Tuesday, October 23, 2018

සිංගප්පුරුවෙන් ලංකාවට කුණු ගෙනවිත් දැමීම



කසල කී විට ඇඟ කිලිපොලා යන ලෙසට කසල අප රටට බිය ගෙනදෙන කාරණයක් වී ඇත්තේ අප එය හරියට කළමනාකරණය කරගන්නේ නැති නිසාය. අපට කසල කියූ විට මතක් වන්නේ අවලස්සන, බ්ලුමැන්ඩල් සහ මීතොටමුල්ල වැනි ස්ථානයන් සහ ඒ හා සම්බන්ධ ගිනිගැනීම් කඩා වැටීම් වැනි සිද්ධීන්ය. එසේත් නැත්නම් අපේ ගම අසලට කුණු ගෙනත් නොදානු කියන ජනතා අරගලයන් ය.
අප මෙම ප්‍රශ්නයට උත්තර සෙවීමට පෙර සිංගප්පුරුවේ කසල කළමනාකරණය කුමන ආකාරයේදැයි පරීක්ෂාකර බැලීම ප්‍රයෝජනවත් වෙයි.

 කසල කළමනාකරණය සිංගප්පුරුවේ අපට වඩා බොහෝ වෙනස්ය. සිංගප්පුරුව වසරකට නිපදවෙන ඝන කසල ප්‍රමාණය ටොන් මිලියන 7.67 ක් වෙයි. මුල් කාලයේ; හැත්තෑ ගණන්  වල පමණ, කසල පුරවන ස්ථාන (land fills) තිබුනේ ජීවත්වන ස්ථානයන්ට කිට්ටුවෙනි. දැන් තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්ය. කුණු එකතුකර ගෙනගිය පසු ඔවුනට ඒවාට කුමක් වන්නේ දැයි දැනගන්නට වත් සිංගප්පූරු වැසියන්ට  නැවත දකින්නට ලැබෙන්නේ නැත.

එකතු කරගත් කසල කෙලින්ම කසල එකතු කරන අංගනයකට  ගෙනයනු ලැබේ. එම ට්‍රක් රථ වල තිබෙන කසල අඩි 32 ක් ගැඹුර උමගක් වැනි අති විශාල පරිමාවක් ඇති ඇති විශාල බංකරයක් වැනි ස්ථානයකට දමනු ලැබේ. ඉහල තට්ටුවක සිට මෙම කසල කන්ද දෙස බලා සිටින දොඹකර ක්‍රියාකරවන්නකු දොඹකරයක අත පහලට දමා මෙම කසල කවලම් කරනු ලැබේ. ඉන්පසු ටොන් අටක් පමණ වන කසල දොඹකර අතෙන් ඔසවා සෙල්සියස් 850 -1000 දක්වා උෂ්ණයකින් රත්වන පුච්චනයන්ට දමනු ලැබේ. එයින් පිටවන වායු පරිසරයට හානියක් නොවන තත්වයට පිරිසිදු කර වායු ගෝලයට මුදාහරිනු ලැබේ. 

මෙම පිලිස්සීමෙන් නිපදවන විදුලියෙන් 80% ක් ජාතික විදුලිබල පද්ධතිය මගින් අලෙවි කරනු ලැබේ.

මෙම ක්‍රියාවලියෙන් කසල වල පරිමාව 90% කින් අඩුකරන අතර අලු තුල ඉතිරි වී ඇති  ඇති ලෝහ කොටස් එලියට ගෙන ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. ඉන්පසු ඉතිරි අළු, මුහුදේ පැය තුනක ගමනකින් බාජ් මගින් සේමාකොව් මුහුද ගොඩකිරීමේ  ස්ථානයට[1] ගෙන යනු ලැබේ. 

ඒවා නැවත ට්‍රක් රථ මඟින් ගොඩකිරීම මධ්‍යයේ තිබෙන බිත්ති කාන්දු නොවන පටකයකින් සාදා ඇති විශාල වලකට පුරවනු ලැබේ. මෙම වල, සිංගප්පුරුවට වසර 2035 වනතුරු ප්‍රමාණවත් යැයි ගණන් බලා ඇත. 

මෙම land fill එක ගැන කරුණු සොයද්දී මෙම දිවයින සාදන කාලයේ එහි සේවය කල ශ්‍රී ලාංකික ඉංජිනේරු මා මිත්‍ර එම් එස් ලීලසේන නිවාඩුවකට මෙහි පැමිණ සිටි බැවින් මට ඔහුගෙන් මේ පිළිබඳව බොහෝ කරුණු දැන ගන්නට හැකිවිය. අපගේ ඉංජිනේරුවන් මෙවැනි නවීන ඉංජිනේරු ආශ්චර්ය ගොඩනගද්දී අපි තවමත් ගැමියන් සමග රණ්ඩු කරමින් කුණු ගෙනවිත් ගොඩ ගසන්නට ස්ථාන සොයමින් සිටීම පුදුම සහගතය.

                           සේමකොව් ගොඩකිරීමේ ස්ථානය



මෙවැනි ක්‍රම වේදයක් දියුණු කරගෙන ඇති සිංගප්පුරුව, අපේ රටේ අක්කර 100 ක් දෙසීයක් මිලට ගෙන කසල නැව් වලට පටවා මෙහි වරායකට ගෙනවිත් ට්‍රක් රථ මගින් අර මිලදී ගත ඉඩමට ගෙන ගොස් ප්‍රදේශ වාසීන්ගෙන් බැනුම් අසමින් කුණු ගොඩගැසිය හැකි යැයි සිතිය හැකිද?
සමහරවිට මෙහි අනික් පැත්ත නම් සිදුවන්නට ඉඩ තිබේ. අනාගතයේ කසල වලින් විදුලිය ජනනය කිරීම ලෝකය පුරා පැතිරී කසල වලට තිබෙන ඉල්ලුම වැඩිවී සිංගප්පුරුව අපේ කසල එරටට ගෙන යාමට ඉඩක් ඇති වන්නට පුළුවන. ජපානයේ වසරකට කසල ටොන් මිලියන 40 ක් පුළුස්සා බලය ජනනය කරගනු ලැබේ.


[1] සිගප්පුරුවේ ප්‍රථම සහ එකම ගොඩකිරීමේ ස්ථානය වන මෙම ස්ථානය ප්‍රමාණයෙන්  වර්ග කිලෝ මීටර 3.5 ක් වන අතර එහි පරිමාව වර්ග මීටර මිලියන 63 ක් වෙයි. මෙහි වටා ඇති බැම්ම කිලෝ මීටර 7 ක් දිග වෙයි.




Monday, October 22, 2018

මහේස්ත්‍රාත් ගෙ මරණය 2



https://lakshmanillangakoon.blogspot.com/2018/10/blog-post_22.html

සිට

“මම ඔබ තුමන්ලා දන්නා පරිදි, මම මුදල් හබ බේරුම් කරන විනිශ්චයකරු  වෙලා ඉඳලා මේ පොලිසිය බාර අරගෙන මාස හතරක් බවත් මේ පොලිසිය මේ යටත්විජිතයේ පිහිටුවල මාස හයක් බවත් මම මුලින්ම කියන එක මට විතරක් නොවෙයි ලංකාවේ පොලිසියටම කරන සාධාරණයක් බව මම හිතනවා” පොලිසියේ ප්‍රධානියා වූ තෝමස් ඔස්වින් දිග කතාවක් පටන් ගන්නට ලැහැස්ති විය.

“ඔව්, ඔබගේ සේවා වාර්තාව අනුව ඔබ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අග්‍ර විනිශ්චයකාර තුමාගේ ලේඛම් විදිහට, වසර කිහිපයක් එතන සේවය කරල ඊට  පස්සේ ඔබ පානදුරේ, වැලිගම සහ ගාල්ලේ මහේස්ත්‍රාත් විදිහට වැඩ කරලා තියනවා. බේරුම් කරන නිලධාරියාගේ කාර්යාලය රජයෙන් අවසන් කලාට පස්සේ තමයි ඔබ වර්තමාන රැකියාවට තෝරා ගත්තේ.....” ඔහු තවත් පැහැදිලි කරන්නට උත්සාහ කලද 1 තම දකුණු ඇත උස්සා ඔහු නැවත්තුවේය.

“කරුණාකර, ලේඛම් තුමා ....... මේක සම්මුඛ පරීක්ෂණයක් හරි රැකියා ඉතිහාසය සාකච්ඡා කිරීමක් නෙවෙයි, මේක යටත් විජිතවල විතරක් නෙවෙයි මහා බ්‍රතාන්‍යයේත් , කොලනිවල පාලකයන්ට හිනාවෙන්න මොකක් හරි හේතුවක් හොයන හැම දෙනාටම හොඳ හාස්‍යයට කාරණයක්. ......අපි ඒ වැදගත් කාරණය ගැන සාකච්ඡා කරන්නට තමයි මෙතෙන්ට ආවෙ”.

ලේඛම් වරයා තරමක් අපහසුතාවයට පත් කල මෙම ප්‍රකාශයෙන් ඔහු ඉදිරියෙන් ඉඳගෙන සිටි ජනරාල් වරයාගේ මුවගට සිනහවක් නැගුනේය. එය නොපෙන්වා සිටීමට මෙන් ජනරාල් සිහින් දිග සුරුට්ටුවක් අතට ගෙන එහි එක කෙළවරක් දැඩි උන්නදුවකින් පරික්ෂා කළේය.

