Friday, July 26, 2024

 Dear Chairman 


Yesterday I saw in the news that your commission spend hundreds of millions of Rupees for printing of ballot papers. 
I am writing this mail to make a suggestion which will help cut down the ballot paper printing, cost drastically. 
It is proposed to have two ballot paper for each polling station, one with officials and other exhibited in the polling booth.
The ballot paper itself can be a small card with only two lines and columns in it. 
The voter can take the number of the candidate from the list exhibited and fill his ballot paper, first and  second preference in his card.
Some might say that this is bit complicated for the voters. But I would tell them, should such a person, who cannot even select two numbers from a list be allowed to select a government or a ruler who  would manage 100 billion dollar economy?

Rear Admiral Lakshman illangakoon RTD

Wednesday, July 24, 2024

අනතුරුදායක ගසකින් ඇති ප්‍රයෝජන

 උකුවෙල ප්‍රදේශයේ පදිංචි කෙනෙකු මේ දවස් වල අපේ ගෙදර පොඩි වැඩක් කරයි. ඔහුත් සමග කතා කරමින් සිටියදී ලස්සන කතාවක් අහන්න ලැබුණී.


ඔහුගේ ගෙවත්ත කෙළවර වන්නේ අසල තිබෙන වතුයායක කෙළවරකටය. බොහෝ වතු ඉඩම් මෙන් මෙම ඉඩම ද කිසිම ප්‍රයෝජනයකට නොගෙන තිබේ. ඇත්තෙන්ම ලංකාවේ ලොකුම නාස්තියක් ඇත්තේ  සමාගම්වලට අයත් කිසිම ප්‍රයෝජනයක් නොගෙන පැත්තකට දමා තිබෙන ඉඩම් බව මමත් සිතමි.


ඔහු මෙම ඉඩම සුද්දකර කෙහෙල් වවන්නට පටන් ගෙන ඇත. ටික දවසකින් පැමිණි වත්තේ කණ්ඩායමක් ඒ කෙහෙල් පැල ටික ගලවා ඉඩමේ කෙළවරක ගොඩ කර ා වත්තේ ඉඩම්වල එලෙස වගා කටයුතු නොකරන ලෙසට මොහුට දැනුම් දී ඇත. 

මෙලෙස ටික කාලයක් ගතවන විට ඒ ඉඩමේ කෙළවර තිබෙන විශාල අට්ටික්කා ගසක් මොහුගේ නිවසට කඩා වැටෙන තත්ත්වයට දුර්වල වී තිබෙනු දැක ඔහු වත්තේ ප්‍රධානියාට, මේ පිළිබඳව දන්වා ගහ කඩා වැටුණොත් නිවසට ලොකු අලාභ හානියක් විය හැකි නිසා ඒ ගස කපා ඉවත් කරන ලෙස ලිපියකින් ඉල්ලා සිට ඇත.


ටික දිනකින් වත්තේ ප්‍රධානියාගේ අත්සනින් යුක්තව ඔහුට ලිපියක් ලැබුණි. එහි කියා තිබුණේ ඉඩම් රජයට අයිති වන අතර  වත්තට අයිති නොවන නිසා මෙහි වගකීම වත්තට භාර ගත නොහැකි බවයි. 


මින්පසු නැවත වරක් එම ඉඩම සුද්දකර, ඔහු කෙහෙල් වගාවක් පටන්ගෙන ඇත. 


වත්තේ කිහිපදෙනෙකු ටික දවසකින් පැමිණ එසේ කෙහෙල් වගා නොකරන ලෙසට ඔහුට නැවතත් දැනුම් දී ඇත. වත්තෙන් ඔහුට පැමිණි ලියුම පෙන්වා දුන් ඉඩම වත්තට අයිති නොවන හෙයින් ඔහු මෙලෙස කෙසෙල් වගා කරන බවටත් එයට වතු සමාගමේ යම් විරුද්ධත්වයක් තිබේ නම් උසාවියට ගොස් විසඳා ගන්නා ලෙසත් කියා ඇත. 


දැන් ඔහු අවුරුදු කිහිපයක් එම ඉඩමෙන් කෙහෙල් ඵලදාවක් ලබා ගන්නා අතර  කවුරුත් කරදර කරන්නේද නැති බව ඔහු සිනාසෙමින් කීවේය.


නිවස මතට කඩා වැටෙන්නට මෙන් තිබෙන අට්ටික්කා ගස් වලිනුත් ලොකු ප්‍රයෝජන තිබෙන බව පෙනේ.

Monday, July 22, 2024

6 සරදියෙල් 6 බාවා

 

හැන්දෑවේ බාවට හිස් පෙට්ටියත් ඇරගෙන යන්ට ඉඩ දුන්න, අපි එකතු වෙලා රා කලේකුත් අරන් ඇවිල්ල බීල බුරු ගැහුවා. මමයි සරදියෙලුයි අතේ තිබ්බ සල්ලි ඔක්කොම පැරදුනා. සරදියෙල් කොළඹ යන ගැලක නැගලා කොළඹ යනවා කියල රෑ වෙලා නුවර පාරට ගියා. මාවනැල්ලේ පොලිසියෙන් ඇවිල්ල සරදියෙල් හැමතැනම හෙව්වා, හැබැයි ඌ නැතිවුණ එකෙන් අපි ටික බේරුනා. අපිත් නිකං සරදියෙල් තමයි ඔක්කොම කෙරුවේ විදිහට හිටිය. බාවත් වැඩිය උනන්දුවකින් පොලිසියට විස්තර ඇතුව, පලහිලව්ව ගැන කියන්ට ගියේ නෑ, මොකද මිනිහත් ආපහු මේ ගම්කරේම වෙළඳාම කරන්ට එන්ට වෙනවනේ.

පොලිසියෙන් කොහොමහරි හොයා ගන්නවා කියල අපටත් සත්තමක් දාල ආපහු ගියා.

සරදියෙල් කන්දේ හැංගිලා ඉදල පහුවෙනිදා ආපහු ආවා. මේ සිද්ධියෙන් පස්සේ අපි ආපහු අපේ පරණ ජීවිතේට වැටුන, හැබැයි අලුත් පණක් එක්ක. සරදියෙල් කොළොඹදී ආශ්‍රය කරපු සුද්දන් ගෙන් ඉංග්‍රීසි ඩිංගක් කතා කරන්ටත් ඉගෙන ගෙන තිබ්බ, බුරු ගහන එකට අමතරෙන් කුට්ටමෙන් තව සෙල්ලම් තුනක් ඉගෙන ගෙන ඇවිල්ල තිබ්බ. මේ ඔක්කොටොම වඩා වටිනා ඉගෙන ගැනිල්ල ආයුධ පන්නේ. සරදියෙල් ඕනෑ තුවක්කුවක් කෑල්ලෙන් කෑල්ල ගලවල හයි කරන තරමට, ආයුධ සම්බන්ධයෙන් කෙලපැමිණ තමයි කොළඹින් ආපහු ඇවිල්ල තිබුනේ.

“මම මස්සිනා, බැරැක්කේ හිටපු ඔපිසර මහත්තුරුන්ගේ ආයුධ ඔක්කොම හැන්දෑවට ගලවල සුද්ද කරනවා, උන්නැහේල බොහොම සතුටුයි ඒකට. මට කීයක් හරි දෙනවා හිතුනහම. උන් දැනගෙන හිටියේ නෑ, මං මේ පුහුණු වෙනවා කියල උන්ගේම දේපල කොල්ල කන්ට” සරදියෙල් ඩිංගක් බි ගත්තහම කීප වතාවක්ම කිව්වා මට මතකයි.

දවස් තුන හතරක් ගියාට පස්සේ දවසක් සරදියෙල් පාන්දර ජාමෙට ඇවිල්ල, අපේ ගෙදර දොරට ගහනවා හවඩියත් එක්ක.

අපි පන්සලට ගිහිල්ල රම්බරනාට කියල, කෝපි ඩිංගකුත් හදාගෙන බිල කතාවට වැටුන. අපි ඉස්සරහට වැඩ කරන්නේ කොහොමද කියල ‘ප්ලෑනක්’ ගැහුවා. ඔය වචනෙත් සරදියෙල්ම තමයි උතුවනට ගෙනාවේ. 





Saturday, July 13, 2024

5 උතුවන් කන්දේ සරදියෙල් 5

 From episode 4

අල්ලා ගත්තට පස්සේ පොලිසියෙන් හොඳටම ගැහුවා. අත්දෙක පිටිපස්සට තියලා ගැට ගහලා පාරදිගේ හෙළුවෙන් අරන් ගියේ. දවස් කිහිපයකට පස්සේ සරදියෙල් ආපහු ගමට ආවා, බොහොම අහිංසක වෙලා. ගමේ මිනිස්සු කිව්වා “ඕන් සරදියෙලාට මේ පාර පොලිසියේ සබ්බුව හම්බුවෙලා, ඕක තමයි කියන්නේ කෙහෙල් ගහට කොටපු දවසට, කොට්ටෝරුවා මට්ටු වෙනවා කියල”.

ඒ වුනාට ගමේ මිනිස්සු හිතපු විදිහට සරදියෙල් හැදුනේ නෑ. සුමානයක් වත් අහිංසක විදිහට ඉන්ට බැරිවුනා. මිනිහ කලින් විදිහටම වැඩ පටන් ගත්ත.

අපි කිහිප දෙනෙක් සරදියෙල් එක්ක එකතුවෙලා, ඉස්කෝලේ නොයා රා, හැලි අරක්කු බොන්නයි බූරුවා ගහන්නයි පටන් ගත්තා. මේවට සල්ලි ඕන නිසා අන්තිමට හොරකමටත් ඇබ්බැහි උනා. මෙහෙම අපි බූරු ගැහිල්ල ජයටම කරගෙන යනකොට, අපේ අතේ සල්ලි ටිකක් ගැවසෙන්න පටන් ගත්තා. බූරු පිටිය තිබ්බේ උතුවම කන්දේ ගල ළඟ, තෝන් එකතු කරේ හවඩියා.

දවසක් හැන්දෑ කොරේ අපේ ගේ පිළිකන්නෙන් සරදියෙල්ගේ සිවුරම ඇහුන. මට සරදියෙල් ගේ සිවුරම කොහේ හිටියත් අදුරගන්ට පුළුවන්. මම ගැට ගහමින් හිටිය වැට ලී මිටිය කෝපි ගහට හේත්තු කොරලා ගියා ගේ පිටිපස්සට.

අපි දෙන්න උතුවන ගලට නැගල හුඟ වේලා කතා කොරමින් හිටියා. සරදියෙල් මට කිව්වා දැන් මිනිහට ගමේ ඉඳල ඇතිවෙලා තියෙන්නේ, උතුවන කොස්තාපල් බබා සාරා උන්නැහේ  කොළඹ හමුදාවේ ජා මහත්තයෙක් ගාව රස්සාවක් හොයල දුන්න, මම කොළඹ යනවා කියල. පහුවෙනිදා සරදියෙල් කොළඹට යන්න පිටත් වුනා.

මිනිහ ගියත් හරි අපේ ජීවිතත් බොහොම අල්මැරිච්ච ගානට වැටුන. අපි පරණ ජීවිතේම ගතකරාට බොහොම හෙමින්, සැර බාලවෙලා  තමයි වැඩ කෙරුනේ.

