Tuesday, June 28, 2022

covid 19 එන්නත් ියන්මාරයට පරිත්‍යාග කිරීමට සිදු වූයේ ඇයි

 ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යංශය, ඩොලර් ණයට ගෙන මිලදීගත් covid 19 එන්නත් විශාල තොගයක් දැන් නොමිලේම ියන්මාරයට පරිත්‍යාග කිරීමට සංවිධානය කරමින් තිබෙන බවට ප්‍රවෘත්තියක් දැක්කෙමි. 

මෙසේ මේ තරම් ආර්ථික දුෂ්කරතාවන්ගෙන් දුක් විඳින ලංකාව ඩොලර් ණයට ගෙන මිලදී ගත් එන්නත් තොගයක් වෙනත් රටකට දීමට සිදුවීම ඉතාමත් කණගාටුදායක තත්වයකි.


එසේ සිදුව ඇත්තේ අපට නියමිත ක්‍රමවේදයකට එම එන්නත් ජනතාවට ලබාදීමට නොහැකි වූ නිසාද, එසේත් නැත්නම් අපට හරියට එන්නම් අවශ්‍යතාවය ගණන් කර ගැනීමට බැරි වූ නිසා ද? යනුවෙන් ප්‍රශ්නයක් පැනනගී.


කෙසේ වුවත් මෙම නොහැකියාව නිසා අප රටේ පුරවැසියන්ට මහත් පාඩුවක් සිදුව තිබේ. ඩොලර් නොමැතිව අන්ත දුෂ්කර තත්ත්වයට වැටී ඇති අපි දැන් ඩොලර් ණයට ගෙන මිලදීගෙන ඇති එන්නත් කල් ඉකුත් වීමට ආසන්න වීම නිසා වෙනත් රටකට නොමිලේ දීමට සිදුව ඇත්තේය.


මෙයට මාස කිහිපයකට පෙර මා උපදේශකයෙකු වශයෙන් කටයුතු කළ, සැමවිටම ලංකාව අසලින් වැටී ඇති මුහුදු මාර්ගයෙන් ්‍යාපාර කටයුතු කිරීමට උත්සුක වන, ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම් සමාගම, මෙසේ එන්නත් තොගයක් කල් ඉකුත් වීමට යන බව දැනගන්නට ලැබී එම එන්නත් රජයෙන් මිලදී ගැනීමට සැලසුම් කරන ලද ආකාරයත්, ඒ සඳහා වැඩ කළ  ආකාරයත් මම ළඟින්ම දැක්කෙමි.


එසේ එන්නත් තොගය හා මිලදී ගැනීමට සැලසුම් කළේ ඒවා වෙළඳ නෞකාවල සේවය කරන නාවිකයන්ට ගාල්ලේ දී ලබාදීමට සැලසුමක් සකස් කර ය.


මෙම සැලසුම සකස් කරන ලද්දේ එකල covid 19 පැතිරීම නිසා, වෙළඳ නෞකාවල ගමනාගමනයට ඇතිවී තිබූ මහත් දුෂ්කරතාවයන් වැළැක්වීම සඳහාය. කලින් කතා කරගත් පරිදි ලංකාවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය නියමිත වෙළඳ නෞකාවට නැගීමටත් එහිදී කාර්යමණ්ඩලයේ එන්නත ලබා නොගෙන ඇති සියලුම දෙනාට ලබාදීමටත්ය. නෞකාවට නැගී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ එක සාමාජිකයෙකු නෞකාව ගමන අවසානය වන වරායට ගොස් එහිදී දෙවන එන්නත ද ලබා දී ආපසු ගුවනින් පැමිණීමටද සැලසුම් කෙරුණි.


මෙම අදහස නියමිත ආකාරයට සැලසුම් කර එම සැලසුම එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ අන්තර්ජාතික සාගර සංවිධානය (international maritime organisation) වෙත දන්වන ලදුව මෙම මහඟු ්‍රියාදාමයට ඔවුන්ගේ අනුමැතිය සහ ආශිර්වාදයද ලබා දුනි. මෙවැනි වැඩ පිළිවෙලකින් රටට ලැබෙන ජාත්‍යන්තර කීර්තිය ගැන විශේෂයෙන් කිව යුතු නොවේ.


වෙළඳ නෞකා සමග යම් වැඩක් කරන විට ඒවාට ගාස්තු ලැබෙන්නේ ඩොලර් වලිනි. එපමණක් නොව එම ගෙවීම් ෝකයේ සාමාන්‍යයෙන් එවැනි කටයුතු වල දී ගෙවන ඉහළම ගෙවීම් පරාස වල පවතී. එසේම covid-19 ලෝක ආර්ථිකය ගිල ගනිද්දී, එක්සත් ජාතීන්ගේ මණ්ඩලය කිහිපයක් key workers ලෙසට නම් කළේ ඒවා නැවතුනොත් ලෝක ආර්ථිකය විශාල බිඳවැටීමකට ලක් වන නිසාය. වෙළඳ නෞකා වල නාවිකයන් ද මේ ගණයට ඇතුල් කරන ලදී.

2021 වසර ගනන් බැලීම් වලට අනුව ලෝකයේ වෙළඳ නැව් 74 දාහක, නාවිකයන් මිලියන 1.8 ක් සේවය කරති. මේ සේවාව අපට කර ගන්නට ලැබුනේ නම් ලබාගත හැකිව තිබුණු ගාස්තුව ගැන යම් අදහසක් මෙයින්ම ලබාගත හැකිය. 


දැන් මේ සියල්ල සැලසුම් කරගෙන ඒවා සඳහා අනුමැතියන් ලබාගෙන, ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම , මෙසේ එන්නත් කල් ඉකුත් වීමට යන බව පෙන්වා දී, එක් එන්නතක් $50 ගණනේ අත්පිට මුදලට මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කළේය. සමාගම යෝජනා කළේ කල් ඉකුත් වීමට කිට්ටුවන එන්නත් 750000 මිලදී ගැනීමටය. අඩු තරමින් මෙයින් යම් කොටසක්, ලක්ෂයක් පමණ වත් මේ සඳහා නිදහස් කළේ නම් ඒ සඳහා රජයට ලැබෙන මුළු මුදල ඩොලර් මිලියන පහකි. දැන් රජය ගෑස් නැවකට ඩොලර් මිලියන 2.5 ක් ගෙවා ගන්න බැරිව ලත වෙන සැටි අපි මේ ලඟදි ප්‍රවෘත්ති වල දුටුවෙමු.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මේ වැඩපිළිවෙල අසාර්ථක කිරීමට තමනට හැකි සෑම උත්සාහයක්ම ගත්හ.

එසේ අකුල් හෙලා දැන් අපි ඩොලර් ගෙවා මිලදී ගත් එන්නත් වෙනත් රටකට නොමිලේ දෙන්නට සිදුවීම කොතරම් ශෝකජනකද?


මේසා විශාල පහසුවෙන්ම භාණ්ඩාගාරයට ලබා ගැනීමට හැකියාව තිබියදී එසේ නොකරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පිළිබඳ වගකිව යුතු නිලධාරීන් විසිනි. 


තමන්ට යම් ගණනය කිරීමක් වරදින්නට පුළුවන එහෙත් පාඩුවක් රටට නොකර එම වරද නිවැරදි කර ගන්නටත් දැක්මක් තිබිය යුතුය.






Monday, June 27, 2022

සිංගප්පූරුවේ වැසියෝ 14



 හදිසියේ සිංගප්පූරුව ගැන ලියද්දි සිහියට ආ නිසා අන්දමන් නිකොබාර් දූපත් වල පැවැත්වුනු ඉන්දියානු සාගරයේ නාවික හමුදා සුහද හමුව, පිළිබඳ මතකයන් ටිකක් ලියන්නට මට සිතුනි. 

නමුත් සිංගප්පූරුව ගැන තවත් ලියන්නට හිතේ තිබෙන නිසා මෙයත් ඒ සීරීස් එකේ ම අඩංගු කිරීමේ වරදක් නැතැයි සිතමි.



මේ සඳහා පකිස්තානය හැරෙන්නට ඉන්දියානු සාගරය අවට සෑම රටකින් ම පාහේ යුද නෞකාවන් පැමිණ තිබුණි.


කලින් කී පරිදි ශක්ති නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස ට මම ද මෙයට සහභාගි වුණෙමි.

හමුවීම යන අදහස ඇතිව ඔවුන් මෙය නම් කර තිබුනේ මිලාන් යන නමිනි. avid හින්දි චිත්‍රපට නරඹන්නෙකු මම ඔවුන් ඒ කියන්නටත් පෙර තේරුම් ගෙන නොදන්නවා සේ සිටියේ අප හින්දි ආධිපත්‍යයට යට වී ඇතැයි ඔවුන් සිතන්නට ඉඩ තිබෙන නිසා ය. 😂


කොළඹ සිට මෙම දූපත් සමූහයේ අගනුවර වෙත යාමට කිලෝමීටර් 1600ක් තිබේ. අපට මේ ගමන සඳහා දවස් හතරක් ගත විය. මෙය ඉන්දියාවෙන් බොහෝ දුරින් තිබුණ ද ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තය ට තිබෙන්නේ කිලෝ මීටර් 150 ක් පමණ දුරිනි.

දූපත් පන්සිය ගණනකින් යුත් මෙම දුපත් සමූහය තුළ ගෝත්‍ර දෙකක් ඇතුළුව ලක්ෂ තුනක පමණ ජනගහනයක් ජීවත් වෙයි.


සතියක් පමණ කල් පැවැත්වුණු මෙම සුහද හමුවේ දී  කලා සන්දර්ශන ක්‍රීඩා තරඟ සංගීත සංදර්ශන වෘතීය සාකච්ඡා නෞකා අතර අණදෙන නිලධාරීන්ගේ සංචාර සහ භෝජන සංග්‍රහ වලින් ඒ ගත කළ කාලය පිරී ඉතිරී ගියේය.


අපගේ ශක්ති නෞකාව විශාල උභයාකාර නෞකාවක් නිසා බොහෝ ඉඩ තිබුනෙන් අප මේ සුහද හමුවේ තිබෙන නොයෙකුත් අංගයන්ට ගැලපෙන පරිදි නෞකා කණ්ඩායමට අමතරව එහි තිබෙන්නට නියමිත ක්‍රීඩා අංගයන්ට ගැලපෙන පරිදි නාවික හමුදා කණ්ඩායම් වල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද රැගෙන ගියෙමු. ඉඩ තිබෙන පරිදි නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ දක්ෂයන් කිහිප දෙනෙකු ද මෙයට එකතු කර ගත්තෙමු.


මෙහි දී පැවැත්වුණු සෑම තරඟයක දී ම අප ඉහළින්ම ජයග්‍රහණය කරන්නට අපගේ සහජ දක්ෂකම් හැරෙන්නට ඉහත හේතුවත් පිටුවහල් වන්නට ඇත. අනෙක් රටවල නැව් වලින් පැමිණ සිටියේ නැව් කණ්ඩායම පමණක් වීම නිසා මට සමහර තරඟ නරඹද්දී ඔවුන් ගැන කනගාටුවක් ද ඇති විය.


