Wednesday, September 30, 2020

ගැලිලියෝ ගැලිලි නාට්‍යය - මගේ අලුත්ම පොතෙන් කොටසක්

 


ගැලීලියෝ වැනිස් ජන රජය වෙත නව නිපැයුමක් ප්‍රදානය කරයි.


නැත්තේය සෑම අතින්ම අවංක මිනිසුන්

ශ්‍රේෂ්ඨ ගැලීලියෝ කැමතිය සැප පහසුකම් වලට 

මෙම දුරේක්ෂය පිළිබඳ සත්‍ය කතාව ඇසූ විට

ඔබ ඔහු ගැන අහිතක් නොසිතන බව අපි දන්නෙමු


වැනීසියෙ වරාය අසල එහි හමුදාවේ ප්‍රධාන ආයුධ ගබඩාව,

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සහ අනෙකුත් සෙනෙට් සභිකයින් එක් පැත්තකත්, ගැලීලියෝගේ මිතුරු සර්ගේඩෝ, ගැලීලියෝගේ දියණිය වන 15 හැවිරිදි වර්ජිනියා, වෙල්වට් රෙද්දක තැබූ අඩි දෙකක් පමණ දිග දුරේක්ෂය අතින් ගෙන වේදිකාවේ පැත්තක සිටි.
වේදිකාව මැද ගැලීලියෝ සිටින අතර, ඔහුට පිටුපසින් දුරෙක්ෂ සඳහා මේසයද, පැත්තකින් කාච සාදන ඔහුගේ මිතුරු ෆෙඩර්සෝනිද සිටියි.

ගැලීලියෝ :- අතිගරු ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා, ගෞරවණීය අමුත්තනි, ඔබගේ විශ්ව විද්‍යාලෙ ඇදුරෙකු විදිහට සහ ඔබගේ ආයුධ ගබඩාවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අතරම, මේ ජන රජය වෙත නොයෙකුත් නව නිපයුම් මගින් යම් ප්‍රයෝජන ලබා දීමට මම නිතරම උත්සාහ කරන බව ඔබ හොඳින් දන්නවා. මම අද ඉතාමත් සතුටින් ඒ වගේම බොහෝ යටහත් පහත්ව එවැනි තවත් නව නිපයුමක් ඉදිරිපත් කිරීමට කැමතියි. එය මෙම ලෝක පූජිත ආයුධ ගබඩාවේම, අතිශය විද්‍යාත්මක සහ ආගමික නීති වලට අනුව, බොහෝ පරීක්ෂණ වලින් පසුව, නිපදවන ලද දුර බැලිය හැකි කණ්ණාඩියක්. මෙය ඔබගේ කීකරු සේවකයාගේ අවුරුදු 17 ක පරීක්ෂණ වල ප්‍රතිඵලයක්.

ගැලීලියෝ :- වේදිකාවෙන් බැස තම මිතුරා වන සෙග්‍රෙඩෝ අසලින් හිටගනී.

අත්පොළසන් හඬ පැතිරෙයි. ගැලීලියෝ ඉදිරියට නැමී එය පිළිගනී.

ගැලීලියෝ :- සෙග්‍රෙඩෝට මුමුණයි - නිකන් කාලය නාස්ති කිරීමක්.

සෙග්‍රෙඩෝ :- ඒ වුනාට ලොක්කා, ඔබට ඔබේ මස් කාරයාගේ බිල ගෙවන්න පුළුවන් වෙයි.

ගැලීලියෝ :- ඔව් මේ උපකරණයෙන් මුදල් ලැබෙයි, - ඔහු නැවත ඉදිරියට නැමී ආචාර කරයි -

උපකුලපති :- වේදිකාවට පැමිණෙයි - අතිගරු ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා ඇතුළු විශේෂ අමුත්තන් ගෙන් අවසරයි, නැවත වාරයක් අද වෙනිසියානු[1] චරිතය ගැන විශේෂ කාරණයක් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුනා. - තරමක අත්පොළසන් නාදයක් - ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු විසින් ඔබට කැමති ආකාරයකට නිපදවා විකුණා ගත හැකි උපකරණයක්, අද මෙතනදී ඉදිරිපත් කරනු ලැබුවා, - පෙරට වඩා වැඩි අත්පොළසන් නාදයක් - මෙම උපකරණය මගින් අනාගතයේ ඇතිවන සාගර යුද්ධයකදී සතුරාගේ නැව්‍වල ප්‍රමාණය සහ ඒවායේ වර්ග, ඔවුන්ට අපේ යුධ නැව් දකින්නට පැය දෙකකට කලින් දැක ගන්නට පුළුවන්, එම දැනුමෙන් අපිට පුලුවන් අප සතුරාට මුහුණ දිය යුතුද, එසේත් නැත්නම් එතනින් පලා යා යුතුද යන්න තීරණය කිරීමට. - තද අත්පොළසන් නාදයක් -

මහත්වරුනී, දැන් ගැලීලියෝ මහත්මයා ඔබෙන් ඉල්ලා සිටිනවා, අප ආයතනයට මහත් ගෞරවයක් වන මෙම උපකරණය ඔහුගේ දියණියගේ අතින් පිළිගන්න කියා.