මාස 10 කට පස්සේ දවසක හවස අපි හතර දෙනෙක් පිටියේ ගලට වෙලා බුරුවා ගහනකොට, අපේ එකෙක් දැක්ක පොඩි මල්ල්ලකුත් කිහිල්ලේ ගහගෙන සරදියෙල් ගෙවල් මණ්ඩිය පැත්තට එනව. අපේ ඔක්කොම තව ඩිංගක් ගල මුදුනට නැඟල බැලුවහම සරදියෙල්ම තමයි. කොළඹ පන්නෙට සුදු සරමයි කමිසෙයි ඇඳල, කළු පාට පළල හම පටියකුත් බැඳල, ඇවිද්දෙත් කොළඹ විදිහට, අපි බොහොම ආසාවෙන් බලාහිටියේ, නැතිවෙච්ච සහෝදරයෙක් එන දිහා බලාගෙන ඉන්න විදිහට.

ආපු ගමන්ම සරදියෙල් කරේ එල්ලගෙන හිටපු කාකි රෙදි මල්ල ගල උඩ තියල ඒක දිග ඇරිය. අප්පට හුඩු! කෑලි ගලවපු තුවක්කු දෙකයි. ඒ දෙකම එන්ෆිල්ඩ් වර්ගයේ ඉංග්‍රීසි හමුදාව පාවිච්චි කරන ආයුධ කියල සරදියෙල් කිව්වා.

“සිරිමලා, මම මාවනැල්ලේදී දැක්කා තොරොම්බල් බාවා මහනුවර පැත්තේ ඉඳල මාවනැල්ලට එනවා, තව දෙදොහකින් විතර ඌ මේ පැත්තට එයි. මේ සැරේ ආවහම අල්ලාගෙන, ඌ ළඟ තියෙන සබ්බ සරුපෙම උදුරාගන්ට ඕනෑ” ආ ගිය කතා බහින් පස්සේ සරදියෙල් මට කිව්ව විදිහට මට තේරුණා, ආයේ ඒකට සරදියෙල් උත්තරයක් බලාපොරොත්තු වුනේ නෑ කියලා.

අපේ රංචුවේ හිටපු බාලම එකා තමයි සුවඳ, ඌට ඒ හින්දම අපේ බැලුම් ගලේ ඉඳල බාවා මුදලාලි ගමට එන්ට ඉස්සර පණිවුඩේ අපට කියන්ට බාරවුනා, හරියටම සරදියෙල් කිව්වා වගේම දවස් දෙකකින් සුවඳ දුවගෙන ඇවිල්ලා, සරදියෙල්ට කිව්ව බාවා මුදලාලි කරත්ත පාර දිගේ එනවා කියලා. අපි හය දෙනාම දිව්වා කැලේ ඇතුලෙන් මිනිහ එනවා දුටුවා කියපු තැනට, අපි දොළ ලඟදි මිනිහව අල්ල ගත්තා.

අවුරුදු 45 ක් විතර වයස තිබ්බට, ඌ අපි හිතපු තරම් නොන්ජලක් නෙවෙයි, ලඟට යනකොටම ඌට තේරුනා අපි එන්නේ හොඳකට නෙවෙයි කියලා. වම උරේ දාගෙන හිටපු කුඩේ අතට ඇරන් පතබෑවා සරදියෙල් ගේ ඔලුවටම. සරදියෙල්ගේ නළල දිගේ ලේ ගලන්ට පටන් ගත්තා. අපි මේක හොරකමකට පටන් ගත්තට, මේ වෙච්චි වැඩෙන් පස්සේ ඒක සම්පුර්ණයෙන්ම වෙන පැත්තකට ගියා. අපි වටකරලා බාවා අල්ලලා වැලක් කපාගෙන ගහකට තියලා ගැට ගැහුවා. උගේ පෙට්ටියේම තිබ්බ බ්ලේඩ් තලයක් අරගෙන බාවා ගේ උඩු රැවුල බාගයක් කැපුවා. ඊටපස්සේ ඌ ලිහලා අත් දෙක වැලකින් ගැටගහලා ගමට අරන් ගියා. තොරොම්බල් පෙට්ටිය අරං ගිහිල්ලා ගමේ හැම එකාටම බෙදුවා, සල්ලි ටික අපි ගත්තා, බාවාට කිව්වා මෙච්චර කාලයක් වැඩි ගානට බඩු වික්කට ගමේ මිනිස්සුන් ගෙන් සමාව ගන්න කියලා. ඌත් අපි කියන්ටත් ඉස්සර දනගහලම සමාව ගත්ත.

හැන්දෑවේ බාවට හිස් පෙට්ටියත් ඇරගෙන යන්ට ඉඩ දුන්න, 

Thursday, July 11, 2024

රිලව් එලවීම

 දැන් මාතලේ උකුවෙල පැත්තේ, පදිංචිව සිටින අපේ ගමේ කෙනෙකු  අවුරුදු තිහකට පමණ පසුව අප නිවසට පැමිණියේය. 

ගොවිතැන් ගැන කතා කරමින් සිටියදී ඔහු මම කවදාවත් අසා නැති යමක් කීවේය. 

අපේ පොල් ගස්වල හොඳින් ගෙඩි තිබෙනවා දැක මේ පැත්තට ම රිලව් වෙන්නේ නැද්දයි ඔහු ඇසුවේය.

අපට රිලවුන්ගෙන් කරදරයක් නොමැති බවත් ඉඳ හිට හෝ එකෙක් දෙන්නෙක් පැමිණියත් එයා රයිෆල් එක දික් කල විට, පැන දුවන බවත් නැවත බොහෝ කාලයකට මේ පැත්තට නොඑන බවත් මම කීවෙමි.  ඔහුගේ ඇස් සතුටින් දිලිසින.

ඔහුගේ ගෙවත්තේ, පොල් ගස්වල  පොඩි ගෙඩියක්වත් ඉතිරි නොකරන අතර, පනහක් හැටක  ලොකු රංචුවක් පැමිණ ෙන්නේ වත්තේ තිබෙන සෑම භෝගයක්ම පාහේ විනාශ කර දමන බව ඉතා කණගාටුවෙන් පැවසීය. 

කොස් දෙල් පොල් පමණක් නොව බඩ ඉරිඟු එළවළු වැනි කෙටි කාලීන බෝග සියල්ල ද විනාශ කර දමන බව දැනගන්නට ලැබුණි. 


ඔහු මගෙන් එයා රයිෆල් එක බලන්නට අවශ්‍ය බව කී නිසා මම එය ගෙනැවිත් ඔහුට පෙන්නුවෙමි. ඔහු එහි මිල කීයක් පමණ වනවා දැයි ඇසීය. 


රුපියල් 50000 ක් පමණ වන බව කී විට ඔහු ට එතරම් මුදලක් වියදම් කළ නොහැකි බවත් මෙවැනි එකක් පිටතින් පෙනෙන්නට ලී වලින් සාදා ගන්නා බවත් පවසා එය හොඳින් පරීක්ෂා කර බැලීය. ඔහු පෙදරේරු වැඩ කරන්නෙකු නිසාත් යම් අතේ වැඩ පිළිබඳව හැකියාවක් තිබෙන නිසා මෙවැන්නක් සාදාගන්නා බවට සැකයක් නැත. 


නමුත් මෙය ඉතාමත් කණගාටුදායක යා තත්ත්වයකි. තමන්ට තමන්ගේ ගෙවත්තේ යමක් වවා ගන්නට බැරි තත්ත්වයක් මෙවැනි සතුන්ගෙන් සිදුවී තිබීමත් මෙම තත්ත්වය  මඟ හැර ගැනීමට කිසියම් දෙයක් නොකර සිටින  රාජ්‍ය යන්ත්‍රණයක් තිබීම පුදුම සහගතය. 

ඔවුන් දැනට  එම රිලවුන්ගෙන් ගෙවත්ත ආරක්ෂා කර ගැනීමට කුමක් කරන්නේදැයි මම  ඔහුගෙන් විමසුවෙමි.


ඔහු මම කවදාවත් අසා නැති පුදුම උපදවන ්‍රමයක් පැහැදිලි කළේය. 

ඔවුන් ලොකු ග්‍රීස් තලියක් පරණ පේන්ට් ටින් එකකට දමා එය කළුතෙලින් පුරවා වහලේ උඩ තබති. රිලව් මෙය දුටු විට ඒ අසලට පැමිණ  ඒ කළු තෙල් සහ ග්‍රීස් තමන්ගේ ඇඟේ ගාගනිති.  මෙය තරමක් පිළිගැනීමට අපහසු ක්‍රියාවක් වුවද රිලවුන්ගේ බොහෝ කුතුහලයක් තිබෙන බව නම් මම කලිනුත් දැක ඇත.


මෙලෙස ග්‍රීස් ගාගන්නා විට ඒවා අත්ලේද තැවරී, ඉන්පසු රිලවා ගසක් උඩට යන විට හරියට අත්තක් අල්ලා ගැනීමට බැරිව  ඔහු බිමට කඩා වැටෙයි. මෙලෙස රිලවෙක් ගහෙන් බිමට කඩා වැටුණු විට රිලව් රංචුවේ අනික් රිලව්ද වැටුණු සගයා අසළට එක්ව මහත් කරදරයක් ඇති වූ කලෙක මෙන්  ලොකු කලබගෑනියක් වේටර් ඇතිකර ගනිති. 


මෙවැනි සිද්ධියක් ඇති වූ විටෙක මාස කිහිපයක් රිලව් කරදරයෙන් ඒ ගෙවත්ත න්න බේරී තිබෙන බව ඔහු පැවසීය. 


මෙය මම මීට පෙර අසා නොතිබුණු ක්‍රමයක් නිසා නිකමට ලියා තබන්නට සිත් විය.


Wednesday, July 3, 2024

4 උතුවන්කන්දේ සරදියෙල් 4

 

සිරිමලා ගේ පාපොච්චාරණය

 

මමයි සරදියෙලයි ඉගෙනගත්තේ එකම පන්තියේ ඉලුක්ගොඩ පන්සලේ. පන්සලේ ඉස්කෝලෙට ගියේ අපේ ගම්පැත්තේ රජයේ පාසලක් තිබ්බේ නැති හන්ද. පන්සලේ ඉස්කෝලේ එක පන්තියේ වයස අවුරුදු හතර පහ  වෙනස තියෙන ළමයි හිටිය. මොකද ළමයි පන්සලේ ඉස්කෝලෙට බාර ගත්තේ වයසේ විදිහට නෙවෙයි, දෙමව්පියන්  ගෙනා විදිහට.

මම සරදියෙල්ට වැඩිය අවුරුදු ගානක් බාල උනාට, අපේ අම්මා මාව ස්කෝලෙට බාරදෙන අවුරුද්දෙමයි සරදියෙල් වත් පන්සලේ ඉස්කෝලෙට ඇවිල්ල තිබ්බේ. සරදියෙල් හරිම මැරැටියා, ආපු දවසෙම කොල්ලොත් එක්ක ගහගෙන හාමුදුරුවන් ගෙන් ගුටි කෑවා. කිසිම බයක් නැහැ, ඕනෑ එකකට ඉස්සරහට පැනල ගහගන්ට යනවා. මේ හින්ද සරදියෙල් කොල්ලෝ රංචුවේ නායකයා වෙන්ට ලොකු කාලයක් ගියේ නැහැ. නමුත් මේ විදිහට සරදියෙල් කැපී පේනවට අකමැති කොටසකුත් පන්සලේ ඉස්කෝලේ හිටියා. විදානේ රාලහාමිගේ අයියගේ පුතා එකෙක්. ඌ ටිකක් ඇඟ පතෙනුත් අපිට ලොකුයි. හාමුදුරුවොත් ඉතින් පෝසත් හින්ද ඌ කියන දෙයක් අහනවා.