අවසාන දිනයේ තිබූ අන්තර්ජාතික සංස්කෘතික සංදර්ශනය පෙරහුරුවට අපගේ කණ්ඩායමක සමඟ මමත් එය තිබූ තැනට ගියෙමි සමහර රටවලින් පැමිණ සිටි නැව් වල නැවියන් විසින් ඉතාමත් ආධුනික ආකාරයෙන් ලී කෙළි නැටුම් සංදර්ශන යනාදිය ඉදිරිපත් කළහ. අප කණ්ඩායම වෙස් නැටුමක් සහ සළුපාලිය අංගයක් ඉදිරිපත් කළ විට සියලු බලා සිටින්නන් මවිතයට පත්විය. ෙරහුරු වේ සංවිධාන කටයුතු භාරව සිටියේ ඉන්දියානු නාවික හමුදාවේ කපිතාන් නිලයේ වෛද්‍යවරියකි. ඇය පෙරහුරුව අවසානයේ තේ සංග්‍රහයේදී මා සමඟ මෙසේ කීවාය.

"ඔබගේ සංදර්ශනයේ ඔබ සනත් ජයසූරියගේ සියලුම හතර සහ හයේ පාරවල් එකට එකතු කර තිබෙනවා"


 එකල සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම දක්ෂකම් පෙන්වූ අවධිය විය යුතු බව මෙතනදී නොකිව මනාය.

මෙම බ්ලොග් එකෙහි  ඇති ඡායාරූපය අඩංගු පුවත්පත් වාර්තා වේ සිත්ගන්නාසුලු යමක් මම මෙවර එය කියවද්දී දුටුවෙමි. එහි කියා තිබුනේ පැමිණ සිටි ලංකාවේ නිලධාරීන්ගේ නම් දුටුවිට ලේඛකයාට සිතුනේ කොතරම් දෙමළ ආභාෂයක් එම නම් වලට ලැබී තිබේද යන්නයි.

මම හොඳ වෙලාවට ඒ දවස් වල මේක සම්පූර්ණයෙන් කියෙව්වේ නැත. එසේ කියෙව්වා නම් මට තරහ යාමටත් ඉඩ තිබිණ. නං නමුත් දැන් තමිල්නාඩුවේ මිනිස්සු අමාරුවෙන් සල්ලි එකතු කර අපිට කෑමේ වන නිසා ඔවුන්ගේ වාගේ නම් තිබෙන එක ගැන පොඩි සතුටක් ඇතිවන බවක් පෙනෙන්නට තිබේ.


Sunday, June 26, 2022

සිංගප්පූරුවේ වැසියෝ 13


https://lakshmanillangakoon.blogspot.com/2022/06/12.html?m=1

 නිවසට ගොස් ඔහුගේ බිරිඳ සහ දරුවන් මුණගැසෙයි අපි පොඩි ඩ්‍රින්ක් එකක් දාන්නට පටන් ගත්තෙමු. 

 කතාබහෙන්  මට වැටහුනේ ඔහු වෘත්තීය රියදුරෙක් නොවන බවත් වෙනත් රැකියාවක යෙදෙන අයකු බවය. 


ඇත්තෙන්ම ඔහුගේ ස්ථීර රැකියාව සිංගප්පූරුවේ ජනප්‍රිය බියර් වර්ගයක, country manager ලෙස සේවය කිරීමයි. 


සිංගප්පූරුවේ රජය ඔවුන්ගේ රාජ්‍යය උත්සව සහ වෙනත් කටයුතු සඳහා පිටරටින් පැමිණෙන නොයෙකුත් නිලධාරීන්ට ඔවුන් පැමිණි විට වාහන ලබාදීම සඳහා, එහි පුරවැසියන්ගෙන් වරින් වරට අයදුම්පත් කැඳවනු ලැබේ

 

එහිදී වාහනයේ වර්ගය පමණක් නොව වාහනය සේවය සඳහා යොදවන විට ඒ පදවන රියැදුරු ද පරීක්ෂාවකට ලක් කෙරේ. 

මෙම පරීක්ෂණයෙන් තෝරාගන්නා ලබන වාහන සහ ඒවා පදවන්නන් පොරොත්තු ලේඛනයක තබාගෙන වැනි සේවයක් අවශ්‍ය වූ විට කැඳවනු ලැබේ.


මෙවැනි සංවිධානාත්මක වැඩපිළිවෙලක් පවත්වාගෙන යාමෙන් සිංගප්පූරුව කොතරම් ්‍රයෝජන ලබා ගන්නේද? මම කල්පනා කර බැලුවෙමි.

 1.  මෙවැනි අවශ්‍යතාවයන් සඳහා මිල අධික වාහන රාශියක් මිලදීගෙන, ඒ සඳහා රියදුරු සංචිතයක් ද පවත්වාගෙන යන රජයේ වාහන පූල් එකක් ඔවුනට අවශ්‍ය නැත.

 2. පැමිණෙන විදේශිකයන්ට රට ගැන දැන ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් පැහැදිලිව කියන්න පුළුවන් පුද්ගලයෙකු රියදුරකු වශයෙන් ලබාදීමට පුළුවන.

 3. පැමිණෙන විදේශිකයන්ට රියදුරා හා කතා කිරීමෙන් ම, ඉහළම first impression එකක් ලැබේ. 

 4. රියදුරා ලෙස වෙස්මාරු කරගෙන සිටින බොහෝ විට පුද්ගලික අංශයේ ඉහළ රැකියාවක් කරන රියදුරුට නොයෙකුත් විදේශිකයන් හා contacts  සදා ගැනීමට අනගි අවස්ථාවක් ලැබේ.


මෙතැනදීම මට මෙවර singapore ගිය විට සිංගප්පූරුවේ ජීවත්වන ලාංකිකයෙකුගෙන් එහි වාහන පිළිබඳව දැනගත් කුඩා තොරතුරක් ද ලියනු කැමැත්තෙමි. 

ඔහු පාවිච්චි කරන්නේ හොන්ඩා වෙසල් වාහනයකි. යම් අවශ්‍යතාවයකට ඔහු අපිව රැගෙන යාමට ඔහුගේ වාහනයෙන් පැමිණියේය. මට සිංගප්පූරුවේදී වහනයක හිමිකරුවකු හමුවුණේ පළමුවෙනි අවස්ථාවය. 

ඒ නිසා ඔහු ගෙන් මම කලින් මම අසා තිබුණු කරුණක් ගැන විමසුවෙමි. ඒ එම වාහනය මිලදී ගැනීමට වාහනයට ගෙවනවාට අමතරව ොතරම් මුදලක් එම වාහනය මිලදී ගැනීමට අවසර පත්‍රය ලබා ගැනීමට ඔහු විසින් ගෙවන ලද්දේ ද යන බවයි. එය සිංගප්පූරු ඩොලර් තිස් දාහකි. මේ සඳහා නොයෙකුත් වර්ගයේ වර්ගීකරණය කරන ලද වාහන සඳහා ාර්ගස්ථ ක්‍රමයෙන් ලංසු තැබිය යුතු අතර තමන්ගේ ලංසුව සාර්ථක වුවොත් ජය ඔහුට එම බලපත්‍රය ලබා දෙන බවත් ඔහු කීවේය. ඒ කියන්නේ වාහනයක් මිලදී ගැනීමට අවසර පත්‍රය ලබා ගැනීමට පමණක් ලංකාවේ මුදලින්, මිලියන 8ක් පමණ ගෙවිය යුතු බවයි. 

නමුත් අවසානයේ වාහනය ගෙන්වාගැනීමට ගෙවිය යුත්තේ සියයට 7ක ජීඑස්ටී පමණි. 

ඒ අනුව බලන විට ලංකාවට වාහනයක් ගෙන්වාගැනීමට පුළුවන් කාලයේ එම වාහන සඳහා අපි ඊට වඩා ගෙවා ඇති බව පෙනේ.


Saturday, June 25, 2022

සිංගප්පූරුවේ වැසියෝ 12

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/11.html?m=1


අන්දමාන් හිදී


මෙම රාජ්‍ය උත්සවය, මට මතක හැටියට එරට නාවික හමුදාවේ යම් සංවත්සරයක්, සඳහා ආසියාවේ රටවල් කිහිපයකින්ම නෞකාවන් පැමිණ  තිබුණි. 

ඒවායේ කුඩා උත්සව නොයෙකුත් අවස්ථාවන්හි තිබුණු අතර මේවා ට නොයෙකුත් රටවල නියෝජිතයන්ට සහභාගි වීමට ආරාධනා ලැබුණි.


මම මෙවැනි නොයෙකුත් රටවල පැවැත්වුණු උත්සව තුනකට මගේ නාවික හමුදා සේවා කාලයේ සහභාගි වී තිබේ. ඒ මේ සිංගප්පූරුවේ පැවැත්වුණ සංවත්සරය හැරෙන්නට, ඉන්දියාව විසින් සංවිධානය කළ ආසියානු නාවික හමුදා get together එක සහ පාකිස්තානයේ කරච්චි නුවර සංවිධානය කළ එවැනි උත්සවයයි. 


ඉන්දියාව මෙම උත්සවය සංවිධානය කළේ අප දන්නවා ඉන්දියාවට බොහෝ දුරිනි. 

 ඒ අන්දමන් සහ නිකොබාර් දූපතේ දී ය. මම එකල ශක්ති නැමැති නෞකාවේ අණදෙන නිලධාරි වරයා වශයෙන් රාජකාරි කළෙමි. ඒ මට මතක හැටියට වසර 2000 පමණ විය යුතුය.


මේ සඳහා ලංකාවෙන් නෞකා දෙකක් සහභාගී වූ අතර ඒ මා අණදුන් ශක්ති නෞකාව සහ ජය සාගර නෞකාවයි


ජය සාගර නෞකාවේ නම කියන විට ඒ නෞකාවේ නම සෑදී ඇති ආකාරය පිළිබඳව ලොකු විහිලුවක් ඇති බව මතක් වෙයි. 

ලංකාවේ සාදන ලද ජය සාගර සහ සාගර වර්ධන නැමැති නෞකා 2, ලංකාවේ නිෂ්පාදනය කර සේවයට යොදවා ඇත්තේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ජනාධිපතිව සිටි කාලයේය. 

මීට කලිනුත් රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් කර ඇති පරිදි, එම නෞකා වලට ජේ ආර් ජයවර්ධනගේ නම යොදා අධිකාරියට පත් කිරීමට කවුරුන් හෝ තීරණය කර ඇත්තේ ය. 

එය නිසා ඔහුගේ නමේ මුල් කොටස වන ජය මුහුදට සම්බන්ධ කර මුල් නැව ජය සාගර යනුවෙන් නම් කර ඇත.

දෙවැනි නෞකාව ඔහුගේ නමේ අග කොටස මුහුදට සම්බන්ධ කර සාගර වර්ධන යනුවෙන් නම් කර ඇත.

බොහෝවිට ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා මේ පිළිබඳව දැනගෙන සිටින්නටවත් නැතුව ඇතැයි මම සිතමි.

එහෙත් ඔහු සමහර විට මේ පිළිබඳව දැනගෙන නොදැන සිටි බවක් පෙන්නන්න ටත් ඇති බවක් හිතන්නට පුළුවන.


කෙසේ හෝ එලෙස නම් සාදපු කෙනා සාගර වර්ධන යන වචනයේ තේරුම කුමක්දැයි කල්පනා කළ බවක් පෙනෙන්නට නැත. 