සංගීතය පැතිරෙයි: ඉදිරියට පැමිණ නැමී ආචාර කර, දුරේක්ෂය උපකුලපතිවරයාට පිළිගන්වයි. ඔහු එය ෆෙඩර්සෝනි වෙත ලබා දෙයි. ෆෙඩර්සෝනි එය රැගෙන ආධාරක මත සවි කරයි. මහෙස්ත්‍රාත්තුමා සහ සෙනෙට් සභිකයන් පැමිණ එය තුලින් පිටත නිරීක්ෂණය කරති.

ගැලීලියෝ :- හෙමින් කතා කරයි - මට මේ කානිවල් එක අවසන් වෙන තෙක් මෙහි ඉන්නට ප්‍රමාණවත් තරම් ඉවසීමක් තිබේ කියලා මම හිතනවා, මේ මිනිසුන් හිතනවා මේක ලාභ ලැබිය හැකි සෙල්ලම් බඩුවක් කියලා, නමුත් එය තුල ඊට වඩා බොහෝ යමක් තිබෙනවා. මම මේක ඊයේ රෑ හඳ වෙතට යොමුකලා.

සර්ගේඩෝ :- මොනවද ඔබ දුටුවේ.

ගැලීලියෝ :- හඳේ කිසිම ආලෝකයක් නිපදවෙන්නේ නැති බව.

සග්‍රෙඩෝ :- මොනවා.

සෙනෙට් සභිකයෙකු :- ගැලීලියෝ මහත්මයා මම මේකෙන් දැක්කා සැන්ටා රොසිටා බල කොටුව, එහි පිටත පාවෙන බෝට්ටුවක මිනිස්සු දවල්ට කෑම කනවා, බැඳපු මාළු, මගේ කටට කෙළත් ඉනුවා.

ගැලීලියෝ :- මට කියන්නට පුළුවන් තාරකා විද්‍යාව අවුරුදු දහසක් පමණ මේ විදිහට එකතැන පල්වුනේ මේ වගේ දුරේක්ෂයක් නැති නිසා කියලා.

සෙනෙට් සභික :- ගැලීලියෝ මහත්මයා!

සග්‍රෙඩෝ :- ඔවුන් ඔබට කතා කරනවා.

සෙනෙට් සභිකයෙක් :- මේකෙන් දුර පෙනෙනවා හොඳටම වැඩියි, මම මගේ ගෙදර ඉන්න කාන්තාවන්ට කියන්න ඕන, ආයෙ වහලය උඩ ස්නානය කරන්න එපා කියලා.

ගැලීලියෝ :- ඔබ දන්නවද මිල්කි වේ එක හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා.

සග්‍රෙඩෝ :- නැහැ.

 

සෙනෙට් සභිකයෙකු :- මේ උපකරණ ලේසියෙන්ම ස්කූඩි[2] 10 කට විකුණන්න පුළුවන් ගැලීලි මහත්මයා.

ගැලීලියෝ :- ඉදිරියට නැමී ආචාර කරයි.

වර්ජිනියා :- ගැලීලියෝ හමුවට ලුඩොවිකෝ රැගෙන එයි. ඔහුට ඔබට සුභ පතන්නට ඕනෑලු.

ලුඩොවිකෝ :- ලැජ්ජාවෙන් මෙන් මම ඔබට සුභ පතනවා මහත්මයා.

ගැලීලියෝ :- මම ඒක තරමක් දියුණු කළා.

ලුඩොවිකෝ :- ඇත්තෙන්ම මාත් එය දැක්කා ඔබ එහි කවර රතුපාටින් සාදා තිබෙනවා, ඕලන්දයේ කවරෙ කොළ පාටයි.

ගැලීලියෝ :- සග්‍රෙඩෝ ඒ දෙසට හැරෙමින්. මම මේ කල්පනා කලේ මේ උපකරණය යොදා ගෙන මට යම් න්‍යායක් ඔප්පු කරන්න පුළුවන්ද කියලා.

 

සග්‍රෙඩෝ :- කරන දෙයක් ප්‍රවේශමෙන්.

උපකුලපති :- ඔබ ඉල්ලූ ස්කූඩි 500 නම් හරි වගේ, ගැලීලියෝ මහත්මයා, ගැලීලියෝ ඔහු ගණන් නොගෙන, ඇත්තටම මම කල්තියාම උපකල්පන කිරීමට කැමති නැහැ.

තරබාරු සිරුරක් සහිත කරුණාවන්ත පෙනුමක් ඇති, ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ගැලීලියෝ වෙතට පැමිණේ. මවාගත් ප්‍රෞඪ කමකින් ගැලීලියෝට කතා කරන්නට උත්සාහ කරයි.

උප කුලපති :- ගැලීලි මහත්මයා, අති ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා, ගැලීලියෝ මහෙස්ත්‍රාත්තුමාට අත දෙයි.

ගැලීලියෝ :- ඔබ තුමා සෑහීමකට පත් උනාද?

ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා :- අපේ නගරයේ ප්‍රධාන පුරවැසියන්ට අපගේ විද්‍යාඥයන්ට ගැලපෙන වැටුපක් ගෙවීමට එකඟ වීමට හේතුවකුත් අවශ්‍යවීම අවාසනාවට කාරණයක්.

උපකුලපති :- ඇත්තෙන්ම ඔබට මහන්සි වී වැඩ කිරීමට පොළඹ වීමට තවත් හේතු තිබිය හැකිද, ගැලීලි මහත්මයා.