ඔස්වින් මහතා නැවත තම විස්තරය පටන් ගත්තේය. “ මේ මරණය වෙලා තියෙන්නේ ඊයේ රැ දෙකට විතර. පුරවැසියන්ගේ අවසාන මුර සංචාරය අපරාධය සිදුවුණු ස්ථානයෙන් ගිහිල්ල තියෙන්නේ රෑ 12 ට. මේ මුර සංචාරේ රෑ 10න් පස්සේ කිසිම කෙනෙකුට පන්දමක් අතේ නැතුව පාරේ ඇවිදින්නට දෙන්නේ නැහැ, අපරාධය  සිදුවෙලා තියෙන්නේ  පිටකොටුවේ මහ විදියේ අංක 135 දරණ නිවසේ. මුර සංචාරේ එතනින් යනවිටත් තමන්ගේ නිවසේ ඉදිරිපස ඉස්තෝප්පුවේ එතුමා හාන්සි පුටුවක ඉඳගෙන ඉන්නවා  දැකල  තියෙනව, රෑ දෙකට තමයි අසල්වැසියන්ට වෙඩි ශබ්දේ ඇහිලා තියෙන්නේ, අපිට ආරංචිය කිව්වේ මහා විදියේ බාරව ඉන්න පොලිස් සාජන්. මම ඒ වෙලාවේම පොලිස් පියන්ලා දෙන්නෙක් එක්ක එතනට ගියා. මහේස්ත්‍රාත්වරයාට ඔහුගේ නිවසේ ඉදිරිපස පැත්තෙන් ටිකක් දුර ඉදලා වෙඩි තියලා තියෙන්නේ කියලා බිත්තියේ වැදී තිබුණු මුනිස්සම් වලින් පෙනුණා. උදේ එළිය වැටෙන කොට අපි ඒ පැත්ත ගිහිල්ලා පරීක්ෂා කළා. එතන තිබුන සොහොනක ඉදලා තමයි වෙඩි තැබූ බව පෙනෙන්නේ . අපි අනුමාන කරපු පැත්තේ සොහොන් ගලක් උඩ සපත්තු නොමැතිව ඇවිදපු අළුත්  පා සටහන් තිබුණා. ඒ අතරම ඒ පරණ සොහොන් ගල ළඟ බුලත් කෙල පහර කිහිපයකුත් තිබුණා.”

“අලුතෙන් දාපු පොලිස් ස්ටේෂන් එක තියෙන්නේ ඒ හරියේ නෙවෙයිද?” 1 ඇසුවේය.



“නැහැ, අපි මුලින්ම දාපු පොලිස් ස්ටේෂන් දෙකෙන් පිටකොටුවේ ස්ටේෂන් එක තියෙන්නේ කයිමන් ගේට්ටුවයි හල්ෆ්ඩ්රෝෆ්  අතරේ. සිද්දිය වුන මහා විදියට ටිකක් දුරින්.” ඔවින් පිළිතුරු දුන්නේය.
“මටත් ප්‍රශ්නයක් ඇතිවුනා.” ජනරාල් කීවේය. “මම ලංකාවට ලගදි ආපු නිසා සමහර විට මගේ මේ ගැන දැනුම අඩු ඇති, ඒ නිසා මෝඩ ප්‍රශ්නයක් නම් මට සමාවෙන්න , සාමාන්‍යයෙන් ඉංග්‍රීසි නිලධාරින් පදිංචි වෙලා ඉන්නේ කොටුවේ ඇතුලේ නේද?”

“මුල් කාලයේ එහෙම තමයි තිබුනේ. නමුත් පස්සේ ටිකෙන් ටික පිටකොටුවටයි කොල්ලුපිටියටයි කිහිප දෙනෙක් පදිංචියට ගියා වඩා විශාල නිවාසයි උද්‍යනයි ඒ පැතිවල ලබාගන්න පුළුවන නිසා. පිටකොටුවේ මහා විදියේ නම් හිටපු එකම ඉංග්‍රීසි ජාතිකය මියගිය මහේස්ත්‍රාත් තුමා, පිටකොටුවේ අනෙක් සියල්ලන්ම වාගේ නෙදර්ලන්ත සම්භවයක් තියෙන පවුල්”     



මහේස්ත්‍රාත් ගේ මරණය


මේ මගේ අලුත්ම නවකතාවේ පටන් ගැන්මයි 

කොළඹ කොටුවේ වරාය පැත්තට කෙලවරට වන්නට පිහිටා තිබුණු අග්‍රාණ්ඩුකාර නිල නිවස කොටුවේ තිබෙන විශාලතම එමෙන්ම අලංකාරම මන්දිරය බව අමුතුවෙන් කිවයුතු නොවේ. අශ්ව කරත්තයක් දොරටුව අසල පෝටිකෝව තුල නැවැත්විය හැකි ප්‍රමාණයට පෝටිකෝවක් සහිතව සාදා තිබුණු මෙම මන්දිරය ඉදිරියෙන් හා දෙපැත්තෙන් කිසිදු අඩුපාඩුවක් නොමැතිව නොයෙකුත් වර්ණයන්ගෙන් යුත් රෝස මල් ඇතුළු ඝර්මකලාපීය මල් ගස් සහ හෙවන සඳහාවූ මහා ගස් වවා තිබුණි. අතරින් පතර මෙම දේපල පල්ලියක්ව තිබියදී පෘතුගීසින් විසින් මුල් කල පළකරණ ලද ඔවුන් බොහෝ ප්‍රියකළ රූස්ස කොහොඹ ගස් කිහිපයක්ද දක්නට ලැබුණි.

ඉංග්‍රීසිනට පෙර ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කල ලන්දේසි ආණ්ඩුකාරයා සඳහා ගොඩනගන ලද මෙම මන්දිරය ලන්දේසින් විසින් නෙදර්ලන්තයේ ගෘහ නිර්මාණ ශිල්පය ආසියාවට ගැලපෙන්නට, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල දී අනුවර්තනය වී පැමිණි ගෘහ නිර්මාණ ශිල්පයේ මිශ්‍රණයක් බව ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේය.

ප්‍රතාපවත්, මිනිසෙකු තරම් මහත්වූ කුළුණු මත, තද දුඹුරු පැහැති කල්කටා උළු වසා තිබුණු පෝටිකෝවෙන් ඇතුලට ගිය විට නිවසේ දෙපැත්තට විහිදුනු විවෘත ඉස්තෝප්පුව දෙපසට අඩි 20 බැගින් පමණ දික් විය. ඉන්පසු ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වූ විට විශාල අමුත්තන්ගේ කාමරයක් සහ වරාය පැත්තට තවත් කාමර තුනක්ද, ගෝල්ෆේස් පැත්තට තවත් කාමර තුනකින්ද මුළු නිවාස සමන්විත විය. මේ හා සමානවම ඉහල මාලයේද කාමර විහිදී තිබුණි.

 නිවසෙන් පසුපස දකුණු දිශාවට මුළුතැන්ගෙය ඇතුළු සේවකයන්ගේ කාමර පිහිටා තිබුණි.  

කෙනෙකු පහල මාලයේ අමුත්තන්ගේ කාමරයට ඇතුල් වනවිට දකුණු පැත්තෙන් පෙනෙන්නේ ආණ්ඩුකාර ගේ රැස්වීම් කාමරයයි. එය රැස්වීම් කාමරය මෙන්ම ආණ්ඩුකාර කොළඹ සිටිනවිට කාර්යාලයද විය. සාමාන්‍යයෙන් මෙම කාර්යාලයේ රැස්වීමක් පැවැත්වෙන්නේ මාසයකට වරකි. ඒ කොලනියේ විධායක සභාවේ මාසික රැස්වීමයි. කොලනිය සම්බන්ධව බොහෝ තීරණ ගනු ලබන්නේ මෙම විධායක සභාව විසින් වූ අතර එක්වරම ක්‍රියාත්මක කල හැකි තීරණ ක්‍රියාත්මක කලයුතු ආකාරය අදාළ රාජ්‍ය නිලධාරින්ට දන්වා යවන ලද අතර කිරීටයෙන් උපදෙස් හෝ අනුමැතිය ලබාගත යුතුයි. ආණ්ඩුකාර සතු කරුණු සඳහා උපදෙස් ඉල්ලා ලිපියක් රාජ්‍ය ලේකම් වරයා වෙත යවන ලද්දේය.

මෙදින මෙම රැස්වීම එවැනි කාලීනව පැවැත්වෙන රැස්වීමක් නොවේ. මේ කොලනිය; ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ, ඉංග්‍රීසින්ගේ පාලනය යටතට පත්වූ පසු ඇතිවූ ඉතාමත් බැරෑරුම් එමෙන්ම අවාසනාවන්තම සිද්ධිය යැයි කිව හැකි සිදුවීමක් පිළිබඳව පැවැත්වෙන රැස්වීමකි.

