේදී හතරේ පහරක් වැදේ. ඊලග බෝලේය දග කැවී පැමිණෙන බෝලය විකට්ටුවේ වැදේ .ඊලග බෝලය වාරයේ පහරක් වැදුනද එය එක ලකුණකට සිමා කරන්නට පන්දු රකින්නන් සමත් වේ. ඊලග පන්දුවට හයියෙන් ගැසුවද එය නොවැදී පන්දු රකින්න රැක ගනී .ඊලගට සමරසිරි ගේ   ඕවරයේ  කඩුලු නොමැතිව හයේ පහරක් ඇතුළුව ලකුණු 10 ක් නාගරික කණ්ඩායම ලබා ගනී.

48

නිමල් නැවත යැවීමට පටන් ගනී. ඇයගේ මුල් පන්දු දෙකට හතරේ පහර දෙකක් වදී. ඊලග පන්දු හතරට  එක කඩුල්ලක් දෑවී ලකුණු දෙකක් ලබා ගනී .

49

පලවෙනි බෝලයට තට්ටුවක් දමා ලකුණක් ලබා ගනී.  දමා ගසන බෝලය අල්ලා ගැනීමට නොහැකි වීමෙන් තවත් ලකුණක් ලබාගනී. ඊ ලග බෝලය එක් ලකුණක් ලබා ගනී.දග කැවී විකට්ටුවට යන ඊ ලග බෝලයට වැරෙන් පහර දෙයි. බෝලය කෙලින්ම හතරේ සීමාවට යන බව පෙනෙයි. නගරයේ විද්‍යාලයේ නරඹන්නන් මහත් සතුටෙන් කෑමොර දෙති. එහෙත් අදහා ගත නොහැකි වේගයෙන් දිව යන පන්දු රකින්නා ඉමහත් වෙහෙසක් දරා අවසාන මොහොතේ පන්දුව රැක ගනී. මේ අතර ක්‍රීඩකයන් ලකුණු එකකට පැති මාරු කර ගනිති. ඊළඟ පන්දුව සියලු දෙනාම කිසිම ශබ්දයක් නැතිව බලා සිටිති. මෙය තරඟයේ අවසාන පන්දුවයි.ඇය විනිසුරුට කියා කඩුල්ලට අනික් පැත්තෙන් පන්දුවක් යැවීමට සැරසේ. පන්දුව දඟ කැවී විකට්ටුව දෙසට යයි. පිතිකරු පැත්තකට හැරී පන්දුවට තදින් පහරක් එල්ල කරයි.පන්දුව ඉතා වේගයෙන් ඉහලින් අනෙක් විකට්ටුව අසලින් යන විට නිමල් ඉහලට පැන වම් අතින් බෝලය අල්ලා ගනී. සියලු නරඹන්නන් එක්වරම නිශ්ශබ්ද වී මෙම අපූරු අවස්ථාව දෙස බලා සිටිති. ගමේ විදුහලේ නරඹන්නන්  කෑ ගසමින් උඩ පනිති .
    
තෑගි බෙදාදීමට කටයුතු පිලියල කරමින් පවතී. නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුලේ කාමරයක සාකච්ඡාවක් කරමින් සිටිති. නගරයේ විදුහලේ විදුහල්පතිවරයා කලබලයෙන් එම කාමර ඇතුලට යයි. ටික වෙලාවකින් පනිවිඩකරුවෙකු විදුහල්පතිසමරකෝන් මහතා  වෙතට පැමිණ

අන්න මහත්තයට අධ්‍යක්ෂකතුමා එන්න කිව්වා.
                                                         විදුහල්පති,  වීරසේකර  වෙතට හැරී
                                                                             
                                                         විදුහල්පති,

අර ප්‍රශ්නයද දන්නේ නැහැ.
                                                                             
                                                                     වීරසේකර             

එහෙනම් මමත් කෝකටත් එන්නම්.

ඔව්න් දෙදෙනා අධ්‍යක්ෂක  වරයා සිටින කාමරය තුලට යති
                                                                     
                                                                          අධ්‍යක්ෂක

දෙන්නම ඔතනින් ඉදගන්න. තරගය දිනුවට මෙතන පොඩි  ප්‍රශ්නයක් ඇවිත් තියනවා.  ඔබලාගේ කණ්ඩායමේ ගැහැණු ළමයෙක් ක්‍රීඩා කරා කියලා පැමිණිල්ලක් ඇවිත් තියනවා. ඒක ඇත්තද?
විදුහල්පති,  ,   වීරසේකර දෙස බලයි.  