මහෙස්ත්‍රාත්තුමා :- සිනහ වෙමින්, අපිට එයට පිටතින් පෙනෙන ලෙසට හේතුවක් අවශ්‍ය වෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා සහ උප උපකුලපතිවරයා ගැලීලියෝව සෙනෙට් සභිකයින් වෙතට කැඳවාගෙන යයි. වර්ජිනියා සහ ලුඩොවික් එතැනින් ඉවතට යයි.

වර්ජිනියා :- මා එතනදී හැසිරුණ විදිය හොඳයිද?

ලුඩොවික් :- මට පෙනුන විදියට නම් වරදක් නැහැ

වර්ජිනියා :- එහෙනම් මොකද මූණ නරක් කරගෙන ඉන්නේ,

ලුඩොවික් :- විශේෂ දෙයක් නෙමේ, හැබැයි දුරේක්ෂය කවරේ කොළ පාටට තිබ්බ නම් හොඳයි කියලා හිතෙනවා.

වර්ජිනියා :- මට හිතෙනවා ඔවුන් සියලු දෙනාම මගේ පියා ගැන සතුටු වුනා කියලා.

ලුඩොවික් :- මට හිතෙනවා මම දැන් විද්‍යාව ගැන ටිකෙන් ටික තේරුම් ගන්නවා කියලා.

 

 

 

 

 



 

 

ගැලීලියෝ :- ඔබ තුමා සෑහීමකට පත් උනාද?


ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා :- අවාසනාවන්ත විදිහට අපේ නගරයේ ප්‍රධාන පුරවැසියන්ට, අපගේ විද්‍යාඥයන්ට වැටුප් වැඩිකිරීමට එකඟ වීමට පිටතින් පෙනෙන හේතුවකුත් අවශ්‍ය වෙනවා.

උපකුලපති :- ඇත්තෙන්ම ඔබට මහන්සි වී වැඩ කිරීමට පොළඹවන වෙනත් හේතු තිබිය හැකිද, ගැලීලි මහත්මයා.

මහෙස්ත්‍රාත්තුමා :- සිනහ වෙමින්, අපිට එයට පිටතින් පෙනෙන ලෙසට හේතුවක් අවශ්‍ය වෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා සහ උප උපකුලපතිවරයා ගැලීලියෝව සෙනෙට් සභිකයින් වෙතට කැඳවාගෙන යයි. වර්ජිනියා සහ ලුඩොවික් එතැනින් ඉවතට යයි.

වර්ජිනියා :- මා එතනදී හැසිරුණ විදිය හොඳයිද?

ලුඩොවික් :- මට පෙනුන විදියට නම් හොඳයි,

වර්ජිනියා :- එහෙනම් මොකද මූණ නරක් කරගෙන ඉන්නේ.

ලුඩොවික් :- විශේෂ දෙයක් නෙමේ, හැබැයි දුරේක්ෂයේ බටේ කොළ පාටට තිබූනනම් හොඳයි කියලා හිතෙනවා.

වර්ජිනියා :- මට හිතෙනවා ඔවුන් සියලු දෙනාම මගේ පියා ගැන සතුටු වුනා කියලා.

ලුඩොවික් :- මට හිතෙනවා මම දැන් විද්‍යාව ගැන ටිකෙන් ටික තේරුම් ගන්නවා කියලා.

 

 

 



[1] ඉතාලියේ වැනිස් නගරහි පුරවැසියන්

[2] එකල ඉටාලියේ මුදල් ඒකකයක්

Sunday, September 27, 2020

වට්ට ගාමිණි අභය ; අපේ ප්‍රශ්න මොනවාද?

අප අපට ප්‍රශ්න තිබෙනවා යයි සිතා සිටිමු. පොඩි ප්‍රශ්න,ලොකු ප්‍රශ්න සහ උභතෝකෝටික ප්‍රශ්න ප්‍රශ්න වර්ගීකරණය කරගන්නටත් පුළුවන . ප්‍රශ්න විසදාගන්නා ගැනීමට හොඳම ක්‍රමය ප්‍රශ්නය පළමුවෙන් ලියා ගැනීමයි.ඉන්පසු එය කිහිපවරක් කියවා බලා ලියවී ඇති ආකාරය නිවැරිදි නම් එය විසඳීම සඳහා ගැනීමට පුළුවන් පියවර එකින් එක ලියා අඩුම පාඩුවකින් සහ වැඩිම ලාභයකින් ප්‍රශ්නය විසඳා ගතහැකි විකල්පය ක්‍රියාත්මක කල හැක්කේය.

එහෙත් වට්ට ගාමිණි අභය (  103 BC and c. 89–77 BC) තිබු ප්‍රශ්න දෙස කිට්ටුකර බැලුවොත් ඔහුට ඒවා ලියන්නටම: ඔහු ගේ කාලයේ  නින්දගම් ලියා දෙන්නේද වැටකෙයියා කොළ වලය, වැටකෙයිය කොළ ටොන් ගණනක් අවශ්‍ය බව හැඟෙයි. 