සරදියෙල් අපිට වඩා වේගෙන් අකුරුත් ඉගෙන ගත්ත. සමහරවිට අපිට වැඩිය මෝරලා හිටපු හින්දද දන්නේ නැහැ, ඉක්මනටම පාඩමුත් අල්ල ගත්තා. පන්තියේ හැම ළමයෙක්ම වාගේ මිනිහත් එක්ක රංචු ගැහෙන්ට ලොකු ආශාවක් තිබ්බා. මට මෙතෙන්දි පොඩි වාසියක් වුනා , සරදියෙල් ගෙදර, අපේ ගෙදරට බොහොම ලඟින් තිබුන එක. ඒ හේතුව හින්දම ඕන වැඩකට යනකොට මිනිහා මාව තමයි මුලින්ම හොයන්නේ. මමත් මේක ගැන ලොකු ආඩම්බරයකින් හිටියේ.

සරදියෙල්ට කොහොමටත් පාසල් යන්ට හම්බවුනේ අවුරුදු කිහිපයක් විතරයි. දවසක් ඉස්කෝලෙදි විදානේ රාලහාමිගේ අයියගේ පුතා සරදියෙල්ට මොනවහරි කියල සරදියෙල් මිනිහට ගහන්ට ගියා. මේ ගුටිකෙලිය බොහොම කාලෙක ඉඳල හැමදෙනාම බලාපොරොත්තුවෙන් හිටපු එකක්. දෙන්න කැමති වුනා ඉස්කෝලෙන් පස්සේ තනි තනියම ගහගන්ට. ඌ ඇගෙන් ගොඩක් ලොකු හින්ද මයේ හිතේ ඌ හිතුව ඌට ලෙහෙසියෙන්ම සරදියෙල්ව පරද්දන්ට පුළුවන් කියල.

පන්සලේ ගල් පඩි පෙලෙන් පල්ලහ පොඩි කමතක් තිබ්බ. පන්සලේ කුඹුරේ විතරක් නෙවෙයි පන්සලට කිට්ටුව හුඟක් කුඹුරු වල ගොයම් පාගැව්වේ ඒ කමතේ.එතන තමයි පොරපිටිය. ඉස්කෝලේ ඇරුන ගමන් අපි ඔක්කොම එතෙන්ට ගියා. දෙන්න කමතේ මැද හිටගෙන පොරකන්ට යන කොටි දෙන්නෙක් වගේ අනික් එකාගේ මුණ දිහා බලාන හිටිය. අපි පන්තියේ ඔක්කොම වටේට වෙල මේක දිහා බලාන හිටිය.

එක පාරටම පොඩි අප්පුහාමි පැනල සරදියෙල් බදාගත්තා. ටිකක් වේලා ගියා සරදියෙල්ට මොකුත් කරගන්ට බෑ වගේ පෙනුන. අපි හිතුව පුදන කොටම කෙලපි යකා කියල. පොඩි අප්පුහාමි වම අත බුරුල් කොරල ඒකෙන් සරදියෙල්ගේ බඩට ගහන්ට පටන්ගත්ත. මං හිතන්නේ ඌ වමත් කාරයා. එක පාරටම සරදියෙල් පොඩි අප්පුහාමිව ඉනෙන් අල්ලාගෙන පොලවට වැටුන, අල්ලාගෙන හිටපු අත බුරුල් කරගෙන. එහෙමම බිම ඉඳල පොඩි අප්පුහාමිගේ කකුල් දෙක තදකරගෙන, ඔලුවෙන් තල්ලු කෙරුව මිනිහ පිටිපස්සට. මිනිහට පොලවේ අඩිය පැටලුනා. කෙහෙල් කඳ කැපුවා වගේ පිටිපස්සට වැටුන. සරදියෙල් උගේ ඇඟ දිගේ බඩ ගාගෙන ගිහිල්ල, පොඩි අප්පුහාමිගේ ඔලුව අත් දෙකෙන්ම අල්ලා ගත්ත. පපුව උඩ ඉඳගෙන ඔලුව බිම ඇනගෙන ඇනගෙන ගියා. පොඩි අප්පුහාමි “බුදු අම්මෝ මිනී මරනවෝ” කියල කෑ ගහල, අතක් බිම ගහල සිහි නැති වුනා.

ඒ සද්දෙට හාමුදුරුවෝ දුවගෙන ආවා. ඇවිල්ල ඔලුව උස්සල බලනකොට පොඩි අප්පුහාමි ඔලුව බිම ගහපු තැන පොඩි ගල් කැල්ලක් තිබිල ඒක ඔලුව ඇතුලටම කා වැදිලා. අපි දැනගත්ත මේක ලේසි වෙන්නේ නෑ කියල අපි දිව්වා ගෙදර.

 සරදියෙල් උතුවන්කන්ද පැත්තේ කැලේ හැංඟුණා, ඒ වුනාට විදානේගේ මිනිස්සු පොලිසියත් එක්ක එකතුවෙලා කැලේ පීරුවා. හොයාගන්න ලැබුනේ නැහැ. ඒත් දවස් දෙකකට පස්සේ බඩගිනි වෙලා කන්ට ගෙදරට එනකොට මඟදී අල්ලා ගත්ත.  


https://lakshmanillangakoon.blogspot.com/2024/07/4-4_13.html?m=1

Next episode 


https://lakshmanillangakoon.blogspot.com/2024/07/4-4_13.html?m=1


Friday, June 28, 2024

3 උතුවන්වන්කන්දේ සරදියෙල් 3

 

“මොකද වුනේ?” මම දැරිවි ගෙන් ආහුවා.

“හිකනලෙක් කෑවා”, ළමිස්සි බොහොම අමාරුවෙන් කියලා මගේ අතින් අල්ලා ගත්තා.

 මට කලින් කියන්ට බැරිවුනා මගේ අම්මයි, ආච්චි අම්මයි, දෙන්නම වෙදකම් කෙරුවා. මං හිතන්නේ අම්මගේ පැත්තෙන් අපි පරම්පරාවෙන් වෙදකම කරන්ට ඇති කියලා. මම මිදුලට ගිහින් කන්ද දිහාවට ගියා, දැකපු බෙහෙත් කොළ ටිකක් කඩාගෙන ඇවිදින් මිරිස් ගලේ අඹරලා තුවාලේ හොඳට ගාලා, පොල්කිරි ටිකකුත් මිරිකලා පෙව්වා, නිකන් අනුමානෙට වගේ.

 ඒ කාලේ කතාවට කියනවා හිකනලෙක් කෑවොත් අහසේ තරුයි මුහුදේ වැලියි ඕනෑ කොරනවා කියලා ප්‍රතිකර්මෙට, නමුත් ළමිස්සි මේ ප්‍රතිකර්මෙට සුටුස් ගාලා සුව අතට හැරුනා, ඇඳේ ඉඳගත්තා. එදා පන්සලේ උත්සවයක් තියෙන හින්ද ගමේ මිනිස්සු ඔක්කොම පන්සලට ගිය විත්තියත්, මේ ළමිස්සි හදලා තිබ්බ දැහැත් වට්ටියක් අමතක වෙලා හින්ද, මඟක් ගොහිල්ල ආපහු ගේන්ට ගෙදරට ආවහම, වට්ටිය යට හිටපු සිකනලෙක් ගෙන් මේ ඇබැද්දිය සිද්දවුන බවත් මට කිව්වා. ඕන් ඔහොමයි මට පිචෝහාමි මුලින්ම මුණගැහුනේ. එතකොට පිචෝහාමිට වයස අවුරුදු 16 යයි.

උන්දැගේ දෙමව්පියන්ගේත් කැමැත්තෙන් අපි එදා ඉඳලම පවුල් කෑවා. ඊළඟ වාරේ ඉඳල මම වෙළඳාමේ ආවහම කෙලින්ම එන්නේ උතුවනට, ඇවිල්ලා එතන ඉඳල තමයි වෙළඳාම අහවර කොරන්නේ. අපේ කසාදෙන් ළමයි 5 යි. මුලින්ම හම්බවුනේ කොල්ලෙක්. ඌ ඉපදෙන කොට මම හිටියේ හලාවත, මම ඊළඟ පාර එනකොට කොල්ලට මාස තුනක් වයසයි. මමත් බොහොම සන්තෝස වුනා හුරුබුහුටි කොල්ල දැක්කහම.

ඒ වුනාට පිචෝහාම් නම් ඒ තරම් සන්තෝසෙන් නෙවෙයි හිටියෙ. කොල්ලගේ උපන් වෙලාව හාමුදුරුවන්ගේ ලඟට ඇරන් ගියහම වේලා කොලේ හදල කියල තියෙනවා, කොල්ලට කාලසර්ප යෝගයක් තියෙනවා කියලා. කාලසර්ප යෝගයක් තියෙනවා කියන්නේ පවුලට විතරක් නෙවෙයි, ගම රටටම මහා වින්නැහියක් කොරන්ට පුළුවන් එකෙක් කියලත්, හාමුදුරුවො කියල තියෙනවා.

මම මේ කතාව මගේ යාලුවන්ට කිව්වහම, උනුත් මට නොයෙකුත් බය හිතෙන කතා කිව්වා. මට කොල්ල දකින ගානට මේක මතක් වෙනවා. මගේ ඌත් එක්ක කතා බහත් අඩුවුනා. කොල්ලත් එන්ට එන්ටම දඩබ්බර වෙන්ට ගත්තා. මගෙයි පිචෝහාමිගෙයි අතර නිතර අඬදබර ඇති වෙන්ට පටන් ගත්තා. ඒ ගෑනි සැක කොරනවා මම තව ගෑනියෙක් අරගෙන කියල හලාවතින්. මෙහෙම කාලයක් ගතවුනා, තවත් ළමයි හතර දෙනෙක් අපේ පවුලට එකතු වුනා.

මේ අතරේ කොල්ල ගමේ වැදගත් ගෙදරක කොල්ලෙකුට ගහල උගෙන් මාලයක් හොරකම් කෙරුව කියලා, පිස්කල් බාරෙට අරගෙන දවස් කීපයක් අච්චු කෙරුවා කියල මට දැනගන්ට ලැබුනා. ඒ මම අන්තිමට උතුවන ගමට ගිය වෙලේ.

මම මේ කලබගෑනි වලින් පස්සේ වෙළඳාමේ යෑමත් අඩුවුනා. මම පල්ලියේ නැවතුනා ස්වාමිට ආවතේව කාරයෙක් විදිහට.

ඊට පස්සේ මට සරදියෙල් කොලුව මුණගැහෙන්නේ 1862 අවුරුද්දේ, එතකොට ඌට වයස අවුරුදු 30 යි. මම දවසක් පල්ලියේ ඉන්න කොට හවස් වරුවක ඇවිල්ලා කිව්ව ඌව පොලිසියෙන් හොයනවය, පොලිසියෙන් හැංගෙන්ට තැනක් හොයලා දෙන්ටයි කියලා. මට සර්දියෙල් එක්ක කතාකරන කොටම තේරුනා ඌ හොඳටම හැබිචොල් කාරයෙක් වෙලා ඉන්න විත්තිය. මට උදව් කරන්ට බැරි තරම් ඔබ්බට ගිහිල්ල විත්තිය. මම ඒක ඌට කෙලින්ම කිව්වා, ඌ ආපහු ගමට යනවා කියල ගියා. මගේ අතේ තිබ්බ රුපියල් 10 ක් මන් ඌ අතට දුන්නා. ඒ මම කොල්ලව දැකපු අන්තිම දවස.

