Monday, March 28, 2022

රාජ්‍ය පරිපාලන සේවය කාර්යක්ෂම කිරීම

 මගේ දෙවැනි යෝජනාව, මම ඊයෙ අධ්‍යාපනය පිළිබඳ මූලික වෙනසක් ඇති කිරීමට යෝජනාවක් ඉදිරිපත් කලෙමි. අද රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක් වී ඇති රජය සමග ගනුදෙනු කිරීම එසේත් නැත්නම් රජයේ කාර්යාල සමග ගනුදෙනු කිරීම පිළිබඳව සරල යෝජනාවක් කරන්නට සිතුනි.

ලංකාවේ වේ 90% ක් පමණ පුරවැසියන් යම් කාර්යයක් සඳහා යම් අවශ්‍යතාවයක් සඳහා රජයේ කාර්යාලයකට ගොස් ඇත එසේ නැත්නම් යන්නට සිදුවේ.


එසේ කාර්යාලයකට ගිය අයගෙන් 90% ක ටත් වඩා ආපසු එන්නේ බරපතළ කලකිරීමකිනි. 

ඉතා සරල වැඩකට වුවත් කිහිප වතාවක් කාර්යාලයට යා යුතුය. බොහෝ වේලාවක් එතැන සිටිය යුතුය. සමහරවිට නිලධාරීන් සමග එන මහජනයා හිත් නරක් වී රණ්ඩු කරන වේලාවන් ද නැතුවා නොවේ.


මෙවැනි bottle neck සෑදීමෙන් සමහරු ප්‍රයෝජන ලබා ගනිති. දූෂණ සහ පුද්ගලික වාසි ලබාගැනීමේ සෑම තැනම සිදුවෙයි.


මම යෝජනා කරන්නේ මේ කාර්යාල රස්තියාදු නැවැත්වීමට අලුත් තාක්ෂණයෙන් අපට ලැබී ඇති අගනා මෙවලමක් වන ඇප් යොදා ගැනීමයි.

ඒ රජයේ සෑම කාර්යාලයකම මහජනයාට ලබාගතහැකි සෑම සේවාවක්ම සඳහා සඳහා app එකක් හඳුන්වා දීමයි.

සාමාන්‍යයෙන් මට හිතෙන විදිහට එවැනි සේවා දෙසීයක් පමණ තිබෙන්නට පුළුවන.

ඒ සෑම එකකටම app එකක් හඳුන්වා දුන් පසු ඒ සඳහා අවශ්‍ය සියළුම ලියකියවිලි, එම ඇප් එක හරහා අප්ලෝඩ් කර අවශ්‍ය අයදුම්පත ද ඔන්ලයින් පුරවා කාර්යාලයට යැවීමට පහසුකම් සැලැස්වීමට පුළුවන.

එලෙස අප්ලෝඩ් කළ අයදුම්පතක ට සතියක් ඇතුලත පිළිතුරු ලබාදිය යුතු යැයි නියම කළ පසු රජයේ නිලධාරියාට එය මඟ හරින්නට නොහැක. 

අඩුපාඩුවක් තිබෙන්නේ නම් ඇප් එක හරහාම අයදුම්කරුට දැන් වීමට පුළුවන.

ඇප් එකකින් අයදුම්කළ වැඩක් කෙරුණේ නැත්නම් ඒ සඳහා එම ආයතන ප්‍රධානියාට,පැමිණිලි කිරීමට වෙනම ඇප් එකක් ඇතිකල හැකිය. 


මෙවැනි යෝජනාවක් ව්‍යාප්ත කිරීමට අපහසු වන්නේය අපගේ ජනතාවට අයි ටී දැනුම නොමැති වීම යයි කෙනෙකුට කියන්නට පුළුවන. 

ඒ සඳහා ද පැහැදිලි පිළිතුරක් තිබේ.

ඒ ලඟකදී රාජ්‍ය සේවයට ගත් තරුන නිලධාරීන් දාහතර දාහක් , සතියක් පමණ පුහුණුවක් දී මේ සඳහා යොදවා ගැනීමයි. 

ඔවුනට තමන්ගේ නිවසේ සිටම මෙම කාර්යයේ යෙදීමට පුලුවන් වන අතර  සඳහා අවශ්‍ය වයිෆයි ඩේටා රජයෙන් ලබාදිය හැක.

මෙම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් ලංකාවේ තමන්ගෙ වාහනවලින් සහ ොදු ප්‍රවාහන සේවයේ ගමනේ යෙදෙන මිනිසුන්ගෙන් 40% ක් පමණයි අඩුකරගන්නට පුළුවන් යයි මට සිතේ.

එමඟින් ලැබෙන අනෙකුත් ප්‍රයෝජන කිව නොහැකි තරම්ය. දහස් ගණනකි

Wednesday, March 23, 2022

IMF ගොස් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම

 IMF එකට යනවාට සමහරකු විරුද්ධ බව පෙනේ. මෙයින් බහුතරයකගේ අදහස එතනට ගියහොත් රජයට රජයේ රැකියාවන් අඩුකිරීමට සහනාධාර කපා දැමීමට බල කිරීමට ඉඩ තිබෙන බවයි. 

