https://lakshmanillangakoon.blogspot.com/2023/06/blog-post_20.html?m=1
අප අසලින් යන නෞකාවන් වෙතින් යම් ලාභයක් ලබා ගැනීමට නම් අප එම නෞකාවලට යම් සේවයක් ලබා දිය යුතුය.
එසේ සේවයක් ලබාදීමට නම් ඒවා අපගේ වරායන් වලට ගෙන්වා ගත යුතුය එසේ නොමැති නම් එම නෞකාවන් අප අසලින් යද්දී එවැනි සේවාවක් ලබාදීමට අප අපගේ හැකියාවන් දියුණු කර ගත යුතුය.
දැනටමත් මෙලෙස අප විසින් ලබාදෙන්නා වූ සේවයක් වන්නේ අන්තර්ජාතික විශාල නෞකාවන් වලට යාමට අපහසු සේම යාමට තරම් බඩු ප්‍රමාණයක් නොමැති විට එම භාණ්ඩ කොළඹ වරායේදී බාගෙන කුඩා නෞකා මගින් කලාපයේ වෙනත් වරායන් වලට රැගෙන යාමට පහසුකම් සැලැස්වීමයි.
මේ කොටස ලියද්දී මට බොහෝ කලකට පෙර ඉන්දියානු නැවක කපිතාන්වරයෙකු ගෙන් අසන්නට ලැබුණු මේ සම්බන්ධ කතාවක් මතක් විය. ඉන්දියානු සාම හමුදා ලංකාවට පැමිණි කාලයේ මම කන්කසන්තුරේ වරාය ්‍රධානියා වශයෙන් කටයුතු කළෙමි. එකල මම ලුතිනන් වරයෙකු වුව ද ඉන්දියානු හමුදා ඒමට පෙර ාවික හමුදා අනුඛණ්ඩය ප්‍රධානියා ලෙස කටයුතු කළෙමි. එම අනුඛණ්ඩය ්‍රියාත්මක වූයේ වරාය ඇතුලේ දියකඩනය අසල නැංගුරම් දමා තිබුණු පැරණි වෙළඳ නෞකාවක සිටය.
එසේ වෙළඳ නෞකාවක සිට ක්‍රියාත්මක වන්නට සිදුවූයේ ඒ වන විට කංකසන්තුරේ ගොඩබිම කොටි පාලනයට යටත්ව තිබුන නිසාය.
ඉන්දියානු සාම හමුදා පැමිණි පසු එක්වරම මම නාවික හමුදා අනුඛණ්ඩයේ අණභාර නිලධාරී වරයා වීමට අමතරව ඉන්දියානු සාම හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන්ද කටයුතු කරන්නට පත්වීම් ලදුයෙමි.
ඒ සා විශාල හමුදාවකට සැපයුම් ලබාදීමට ඉන්දියානු වෙළෙඳ නෞකා කිහිපයක් ඔවුන් පාවිච්චි කළ අතර එම වෙළඳ නෞකා පිළිබඳ කටයුතු සංවිධානය කළේ ද මා විසිනි. ඒවායේ කපිතාන්වරු ුළු ත්‍යාගයක් ද රැගෙන මා හමුවීමට පැමිණ බොහෝ වේලාවක් සතුටු සාමීචියේ යෙදීම පුරුද්දක් කර ගත්හ.
එවැනි එක් නෞකාවක සිටි ප්‍රධාන ඉංජිනේරුවරයෙකු කේරළයේ පුද්ගලයකු වූ අතර ඔහු ඔහුගේ නිවස කිට්ටුව ගෙම්බන් ඇතිකරන ගොවිපලක් පවත්වාගෙන යන බව මට කීවේය. එසේ කීවා පමණක් නොව ඊළඟ වාරයේ කන්කසන්තුරය ට එන විට ඔහු එම ගෙම්බන්ගේ කලවා කොටස් තෙම්පරාදු කර සාදන ලද බයිට් එකක් ද මට ගෙනැවිත් දුන්නේ ය.
කතාවෙන් බොහෝ පිට පැන්න බව පෙනේ. මම මුලින් කියන්නට ලෑස්ති උනේ දකුණු ඉන්දියාවේ කුඩා වරාය වල නැව් ගොඩබෑම් කටයුතු කොතරම් අකාර්යක්ෂම ද යන බවය. එක් කපිතාන්වරයෙකු මට කිව් කතාව එයට හොඳ උදාහරණයකි.
එම වරායට නැවක් පැමිණි පසු වරායේ කම්කරුවන් ගේ වෘත්තීය සමිතියෙ සභාපති වරයා කිහිප දෙනෙකු සමග නැව නැවේ බඩු ගොඩ ගෑමට පටන් ගැනීමට පෙර නැව වෙතට පැමිණෙයි. ඉන්පසු ආගිය කතා අවසන් කර ෞකාවේ බාන්නට තිබෙන බඩු ප්‍රමාණය යනාදිය සාකච්ඡා කර එම භාණ්ඩ යම් දින ගණනක් ඇතුළත බා දීමට යම් මුදලක් සාකච්ඡා කරයි. එකලද එම මුදල ලක්ෂ ගණනක් බව කපිතාන්වරයා මට කීවේය. එම මුදල සහ දින ගණන පිළිබඳව දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණෙන තුරු එම නෞකාවේ භාණ්ඩ බෑම පටන් ගන්නේ නැත.
මෙවැනි තත්වයක් යටතේ නෞකා භාණ්ඩ රැගෙන එකල ඉන්දියාවේ වරායවලට යාමට දැඩි අකමැත්තක් දැක්වීම පුදුමයට කාරණයක් නොවේ. මේ කාලය වන විට අපේ වාසනාවට ලලිත් ඇතුලත් මුදලි ඇමැතිවරයා කොළඹ වරාය බොහෝ නවීකරණයකට පත්කර තාක්ෂණයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් කලාපයේ ඉහළම වරායක් බවට පත් කළේය. මේ නිසා කොළඹ වරාය කලාපයේ කාර්යක්ෂමතාවය සහ පහසුව සොයා යන අන්තර්ජාතික ලොකු නැව් වලට ඉතාමත් ආකර්ෂණීය වරායක් බවට පත් විය. .........
තව කොටස් කිහිපයක් දවසක් ඇර දවසක් වාගේ ලියන්නට සිදු වන බව පෙනේ
ඔය කියන ලක්ෂ ගණනක මුදල වරාය ගාස්තු ද එසේ නොමැති නම් සන්තෝසමක් ද
ReplyDeleteසන්තෝසමක්
DeleteLakshman you are always my favorite writer. I used to follow all ofyoir stories which are very valuable to future generation. Obata Budu Saranai!
ReplyDeleteThankyou Upananda
Delete