 


Tuesday, June 25, 2024

උතුවන්කන්දේ සරදියෙල් 2

මට මගේ මුල්ම වෙළඳාමට හම්බවුනේ මැරුන පේඩියා මාමාගේ වැයික්කිය, ඒ කියන්නේ මාවනැල්ල ඉඳල උතුරු පැත්තට නුවර පාර දෙපැත්තේ ගම් ටික කඩුගන්නාවේ පොළ හන්දියට යනකං. මේ හරිය වෙළඳාමට හොඳ පැත්තක් කියල අපේ වෙළෙන්දෝ ඔක්කොම වගේ කිව්වා, මගෙයි මාමාගෙයි නෑකම හින්ද, එළියෙන් නොපෙන්නුවාට, මට පටන් ගන්න කොටම හොඳම වැයික්කියක් ලැබුණු එක පිළිබඳව ඔවුන්ගේ හිතේ පොඩි කහටකුත් නැත්තේ නැති බව මට කතාවෙන් තේරුණා.

 වෙළඳාමේ යනකොට අපි පාර අයිනටම හිර වෙන්නේ නැතුව, පාරවල් හොඳ නම්, වෙළඳාම සරු නම් , හුඟක් මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා කියලා තේරෙනවා නම් ඇතුලටත් යනවා.

මාවනැල්ල සිංහල, යෝනක , මැලේ, ජාති තුනම එක වගේ ඉන්න පැත්තක්. කුළුබඩු වගාවෙන් මිනිස්සු අතේ හොඳට සල්ලි තිබුනා. ඒ අතරේ ගොන් කරත්ත දහස් ගානක් කෝපි පටවාගෙන නුවර ඉඳල කොළඹ යනවා ආපහු කරත්තෙන් බාගයක් හාල් පටවාගෙන උඩහට යනවා. ඒවාට වෙළඳාම් කරලත් පාර දෙපැත්තේ මිනිස්සු කීයක් හරි හොයා ගන්නවා.

මුල් දවසෙම මාවනැල්ලේ ටවුම හරියේදී මට හිතුවට වඩා වෙළඳාමක් සිද්ද වුනා. මම නොදැනුවත්ම ටවුමට ඇවිල්ලා තිබ්බේ උසාවි දවසේ. ගම් වලින් නඩු හබ වලට ඇවිල්ලා තිබ්බ මිනිස්සුන් ගෙන් කඩ මණ්ඩිය  පිරිලා.

මම අද්වකාත් මහත්තයෙක්ගේ කන්තෝරුවක් ළඟ ඉඳගෙන වරුවක් යනකොට රුපියල් තුනක දුම්කොලයි, තවත් රුපියලක චේන් පොටවල් හතරකුයි විකුණලා අහවර කරා. තවත් පැය දෙකක් විතර හිටියට ආයෙත් එතන වෙළඳාමක් වෙන්නේ නැතය කියලා තේරුනහම, හෙමිට නුවර පාරේ කොළඹ පැත්තට යන්ට පටන් ගත්තා. හවස් වෙනකොට ඊළඟට හැරෙන්ට තියෙන පාරෙන් උතුවන ගම පැත්තට ගියේ, ඒ පැත්තෙත් වෙළඳාමක් කරගෙන ගමේම නැවතිලා පහුවෙනිදා උදේට ආයෙ වෙළඳාමේ යන්ට.

මම කන්ද පාමුල තිබ්බ ගමට යනකොට හවස් වෙලා. ගෙවල් විස්සක් විතර එක මන්ඩියට තිබ්බ, මේ ගමේ වටේටම පොල්, කුරුඳු, සාදික්කා, එහෙම වැවිලා තිබුන හින්ද, මේ මිනිස්සුනට අතේ මිටේ කාසිපනන් ගැවසෙන බව මට තේරුනා. ගෙවල්  පොළොවෙන් අඩි දෙකක් විතර උස්සල ලොකු පිලවල් උඩ හදල තිබ්බෙ.

ඒ වුනාට එක මනුස්සයෙක් වත් පේන්ට හිටියේ නැහැ, සම්පුර්ණයෙන්ම පාලු සොහොනක් වගේ, මට පුදුම හිතුනා. සාමාන්‍යයෙන් මේවගේ ගමකට ඈතින් එනකොටම කොල්ලොකුරුට්ටන්ගේ සද්දේ ඇහෙන්ට පටන් ගන්නවා, කොල්ලෝ කුරුට්ටෝ එහෙ මෙහෙ දුවනවා, මමත් ටිකක් කල්පනාවෙන් ගෙවල් මණ්ඩිය ඇතුලට ඇවිදගෙන යනකොට, යාන්තම් එක මනුස්සයෙක් එළියේ පිලක් උඩ හාන්සිවෙලා ඉන්නවා දැකල එතෙන්ට ගියා. එතෙන්ට ගිහාම දුටුව දෙයින් මම තවත් පුදුම වුනා. මොකද එතන පිලේ හාන්සි වෙලා හිටියේ සුදු හැට්ටයක් ඇඳ ගත්ත නාඹර වයසේ ගෑනු ලමිස්සියක්. මට කිට්ටු වෙන්ටත් මොකක්දෝ වගේ, ගෑනු ළමයාගේ චිත්තෙත් දනිහ ගාවට විතර ඉස්සිලයි තිබුනේ.

ළමිස්සිට සිහිය නැති වෙලාද, එහෙම නැත්නම් ඊටත් වඩා භයානක දෙයක් වෙලාද කියලා මට හිතාගන්නට බැරිවුණා. මම උගුර පැදුවා , “ගෙදර කවුද.......” කියලා හයියෙන් කෑගැහුවා. වැඩක් වුනේ නැ, කවුරුත් ආවේ නැහැ. මම ලඟට ගිහිල්ලා බලපුවහම ළමයට පන තියෙන බව තේරුණා, මම ඊට පස්සේ හිතට දිරිය වඩාගෙන අතක් අල්ලලා බැලුවා. ඒ තමයි මම මගේ ජීවිතේටම ලමිස්සියක් ගේ අතින් අල්ලපු දවස.

මේ ළමිස්සි නැගිටින්නේ නැති හින්ද තව ඩිංගක් පිලේ එහෙම හිටියොත් බිමට වැටෙන්ටත් පුළුවන් හින්ද, මම උන්දෑ අත් දෙකින් උස්සගෙන ගේ ඇතුලට අරන් ගිහින් ඉස්තෝප්පුවේ තිබ්බ ලී ඇඳක් උඩින් තියලා, ළමිස්සි දිහා බලාගෙන කල්පනා කෙරුවා, දැන් මොකද කරන්නේ කියලා. ඒ තමයි මම ලමිස්සියක් එක්ක තනි පංගලමේ ගතකරපු පලවෙනි දවස. මට හිස්බඩ යාපනේ දුම්කොළ දෙකක් කෑවා වගේ ඇඟ ඇතුලෙන් අමුතු තෙරපිල්ලක් දැනුනා කිව්වොත් ආයේ එක බොරුවක් එහෙම නොවෙයි.

මම ඇඳ උඩින් ඉඳගෙන එයාගේ චීත්තේ පහලට දාලා හදන්ට යනකොට මම දැක්කා, එයාගේ වම් කකුලේ නාලීය උඩ රතුපාට වෙච්ච සතෙක් හැපුව ලකුණක් තියෙනවා. මුණ පාත් කරලා ඒ ලකුණ දිහා හොඳින් බලනකොට ළමිස්සි කෙඳිරි ගෑවා. 


Sunday, June 23, 2024

උතුවන් කන්දේ සරදියෙල්. 1

 

අදිසි අප්පුගේ කතාව

 

නම අදිසි අප්පු :- වයස අවුරුදු 57 යි. උපන්ගම හාල්දඬුව. දන්කොටුව හලාවත, ආගම කතෝලික, රැකියාව හලාවත මිසමේ ආවතේව කරු,

මහේ පියා යාපනයේ දුම්කොළ ගොවියෙක්. ලන්දේසි කාලයේ පල්ලියෙන් ලබාදුන් ඉඩම්වල තමයි, අපේ සීයාගේ කාලේ ඉඳල දුම්කොළ ගොවිතැන් කර තිබෙන්නේ. සීයාගේ මරණයෙන් පස්සේ, පියා සූදුවට පුරුදු වෙලා ඉඩම් උකස් තබා දේපල නැතිකරගෙන, ගෙදරයි වත්තයි උකසකට සින්න වෙලා තියෙනවා. ඉන්පස්සේ පියා; ඔහු පැවත ආවේ ලන්දේසි කාලයේ  දුම්කොල වවන්ට ඉන්දියාවෙන් අරන් ආපු වෙල්ලාල මිනිස්සුන්ගෙන් කියනවා මට ඇහිලා තියෙනවා, යාපනයේ තමන්ගේ මිනිස්සුන් අතර හිඟන්නෙක් වගේ ඉන්ට  ලැජ්ජාවෙන් හලාවත අම්මගේ ගමට ඇවිල්ල මෙහෙ පදිංචි වෙලා තියෙනවා, මෙහෙ අලුතෙන් දුම්කොළ ගොවිතැන හරි, එහෙම නැත්නම් වෙළඳාමක් හරි පටන් ගන්න කියලා. අම්මගේ මල්ලිත් ඒ වෙනකොට උපන් ගමේම සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙලයි හිටියේ.

හලාවතදී අපේ නංගි ඉපදීල දවස් තුනකින් අම්ම මැරුණා. පියා නිතර  ට්‍රැවන්කොර් කියන නගරෙට මෙහෙන් දුම්කොළ ගෙනියන්න ලංකාවට ආපු ඉන්දියානු වෙළෙන්දෙක් එක්ක එකතු වෙලා ඔහුට උදව් කරගෙන, කාලයක් ඔහුගේ ව්‍යාපාර වැඩ වලට උදව් කළා. යාපනේ දුම්කොළ පඳුරු වලට ආඬි ළිං වලින් වතුර හැමදාම දාන නිසා ඝනකමයි තෙල්ගතියයි වැඩි හින්ද, ඉන්දියාවේ, ඒ පැත්තේ දුම්කොළ හපන්ට පුරුදු වෙලා හිටිය මිනිස්සු යාපනේ දුම්කොළ වලට  කැමතියි කියල ඒ මුදලාලි කියනවා මට ඇහිලා තියෙනවා. මගේ පියා විටින්විට කල්පිටියෙන් , මුදලාලිගේ රුවල් නැවක නැඟල ඉන්දියාවටත් ගියා. ඒ කාලේ ඉන්දියාවට යනවා එනවා කියන එක මහා දෙයක් නොවෙයි. එක පාරක් ඒ වගේ ගිහිල්ල ඔහු ආවේම නැහැ, ඊට පස්සේ අපට ඔහු ගැන කිසිම ආරංචියක් ලැබුනේ නැහැ. තාත්තා ඉන්දියාවට යනකොට මාවයි අපේ මල්ලියි අපේ මාමා කෙනෙක් ළඟ නවත්තලයි ගියේ.

