Showing posts with label travel experience. Show all posts
Showing posts with label travel experience. Show all posts

Tuesday, June 19, 2018

වියට්නාම් නීරික්ෂණ 2 , සංචාරය පිලිබඳ අවසාන කොටස

http://lakshmanillangakoon.blogspot.com/2018/06/10.html
මෙයට පෙර කොටස


                                                               

                                                                  ධනපතියා ගේ නිවස


6. වියට්නාමයේ කාන්තාවන් විශාල ලෙස පිරිමින්ව පාගාගෙන සිටින සැටියක් පෙනේ. ප්‍රංශය සහ ඇමරිකාව සමග කරන ලද යුද්ධ වලදී එම යුද්ධයන් මෙහෙයවූ හෝ චි මින් පිරිමියෙකු වමද  පුදුම සහගත වන තරමට එය කැපී පෙනේ. යන  යන තැන නායකත්වය ගෙන වැඩ කරනවා පෙනෙන්නේ කාන්තාවන්ය. අපි ගමන් කල නැවේ එක් අවස්ථාවක කාන්තා සේවිකාවක සහ පිරිමි සේවකයෙකු අතර ඇති වූ යම් විරසකයකදී අමුත්තන්ට නොපෙනන පරිදි ඇය ඔහුට තර්ජනය කර පලවා හැරි ආකාරය මගේ උකුසු ඇසට නිරීක්ෂණය විය. ඒ සම්පුර්ණ සිද්ධිය දෙස බලා සිටි මට එය සාමාන්‍ය දෛනික ජිවිතයේ කොටසක් බවත් එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන බවත් තරුණයා එතනින් හෙමින් මාරු වූ ආකාරයෙන් මට සිතුනි.

7. කොමියුනිස්ට් රටක් වුවද මෙහි ආර්ථිකයෙහි ප්‍රාග්ධන ආර්ථික ක්‍රමය බොහෝ සේ පැලපදියම් වී ඇති සැටි පෙනේ. එසේම මුදල් ඇති මිනිසුන් ඒවා ප්‍රදර්ශනය කරන්නටද කිසිම මැලි කමක් හෝ බියක් නැති සැටිය. මම මිට පෙර කොටසක ඡායා රූපයක් සහිතව ලියු සිමෙන්ති කර්මාන්තශාලා අයිතිකරුගේ නිවාසය මෙයට හොඳ උදාහරණයකි. මෙලසම අපගේ මාර්ගෝපදේශකයා වරෙක අපට නගරයට කිට්ටුවෙන් තිබූ නිවාස සංකීර්ණයක් පෙන්වා එහි එක නිවාසයක් ඇමරිකානු ඩොලර් මිලියනයක් පමණ වන බවත් ඒවාට ඇති ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති බවත් කියා සිටියේ තරමක් ක්‍රෝධය මුසු ආඩම්බරයකින් දැයි මට සිතුනි.

8. වියට්නාමයේ ඇති බොහෝ වාහන කොරියාවේ සාදන ලද ඒවා බව පෙනුනි. එලෙසින්ම කොරියානු සැම්සුන් කර්මාන්තශාලා බොහොමයක් පිහිටා තිබෙන්නේත් වියට්නාමයේය. සමහර විට මේ ආර්ථික සහයෝගිතාවයන් දෙරටේ රජයන් විසින් මේසයට යටින් කරගත්තා වූ අවබෝධතාවයන් විය හැක.

9. හැට හැත්තෑ ගණන්වල මෙතරම් විනාශකාරී යුද්ධයක් කලද  (වරෙක ඇමරිකානු හමුදා කැලයේ ගරිල්ලා සටන් කරුවන්ට සැගවී සිටීමට නොහැකිවීමට කැලෑ විනාශ කිරීමට එජෙන්ට් ඔරේන්ජ් සහ නාපාම් යොදා ගෙන මහා විනාශයක් කළහ.)  දැන් වියට්නාම් වැසියන්ගේ ඇමරිකාව හෝ බටහිර රටවල් පිලිබඳ ක්‍රෝධයක් හෝ වෛරයක් කිසිසේත්ම තිබෙන බවක් පෙනෙන්නට නැත්තේය. අප එහි සිටියදී අපගේ මාර්ගෝපදේශකයා ලෙස කටයුතු කල තරුණයා සමග මා මේ පිළිබඳව බොහෝ කතා කලද කිසිම අවස්ථාවක එවැනි වෛරයක් තිබෙන බවක් නොදැක්කෙමි. ඇත්තෙන්ම ඔහු වරක් කියා සිටියේ ඇමරිකානු හමුදාව කිසිම අවස්ථාවක සිවිල් ගම වලට බෝම්බ නොදැමූ බවත්, ඒවා ගරිල්ලා කඳවුරු වලට සහ ක්‍රියාකාරකම් වලට සිමා වූ බවත්ය. මෙම මාර්ගෝපදේශකයාගේ පියාද වියට්කෝම් හමුදාවේ කපිතාන් වරයෙකුව සිට තුවාල වී විශ්‍රාම ලබා රජයේ විශ්‍රාම වැටුපක් ලබාගෙන ජිවත්වන බවද ඔහු මට කිවේය. ඇත්තෙන්ම දැන් ඔවුන් ආකල්ප සහ හැගීම් වලින් අපට වඩා බටහිර රටවලට සමීප වී ඇත්තා සේයා. ඔවුන්ගේ එහි ඉංග්‍රීසි වචන උච්චාරණය සහ යෙදීම් වුවද බොහෝ විට ඇමරිකානු ආකාරයට සිදු කරන බව පෙනේ.

10. එහි යාමට පෙර අපි ගූගල් කර බැලූ විට වියට්නාමයේ බුද්ධාගම් කාරයෝ සිටින්නේ 12 % ක් පමණ වන බව දැන ගන්නට ලැබුණි. මෙය දැනගෙන නොසිටි අපේ කණ්ඩායමේ කෙනෙකු අපේ මාර්ගෝපදේශකයාගෙන් වියට්නාමයේ මිනිසුන්ගෙන් කොතරම් ප්‍රමාණයක් බුද්ධාගම් කාරයන් දැයි ඇසිය. එය 60% ක් 70% ක් පමණ බව ඔහු කීවේය. නමුත් අන්තර්ජාලයේ දක්වා ඇත්තේ එය 12% ක් බව මම ඔහුට කීවෙමි. ඔහු ඒ සඳහා කල පැහැදිලි කිරීම අපුර්වජනකය. වියට්නාමයේ යම් පුද්ගලයෙකු ආගමක් තිබෙන බව අයදුම් පත්‍රයේ සටහන් කළහොත් ඔහුට රැකියාවක් ලබා ගැනීමට තිබෙන හැකියාව බොහෝ දුරට අඩු වෙයි. ඒ නිසා ආගම් අදහන අයද අයදුම් පත්වල ආගමක් නොමැති බව දක්වා සිටිති. ආගම් අදහන අය මෙතරම් අඩු ප්‍රමාණයක් සිටින බව ගණනය වන්නේ මේ නිසාය.

11. එතරම් වැදගත් නිරීක්ෂණයක් නොවුවද වියට්නාමයේ කිසිම හිගන්නෙකු සිටින බවක් අප දුටුවේ නැත. ඒ අතරම අප ගිය කිසිම තැනක යම් සේවාවක් සඳහා හැරෙන්නට කිසිම විටෙක විදෙස් සංචාරකයන්ගෙන් මුදල් ලබා ගැනීමක් හෝ මුදල් ඉල්ලා කරදර කිරීමක් දුටුවේ නැත.

වියට්නාමයේ සංචාරය පිළිබඳව මා විසින් ලියන ලද 11 ස් වන බ්ලොග් වාර්තාව මෙයයි. එසේම මෙය ඒ පිළිබඳව අවසාන වාර්තාවද වෙයි.                 
    