                                                           වීරසේකර  පිළිතුරු දෙයි.
                                                                                     
                                                                                  

ඔව්,  අපේ කණ්ඩායමේ ගෑනු ළමයෙක් ඉන්නවා.
                                                                   
                                                                          අධ්‍යක්ෂක

මේ තරගාවලියට ගෑනුළමයෙකු  ඇතුල් කරන එක වැරදි. මට එහෙම වුනා කියලා විදුහල්පතිතුමා ලිපියක්  ලියලා දෙන්න.  ඒ ළමයාගේ නමත් දාලා. ඔය team  එක මම disqualify කරන්නම්. එතකොට  අනික් college එක තමයි champion වෙන්නේ.
අනෙක් විදුහලේ විදුහල්පති එතනින් එලියට පැමිණ එහි නරඹන්නන්ට මේ පිළිබද දන්වයි. එක්වරම ඔව්න් සියලු දෙනා මහත් සතු ටට පැමිණ කෑ ගසති.
විදුහල්පතිසහ  වීරසේකර  කාමරයෙන් පිටතට පැමිණෙති. ඔවුන් තම කණ්ඩායම වෙත ගොස් මේ පිලිබදව පවසති. සියලු දෙනා වචන නොමැතිව ගල් ගැසීමෙන් සිටිති.
                                                       
ටික වෙලාවකට පසු නොතාරිස් කතාකරයි.
                                                                                  
                                                                     නොතාරිස්

මට  පොඩ්ඩක් මේ ක්‍රීඩා තරඟ ගැන එවපු නීති රීති කියවන්න පුලුවන්ද?
     වීරසේකර  බසයට දුවගොස් ඔහුගේ බෑගය හැර file එකක් රැගෙන පැමිණේ.

52

සවස බසය ආපසු ගමට පැමිණේ .ඔවුන් පිළිගැනීමට දෙමව්පියන් සහ තවත් ගමේ පිරිසක් පැමිණ සිටිති .මුලින්ම බසයෙන් බසින්නේ ධම්මදස්සී හාමුදුරුවෝය. රැස්ව සිටින පිරිස ඔහුට ඉඩ දෙති. ඇබිත්තයා ධම්මදස්සී හාමුදුරුවෝ ගේ කුඩා ගමන්   බැගය ගනී. ඔවුන් දෙදෙන ගල දිගේ පන්සල වෙත පියනගති. .ඉන්පසු එකිනෙකා බසයෙන් බිමට බසින අතර කිසිවෙකු කතා කරන්නේ නැත. සියලු දෙන තිගැස්සිමට පත් වුවක් මෙන් සිටිති .අවසානයේ බසයෙන් බසින්නේ නිමල් ය. ඇය එක්වරම දුවගෙන ගොස් තම පියා  අල්ලාගෙන අඩන්නට පටන් ගනී. ධම්මදස්සී හාමුදුරුවෝ අඩන ශබ්දය ඇසි ආපසු හැරේ .
                                                                                              
                                                             ධම්මදස්සී හාමුදුරුවෝ

මෙතන අඩන්නට දෙයක් නැනේ බං, ලංකාවේම දෙවෙනි තැනට ආවා කිව්වහම රතිඤ්ඤා දාලා ඇට්හෝම් කන්න වටිනවානේ.


53

රාත්‍රියේ විදුහල්පතිවරයාගේ නිවස

පැරණි කාලයේ තරමක නිවසක විදුහල්පතිවරයා සහ  වීරසේකර සහ John අරක්කු බෝතලයක් පානය කරති .මේසයක් මත බාගයක් ඉවර වුන  අරක්කු බෝතලයක් ද ක්‍රිම් සෝඩා බෝතලයක් ද , වතුර වීදුරුවක් ද තිබේ .පිරිසියක උම්බලකඩ සහ රතු ළුණු ඇත .ඔවුහු තරමක් බිමත්ව තරගය සිදු වූ දැ පිලිබදව සාකච්චා කරමින් සිටි .
                                                                                                 
                                                                                වීරසේකර

එයාගේ වැරැද්දක් නෙවේ. එයා ගැහැණු ළමයා හදුන්වා දුන්නට අපි හැමදෙනාම එකතු වෙලා තමා එයාව කණ්ඩායමට ගන්න තීරණය කලේ .
                                                                                           
                                                                විදුහල්පති

නැහැ නැහැ මම කිවුවේ මේකට ටීචර්  වගකියන්න ඕනේ කියලා නෙවේ .

ගෙදර බල්ලා  බුරමින් පාර දෙසට යයි .