 මාමා දවසක් මුදලාලිගෙන් තාත්තා ගැන අහපුහම තාත්ත එහෙදි විවාහයක් කරගෙන, කුමාරපාලන් කියන නගරයේ ජීවත් වෙනවා කියල කිව්වා කියල ඔහු අපට කිව්වා. පියා නැතිවුනා කියල අපට අඩුවක් කරපු නැති මාමා අපව බොහොම හොඳට බලාගත්තා. ඔහු බොහොම ආගමට බර නිතරම පල්ලියට ගිය, පල්ලියේ ස්වාමිට බොහොම හිතවත් කෙනෙක්.

මාමා රැකියාවට කලේ දුම්කොළ වෙළඳාම, ඔහු හලාවත ගොවියන් ගෙන් දුම්කොළ මිලට අරගෙන, රටපුරා ගම්වල වෙළඳාමේ යන වෙළෙන්දන්ට ණයට දුම්කොළ දුන්න වෙළඳාමට. ඔවුන් මුදල් ගෙව්වේ වෙළඳාමේ ගිහිල්ලා ඇවිල්ලා. ඊට අමතරව මාමා යාපනේ පේදුරු තුඩුවේ ගොවියෙක් ගෙනුත් දුම්කොළ ගෙන්නුවා, ඒවා හලාවත දුම්කොළ වලට වඩා ටිකක් ගණන්, ඒ පේදුරු තුඩුවේ දුම්කොළ වල තියෙන තෙල් ගතියටයි සැරටයි කියලා මම අහල තියෙනවා. මාමත් ඉඳ හිට හැපුවේ ඒ පේදුරු තුඩුවේ දුම්කොළ වර්ගයම  තමයි.

 මම පොඩි කාලේ ඉඳලම පල්ලියේ ඉස්කෝලෙට ගියා. මට වයස 15 ක් විතර වෙනකොට ලියන්ට කියන්ට පුළුවන් වුන හින්ද, මාමා මට එයාගේ දුම්කොළ වෙළඳාමේ පොත් හදන්ට බාර දුන්නා. අපේ නෑදෑ කමයි, ඒ හරියේ හිටපු කොල්ලන්ගෙන් මම ගණනක් හදන්න, ලියන්න කියන්න පුළුවන් ළමයි කිහිප දෙනාගෙන් එකෙක් හින්දයි තමයි මට මේ රස්සාව ලැබුනේ. එතරම් ලොකු  වැඩ තිබුනේ නැහැ, දුම්කොළ ගන්න මිල ගනනුයි ප්‍රමාණයයි පොතේ ඒ ගොවියාගේ පිටුවේ ලියා ගන්නව, අනික්  පොතේ වෙළඳාමේ යන අයගේ පිටුවේ දීපු බඩුයි ඒවගේ මිලයි ලියා ගන්නවා. වෙළෙන්දෝ ආපහු ආවහම ඉතුරු බඩු ගණන් ලියල ඒ වෙලන්දා කීයක් ණයද කියල ගණන් අඩුකරල බලනවා. එක ගමනකට එක කොලයයි.  

මේ කාලේ තමයි මාමා ගෙන් දුම්කොළ ඇරන් වෙළඳාමේ යන පේඩියා මාමා අලියෙක් ගහල මැරුණේ. වයස 30 ක් විතර වුන ඒ මනුස්සයා බොහොම ජැන්ඩියට ඇඳුම් ඇඳපු වෙළෙන්දෙක්. රතු ලොකු සුම්බරයක් හැමවෙලාවෙම කරේ තිබුනා. ඉන වටේ ලොකු සාක්කු තියෙන හම් පටියක් තිබුනා. පටිය තද දුඹුරු පාටයි, සාක්කු යාන්තම් කහපාටට බරයි. වෙළඳාමේ ගිහිල්ලා ආපු වෙලාවට අපි දැක්කොත් ඒ කහපාට සාක්කුව ‘ටික්’ ගාල ඇරල අපට කාසියක් දෙනවා. නිමපු සුරුට්ටුවක් හැම වෙලාවේම කටේ ගහගෙන තමයි හිටියේ. මම කවදාවත් දැකල නැහැ ඒක පත්තුවෙලා තියෙනවා. ඒක හින්ද වෙන්ට ඇති මිනිහට ඒ වයසේ අය කිව්වෙත් ‘සුරුට්ටු පේඩියා’ කියල.

මිනිහ අලියා ගහල මැරුණට පස්සේ, මිනිහගේ ආම්පන්න ටික එයත් එක්ක ගිය කණ්ඩායමේ අය ගෙනල්ලා අපේ මාමාට දුන්නා. මාමා ඒ ටිකේ වටිනාකමට මුදල් පේඩියාගෙ අම්මට දීලා, ඒ ආම්පන්න තියාගත්තේ බඩු වලට තිබ්බ ඕනෑ කමට වඩා පේඩියගේ අම්මට කීයක් හරි දෙන්ට ඕනැවට. අනික අලියා පාගපු පාරට තොරොම්බල් පෙට්ටියත් දිග අතට පුපුරලයි තිබුනේ. මාස කිහිපයකට පස්සේ මේ ආම්පන්න ටික මෙහෙම තියෙනවා දකිනකොට, මට හිතුන මමත් වෙළඳාමේ ගියා නම් හොඳයි කියලා. නමුත් මම මාමාගෙන් අහන්ට ටිකක් බයෙන් හිටියේ, මොකද මාමා, මම පොත්පත් ටික හදාගෙන ව්‍යාපාරේ කරගෙන යන පිළිවෙලට බොහොම කැමැත්තෙන් හිටියේ. ඉතින් එයාගේ හිත නරක් කරන්න මට හිත දුන්නේ නැහැ. නමුත් මේ වෙළඳාමේ යන ආසාව මගේ හිත ඇතුලේ තදින්ම ලියලන්ට පටන් ගත්තා. මේ අතරේ වෙළඳාමේ ගිහිල්ලා ආපහු එන වෙළෙන්දෝ හැන්දෑවට අඩියක් ගහන ගමන් කියන ලස්සන ගමන් කතාන්දර අහනකොට, මේ ආසාව දෙගුණ තෙගුණ උනා.

දවසක් හැන්දෑවේ මාමා රා ටිකක් එහෙම බිලා ගෙදර ඇවිල්ලා සන්තෝසෙන් ඉන්න වෙලාවක, මම ඔහු කිට්ටුවෙන් පිලේ ඉඳගෙන මගේ ඕනෑකම හෙමින් හෙමින් කිව්වා. මම හිතපු තරම් මාමාට තරහ ගියේ නැහැ. ඔහු කිව්වා ඔහුගෙ ව්‍යාපාරයට මම නැතිවෙන එකෙන් පාඩුවක් වුනත්, තරුණයෙක් උනහම ලෝකයට යන්න ඕනෑ කියලා, ලෝකය බලන්ට ඕනැ කියල. සුද්දොයි ඊට කලින් ලන්දේසියි ඔච්චර දුර රටවල ඉඳල මෙහෙ ඇවිල්ලා තියෙන කාරණේ  ඔහු උදාහරණයකට ගත්තා. එච්චර දුර කෙසේ වෙතත් ලංකාව පුරහම ඇවිදලා ඉන්න එකත්, ජීවිතේ පටන් ගැන්මකට බොහොම වටිනවා කියලා කිව්වා.

සුමාන දෙකකට පස්සේ මම මගේ මුල්ම වෙළඳාමට අනික් වෙළෙන්දොත් එක්ක පිටත්වුනා. මාමාගේ යාලු ගනිතයෙක් හදල දීපු වෙලාවකට තමයි මම අපේ ලෑලි සාප්පුවෙන් මුලින්ම දකුණු කකුල එලියට තිබ්බේ.

මම අරගෙන ගියේ දුම්කොළ ටිකකුයි තොරොම්බල් පෙට්ටියකුයි, අපේ කණ්ඩායමේ වෙළෙන්දෝ තමන්ගේ වෙළඳාම කරන ප්‍රදේශ බෙදාගෙන හිටියේ. 

Tuesday, June 18, 2024

පැළ දෙකක් යැවීම

 අපේ කාලේ මහාමායා පාසලට ගිය මිතුරියක් ට මම මාස දෙකකට පමණ පෙර ඇසෑම් ලෙමන් පැළ දෙකක් දෙන්නට පොරොන්දු වුනෙමි. 


කිහිප වතාවක් ගෙනියන්නට රැගෙන ගොස් දෙන්නට කතා කර ගත්තද කිසිවක් සිදුවූයේ නැත. අවසානයේ ඊයේ ඇය මට කතා කොට  පික්මී ෆ්ලෑශ් එකක් එවන්නට ඇය සැලසුම් කරන බව කීවාය. 


එසේ අවශ්‍ය නොවන බවත් මට පැමිණ  ඇයට එය ලබාදීමට පුළුවන් බවත් පැවසූ මම වටපුලුවේ සිටින ඇයගේ නිවසේ ලොකේෂන් එක ේ whatsapp මඟින් එවන ලෙස ඉල්ලා සිටියෙමි. 


නමුත් ඒ හරියේ පාරවල් ගොඩක් තිබෙන නිසා whatsapp location පැටලෙන බව කී ඇය අසල හන්දියකට පැමිණෙන ලෙසත් පසුව ඇය දුරකථනයෙන් මා ගයිඩ් කරන බවත් කියා සිටියාය. 


මේ ලොකු පැටලීමක් බව තේරුම් ගත් මම ඇයගේ මූලික යෝජනාව වූ පික්මී ප්ලාස් එකට එකඟ වුණෙමි. 


මම මගේ ලොකේෂන් එක ඇයට යැව්වෙමි. විනාඩි පහකින් පමණ  සියලු විස්තර දැමූ sms එකක් පික්මී වෙතින් මට ලැබුණි.

 

විනාඩි දහයකින් පමණ  කුඩා මෝටර් සයිකලයක් පැමිණ  පැළ දෙක දාගෙන ගියේය. 


තවත් විනාඩි දහයකින් පමණ  පැල ලැබුණු බව මගේ මිතුරිය දුරකථනයෙන් මට කීවාය. ඇයට වියදම් වී තිබුණේ රුපියල් 240ක් පමණි.


මම කාර් එකේ ගියානම් ඉන්ධන වලටම මෙයට වඩා මුදලක් වැය වෙන්නට තිබුණි. මගේ කාලයත් මට ඉතුරු වුණි. 


මින්පසු කුමන හෝ අවස්ථාවක නගරයෙන් හෝ නිවස කිට්ටුවෙන් යමක් ගෙන්නා ගැනීමට තිබේ නම් මෙම පහසුකම පාවිච්චි කරන්නට සිතා ගත්තෙමි.


සන්නිවේදනය සහ සංවිධානය මගින් කොතරම් දේවල් පහසුවට සහ ලාභයට කරගත හැකිද?