රැස්වීම පැවැත්වුනේ අඩි 15 ක් පමණ දිග බුරුම තේක්ක වලින් සැදු මේසයක් වටය. එහි පිටකොටුව පැත්තට කෙලවරේ රැස්වීමේ මුලසුනෙහි වයස හතළිහක් පමණ වූ පෙනුමක් ඇති තරබාරු එමෙන්ම එතන සිටි අනෙක් පිරිසට වඩා තරමක් මිටි නිලධාරියෙකු වාඩිවී සිටියේය. ඔහු තනි සුදු පැහැ කෑලි තුනේ; කබාය ඇතුලෙන් අත නොමැති කබායක් සහිත සම්පුර්න සුට් එකක් ඇඳ සිටියේය. ඔහුගේ නළල ඉතා පළල වූ අතර ඔලුව මැද හරියෙන් පටන්ගත්තාවූ කොණ්ඩය පසුපසට පීරා සිටියේය.
මේසයේ ඔහුගේ දකුණු පසින් යුධ හමුදා ජෙනරාල් වරයෙකු නිල ඇඳුමෙන් සැරසි වාඩිවී පයිප්පයක් උරමින් සිටියේය. ඔහු අසලින් ඉඳගෙන සිටියේ ඇටර්නි ජෙනරාල් වරයාය. ඔහු යමක් කියවමින් සිටියේය. මේසයේ ඔවුනට විරුද්ධ දිශාවෙන් යටත් විජිතයේ ලේකම් වරයා පොතක යමක් ලියමින් සිටියේය. ඔහුට පසුව ඔඩිටර් ජෙනරාල් වරයාත් විජිතයේ භාණ්ඩාගාරික වරයාත් වාඩිවී සිටියහ.

“මුඩ්ලියර් එන්න කියන්න පොලිස් සුප්රින්ටන්ඩන්ට් ට” යටත් විජිත ලේකම් වරයා දොර ළඟ සුදු සරමක් සහ සුදු අත්දිග කබායක් ඇඳ සිටි මැලේ ජාතිකයෙකු යැයි පෙනෙන පුද්ගලයාට පවසා සිටියේය.

ඔහු පිටතට ගොස් විනාඩි දෙකකට පමණ පසු වයස 30 ක පමණ සිහින් සිරුරක් ඇති යුරෝපිය ජාතිකයකු රැස්වීම් ශාලාව ඇතුලට පැමිණ මේසය ළඟ ගරුසරු ඇතිව නැවතී ආණ්ඩුකාර දෙස බලාගෙන සියල්ලන්ටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කළේය.

“කරුණාකර වාඩිවෙන්න, වාඩිවී අපට කියන්න මේ මිනීමැරුම ගැන” ආණ්ඩුකාර පොලිස් අධිකාරිවරයාට කියා සිටියේය.

“මම හමුදාවේ කපිතාන් වරයෙක් විදිහට ඉඳල මේ පොලිසිය බාර අරගෙන මාස හතරක් බවත් මේ පොලිසිය මේ යටත්විජිතයේ පිහිටුවල මාස හයක් බවත් මම මුලින්ම කියන එක මට විතරක් නොවෙයි ලංකාවේ පොලිසියටම කරන සාධාරණයක් බව මම හිතනවා” පොලිසියේ ප්‍රධානියා දිග කතාවක් පටන් ගන්නට ලැහැස්ති විය.

ඊළඟ කොටස ලබන සතියේ 

https://lakshmanillangakoon.blogspot.com/2018/10/2.html

Saturday, October 20, 2018

ජපාන සංචාරය 13

https://lakshmanillangakoon.blogspot.com/2018/10/12.htmlසිට 




ජපානයේ නරිටා ගුවන් තොටුපලට  යන මඟියෙකුට  ගුවන් යානය පහත් කරන විට එය දහවලක් නම්; අනෙක් සෑම ගුවන් තොටුපලවලත් එසේ විය යුතුය, ගොවිතැනට හෝ පරිසරයට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මුලින්ම ඇස ගැටෙන්නේ ඒ රටේ භුමිය නොයෙකුත් භාවිතයන්ට බෙදා ඇති ආකාරයය.
හරියට කවුරුන් හෝ කොලයක පැන්සලකින් ඉඩම් කොටස්
භෝග වගාවට
වී වගාවට
කැලෑ වගාවට
නිවෙස් සහ උද්‍යාන වලට
මාර්ග වලට
වෙන්කර, එම කටයුත්ත පමණක්ම කරන සැටියකි. මේ එක වර්ගයක් වත් තව වර්ගයකට වෙන්කර ඇති භූමියකට ඇතුළු වන්නේ නැත. කැලෑ නම් කැලෑය. කුඹුරු නම් කුඹුරය. පාර දෙපැත්තේ ගස් නැත. ගස් තිබෙන්නේ කැලෑ  වලය.


මේ කැලෑ අක්කර 10/15 ඒවාය. ඒවා බැලු බැල්මටම ස්වභාවික කැලෑ නොවන බවත් කෘතිමව වැවු එසේම යම් ආර්ථික ප්‍රයෝජනයක් සඳහා නඩත්තු කරන බවත් පෙනේ. මෙම බොහෝ පුද්ගලික හිමිකාරත්වයේ ඇති කුඩා කැලෑ වවන්නට පටන්ගෙන ඇත්තේ දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පසුවය. යුද්ධය සඳහා අධික ලෙස ලී පාවිච්චි කල ජපානයට යුද්ධයෙන් පසුව ඇමෙරිකාවේ ද සහයෝගය ඇතිව කෙරුණු නැවත ගොඩනැගීම සඳහා අධික ලෙස ලී අවශ්‍ය විය. ජපානයේ නිවෙස් ද ඇමෙරිකාවේ මෙන්ම බොහෝවිට ලී වලින් සාදන නිසා මෙම ලී අවශ්‍යතාවය අප වැනි රටකට වඩා බොහෝ වැඩි විය යුතුය.

ඔවුන් මේ නිසා මේ අවශ්‍යතාවයට මුහුණදීමට සයිප්‍රස් සහ සේඩාර් කුඩා කැලෑ ලෙස පුද්ගලික කෘෂිකර්මයේ කොටසක් ලෙස ජාතික වශයෙන් සිදුකරන්නට සැලසුම් කළහ. දැන් මෙම කැලෑ ජාතියේ වැවිලි සඳහා යටවී ඇති ඉඩම් ප්‍රමාණයෙන් 40% ක් වෙයි. වසරකට මෙම කැලෑ වල දැව ප්‍රමාණයේ  වර්ධනය ඝන මීටර මිලියන 70 ක් වෙයි. නමුත් ජපානය ලෝකයේ වැඩියෙන්ම දැව ආනයනය කරන රටය. ඒ රටෙහි නිෂ්පාදනය කරන දැව වලට වඩා අඩු මුදලට, ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, මලයාසියාව, ඉන්දිනිසියාව, ඔස්ට්‍රේලියාව සහ චිලි වැනි රටවලින් මිලදී ගත හැකි නිසාය. දැන් ජපානයේ වන වගාවන් ස්වභාවික කැලෑ බවට පත්වෙමින් පවතී.

ජපානයේ දැන් රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් කැලෑවෙන් වැසි ඇති ඉඩම් ප්‍රතිශතය 68% ක් වෙයි. මෙය අපේ වන ප්‍රතිශතය මෙන් දෙගුණයකට කිට්ටුය. අනෙක මේ බොහෝ කැලෑ  පුද්ගලික දේපල වීම කැපී පෙනෙන ලක්ෂණයකි.
අපි මෙම කැලෑ මධ්‍යයේ හැකි සැමවිටම ඇවිදින්නට ගියෙමු. එක දිනක අපි අපේ රටේ දේශපාලනය ගැන කතාවකට වැටුනෙමු. එතැනදී අප සාකච්ඡා කලේ ලෝකයේ පිළිවෙලටම දුවන රටක් වේ නම් ඒ ජපානය විය යුතු බවයි. අනෙක් පැත්තෙන් අපේ රට එම දර්ශකයේ අපිළිවෙල කෙලවරේ අගටම යන්නට ලොකු තරඟයක් දී සිටින බවය.

මෙලෙස කතාකරමින් සිටියදී මා  අප රටේ රාජ්‍ය නායකයා වුවහොත් කුමක් කරන්නේ දැයි මගේ මිත්‍රයා මගෙන් ඇසිය. මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස පාසලේදී රචනාවක් ලිවූ බව මට මතකය. එහෙත් මෙවර වෙනස් පිළිතුරක් මගේ සිතට නැගිණ. මා දිව්රුම් දී පසුදිනම ජපානයේ හිරෝහිතෝ අධිරාජයා බැහැදැකීමට අවසර ඉල්ලා සිටින බව ඔහුට කීවෙමි.

“ඒ කුමක් සඳහාද?” ඔහු මවිතයෙන් ඇසුවේය.
ඒ ඔහු ඉදිරිපිට දණගසා වැඳ යමක් ඉල්ලා ගැනීම සඳහා යැයි මම කීවෙමි. මම ඔහු ළඟ දනින් වැටි වයසක ජපන් ගොවියන් 10 දෙනෙකු පමණ ලංකාවට ගෙනියන්නට ඉල්ලා සිටින බවත් කීවෙමි. ඔවුන් ලංකාවට ගෙන්වා ගෙන එක ගොවියෙකුට මහවැලි ප්‍රදේශයක අක්කර 100 බැගින් දී ගොවිපල 10 ක් ඇතිකරන්නට සලස්වා ඒවායේ අපේ තරුණ ගොවියන් පුහුණු කර ඔවුන්ට උදව්කර මෙහි ජපානයේ මෙන් ගොවිපල ඇතිකිරීම සඳහා කටයුතු කරන බව කීවෙමි. ඇත්තෙන්ම අප ණය ඉල්ලන්නේ නැතිව එවැනි දෙයක් ඉල්ලා සිටියහොත් ජපනුන් අපට උදව් කරනවාට කිසිම අනුමානයක් නැත්තේය.