මම මේ ගැන කල්පනා කළෙමි. එවැනි යෝජනාවක් ඔවුන්ගෙන් ඉදිරිපත් කෙරුණ හොත් අප විසින් කුමක් කිව යුතුද? 

උදාහරණයකට සමුර්දි සහනාධාර ලබාගන්නා සමෘද්ධිලාභීන් ප්‍රමාණය අඩු කළ යුතුයැයි ඔවුන් යෝජනා කරනවා යැයි සිතමු. ඇත්තෙන්ම මෙය අප විසින් කළ යුතු එකක් වුණත් අපට මේ අවස්ථාවේ එසේ කිරීමට එකඟ වීමට නොහැකිය. 

නමුත් අපිට වෙන විදිහකින් එයින් ගැලවීමට හැකි බව මට සිතේ. ඒ මෙසේ පිළිතුරු දීමෙනි.

"ඔව් අපිටත් ඕනෑ මුර්දි ලාභීන් ප්‍රමාණය අඩු කරගන්නට, මේ සම්බන්ධයෙන් අපි දැන් වසර කිහිපයක් සාකච්ඡා කරනවා. 

ඒකට යෝජනාවකුත් හදලයි තියෙන්නේ. 

ඒ යෝජනාව කෙටියෙන් කිව්වොත්, අපි සෑම ප්‍රාදේශීය සභාවකම, තාක්ෂණික රැකියා පුහුණු කිරීමේ පුහුණු පාසල දෙක බැගින් ස්ථාපිත කරනවා. සෑම සමුර්දි පවුලකින්ම, රැකියාවක් නොමැති සෑම සාමාජිකයෙකුම මේ ආයතන වල මාස හයක පුහුණුවක් ලබාදීමට අපි අනිවාර්ය කරනවා. 

මේ සඳහා අපට මුදල් ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ. මේකට අපි ඊ ගණනය කරලා තියනවා ඇමරිකානු ඩොලර් මිලියන 300ක් විතරයි යයි කියලා."


මෙවැනි ව්‍යාපෘතියක් IMF නිලධාරින්ගේ කණේ මීපැණි වක්කරනවා හා සමාන විය යුතුය. ඒවායේ සිටින ලිබරල් එසේම ුහුණුවෙන් සහ අධ්‍යාපනයෙන් මිනිසුන් තමන්ගේ ජීවන තත්වය වැඩි කළ ගත යුතු යයි සැමවිටම සිතන, නිලධාරීන් මෙයට වහාම එකඟතාවය පළ කරනු ඇත. 

එලෙසම ෙවැනි ව්‍යාපෘතියකට අපට මුදල් සොයා දීමට ද බොහෝ ඉඩ තිබේ.

මෙලෙස ඔවුන් අපට යෝජනා කරන සෑම දෙයකටම එසේ කිරීමට විරුද්ධ වන්නේ නැතිව එකඟ වී යම් ධනාත්මක ක්‍රමයකට, ඒවා කල් දමා ගැනීමට හැකියාවක් තිබේ.

රජයේ රැකියාවන් වලින් සේවකයන් අඩු කිරීම යෝජනා කළහොත්  සඳහා ද මෙවැනිම ක්‍රමවේදයක් ඇතුලත් ව්‍යාපෘතියක් පිළියෙල කර ගැනීමට පුළුවන.

samurdhi යෝජනාවම නැවත සාකච්චා කර බලමු. අපට එලෙස ආධාරයක් ලබාගෙන, විශේෂයෙන්ම ජර්මනිය ප්‍රංශය වැනි රටකින්, ඇත්තෙන්ම එවැනි තාක්ෂණික පුහුණු ආයතන පටන් ගැනීමට පුළුවන. ඒවායේ ඉංග්‍රීසි ටිකකුත් ඉගැන්වීමට පටන් ගතහොත්, මේ පුහුණු වෙන අයට රැකියාවන් සොයා ගැනීමට එතරම් කරදරයක් වන්නේ නැත. මෙරට රැකියා නොමැති නම් එවැනි අයවළුන්ට පිටරට බොහෝ රැකියා පුරප්පාඩු තිබේ. 

මම දන්නා හැටියට කෙනෙකු පිටරටක රැකියාවක් කරන්නේ නම් ඒ නිවසට සමෘද්ධිය ආධාර ලැබෙන්නේ නැත. එසේත් නැත්නම් මේ පුහුණුව ලබන අය මෙරට රැකියාවක් කරන්නට පටන් ගත් විටද සමුර්ධි ආධාර ඔවුනට ගෙවන්නට අවශ්‍ය නැත.

අවසානයේ IMF එකද සතුටු වන අතර අපගේ ආර්ථිකයට ද, විශාල පිටුවහලක් ෙවැනි ව්‍යාපෘතියකින් ලැබෙනු ඇත.

කරන්නට බයේ සිටින දේවල් වලට අතගසා නාත්මක ප්‍රතිඵල ලබා ගැනීමට අප සැම විටම උත්සාහ කළ යුතුය.



සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...