කිසිම සතුරන් පිළිබඳව රහස් තොරතුරක් නොමැති ව මුහුදට ගොස් රෑ එළි වන තෙක් මුහුදේ එහාට මෙහාට මුරසංචාර කිරීම, 'රෑ තිස්සේ හානවා' යනුවෙන් හඳුන්වන්නට ඒ කාලේ නැව්වල පුරුද්දක් තිබුණි. සීසෑම සංවර්ධනයට සම්බන්ධ නිසා, එක් නැවකට සාගර වර්ධන යනුවෙන් දැම්ම දැයි සිතන්නටත් බැරි කමක් නැත්තේය. 😂

කෙසේ හෝ මගේ ශක්ති නැව සහ ජය සාගර දවස් හතරක මුහුදු ගමනකින් පසුව අන්දමන් සහ නිකොබාර් දූපත් වෙත පැමිණියෙමු. 

දැන් මේ කථාව තරමක් දිග ඇදෙන නිසා ම සිංගප්පූරුවේ ප්‍රදර්ශනයේ කතාව අවසන් කර එයට එන්නෙමි.

මෙලෙස අපි සතියක් පමණ සිංගප්පූරුවේ සිටිද්දී මටද පාවිච්චිය සඳහා කාර් එකක් සංවිධායකයන් විසින් ලබාදෙන ලදී. මෙහි රියදුරු ඉතාමත් හොඳින් ඉංග්‍රීසි කතා කරන, ලෝකය ගැන හොඳ දැනුමක් ඇති පුද්ගලයෙකු වූ අතර සිංගප්පූරුවේ රියදුරුනුත් මේ තත්ත්වයේ සිටින්නේ නම් නෙක් මිනිසුන් මොන තත්ත්වයක ඇද්දැයි මම ඔහු සමග මේ ටික කාලය ආශ්‍රය කර සිතුවෙමි.

අවසානයේ අප ආපසු ලංකාවට ඒමට දිනකට පෙර ඔහු මට ඔහුගේ නිවසට රාත්‍රී භෝජනයක් සඳහා ආරාධනා කළේය. මම සාමාන්‍යයෙන් අපි එකල පිටරට යන විට තෑගි දෙන්නට ලක්සලෙන් මිලදී ගන්නා, ලී අලියෙකු ද රැගෙන ඔහුගේ නිවසට ගියෙමි.

..........


Friday, June 24, 2022

සිංගප්පූරුවේ වැසියෝ 11

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/10.html?m=1




මෙවැනි ආයුධ එසේත් නැත්නම් ආරක්ෂක ්‍රදර්ශන පවත්වන්නෙ නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් මුණ ගැස්සවීමට ය. 

මෙහිදී යම් සංවිධායකවරයෙක් සමාගමක් මෙය සංවිධානය කරන අතර තමන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කරන සමාගම් වලට එම ප්‍රදර්ශනය පවතින ස්ථානයේ ගෙවන මුදල හැටියට ොයෙකුත් ආකාරයේ ප්‍රදර්ශන කුටි වෙන් කර ගත හැක. 

සංවිධායකවරයා මෙම ප්‍රදර්ශනයට කවරෙකු පැමිණෙන්නේ දැයි ආයුධ  නිෂ්පාදකයන්ට දැන් විය යුතු අතර නිෂ්පාදකයන්ට මෙම ප්‍රදර්ශනය පිළිබඳ උනන්දුව ඇති වන්නේ කුමන රටක කුමන ආයතන වල කුමන තරාතිරමක පුද්ගලයන් මෙය බැලීමට එන්නේ දැයි දැන ගැනීමෙන් පසුවය. 


එනිසා සංවිධායකවරුන් නිෂ්පාදකයන්ට උනන්දුවක් ඇති වන පරිදි සුදුසු පුද්ගලයන්ට ආරාධනා කර ඔවුනට බොහෝ විට ගුවන් ටිකට් පත් නවාතැන් සහ වෙනත් පහසුකම් ලබා දෙනු ලැබේ.


මේ කාලයේ අපේ රට යුද්ධයේ දරුණු ම අවස්ථාවට පැමිණ සිටි කාලය වෙයි. අපි බොහෝ රටවලින් ආයුධ සහ යුද උපකරණ මිලට ගනිමින් සිටියෙමු. මේ නිසා අපේ රටෙන් ගැලපෙන කෙනෙකු ගෙන්වා ගතහොත්, අපේ රටට යුද උපකරණ විකිණීමට බලාපොරොත්තුවන සමාගම්වලට එය ලොකු ආකර්ෂණයක් වනු ඇත.

එකල ලංකාව ආයුධ මිලදී ගැනීම් සහ අලුත් දේවල් සෙවීම් පිළිබඳව ්‍රසිද්ධව සිටි නිසා මේ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා ගේ පැමිණීම සංවිධායකයන්ට ඉතාමත් වැදගත් වූවා නොඅනුමානය.

මෙම උත්සවයට බොහෝ රටවල නාවික හමුදාපතිවරුන් සහ උසස් නිලධාරීන් පැමිණ සිටියහ. තමන්ගේ රටේ වෙළඳ ප්‍රදර්ශන කුටි පවත්වන සමාගම් වලට, යම් ආකාරයෙකින් උදව් කිරීමක් ද ඔවුන්ගෙන් සිදු විය. 

මේ කාලයේ අප එංගලන්ත සමාගමකින් යම් උපකරණයක් මිලදී ගැනීමට සාකච්ඡා  කරමින් සිටියෙමු. එම සමාගමේ විශාල කුටියක් ෙම ප්‍රදර්ශනයේ පැවැත්වුනු අතර, එංගලන්ත නාවික හමුදාපතිවරයා අපට විශේෂ ආරාධනාවක් කර එම කුටිය ඇතුළත තිබූ ඔවුන්ගේ ආගන්තුකයන්ට සත්කාර කරන කුඩා ශාලාවක් වැන්නක, අප සඳහා වැඩ කරන දහවල් ආහාරයක් ද පිළියෙළ කළේය.

සිංගප්පූරුවේ වැඩ කරන අපූරු ක්‍රමය පිළිබඳව මට තවත් යම් සිද්ධියක් මෙහි දී මතක් විය. ඒ අපට සිංගප්පූරු නාවික හමුදාවෙන් ාත්‍රී ආහාරය සඳහා ඉතාම උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද සම්භාෂණය කි. 

මෙම සම්භාෂණය පවත්වන ලද්දේ සිංගප්පූරුවේ ජාතික කෞතුකාගාරය තුළ දී ය. මා මේ පිළිබඳව මෙම සම්භාෂණය කෞතුකාගාරයේ පැවැත්වීම පිළිබඳව, යමෙකුගෙන් ඇසූ විට ඔහු කීවේ එම ස්ථානය, එවැනි විශාල ප්‍රිය සම්භාෂණ සඳහා කුලියට ගැනීමට තිබෙන බවය.


මෙම කෞතුකාගාරයක් හරියටම ලංකාවේ ජාතික කෞතුකාගාරයේ ආකාරයටම වාගේ ගොඩනඟා තිබුණි. බොහෝ විට බ්‍රිතාන්‍යයන් විසින් එය සිදු කරන්නට ඇත.

ඉතිරි කොටස අනිද්දා 

Wednesday, June 22, 2022

සිංගප්පූරුවේ වැසියෝ 10

 

https://lakshmanillangakoon.blogspot.com/2022/06/9.html?m=1

සිට



මගේ සිංගප්පූරු කතාවලින් ඔබ මිදුනා යැයි සිතුවා නම් එය වැරදි සිතුවිල්ලකි. මගේ ඔළුවට දැන් සිංගප්පූරු කතා නයගරා දිය ඇල්ල මෙන් ගලා එයි. මේ සිංගප්පූරුව පිළිබඳව මගේ තවත් අත්දැකීමකි.


2005 වර්ෂයේ මම නාවික හමුදාවේ සැලසුම් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වශයෙන් සිටියෙමි. මම අවුරුදු හතරක් පමණ මෙම තනතුරේ වැඩ කළෙමි. මෙම අධ්‍යක්ෂක මණ්ඩලයේ ්‍රධාන කාර්යයක් වූයේ යුද්ධය සඳහා පර්යේෂණ සහ නව නිපයුම් කිරීමයි. ඒ සඳහාම බඳවාගත් තරුණ ිද්‍යාඥයින් හත් අට දෙනෙකු පූර්ණකාලීනව මේ පරීක්ෂණ වල යෙදී සිටියහ. නොයෙකුත් විශ්වවිද්‍යාල සමග ස්වාධීන නිර්මාණකරුවන් සමඟ අපි බොහෝ කිට්ටුවෙන් එකල වැඩ කළෙමු. අපි බොහෝ දේවල් අලුතෙන් නිර්මාණය කර ව්‍යවහරය සඳහා යෙදවූවෙමු. 

මේ අතරම අලුතෙන් ආයුධ මිලට ගැනීමේ කටයුතු ද බොහෝවිට පැවරුණේ මා වෙත ය. මෙකල නාවික හමුදාවට ඉතාමත් වැදගත් වූ අවියක් වූ, bushmaster mm 30 ස්වයංක්‍රීය තුවක්කුව, අපගේ wish list එකේ ප්‍රධානම අයිටම් එකක් විය. ඒ සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ එම අවිය නිපද වූ ඇමරිකානු සමාගම සමඟ සාකච්ඡාවන් කළේද මා විසිනි.


මේ වසරේ සිංගප්පූරුවේ යම් සැමරීමක් සඳහා බොහෝ කලාපීය නාවික හමුදාවන්ට ආරාධනයක් ලැබුණි. මෙයට සමගාමීව , සෑම දෙයකින්ම ව්‍යාපාර කටයුත්තක් සම්බන්ධ කරගන්නා සිංගප්පූරුව, ආයුධ නිපදවන්නන්ගේ ෙළඳ ප්‍රදර්ශණයක් සංවිධානය කර තිබුණි. 

බොහෝවිට මෙසේ විදේශවලින් පැමිණෙන නිලධාරීන් නවාතැන් ඇතුළු වෙනත් පහසුකම් සඳහා ගෙවන්නට ඇත්තේ මෙම ආයුධ නිපදවන්නන්ගේ සමාගම් වලින් විය යුතුය. 

 ඒ සඳහා එකල නාවික හමුදාපතිවරයා වූ, අද්මිරල් වසන්ත කරන්නාගොඩ ඇතුළු තවත් නිලධාරීන් දෙතුන් දෙනෙකු සමග මමද ගියෙමි. අප ගුවනින් ගිය අතර ලංකාවේ යුධ නෞකාවක් ද මුහුදෙන් පැමිණ මේ සඳහා සහභාගී විය. 


සිංගප්පූරුවේ සතියක පමණ කාලයක් සිටි අපට නවාතැන් පහසුකම් දෙන ලද්දේ ඉතාමත් සුඛෝපභෝගී හෝටලයක් වන ඔරියන්ට් හෝටලයේය. අමතක වීමට පෙර හෝටලය මතක් වූ ගමන් තවත් ලියන්නට යමක් තිබේ. මම ඒ කාලය වන විට ද ඊට පසු මෑතක් වන තුරුම බොහෝ හෝටල් වල නැවතී තිබේ. එහෙත් මම මෙතෙක් කල් ජීවිතයේ දැක ඇති විශාලතම එසේම වෛවර්ණ breakfast බුෆේ එක දැක්කේ මේ හෝටලයේ දී ය. 


