Sunday, June 25, 2023

ග්ලූකෝමා රෝගය

 මම මේ ලඟකදී වැල්ලවාය ප්‍රදේශයේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් කළමනාකරණය සඳහා ගොස් සිටියෙමි. මෙහිදී බොහෝ කලින් පාරවල් වල වාහන එලවද්දි පාරේ ඈත කෙළවර එතරම් පැහැදිලිව පෙනෙන්නේ නැති බවක් මට සිතුනි. 

මම නැවත මහනුවරට පැමිණි පසු අක්ෂි වෛද්‍යවරයෙකු හමුවිය ඔහුගෙන් උපදෙස් ලබාගෙන ඇස් පරීක්ෂණ කිහිපයක් සිදු කළෙමි. 


එහිදී මට ග්ලූකෝමා රෝගය ඇතිවන්නට ඉඩ තිබෙන බවක් අක්ෂි වෛද්‍යවරයා පවසා සිටියේය. ඔහු එය සඳහා පාවිච්චි කිරීමට eye drop එකක්ද ලියා දුන්නේය. 


එය සෑම දිනකම හවස්වරුවේ රාත්‍රී හතට පමණ ඇසට දමා ගත යුතුය.


මම ගෙදර පැමිණ මේ අසනීපය ඇතිවීමට හේතු සහ එය තවදුරටත් වැඩි වීමට ඉඩ නොදී සිටීමට කුමක් කළ යුතුදැයි ගූගල් හරහා පරීක්ෂා කළෙමි.


එහිදී මම දැනගත්ත මිතුරන් ගේ අවධානයට යොමු කිරීමට පහතින් ලියා දක්වමි

ග්ලූකෝමා රෝගය ඇති වන්නේ ඇහේ ඉදිරිපස මතුපිට ද්‍රව එකතු වී ඒවායින් ඇසට ඇතිවන පීඩනය නිසා ඇසේ සිට මොළයට පණිවිඩ ගෙන යන ස්නායු නරක් වීම බව මම දැනගත්තෙමි. 


මම මේ පිළිබඳව මගේ යාලුවෙකුට පැවසූ විට ඔහු කියා සිටියේ ඔහුගේ මාමා කෙනෙකු කලකට පෙර මෙම රෝගය වැළඳී අවුරුදු විස්සක් පමණ අන්ධව තම ජීවිතයේ අවසාන කාලය ගත කළ බවයි. මෙයින් වික්ෂිප්ත වූ මම මෙය වළක්වා ගැනීමට කුමන ආකාරයේ වෙනස්කම් සිදුකර ගත යුතුදැයි ගූගල් හරහා තවදුරටත් පරීක්ෂා කරන්නට පටන් ගත්තෙමි..


එහිදී මම පහත සඳහන් ප්‍රවේශම් වීම් වලින් සෑහෙන දුරට ග්ලූකෝමා රෝගය වැළඳීමේ අවධානය අවදානම අඩු කර ගත හැකි බව දුටුවෙමි. බොහෝ දෙනෙකුට මෙම කාරණා වැදගත් විය යුතුයැයි මම සිතූ නිසා මෙලෙස බ්ලොග් එකක දමන්නට තීරණය කළෙමි.


 1. කෝපි බීම බොහෝ අඩු කළ යුතුය- මම දැන් අවුරුදු විසි පහක පමණ සිට උදේට නැවුම් කිරි ටිකක් දමා කිරි කෝපි එකක් බොන්නට පුරුදුව සිටින්නෙමි. ඒ අය තරම් විශාල කැපෙන් ප්‍රමාණයක් නොවන නිසා එහි වෙනසක් කරන්නට නොමැති බව මම තීරණය කළෙමි.

 2. තේ බොන එක හොඳ බව පෙනේ- මම දවසකට තේ කෝප්ප තුනක් හෝ හතරක් සීනි නොමැතිව බොන අතර එය දිගටම කරගෙන යන්නට සිතුවෙමි. 