අප කතානායක 50-43 BC කාලයේ රාජ්‍ය කල කල්ලට නාග රජුගේ බාල සොහොයුරාය. කල්ලට නාග රජුගේ කම්මහරත්තක නම්සෙන්පතියා රජු අගනුවරදීම මරා රාජ්‍ය පැහැර  ගනියි. වල්ලට නාග වහාම ඉදිරිපත් වී සෙනෙවියා මරා රාජ්‍ය ප්‍රතිස්ටාපනය කරයි. මේ වනවිට ඔහුටද මහානාග නම් දරුවෙකු  හා සෝමා නමින් බිසවක සිටියි.
ප්‍රශ්නය 1-මිට පෙර රජ කල ඔහුගේ සොහොයුරු රජුටද මියයන විට අනුලා නමින් බිසවක හා මහා කුල නමින් පුතෙකු සිටියහ. දැන් ඔටුන්න හිමි කුමරා මහාකුලය. ඒ නිසා පුරවැසියන් රජුට කියන්නේ "පිතිරාජ" එසේත් නැත්නම්  අනාගත රජුගේ පියා කියාය. රජ තුමා කියන්නේ නැත. කුමරා මේ සමිකරණයේ නැත්නම් අප කතානායකට සම්පුර්න  රජකු  විය හැක. 
ප්‍රශ්නය 2: ඔහු රජවූ පසු තම සහෝදරයාගේ බිරිඳ වූ අනුලා දේවිය ප්‍රධාන බිසව බවට පත් කලේය. දැන් ඔහුට ප්‍රධාන බිසවුන් දෙදෙනෙකි.දෙදෙනාටම පුත් කුමරුන් සිටිත්. සෝමා දේවිය ඔහුගේ පැරණි බිරිදයි. අනුලා දේවිය ඊටපෙර මහා රාජිනියයි. වාසල රාජ පරිවාර ප්‍රශ්න කෙසේ තිබෙන්නට ඇතැයි අපට සිතාගත හැක.

ප්‍රශ්නය 3: ඔහු රජ වූ වහාම රෝහණයේ තිස්ස නමැති බමුණෙකුට අනාවැකියක් අසන්නට ලැබේ, ඒ යම් දිනක ඔහු රජවන බවය. ඔහු හමුදාවක්ර රැස්කර රජුගෙන් රජකම ඉල්ලා හසුනක් යවයි. 

ප්‍රශ්නය 4: ඉන්දියාවෙනු  හමුදාවක් මන්නාරමෙන් ගොඩ බැස  රට ආක්‍රමණය කරන්නට සැරසෙයි.

මේවායින් 3 වන ප්‍රශ්නය ඔහු ලෙහෙසියෙන්ම විසඳා ගනී. "රට නුඹගේ ය, මන්නාරමට ගොස් දෙමළුන් මරා රාජ්‍ය ගනුව " ඔහු තිස්සට පිළිතුරක් යවයි. බොහෝ අනාවැකි මෙන් මේ අනාවැකියද පොඩ්ඩක් වැරදි ඇති සේය. තිස්ස සටනට ගොස් පැරදී මරුමුවට පත්වෙයි. 

එහෙත් රජුගේ 3 සහ 4  ප්‍රශ්න දෙකම එයින් විසදෙන්නේ නැත. පිලයමාර ඇතුළු ඉන්දියානු සෙනෙවියන් අනුරාධ්පුරයටම පැමිණ රජු පරාජයට පත් කරයි. 
ඔහු තම පවුලත් සමග  පැන යන්නේ අශ්ව කරත්තයකය. කොතරම් හදිස්සියෙන්ද කිවහොත් ඔහු පුද පුජා කිරීමට ලගින්ම තබාගන්නා බුදුන්ගේ පාත්‍රයද වෙසගිරි කැලයේ සඟවා තබමිනි.


ඔහු ගමන් කල අස්රියේ ඔහුට අමතරව,
v එකල ගැබිනියක් වූ අනුලා දේවිය.
v මහාකුල කුමාරයා.
v ඔහුගේම පුත් කුමරු වූ මහානාග.

v ඔහුගේ දෙවන බිසව වූ සෝමා දේවිය.
   ගමන් කරති. දැන් දෙමල සෙනෙවියන් ඔහු පසුපස හඹා එයි. වහා රථයේ වේගය වැඩි කරගත යුතුය.ඒ සඳහා එකම ක්‍රමය රථයේ බර අඩුකර ගැනීමය. කවුරුන් හෝ බැසිය යුතුය. බහින පුද්ගලයා හඹා එන දෙමළුන්ට අසුවන බවත් නොඅනුමානය. බස්සන්නේ කවුරුන්ද? කුඩා දරුවෙකු බැස්සිමෙන් රථයේ බරට එතරම් බලපෑමක් සිදුනොවන නිසා වැඩිහිටියන් තිදෙනාගෙන් කෙනෙකු බැසිය යුතුය. කොතරම් දුෂ්කර තීරනයක්ද ?
 රජු ඉතාමත් පියකරු තම   ප්‍රථම බිරිඳ බස්සවා යාමට තීරණය කරයි. ඇය කොතරම් ලස්සනද කිවහොත් ඇය අල්ලාගන්නා දෙමල සෙනෙවියා ඇය පිලිබඳ ලෝභ බැඳ ඇයත් රැගෙන ආපසු ඉන්දියාව බලා යයි. යන විට කොල්ලකාගත් වස්තුවේ තමාගේ කොටස ඉල්ලා ගෙන යන්නට ඇත. මෙලෙසම තවත් සෙනෙවියකු බුදුන්ගේ පාත්‍රය රැගෙන ආපසු ඉන්දියාවට යයි.මේවාට අමතරව කොල්ලකන ලද බොහෝ ධනයේ ඔවුන්ගේ කොටසද රැගෙන යන්නට ඇත.
රජු තම පවුලත් සමග වනයට පලා යයි. එහිදී ඔහු හඳුනන හිමි නමක් ඔහු සහ පවුල  ඒ අසල ජිවත්වන තනසිව නම් ප්‍රධානියෙකුට බාරදෙයි. රජ පවුල අවුරුදු 14ක් තනසිව ගේ පිහිටෙන් ජිවත් වෙයි. දැන් රජ පවුල තනසිවහට කරදරයක් වී ඇති සතිය. ඔහුගේ බිරිඳ අග මෙහෙසිය රජ පවුලේ සලාකය රැගෙන යෑමට පැමිණි විට ඒ කූඩයට පයින් ගසයි. ඇය හඬමින් රජු වෙත යයි. රජු පවුලත් සමග පැනයාමට තත් කරද්දී රජු සහ තනසිව අතර දුනු සටනක් ඇතිවී තනසිව මිය යයි. 