Monday, October 15, 2018

ජපාන සංචාරය 12

https://lakshmanillangakoon.blogspot.com/2018/10/11.html

සිට



අපි නැවත ටෝමිසතෝ වෙත පැමිණ එම ප්‍රදේශයේම තවත් ටිකක් ඇවිද්දෙමු. මා නැවතී සිටි නිවසේ සිටි මිතුරාගේ දන්නා හඳුනන ජපන් ජාතිකයන් කිහිප දෙනෙකු මුණගැසීමට යාමට ඒ දිනවල ඔහුට අවශ්‍යතාවයන් ඇති වූ නිසා ඔහු එම නිවෙස් වලට යනවිට මමත් ඔහු සමග ගියෙමි. ඒ සෑම  ගෙදරක්ම වාගේ ගොවි නිවසක් විය.

ජපානයේ ගොවිපලක සාමාන්‍ය වර්ග ප්‍රමාණය හෙක්ටෙයාර් 26 ක් පමණ වෙයි. ඒ කියන්නේ අපිට තවමත් හුරු අක්කර වලින් නම් 65 ක් පමණ වෙයි. මෙම ප්‍රමාණය අපිට ඉතා විශාල ප්‍රමාණයක් බව එක්වරම සිතුනද එය ඇමෙරිකාවේ සාමාන්‍ය සහ සසඳන විට 1/6 ක් පමණ වෙයි.


 අපටද අපේ ගොවිපල මේ තත්වයට ගෙන ඒමට එක රුවන්මය අවස්තාවක් ලැබුණි. ඒ මහවැලි ව්‍යාපාරය පටන්ගත් අවස්ථාවේය. එහි ජලය ලබාදුන් කෘෂිකර්ම ඉඩම් අඩුතරමේ අක්කර 50 වැනි කට්ටි වලට කඩා බෙදා දුන්නේ නම් මෙවැනි ගොවි පරපුරක් අප රටේද ඇතිකරගන්නට අවස්තාවක් තිබුන බව මට සිතුනි.

සංසන්දනාත්මකව ලංකාවේ මෙතරම් ඉඩමක් තිබෙන ගොවියන්  1000 කට වඩා නොමැත්තේ යයි මම සිතමි. මෙලෙස ගොවි ඉඩම් විශාල වන විට ගොවියන්ට තමන් කරන වගාවක් හොඳින් කළමනාකරණය කර කරන්නට පුළුවන. බයක් නැතිව තමනට වාරික වලින් ගෙවන්නට කෘෂි උපකරණ  මිලදී ගන්නට පුළුවන. හරක් පට්ටි ඌරු කොටු යනාදිය ගොඩනගන්නට ආයෝජනයන් බැංකු වලින් ණයට ගෙන යොදවන්නට පුළුවන.

 

අප මා ඉහත කියූ පරිදි ගොවි නිවෙස් වලට ගිය හැමවිටකම ඒ නිවෙස් අසල මඩු වල කාර් දෙක තුනක්, දිරාගිය වාහන කිහිපයක්, ට්‍රැක්ටර් එකක්, බැකෝ යන්ත්‍රයක් සහ තවත් නා නා විද කෘෂිකාර්මික උපකරණ දකින්නට ලැබුණි. ඒ සෑම ගෙදරකම පාහේ සිටියේ වයස 70 පමණ වූ ගොවි පවුලකි. එහි ගොවිතැනේ යෙදෙන තරුණ තරුණියන් ඇත්තෙම නැති සැටිය. අපි ඇවිදින්නට යනවිට හෝ මෙසේ නිවෙස් වලට ගිය අවස්ථාවන්හි මම එම ගොවිපලවල දැක්කේ තරුණයන් තිදෙනෙකු පමණි. ඔවුන්ගෙන්ද දෙදෙනෙකු මන්ද මානසික රෝග වලින් පෙලෙන්නන් බව පෙනුණු අතර එක් තරුණයෙකු තම දෙමව්පියන් සමග පාර අයිනේ තිබු තම ගොවිපලේම කුඩා මඩුවක; බොහෝ විට අස්වනු වාරයේ පමණක් විය හැක, කොමඩු ගෙඩි පිටින් විකුණමින් සිටියේය. මෙතන අපිද නවතා ගෙඩි මිලදී ගත්තෙමු. එහි ලොකු ගෙඩි දෙක තුනේ මලු තිබුණු අතර මට අවශ්‍ය වුයේ කකා යාමට එක ගෙඩියක් මිලදී ගැනීමටය.

මම අමාරුවෙන් මෙය සන්නිවේදනය කල පසු පුතා එක ගෙඩියක් කිරා මවට ජපන් භාෂාවෙන් එය කිලෝ එකක් බර යයි පවසා කීයක් ඇය කලයුතු දැයි ඇගෙන් ඇසුවේය. මගේ මිතුරාට ජපන් භාෂාව පුළුවන් බව ඔවුන් දැන සිටියේ නැත. ඇය පුතාට කිලෝ එකක් නිසා යෙන් 800 ක් අය කල යුතු බවද එහෙත් අපෙන් 500 ක් ගැනීම යෙහෙකි බවද කියූ බව මගේ මිතුරා පසුව මට කීවේය. සමහර විට අපේ දුප්පත් පෙනුම නිසා එසේත් නැත්නම් අපේ චවි වර්ණයෙන් යනාදිය හේතුවෙන් අපට අනුකම්පා කර විය හැක. එසේත් නැත්නම් හොඳ කමම පමණක් විය හැක්කේය.


 අපේ ලංකාවේ නිවාස අසල ජපන් පරණ සහ අළුත් බඩු ගෙනවිත් විකුනන කඩයක් තිබේ. මමද එයින් ලඟකදී ඇලුමිනියම් ඉනිමඟක් මිලදිගන්නට සිතුවත් කඩය දකින විට පසුදිනක කරන්නෙමි යයි සිතමින් අතපසු කරන්නෙමි.  වරෙක මිලද පරීක්ෂා කරන ලද අතර එය රුපියල් 6500 ක් විය. මට මෙය එහිදී මතක් වුයේ එම ගොවි නිවසක තිබෙන ඉනිමඟ ප්‍රමාණය දුටුවිටය. සාමාන්‍යයෙන් එක ගොවිපලක අඩුතරමින් නොයෙකුත් උසේන් සහ හැඩයෙන් යුත් ඉනිමඟ 10 ක් වත් එක ගොවිපලක තිබීම සාමාන්‍ය දෙයක් විය.

 එම ගොවි ගෙවල් වල මා දුටු තවත් විශේෂ දෙයක් වුයේ ඒ ගොවියන් ඇඳුම් අඳින ආකාරයය. ඔවුහු පිරිසිදු කලිසමකින් සහ අත දිග කමිසයකින් සැරසී බුට් වැනි පාවහන් පැළඳ සිටියහ. එම ඇඳුම් ද ලා පැහැයකින් බොහෝ විට සුදු පැහැයෙන්  යුක්ත විය.

 

 

 

 

 

















 

 







Sunday, October 14, 2018

පිළිකා ප්‍රතිකාර






සාමාන්‍යයෙන් පිළිකාවක් කියූ විට අප සියලු දෙනා බිය වන්නේ බොහෝ පිළිකාවන් සඳහා හරි හමන් ප්‍රතිකාර ක්‍රමයක් නොමැති හෙයින් පිළිකාවක් වැළදුන කෙනෙක් සෑම විටම පාහේ බොහෝ දුක් විඳ මිය යන නිසාය.
පිළිකා සඳහා ඇති නොයෙකුත් ප්‍රතිකාර ඉතාමත් වේදනාකාරී වන අතර ප්‍රතිකාර ලබා ගැනීමේදී බොහෝ දේ පරිත්‍යාග කරන්නටත් සිදුවේ. එම දුක්විදීම  රෝගියාට පමණක් නොව ඥාති මිත්‍රාදින්ටද පොදුය. කොතරම් මුදල් තිබුනද පිළිකාවෙන් බේරෙන්නට බැරිය. ඇපල් අයිතිකරු ස්ටීව් ජොබ්ස් මියගියෙත් පිලිකාවකිනි. මුදල් වියදම් කර සනීප කරගන්නට පුළුවන් නම් ස්ටිව  ජොබ් මිය නොයනු ඇත.
ඇත්තෙන්ම දැන්  පිළිකා සඳහා කරන ප්‍රතිකාර ලබා ගැනීම කිසිම වැඩකට නැති බවත් එය බොහෝ දුක් විදින අවුරුදු කිහිපයක් නයට ගන්නවා වැනි වැඩක් යැයි කියනු මා අසා තිබේ. එහෙත්  පිළිකා රෝගය නිට්ටාවටම සුවකල හැකි ; විදුලියෙන් හෝ රසායනික ද්‍රව්‍ය මගින් නොවේ, අළුත් ජීව විද්‍යාත්මක ක්‍රමවේදයක් යොදා ගෙන ඇමරිකාවේ සහ ජපානයේ රෝගීනට ප්‍රතිකාර කිරීමට  පටන් ගෙන තිබේ. එකිනෙකාට ස්වාධීනව මෙම නව සොයා ගැනීම සිදුකල ඇමරිකානු සහ ජපාන විද්‍යාඥයන්ට 2018 වර්ෂයේ වෛද්‍ය විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය ලැබුණි.
මෙම ප්‍රතිකාර ක්‍රමය සැකවින් විස්තර කළහොත් පහත පරිදි වෙයි.
අපගේ ශරීර වල  පිටතින් පැමිණෙන බැක්ටීරියා , වයිරස් වැනි බාහිර රෝගකාරකයන් ගේ   ආක්‍රමණයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක පද්ධතියක් තිබේ. මෙම ආරක්ෂක  පද්ධතිය පැරණි බළකොටුවක ආරක්ෂක පද්ධතිය මෙන් තුන් වැදරුම්ය.   