Thursday, June 6, 2024

බල්ලාගේ කරදර

පෙරේදා රෑ අපේ බෘණෝ අපේ ටෙලිෆෝන් එක සහ රවුටර් එක  සම්බන්ධ කර තිබෙන වයර් එක බිමට ඇද කපා දෙකට කඩා තිබුණි. ටෙලිෆෝන් එක සහ රවුටර් එක යන දෙකම වැඩ කරන්නේ නැතුව ගොස් ඇත. 
පසුව රවුටර් එක පමණක් වැඩ කරන ආකාරයට රෙපෙයාර් කර ගැනීමට හැකි වුවද ටෙලිෆෝන් එක වැඩ කළේ නැත. 
එසේ ඩැමේජ් කරන ලද වයර් එක  මිලදීගැනීමට සැලසුම් කළ මම, එදින කොන්ඩේ කපන්නට යොදාගෙන සිටි නිසා කොණ්ඩය කපන්ට ඇවිදගෙන යන විට එයත් රැගෙන ගියෙමි. 
මුලින්ම හමු වුණු විදුලි මෝටර් රෙපෙයාර් කරන තැනෙන් ඇසූවිට ඔහු  නුවර නගරයේ තැන් දෙකක් නිර්දේශ කළේය. 
එසේ නම් හවස් වරුවේ නගරයට යන්නට සිතාගෙන කොන්ඩේ කපන්නට සැලූන් එකට ගියෙමි. එහි සිටි කීප දෙනෙකුගෙන් වයර් එක පෙන්නා ඇසූ විට ඒ ළඟ තිබෙන හාඩ්ව්යාර් එකක  සමහර විට තිබෙන්නට පුළුවන් යැයි පැවසූහ. 
මුලින් ළඟින් තිබූ හාඩ් වෙයාර් එකට ගොස් එහි නැති බව පැවසූ නිසා  පාලිතගේ හාඩ්වෙයාර් එකට ගොස් වයර් එක පෙන්නා ඇසූ විට ඔහු එය සොයා ලැබුණු නැති හෙයින් ඔහුගේ නිවසේ සමහරවිට තිබෙන්නට පුළුවන් බවත් හවස අපේ නිවසට එකක් එවන්නට පුළුවන් බවත් පැවසීය. 
කෝකටත් කියා කොණ්ඩය කපාගෙන අවසන් වූ පසු ලේ වැල්ල පාලම අසල කොම්පියුටර් හදන තැනකටත් ගොස් බලාපොරොත්තු කඩ වී ආපසු නිවසට පැමිණියෙමි. 
ගෙදරට ඇවිත් මේ පිළිබඳ පවසා  එවැනි දුරකථන සවි කරන වයර් ගෙදරක් තිබෙන්නට පුළුවන් නේදැයි සොයා බැලුවෙමි. 
අඳෝමය, එවැනි වයර් දෙකක්ම පරණ පෙට්ටියක තිබී හමුවුණි. 
එකක් ගෙන දුරකථනය අලුත් වැඩියා කරගත්තෙමි. 
පාලිතට කෝල් එකක් දී ට වයර් එකක් ඇබීමට අවශ්‍ය නැති බවද කීවෙමි.

Monday, May 20, 2024

ජනාධිපති විවාදය

 දැන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සංසන්දනාත්මක තරුණ නායකයන් දෙදෙනා විවාදයක් පැවැත්වීමට එකඟ වී ඇත. මෙය ඉතාමත් සාධනීය ලක්ෂණයකි. 


ඇත්තටම මේ විවාද, පැවැත්විය යුත්තේ පැවැත්වීමෙන් ඡන්දදායකයන්ට යම් අදහසක් ලබාගත හැකි වන්නේ, ලංකාවේ සාමාන්‍යයෙන් පැවැත්වෙන දේශපාලන විවාද වල කරනවා මෙන්, ඔවුන් දෙදෙනා ම එකිනෙකාට විරුද්ධව කතා කර ගැනීමෙන් නොවේ. 


ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් වුන් දෙදෙනාගේ ප්‍රතිපත්ති පිළිබඳව, ඔවුන් ජයග්‍රහණය කළහොත් කුමක් කරන්නට බලාපොරොත්තුව සිටින්නේද යන්න, මෙතනදී සාකච්ඡා කළ යුතුය.


මේ සඳහා හොඳම පිළිවෙල එසේත් නැත්නම් ආකෘතිය, කරගත යුත්තේ රටේ තියෙන විසඳිය යුතු  එහෙත් මෙතෙක් විසඳා නොමැති දුෂ්කර ගැටලු පිළිබඳව ඔවුන්ගේ යෝජනාවන් මොනවාද ඔවුන් කරන්නට බලාපොරොත්තු වන්නේ මොනවාද යන්න ඔවුන්ගෙන් අසා දැන ගැනීමය.


ඔවුන් දෙදෙනා දෙපැත්තේ හිඳුවා ්‍රශ්න අසන්නා හෝ අසන්නන් කණ්ඩායම  ඔවුන්ගෙන් නිශ්චිත ප්‍රශ්න ඇසිය යුතුය.  එම ප්‍රශ්නයට පිළිතුරු දීමට එක් අපේක්ෂකයකුට විනාඩි 10ක් හෝ පහලවක් ලබාදිය යුතුය. 


මට මේ සඳහා ප්‍රශ්න කිහිපයක් යෝජනා කරන්නට සිතේ. 

 1.  ලංකාවේ අලි මිනිස් ගැටුම අවසන් කළ යුතුය. එය ලංකාවේ ආර්ථිකය සියයට දහයකින් පහළොවකින් පමණ අඩුකරයි. මෙම ගැටලුව විසඳීමට ඔබගේ යෝජනාව කුමක්ද? 

 2. ලංකාවේ කිසිම ඵලදායී අයුරකින් පාවිච්චියක් නොමැති, ඉතාමත් අකාර්යක්ෂමව පාලනය වන රජයේ දේපළ , වගා කළ හැකි ඉඩම්, යනාදිය ආර්ථික අතින් ඵලදායී තත්ත්වයකට ගෙන ඒම සඳහා ඔබ යෝජනා කරන්නේ කුමක්ද

 3. පෞද්ගලික විශ්ව විද්‍යාල, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාල  නොමැති කමෙන් ලංකාවේ මුදල් විශේෂයෙන්ම ඩොලර් මිලියන දහස් ගණනක්, පිටරටට ඇදී යයි. මෙය වළක්වා ගැනීම සඳහා ඔබගේ යෝජනා මොනවාද 

 4. නිදහස් අධ්‍යාපනය අයාලේ යන තත්ත්වයකට පත්ව තිබේ. මෙයට හොඳම උදාහරණය පොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු රූපවාහිනී නාලිකාවල  මුදල් ගෙවා පෙන්වන අපොස උසස් පෙළ ටියුෂන් දැන්වීම් සමුදායය. අධ්‍යාපනය කාර්යක්ෂමව ත් එසේම ආර්ථික වශයෙන් ඵලදායි ලෙස පවත්වාගෙන යාමට ඔබ යෝජනා කරන්නේ කුමන අදහස්ද 

 5. ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය න් ඉතාමත් අකාර්යක්ෂම සහ නාස්තිකාර ලෙස කළමනාකරණය කෙරෙන බව පෙනේ. බෙහෙත් මිලදී ගැනීමට පත්කර ඇති ාජ්‍ය ආයතන  වංචා කරුවන්ගේ තෝතැන්නක් වී තිබෙන බව දැන් පවතින නඩු හබ වලින් පෙනේ. ඔබ මේවා වෙනස් කරන්නට පිළිවෙලක් කරන්නට කුමන යෝජනා ඉදිරිපත් කරන්නේද 

 6. මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට තීරු බදූ රහිත වාහන ලබාදීම, ඇමතිවරුන්ට මන්දිර ලබාදීම, දේශපාලකයින්ට ිශ්‍රාම වැටුප් ලබාදීම, වැනි අසාධාරණ ා කටයුතුවලට රටේ ජනතාව මහත් අප්‍රසාදයට පත්ව ඇත. මේවා වෙනස් කරන්නට ඔබගේ යෝජනා මොනවාද 

 7. ලංකාවෙ නීතිය ක්‍රියාත්මක කිරීම කොතරම් මන්දගාමී වී ඇත්ද යත් නඩුවක් විසඳීමට අවුරුදු දහයක් පහළොවක් ගතවීම, සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. අඩු තරමින් අවුරුදු දෙකකින් වත් නි, නඩු හඹ  අවසන් කිරීමට ඔබ කුමන විදිහේ වෙනසක් යෝජනා කරන්නේද 

 8. යම් වැඩක් කර ගැනීමට රජයේ කාර්යාල වලට ගිය විට ලැබෙන අත්දැකීම් ඉතාමත් කටුකය. වැඩේ කරගැනීමට කීප වතාවක් කියා යුතුය. සමහර විට එපා වී නවතා දමන අවස්ථා තිබේ. මේ සඳහා app භාවිත කිරීම වැනි අලුත් තාක්ෂණික අදහස් යොදාගෙන පුරවැසියන්ට රජය හා ගනුදෙනු කරන්නට ඉඩ සැලැස්වීමට ඔබ කුමන යෝජනා ඉදිරිපත් කරන්නේද 

 9. ලංකාවේ සෑම ගොවිතැනකම පාහේ විශේෂයෙන් වී  ගොවිතැන, ඉතාමත් අකාර්යක්ෂමව සිදු කෙරේ. උදාහරණයක් වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ තිබෙන කුඹුරු අක්කර 25000න්, හොඳින් වී ගොවිතැන කෙරෙන රටක අක්කර පන්දාහක අස්වැන්නවත් ලබාගන්නේ නැත. මේ පිළිබඳව ඔබේ යෝජනා මොනවාද?

Thursday, May 9, 2024

ඉඳ හිට දකින කළු නික

 මම අද කලුනිකයක් දුටුවෙමි. ඒ කියන්නේ වෙලාවට හරියට වැඩ කරන රජයේ කාර්යාලයකි.


ඉඩම් ගනුදෙනුවක  මුද්දර හරි වටිනාකමට යොදා නැද්දැයි කරන පරීක්ෂණයක් සඳහා මට අද උදේ නමයට මහායියාවේ පිහිටි පළාත් සභා පතින්ම ආදායම් කොමසාරිස් කාර්යාලයට පැමිණෙන ලෙසට ලිපියක් ලැබී තිබුණි. එහි පුරවන්නට තිබූ පෝර්මයද පුරවාගෙන එතනට ගියෙමි. 


වාහනය නැවතීමට තැනක් නොතිබුණු නිසා ඉදිරිපිට තිබූ කුඩා කාර් සේල් එකක; මේ දවස්වල ඒවා හිස්ය, අල්ලපු කඩේ වැඩ කරන කෙනෙක්ගෙන් අනුමැතිය ලබාගෙන ,වාහනය නවත්වා  කාර්යාලයට යන විට තවත් නවයට විනාඩි පහළොවක් පමණ තිබිණ. 


උඩ තට්ටුවට නගින විට කොයි පැත්තෙන් ම යන්නේ දැයි පෙන්වා දීමට පාසලකුණු පේන්ට් කර තිබූ අයුරු දුටු පමණින්ම මෙතන යම් වෙනස් තැනක් බවට මට හැඟීමක් ලැබුණි.


මම කාර්යාලයට ඇතුළු වූ විගසම, එතනට කියන්නේ 'පෙරටු කාර්යාලය' බව දැන ගතිමි, මගේ කැඳවුම් ලිපිය රැගෙන මට ඉඳගන්නට සලස්වා ඒ නිලධාරියා ඇතුලට ගියේය. 