එය මට මතක තිබෙන්නේ ඒ බුෆේ එකේ දුටු එක් පලතුරක් ඉන්පසු මගේ ජීවිතයට බොහෝ සම්බන්ධ වූ නිසාය. ඒ පලතුරු දුටු නිසා මම එම ගමන අවසන් කර ආපසු පැමිණි පසු ඒ පළතුරේ පැළ කිහිපයක් සොයාගෙන මගේ ගෙදර වත්තේ එසේ නැතිනම් නිවාස උද්‍යානයේ පැල කර ගත්තෙමි. අපි තවමත් ඇත්තෙන්ම කියනවා නම් ඊයේත් ඒ පලතුරු ජූස් එකක් හදාගෙන  බීවෙමු. එම පලතුරට විරුද්ධව ෛද්‍යවරයෙකු විසින් පුවත්පතකට ලියන ලද ලිපියකට විරුද්ධව මා විසින් ලියන ලද බ්ලොග් එකක් එකල ඉතාමත් ජනප්‍රිය විය.

ඒ බ්ලොග් එකේ ලින්ක් එකකුත් මම මෙතන ඇතුල් කරමි.

https://lakshmanillangakoon.blogspot.com/2017/09/blog-post_44.html?m=1


පලතුර starfruit හෙවත් කාමරංගා ය.

වචන 500 පැනපු නිසා ඉතිරි කොටස අනිද්දාට ලියමි.


Tuesday, June 21, 2022

සිංගප්පූරුවේ වැසියෝ 9

https://lakshmanillangakoon.blogspot.com/2022/06/8.html?m=1

සිට




රටවල් 28ක නිලධාරීන් අධ්‍යාපනයක් ලැබූ මෙම පාඨමාලාවේ විශිෂ්ට ශ්‍රේණියේ උපාධිය ලැබූ නිලධාරීන් පස් දෙනා අතරට මමත්, සිංගප්පූරුවේ , ලෙබනනයේ, වෙන්සියුලාවේ සහ      නිලධාරීන් අයත් විය. 

මෙවර මම බ්ලොග් එක ලියන්නේ, එම සිංගප්පූරු නිලධාරියාගෙන් දැනගත් කරුණක් පිළිබඳ ව ය. දවසක අපි කතා කරමින් සිටියදී ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු බව ඔහු අතින් කියැවිණ. 

මට මෙය මහත් පුදුමයට කරුණක් විය. මේ පිළිබඳව මම වැඩිපුර දැනගැනීමට ඔහුගෙන් විමසූ විට සිංගප්පූරුවේ හමුදා ගැන අපූරු කරුණක් දැනගැනීමට ලැබුණි.


සිංගප්පූරුව 1965 ්වාධීන රාජ්‍යයක් වූ පසු ඔවුනට ආරක්ෂාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ඇතිවිය. මලයාසියාව ඉන්දුනීසියාව සහ චීනයෙන් සිංගප්පූරුවට තර්ජන ඇති බව ඔවුනට පැහැදිලි වුණි. ඒ හා සමගම අලුත් රාජ්‍යයක් නිසා ඔවුනට ගැලපෙන හමුදාවක් තිබුණේද නැත. ඔවුන්ට ලැබී තිබුණු හමුදාවේ වැඩිහරියක් හිටියෙ මැලේ ජාතිකයන් වූ අතර, එහි ප්‍රධානියා ද මැලේ ජාතික නිලධාරියෙකු විය.

හමුදා පුහුණුවකදී මැලේ ජාතික ආධුනිකයන් කණ්ඩායමක් වරෙක කලබලකාරී ලෙස හැසිරුණු අතර ටික කලකට පසුව සිංගප්පූරුවේ චීන සහ මැලේ ජාතිකයන් අතර කලබල ද ඇතිවිය.

සමහරවිට චීන සම්භවයක් ඇත්තන් හමුදා සේවයට වඩා ව්‍යාපාර යනාදිය කිරීමට කැමැත්තක් දැක්වීම ද මෙයට හේතුවක් වන්නට ඇත.

මේ නිසා තමන්ට ශක්තිමත් කාර්‍යක්ශම හමුදාවක් සාදා ගැනීමට සිතා ලී ක්වාන් යූ ඉන්දියාවෙන් ඊජිප්තුවෙන් උපදේශකයන් කිහිප දෙනකු ඉල්ලා සිටියේය. එහෙත් ඒ රටවල් දෙකෙන්ම ඔහු බලාපොරොත්තු වූ පරිදි එම උපදේශකයන් ලබා දුන්නේ නැත. මේ නිසා ලීක්වාන් යූ තමන්ගේ මුදල් ඇමතිට හමුදාවක් සාදා ගැනීමට පටන් ගැනීමට භාර දුන්නේය.

මේ සඳහා ඔවුන් අවසානයේ ඊශ්‍රායලයේ උපදේශකවරුන් කණ්ඩායමක් ගෙන්වා ගත්හ. ඔවුනට එම හමුදා පුහුණු කිරීම් සඳහා තායිවානයේ ද උපකාර ලැබුණි.


මෙලෙස තම ආරක්ෂක හමුදාවන්, ගොඩ නංවා ගෙන යන විට හමුදාවේ ප්‍රමාණයට වඩා, ඒවා පාලනය හා සැලසුම් කිරීම සඳහා ඉතාමත් දක්ෂ නිලධාරීන් කණ්ඩායමක් සාදා ගත යුතු බව ලී ක්වාන් යූට හැඟුණි.

ඔහු මේ සඳහා අමුතුම ආරක නිලධාරි පැළැන්තියක් නිර්මාණය කළේය. එය සිංගප්පූරුවේ අනෙක් වැඩ ආකාරයෙන්ම මධ්‍ය සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් විය.

උසස්පෙළ හොඳටම සමත්වුණු තරුණයන් පිරිසක් මේ program එක යටතේ හමුදාවට බඳවා ගැනුණි. 

ඔවුන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සහ cambridge ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක, උපාධි හැදෑරීම සඳහා රජයේ වියදමෙන් යවන ලදී. මෙම උපාධි අතර සමාජ විද්‍යාව, ඉංජිනේරු, විද්‍යාව සහ වෙනත් වෘත්තීය උපාධීන් තිබුණි. ඔවුනට ලුතිනන් වරයෙකු ගේ පඩිය ගෙවුණු අතර  සියලුම අධ්‍යාපනික හා නවාතැන් වියදම් රජයෙන් කරන ලදී.

ඔවුන් මේ සඳහා තමන්ගේ අධ්‍යාපනයෙන් පසුව අවුරුදු අටක් හමුදාවේ සේවය කිරීමට පොරොන්දු වී ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබුණි. මේ අවුරුදු 8 තුළ ඔවුන් එංගලන්තයේ හෝ ඇමරිකාවේ මාණ්ඩලික පාඨමාලාවන් වැනි පාඨමාලා තුනකට පමණ යවන ලද්දේය. මා සමග සිටි සිංගප්පූරු නිලධාරියා එලෙස මාණ්ඩලික පාඨමාලාව හැදෑරීමට පැමිණි කෙනෙකි. 

අවසානයේ ඔවුන්  ඇමරිකාවේ හාවර්ඩ් හෝ stanford ිශ්වවිද්‍යාල එක ව්‍යාපාර හෝ ාජ්‍ය පරිපාලනය පිළිබඳ උපාධියකට යවන ලද්දේය.

අවුරුදු අට සම්පූර්ණ වූ පසු ඔවුනට හමුදාවේ දිගටම සිටින්නට හෝ එග ලෝකයට ඇතුළු වීමට නිදහස තිබුණි.


දැන් සිංගප්පූරුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජේෂ්ඨ ඇමතිවරයාද මෙම ්‍රමය යටතේ බඳවාගත් නිඛ


Monday, June 20, 2022

සිංගප්පූරුවේ වැසියෝ 8

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/7.html?m=1


මම දවස් ගණනක් මේ නැව පිළිබඳව පරීක්ෂාකර එක් දිනෙක landing එකක් ද උත්සාහ කර දවස් දහයකට පමණ පසු ආපසු ලංකාවට පැමිණියෙමි. 

නෞකාව චාටර් කිරීම පිළිබඳව, අවසාන දිනයේ දී සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී මම ඔවුනට කියා සිටියේ අනෙක් සෑම අතින් ම මෙය අපගේ කාර්යයට සුදුසු වුවත් නැවේ වේගය මඳ වීම සහ gradient එක  ලංකාවේ වෙරළට එතරම් නොගැලපීම්, ප්‍රශ්නයක් විය හැකි බවයි.


මා නැව ලබාගැනීමට නිර්දේශ කරන්නේ නම් මට යම් වාසියක් විය හැකි ආකාරයේ උදව්වක් ඔවුනට කරන්නට පුළුවන් බව මට ඔවුන් කියා සිටින ලදී.


ලංකාවට පැමිණ මම නැවේ වාර්තාව ලියූවෙමි. එහිදී මම සැලසුම් කළ  කාර්යය සඳහා ලංකාවට ලබා ගැනීම නිර්දේශ නොකළෙමි. 

මෙයින් මාස දෙක තුනකට පසුව මා ඇමරිකාවේ new port Rhode Island හි  යුද විද්‍යාලය නැමති විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා තෝරා ගන්නා ලදී. එකල ඒ සඳහා තෝරා ගන්නා ලද්දේ විභාගයක් පවත්වා ය. 


විභාගයට විෂයන් අටක් පමණ තිබුණු අතර, එයින් එක් විෂයක් හැර අනෙක් විෂයයන් සඳහා විභාගය පැවැත්වූයේ නාවික හමුදාව විසිනි. Current affairs විශය පමණක්, පවත්වන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි. 


සාමාන්‍යයෙන් මෙම විභාගයට පෙනී සිටීමට ලුතිනන් කමාන්ඩර් තරාතිරමේ යම් ජේෂ්ඨ තාවයක් නාවික හමුදාවෙන් තීරණය කරන අතර එම ජේෂ්ඨ තාවය තුළ නිලධාරීන්ට මේ විභාගය සඳහා ඉදිරිපත් වීමට පුළුවන. නිලධාරීන් 15 දෙනකු පමණ ඉදිරිපත් වූ එම විභාගයෙන් මම පළමු වෙනි තැනට පැමිණියෙමි. මේ නිසා මට ඇමරිකානු පාඨමාලාව හැදෑරීමට ඉඩ ලැබුණි. ඒ වඩාත්ම ඉල්ලුම තිබුණේ ඇමෙරිකානු පාඨමාලාව සඳහා නිසාය.


මම පාඨමාලාවට ගොස් සති කිහිපයකට පමණ පසු එකල නාවික හමුදාපතිවරයා ව සිටී අද්මිරාල් මොහාන් සමරසේකර ගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණි. mobile phone පවා නොතිබුණු ඒ කාලයේ මට දුරකථන පණිවුඩය ලැබුණේ අපේ විද්‍යාලයේ ප්‍රධානියා හරහා ය. නාවික හමුදාපතිවරයාගෙන් එසේ දුරකථන පණිවිඩයක් ලැබීම ටික දිනකට මට පාසලේ මහත් ගෞරවයක් හිමි කර දුන්නේ ය.