ලොකු මහත්තයාලොකු මහත්තයා ,
කෙනෙකු කතා කරනවා ඇසේ .
                                                                                             
                                                        විදුහල්පති

මේ මහා රෑ කවුද ඇවිල්ලා තියෙන්නේ,

.ඔහු කලබල වෙයි .

වීරසේකර  ඉක්මනින්  බෝතලය සහ අනෙකුත් දෑ නොපෙනෙන්නට කනප්පුව යටින් තබයි .

54
[53 දර්ශනය මයි ]

 වීරසේකර එතනම ඉදගෙන සිටි .විදුහල්පති,  මහතා නොතාරිස් සමග එතනට පැමිණෙයි .
                                                                                
                                                                 නොතාරිස්
                              
 ආ මහතුරු දෙන්නා හොද වැඩක් කර කර ඉදලා තියෙන්නේ
.කනප්පුව යට දෙස බලා කියයි .
                                                                                
                                                             විදුහල්පති

ඔව් මම එන ගමන් ටවුමෙන් බෝතලයක් ගත්තා,සතුටයි දුකයි දෙකටම. ඉතින්  වීරසේකර මහත්තයා සවස මේ පැත්තේ ආවා

                                                                         
                                                                 නොතාරිස්

එහෙනම් දැන් ඉතිරි ටික අපි හතර  දෙනාටම, සතුටට ඉවර කරන්න පුළුවන්
                                                                                
                                                             විදුහල්පති

ඒ මොකද නොතාරිස් මහත්තයට දෙවෙනි තැන හොදටම ඇතියි කියලා හිතුනද?
                                                                                   
                                                                 නොතාරිස්  
නැහැ, ඒක නොවේ කාරණය. මම මේ තරග සම්බන්ධව තිබුන රෙගුලාසි අකුරක් නැර කියෙව්වා .මුලසිට අගටයි, අග සිට මුලටයි. අර හාමුදුරුවෝ කියනව වගේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. ඒකේ කොහෙවත් නැහැ මේක පිරිමි ක්‍රීඩකයන්ගේ තරගාවලියක් කියලා, ඉතින් එහෙම නම් ගැනු  ළමයෙක් සෙල්ලම් කර කියලා අපිට දඩුවම් දෙන්න බැහැ.
වීරසේකර සහ විදුහල්පති ඉතාම සතුටට පත් වෙති .
                                                                                       
                                                               විදුහල්පති

හැබෑම නේන්නම්, අපි හෙට උදේම ගිහිල්ල මේක සංවිධානය කරපු ක්‍රීඩා අධ්‍යක්ෂක හම්බ වෙමු. හැබැයි
වැඩේ හරියන කම්ම කටේ කෙල ඩින්ගක්වත් හොල්ලන්න එපා, මොකෝ ආය මිනිසුන්ගේ බලාපොරොත්තු කඩ කරන්න බැහැ .

55

පාසැල


පාසලේ රැස්වීමට ලැස්ති වී සිටි විදුහල්පති ඉදගෙන සිටින පුටුවට ඉදිරියෙන් ඇති මේසය මත පරණ කාලයේ රේඩියෝ එකක් තබා ඇත . එහි  නිවේදනයක්  විකාශනය වේ .
                                                                  
                                                                          radio :

දැන් වෙළද අංශයේ ප්‍රවුත්ති විකාශනයේ ක්‍රීඩා තොරතුරු ,අන්තර් පාඨශාලා සීමිත ඕවර අවසාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයේ ඇති වූ සුවිශේෂී සිදුවීමක් නිසා ජයග්‍රහණය ලබාගත් උඩුගම්මද්ද විදුහල, සිසුවියක වංචනික ලෙස ක්‍රීඩා කරවීමෙන් අවසාන මහා තරගයෙන් නුසුදුසු වූ බව අද මුලු රටේම කතා බහට ලක් වී ඇති කාරණයකි .එහෙත් තරඟ නීති රීති වල  සිසුවියකට එම තරගාවලියේ ක්‍රීඩා කල නොහැක යන්න කිසි තැනක ලිය,වී නොතිබුණු බව එම විදුහල විසින් සංවිධායක මණ්ඩලයට පෙන්වා දීමෙන් පසු උඩුගම්මද්ද මහා විද්‍යාලය එම තරගයේ නියම ජයග්‍රහිකයන් බව සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත .
ශිෂ්‍යයෝ එකිනෙක වැලද  ගනිමින් සතුට පල කර ගනිති .විදුහල්පතිගේ ඇසින් කදුළු වැටේ .
                                                           


                                                                               








සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...