Tuesday, October 3, 2023

Remote control key

 වසරකට පමණ පෙර ඥාතියෙකුගේ දාන ගෙදරකට ගොස් සිටියදී මගේ අතින් වාහනයේ රිමෝට් යතුර බිමට වැටී පෑගූනී.


ebay එකෙන් ෂෙල් එකක් ගෙන්නාගෙන පරණ යතුරේ මදය රුපියල් දෙදහක් ගෙවා කටුගස්තොට තැනකින් එයට දමා ගත්තෙමි. ෂෙල් එකටත් රුපියල් හාරදාහක් පමණ වැය විය.


මාස තුනකට පමණ පසුව යතුරේ අන්ලොක් ෆීචර් එක වැඩ කරන්නේ නැතුව ගියේය.


කටුගස්තොට තැනින් ඇසූ පසු අලුත් ෂෙල් එකක් දමන්නට සිදු වන බව දැනගන්නට ලැබුණි. මේ පිළිබඳව සොයා බැලූ පසු කොළඹ පෙට්කො ආයතනය වෙතින් මෙය කරගත හැකි බව පෙනුණි. මම ඔවුන්ට දුරකථනය දුන්විට ඔවුන් කියා සිටියේ අලුත් ෂෙල් එකක් රුපියල් අටදාහක් පමණ වන බව ය.

කොළඹ දී කරගතයුතු වැඩ දෙක තුනක් එකතු වෙනකන් සිට කොළඹ ගිය පසු පෙට්කො ආයතනය වෙත ගියෙමි.


ඉඩ එතරම් නොමැති නිසා, පාර අයිනේ කාරය නවත්වා ආයතනය ඇතුලට ගියෙමි. දෙවන තට්ටුවට ගිය පසු එහි සිටි යුවතියක් තාක්ෂණික නිලධාරියෙකු හා මා සම්බන්ධ කළේය. ඔහු පැමිණි පසු මා කාරණය ඔහුට කිව්වෙමි. ඒ වන විටත් මා හඳුනාගත් ෂෝ කේස් එකේ තිබූ යතුරු කොපුව කුත් ඔහුට පෙන්වා දුන්නෙමි.


මම පොඩ්ඩක් උඩට ගිහිල්ලා යතුර ටෙස්ට් කරගෙන එන්ඩද, සමහරවිට කවරයක් නොදාම වැඩේ කරගන්න පුලුවන් වෙයි, කී ඔහු මා එතන ඉන්දවා තබා උඩතට්ටුවට ගියේය.


විනාඩි 10 කින් පමණ පහළට පැමිණි ඔහු යතුරේ කුඩා springs දෙකක් අඩුවෙන් තිබුණු නිසා හොඳින් වැඩ නොකළ බවත් ඔව් ඒ springs යෙදූ බවත් දැන් යතුර හොඳින් වැඩ කරන බවත් කියා සිටියේය.


වාහනය ළඟට ගොස් අප පරික්ෂා කළ අතර යතුර ඉතා හොඳින් වැඩ කරන බව පෙනුණි. මම ඔහුගෙන් ගාස්තුව විමසූ අතර, ඔහු බිලක් ගෙන ගාස්තුව රුපියල් 500ක් යයි ලියා දුන්නේය. 


කාලයකට පසු යම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා හිතූ මිලට ඉතාමත් අඩුවෙන් කරගන්නට ලැබුණු සතුටින් ඉහවහා ගිය මම තරුණයාට බොහෝ ස්තුති කර එතනින් පිටත් වුනෙමි.






2 comments:

  1. ඉතා ම දුර්ලභ අත්දැකීමක්...

    ReplyDelete
  2. එවන් අය කළාතුරකින් හමුවේ!

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...