එහෙත් ඔහුගේ දුරකථන පණිවිඩයෙන් ඔහු මට කියා සිටියේ මා පරීක්ෂා කිරීමට සිංගප්පූරුවට ගිය නැව ලංකාවට ගෙනවිත් එය ැලසුම් කළ කාර්යන් සඳහා යෙදවීමට නොහැකිව ලොකු ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවයි. මේ අවුලට මා වගකිව යුතු බවත් එසේ නම් මා ආපසු ලංකාවට ගෙන්වීමට සිදුවන බවත් ඔහු කියා සිටියේය. 

නමුත් මම එම නෞකාව නිර්දේශ නොකළ බව මම ඔහුට කියා සිටියෙමි. ඔහු වාර්තා වේ ඡේදයෙන් ඡේදය මා සමඟ සාකච්ඡා කළේය. මම කෙලින්ම නැව ලබා ගැනීම නිර්දේශ නොකර තිබූ අතර එහෙත් අවසාන ඡේදයෙන් මේ වැඩේ වැරදි ඇතිබව පෙනුනි.

මේ නැව පිළිබඳව සිංගප්පූරුවේ දී සාකච්ඡා කරද්දී එයට මාසයකට ගෙවිය යුතු මුදල මට දැනගන්නට ලැබුණි. එය සාමාන්‍යයෙන් විශාල මුදලක් වූ අතර, මම එහි කළමනාකරුගෙන් නැව මිලදී ගන්නවා නම් කුමන මුදලක් ගෙවන්නට සිදුවේ දැයි එම බදු මුදල සාධාරණ දැයි දැනගන්නට ඇසුවෙමි. 

ඔහු ඒ සඳහා කී මුදල මාසයක බදු මුදල මෙන් හය ගුණයක් පමණ විය. 

මේ හේතුව නිසා, වාර්තාවේ අවසාන ඡේදය ලෙස මා මෙසේ ලියා තිබුණි.


නෞකාව අප බලාපොරොත්තු වන කාර්යය සඳහා සුදුසු නැත. ඒ නිසා එය ලබා ගැනීම නිර්දේශ නොකරමි. එහෙත් යම් වෙනත් හේතුවකට එම නෞකාව ලබා ගන්නේ නම්, මාස 6 ක බදු මුදලෙන් මුළු නැවුම මිලදී ගත හැකි නිසා, එය බදු ගන්නෙ නැතිව මිලදී ගැනීම සුදුසු යැයි සිතමි.

මේ නිර්දේශ කිරීමේ කිසිදු වරදක් නොමැති බවත් වැරදි නෞකාවක් ගෙන ඒමට මගේ වගකීමක් නොමැති බවත් නාවික හමුදාපතිවරයා පිළිගත්තේය.

නැවට ආපසු යන්නට සිදුවිය. 

https://lakshmanillangakoon.blogspot.com/2022/06/9.html?m=1

මීළඟ කොටස සිංගප්පූරුවේ හමුදා පිළිබඳව




Sunday, June 19, 2022

සිංගප්පූරුවේ වැසියෝ 7

https://lakshmanillangakoon.blogspot.com/2022/06/6.html?m=1




මගේ සිංගප්පූරු ගමන් විස්තරය අවසන් අදියරට පැමිණ තිබේ. එහෙත් මා මෙම විස්තර කිරීම එන්ජෝයි කරන නිසා තවත් එකක් දෙකක් ලියන්නට කාරණා ඉතිරිව තිබෙන බව පෙනේ. සමහර ඒවා පැරණි මතකයන් ය. සමහර ඒවා අපට උදාහරණ ලෙස යොදවා ගත හැකියි කරුණු කාරණාය.


මම සිංගප්පූරුවට කිහිප වතාවක්ම ගොස් ඇත්තෙමි. එයින් වාර කිහිපයක් නාවික හමුදාවේ යම් රාජකාරීන් සඳහා ගිය ඒවාය. මෙලෙස මුලින්ම ගියේ 1995 පමණ යුද්ධ හමුදාවට amphibious යාත්‍රාවක් පුද්ගලික සමාගමකින් බදු ගැනීම සඳහා, එය අපට සුදුසු දැයි පරීක්ෂා කර බැලීමට ය. 


එකල මම කණ්ඩුල නෞකාවේ අණදෙන නිලධාරිවරයා වශයෙන් අවුරුදු දෙකක් පමණ සේවය කර එවැනි යාත්‍රාවන් සහ ඒවාගේ මෙහෙයුම් පිළිබඳව ලංකාවේ සිටි පරම විශාරදයා බවට පත්ව සිටියෙමි. 


මම එහි ගිය පසු මගේ සියලු කටයුතු බලා ගනු ලැබුවේ එම නෞකාව අයිති සමාගමේ ඉංගිරිසි ජාතික මැනේජර් වරයෙකු විසිනි. මට එහිදී ජීවත්වීමට දෛනික ගෙවීමක් ද ඔවුන් විසින් කරන ලදී. ඔහු දවල් වරුවේ නැවේ පරික්ෂා කරන වැඩ කටයුතු අවසන් වූ පසු හවසට ඔවුන්ගේ ක්ලබ් එක වෙත මා එහි සිටි බොහෝ දවස් වල මා කැඳවා ගෙන ගියේය. ඒ සමාජ ශාලාවේ බොහෝ විට දක්නට ලැබුණේ යුරෝපීය ජාතිකයන් වූ නිසා මම ඔහුගෙන් ඒ පිළිබඳව විමසා සිටියෙමි. 

ඔහු එවිට මට කීවේ මේ ක්ලබ් එක සාමාජිකයන්ට පමණක් වන එකක් බවත් තවමත් යුරෝපීය නොවන පුද්ගලයන්ට ඔවුන් සාමාජිකත්වය නොදීසිටීමට සැමවිටම ්‍රියා කරන බවයි. 

ඒ කතාව මට ජෝජ් ඕවල්ගේ burmese days නවකතාව මතක් කරන බව ඔහුට මම කීවිට, ඔහු අසල මේසයක සිටි එම ක්ලබ් එකේ සභාපතිවරයාට මගේ මේ කතාව ඒ අවස්ථාවේම එතැනට ගොස් කීවේ, ඒ මේ සේ සිටි සියලු දෙනාම සිනා ගස්සවමිනි.


landing craft වල මෙහෙයුම් කටයුතු සඳහා ඉතාමත් වැදගත් කාරණයක් වනුයේ ඒවා මුහුදේ සිට වෙරළට පැමිණෙන විට වෙරළේ කොතරම් බැස්මක් (gradient) තිබිය යුතුද යන බවයි. අවශ්‍ය ප්‍රමාණයට බැස්ම තිබුණේ නැත්නම් landing craft එක මඟ හිරවේ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම sitting duck තත්ත්වයකි.


ඒ කාලේ තිබුණු තත්ත්වයට අනුව බොහෝවිට landing craft වෙරළට යන විට සතුරෝ වෙරළේ සිට වෙඩි තබති. මම වරක් කණ්ඩුල නෞකාව මුතුර් ජැටිය අසල වෙරළට රැගෙන යන විට, වෙරළේ සිට .50 තුවක්කු වලින් පවා වෙඩි කෑමට ලක්ව ඇත. 


එවැනි වෙඩිතැබීම් මැද වෙරළට කිට්ටු වන විට නෞකාව පාලනය කර ගැනීමට නොහැකිව මඟ හිර වුනොත්, නැවේ රැගෙන යන මෙහෙයුම් කණ්ඩායමක් නෞකාවේ crew එකටත් නාථ දෙයියන්ගේම පිහිටය. ........

ඊළඟ කොටස අනිද්දා


Saturday, June 18, 2022

සිංගප්පූරුවේ වැසියෝ 6

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/5.html?m=1


මීට පෙර බ්ලොග් එපිසෝඩ් එකේ අප නැවතී සිටි හෝටලය තිබෙන පාර ලෙස මා සඳහන් කළේ race course road එකය. ඇත්තෙන්ම ඒ අසල විශාල ground එකක් තියෙනවා මා දුටුවෙමි. එය බොහෝවිට අශ්වයන් රේස් දුවවන්නට එකල පාවිච්චි කළ පිටිය විය යුතුය.


පාරවල් වල නම් ගැන කියන විට මට සිංගප්පූරුවේදී තුට්ටු පාරවල් වල නම් පිළිබඳ අදහසක් සිතට නැගුණි. නවීන සිංගප්පූරුවේ පියා ලෙස දැන් හැඳින්වෙන්නේ ලී ක්වාන් යූ මහතා ය. තුන්වැනි ලෝකයේ රටක් ලෙස තිබුණු සිංගප්පූරුව පළමුවෙනි ලෝකයේ රටක් බවට පත් කළේ ඔහු යැයි කියනු ලැබේ. ඇත්තෙන්ම සිංගප්පූරුව දැන් පළමුවන ලෝකයේත් ඉහළම තත්ත්වයේ තිබෙන රටකි. මම අන්තිමට ගූගල් කර බලන විට සිංගප්පූරුව ලෝකයේ දෙවනියට පොහොසත් රට බව දුටුවෙමි. 


සිංගප්පූරුවට මේ තරම් දියුණුවක් ලබා දුන් මේ නායකයාගේ ොහෝ ප්‍රතිමා වල් රට පුරාම තිබිය යුතු බවත් ඔහුගේ නමට ගුවන්තොටුපළවල් පාසැල් දුම්රිය ස්ථාන යනාදී බොහෝ දෑ තිබිය යුතු බවත් මා සිතුවෙමි. නමුත් එහි ගොස් බැලූ විට ඔහුගේ නම තියෙන කිසිවක් මට සිංගප්පූරුවේ සොයා ගැනීමට නොහැකි විය. ඔහුගේ සොහොන තිබෙන්නෙත් ාමාන්‍ය සොහොන් භූමියක බව මම දැනගත්තෙමි. 


ඔහුගේ නම් තිබෙන කිසිම ප්‍රසිද්ධ ස්ථානයක් නැත. එලෙසම නිදහස ලබා ගත් පසු සිංගප්පූරුවේ පාලකයන් එරට පාරවල් වල නම් සහ වෙනත් ස්ථානවල නම් කිසිම ලෙසකින් වෙනස් කර නොමැති බවද මම නිරීක්ෂණය කළෙමි. ඔවුන් නිදහස ලබා ගන්නට පෙර  ඉංග්‍රීසි ජාතිකයන් විසින් යොදා තිබුණ නම් තාමත් එලෙසම පාවිච්චි වෙයි.

සිංගප්පූරුවේ පාරවල් කිහිපයක නම් මම random ලබාගෙන මේ episode එකේ අඩංගු කරමි.




මම ටික කාලයකට පෙර, සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අත්සන් කළ කාලයේ බව මට මතකයි, ලී ක්වාන් යූ ගේ from third world to first world නැමැති පොත කියෙව්වෙමි. දැන් ලංකාවේ තත්වය ඒකත් සමග හිතන විට අපේ කෙනෙකුට නම් from second world to 4th world යනුවෙන් පොතක් ලියන්නට හැකි බව පෙනේ. 


ලී ක්වාන් යූ අනුස්මරණය කිරීම සඳහා යම් ස්ථානයක්  හෝ එවැනි දෙයක්, තිබේදැයි සොයද්දී මම ඔහු ජිවත් වූ නිවස ගැනත් පරීක්ෂා කළෙමි. ඒ පිළිබඳව මට අපූරු විස්තරයක් කියවන්නට ලැබිණ.