 මේ අතර  ප්‍රධාන වශයෙන් චර්මය, කඳුළු, ජීරණ පද්ධතියේ අම්ල, හොටු, මිතුරු බැක්ටීරියාවන් යනාදිය සතුරා පැමිණීම වැළක්වීමේ මුල්ම ආරක්ෂක පද්ධතියේ  අඩංගු වෙයි.
දෙවෙනි ආරක්‍ෂිත ක්‍රමවේදය පලවෙනි ආරක්‍ෂිත වළල්ලෙන් මිදි ඇතුලට පැමිණි රෝග කාරකයන් හා සටන් වදින පැසවීම්, උණ, රතු පහ ගැන්වීම් මඟින් නොයෙකුත් ප්‍රෝටීන සහ සෛල ඇතුලට පැමිණි රෝග කාරකයන් විනාශ කිරීම සිදුවේ. මේ අතරට බාහිරින් පැමිණි දෑ විනාශ කිරීමට නොයෙකුත් රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමද ඒවා යොදාගෙන බාහිරින් පැමිණි රෝග කාරක විනාශ කිරීමද සිදුවෙයි.
තුන්වන ආරක්ෂක පද්ධතිය සමන්විත වන්නේ ශරීරයේ ඒ සඳහා විශේෂිත වූ සෛල මගින් ( සුදුවන් රුධිර සෛල ) බාහිරෙන් පැමිණෙන රෝග කාරක විනාශ කිරීමයි. මෙහිදී ශරීරයට පැමිණි රෝග කාරකය හඳුනාගෙන එක් එක් කාරකයන්ට ගැලපෙන පරිදි ප්‍රතික්‍රියාවන් සිදුකර රෝග කාරකයන් විනාශ කරයි.
මේ ආරක්ෂක වළලු තුනෙන්ම ශරීරයේ පිළිකා සෛල ඇති වුවහොත්  විනාශ කිරීමට හැකියාවක් නොමැත. එයට හේතුව පිළිකා සෛල වල. ඒවා හටගන්නා  සිරුරේම DNA සලකුණ සහිත වීමයි. මෙතෙක් කලක් මේ හේතුව නිසා ශරීරයේ ආරක්ෂාවට සිටින සෛල පිළිකා සෛල සමඟ සටන් කළේ නැත. නමුත් මෙවර නොබෙල් ත්‍යාගය දිනු විද්‍යාඥයන් අප ශරීරයේ තිබෙන රෝග කාරක හා සටන් කරන සෛල වලට තම ශරීරයේම ඇති පිළිකා සෛල සමඟ සටන් වැදීමට කියා දීමට ක්‍රමයක් සොයාගෙන තිබේ. 
මෙලෙස කියාදෙන්නේ අපේ ශරීරයේ ආරක්ෂා කරන සෛල වල තමන්ගේම DNA ලකුණ තිබෙන සෛල එක තැනක වැඩිපුර ශීඝ්‍රයෙන් ජනනය වන විට ,පිළිකාවක්, එය ශරීරයට වින කරන්නක් බව හඳුනාගැනීමට හැකිවන පරිදි ‘චෙක් පොයින්ට් මගහරින්නන්’ නමින් හැඳින්වෙන බෙහෙත් වර්ගයක් යොදා ගැනීමෙනි. මෙම බෙහෙත් මගින් අපගේ සිරුරේ ඇති සුදුවන් රුධිර සෛල වලට පිළිකා සෛල සමග සටන් කර විනාශ කරන්නට ඇති නොහැකියාව නැති කරයි. දැනට අවුරුදු 5 කට පෙර ඇමරිකාවේ FDA ආයතනය මේ හා සමාන බෙහෙත් වර්ග රෝගීන් වෙත ලබාදීමට ඉඩ දී ඇති අතර ඒවායෙන් ඉතා සාර්ථක ප්‍රතිපල ලැබී ඇත.
මෙය මනුෂ්‍ය සංහතියට ඉතාමත් සුභදායක ආරංචියකි. රසායනික සහ විද්‍යුත් ක්‍රම මගින්; හරියටම යහපත් ප්‍රතිපලයක් ලැබෙනවා යන්නත් නොදැන, කරන්නාවූ ඉතා දුෂ්කර ප්‍රතිකාර මෙම අලුත් ප්‍රතිකාර ක්‍රමයෙන් අවසන් වනු ඇත. දැනට ඉතාමත් මිල අධික මෙම බෙහෙත් වර්ග තව කලක් යන විට සෑම දෙනෙකුටම පාහේ ලබා ගැනීමට හැකි තත්වයකට පැමිණෙනු ඇත.
පටන්ගෙන අවුරුදු 5 ක කාලයක් ගත වී ඇති වුවද මේ ගැන අපේ මාධ්‍ය තුල කිසිදු සාකච්ඡාවක් වනවා දකින්නට නොලැබීමද පුදුම සහගතය.     

Saturday, October 13, 2018

ජපන් සංචාරය 11

https://lakshmanillangakoon.blogspot.com/2018/10/10_11.html

සිට




අප කියෝතෝ නගරයේ සංචාරය කරන්නට සැලසුම් කලේ දවසක් පමණය. නමුත් එය දවසකින් කළහැකි වැඩක් නොවේ. එහි  සංචාරකයකුට නරඹන්නට සුදුසු බොහෝ ස්ථාන ඇත්තේය. ඇත්තෙන්ම මම මුලින් මේ තත්වය දැන සිටියානම් එක් විහාරයකුත් එක් රාජකීය වාසස්ථානයකුත් බලන්නට යොදාගන්නට තිබිණ. විහාර දෙකක් බැලු නිසා කාස්ට්ල් එකක් බලන්නට වුයේ උඩින් පල්ලෙන් පිටත සිටය. මෙම කාස්ට්ල් අලංකාර ගොඩනැගිලි, පොකුණු, උද්‍යාන, යනාදියෙන් සමන්විත වන බව දුටිමි. එවැනි කාස්ට්ල් එකකට පමණක් දවසක් වත් ගතකල යුතුය.

අපි හවස ආපසු පිටත්වී කියෝටෝ එද්දී සාකච්ඡා කල දඩ මස් ගැනීමට ප්‍රධාන මාර්ගයෙන් ඉවත්වී තරමක වනාන්තරයක් ඇතුලට ගමන් කළෙමු. අඳුරු සහ වනගත ප්‍රදේශයක් තුල තේ වගාවක් අවසානයේ බලාපොරොත්තු නොවන තැනක තිබෙන වාහන කැබලි ගලවන අංගනයක් වෙතට පැමිණියෙමු. ජපානය වැනි ආරක්‍ෂිත රටක හැරෙන්නට මෙලෙස විදේශිකයන් කිහිපදෙනෙකු මෙවැනි නොදන්නා එමෙන්ම බොහෝ වනගත නොදන්නා ප්‍රදේශයකට පැමිණෙන්නට සිතන්නටවත් නුපුළුවන් බව නොකිවමනාය.
එතන නිල්පාට කවර් ඕල් එකක් ඇඳගත් ජපනෙකු සිටියේය. කොණ්ඩය කොටට කපා සිටි ඔහු බටහිර චිත්‍රපටයක; මට මතක හැටියට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක, තොප්පියෙන් ගසා බෙල්ල ගලවා දමන නළුවාගේ පෙනුම තිබුණි. අප වාහනය අංගනය ඇතුලේ නැවැත්වූ පසු බිමට බට තැනම කුඩුවක කබල්ලාවෙකු වැනි සතෙකු හිරකර තිබුණි. උගේ මස් චීන ජාතිකයන්ගේ ප්‍රියතම ආහාරයක් බවත් චීනුන්ට විකුණන්නට පිළියෙළ කර තිබෙන බවත් ඔහු අපට කීවේය. අපටද ඔහුගේ තොගයෙන් වල් ඌරු දඩ මස් ගාතයක් ගෙනවිත් දුන් අතර අප එයත් රැගෙන නගෝයාහි නිවසට පැමිණියෙමු.

පසුදින උදැසන නිවසෙන් අපේ මිතුරන් ලබාදුන් ඔවුන් පිළියෙළ කල ඔරිජිනල්  නියම ජපන් උදය ආහාරයකින් සප්පායම් වූ අප නැවත ආපසු බුලට් ට්‍රේන් එකෙන් චිබා වෙත පැමිණියෙමු.