Thursday, September 17, 2020

අපුරු චිත්‍රපට

 


ඊයේ සහ පෙරේදා, ගෙදර නිදහසේ සිටින බොහෝ දිනවල මෙන්, මම චිත්‍රපටය බැගින් බැලුවෙමි . දවල් කෑම කද්දී අඩක් ද  රෑ කෑමට පෙර ඉතිරියත්  ලෙසටය . පෙරේදා බැලූවේ සිම්බාබ්වේ රටේ නිපදවන ලද චිත්‍ර චිත්‍රපටයකි cook off නම් වූ මේ චිත්‍රපටය මට බලන්නට සිතුනේ, එය සිම්බාබ්වේ චිත්‍රපටයක් නිසා සහ  මම මීට පෙර එරට නිපදවන  නිපදවන ලද චිත්‍රපටයක් බලා නොතිබූ නිසා එය .නරඹන්නට විශේෂ ආසාවක් ඇතිවුනු නිසාත් අන්ඩර් ඩොග්ස් ලාට උදව් කලයුතු නිසාත්ය. .
නළු නිළියන් කිහිප දෙනෙකු පමණක් යොදාගෙන පසුබිම් තලද  ඇඟිලි වලින් ගණන් කළ හැකි තරමට කිහිපයක් පමණක් පාවිච්චි කර කර තිබූ මෙම චිත්‍රපටිය මුල සිට අග දක්වා වරක් ඉඳගෙන නරඹන්නට පුළුවන් චිත්‍රපටයක් විය .

තරුණ කේවල මවක් තම දරුවා සමග නිවසේ ජීවත්වන අතර ඇය මේ සඳහා මුදල් උපයා ගන්නේ නිවස කිට්ටුව භෝජන ශාලාවක රැකියාව කිරීමෙනි . මේ අතර එම ප්‍රදේශයේ රූපවාහිනියේ කෑම පිසීමේ තරඟයක් පැවැත්වෙයි . මෙම කාන්තාව ද භෝජන ශාලාව උයන්නට දක්වන දක්ෂතාව නිසා ගනු දැන් ගනුදෙනුකරුවන් අතර ඉතාමත් ජනප්‍රිය වෙයි .

ඇයට මෙම තරගයට තරඟයට ඉදිරිපත්වන ලෙසට ඇයගේ පුතා බොහෝ කරදර කළ දමේ තරඟය බොහෝ පොෂ් සූපවේදීන් සහභාගීවන තරගයක් නිසා ඇය  තරඟයට සහභාගී වීමට කැමති වන්නේ නැත .
එහෙත් ඇයට නොදැනුවත්වම ඇගේ පුතා ඒ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන අතර සම්මුඛ පරීක්ෂණයට ද පරක්කු වී  නගරයට යන ඈ අහම්බෙන් මෙන් තරඟයට තෝරා ගැනෙයි.


ඇයට උදව් කරන පිරිස් මෙන්ම ඇය තරඟයෙන් ඉවත් කිරීමට  යටිකූට්ටු වැඩ කරන පිරිස් ද කතාවේ ප්ලොට් එකේ සිටිති . අවසාන වටයේ තරඟයෙන් කුමන්ත්‍රණයක් නිසා  ඉවත් කරන ඇය පසුව වෙනත් තරගකාරියක විසින් කරන ලද පාපෝච්චාරණයක් නිසා නැවත තරඟයට පැමිණ එය ජයගනී .

චිත්‍රපටය බලා අවසන් වූ පසු සිම්බාබ්වේ වැනි එතරම් චිත්‍රපට  කර්මාන්තය දියුණු නොමැති රටකින් මෙලෙස චිත්‍රපටයක් නෙට්ෆ්ලික්ස්  සඳහා තෝරාගෙන ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි නිසාදැයි  බලන්නට මම  මේ චිත්‍රපටය පිළිබඳව ගූගල් කර බැලුවෙමි .
එහිදී දුටු දේකින් මම පුදුමයට පත් වුණෙමි ,  මෙම චිත්‍රපටය සෑදීමට මුළුමනින්ම වියදම් කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් අටදාහක් පමණක් යැයි දැන ගැනීම නිසාය .
ඒ කියන්නේ  ශ්‍රී ලංකා මුදලින් මිලියන 1.4 ක් පමණි .
මෙතරම් සුලු මුදලකින් චිත්‍රපටයක් නිපදවා එය නෙට්ෆ්ලික්ස්  හි ප්‍රදර්ශනය කිරීමට තෝරා ගනු ලැබීමට  හැකි වීම ඇත්තෙන් ම පුදුම සහගතය .
ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ අන්තර්ජාතික තත්වයේ චිත්‍රපට සෑදෙන්නේ නැත්තේ රටවලට යෙදවෙන මුදල් අඩුකම බව කියන අයට මෙය හොඳ පිළිතුරකි..
මේ පිළිබඳව පරීක්ෂා කරද්දී සිම්බාබ්වේ රට ගැන අපුරු ඉලක්කම් ටිකක්ද දැක ගන්නට ලැබිණ