ඔහු 2015 මියගිය අතර ඔහු තමාගේ පුද්ගලික නිවස, දැනට එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන විස්සක් පමණ වේ යැයි ගණන් බලා ඇත, ඔහුගේ ලොකු පුතාට ලබා දී ඇත. ඒ අතරම ඔහු එම නිවස කවදාකවත් කෞතුකාගාරයක් වැනි වැඩකට යෙදවීමට තම අකැමැත්ත ප්‍රකාශ කර ඇත. ඇත්තෙන්ම ඔහුට උවමනා වී තිබී ඇත්තේ එම නිවස කඩා එතනින් ඉවත් කර දේපල වෙනත් කටයුත්තක් සඳහා යෙදවීමට ය.


ලොකු පුතා එය තමන්ගේ බාල සහෝදරයා ට විකුණා ඒ මුදල පුණ්‍ය අරමුදලකට ප්‍රදානය කර ඇත. පොඩි පුතා සහ ලී ක්වාන් යූ ගේ දියණිය එම නිවසේ ජීවත් වන අතර ඔවුන්ගෙන් පසු එම නිවසට කුමක් කළ යුතු දැයි සිංගප්පූරු රජය විසින් තීරණය කළ යුතු යැයි දැන් සිංගප්පූරුවේ අගමැති වන ලී ක්වාන් යූ ගේ ලොකු පුතා ්‍රසිද්ධියේ කියා ඇත. මේ පිළිබඳව ඔහුගේ සහෝදරයා සහ සහෝදරිය අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර, තම පියාගේ අවසාන කැමැත්තේ තිබූ පරිදි සියල්ල සිදුවිය යුතු යැයි කියති.


ඊළඟ කොටසක් තිබුනොත් අනිද්දා





Friday, June 17, 2022

සිංගප්පූරුවේ වැසියෝ 5

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/4.html?m=1







ඉන්දියානු කෑම ගැන කතා කරද්දී තව ටිකක් ලියන්නට මට සිතුනි. අප නැවතී සිටි හෝටලය තිබුනේ සිංගප්පූරුවේ race course road එක නමැති ්‍රධාන පාරක අසලිනි. මේ හෝටලය සහ ඒ අවට ඇවිදිද්දි ඒ මුලු බ්ලොක් එකම ප්‍රධාන පාරවල් හතරක් ලෙසට සම්පූර්ණයෙන්ම වාගේ තිබුණේ ඉන්දියානු ආපනශාලා බව පෙනුණි. 

කේරල, තමිල්නාඩු, බෙංගාලි, චෙට්ටිනාඩ්, යනාදී නොයෙකුත් ඉන්දියානු ආපන ශාලා වර්ග සීයක් පමණ මේ බ්ලොක්  එකේ පමණක් තිබුණු බව පෙනුණි. 

මේ ආහාරවලින් මා වඩාත් සිත් ගත්තේ චෙට්ටිනාඩ් ආහාර වලට ය. කලකට පෙර මම ඉන්දියාවේ 1980 සහ 89 අවුරුද්ද බැගින් ජීවත් වී ඇතත් චෙට්ටිනාඩ් ආහාර මට මුණගැසී නැත. දහවල් ආහාරයට බත්, පලා වලින් සෑදූ කරියක්, චිකන් කරියක් එළවළු කරියක් සහ බැදපු මාළු කෑල්ලක් අපේ රසයට ගැළපෙන ආකාරයට ම වාගේ ආහාරයට ගැනීමට ඉඩ ලැබුණි.

මෙවැනි ඕනෑම ආපනශාලාවක බියර් සහ වෙනත්  මද්‍යසාර මිලදී ගැනීමට හැකියාව තිබුණු අතර මෙයින් ආහාරයේ රස වත්කම වැඩිකරගැනීමට පාරිභෝගිකයන්ට ඉඩ ලැබේ. 

බොහෝවිට එකම ස්ථානයකදී ඉන්දියාවේ නොයෙකුත් ප්‍රදේශ වැඩිම ගණනක ආහාර රසවිඳිය හැකි, ස්ථානය මෙම හතර වීදිය විය හැකි යැයි මට සිතුනි.

ලිට්ල් ඉන්දියා ප්‍රදේශයේ පමණක් නොව සිංගප්පූරුවේ බොහෝ තැන්වල ඉන්දියානු ආපන ශාලා විසිරී තිබේ. චීන වැසියන් ද මේවායේ නිතරම ආහාර ගනු දකින්නට පුළුවන.


මම අද එපිසෝඩ් එකේ ඡායාරූප කිහිපයක් අඩංගු කරමි. ඒවායින් පෙන්වන ආකාරයට ලිට්ල් ඉන්දියා ප්‍රදේශය, සිංගප්පූරුවේ රජය විසින් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට සැලසුම් සහගතව යොදන බවක් පෙනේ. ඒ ප්‍රදේශයට පැරණි ඉන්දියානු මුහුණුවරක් ලබා දීමට බොහෝ වෙහෙසක් ගන්නා බවක් පෙනෙන්නට තිබේ. 

ඇත්තෙන්ම  කෙනෙකුට ලිට්ල් ඉන්දියා තුළ ඉන්දියාවට නොගොස්ම ඉන්දියානු අත්දැකීමත් සමහර විට ඉන්දියාවට ගියාටත් වඩා හොඳට ලබාගැනීමට හැකියාවක් තිබෙන බව මට සිතුනි. 

සිංගප්පූරුවේ වැසියෝ කෑමට රුසියෝ බව ලංකාවේ නාට්‍යයක සින්දුවක ගායනා කරනු මට ඇසී තිබේ. එය නම් සම්පූර්ණ සත්‍යයකි. කෑම කඩවල් ඇතුලට යාමට එළියෙ ඉතාමත් ඉවසිලිවන්ත ලෙස පෝලිම්වල රැඳී සිටින මිනිසුන් එහි සුලබ දසුනකි. බොහෝ දුම්රිය ස්ටේෂන් මුල්කරගෙන කේන්ද්‍රීය කරගෙන අති විශාල සාප්පු සංකීර්ණ සාදා ඇති අතර ඒවායේ එක් කොටසක් සැමවිටම පාහේ ආපනශාලා වලින් පිරී තිබේ. රටේ මිනිසුන්ගේ ආදායමේ හැටියට ඉතාමත් සාධාරණ මුදලට එම ආහාර ලබා ගත හැකි අතර ලෝකයේ බොහෝ franchise  ආහාර දාමයන්ගේ ද කිසිදු අඩුවක් නැත.


සාමාන්‍යයෙන් සිංගප්පූරුවේ රසවත්, මස් මාලු වලින් සපිරි ආහාර වේලක් ඩොලර් දහයකට අඩුවෙන් ලබා ගත හැකි අතර එහි බස් රියදුරෙකුගේ වැටුප ඩොලර් පන්දාහක් පමණ වෙයි. ඒ කියන්නේ වැටුපෙන් 2/1000 කි. 

ඒ කියන්නේ ලංකාවේ රියදුරෙකුගේ වැටුප රුපියල් හතළිස් දහසක් නම් රුපියල් 80 ක මුදලකි. ලංකාවෙ අද රුපියල් අසූවකට බනිස් ගෙඩියක් වත් කන්නට පුළුවන් දැයි සැක සහිතය.

ඊළඟ කොටස අනිද්දා


Wednesday, June 15, 2022

සිංගප්පූරුවේ වැසියෝ 4

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/3.html?m=1


මෙම අපොස සාමාන්‍ය පෙළ සමාජ අධ්‍යයන පාඩමේ කියා තිබුනේ, නිවැරදි ඉංග්‍රීසි කතා කරන  පවුල්, සිංග්ලිශ් කතා කරන පවුල් වලට වඩා ඉහළ සමාජය තත්වයකට අයත් වන බවය. මෙයට අමතරව, golf  සහ ටෙනිස් ක්‍රීඩා කරන, වීදි කෑම නොකා මිල අධික ආපනශාලා වලින් කෑම ගන්නා අය වඩා හොඳ සමාජ කණ්ඩායමකට අයත් වන බවත් basket බෝල් වැනි ක්‍රීඩාවන්හි යෙදෙන්නන්, වීදි කෑම කන්නන්, පාසැල් නිවාඩු කාලයට පිටරට සංචාරයේ නොයන්නම් සමාජයේ පහල කණ්ඩායමකට අයත් වන බවත් මෙම පාඩමේ කියා තිබුණි.

ලෝකයේ දෙවනියට පොහොසත් රට නිසා මේ කියන සමහර දේවල් ඒ සමාජ ක්‍රමයට ගැලපෙන්න ටත් පුළුවන.




මෙම පාඩම පිළිබඳව එරට සමාජ මාධ්‍ය වල, ප්‍රසිද්ධ කතා බහක් ඇති වී ඇත්තේ එයින් සමාජයේ බොහෝ පිරිසකට අසාධාරණයක් සහ අවමානයක් සිදුවන බව පවසමිනි. කෙසේ වුවත් තමන්ගේ ජනතාව හරි ඉංග්‍රීසියෙන් කතා කිරීමට යොමු කිරීම රජය තවදුරටත් තදින්ම කරගෙන යනු පෙනේ.

මෙම පාඩමේ තිබෙන කෑම ගැන කතා කරන විට මට සිංගප්පූරුවෙ ආහාර පුරුදු සහ ආහාර ගැනීමේ ක්‍රම, පිළිබඳව සොඳුරු මතකයන් බොහෝ ගණනක් සිහියට නැඟුණි. 

අප නැවතී සිටි හෝටලය බජට් හෝටලයක් වු අතර බොහෝ බජට් හෝටල් මෙන්ම එයද පිහිටා තිබුණේ ිංගප්පූරුවේ ඉන්දියානුවන් වැඩිපුර වාසය කරන ප්‍රදේශය වන ලිට්ල් ඉන්දියා නැමැති කොටසේය. 

ලංකාවෙන් සිංගප්පූරුව වෙත සංචාරයක් සඳහා යන හැම දෙනෙකුම පාහේ දන්නා, මොහොමඩ් මුස්තාපා සාප්පු සංකීර්ණය පිහිටා තිබෙන්නේ ද මෙම ප්‍රදේශයේය. වරෙක මම මෙම සාප්පුවට ගිය විට මගේ පැරණි මිතුරෙකු වන කීර්ති මුදලිගේ මුණ ගැසීම ද සතුටට කාරණයක් විය.

අප මුල් දවසේ උදේ අවදි වී හෝටලයෙන් උදය ආහාරය නොදෙන නිසා එළියට ගොස් ඒ අසල, තිබූ දකුණු ඉන්දියානු ආපන ශාලාවකට ගොස් තෝසේ ආහාරයට ගත්තෙමු. මෙම තෝසේ මිලට ගැනීමේදී අපගේ පෙනුමෙන් දකුණු ඉන්දියානුවන්  මෙන් පෙනුනද ඒ ආහාර පිළිබඳව කිසිම දැනුමක් නොමැති බව දුටු නිසා එතැන සිටි පුද්ගලයකු මගෙන් " තෙළඟා......,"

යනුවෙන් මම අන්ද්‍රා ප්‍රදේශයේ වැසියෙකු දැයි විමසා සිටියේය.