Saturday, June 16, 2018

නිරීක්ෂණ සහ උගත හැකි දෑ - වියට්නාම් සංචාරය 10








මම ලඟකදී කල වියට්නාම් සංචාරය පිළිබඳව බ්ලොග් 9 ක් ලිව්වෙමි. සංචාරය පිළිබඳ වාර්තාව අවසන් විය. එම ගමනේදී දුටු සමහර දේවල් පිළිබඳව මගේ නිරීක්ෂණයන් සහ නිගමනයන් මම එතැන්හිම සටහන් කරන්නට උත්සාහ කලද ලියා අවසන් වූ පසු මට සමහර නිරීක්ෂණයන් අතපසු වී ඇති බව මට හැඟුනි. ආර්ථික සා සමාජීය වශයෙන් අප කිට්ටුවෙන්ම සිට, දැන් අප වටා සිටින අනෙක් රටවල් මෙන්ම දැන් සීග්‍ර සංවර්ධනයක් දෙසට ගුවන් ගත වීමට ලැහැස්ති වන, මෙවැනි රටකින් අපට ඉගෙන ගැනීමට ලැබෙන පාඩම්, අපෙන් දැනටමත් ආර්ථික සහ මානුෂික වශයෙන් බොහෝ ඇත්වී තිබෙන රටවලින් ඉගෙන ගත හැකි පාඩම් වලට වඩා අපේ හදවතට කිට්ටුය, ඉගෙන ගැනීමටත් පහසුය.
1.   
 1. ඔවුන් අප හා  සසඳන බත් කන්නේ ඉතා අඩුවෙනි. පස් හය දෙනෙකු කන්නේ එක කුඩා බත් පිඟානක් පමණි. මේ හේතුව නිසාම එහි උදරය ඉදිරියට නෙරා ඇති මිනිසුන්; කාන්තාවන්ද ඇතුළුව, ඇත්තෙන්ම නැති තරම්ය. ඔවුන් වැඩියෙන්ම කන්නේ ඌරු සහ කුකුල්  මස්, එළවලු පලතුරු යනාදියය.
2.     වියට්නාමය ලෝකයේ දෙවෙනියට විශාල සහල් අපනයනය කරන රට වෙයි. ඔවුන්ගේ ජාතික මධ්‍යසාරය  සහල් වයින් ( rice wine) ය. අපිත් හොඳට කන බොන; කන කෙසේ වෙතත් බොන ජාතියකි. එහෙත් අපි බොන මධ්‍යසාර සහල් වලින් පෙරන සංස්කෘතියක් හදාගෙන නැතිවීම පුදුමයට කාරණයකි.
3.     වියට්නාමය දැන් කලකට පෙර ප්‍රධාන අපනයනය භාණ්ඩයන් වුයේ සහල්, ධීවර නිෂ්පාදන, කෝපි, වැනි කෘෂිකාර්මික සහ ධීවර නිෂ්පාදනයන්ය. නමුත් වර්තමානයේ ඔවුන්ගේ අපනයනයන් ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන පැත්තට හැරෙමින් පවතී. සැම්සුන් සමාගම ප්‍රධාන වශයෙන් එහි කර්මාන්තශාලා පවත්වාගෙන යන්නේ වියට්නාමයේය. අපේ සංචාරයේදී බොහෝ විදේශීය කර්මාන්තශාලා කුඹුරු ගොඩකරමින් කර්මාන්තශාලා ගොඩ නැගෙන අයුරු දැකීම සුලබ දසුනක් විය. මෙයට ප්‍රධාන හේතුවක් වනවා ඇත්තේ එරටේ ව්‍යාපාර කිරීමේ පහසුව නිසා විය හැක. කොමියුනිස්ට් ඒකාධිපති පාලනයක් තිබියදීත් ලෝක බැංකුවේ ව්‍යාපාර කිරීමේ පහසුව ලැයිස්තුවේ වියට්නාමය සිටින්නේ 68 වන ස්ථානයේය. මෙතරම් විවෘත  ආර්ථිකයක් යැයි කෑ මොර දෙන අපි මෙම ලැයිස්තුවේ පත් වී ඇත්තේ 111 වන ස්ථානයේය. FDI එන්නේ නැතැයි කෑ මොර දෙන වුර්තිය සමිති සහ දේශපාලඥයෝම අනෙක් පැත්තෙන් ව්‍යාපාර කිරීමට ඇති පහසුවේ ලැයිස්තුවේ ඉහලට යන්නට නොදී බාධා කිරීම මෙයට හේතුවයි.
4.     වියට්නාමයේ පාරවල් අපේ පාරවල්  හා සංසන්දනය කරන විට පළලින් ඉතා වැඩිය. අනාගතය ගැන කල්පනා කරන බව පෙනේ. වාහනත් බොහෝ වෙති; හැනෝයි නගරයේ පමණක් මෝටර් බයිසිකල් මිලියන පහක් තිබේ.එහෙත් වාහන ප්‍රවාහය ඉතා සුමට ලෙස ගලාගෙන යයි. පොලිස් නිලධාරින් පෙනෙන්නම නැතුවා වාගේය. අපි හැනෝයි සිට පැය තුනට වැඩි ගමන් දෙකක් ගියෙමු. ඒ කිසිම තැනක් අපි පොලිස්කරුවන් දුටුවේ නැත. නගරවලත් වෙනසක් නැත. බොහෝ විට කැමරා පද්ධතියක් මේ සේවාව වඩා හොඳින් කරනවා විය හැක. අපේ සතියක් පමණ වූ මුලු ගමනටම වාගේ අපි පොලිස් නිලධාරින් 5 දෙනෙකුට වඩා දුටුවේ  නැත. ඇත්තෙන්ම ඔවුන්ගේ නිල ඇඳුම කොයි වාගේ දැයි මට මතවත් නැත.අපේ ජාතික ප්‍රවාහන සැලසුම් කරුවන් ; එහෙම ජාතියක් ඉන්නවානම්, පුහුණු කරන්නට , සැලසුම් කිරීම ඉගෙන ගන්නට යැවිය යුත්තේ ජර්මනිය ඇමෙරිකාව වැනි දියුණු රට වලට නොවේ, වියට්නාමයටය.
5.     වියට්නාමය අපේ රට මෙන් 5 ගුණයක් පමණ විශාල රටකි. එහි උතුරෙන් සිටින මහා බලවතා වන චීනය සමග ඔවුන්ගේ දේශසීමාවේ දිග පමණක් කිලෝ මීටර 1306 ක් වෙයි ; ලංකාවේ වෙරළ දිගේ දේශසීමාවේ දිගට ඉතාම කිට්ටුවෙන් සමානය.මෙම දේශසීමා හොඳින් වෙන්කරන ලද ඒවා නොවෙති. චීන්නුන් මසට මි හරක් මිලදිගන්නටත් පැමිණෙන්නේ වියට්නාමයේ මි හරක් වෙන්දේසි වලටය.ඇමෙරිකාව සහ ප්‍රංශය සමග යුද්ධ වලදී චීනයේ උදව් ලබා ගත්තද චීනය ඔවුන්ට පහර දුන්විට වියට්නාමයට  එම ප්‍රහාර මර්ධනය කර එලවා ගැනීමට හැකිවිය.නමුත් දැන් චීනය පිළිබඳව වියට්නාම් වැසියන් මහත් බියකින් පසුවන බව පෙනේ. චීනයේ පිරිමින් කම්කරුවන් ලෙස වියට්නාමයට පැමිණ ටික කලකින් එහි කාන්තාවක් සරණ පාවාගෙන බින්න බැසීමේ ප්‍රවනතාවයක් හටගෙන තිබෙන බවද අනාගතයේ මෙලෙස චීනය වියට්නාමයේ කොටසක් බවට පත්වනු ඇතැයි එහි වැසියන් බියෙන් පසුවන බව ඔවුන් සමග කතා කරද්දී දැනුනි.
6.     වියට්නාමය  කොමියුනිස්ට් රාජ්‍යයක් වුවද ලෝක ආර්ථිකයේ යතාර්ථය අවබෝධ කරගෙන තිබේ. ඔවුහු රාජ්‍ය මගින් පාලනය වන ව්‍යාපාර පුද්ගලික කරණය කරමින් සිටිති. ලඟකදී රජයට අයත්ව තිබූ අති විශාල  බියර් සමාගමක්  වන සයිගොන් බියර සමාගම තායිලන්ත සමාගමකට ඩොලර් බිලියන 4.8 කට විකිණීම සිදුවිය. මේ ඉදිරියේ බොහෝ  පුද්ගලික කරණයනට පාර කැපීමක් බව පෙනේ. ව්‍යාපාර පුද්ගලික සමාගම් වලට ලබාදී එයින් ලැබෙන විකිණීමේ මුදල සහ ඉන්පසු බදු  මුදල් ලබාගෙන රටේ සංවර්ධනයට සහ සුබසාදනයට යෙදවීම රාජ්‍ය පාලනයේ හරි  ක්‍රමය බව ඔවුන් තේරුම් ගෙන ඇත. අපේ රටේ මෙන් රාජ්‍ය සම්පත් විකුනනවෝ කියමින් කවුරුත් පෙළපාලි යන්නේ නැත.
තව කොටසක් ඉදිරියේ ........http://lakshmanillangakoon.blogspot.com/2018/06/2.html

Monday, June 11, 2018

නාම් සංචාරය 9


මිට පෙර කොටස 



නිම්බින් යනු වියට්නාමයේ උතුරේ රතු ගංගාවේ ඩෙල්ටාවේ පිහිටි ප්‍රදේශයකි. සංචාරකයන් අතර ප්‍රසිද්ධ මෙම ප්‍රදේශය විශේෂයෙන් දුර්ලභ ලන්ගුර් වඳුරන් සහ පැන්ගොලීන් (කබල්ලෑව ?)  සඳහාද ප්‍රසිද්ධය.