2 = tally of leaders in the last 40 years: Robert Mugabe and Emmerson Mnangagwa

5 = number of World Heritage sites, including Great Zimbabwe and Victoria Falls

63% = those living below the poverty line

89% = adult literacy rate

785% = annual inflation rate in May (this was 231m% in July 2008

 

 

Friday, September 11, 2020

බුදුන්ගේ පාත්‍රය

 

1900 පමණ ලංකාවට පැමිණි සංචාරකයෙකුගේ විස්තරයක්, 

මෙහි බුදුන්ගේ පාත්‍රය ගැන කියවෙන අපුරු විස්තරය නිසා පළකරන්නට සිතුනි.


ඔවුන් ඊළඟට යන්නේ දළදා මලිගවටය. මෙම අගනා දළදාව හාමුදුරුවරුන් ගේ ආරක්ෂාව යටතේ මෙම විහාරයේ තැන්පත් කර තිබේ. ඒ මෙම විහාරය මධ්‍යයයේ වර්ග අඩි 12 ක පමණ ජනෙල් කිසිවක් නොමැති කුඩා කාමරයකය. එම කාමරයට ඇත්තේ කුඩා පටු දොරක් පමණි. මෙහි ඇතුලත වාතාශ්‍රය නොමැති නිසාත් පුජාවට රැගෙන ආ ඔලු නෙලුම් වැනි මල් වර්ග නිසාත් එය ඇතුලත උණුසුම්ය, අර්දතාවයෙන් අධිකය.අමුත්තන් පැමිණෙන විට භික්ෂුන් ද කාමරයට එකතුවෙති.

ඉංග්‍රීසි කතාකල හැකි භික්ෂුවක් ඔවුන්ගේ මාර්ගෝපදේශක ලෙස කටයුතු කළේය. ඔහු වෙනත් භික්ෂූවක යවා කරඬුව සඳහා යතුර ගෙන්වා ගත්තේය. මෙම කරඬුව සීනුවක හැඩය ගත්තේය.එය තබා තිබුනේ හරියටම කාමරය මැද ,රිදී මේසයක් මතය.

කරඬුව ඇතුලත තවත් කරඬුවක් තිබුණි. මෙලෙස එකක් ඇතුලත් එකක් ලෙස කරඬු කිහිපයක් විවෘත කල පසු රන්මුවා නෙලුම් මලක් මත දන්ත ධාතුව තබා තිබුණි. එතැන රැස්ව සිටි භික්ෂුන් මෙයට මහත් ගෞරවයක් දැක්වුහ. ඔවුන් මෙතනට අමුත්තන් පැමිණීමට මහත් කැමැත්තක් දක්වන්නේ ඔවුනටද එවැනි අවස්ථාවල මෙයට ගෞරව දැක්වීමට හැකියාවක් ලැබෙන නිසාය.


“ බුදුන් පිණ්ඩපාතය සඳහා පාවිච්චි කල පාත්‍රයද කලක් මෙලෙස ලංකාවේ ප්‍රදර්ශනය කරමින් තිබී ඇත. සියලුම පිණ්ඩපාතේ යන භික්ෂුන් මෙවැනි පාත්‍රයක් රැගෙන යයි. මෙලෙස ලංකාවේ තිබු පාත්‍රයේ පුදුම සහගත බලයක් තිබුණු බව කියනු ලැබේ. දුප්පත් මිනිසෙකුට එය මල් කිහිපයකින් පුරවන්නට පුළුවන් වුවත් පොහොසත් මිනිසෙකුට එය මල් දස දහසක් දැම්මත් පුරවන්නට බැරිය. එය ජලයෙන්  පුරවා හමුදාවක් පානය කලත් එහි වතුර අවසන් කරන්නට බැරිය. මුස්ලිම් ආගමිකයන් මෙය ආදම් ලංකාවේ ජීවත්වූ කල ඔහුට අයත් වූ එකක් බව කීවහ . මෙය ඉන්දියාව, පර්සියාව,චීනය සහ ටිබෙට් යන රටවල වරින්වර මතුවී දැන් කොහි තිබෙන්නේදැයි සොයාගැනීමට නොහැකි බව කියති.

ඔහු ඔවුනට උදව් කල භික්ෂුනට මුදල් ආධාරයක් දී මාලිගාවෙන් පිටවුහ.

.පසුදින උදෑසන ඔවුහු නුවරඑලිය බලා පිටත්වූහ. ගම්පොළට කෝච්චියේ ගිය ඔවුහු එතැන්සිට අශ්ව කරත්තයකට ගොඩ වුහ. ඔවුහු කුඹුරු, කෝපි වතු සහ පොල් අතු වහල සහිත නිවාස වලින් සමන්විත දේශීය ගම්බිම් පසුකළහ. දේශීය දරුවන් නිර්වස්තරව නමුත් ඉතා සතුටින් මිදුලුවල සෙල්ලම් කරනු ඔවුන් දුටහ. තවත් ටිකක් ඉහලට යනවිට කෝපි වගාව අවසන් වී, තේ වගාව පටන් ගැනුනී.