උදෑසන වුවද බොහෝ දකුණු ඉන්දියානුවන් එම හෝටලයේ ආහාර ගන්නා විට බියර් කෑන් ලඟ තබාගෙන ඒවා පානය කරමින් ආහාර ගන්නා බව නිරීක්ෂණය කළෙමු. සමහරවිට ඒ නොයෙකුත් කම්කරු සේවයන් හි යෙදෙන පුද්ගලයන් බව බාහිරින් පෙනෙන්නට තිබුණි. අප උදය ආහාරය ගෙන උමං දුම්රියෙන් පොංගෝල්  නැමැති දුම්රිය ස්ථානය වෙත ගොස් දහවල් සහ රාත්‍රී ආහාර, දියණියගේ නිවසින් ලබා ගත්තෙමු. 

පසුදින උදයේ නැගිට ළඟම තිබෙන ආපන ශාලාව පසුකර ඊළඟ විදියේ දුටු තවත් ආපනශාලාවක් වෙත ගියෙමු. ඒ ආපණශාලාව සුළු වශයෙන් මිල වැඩි වුවද අප එම ස්ථානය වඩා ප්‍රිය කළෙමු. සාමාන්‍යයෙන් දෙදෙනෙකුට තෝසේ දෙක බැගින් සහ කරි තුන් වර්ගය, සීමාවක් නොමැතිව, ආහාරයට ගැනීමට සිංගප්පූරු ඩොලර් අටක් පමණ වැය විය. එය ලංකාවේ මුදලින් නම්, රුපියල් දෙදාහක් පමණ වෙයි. 

මෙම ආපන ශාලාවේ අයිති කාරිය වූයේ ඉන්දියාවේ චෙන්නායිහි කාන්තාවක් වූ අතර ඇය අපත් සමඟ බොහෝ කුළුපග වූවාය. අපගෙන් ඒ පිළිබඳව නොඅසාම අප ශ්‍රී ලාංකිකයන් බව දැනගත් ඇය අපට විශේෂ සැලකීමක් දක්වන්නට උනන්දු වූ බවක් පෙනුණි. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික පරිහානිය පිළිබඳවද ඇය ඉතාමත් කණගාටුවෙන් කතා කළාය. ඊළඟ කොටස අනිද්දා

Tuesday, June 14, 2022

කාලයේ අරුමය සහ coordination

 කාලයේ අරුමය පිළිබඳව විස්තර කෙරෙන සිද්ධියක් අද උදේ මට ඇතිවුණි. ඉහළ පොලිස් නිලධාරියකු ව සිට ැන් විශ්‍රාම සුවයෙන් පසුවන මගේ මිතුරෙකු උදේ මට කෝල් එකක් දුන්නේය. 

නගරයේ ජීවත් වන ඔහු දැන් gas නැති නිසා දරවලින් උයන්නට පටන් ගෙන ඇත. 

නගරයේ දර සපයා ගැනීම අපහසු වේ මම තරමක් ග්‍රාමීයව ජීවත් වන හෙයිනි ඔහු මට කතා කර කවුරුහරි කෙනෙකුට කියා දර ටිකක් එකතු කර තබන ලෙස ඉල්ලා සිටියේය. 

එවැනි කෙනෙකු සොයා ගැනීමට අපහසු හෙයිනි ඔහුට අපේ නිවසට පැමිණෙන ලෙසත් අප දෙදෙනා එකතු වී දර ටිකක් එකතු කර ඔහුට ගෙන යාමට ලබාදිය හැකි බව මම පැවසුවෙමි. ඔහු එයට කැමැති උන අතර, මට කෝල් එකක් දේ පසුව දිනයක පැමිණෙන බව පවසා සිටියේය. නමුත් ඔහු සමග එකතු වී මේ වැඩේ කිරීම පොඩි  සතුට ගෙන දෙන කාරණයක් නිසා, මම ඔහුට අද පැමිණෙන ලෙසට කීවෙමි. 

එහෙත් අද ඔහුට කුණ්ඩසාලයේ පැත්තට වෙන යම් ගමනක් යන්නට තිබෙන නිසා පැමිණිය නොහැකි බවත් හෙට හෝ අනිද්දා පැමිණිය හැකි බවත් කියා සිටියේය.

කුණ්ඩසාලේ යන වැඩය සඳහා කොපමණ වේලාවක් ගත වෙනවා දැයි මම ඔහුගෙන් ඇසුවේ මෙයින් යම් අදහසක් පැමිණි නිසාය. ඔහු කිව්වේ විනාඩි 45 ක් පමණ ගතවන බවය. 

මගේ බිරිඳ ෆුඩ් සිටි යාමට සැලසුම් කර ගෙන සිටින බව මට මතක් විය. ඔහු ඒ ගමන යන්නේ ෆුඩ් සිටිය පහුකරගෙන බවත් ආපසු වෙන්නෙත් එතනින්ම බවත් මට කල්පනා විය. ඔහු කුණ්ඩසාලේ යන විට මගේ බිරිඳත් දමාගෙන ගොස් ආපසු එනවිට ෆුඩ් සිටි එක ළඟදී ඇය පික් කරගත හැකිදැයි මම ඔහුගෙන් ඇසුවෙමි.


ඔහු ඉතාමත් සතුටෙන් එයට කැමැති විය. අප ඒ සඳහා වේලාවක් ද යොදා ගත්තෙමි. මම මෙය ලියන්නේ ඔහු එන තෙක් බලා සිටින අතරතුරය. 

මේ දුරකථන සාකච්ඡාව සහ අදහස නිසා ංකාවට පෙට්ට්‍රල් ලීටර් තුන හතරක් ඉතිරිවන අතර, නොයෙකුත් වැඩ coordinate කිරීමෙන් කොතරම් කාලය මුදල් සහ ඉන්ධන ඉතිරි කරගත හැකිදැයි සියලු දෙනාට පෙන්වා දීමට හොඳ උදාහරණයකි. එසේම යමක් අවශ්‍ය වූ විට ලැජ්ජාවක් නොමැති ව ඒ පිළිබඳව කතා කිරීම ්‍රයෝජනවත් බව පෙන්වා දීමටත් මෙම කතාව වැදගත්ය.

අපගේ ගෙවත්තේ පොල් ගස් කිහිපයක් තිබේ. ඒවායේ වැටෙන පොල් අතු එතරම් පාවිච්චියට ගැනෙන්නේ නැත. මම දැන් ඔහුත් සමග එකතු වී ඒවාඔහුට දර සඳහා කපා දීමට සැලසුම් කරමි. එයට අමතරව තවත් අපේ කුඹුරේ වනාතේ ඇල්බීසියා ගස් විශාල ප්‍රමාණයක් වැවී තිබේ. ඔහුත් සමඟ එකතු වී එම ගස් වල අතු කපා ගෙන කොල ටික කුඹුරට සුද්ද කර දමා අතු ටික ඔහුට දරට ගැනීමට දීමට ද සිතාගෙන සිටිමි.

අපේ වත්තේ විශාල යෝධ උණ වර්ගයේ උණ පඳුරු කිහිපයක් ද තිබේ, ඒවාගෙන් ගස් දෙක තුනක් කපාගෙන ගෙන යාමට සුදුසු පරිදි කොට කරගත්තොත් ඔහුට ඒවාත් ඕනෑතරම් රැගෙන යාමට පුළුවන.


පැමිනි දුක පැනිරසයි කියා සිංහල කියමනක් තිබේ. අපි දැන් අවුරුදු 40ක 50ක මිතුරන් වෙමු. දැන් ඒ පැමිනි දුක බෙදා ගන්නෙ මෙලෙසයි.


Monday, June 13, 2022

සිංගප්පූරුවේ වැසියෝ 3

https://lakshmanillangakoon.blogspot.com/2022/06/2.html?m=1

සිට

........නමුත් ඒ ඇඳුම් සහ සපත්තු හැම එකක්ම වාගේ විශේෂයෙන්ම හෑන්ඩ් බෑග් එක branded ඒවාය. ලෝකයේ බ්‍රෑන්ඩ් සාප්පු සහ brand ඇඳුම්පැළඳුම් පිළිබඳව එතරම් උනන්දුවක් දක්වන රටක් නැති තරම්ය. 


ඔවුන්ගේ දරුවන් දෙමව්පියන් අතර සම්බන්ධතා පිළිබඳව මට හොඳින් දැන ගන්නට ලැබුණේ වයස 68 ක කුඩා දරුවන් බලාගන්නා චීන සිංගප්පූරු කාන්තාවක් සමග කතා බහ කරන්නට ලැබීමෙනි. ඇය තුන්වෙනි පරම්පරාවේ සිංගප්පූරු වැසියෙකු වන අතර දැන් රැකියාව සඳහා ඉපදුනූ පසුව මාස තුනක් වනතුරු දරුවන් බලා ගැනීම සඳහා පුහුණුවක් ලැබ ආයතනයක් හරහා එම රැකියාවේ නිරත වෙයි.

මසකට ඩොලර් 3000 ක් පමණ උපයන අය දරුවා බලා ගැනීමේ කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ පසු, දරුවා ලැබෙන්නට පෙර ම අලුත් දෙමව්පියන් හමුවී ඔවුන් හඳුනාගෙන දරුවා ඉපදෙන දිනයේම රෝග්‍ය ශාලාවට පැමිණ වැඩේ භාර ගනී.

උදේ නමයට නිවසට පැමිණ ාත්‍රී 5 දක්වා ඇගේ රාජකාරිය ඉටුකරයි. නිවස පිරිසිදු කිරීම දරුවා නෑවීම නිදිකරවීම දෙමව්පියන්ට ආහාර වේල් තුන පිළියෙල කර දීම, නිවසට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන ඒම යනාදී වශයෙන් සියලුම රාජකාරි ඉටු කරන ඇය ඒවා ඉතාමත් සතුටින් එසේම මනා අයුරින් කරනු දැකීමත් කෙනෙකුට සතුටක් ගෙන දෙයි.

ඇයටත් දැන් වැඩුණු දරුවන් සිටින අතර ඔවුන් ඇයට  සතිපතා මසාජ් කර ගැනීමට මිල අධික රාත්‍රී ආහාර වේලක් ගැනීමට යනාදිය සඳහා මුදල් ලබාදෙන බව ඇය කීවාය.

සාමාන්‍යයෙන් සිංගප්පූරුවේ ජනතාව තාකරන ඉංග්‍රීසි වලට කියන්නේ singlish කියාය. මෙය ඉංග්‍රීසි භාෂාවට අමතරව චීන මැලේ ංග්‍රීසි දෙමළ යනාදී බොහෝ භාෂා කවලම් වී සෑදුණු භාෂාවකි. එහෙත් මුළු රටේම ජීවත්වන මිනිසුන් ට පොදු වචන බොහෝ ගණනක් මේ භාෂාවේ තිබේ. 

එයට අමතරව ඔවුන් ඉංග්‍රීසි කතා කරන්නේ ද, ඔවුන්ටම ආවේණික වූ ආකාරයකිනි. බොහෝ වචන කතා කරන විට ලා යනුවෙන් අවසන් කරනු ලබයි. ඕල් රෙඩි යන්නත් නිතරම අසන්නට ලැබේ.  කනවට මකං කියනු ලැබේ. තමන් දැනටමත් කෑම කා අවසන් නම් i already මකං යනුවෙන් කියති.

නමුත් එහි ජනතාව සියලු දෙනාම පාහේ ඉංග්‍රිසියෙන් කතා කරති. වයසක පුද්ගලයන් දෙදෙනෙකු මුණගැසුන විට පවා පහසුවෙන් ඉංග්‍රීසියෙන් කතා කරනු දකින්නට පුළුවන. 