 3. පහත සඳහන් විටමින් ලබා ගැනීම රෝගය පැමිණීම වැළැක්වීමට ප්‍රයෝජනවත් වන බව කියා තිබේ. එම විටමින සහිත ආහාර වර්ග සොයා මගේ ආහාර වට්ටෝරුවට එකතු කරගත යුතු බව මම සිතා ගත්තෙමි. A B9 C and E . මම දිනපතා ම පාහේ ඇඹුල් පලතුරු ගෙවත්තෙන් ලබා ගෙන ආහාරයට ගන්නා නිසා සී විටමින් ඒවා හැරෙන්නට අනික් ඒවා පමණක් සහිත විටමින් compound දෙකක් මිලදී ගන්නට තීරණය කළෙමි.

 4. වතුර පානය කරන විට ලීටර් කාලකට වඩා එක් වර පානය නොකළ යුතු බව කියා තිබේ. වතුර පානය කිරීම සෞඛ්‍යයට ඉතාමත් හොඳ යැයි අසා තිබෙන නිසා මම බෝතල් බාගයක් විතර එකවර පානය කරන්නට පුරුදුව සිටින්නෙමි. මෙය නවතා වතුර බොන විට වතුර බෝතල් කාලක් පමණ බීමට පටන් ගැනීමට තීරණය කළෙමි.

 5. රතු මස් වර්ග කෑම අඩු කළ යුතුය. මෙය තරමක් අමාරු කාර්යයක් වුවත් එය කළ යුතු බව පෙනේ. නමුත් අප රතු මස් කන්නේ බටහිර කනවට වඩා බොහෝ අඩුවෙන් නිසා මේ කාරණය අපට එතරම් වැදගත් නොවන්නට පුළුවන.

 6. Ginkgo Biloba ශාකයෙන් සෑදූ බෙහෙත් පෙති වර්ග ද මේ සඳහා හොඳ යයි අසන්නට ලැබුණු අතර මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට මම සිතා ගත්තෙමි.

 7. පහත සඳහන් පලතුරු ආහාරයට ගැනීම ද මෙම රෝගය වළක්වා ගැනීමට උදව් වන බව දැනගන්නට ලැබුණි.

 දොඩම්

පීචස්

කෙසෙල්

අලිපේර

වට්ටක්කා ඇට

කළු බොන්චි ඇට

ලූණු

ඉඟුරු

සුදු ලූනු

පොල් හෝ කුරුම්බා වතුර

සියඹලා


පුදුමයකට වගේ මම පසුගිය දවස් වල වැල්ලවාය සිටියදී අපගේ ගොවිපළේ සියඹලා ගසක බොහෝ ගෙඩි තිබෙනවා දැක ඒවා බ්ලෙන්ඩරයකට දමා ජූස් හදාගෙන බිව්වෙ මි. මම එම ජූස් වලට මහා ඇල්මක් දැක්වීම්. දැන් මට සතියකට දෙපාරක්

 පමණ එය continue කරන්නට පුළුවන.

8. තද සූර්යාලෝකය දෙස නොබැලීම, තද සූර්යාලෝකයට යනවව නම් අව් කණ්ණාඩි පාවිච්චි කිරීම

9. නිදාගන්නා විට සිවිලිම දිහා බලාගෙන නිදාගනීම

3 comments:

  1. ගොඩක් ස්තුතී හැමෝම එක්ක කරුණු ශෙයා කරගත්තට .....

    ReplyDelete
  2. මේ සඳහා ප්‍රෙෂර් ටෙස්ට් එකක් තියෙනවා. අලුතෙන් ඇස්කණ්ණාඩි ගැනීම සඳහා දෙවසරකට වරක් ඇස් පෙනීම පරීක්ෂා කරන විට එම පරීක්ෂණය මට දෙතුන් වරක් කළා

    ReplyDelete
    Replies
    1. මටත් ඒක කළා ඉන්පසු තමයි අවවාද කලේ සමාරවිට මේක වැඩි වෙන්නට පුළුවන් කියලා

      Delete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...