මෙතැනදී ජපානයේ දඩයම් කිරීම ගැන යම් පැහැදිලි කිරීමක් කළහොත් සුදුසු යැයි සිතුනි. ජපානයේ මුවන් ගොනුන් යනාදී නිදැල්ලේ හැසිරෙන සතුන් ප්‍රමාණය එම පරිසරයට සහ මිනිසුන්ට දරාගැනීමට බැරිවන තරමට වැඩිවන විට යම් සතුන් ප්‍රමාණයක් ඉවත් කිරීම සඳහා ප්‍රාදේශීය රජය විසින් එම සතුන් ඉවත්කිරීම සඳහා බලපත්‍ර ලබාදෙනු ලැබේ. එම බලපත්‍ර ලබාගන්නා දඩයම් කරන්නට උනන්දුවක් දක්වන්නන් ඔවුන් යම් කලක් ඇතුලත වෙඩිතබා මරාගත යුතු අතර එම මස් විකිනීමට කිසිම තහනමක් නොමැත.
නමුත් වර්තමානයේ ගැමි පවුල්වල දරුවන් සියලු දෙනාම පාහේ නගරවලට; විශේෂයෙන්ම ටෝකියෝ නගරයට සංක්‍රමණය වී ඇති නිසා එම දඩයම් කිරීමටවත් තරුණයන් නොමැති බව කියනු ලැබේ. එක නගරයක දඩයම් බලපත්‍ර ලබාගන්නා මිනිසුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 75 ක් පමණ වන බව මම කියෙව්වෙමි. මෙම සියලු නීති සහ රෙගුලාසි පනවන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ නොයෙකුත් ප්‍රදේශයන්හි ප්‍රාදේශීය පාලනයන් විසිනි. ජපානයේ රාජ්‍ය නායකයා මෙවැනි දේවල් ගැන රැස්වීම් වල කතාකරමින් ඉන්නේ නැත. සමහර ප්‍රදේශවල වල් සතුන් දඩයම් කල විට ප්‍රාදේශීය පාලනයෙන් යම් දීමනාවක් ගෙවන බවද මට අසන්නට ලැබුණි.

මෙයට හොඳ උදාහරණයක් මේ දිනවල නාරා නමැති නගරයක සිදුවෙයි. එම නගරයේ නිදැල්ලේ හැසිරෙන මුවන් ජපානය පුරා ප්‍රසිද්ධය. ඔවුහු එම නගරයේ වීදි වල පවා නිදහසේ හැසිරෙති. නමුත් මෙලෙස නිදහසේ හැසිරීම නිසා අවට ජීවත්වන ගොවියන්ට උන් මහත් හිසරදයකි. ගොවියන්ගේ පැමිණිලි නිසා එහි ප්‍රාන්ත රජය; ජපානයේ මේවාට කියන්නේ ප්රිfaක්ටර් කියාය, එම නගරයේ වෙසෙන මුවන් 100 ක් දඩයම් කිරීමට බලපත්‍ර දීමට තීරණය කළේය. ජපානයේ මුවන් දෙවියන්ගේ පණිවුඩ කරුවන් ලෙස සැලකෙන අතර මුවන් ආරක්ෂා කිරීමට ඇති ස්වෙච්චා සංගමය මෙයට විරුද්ධ වී ගොවියනට තම ගොවිපල වටා මුවන්ට ඇතුළුවීමට බැරිවන අන්දමේ වැටවල් හදාගන්නා ලෙසට යෝජනා කළේය.

ගොවියන්ගේ එයට පිළිතුර වුයේ සමහර මුවන්ට අඩි 6 ක් පමණ උසට පැනිය හැකි නිසා තමන්ට එතරම් උස වැටවල් සාදාගැනීම ආර්ථික වශයෙන් ප්‍රයෝගික නොවන බව පවසා සිටියහ. ප්‍රාන්ත රජයද මෙය පිළිගෙන තම කලින් තීරණය වෙනස් කලේ නැත. නායක හිමිවරු හෝ බෞද්ධ සංගම් මේ පිලිබඳ කිසි දෙයක් කතා කලෙත් නැත. ලෞකික රාජ්‍ය පාලනය ඔවුනට අයිති දෙයක් නොවේ.

මට මෙය කියවද්දී බොහෝ කලකට පෙර නාවික හමුදාවේ සිදුවූ හාස්‍ය ජනක සිද්ධියක් මතයට පැමිණියේය.

Thursday, October 11, 2018

ජපාන සංචාරය 10

හි සිට 




කියොතෝ නගරය ඇති විශාල නගරයක් වූ අතර සංචාරකයන් පැමිණෙන ස්ථාන අසල තිබෙන වාහන නැවතුමක් සොයාගැනීම තරමක් අපහසු විය. පන්සල හෝ මාලිගය කිට්ටු වනවිට නැවතුමේ ගාස්තුවද වැඩි වන අතර කිට්ටුවටම යන විට පැය කිහිපයකට යෙන් 3000 ක් පමණ අය කෙරේ. පන්සලට දුරින් අඩු ගාස්තුවකට නවතා පයින් යන්නට පුළුවන. ගාස්තුව පන්සලට පයින් ඇවිදින්නට තිබෙන දුරට අනුලෝමව සමානුපාතික වන්නේය. අපි වාහනය නවතා එයින් බැස්ස ගමන්ම කුඩා වැහිපොදක් පතිත විය. අප සමග සිටි මිතුරෙකු වහා කුඩා විකිනීමට තිබු කඩයක් තුලට ගොස් කලබලයට  අප කණ්ඩායමටම ඕනවටත් වඩා  මිලදී ගත්තද  ඉන්පසු වැස්සක් පැත්තකටවත් ආවේ නැත. ගමනේ ඉතිරි කොටසට ඔහුගේ කුඩා මිලදී ගැනීම අපගේ හාස්‍ය මුසු කතා  සඳහා බොහෝ ලෙස උපයෝගී විය.

මෙම වාහන නැවතුම් වල කළමනාකරුවෙකු නොසිටිය අතර ආපසු පැමිණ තමන්ගේ ගාස්තුව මිටරයෙන් පරික්ෂාකර මුදල් ගෙවූ විට වාහනය යට ඇති අගුලුව ඇරී  නිදහස් වෙයි. අපි මුලින්ම බලන්නට ගියේ කියෝමිසු දෙරා විහාරය වෙතය. UNESCO ලෝක උරුමයක් වන මෙම විහාරය ගොඩනඟා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 778 වන අතර එය පිහිට ඇති කඳු සහ වනයද විහාරය තරම්ම පැමිනේනන්ගේ මනදොල පුරවයි.

මෙම විහාරයේ එක කෙළවරක කණු මෑත සැදු දිග වැරෑන්ඩා එකක් ඇත. යම් පිහිටක්  බලාපොරොත්තුවෙන් මෙම තට්ටුවේ සිට පහලට පැනීමේ විශ්වාසයක් පෙර කල තිබී ඇත. දැනටත් ‘ කියෝමිසු වේදිකාවේ සිට පැනීම’ නමින් ජපනුන් අතර කතාවක් තිබේ : දැන් ඉංග්‍රීසියෙන් taking the plunge හා සමාන තේරුමක් සඳහාය. ඒ යම් අතිශය දුෂ්කර කාර්යයක් කරන්නට උත්සාහ කිරීමට උදාහරණයක් ලෙසය. ඇත අතීතයේ මෙලෙස 234 දෙනෙකු  මෙම අඩි 45 හේ පිම්ම පැන  ඇති අතර එයින් 85.4 % යක් ජීවිතය බේරාගෙන තිබේ. ඉල්ලා සිටි දේවල් ලැබුනාද යන්න පැහැදිලි නැත. එලෙස පැනීම දැන් තහනම් කර ඇත.

මෙම විහාරය අසල පැරණි ජපානයේ කිමෝනා වැනි ඇඳුම් ඇඳගෙන පැරණි කරත්ත වලින් ගනකිරිම යනාදිය යම් මුදලක් ගෙවා කරන්නට පුළුවන. බොහෝ තරුණ තරුණියන් ; බටහිර රටවලින් පැමිණි ඇය පවා මෙලෙස එම ඇඳුම් වලින් සැරසී විහාරය වෙත හෙමින් අඩිය තියමින් ගමන් කිරීම සුලභ දසුනකි.

මෙම විහාරය නැරඹීමෙන් පසු අපි දවාලට ආහාර ගත්තේ ඒ අසල තිබු ආපන ශාලාවකිනි. චීස් බර්ගර් එකට ජපන් බාශාවෙන් කියන්නේ ‘චිසුබාගා’ බව මම දැක්කේ එහිදීය.

ඉන්පසු අපි කින්කකු ජී නමැති ජපානයේ වඩාත්ම ජනප්‍රිය ගොඩනැගිල්ල ලෙස සැලකෙන විහාර සංකීර්ණය වෙත ගියෙමු. මෙම විහාරයේ ප්‍රධාන දෙවි වරයා අවලොකෙශ්වර වෙයි. චීනයේ නම් මෙම අවලොකෙශ්වර බෝධිසත්ව වරයෙකු ලෙස පුදපුජා කරන බව දුටු අතර ජපානයටද බුදු දහම පැමිණ ඇත්තේ චීනයේ සිට නිසා මෙහිත් තත්වය එලෙසම වියයුතුය. මෙම විහාරයට ඇතුළුවීමට යෙන් 500 ක් පමණ ඇය කරන අතර එහි විදෙශිඅකයන් හෝ දේශීය සංචාරකයන් යයි වෙනසක් නැත. ටිකට් එක මිලදී ගෙන එම සංකීර්ණයට ඇතුළු වූ පසු නැවත ආපසු හැරීමක් නැත. 