මෙහි අප වැනි සංචාරකයන් ප්‍රධාන වශයෙන් යන්නේ ජලයෙන් යට වී ඇති ස්වාභාවික ගල් උමග සහිත ප්‍රදේශයක බෝට්ටු සංචාර සඳහායි. කුඩා නගරයක් වැනි ස්ථානයක සිට පදින්නා හැරෙන්නට සංචාරකයන් දෙදෙනෙකු රැගෙන ජල මාර්ගයේ  කිලෝ මීටර් පහක් පමණ කඳු සහ කැලෑ මැදින් ගමන් කරන මෙම බෝට්ටු පදින අයගෙන්ද; වියට්නාමයේ අනෙක් හැම වාදක  මෙන්ම  80% ක් පමණ කාන්තාවන්ය. පටන්ගෙන ටික දුරක් ගිය පසු ඔවුන් අතින් පදින හබල් කකුලෙන් පදින්නට පටන් ගනිති. ඔවුන් එය කොතරම් දක්ෂ ලෙස කරනවාද කිවහොත් එයම මනස්කාන්ත දර්ශනයක් යැයි කියන්නට පුළුවන.









අතරමගදී වී වගාවන් ජලයෙන්ම මතු වී තිබෙන ආකාරය චමත්කාර ජනකය. ඉදහිට නිවෙස් දෙක තුනක්ද පසුකර ගෙන ගිය අපි අවසාන උමගයෙන් එළියට පැමිණි විට භයානක ඇම්බුෂ් එකකට අසුවුනෙමු.

 ඒ අපගේ වැනිම බෝට්ටු කිහිපයක නැග ගත් කාන්තාවන් කිහිප දෙනෙකු අපට පලතුරු, රස කැවිලි සහ බිම වර්ග (බියර්ද ඇතුළුව) විකිණීමට තැත් කිරීමයි. අපි ලක්ෂ හයක පමණ පලතුරු මිලදී ගත්තෙමු. එහෙත් ප්‍රශ්නය එතනින් අවසන් වුයේ නැත. අහිංසක පදවන්නන්ටද යම් බීමක් අවශ්‍ය වන්නේ යයි කියා වෙළෙන්දිය  ඔවුනටද යමක් දුන් අතර ඒවාටද අපට ලක්ෂ තුනක් ගෙවන්නට සිදු විය. එවෙලේම එතනට පැමිණි අපගේ තවත් බෝට්ටුවක දෙදෙනා ඔවුනට කිසි දෙයක් මිලදී ගත්තේ නැති වුවද පදවන්නාට ලක්ෂ තුනක් දී රසකැවිලි මිලදී ගෙන දීමට සිදුවිය.
සියලු දෙනා ලාභ බෙදා ගන්නා පොඩි මිත්‍රශීලි රැකට් එකක් මෙතන ක්‍රියාත්මක වන්නේ දැයි අපට කුතුහලයක් ඇතිවිය. එසේ වුවත් ඒ ඉතා සුළු ගණනකටය.අප තදින් සිටියේ නම් අපට කිසිවක් මිලදී නොගෙන ඉන්නටත් ඕනෑ තරම් ඉඩ තිබුණි.
ආපසු ගොඩට පැමිණි අප ඒ අසල තිබූ ආපන ශාලාවකින් දහවල් ආහාර ගත්තෙමු. 

ඉන්පසු ටික දුරක් වාහනයේ පැමිණ ඒ අසල තිබූ පෞරාණික රජ මාලිගා සංකීර්ණයකට ගියෙමු. 

දහවන සියවසේ වියට්නාමයේ අගනුවර වී තිබී ඇත්තේ මෙම ප්‍රදේශයේය. එම මාලිගා පරිශ්‍රයේ කුඩා මාලිගාවක්, බෞද්ධ පන්සලක් සහ වෙනත් ගොඩනැගිලි කිහිපයක් විශාල ප්‍රදේශයක විසිරි තිබෙන අතර අප  මුලින්ම ගියේ බෞද්ධ විහාරයටයි. විහාරයේ ඉදිරිපිට මිදුලේ දෙතුන් දෙනෙකු කුඩා යන්ත්‍රයකින් දේශීය බෙහෙත් වර්ගයක් සාදමින් සිටියේය. ඒ අවටින් සැර වැලමි සුවඳක් දැනුනු අතර බොහෝවිට අපගේ මෙන් වැලමි යනාදිය යොදාගෙන සාදන ලද ආයුර්වේද වැනි බෙහෙත් වර්ග විය යුතුය.
කුඩා විහාරයේ කිසිවෙකු නොසිටි අතර බුදු ගෙයට ඇතුළුවන ස්ථානයේ දෙපැත්තේ සැර පරුෂ පෙනුමක් ඇති දෙවි වරු දෙදෙනෙකු සඳහා පුජාසන පනවා තිබුණි. ඔවුනට පුජාකර තිබූ නොයෙකුත් භාණ්ඩ අතර බියර් කෑන්  කිහිපයක්ද තිබෙනවා දැක අපි පුදුමයට පත් වුනෙමු. එහෙත් අපි ඊළඟ පුදසුන දෙස පරීක්ෂාවෙන් බැලූ විට අපි විශ්මයට පත්වුනෙමු. ඒ ඒ පුදසුනේ බියර් වලට අමතරව වොඩ්කා බෝතලද  තිබීම නිසාය.


ඒ තරමටම වියට්නාමයේ ජන ජිවිතයේ මධ්‍යසාර අරක්ගෙන ඇති සැටි සේය.
වියට්නාමය, චීනය, පවා අල්ලාගෙන ජපානයටද පහර දුන් මොන්ගෝලියානු අධිරාජ්‍යයා වූ ගෙන්ගීස් කාන්, (මෙම අධිරාජ්‍යය වර්ග කිලෝ මීටර් මිලියන 24 කින් සමන්විතව ලෝකයේ මෙතෙක් බිහි වූ දෙවෙනියට විශාල අධිරාජ්‍යය බවට සලකණු ලැබේ.) ඉන්පසු චීනය, විසිවන සියවසේ ප්‍රංශය සහ හැත්තෑ ගණන්වල ඇමරිකාව, ආක්‍රමණයන් පරාජය කිරීමට එක් හේතුවක් මෙය වන්නටද පුළුවන. යුද්ධ වලදී ‘ඩච් කරේජ්’ යැයි කියන්නේ මධ්‍යසාර පානය කිරීමෙන් ලැබෙන එඩිතරකමටය.
මෙයින් පසු අපි ආපසු හෝටලයට පැමිණියෙමු. එහිදී කහට තේ එකක් බිමට තිබූ ආශාව නිසා හෝටලයේ බාර් එකෙන් තේ දෙකක් ඇණවුම් කළෙමු. තේ එකේ අමුතු රසක් එන නිසා කෝප්පය ඇතුලේ බලන විට තරමක රම්පෙ කොළ කෑල්ල බැගින් තිබෙන බව දුටුවෙමු. ලංකාවටම ගොස් තේ කෝප්පයක් රස විදින්නෙමු යැයි සිතා ගත් අපි හෝටලයේ නිදා ගත්තෙමු. පසු දින උදේ වරුවේ නැවත සිංගප්පූරුව හරහා ලංකාවට පැමිණියෙමු. 
                