කෝපි වැවෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 1800 – 4000 දක්වා වන අතර තේ වැවෙන්නේ 4000 සිට 6000 දක්වා උසිනි. තවම ලංකාවේ තේ වැවීම පටන්ගත් අවධියේ වන අතර තවමත් තේ වගාව සාර්ථක වී නැත. වැවීම පටන්ගත් වැවිලි කරුවන්ට එය එතරම් ලාබදායි වගාවක් නොවුනද, ජාවා හි තේ වගාව සාර්ථක වී ඇති නිසා ලංකාවේද දේශගුණය සහ භූ ලක්ෂණ සමාන නිසා තේ මෙහි සාර්ථක විය යුතු යැයි ඔවුන් කියති.

Sunday, September 6, 2020

නාව්ක විපත්තියක අත්දැකීමක්

 

මේ 1980 වසරේ 4 වන නිලධාරියා ලෙස මා සේවය කල ලංකා කාන්ති නෞකාව ඊජිප්තුවේදී කොරල් පරයක ගැටීම පිළිබඳව මගේ 'සතුරා මුහුදෙදී මුලාකිරිම' නමැති පොතෙන් උපුටාගත් කොටසකි 

'මාසයක පමණ කාලයක් තේ පෙට්ටි පැටවීමෙන් අනතුරුව, අපි බටහිර ඉන්දියානු සාගරයේ, අරාබි මුහුදේ, සති දෙකක් පමණ, ගොඩබිමක් නොපෙනෙන මුහුදේ ගමන් කර, අප්‍රිකාවේ අඟ ලෙසින් හැඳින්වෙන භූමි ප්‍රදේශය ඇතුලත්, ඒඩන් මුහුදට පැමිණියෙමු. සොකට්රා දූපත අසලින්, ඒඩන් මුහුද හරහා රතු මුහුදට වැටුනු අපි, රතු මුහුදේ පිහිටි සෞදි අරාබියේ ජෙඩා වරාය වෙත ගියෙමු. ජෙඩා වරායට ඇතුලුවීමේදී, අපට, නාවිකයෙකුට ලැබිය හැකි අමිහිරිම අත්දැකීමට මුහුණදීමට සිදුවිය. 

සාමාන්‍යයෙන් නැවක් වරායකට ඇතුලුවීමට පැමිනෙද්දී වරාය පිටත තිබෙන නැව් ගමනා ගමනයට ඇති අනතුරු හා බාධක සලකා බලා ඒවා පිළිබද දැනුමක් සහ අත්දැකීම් ඇති පලපුරුදු නාවික කපිතාන් වරයෙකු බෝට්ටුවකින්, නැවෙහි කපිතාන්වරයාට නැව රැගෙන ඒමට උදව් කිරීමට එවනු ලැබේ. හාබර් පයිලට් වරුන් ලෙසින් හැඳින්වෙන මෙම නිලධාරින් වරායට එන නැව් ගණන අනුව, වරාය රාජකාරී වලට යොදවන අතර, බොහෝ විට ඔවුන් වෙළෙද නාවික රැකියා වලින් විශ්‍රාම ගත් කපිතාන් වරුන්ය. මෙම රැකියාව ඕනෑම වරායක හොඳ වැටුපක් සහිත රැකියාවක් වන අතර, එයට අමතරව සම්ප්‍රදායක් වශයෙන් ඔවුන් වරායෙන් ඇතුලට හෝ පිටතට ගෙන යන නැව් වලින් ත්‍යාග ලෙස විස්කි සහ සිගරට් ලබාදීමේ සිරිත නිසා ඔවුන්ගේ රැකියාව තවත් සිත්කලු වෙයි.  

අපිද ජෙඩා වරායට තරමක් කිට්ටු කර, VHF යන්ත්‍රයෙන් වරායේ නියමු කාර්යාලයට කථාකර හාබර් පයිලට් වරයෙකුගේ සේවය ඉල්ලා සිටියෙමු. වරායේ නියමු කාර්යාලයෙන් අප වරායට කිට්ටුවටම ගෙන්වා ගතහොත් ඔවුනට පහසු නිසා,

ශ්‍රී ලංකාවේ වෙළෙද නැව්වල කපිතාන්වරු, ලෝකයේ දක්ෂම කපිතාන්වරු, ඔබට කිසිම ප්‍රශ්ණයක් නැතිව වරාය අසලටම එන්නට පුළුවන් බව අපි දන්නවා“ 

යනුවෙන් පවසමින් අපට ටිකින් ටික වරාය කිට්ටුවට ගෙන්වා ගත්හ. මෙලෙස අප නෞකාව සෙමින් වරාය දෙසට ඇදෙද්දී එක්වරම හිමිදිරි උදයේ නැවේ කීල් එක හෙවත් පතුල කොරල් පරයක ඇනුනි. එසේ ඇනී නැව යන්තම් පැත්තකට ඇලවී කොරල් පරයේ හිරවුනි. එලෙස හිරවූ ආකාරයෙන් තවත් අලාභහානී වෙන්නට ඉඩ ඇති හෙයින්, එන්ජින් පාවිච්චි කර පිටතට ගැනීමට උත්සාහ නොකර, සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබදව ජෙඩා වරාය මෙහෙයුම් කාර්යාලයට, නැවි සංස්ථාවට හා නාවික හමුදාවට දැනුම් දුන්නෙමු. 