වෙන්කර ඇති පාරේම ගමන් කර සම්පුර්ණ වටයම නරඹා  එලියට යා යුතුය. ජපනුන්ගේ විනය සහ හැදියාව ගැන බලනවිට එසේ නීතියක් තිබුනේ නැති වුවද ඔවුන් එසේ ආපසු මගදී හරි නොයනු ඇති මට සිතුනි.

මෙම විහාර සංකීර්ණය විශාල ප්‍රදේශයක විසිරි ඇති අතර වසර දහසකට පමණ පෙරැ එය පාවිච්චි වී ඇත්තේ බලවත් සහ  ධනවත් පවුලක වාසය සඳහාය. පසුව එය මිලදීගත් සෙන්පතියෙකු එය ඔහු මියගිය පසු විහාරයක් බවට පත්කරන ලෙස ඉල්ලු නිසා ඔහුගේ පුතා විසින් එලෙස කර ඇත. ඒ කාලයේ තිබු පරිදීම එම සංකීර්ණයේ තිබු නොයෙකුත් ස්ථාන දැනටත් ඒ අයුරින්ම පවත්වාගෙන ඒවායේ නොයෙකුත් ව්‍යාපාරද කරගෙන යන ආකාරය අනර්ගය. පැරණි tea ceremony පවත්වන  tea house පවා ඒ අකාරයෙන්ම පවත්වාගෙන යයි.

මෙම සංකීරණයේ ජලාශයක් මැද තට්ටු තුනේ ගොඩනැගිල්ලේ ඉහල තට්ටු දෙක සහ වහලය රන් තහඩු සවිකර ඇති  විහාර ශාලාව එහි ඇති ප්‍රධාන ගොඩනැගිල්ල වන අතර මෙම ගොඩනැගිල්ල 1950 වසරේ තරුණ මහණෙකු විසින් ගිනි තබන ලද අතර එය අලුත්වැඩියා කර නැවත ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇත්තේ 1955 වසරේය. එම සිද්ධිය temple of the golden pavilion නමින් යුකියෝ මිශිමා ගෙ  ජනප්‍රිය පොතකට මුලික විය.   

Monday, October 8, 2018

ජපන් සංචාරය 9


හි සිට 



මින්පසු අපි ජපානයේ අනුරාධපුරය වැනි කියෝතෝ නගරයට යන්නට සැලසුම් කළෙමු. මට ඊට කලින් පුජියාමා කන්ද බලන්නට යන්නට සිතුවද එහි බලන්නට ඇත්තේ කන්ද පමණක් බව අන්තර්ජාලයෙන් දැනගත්  නිසා එම ගමනේ දුර සලකා බැලුවිට එයට වන වෙහෙස තරමට වැඩක් නොමැති බව පෙනුන නිසා එම ගමන අතහැර දැම්මෙමි. කන්දක ජිවත්වන කඳු වල ගොවිතැන් කරන ලඟම නගරයේ නමත් කන්ද (kandy) ; ප්රුතුගිසිනේ කැණ්ඩියා , වන මම කන්දක් බලන්නට දවසක් ගත කරන්නේ කීම දැයි මට සිතුනි.

ලංකාවේ අපේ ගමේම කෙළවරක වාගේ ලංකාවේ නිවාස ඇති මිතුරෙකු සිය පවුලත් සමගින්  නගොයා නගරයේ ජිවත් වෙයි. නගොයා සිට කියතෝ වෙත යාමටත් පහසු නිසා අප ඔවුන්ගේ නිවසට ගොස් එහි රාත්‍රියේ නවාතැන් ගෙන පසුදින කියෝතෝ වෙත ඔවුනුත් සමගම යාමට සැලසුම් කෙරුවෙමු.

බුලට් ට්‍රේන් එකේ අයෙකුට රුපියල් 15000 ක් පමණ ගෙවා අප හරියටම  පැය 3 විනාඩි 44  ක්  ගතකර නගෝයා වෙත පැමිණෙනවිට අප මිතුරා අප රැගෙන යාමට දුම්රිය ස්ථානයට පැමිණ සිටියේය. අපි ඔහුගේ වාහනයෙන් නගොයා නගරය තුලම පිහිටා තිබු ඔවුන්ගේ නිවාස වෙත ගියෙමු.

 ජපන් කාන්තාවක් විවාහ කරගෙන ඇති ලාංකික පිරීමෙන් ජපානයේ සැහෙන දෙනෙකු වෙති. ඔවුන් බොහෝවිට ලාංකිකයන්ගෙන් වඩාත්ම ජපාන සමාජයට අනුවර්තනය වී ඇති ලාංකිකයන් ඔවුන්  විය යුතුය. තවත් බොහෝ ජපානයේ වෙසෙන ලාංකිකයන් ජපානයේ ජීවත්වුවද ඔවුන්ගේ සිතුම් පැතුම් තිබෙන්නේ ලංකාවේය. ජපානයේ සමාජය තුලට ඇතුළු වන්නේ නැත. ඇතුළුවීමට ලොකු වෙරක් දරන්නෙත් නැත. එරටම පිටස්තරයන් කණ්ඩායමක් ලෙස ජීවත්වෙති. මෙය ජාපනයට පමණක් නොව වෙනත් බොහෝ රටවල ජිවත්වන ආසියාතිකයනට ; විශේෂයෙන් දකුණු ආසියාතිකයන් අතර දකින්නට ලැබෙන දෙයකි. අළුත් සමාජයට ‘බ්ලෙන්ඩ්’ වෙන්නේ ඉතා සුළු වශයෙනි. සමහර විට ඔවුන්ගේ දරුවන් කුඩාකල සිට එම සමාජවල හැදී වැඩෙන නිසා ඔවුන්ගේ තත්වය වෙනස් වනු ඇත.

මට මෙම නිරීක්ෂණය ලියන්නට සිතුනේ නගොයා හි අප බලාගත් ලාංකික පවුල මතක්විමෙනි. ඔවුහු තනිකර සිංහලයන් වුවද  ජපන්නු ලෙසටම ජපාන ජිවිතයට අනුවර්තනය වී ඇත. ගෙදර සියලු දෙන ආයාසයෙන් නොව පුරුද්දකට මෙන් ජපන් බස කතාකරති. 2 පන්තියේ සිටින කුඩා දියණිය චතුර ලෙස ජපන් භාෂාව කතාකරයි. ඇය ඉගෙනගන්නා ජාත්‍යාන්තර පාසලේ ඇය ජපන් සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම අධ්‍යාපනය ලබන බව මම කතාවේදී දැනගත්තෙමි. එහෙත් ඇය එම භාෂා තුනෙන්ම වඩාත් ප්‍රියකරන්නේ සිංහල භාෂාවට බව මා අසද්දී කිවේ අවන්කවම බවද  මට වැටහුණි. අයගේ මව ජපන් භාෂාව ඉගෙන ගන්නා සිංහලයන්ට උදව්වට පොත් දෙකක්ද පළකර ඇත. අප එහි දින දෙකක් නැවතී සිට ආපසු එන දින උදය ආහාරය තනිකරම ජපන් කෑම වේලක් විය.

පසුදින උදෑසනම අපි ඔවුන් මිලදී ගෙන තිබු  අලුත්ම සුඛෝපභෝගී  රථයෙන් කියෝටෝ බලා පිටත්වුනෙමු. කියෝටෝ නගරය අවුරුදු දහසක් පමණ ජපානයේ අගනුවර ව තිබී ඇති අතර අගනුවර ටෝකොයෝ වෙත ගෙන එන්නේ 19 වන ශත වර්ශයේය. කියෝටෝ වලට අගනුවර ඒමට පෙර රාජ්‍ය අගනුවර වී තිබී ඇත්තේ වෙනත් නුවරකි. නමුත් එම අගනුවර සිටි බලවත් බෞද්ධ පුජකයන් රාජ්‍ය පරිපාලනයට ඇඟිලි ගහන්නට වූ නිසා කන්මුකොස් අධිරාජයා තම අගනුවර උඩා නම් ගමට ( වර්තමානයේ කියෝටෝ ) වෙතට රැගෙන ගොස් පෙර අධිරාජයේ ආකාරයටම නුවරක් තනවා එයට ‘ශාන්තභාවයේ සහ සාමයේ අගනුවර ‘ යයි නම් තබා එහි පදිංචි විය. ඒ 8 වන ශත වර්ෂයේය. ජපාන පාලකයන් ඒ කාලයේ වුවද ප්‍රශ්න වලට විසඳුම් සොයාගන්නේ අමුතු ආකාරයකට බව පෙනේ.