Friday, June 8, 2018

නාම් සංචාරය 8

http://lakshmanillangakoon.blogspot.com/2018/06/7.html
මෙයට පෙර කොටස 






රාත්‍රී ආහාරයෙන් පසු නැවේ කාර්ය මණ්ඩලය සහ මගීන් සුහද හමුවක් පැවැත්වුණු අතර නැවේ කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම අලංකාර ගැයිම් සහ නර්තන වලින් මගීන් කුල්මත් කළහ.
මේ සියලුම කටයුතු වලට එනම් ඉවුම් පිහුම්, නොයෙකුත් ස්ථාන වලට රැගෙන යාම්, කෑම ශාලාවේ වැඩ කටයුතු හත් අට දෙනෙකුගෙන් යුත් එකම කණ්ඩායමක් වීම ඔවුන්ගේ කාර්යක්ෂමතාවයට අපට පුදුමය ගෙන දුන්නේය.
පසු දින උදයේ අපව මුතු බෙල්ලන් ඇති කරන ගොවිපලකට අපව රැගෙන ගියහ. නැව ඒ අසබඩ නැංගුරම් වූ පසු හබල් ගසන කුඩා යාත්‍රා වලින් අප මේ ගොවිපල වෙත රැගෙන ගියේ තවත් සිත් ගන්නා අපූරු ස්වාභාවික ස්ථාන කිහිපයක් හරහාය. ලී වලින් සෑදු විශාල ජෙටියක් වැනි මෙහි කෘතිමව වෙනස් කරන ලද අවදි කිහිපයක මුතු බෙල්ලන් ජලයෙන් ගොඩට ගෙන පෙන්නා විස්තර කරන ලද අතර ඉන්පසු නැවත එවැනිම යාත්‍රා වලින් නව වෙත රැගෙන යන ලදහ. මෙම ලී වේදිකාව මතද මුතු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන විකිනීමට තිබු ඉතා අනර්ඝ ප්‍රදර්ශන ශාලාවක්ද තිබුණි.




අපි නැවට ආපසු පැමිණ දහය හමාරට පමණ බ්‍රන්ච් brekfast/lunch එකක් ගත්තෙමු. මේ උදේ ලබා දුන් පොහොසත් උදේ ආහාර වේලට අමතරවය. අපි ආහාර ගනිද්දීම නැව ගොඩ ජෙටියට කිට්ටු වී ඇන්කර් එක දමා ගත්තේ අපි බස්සවා අලුත් මගීන් පිරිසක් ගොඩ නංවා ගැනීමටය. අපි ගොඩට පැමිණෙන විටම අපගේ වාහන පැමිණ තිබුණි. මේ සියලු මාරු වීම් සහ අනෙකුත් සම්බන්ධිකරණයන් ඔර්ලෝසුවක් ලෙස ක්‍රියාත්මක වුනි. මෙතනදී හැමොක් විකුණන කාන්තාවකගෙන් ලංකාවේ මුදලින් රුපියල් තුන්සිය පනහකට හුරු බුහුටි හැමොක් එකක් මිලදී ගත්තෙමි. දැන් සතියක් පමණ ගත් වී ඇතත් මේ සංවර්ධන වරුෂාව නිසා හැමොක් එක එල්ලා ගැනීමට නම් නොහැකි විය.
හවස් වනවිට අපි හැනෝයිහි  පෙර විසු හෝටලයටම ගියෙමු. යන අතර මගදී සංචාරකයන් නොව දේශීය පිරිස් ගමන් වෙහෙස නිවා ගන්නා විශාල අවන්හල් සංකීර්ණයක් වෙත ගියෙමු. අප නැවතී සිටි හෝටලයේ black tea කාමරයේ නොතිබුණු හෙයින් අප එම සංකීර්ණයේ තිබු විශාල සුපර්මාර්කට් එකකින් මිලදී ගන්නට උත්සාහ කලද එහිත් නොතිබින. black tea වියට්නාමයේ පාවිච්චි කරන්නේම නැති තරම්ය. මේ වෙළඳපොලේ රෙඩ් ලේබල් විස්කි බෝතලයක් දැක ඒවායේ මිල සංසන්දනය කර බැලු විට කොළඹ ඩියුටි ෆ්‍රී මිල හා කිට්ටුවෙන් යන බව පෙනුනි.
හෝටලයට ගොස් පිරිසිදු වී රාත්‍රී ආහාරය සඳහා වීදි දෙකක් පහල තිබු ඉන්දියානු ආපන ශාලාවකට ගොස් ආපසු පැමිණෙන විටත් වීදි දිගේ කාන්තාවන් විසින් දුවන ලබන කුඩා කෑම බීම කඩවල් එක දිගටම දක්නට ලැබුණි. එරට රාත්‍රියේ බොහෝ වෙලාවක් යනතෙක් මිනිසුන් නිදහසේ කාලය ගත කරමින් සිටිනවා දුටුවෙමු.
පසුදා අපි නින්බින් බෝට්ටු සංචාරය සඳහා   පුරුදු බසයට නැග ගත්තෙමු. ඒ යන අතර මගදී මාර්ගෝපදේශකයා සමඟ කතා බහකදී වියට්නාම් භාෂාව ගැන අපූරු කරුණු කිහිපයක් අපට දැන ගන්නට ලැබුණි. එයින් අපුර්වතම කාරණය නම් එම භාෂාවේ එක් වචනයක සියුම් උච්චාරණ වෙනස්කම් වලින් වචනයෙහි තේරුම වෙනස්වන ආකාරයයි. උදාහරණයක් වශයෙන් ‘මා’ යන වචනයෙහි නොයෙකුත් සියුම් උච්චාරණ වෙනස්කම් අනුව තේරුමෙහි සිදුවන වෙනසයි. ඉහත මා යන වචනයෙහි තේරුම උච්චාරණයන් අනුව
මව
ආශ්වයා
සොහොන් කොත
හොල්මන
සහල්
නමුත්

යන තේරුම් ගම්‍ය වේ. ඒ අනුව ඉතාම සුළු උච්චාරණ වෙනසකින් අම්මාට හොල්මන යැයි කතා කරන්නට ඉඩ තිබෙන නිසා එම භාෂාව කතා කරන්නන් ඉතාමත් ප්‍රවේශම් විය යුතු යැයි කිම අතිශෝක්තියක් නොවේ.
අපි මෙසේ හයිවේ එකේ ගමන් කරද්දී ඇති විශාල කඳු කපා එම හුණුගල් අමු ද්‍රව්‍ය ලෙස යොදා ගෙන සිමෙන්ති නිපදවන කර්මාන්තශාලා සහිත ප්‍රදේශයක් හරහා ගියෙමු. මෙහිදී පාර අයිනේම වාගේ අලංකාර උද්‍යානයක් සහිත ඇති විශාල රජ මාලිගාවක් වැනි නිවසක් දැක එය කුමක්දැයි අසු විට එය සිමෙන්ති කර්මාන්තශාලාවල අයිතිකරුගේ නිවෙස බවයි. වියට්නාමය වැනි කොමියුනිස්ට් රාජ්‍යයක බියක් සැකක් නොමැතිව මෙවැනි නිවසක් සාදා තමන්ගේ ධනය ප්‍රදර්ශනය කරන මොහු කොතරම් බලගතු පුද්ගලයෙකු විය හැකි දැයි අපට සිතුනි.



ඊළඟට නිම්බිම් සංචාරය    

Wednesday, June 6, 2018

නාම් සංචාරය 7

පෙර කොටසට ලින්ක් එක
http://lakshmanillangakoon.blogspot.com/2018/06/6.html






     ස්වභාව ධර්මය දෙස ප්‍රවේශමෙන් බැලුවොත් ඇමිබාගේ  සිට මිනිසා දක්වා, එසේ නැත්නම් මහා ගසක් දක්වා, සියල්ල පුදුමාකාරය. අවුරුදු බිලියන ගණනක් සුදුසුම සත්වයා ඉතිරිවීම පදනම් කර ගනිමින්, පරිනාම වාදයට අනුව සතුන් සහ ශාඛ වර්තමාන කාලයට පැමිණි ඇති ආකාරය ලොව ඇති ලොකුම පුදුමය වන්නේය. ඒ අතරම පෘතුවියේ විවිධ ස්ථාන වල ස්වභාවයෙන්ම ලැබී ඇති නා නා ප්‍රකාර ගති ලක්ෂණ සමහරක්ද සාමාන්‍ය ස්වභාවයෙන්  වෙනස්වීම නිසා දකින්නන් පුදුමයට හා විශ්මයට පත්කරයි. දැන් අපේ ඇස ගැටෙන වියට්නාමයේ හා ලොන්ග් මුහුදු බොක්කද එසේම ස්වභාවයෙන් විශිෂ්ට භූ දර්ශනයක් වෙයි.

මේ නිසාම, හා ලොන්ග් බොක්ක 2012 වසරේ පැවැත්වුණු අන්තර්ජාතික ඡන්දයකින් ලෝකයේ නව පුදුම හතෙන් දෙවැනි තැනට පත්වුණි. එම තරඟයේ  පළමුවෙනි තැන ගත්තේ ඇමසන් වනාන්තරය සහ ගංගාවයි. එය මුලින්ම කන්ද උඩ සිට දකිනවිට ඕනෑම කෙනෙකුට විශ්මයක් ඇතිවන්නේ නැත්නම් ඔහුට යම් ප්‍රශ්නයක් තිබිය යුතුය, එය ඒ තරම්ම විශ්මය ජනකය.