 

මෙලෙස නැව ගොඩයෑම දැන්වූ විගසම වාගේ මෙවැනි සිදුවීම් වූ විට එලෙස අනතුරට පත්වූ නැව බේරාදී රක්ෂණයෙන් ලොකු මුදලක් ලබා ගැනීමට, එවැනි නාවික ගමනා ගමනයට අනතුරුදායක ස්ථාන තදාසන්නයේ රැදී සිටින, නැව් බේරා ගන්නා ටග් යාත්‍රා දෙකක් අප ස්ථානයට පැමිණියහ. මුලින්ම පැමිණි යාත්‍රාව අප සමග කථාකර ඒ අසල රැදී, රක්ෂණ ඒජන්තවරුන් තීරණයක් දෙනතුරු රැදී සිටියේය. මෙලෙස මුලින්ම පැමිණෙන බේරා ගැනීමේ යාත්‍රාවට එම ව්‍යාපාරික අවස්ථාව ලබා ගැනීමට වඩාත් ඉඩකඩ ඇති නිසා, සිද්ධිය සිදුවූ ස්ථානයට හැකි ඉක්මනින් ලඟාවීමට දැඩි තරඟයක් තිබුණි. 

 

 

මෙවැනි නාවික ආපදා වලදී ආපදාවට ලක්වූ නැව හා එහි අඩංගු භාණ්ඩ මුහුදේදී බේරා ගැනීමට එම කටයුතුවල යෙදී සිටින සමාගම් අතර තියුණු තරඟයක් ඇතිවේ. මේ සදහා එම නෞකාවේ අයිතිකරුවන් සහ බේරා ගන්නන් අතර අත්සන් කෙරෙන ගිවිසුම් වර්ගය ලොයිඩ් සමාගමේ විවෟත ගිවිසුම් වර්ගයට අයත් වෙයි. මුලින්ම මෙම ගිවිසුම් වර්ගය හදුන්වා දී ඇත්තේ 1892 වර්ෂයේදීය. මෙම ගිවිසුම් වලින් වැඩියෙන්ම භාවිත වන්නේ  “no cure-no pay” ( සුව නොකලොත් ගෙවන්නේ නැහැ ) ගිවිසුම් වර්ගයයි. මෙහි බේරාගන්නා සමාගමට ආපදාවට ලක්වී ඇති නැවේ (නැවෙහි වටිනාකම සහ එහි ඇති භාණ්ඩ සහ ඉන්ධනවල වටිනාකම) වටිනාකමින් කොටසක් නැව හානියක් නොමැතිව බේරා ගතහොත් ලබාදෙන බවට නැවේ අයිතිකරු ගිවිසුම් ගත වෙයි. නමුත් ඔහුට ඒවා බේරා ගැනීමට නොහැකි වුවහොත් ඔහු දැරූ මහන්සියට සහ පිරිවැය වෙනුවෙන් සතයක්වත් ලැබෙන්නේ නැත.

නමුත් මෑතකදී පරිසර හානී වැලැක්වීම සදහා පරිසර හානි වැලැක්වුවහොත්ද යම් ගෙවීමක් බේරා ගන්නාට ලැබෙන පරිදි ගිවිසුම් වෙනස්කර ඇත්තේය.   

 

 



ලංකා කාන්ති වැනි පැරණි නැව්, මෙලෙස අනතුරුදායක ස්ථානයක ගොඩ යාමට සලස්වා, රක්ෂණ ආයතන වලින් වංචා සහගත ලෙස, මුදල් ලබා ගැනීමට, කුඩා නැවි හිමියන් එකල පෙලඹී සිටි හෙයින්, අප සිද්ධියද එංගලන්තයේ ලොයිඩ්ස් රක්ෂණ සමාගමේ සැකයට භාජනය විය. එසේ වූයේ,

·        කාන්ති කුඩා නැවක් වීම.

·        නැව පරණ වීම.

·        ප්‍රධාන නැව් සමාගමකට අයිති නොවීම.

·        නැවේ තිබූ වෙළෙඳ භාණ්ඩ එතරම් වටිනා ඒවා නොවීම.

 

යන කරුණු නිසාය.

 

තවද මෙලෙස නැව් අමාරුවේ දමා ඒවා බේරා ගැනීමෙන් ලැබෙන ලාභ, වරාය නිලධාරීන් බෙදා ගන්නා ජාවාරමක් තිබුනු බවටද ආරංචි එකල අපට මුණ ගැසුනු වානිජ නෞකාවල වැඩ කරන ශ්‍රී ලාංකික පුද්ගලයන් ගෙන් අපට අසන්නට ලැබුණි. මේ නිසා එංගලන්තයේ ලොයිඩ්ස් ආයතනයේ පැමිණි නීතිඥයන් කණ්ඩායමක්, මේ පිළිබදව දීර්ඝ පරීක්ෂණයක් කරන ලද අතර; මට මතක හැටියට පරීක්ෂණය අවසන් වනතුරු අපට දවස් 21ක් එම ස්ථානයේ කාලය ගතකරන්නට සිදුවිය. අවසානයේ මෙම සිද්ධිය සිතා මතා කරන ලද සිද්ධියක් නොවන බවට තීරණය කරන ලදී.

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...