විනාඩි දෙක තුනකින් ඔහු පැමිණ  මා නියමිත කාර්යාලයට රැගෙන ගියේය. ඒ නිලධාරියා  මගේ ගනුදෙනුව පිළිබඳව විමසා බලා google maps සහ street view වලින් දේපළ පරීක්ෂා කර බලා පොරොත්තු මගෙනුත් යම් කාරණා විමසා, මේ පිළිබඳව තීරණයක් ගෙන මට යම් ලිපි ලේඛන ය වගයක් බාර දෙන ලෙස දන්වා රාජකාරිය අවසන් කළේය. 


කොතරම් අපූර්ව ජනකද? රජයේ අනික් කාර්යාල වල නිලධාරීනුත් මෙවැනි කාර්යාලයකට යවා  පුරවැසියන් රාජ්‍ය කාර්යාල වල, රාජකාරී කිරීම බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයෙන්දැයි බලාගන්නට සලස්වන්නේ නම් ලොකු සෙතක් වනු ඇත.



Sunday, April 14, 2024

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි. 


එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ නොයෙකුත් පාරවල් දිගේ ඇවිදින්නට පුරුදු වී සිටි බව මම කලින් කිව්වෙමි. 


මෙලෙස ඇවිදින විට මම වීදිවල වැඩියෙන්ම දුටුවේ ආපනශාලාවන්ය. ඒවා බොහෝවිට ඉන්දියානු හෝ චීන ඒවා වෙයි. ඊළඟට දුටුවේ spa ආයතනයන්ය. ඒවා සීයට සීයක්ම වගේ ම චීන ඒවා බව පෙනුණි. සාමාන්‍යයෙන් මසාජ් එකක් ඩොලර් පනහකට වාගේ මිලකර ඇති බවත් පෙනුණි. ඒ කියන්නේ රුපියල් දහතුන් දාහක් පමණ වෙයි.


මෙම ස්පාවල වැඩ කරන සියලුම දෙනා පාහේ සිහිනයෙන් සිංගප්පූරුවට පැමිණ තාවකාලිකව වැඩ කරන කාන්තාවන් බවත් දුටුවෙමි. 


ඒවාට අමතරව ව්‍යාපාරික ස්ථානයක් දුටුවිට මම ඒවා පිළිබඳව උනන්දුවෙන් බලන්නට පටන් ගත්තෙමි. මෙසේ දුටු එක් ක්‍රියාකාරික ස්ථානයක් හාඩ්වෙයා කඩයක් විය. එය විවෘත කර තිබුණු නිසා මම එය ඇතුලට ගියෙමි. කාන්තාවන් දහ දෙනෙකු පමණ ක්ම වැඩ කළ එම ස්ථානයේ එකදු පාරිභෝගිකයෙක්වත් සිටියේ නැත. 


මම ඇතුළට ගිය විට එතන සිටි සේවිකාවන් දෙදෙනෙකුම මා වෙත පැමිණ මා කුමක් මිලදී ගැනීම සඳහා පැමිණියේදැයි විමසා සිටියහ. මම භාණ්ඩ බැලීමට පැමිණිය බවත් උනන්දුවක් ඇතිවන යමක් දුටුවොත් මිලදී ගන්නා බවත් ඔවුන්ට පැවසුවෙමි. 


ටික වේලාවක් එහි නොයෙකුත් භාණ්ඩ බලා මම පඳුරු කපන කුඩා කතුරක් මිලදී ගත්තෙමි. එය මිලදී ගනිද්දී මම එහි කැශියර්වරියගෙන් එකදු පාරිභෝගිකයෙක්වත් දකින්නට නොමැති වීම ගැන විමසුවෙමි. 


ඇය මා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් සේවිකාවන් කිහිප දෙනෙකු කාඩ්බෝඩ් පෙට්ටිවල බඩු අසුරනවා පෙන්වා කියා සිටියේ මෙහි වෙළඳාමෙන් සියයට අනූවකටත් වඩා සිදුවන්නේ online බවය. 


සිංගප්පූරුවේ සිටියදී කිහිප වතාවක් අපි ලිට්ල් ඉන්දියා පැත්තට ගියෙමු. අතිවිශාල වෙළඳ සංකීර්ණය වන මොහොමඩ් මුස්තාපා පිහිටි වීදිය දිගට පිහිටා ඇති බොහෝ කඩවල් පසුගිය කාලේ ඉන්දියානුවන්ට අයිතිව තිබුණි. නමුත් දැන් ඒ පැත්තේ ලොකු වෙනසක් සිදුවෙමින් තිබෙන බව මට පෙනුණි. ඒ බංග්ලාදේශ  පිරිස් ඒ පාරේ අලුත් ව්‍යාපාර පටන් ගැනීමට යොමුවී තිබීමයි.

දැන් ඔවුන්ගේ ව්‍යාපාර බොහොමයක් ඒ පාරේ තිබේ. ඒවා බොහෝ විට රෙදිකඩවල්ය. ශ්‍රී ලංකාවේ කවුරුන් හෝ එලෙස ඒ පැත්තේ කඩවල් කරන්නේදැයි මම සොයා බැලුවෙමි. එකක්වත් නොමැති බව දැක මම කණගාටුවට පත්වුනෙමි. මේ තරම් ඇඟලුම් කර්මාන්තයේ ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාවේ ඇඳුම් ටිකක්වත් එහි විකුණා ගන්නට කඩයක්වත් කවුරුත් නොදා සිටීම පුදුම සහගතය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා සිංගප්පුරැ වෙළඳ ගිවිසුමකුත් තිබියදී එසේ නොමැතිවීම තවත් පුදුම සහගතය.

Tuesday, April 2, 2024

තනියම රටට එන සංචාරිකාවන්

 



තනියම කාන්තාවකට ඇවිදින්නට යන්නට ලෝකයේ හොඳම රට ලංකාව බවට පත්වෙයි. පහතින් දැක්වෙන්නේ අවස්ථාවට ඒ වෙබ්සයිට් එකෙන් ලියා තිබූ විස්තරයයි.


'ඉන්දියානු සාගරයේ  කුඩා කඳුළු බිංදුව   ඉන්දියාවේම කුඩා සාම්පලයක් හා අතිශයින් ම සමාන නමුත් එයටම අද්විතීය චමත්කාරයකින් යුක්ත වෙයි. දකුණු ආසියාවට සංචාරයකට යන්න කැමති කාන්තා සංචාරකයින් සඳහා ලංකාව පරිපූර්ණ පළමු නැවතුම බවට කිසිම සැකයක් නැත. 


එය බැක්පැකර්වරුන් අතර බොහෝ ජනප්‍රිය වන අතර සතියක් හෝ මාසයක් පුරාවට යුනෙස්කෝව ලැයිස්තුගත කර ඇති දඹුල්ල සහ සීගිරිය වැනි ස්ථාන ගවේෂණය කිරීමට හෝ නුවරඑළියේ තේ වතු නැරඹීමට ගත කළ හැකිය. ඒ සමගම  ප්‍රීතිමත් නිදහස්  කාලයක් සඳහා, ආරුගම්බේ බොක්ක, මිරිස්ස සහ හික්කඩුව රන්වන් වෙරළ තීරයන්, වෙරළ ඉදිරිපස නේවාසිකාගාර, සර්ෆින් සහ රසවත් දේශීය ආහාර මනා අගයක් එකතු කරයි.


මෙම විස්තරයෙන් ගම්‍යවන කරුණු මොනවාද, මම ඒවා ලැයිස්තුගත කරන්නට උත්සාහ කළෙමි.

1. අප කොතරම් නැහැයි කිව්වද පිට මිනිස්සුන්ට පෙනෙන්නේ අප ඉන්දියාවේම කොටසක් තරමට සමානකම් ඇති බවය.

2. සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අපට තිබෙන ප්‍රධානම ආකර්ෂණ යට අවුරුදු දාහකට පෙර වාගේ හදපු ඒවාය.

3. ඉන්පසුව සෑදුණු ඒවාගෙන් සංචාරකයන් ආකර්ෂණය වන්නේ දුම්රිය සහ තේ වගාවන්ටත් බැක් පැකස්ලා වෙනුවෙන් වෙරළ තීරයේ සාදා ඇති හොස්ටල් පමණි.

4. අපේ කෑම පිළියෙල කරගැනීම්වලද ී සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තිබේ. අපේ දේශීය ආහාර පිළිබඳව, එයට සංචාරකයන් යොමු කරගන්නේ කෙසේද යන්නත් ‍යයනය කර හොඳ ප්‍රෝග්‍රෑම් එකක් හැදුවොත් හොඳ බව පෙනේ.

5. ලංකාවේ පිරිමි පක්ෂයද මෙම රෑන්කින්වලට බොහෝ දායකත්වයක් දී තිබෙන බව පෙනේ. ඒ තනියම ලංකාවට එන සංචාරකියන්ට කිසිම කරදරයක් කරන්නට උත්සාහ නොකර රටේ ඕනෑ තැනක ඔවුන්ට ආරක්ෂා සහිතව ඇවිදීමට පරිසරයක් සකසා දීමයි.

Monday, March 18, 2024

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ සතුට පිළිබඳ පර්යේෂකයෙකු ලෙස, මගෙන් නිතර අසන ප්‍රශ්නයක් වන්නේ : ෆින්ලන්තයේ මිනිසුන් ඔවුන්ගේ ජීවිත ගැන මෙතරම් තෘප්තිමත් කුමක් නිසාද? යන්නයි.


ෆින්ලන්ත ජාතිකයන් , බොහෝ විට මෙම ශ්‍රේණිගත කිරීම ගැන ඔවුන්ම ප්‍රශ්න කරන බව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් විය හැකිය.  අපගේ ජාතික ස්වයං ප්‍රතිරූපය නම් අපි නිහඬ, අභ්‍යන්තරික සහ තරමක් ශෝකජනක ජනකොටසක් වීමයි.  මෙම ප්‍රතිරූපය ඇත්තෙන්ම, පෘථිවියේ සන්තෝෂවත්ම මිනිසුන් වීම සමඟ හරියටම නොගැලපේ.


කෙසේ වෙතත්, පර්යේෂණවලින් පෙන්නුම් කර ඇත්තේ සතුට සොයා එය හඹා යන අයගේ සතුට අඩු බවයි.  එබැවින් සැබෑ සතුට  ළඟා කර ගත යුත්තේ වක්‍රව නම්  ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකර සිටිය යුතුය. මෙයට  ෆින්ලන්ත ජාතිකයින් බොහෝ දක්ෂ වෙති.


අපගේ සතුටින්  විශාල කොටසක් පැන නගින්නේ රටේ ආයතන එහි පුරවැසියන් ගැන සැලකිලිමත් වන ආකාරයෙනි.  නමුත් අපි ජීවිතයට පිවිසෙන ආකාරය සහ සතුට ගැන සිතන ආකාරය සම්බන්ධයෙන්  අපගේ සංස්කෘතිය සහ සමාජ වටිනාකම් ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.  එය අප නිතරම භාවිතා කරන මෙම වාක්‍ය ඛණ්ඩ හතරෙන් පැහැදිලි වේ


 1.  Who has happiness should hide it ෆින්ලන්තයේ, ඔබ සන්තෝෂය සොයාගෙන ඇත්නම්, ඔබ එය නොපෙන්විය යුතු බව අපි විශ්වාස කරමු.  තර්කානුකූලව, මෙය අමුතු ප්‍රකාශනයකි.  ලෝකය ඔබට හොඳින් සලකන විට ඔබ ඔබේ සිනහව සඟවා ගත යුත්තේ ඇයි?