හා ලොන්ග් බොක්ක  වර්ග කිලෝ මීටර 1533 ක පැතිරුණු මුහුදු බොක්කකි. එහි හුණු ගල් වලින් සැදුනු දුපත් 1960- 2000  ක් පමණ තිබෙන අතර ඒවා හැඩයෙන් සහ උසින් එකිනෙකට බොහෝ වෙනස්ය. ඇත්තෙන්ම මෙහි දුපත් 1969 ක් තිබෙන බවත් එම ප්‍රමාණය හරියටම වියට්නාමයේ පියා ලෙස සැලකෙන් හෝ චි මින් මියගිය වසරට ඉලක්කම් වලින්  සමාන බව අපට මෙහිදී යමක් පැහැදිලි කල මාර්ගෝපදේශිකාවක කීවාය.
                                                         හෝ චි මින් 
අප එහි කාර්යාලයකට ගෙනගිය අපේ මාර්ගෝපදේශක වරයා අප එතන සිටි තරුණියකට බාරදී ආපසු නගරයට ගියේය. අප පිළිගත් තරුණිය ජෙටියට අප රැගෙන ගොස් එහි තිබූ තරමක යාත්‍රාවකට බාරදුන්නාය. ඒ බෝට්ටුවෙන්, මහල් තුනකින් යුත් මගී නෞකාවකට ගිය අපි එයට ගොඩවූ පසු පැය බාගයක පමණ උපදෙස් ලබාදීමකින් පසු කාමර වලට යවන ලදහ. කාමර නැවක හැටියට සැහෙන්න විශාල වූ අතර එයටම අනුබද්ධ බැල්කනි එකක්ද තිබුණි.



නැවේ කාමර 24 ක් තිබුණු අතර එදින මගින් 58 දෙනෙකු සංචාරයට නැවෙහි සිටියහ.
මගීන් ස්ථාපිත වූ වහාම නැව ගමන් කරන්නට පටන් ගත්තාය. මෙම x හි මුහුද කොතරම් නිශ්චලද යත්; නාවිකයන් flat calm / mirror calm යැයි හදුන්වන තරමට, නෞකාව ගමන් ආරම්භ කර ටික වෙලාවක් යන තුරු අපට එය දැනුනෙත් නැත. අපි ලකලෑස්ති වී දහවල් බුෆේ කෑම සඳහා පහලට ගියෙමු; කාමර තිබුනේ දෙවන සහ තුන්වන මහල්වලය.

 නැව තරමක් දුර ගමන් කර විශේෂ දුපතක් වෙත පැමිණ නැංගුරම් ලෑවාය. පසුව කුඩා බෝට්ටු වලින් එම දුපතට ගොස් තරුණියක විසින් කරන ලද පැහැදිලි කිරීමකට පසුව; වියට්නාමයේ මෙවැනි බොහෝ වැදගත්, සංචාරකයන් හා කටයුතු කරද්දී 80% කටත් වඩා ඒවායේ නිරතවන්නේ  තරුණියන්ය, සමහර විට මෙයට හේතුව තරුණියන් වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි ඉගෙන ගැනීම විය හැක. ඔවුන් බොහෝ තන්හි පිරිමින් තදින් පාලනය කරමින් කටයුතු කරන බවක් මට නිකමට සිතුණි.
 එම දුපතේ තරමක් ඉහලට නැඟ කන්දේ මධ්‍යයේ තිබූ විශාල උමගක් වෙතට ඇතුළු වුනෙමු. එය විස්තර කරන්නට මහන්සි වෙනවටා වඩා පහල ඡායා රූප වලින් එය කිරීම වඩා සුදුසු බව මට හැගේ. 



අවසන කුඩා යාත්‍රාවෙන් නැවට පැමිණි අප නැවත නෞකාවේ ගමන් ඇරඹිමු. ඉන්පසු හවස් කාලයේ කයාක් බෝට්ටුවල නැඟ ඒවා පැදීමට සුහඳ තරගයක් සංවිධානය කර තිබුණි. අඳුරු වැටීගෙන එන විට වියට්නාම් සුපශාස්ත්‍ර ප්‍රායෝගික පන්තියක් ඉහලම තට්ටුවේ සංවිධානය කර තිබූ අතර විශේෂයෙන්ම මගියන්ටද එයට සම්බන්ධ වී සුපශාස්ත්‍ර ප්‍රායෝගිකව කිරීමට ඉඩ ලබා දීමෙන් සියලුදෙනා බොහෝ සතුටට පත් වුහ. එතනම තිබූ බිම හලේ මොජිටා පානය කරමින් සිටි අපට එම පංතියේ ප්‍රතිපල බයිට් එකට ගැනීමට හැකි වීමෙන් අපගේ සතුටද දෙගුණ තෙගුණ විය.



මෙය අවසන සෙට් මෙනියු රාත්‍රී ආහාරයක් පිළියෙළ කර තිබුණි. එයට ඉඳගත් පසු එය කොතරම් විධිගත ලෙස කෙරුනේද යත් මට එක්වරම නාවික හමුදාවේ මෙස් ඩිනර් එකක මෙන් මෙස් අන්ඩ්රෙස් නිල ඇඳුමක් ඇඳගෙන ආවේ නැති එක ගැන පොඩි මදි පුංචිකමක් හිතුනි.  
                                                  මෙස් ඩ්‍රෙස් 

Tuesday, June 5, 2018

නාම් සංචාරය - 6


මිට පෙර කොටස 
http://lakshmanillangakoon.blogspot.com/2018/06/5.html






මෙලෙස අප ගමනේ යෙදෙද්දී එරටට පැමිණෙන කිසිම අමුත්තෙකුට කුතුහලයක් ඇතිවීමෙන් බේරුණු නොහැකි දර්ශනයක් අපි දිගින් දිගටම නිරීක්ෂණය කළෙමු. ඒ එහි සෑම කුඹුරු යායකටම මෙන් ඇත්තාවූ ඉතාමත් වර්ණවත් සොහොන් කොත් ගොඩැලියි. ප්‍රමාණයෙන් බොහෝ වෙනස් වන මෙම පරිචයන් තුල සාමාන්‍යයෙන් සොහොන් කොත් 25/30 සිට 200/300 දක්වා තිබෙන බව පෙනුනි. ප්‍රමාණයෙන් හා දැකුම්කලු බවින් විශාල පරාසයක් තුල විහිදී තිබුනේ සමහර විට මිය ගිය ඇත්තන්ගේ වත් පොහොසත් කම් අනුව සහ පවුලේ ඉතුරු වුන අයගේ ඔහුට තිබූ ගෞරවය අනුව විය හැක්කේය.


මේ පිළිබඳව පරික්ෂා කිරීමේදී අපට දැන ගන්නට ලැබුනේ එහි කෙනෙකු මිය ගිය විට පවුලේ අය ගොවිතැන් කරනා බිමෙහි හෝ කුඹුරෙහි ඔහු හෝ ඇය මිහිදන් කරන බවය. ඒ මිනියෙන් බව භෝගයන්ට යමක් ලබා දීමටය. අවුරුදු කිහිපයක් ගත වූ පසු ආපසු මිනිය ගොඩගෙන එය හොදින් පිරිසිදු කර ඇටකටු පමණක් කුඩා බඳුනක බහා ඒ පවුලේ සොහොන් බිමෙහි නැවත මිහිදන් කර ඉහත පරිදි අලංකාර සොහොන් කොතක් ගොඩ නගන බවය.

භූමදානය කිරීම් ගැන කතා කර එක්වරම විවාහ මංගල උත්සව ගැන කතා කිරීම් එතරම් ගැලපෙන්නේ නැති වුවද අප ඊලගට පසුකර ගියේ විවාහ මංගල උත්සවයක් නිසා එයත් මෙතනින්ම අවසන් කල යුත්තේය. මෙම උත්සවය දැක අපේ මාර්ගෝපදේශකයා ගෙන් මේ පිළිබඳව විමසු විට ඔහු කියා සිටියේ සාමාන්‍යයෙන් ග්‍රාමීය විවාහ උත්සවයක් මුලින් චාරිත්‍ර වලින් පටන් ගෙන ඒවා අවසන් වූ පසු මධ්‍යසාර සාදයක් බවට පත්වන බවය. දවසක් දෙකක් පවත්වන මේ සාද බොහෝ දුරට අවසන් වන්නේ ගුටිකෙලි වලින් බව ඔහු සිනහ සෙමින් එකතු කළේය.