1965 ංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුණු විට අන්තර් ජාතික වෙළඳාම සහ සම්බන්ධතා පවත්වා ගැනීමට පහසු වනු පිණිස න්ගේ රාජ්‍ය භාෂාවක් ලෙස ඔවුන් ඉංග්‍රීසි භාෂාව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

රටේ ජනතාවගේ ඉංග්‍රීසි භාෂාව ඉහල තත්වයකට ගෙන ඒමට රජය බොහෝ වෙහෙසක් ගනී. රජයේ සියලු දැන්වීම් සහ අනෙක් කටයුතු කෙරෙන්නේ ඉංග්‍රීසියෙනි.

සිංගප්පූරුවේ අපොස සාමාන්‍ය සමාජ අධ්‍යනය පොත, මේ සම්බන්ධව මෙවර පාඩමක් ඇතුළත් කර ඇත. ඒ පිළිබඳව සිංගප්පූරුවේ සමාජ මාධ්‍යවල බොහෝ අදහස් පළ වී තිබේ......... ඊළඟ කොටස අනිද්දා


Saturday, June 11, 2022

සිංගප්පූරුවේ වැසියෝ 2


 සිංගප්පූරුවේ දුම්රිය ගැන පමණක් පොතක් ලියන්නට පුළුවන. ඒවායේ රියදුරන් හෝ වෙනත් සේවකයන් නොමැත. සියලු දේම සිදුවන්නේ ස්වයංකාරී ආකාරයෙනි. දුම්රිය ස්ථානයට ඇතුළු වීමේ සිට පොළොව යටින් ගොස් අපට අවශ්‍ය දුම්රිය ස්ථානයෙන් බැස පොළොව මතුපිටට  පැමිණ පිටතට යන තෙක් ඔබට කිසිම සේවකයකු මුණ ගැසෙන්නේ නැත.


මේවායේ තාක්ෂණය කොතරම් අපූරු වුවත් එහි ඇත්තෙන්ම ආකර්ෂණය තිබෙන්නේ මගින් හැසිරෙන ආකාරය මතය. අප බොහෝ විට රාත්‍රී 11ට පමණ ආපසු හෝටලයට යන නිසා සෑම දිනකම පාහේ  මධ්‍යම රාත්‍රියේ දුම්රියේ ගමන් කළෙමු.

ඒ වෙලාව වන විට දුම්රිය බොහෝවිට හිස් ව තිබුණු අතර ආසන දහයෙන් එකකවත් මගින් සිටියේ නැත. මම පලවෙනි දවසේ දුම්රියට නැග දුම්රිය බොහෝදුරට හිස්ව තිබීම ගැන සතුටු වී කකුල් දෙක ඉදිරියට දික්කර හරි බරි ගැහී වාඩි වුණෙමි. ටික වේලාවකින් දෙපැත්ත බලන විට කිසිම කෙනෙකු එසේ වාඩි වී සිටින්නේ නැති බවත් ඔවුන් එලෙස දුම්රිය බොහෝදුරට හිස්ව තිබෙන අවස්ථාවලත් කෙලින් ඉඳගෙන සිටින බව මා දුටුවෙමි. මමද එසේ කෙලින් වාඩිවී ගමන අවසන් කළෙමි. එසේම ඉඩ තිබෙන අවස්ථාවකවත් දෙපැත්තේ ආසන හිස්ව තිබිය දීත් අත්දැක අනික් ආසන උඩින් දමන කෙනෙකු මම දුටුවේ ම නැත. මට එසේ දමන්නට සිතුනේ නමුත් මමත් එසේ නොකර ඉන්නට සිතා ගත්තෙමි.

උමං දුම්රිය දුටු තවත් විශේෂ දෙයක් නම් සෑම දෙනාම තමන්ගෙ ජංගම දුරකථනය පාවිච්චි කරමින් එදෙස බලා සිටින බව ය. ඔවුහු බොහෝවිට ඒ මත යමක් කියවමින් හෝ ්‍රීඩාවක් කරමින් එසේ නැත්නම් සංගීතයට සවන් දෙමින් සිටින බවක් පෙනෙන්නට තිබුණි. එහෙත් ඉතාමත් කලාතුරකින් හැරෙන්නට දුරකථනයෙන් කෙනෙකුට කතා කරනවා පෙනෙන්නට නොතිබුණි. එසේම එහි වාඩිවී සිටින හෝ හිටගෙන සිටින කිසිම මගියෙකු මගියෙකු සමග කතා කරන බවකුත් දකින්නට ලැබුණේ ඉතාමත්ම කලාතුරකිනි. දුම්රිය පෙට්ටිවල බොහෝ තැන්වල no talking යනුවෙන් දැන්වීම් සවිකර තිබුණි.

එම දුම්රියවල සෑම ආසන පේළියකට ම ආසන දෙකක් රතුපාටින් තිබුණු අතර ඒවා ිශේෂ අවශ්‍යතාවයක් ඇති අයට පාවිච්චි කිරීමට වෙන්කර තිබුණි. එම ආසන ලබාදීම සඳහා දුරකථන ඇප් එකක් ද පාවිච්චි වන බව මම දුටුවෙමි.

මෙම උමං දුම්රිය පද්ධතිය සමාගම් දෙකකට අයිති බවත් ඒවා ලාභයක් උපදවමින් රජයට හෝ ජනතාවට බරක් නොවී කළමනාකරණය වන බවත් මට දැනගන්නට ලැබුණි.

සිංගප්පූරුවේ වැසියන් ගේ ඇඳුම් පැළඳුම් ගැනත් මෙතැනදී කියන්න ට සුදුසු යයි මම සිතමි. එහි කාන්තාවන් සියලු දෙනාම පාහේ රැකියාවට නොවේ නම් අඳින්නෙ ඉතාමත් කොට කලිසමක් ටී ෂර්ට් එකක් සහ sneakers දෙකකි.

කාන්තාවන් පමණක් නොව බොහෝ පිරිමින් ද අඳින්නේ ඇඳුමයි, ඔවුන්ගේ කොට කලිසම ටිකක් දිගට තිබේ.


Friday, June 10, 2022

සිංගප්පූරුවේ වැසියෝ - 1

මම මේ ලඟදි සිංගප්පූරුව වෙත ගියෙමි. ඒ මගේ පළමුවැනි මිනිපිරිය බැලීම සඳහාය. එහි සිටියදී දවසක් මගේ ළඟම මිතුරෙකු වන සරත් විමලසූරිය මා සමග කතා කරමින් සිටියදී සිංගප්පූරුවේ මදුරුවන් සිටින්නේ දැයි ඇසුවේය.  මදුරුවන් නොමැති බව මම ඔහුට කීවෙමි. මෙම සාමීචියේ න් පසුව මමත් ටික වෙලාවක් කල්පනා කර බැලූ විට සිංගප්පූරුවට පැමිණි පසු කිසිම අවස්ථාවක මම මදුරුවෙකු කූඹියෙකු හෝ එවැනි කෘමීන් කිසිවකු දැකීමට නොලැබුණු බව සිහියට නැගුනි.

මම ලංකාවේ ගෙදර සිටියදී සෑම දිනකම පාහේ මදුරුවන් දෙතුන් දෙනෙකු කූඩැල්ලන්ට තුන්දෙනෙකු ගේ පහර දීමකට ලක් වන අතර කූඹින් දෙසියක්/300ක් නොදැකපු දිනයක් ඉතාමත් අසාමාන්‍ය දිනයක් බව නොඅනුමානය.

මම ඉන් පසුව අන්තර්ජාලයට ගොස් මෙම මදුරුවන් නොමැතිකමට හේතුව කුමක් විය යුතු දැයි සොයා බැලුවෙමි.
එයට හේතුව පරීක්ෂාකර බලන විට මදුරු ප්‍රශ්නයක් සිංගප්පූරුවට ම ආවේණික ආකාරයට විසදා ඇති බව දැනගන්නට ලැබුණි.
ඒ මදුරුවන්ගේ බිත්තර රැක්ක වීමට නොහැකි වන ආකාරයට බැක්ටීරියාවක් ඇතුල් කර ඇති මදුරුවන් පරිසරයට නිදහස් කිරීමෙනි. උන් එලියට ගොස් ාමාන්‍ය මදුරුවන් සමග අනෙක් හැම දෙයටම තරග කරන අතර, එහෙත් පැටවු හදන්නේ නැත. කාලයක් යන විට බිත්තර වලින් පැටව් හදන්නට පුළුවන් මදුරුවන් ද පරිසරයෙන් ඉවත් වී යයි.
Wolbachiya  නම් වූ මෙම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක වී ඇති බව පෙනේ.

මෙයට අමතරව මම වෙනත් ගමන් ගිය විට කරනවා මෙන් එහිදීම දකින දෑ මගේ බ්ලොග් පොතේ සටහන්  නොකර ඉන්නට මම තීරණය කළෙමි. ඒ මක්නිසාද යත් මෙතරම් දුර්භික්ෂ හා දුෂ්කර කාලයක ලංකාවේ travel log ලිවීම නොගැළපෙනවා යැයි සිතූ බැවිනි.
මේ නිසා මට මා එහිදී දුටු දෑ පිළිවෙළකට ලිවීමේ අවශ්‍යතාවයක් ද ඇති වන්නේ නැත. අප සිංගප්පූරුවේ සිටි කාලය තුළ මගේ දුවගේ නිවස එ තරම් ඉඩ පහසුකම් නොමැති නිසා අප නැවතී සිටියේ කුඩා හෝටලයක ය.
මේ හෝටලයේ සිට ඇයගේ නිවස වෙතට කිලෝ මීටර 25ක් පමණ දුර වූ අතර අප දිනපතා වාගේ ඇගේ නිවස වෙත උමං දුම්රියකින් ගමන් කළෙමු.  සිංගප්පූරුවේ මේ උමං දුම්රිය පද්ධතිය ඇත්තෙන්ම පුදුම සහගත එකකි. කිලෝ මීටර් දෙසිය ගණනක් දිග මෙම පද්ධතියේ දවසකට එහි ජනගහනයෙන් සියයට 65ක් එසේ එන්නත් නම් මිලියන 3.4 ක් ගමන් කරති.
ජනගහනයෙන් මෙතරම් ප්‍රමාණයක් ගමන් කරන්නේ ඇයිදැයි හිතාගන්නට වත් බැරිය.
සාමාන්‍යයෙන් පැයකට කිලෝමීටර් 80 ක පමණ වේගයෙන් ගමන් කරන මෙම දුම්රිය ඇතුලේ යන මගිනුත් පුදුම සහගතය. ඔවුහු කිසි විටෙකත් තමා අත තිබෙන බෑග් එකක් තමාට ආසන්න ආසන හිස්ව තිබුනත් එම ආසනය මත තබන්නේ නැත. එක්කෝ එය තම ඔඩොක්කුවේ තබා ගනිති එසේත් නැත්නම් කෙලින් තබාගෙන සිටින කකුල් දෙක අතරේ බිමින් තබා ගනිති. දෙදෙනෙකු කතා කරනවා හෝ කෙනෙකු දුරකතනයකින් කතා කරනවා දකින්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඇත්තෙන්ම ඒවා තුල කථා කිරීම අධෛර්යමත් කිරීමට දැන්වීම් පවා අලවා තිබේ.
ඊළඟ කොටස පහත link එකන්

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...