පසු දින කියෝටෝ වෙත අප හයි වේ එකෙන් ගමන් කරද්දී එහි තේ  බිමට ඇති ස්ථානයක නවත්වුවෙමු. එහිදී ආපනශාලාවක කේක් යනාදිය තබා තිබු කබඩ් එකක තම්බාපු බතලද විකුණන්නට තබා තිබෙන වා දැක මිලදී ගත්තෙමු. මෙහෙදී ඉඳහිට උදයට තම්බා පොල් සමග කන බතල, රසවත් කේක් කැල්ලක් මෙන් ආහාරයට ගත්තෙමු. අප මෙසේ ගමන් කරද්දී අපේ නගොයා මිතුරාට අවශ්‍යනම් වල් උරු මස් ලබාදෙන්නට හැකි යයි ඔහු දන්නා ලාංකිකයෙකු ගෙන්  දුර කතන ඇමතුමක් ලැබුණි. අපේ අනෙක් මිතුරාට මෙය හරියට ඇහුනේ නැති නිසා අපි ඔහු ඒ පිළිබඳව ඇසු  විට ඒ කිට්ටුව කැලයක වල් උරන් සිටින බවත් අපි කැමති නම් ගොස් ඔවුන් දඩයම් කර රැගෙන ගිය හැකි බවත් කීවෙමු. ඔහු එයට එතරම් කැමැත්තක් නොදැක්වූ අතර ඔහුගේ ලංකාවේ ගමේ වල් උරන් දඩයම් කල දෙදෙනෙකුට සිදුවූ අකල් මරණ පිලිබඳ කතාවක්ද අපට කියා අප අධෛර්යමත් කරන්නට උත්සාහ කළේය.

කියෝටෝ දැන් විශාල නගරයක් වන අතර බොහෝ සංචාරකයන් පැමිණෙන නිසා එය සංචාරක ව්‍යාපාරය දියුණුම නගරයක් ලෙස හැඳින්විය හැක.








Sunday, October 7, 2018

ජපාන සංචාරය 8


හි සිට 



අකියබරා පිලිබඳව අසා ඇති විස්තර කල් ඉකුත් වී ඇති බව මට වැටහුනේ එහි ගියවිටය. එය දැන් පාවිච්චි කල දුරකථන විකුණන මල් වත්ත විදියක් වැන්නක් බවට පත්ව ඇත්තේය. ඉතාමත් කුඩා 5x 5 ප්‍රමාණයේ කුඩා කඩ කාමර බොහෝ ගණනක, පාවිච්චි කල, නමුත් ඉතාමත් හොඳ තත්වයේ අලුත්ම මොඩල් වල දුරකථන පහසු මිලට අලෙවි කරති. තවත් විදුලි උපකරණ විකුණන කඩ නැතුවාම නොවේ, එහෙත් අකියබරා හි ප්‍රසිද්ධියෙ තරමට නම් හොඳටම මදි යැයි කෙනෙකුට සිතීම නම් වලක්වා ගත නොහැකි බව කිවයුතුය.

අනික දවසක් ගතකර දුම්රියටත් 3000 ක් පමණ වියදම් කර යාමට නම් කිසිම හේතුවක් නොමැති තැනකි. මම ලඟදි චීනයට ගියවිට මෙවැනි විදී වලට යාමට අවස්ථාව ලදිමි. අකියබරා එවැනි වෙළඳපොල හා සසඳන විට බොහෝ වයස්ගතවූ ධනවත් එහෙත් ශක්තිමත් මහල්ලෙකු ලෙස පෙනේ. චීනයේ එවැනි ස්ථානයක් ඇති ජවය හෝ ජීවය මෙහි කෙසේවත් තිබුනේ නැත. සමහරවිට ජපානය එම අවධියෙන් ඔබ්බට මුහුකුරා ගොස් ඇතිවා වෙන්නට පුළුවන.

පැය දෙක තුනක් අකියබරා හි ගතකර එම දුම්රියේම ආපසු ගියෙමු. වැරදි දුම්රිය සමාගමක ටිකට් මිලදී ගෙන පොඩි පටලවිමක් වුවද එම කවුන්ටරයට ගොස් ආපසු මුදල් ඉල්ලා ගැනීමට හැකිවිය. ඔවුන්ගේ පාරිභෝගිකයනට ඇති කරුණාව නම් විස්තර කිරීමට වචන හොයාගැනිමටත් අපහසුය.

පසුදින අප වාහනයක නරිටා පර්වතයේ ‘නව ජයග්‍රහණයේ’ පන්සල වෙත ගියෙමු. මෙම විහාරය වසර 940 දී එකල රජු විසින් සමුරායි  කැරැල්ලක් මැඩපැවැත්වීම ස්මරණය කිරීමට සහ එම සටනේදී තමන්ට සහය දුන් දෙවියන් වෙනුවෙන් ඉදිකර තිබේ. මනරම් පරිසරයක; මෙය ඉහලට නගින විට මුල්කිරිගල වැනි විහාරයක් සිහියට එයි, ඉතාමත් පිළිවෙලට සෑම දෙයම සිදුවන විහාරය තිබෙන කන්ද අසලට ගියවිට වාහන නවතා තැබීමට මුදල් ගෙවන නැවතුම් පළවල් බොහෝ ඇත්තේය.

වාහනය නවතා ඒ විහාරය වෙතට යන අතරමග බොහෝ අලෙවි සල් පාර දෙපස ඇති අතර විහාර භුමිය පටන් ගන්නා විටම වාගේ වේලන  ලද  නොයෙකුත් රටට ආවේනික ගෙඩි සහ ඇට වර්ග විකුණන කඩයක් මගේ සිත්ගත්තේය. එහි  වසාබි රයිසෝම ද  තිබිණ.








ගල් පඩි වල ක්‍රමයෙන් ඉහලට නගින විට අතරමග ළිඳකින් ජලය ගෙන පානය කරන්නට තැනක් තිබුණු අතර ඒ අපගේ පිරිත් පැන් හා සමාන යමක් විය යුතුය.

 කන්ද මුදුනේ අලංකාර බුදු මැදුරක ඒ අවස්ථාවේ යම් ආකාරයක පුජාවක් පැවැත්වෙමින් තිබිණ. මමත් මගේ මිතුරාත් ශාලාවේ වාඩිවී එම පුජාවට එකතු වුනෙමු. ටික වෙලාවකින් එය අවසන් විය. ඉන්පසු අවට සිරි නැරඹු අප ආපසු පහල අප වාහනය වෙත පැමිණ ආපසු නිවාස බලා යාමට පටන්ගත්තෙමු.



ගමනේ හොඳම කෑල්ල පටන්ගත්තේ මින්පසුවය. කිලෝ මීටර 10 ක් පමණ ගියපසු යම් කටයුත්තකට මම මගේ දුරකථනය සෙව්වෙමි. එය නැත. ඉන් ඇලර්ට් වූ මම මගේ වොලට් එක සොයා බැලුවෙමි. එයද නැත. ටිකකින් මගේ මිතුරා මා බියකිරීමට ප්‍රෑන්ක් එකක් ලෙස මගේ දුරකථනය අසුන උඩ දැක එය සඟවා තබා තිබී එය මට ආපසු දුන්නේය. නමුත් වොලට් එක ඇත්තටම නැත. NIC ක්‍රෙඩිට් කාර්ඩ් ඇතුළු සියලු වැදගත් දෑ තිබුනේ එම වොලට්ටුව ඇතුලේය.

අපි කාර් එක නවතා; පාර අයිනේ නවතන්නට නොහැකි නිසා අප නවතන්නට තැනක් සොයගන්නටම කිලෝ මීටරයකට වඩා එලෙව්වෙමු, වාහනය සියුම් පනාවකින් පිරුවෙමු. වොලට් එක නැත. ආපසු හරවා ගෙන වාහන නැවතුමට ගොස් එහි පරික්ෂාකර බැලුවෙමු. එහිත් නැත. අපේ කරදරයට කන්දුන් එහි අටෙන්ඩන්ට් අපට විහාරයට ගොස් වොලට්ටුව සොයන තෙක් වාහනය එතන නොමිලේ නවතා තබන්නට ඉඩ දුන්නේය. අපි හති අරිමින් කන්ද මුදුනේ විහාරය අසල ඇති කාර්යාලයක් වැන්නට ගොස් එහි සිටි කාන්තාවකට අපේ නැතිවීම වාර්තා කළෙමු. මෙය පැහැදිලි කිරීම එතරම් පහසු නොවන නිසා නගෝයා නගරයේ සිටින අප මිතුරෙකුට විස්තරය කියා දුරකතනයෙන් ඇයට එය පැහැදිලි කර දුන්නෙමු.


ඇය අපත් එකතු කරගෙන තවත් කාර්යාලයකට ගොස් අප වැටි ඇති තත්වය එතන සිටි පුද්ගලයෙකුට පැහැදිලි කළේය. ඔහු එයට ඇහුම්කන්දී ලාච්චුවක් ඇර වොලට් එක අපට දී  ඔහු අප යාමට පෙර කරමින් සිටි වැඩෙහි යෙදුනේය. මෙම හමුවීම පිලිබඳ යම් ගෞරවයක් ලබාගන්නට වත් බැල්මකින් වත් උත්සාහ කලේ නැත.

හරියටම ජපනුන්ගේ අවංක බාවය පිළිබඳව මට බ්ලොග් එකේ ලියන්නට පොඩි උදාහරණයක් නිර්මාණය කර දුන්නා සේය.


ජපානෙත් එහෙමද