වියට්නාමයේ මත්පැන් වලට ඇති තැන ගැන මෙතනම පොඩි විස්තරයක් කළහොත් හොඳ යැයි සිතේ. මෙහි වැසියන් අපේ භාෂාවෙන් හොඳට කන බොන පිරිසකි. හෝ චි මින් ප්‍රංශ පාලකයන් විසින් 1948 සිර ගතකළ පසු ඔහු
“මල් සහ මත්පැන් නොමැති සිර ගෙදර කෙනෙකුට කුමක් කිරීමට ඉතිරිව ඇද්ද?” යන ප්‍රකාශනයෙන්ම ඇත්තෙන්ම මෙය සක්සුදක් සේ පැහැදිලි වෙයි.
2002 වසරේ සිට 2016 වනවිට වියට්නාමයේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය 3 න් ගුණයකින් වැඩිවී ඇත්තේය. එය දැන් එක් පුද්ගලයෙකුට වසරකට ලීටර 8.7 ක් වන අතර මෙය අප රටේ ලීටර 4.5 හා  සසඳන විට දෙගුණයක් වෙයි. මේ වසරකට මුලු ජාතියම පානය කරන ශුද්ධ ඇල්කොහොල් ප්‍රමාණය වයස 15 වට වැඩි ජනගහනයෙන් බෙදීමෙන් ලැබෙන ප්‍රමාණයයි.



ඔවුන්ගේ ජාතික පානය; අපගේ අරක්කු මෙන්, සහල් වලින් නිපදවන මත්පැන්ය. මේවාට පැලැටි වර්ග, පලතුරු, කුළු බඩු සහ කටුස්සන්, සර්පයන් වැනි සතුන් දමා පැසවන්නට හැර සැර සහ රස වෙනස් කරගනු ලැබේ.  ඉහලම සමතුලිතයක් ලබාගැනීමට හොඳ මත්පැන් පෙරාගත් පසු  තුංමං හන්දියක ඊසානදිග පැත්තේ දවස් 100 වලලා තැබිය යුතු යැයි පරම්පරාගත මතයක්ද පවතී.
“මත්පැන් නොමැති වුවහොත් චාරිත්‍රයන්හි චරිත ස්වභාවය පවත්වාගත නොහැක”.
“බොන්නේ නැතිව ගෙදර යා නොහැක”
මේ එහි මත්පැන් පිළිබඳව පොදු වහරන්ය.

පසුගිය වසරේ රජයට අයත් සයිගොන් බියර සමාගමේ කොටස් 54% ක්  තායිලන්ත සමාගමකට කොමියුනිස්ට් රජය විකුණා දැමුවේ $ බිලියන 4.8  කටය.

අපි හාලොන්ග් පෙදෙසට කිට්ටු වන විට විවේකයක් ගැනීම සඳහා නැවත වරක් සංචාරක වාහන නැවතුම් පොලක් වෙත ගියෙමු. මෙම ස්ථානයේ විශේෂත්වය වුයේ එය ගොඩ නගා තිබුනේ මුතු බෙල්ලන් කෘතිමව වගා කරන කර්මාන්තයක් වටා වීමය.  මුතු බෙල්ලන් තුලට කෘතිමව කුඩා බෙල්ලකුගේ කොටසක් ඇතුළු කර අවුරුදු දෙකක් වැනි කෙටි කාලයකින් මුතු ඇටයක් ඌ ලවා වර්ධනය කරගැනීම මෙම ස්ථානයන්හි සිදුකරනු ලබයි. මෙම ක්‍රියාවලිය අපට පෙන්වා අපව ඊළඟට රැගෙන යන්නේ මුතු සහ එම ආශ්‍රිත ආභරණ විකුණන අලංකාර වෙළඳ පොළකටය. අපි නම් ඒවාට අසු නොවුනත් බොහෝ බටහිර සංචාරකයන් විශේෂයෙන් මුතු වලින් සාදන ලද ඇන්ටි එජින් ක්‍රීම් මිලට ගන්නවා දුටිමි.





මෙලෙස කෘතිමව මුතු වර්ධනය කරගැනීම මුලින්ම ජපන් ජාතික නිශිකාවා විසින් 1916 වසරේ සොයාගන්නා ලද අතර දැන් ඒ සඳහා වියට්නාමයේ හා ලොන්ග් බොක්ක ප්‍රසිද්ධ තැනකි. මෙම කෘතිමව වගාකරන මුතු වර්තමානයේ ලෝක මුතු වෙළඳ පොලෙන් 99%ක් වෙයි. විජය කුමරු මන්නාරමට ගොඩ බසින විටත්  ලොව පරසිදු ස්වභාවික මුතු මන්නාරමේ නිපදවූ අප ඒ කිසිදෙයක් වෙත අවධානය යොමු නොකර ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියමින් සතුටු වන්නෙමු.
ඊළඟ - අහසින් පහත්වන මකරාගේ බොක්ක    

       

Monday, June 4, 2018

නාම් සංචාරය 5


මිට පෙර කොටසට ලින්ක් ඒක 




     ගමන පටන්ගත් වේලේ සිට, හෝටලයේ සිට හයි වේ එකට වැටෙන තුරු, අප මෙතරම් වාහන තිබෙන පාරේ එතරම් ; විශේෂයෙන් අප රටේ මෙන් , එතරම් කලබලයක් හෝ හැල හැප්පිමකින් තොරව රථවාහන ගලාගෙන යන්නේ කෙසේ දැයි අපට මහත් ගැටළුවක් විය.අප බොහෝ නිරීක්ෂණ සහ සාකච්චා වලින් පසුව පැමිණි නිගමනය නම් මෙහි රියදුරන්ට සහ ධාවකයන්ට ලොකු කලබලයක් නොමැතිවීම එයට හේතුව බවයි. වමෙන් දකුණෙන් ඉස්සර කරන්නන් එම ප්‍රවාහයේ සිටියේ කලාතුරකිනි. එවිට ප්‍රවාහය ගලන වේගයත් වැඩිය, අනවශ්‍ය ප්‍රශ්නත් ප්‍රතිලෝමව අඩුවෙයි. සමහරවිට කැමරා යොදා ප්‍රවාහය කඩන්නන්ට දැඩි දඬුවම් දීම මෙයට හේතුවක් වන්නට පුළුවන.
වියට්නාමයේ නගර ආශ්‍රිතව ගමන් කරන්නෙකුට නිරීක්ෂණය වන තවත් විශේෂ දර්ශනයක් අපටද මෙලෙස ගමන් කරද්දී පෙනුනි. ඒ වියට්නාමයේ නිවාස ගොඩනැගීමේ ආකෘතියයි. එහි බලන බලන අත පෙනෙන නිවාස,විශේෂයෙන්ම නගරාශ්‍රිතව, පාරට පෙනෙන පැත්ත ඉතා පටුය. එසේම වර්ණවත්ය.එම කුඩා මුහුණතේ අලංකාර පෞරාණික පෙනුමකින් යුත් කැටයම්ද යොදා තිබීම මෙම නිවාස හැඩය තවත් අමුතු කරයි.

මෙලෙස නිවාස වල පාරට මුහුණ දෙන කොටස මෙතරම් කෙට්ටු වන ලෙස සාදන්නේ කුමන හේතුවක් නිසාදැයි සොයාබලන්නට සිත්වි අප අපේ මාර්ගපොදේශක ගෙන් ඇසුවෙමු. ඔහු කිවේ නගර ආශ්‍රිතව ඉඩම් අධික වටිනාමක් ගන්නා නිසා පාරට මුහුණ දෙන ප්‍රමාණය අඩුකරගන්නට මෙලෙස සිහින් නිවාස හදන බවයි. මෙම නිවාස පාරට මුහුණ දෙන පැත්ත කොතරම් කුඩාද කිවහොත් නිවෙසක් පළලින් මීටර 3ක් සහ දිගින් මීටර 70 ක් වීම පුදුමයක් නොවේ. ඇත්තෙන්ම මෙම පුරුද්ද ඇතිවී ඇත්තේ 19 වන ශතවර්ෂයේ තිබූ බදු ක්‍රමයක් නිසාය.ප්‍රංශ යටත්විජිත පාලකයන් විසින් පනවා තිබූ මෙම බදු ක්‍රමයෙන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලට බඩු ගසා ඇත්තේ එම ගොඩනැගිල්ලේ පාරට මුහුණ දී ඇති පැත්තේ පළල මතය.ඒ නිසා පුරවැසියෝ බඩු අඩුකරගැනීමට පාරට මුහුණදෙන පැත්තේ පළල අඩුකර ගොඩනැගිලි තනන්නට පටන්ගත්හ. පසුව මෙය ජාතියේ ජාන වලට ඇතුලත් වී ඇති සැටියා සේය. දැන් ඉඩම් මිල අධික වීමද මෙම පුරුද්ද තවත් සමාජගත වීමට හේතුවී ඇති බව පෙනේ.

මෙලෙස අපි පාර දිගේ යද්දී දුටු තවත් විශේෂ දෙයක් නම් එහි සෑම කඩ සාප්පුවකම නම් සහ විස්තර ලියා තිබුනේ ඉංග්‍රීසි අකුරුවලින් වීමයි. මේගැන සොයා බැලීමේදී දන ගන්න ලැබුනේ වියට්නාම භාෂාවේ හෝඩියක් නොමැති බවයි. මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ භාෂාවන්ට හෝඩියක් නැති බව මම කලින් දන සිටියෙමි, එහෙත් වියට්නාමයේ ඉංග්‍රීසි හෝඩිය පාවිච්චි කිරීම දැනගත්තේ එහිදීය.ඇත්තෙන්ම ඔවුන්ගේ හෝඩිය ප්‍රංශ අකුරු යොදා (අකුරු  ඉංග්‍රීසියට බොහෝ සමානය) ලියනු ලැබේ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ භාෂාවේ ශබ්දයට සරිලන සේ ඉංග්‍රීසි අකුරෙන් ලිවීමයි.


ගමනේ මැද හරියේදී වාගේ අපට විවේක ගැනීමට වාහන නැවතුම් පොලක් වැන්නකට ගියෙමු. එය අක්කර ගණනක් පුරා විසිරි ගිය භූමියක පිහිටා තිබුණු අතර එම ප්‍රදේශයේ ස්වාභාවිකව පවතින ගල් වර්ගයකින් සාදන ප්‍රතිමා යනාදිය දහස් ගණනක් එහි ප්‍රදර්ශනය කර තිබුණු අතර ඒවා මිලදී ගන්නේ නම් නොයෙකුත් රටවල නිවසටම ගෙන්වා ගැනීමට යන මුදලද ඇතුල්වන තැන ප්‍රදර්ශනය කර තිබුණි
ඉතාමත් පිරිසිදු වොෂ් රුම් ගණනාවකින් යුක්ත වූ මෙම නැවතුම තුල සිය ගණනක් කාර්‍ය මණ්ඩලයක් සේවය කළහ. ගොඩනැගිල්ල හරහා වෙළඳ පොළ තුලින් අනික් පැත්තට ගිය විට විශාල ආපන ශාලාවක් තිබුණි.නොයෙකුත් පලතුරු සහ බිම බියර් වැනි සියලු දෙයක්ම තිබුණු මෙහි ගෙඩි පිටින් කුරුම්බා ද විකිනීමට තිබුණි. පොල් ගස් එතරම් නොමැති නිසා කුරුම්බා ගෙඩියක් රුපියල් 300 ක් පමණ විය.පලතුරු වියලා සාදන රසකැවිලි බොහෝ නිෂ්පාදනයන් විකිනීමට තිබුණි. මම රුපියල් 250 කට පමණ දුරියන් සහ පොල් යොදා තනා මනාව පැකට් කල ටොෆි පැකට් එකක් මිලදී ගත් අතර මෙහෙට පැමිණිය පසුද දින කිහිපය රස වින්දෙමි.අප රටෙහි මෙන් තෙලෙන් බදින ලද සහ පේස්ට්‍රි වැනි කෑම එහි තිබුනෙම නැති තරම්ය.




ඊළඟට මුතු බෙල්ලන් වැවීම .....

නාම් සංචාරය 4



මිට පෙර කොටසට ලින්ක් එක 



මෙම පපට් දර්ශනය ඉතාමත් පිළිවෙලකට සහ අලංකාර ලෙස ගොඩනගා තිබූ ශාලාවක ප්‍රදර්ශනය කෙරුණි. 11 ස් වෙනි සියවසේ පමණ පටන් ගෙන ඇති මෙම ජල පපට් සංදර්ශන උතුරු වියට්නාමයේ කුඹුරු ජලයෙන් යට වූ කාලයේ ජලයේ සෑදු ලී වෙහෙරක් තුල සැඟවුණු රූකඩ නටවන්නන් දිග උණ බම්බු වලට සවිකර ගත් රූකඩ නැටවිමෙන් පටන් ගත් මෙය ක්‍රමයෙන් දියුණු වී මේ තත්වයට පැමිණ තිබේ. සමහර විට අප රටේ පොර පොල් ගැසීම සහ අං ඇදීම වැනි ක්‍රීඩාවක් විය යුතුය.    
දැන් මීටර් 4x4 ජල තටාකයක් වේදිකාව තුල සාදා එම ජලය මත රූකඩ නැටවීම කරනු ලැබේ.

                                  රූකඩ නටවන්නන් දර්ශනය අවසානයේ 
වේදිකාව දෙපස කුඩා සංගීත කණ්ඩායම් දෙකක් මෙම දර්ශනයට සංගීතය සැපයුහ. මෙම සංගීතය එරට පාරම්පරික සංගීතයන් වූ අතර චීන සංගීතයට බොහෝ දුරට සමාන විය. මෙම දර්ශනයක් නැරඹීමට ප්‍රවේශ පත්‍රය රුපියල් 2000 ක් පමණ විය. නම ඇසු විට ඉතාමත් කම්මැලි සංදර්ශනයක් විය යුතු යැයි අප සිතුවද; විශේෂයෙන්ම සංස්කෘතික සංදර්ශනයක් නිසා, මෙම දර්ශනය නැරඹු පසු මෙය නැරඹීමට ලැබීම පිළිබඳව අප සියලුදෙනා සතුටට පත්වීමු.
ඉන්පසු හෝටලය බලා ගිය අපි රාත්‍රී ආහාරය සඳහා බුෆේ එකක් වෙත රැගෙන යන ලදහ. සමහර විට මම වියට්නාමයේ දුටු වැඩියෙන්ම පුදුම උපදවන දර්ශනයන් අතරින් මෙය එකක් විය යුතුයි. මෙයත් සමග තරග කල හැකි අනෙක් පුදුමය වන ‘හා ලොන්ග්’ බොක්කය, ඇත්තෙන්ම එය ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස තේරි පත්වී ඇත. මෙම සෙන්; සෙන් බුද්ධාගමෙන් නම්කර ඇති සේ පෙනේ,  බුෆේ ශාලාව තුල ලෝකයේ ඕනෑම ප්‍රධාන ආහාර වර්ග වෙන් වෙන් වශයෙන් ලබා දෙන අතර ආසියානු හෝ බටහිර ආහාර වර්ග ඕනෑම එකක් පාහේ කිසිම සීමාවක් නොමැතිව ආහාරයට ගන්නට පුළුවන.
තට්ටු තුනකින් යුත් මෙම අවන්හලේ ආහාර බෙදා ගැනීමට ගොස් කෙනෙකුට ආපසු තමන්ගේ මේසේ සොයා ගැනීමට බැරිවන තරම් විශාල වන අතර නොයෙකුත් ආහාර වර්ග එවෙලේම සාදා දෙන සුපවේදීන් විශාල ගණනක්ද තැනින් තැන ආහාර පිළියෙළ කරමින් සිටියහ. ග්‍රිල් කල ලොග්ස්ටස්, ශුෂි, අමු සැමන් සහ අමු බෙල්ලන් වැනි ආහාර වර්ග ඕනෑ තරම් බෙදා ගැනීමට තිබිණ. මම මිට කලින් විශාලතම සහ වඩාත් සිත් ගන්නා බුෆේ එක දැක ඇත්තේ සින්ගප්පුරුවේ ඔරියන්ට් හෝටලයේ බුෆේ එකයි. 



වියට්නාමයේ සෙන් බුෆේ එක එයට වඩා කිහිප ගුනයකින් සිත්ගන්නා  බව කිව යුත්තේය. මෙහි ඇති වඩාත්ම වටිනාකම එහි ගාස්තුවයි. එහි මිල දහවල්/රාත්‍රී ආහාරය එසේත් නැත්නම් සතියේ /සති අන්ත අනුව මිල ගණන් වෙනස් වෙන්නට පුළුවන. නමුත් එය $ 10 ට වඩා අඩු වන්නේ හෝ $ 20 ට වඩා වැඩි වන්නේත් නැත. එතරම් සාධාරණ මිලකට මෙවන් ආහාර වේලක් ගැනීමට සිතන්නට වත් නුපුළුවන.  වියට්නාම් ජාතිකයින් සහ විදේශිකයන්ගෙන්  ගෙන්  මෙය පිරි පවතින්නේ මේ නිසා විය යුතුය. මෙතරම් පොහොසත් ආහාර වේලක් මෙතරම් සාධාරණ මිලකට ලබාදීමට මෙහි රජයේ සහනාධාරයක් වත් අඩංගු වන්නේ දැයි මට සිතුනි.
අපි ආපසු හෝටලයට ගොස් නිදාගත්තේ පසුදා හා ලොන්ග් බොක්ක වෙත යාමට සැලසුම් කරගෙනය. අප උදේ ආහාරයට හෝටලයේ බුෆේ එකට ගියවිට අප දැක්කේ එහි සිටින විදෙශිඅකයන් අතර බොහෝ ඉන්දියානුවන් සිටින බවය.වියට්නාමය අලුත් ගමනාන්තයක් වන අතර තවම ගාස්තු ඉතාමත් සාධාරණ තිබෙන නිසා මෙලෙස බොහෝ ඉන්දියානුවන් එහි පැමිණෙනවා ඇතැයි මට සිතුනි. උදය ආහාරයද චීනයේ  හොටලයන්හි මෙන් ඔවුන්ගේ අපට නුහුරු ආහාර නොව ඕනෑම දෙනෙකුට පාහේ රසවිඳිය හැකි අන්තර්ජාතික කරන ලද චීන ආහාර යයි කිව හැකි තත්වයේ තිබුණි.
අප උදය ආහාර ගෙන හා ලොන්ග් වෙත පුරුදු  බසයේම ගමන් ඇරඹුවෙමු.රට ඇතුලට වෙන්නට පිහිටා ඇති හැනෝයි නගරයේ සිට මුහුද අයිනේ ඇති  හා ලොන්ග් බොක්ක දක්වා දුර කිලෝ මීටර 185 ක් වෙයි.සුපොඛභෝගී ලිමොසින් රථයක මෙම ගමන යන්නේ නම් එහි ගාස්තුව රුපියල් 8000 ක් පමණ වෙයි.

ඊළඟට හා ලොන්ග් බොක්ක 

Sunday, June 3, 2018

නාම් සංචාරය 3


මිට පෙර කොටස 




අපි බසයේ නැගී හෝටලයේ සිට විනාඩි 10 කින් පමණ ගමනකින් පසු දහවල් ආහාරය සඳහා නගරයේ විදියක හරස් පාරක පිහිටි ආපන ශාලාවක් වෙත ගියෙමු. අපගේ දහවල් ආහාරය සඳහා මුදල් ගෙවා ඇති අතර ලබා ගන්නා බිම සඳහා පමණක් අප ගෙවිය යුතු බව  අපට දැන්වූ අපගේ මාර්ගෝපදේශකයා වෙනත් තැනකින් ආහාර ගැනීම සඳහා  පිටව ගියේය.
ආහාර වේල චීන කෑමට බොහෝ දුරට සමාන වුවත් ඊට වඩා අපගේ රසයන්ට  කිට්ටු බව පෙනුණි. බත් ඉතා අඩුවෙන් කන මස් මාළු සහ එළවලු සුප් යනාදිය වැඩිපුර තිබුනු මෙම ආහාර වේල වියට්නාම් ජනයා මෙතරම් සිහින්වට සිටීමේ රහස අපට පෙන්වා දුන්නේය; අපට මේ මුලු ගමනේම බඩ ඉදිරියට නෙරු හෝ මහත කිසි කෙනෙකු දක්නට නොලැබුණු බව කිවහොත් එය අසත්‍යයක් නොවන තරමට ඔවුන්ගේ සිරුරු සිහින්ය. විශේෂයෙන්ම තරුණ කාන්තාවන් අර අපගේ පැරණි කවියක මෙන්
‘ඉඟ සුඟ ගත හැකි මිටින’ ලෙසට ඇත්තෙන්ම සිහින් සිරුරු ඇත්තේය. 
අප ආහාර ගත්දී බිම සඳහා බියර් කෑන් සහ බිම බෝතල කිහිපයක්ලබා ගත්තෙමු; වියට්නාමයේ ඕනෑම තැනක පාහේ බියර් සහ මත්පැන් විකිනීමට තිබෙන අතර බියර් කෑන් එකක මිල ඩොන්ග් 15000 සිට 50000 දක්වා විකුණන ස්ථානය අනුව වෙනස් විය හැක. කෑම අවසානයේ බිම සඳහා බිල ගෙවීමට ගිය විට ඩොන්ග් මිලියනිස්ලා විමේදී ඇති වූ සතුටේ අරුමය අපට පැහැදිලි විය. අපගේ බිම බිල ලක්ෂ 8 ත් පැන තිබිණ. මෙයින් එඩිතර වූ අපි වේටර්ට ලක්ෂයක ටිප් එකක්ද ප්‍රධානය කළෙමු.


අප දහවල් ආහාරයෙන් පසු බසය වෙත පැමිණෙන අතරේ වියට්නාමයේ සංචාරය පුරාම අප දුටු එහි සමාජීය විශේෂ ලක්ෂණයක් මුලින්ම අපට නිරීක්ෂණය විය. ඒ විදිවල සිටින බොහෝ වෙළෙන්දුන් කාන්තාවන් වීමය. මහා රෑ වීදිවල ගමන් කරද්දීත් මෙලෙස කාන්තාවන් විසින් පවත්වාගෙන යන කුඩා අවන්හල් වල කීප දෙනා එකතුව මත්පැන් පානය කරමින් ආහාර ගනිමින් සාමිචියේ යෙදෙමින් වෙලදාම් කරන්නාවූ කුඩා කඩ විදි දිගටම පවත්වාගෙන යනවා අපි දුටිමු.
අප විදියට පැමිණි විට බසය තරමක් ප්‍රමාද වූ නිසා පාරෙන් එහා පැත්තේ තිබූ අති විශාල බියර් ශාලාවක් දුටු  මම එය නැරඹීමට පාර පැන එය තුලට ගියෙමි. තරමක පිටියක මැද සාදා තිබූ මෙහි මෝටර් බයිසිකල් දහස් ගණනක් එළියේ නවතා තිබූනී. එම ශාලාව තුල මේස 500 කටත් වඩා තිබුණු අතර බොහෝ මිනිසුන් එහි ඉදගෙන බියර් පානය කරමින් සිටියහ.


අප බසයේ නැගී හැනෝයි ඔපෙරා ශාලාව බැලීමට ගියෙමු. මෙම ඔපෙරා ශාලාව 1911 වසරේ විවෘත  කර ඇත්තේ එකල වියට්නාමය පාලනය කල ප්‍රංශ පාලකයන් විසිනි. මෙහි යටත් විජිත සමයේ ප්‍රංශ සහ ඉතාලි ඔපෙරා කණ්ඩායම් දර්ශන පවත්වා ඇති අතර දැන් වියට්නාම් ජාතික ඔපෙරා කණ්ඩායම් මෙහි දර්ශන පවත්වයි.   
ඔපෙරා ශාලාවට ඊළඟ විදියට අප රැගෙන ගිය මාර්ගෝපදේශක අප බයිසිකල් රික්ෂෝ නවතුම්පලක් අසල බස්සවා එම රික්ෂෝ සංචාරයක් සඳහා අපට ආරාධනා කළේය. මෙය මට එතරම් ආකර්ශනිය නොවූ හෙයින් මම එතරම් අකමැති වුවද ඒ සඳහා දැනටමත් මුදල් ගෙවා ඇතිබව අපට දැන්වූ විට අප වහ වහා රික්ෂෝ වලට ගොඩවුනේ අකමැති වුවත් මුදල් ගෙවා ඇත්නම් එය කලයුතු යයි සිතු නිසාය.
බොහෝ රථවාහන තිබූ වීදිවල ඔවුන් එකා පසුපස එකා ලෙස රික්ෂෝ රැගෙන ගිය ආකාරය ඇත්තෙන්ම නරකම නැත; හැනෝයි නගරයේ පමණක් මෝටර් බයිසිකල් මිලියන 5 ක් තිබෙන අතර එම නගරයේ පාලකයන් 2030 වනවිට මෝටර් බයිසිකල් පාරෙන් ඉවත්කර කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් ඇතිකිරීමට කටයුතු කරන බව එහිදී අසන්නට ලැබුණි. නමුත් රික්ෂෝ කරුවෝ  මෙම සංචාරය අපට ප්‍රමාණවත් යැයි  සිතුණු  වෙලාවටත් ඔබ්බෙන් බොහෝ වෙලාවක්  කර අතර අප මුලු නගරයම පාහේ හරහට රැගෙන යන්නට ඇතැයි අපට සිතුනි.


ඊළඟට අප ගියේ ජල ලෝක ප්‍රසිද්ධ හැනෝයි වෝටර් පපට් දර්ශනය නැරඹීමටය.

Voluntary patrol - a short story

  2. Voluntary Patrol During the 1960s, a wave of crime was reported all across Sri Lanka. Housebreakings, murders, bank robberies, and shop...