 ෆින්ලන්ත ජාතික කවියෙකු වන Eino Leino විසින් නිර්මාණය කරන ලද මෙම කියමන නිහතමානී ජාතික ස්වභාවයෙන් පැන නගී.  ධනය හා සාර්ථකත්වය පිළිබඳ විවෘත සංදර්ශන ෆින්ලන්ත වැසියන් මඟ හරිති.


නිදසුනක් වශයෙන්, හෙල්සින්කි අගනුවර, වීදිවල විසිතුරු හෝ මිල අධික මෝටර් රථ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.  මෙහි ප්‍රධාන විධායක නිලධාරීන් සහ ධනවත් ව්‍යාපාරිකයින් පවා නීරස Volvos සහ Volkswagens ධාවනය කිරීමට නැඹුරු වන අතර ඔවුන් කැපී පෙනෙන ඕනෑම දෙයක් නොකර සිටින්නට උත්සාහ කරති.


 අපව අන් අය සමඟ සංසන්දනය කිරීම මිනිස් ස්වභාවයයි, එය බොහෝ විට අපගේ සතුටට අහිතකර ලෙස බලපායි.  කෙසේ වෙතත්, ෆින්ලන්තයේ සහ අනෙකුත් නෝර්ඩික් රටවල, මිනිසුන් එම සැසඳීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරති-  ඒ නිසාම තෘප්තිමත් වෙති.


 2.  බලාපොරොත්තු නොමැති තැනැත්තාට කිසිදා බලාපොරොත්තු කඩවන්නේ නැත. 


මෙය පැහැදිලි සම්භවයක් නොමැති පැරණි ෆින්ලන්ත කියමනකි.  එය සැමවිටම සංස්කෘතික නියතයක් පමණි.


 පසුබෑම යනු ජීවිතයේ සත්‍යයක් බව අපි විශ්වාස කරමු.  ඔබට වේදනාව, බලාපොරොත්තු සුන්වීම සහ ඛේදවාචකය පවා අත්විඳිය හැකිය.  මෙම අභියෝගවලට චිත්තවේගීයව මුහුණ දීමට අවශ්‍ය මෙවලම් අප සතුව ඇති බව අප දන්නා නිසා මෙය අප බියට පත්වන දෙයක් නොවේ.


මම කැමතිම දාර්ශනිකයෙක් තමයි චාල්ස් පීරිස්.  ඔහු ඇමරිකානුවෙකු වන අතර, ඔහුගේ "meliorism" දර්ශනය - අත්‍යවශ්‍යයෙන්ම දේවල් නරකම හෝ හොඳම ඒවා නොවන නමුත් සෑම විටම "වැඩිදියුණු කිරීමේ හැකියාව" - මා ඇතුළු බොහෝ ෆින්ලන්ත ජාතිකයින් බෙදාහදා ගන්නා ආකල්පයකි.


 ඔබගේ තත්වය කුමක් වුවත්, සෑම විටම වඩා හොඳට කළ හැකි දෙයක් තිබේ.  මෙම නොවැළැක්විය හැකි අරගල පිළිගැනීම, තවමත් ඔබේ අතේ ඇති සහ වැඩිදියුණු කළ හැකි දේ කෙරෙහි අවධානය යොමු කරන අතරම, දුෂ්කර කාලවලදී පවා ඔබව ක්‍රියාශීලී සහ ජවසම්පන්න ලෙස තබා ගනු ඇත.


 3.  සෑම කෙනෙකුගේම සතුටෙහි කම්මල්කරුවා ඔහුම වෙයි.


 සෑම කෙනෙකුම තම ජීවිතය පිළිබඳ වගකීම භාර ගත යුතු අතර, පර්යේෂණවලින් පෙනී යන්නේ අප කවුරුන්ද, අපට ජීවිතයේ කළ හැකි දේ සහ අපගේ සතුට බොහෝ විට අප අවට සිටින පුද්ගලයින්ගේ එකතුව බවයි. අපිට ලැබෙන සහයෝගය කොයිතරම්ද යන්න තීරණය වෙන්නේ අපි ජීවිතේ කොතනින්ද යන්නේ කියලා. එය මනසේ තබාගෙන, මම මෙම වාක්‍ය ඛණ්ඩයේ නවීකරණය කරන ලද අනුවාදයකට කැමැත්තෙමි: "සෑම කෙනෙකුම ඔවුන්ගේම සතුටේ centre forward වෙයි".


 ෆින්ලන්තයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාවක් වන අයිස් හොකී වලදී, ඔබ මැද ක්‍රීඩා කරන්නේ නම්, ලකුණු ලබා ගැනීමට උත්සාහ කිරීමට ඔබට ලොකු වෙහෙසක් යෙදිය යුතුය.  කෙසේ වෙතත්, ඔබේ wingers  සහ defenders ඔබට බෝලය ලබා නොදෙන්නේ නම්, ඔබ තනි වනු ඇත.  සාර්ථක වීමට අපගේ උත්සාහය සහ අපගේ ප්‍රජාවගේ සහයෝගය යන දෙකම අවශ්‍ය වේ.


 4.  .  ‘සමහරුන්ට සතුට තියෙනවා, හැමෝටම ගිම්හානය තියෙනවා’


 මෙය වසර 100 කට වැඩි කාලයක් පුරා පැවත එන තවත් ආදරණීය ෆින්ලන්ත ප්රකාශනයකි.


 බොහෝ ෆින්ලන්ත ජාතිකයින් තේරුම් ගන්නේ අපගේ ජීවිතයේ අපට බලපෑම් කිරීමට හෝ වෙනස් කිරීමට හැකි පැති තිබියදී, අපට පාලනය කළ නොහැකි බොහෝ දේ ඇති බවයි.  ඉතින් අප වර්තමානයේ සතුටින් සිටිනා අයට ඉරිසියා කරලා වැඩක් නැත.


 සමහර විට ජීවිතය  අපට දෙයි, සමහර විට එය අපෙන් ලබාගයි.  ප්‍රීතිමත් දෙයක් ඔබ වෙත පැමිණෙන අතරේ හෙට වෙනත් කෙනෙකුට දුෂ්කර කාලයක් ගත විය හැකිය.


 අපි පින්ලන්ත වැසියන් මෙය හොඳින් දන්නෙමු: දැන් අප කුමන තත්ත්වයේ සිටියත්, ඉක්මනින් හෝ පසුව, ගිම්හානය අප සියල්ලන් වෙත පැමිණෙනු ඇත.


Sunday, February 18, 2024

The truth

 He lived in a palace, in a big city where ,  market places were frequented by large caravans.


Palaces were  full of laughter , merry making and dances

the streets were dense with merry throngs of women and merchants 


He left all of these for tranquility and quietness

And meditated for  long years in the jungle, seeking the truth that has eluded many wise sages for centuries 


His followers, after 2600 years after the truth was found

Make noises in villages and cities 

To celebrate the that truth, he found alone in thickness of silence

The language of the gods.




Wednesday, January 17, 2024

එක්වරම වෙළඳපොලෙන් බඩ ඉරිඟු නොපෙනී යාම

 අපේ ගෙදර බඩ ඉරිඟු ඉතාමත් ජනප්‍රිය  ආහාර වර්ගයකි. ඒ සතියකට තුන් වරක් සුප් පානය කරන නිසාය. 


සුප් එක ඝනකම් කර ගැනීමට යොදා ගන්නේ අඹරන ලද බඩ ඉරිඟු කරලක්ය.


ඒවායින් භාගයට ඇඹුරුණු ඇට , සුප් එකට විශේෂ රසයක්ද ගෙන දෙයි.


සාමාන්‍යයෙන් ම ලේ වැල්ලෙ ධර්මාශෝක මාවතේ පාර අයිනේ තැන් දෙක තුනක, ඒකාලයේ මාකට් එකේ යන ගණනට බඩ ඉරිඟු විකිණීමට තිබේ. 


පසුගිය මාස හයේ ම රුපියල් 100/70/50/ යන මිල  ගණන්වලට අපි වරින් වර බඩ ඉරිඟු මිලට ගත්තෙමු. 


ඉඳ හිට පාරේ නැතිවන විට ෆුඩ් සිටි එකෙන් රුපියල් 65 ට වාගේ මිලට ගැනීමට හැකි වුව ද, ඒවා පාර අයිනේ විකුණන ඒවා තරම් අලුත් නොවන නිසා පාරෙන් මිලට ගැනීමට වඩා ප්‍රියතාවයක් වෙනස්වන තියෙන්නේ ඔයා දැක්වූයෙමු.


දැන් මාසයකට පමණ පෙර කොළඹට ගොස් එන විට වරක් රුපියල් සීයකට කරල් පහක් මිලදී ගැනීමටද හැකිවූ බව මට  මතක ඇත. 


ටික දිනකට පෙර  මහනුවර නගරයට ගියවිට බීජ වර්ගයක් මිලදී ගැනීමට කොළඹ වීදියේ, කරවල කඩ වීදියේ, පාර දෙපස එළවළු විකුණන මිනිසෙක් බඩ ඉරිඟු කරල් විකුණනවා දැක  ඔහුගෙන් ගණන් ඇසූ විට ක් රුපියල් විස්ස බව දැක  අපි කරල් විස්සක්ම මිලට ගත්තේ ඉතා ප්‍රීතියෙනි.


ඒවා අවසන් වන්නට කිට්ටු වූ විට කරල් මිලදී ගැනීමට ඒවා සාමාන්‍යයෙන් විකුණන හරියේ, පරීක්ෂාවෙන් ගියේ වුවද කරල් දැක ගැනීමට නොහැකි විය. සතියක් පමණ බඩ ඉරිඟු නොමැතිව සුප්පානය කිරීමට සිදුවිය.


දැන් දන්නා කියන කීපදෙනෙකුටම කියා පිළිබඳව සොයා බැලූවද එක්වරම බඩ ඉරිඟු වෙළඳපොලෙන්  නොපෙනී ගොස් ඇති බවක් පෙනුණි. සාමාන්‍යයෙන් කෙසේ හෝ තිබිය යුතු යි කොළඹ වීදියට ද ගොස් බැලූ නමුදු සලකුණක් වත් නැතිව නොපෙනී ගොස් ඇත.


අපි හිතුවේ බඩඉරිඟු අස්වැන්න ලබන කාලය අවසන් වී ඇති බවය. එහෙත් එය අවසාන කාලය නම් මිල ක්‍රමයෙන් වැඩි වී, රුපියල් සීයක් පැන ලා ටික කලක් එය වෙළද පොලේ තිබිය යුතුය. එසේ සිදු වූයේ නැත. සිදුවූයේ කරලක් විසි පහ වී නොපෙනී යාමය.

මේ අතරේ මට ලෝකයේ තිබෙන blue zones යනුවෙන් ප්‍රසිද්ධ ාමාන්‍යයෙන් මිනිසුන් අවුරුදු අනූවට වඩා ජීවත් වන ප්‍රදේශ පිළිබඳව ලියවිල්ලක් කියවන්නට ලැබුණි

එහි සඳහන්ව තිබුණේ කොස්ටරිකා රටේ නිකෝයා නමැති ප්‍රදේශයේ  ; එයත් නිල් කලාප පහෙන් එකකි, දිනපතා වගේ ආහාරයට ගන්නා කෑම වලින් එකක් වනුයේ බඩඉරිඟු බවය. මේ ආරංචියෙන් බඩ ඉරිඟු පිළිබඳ උනන්දුව තවත් වැඩි විය


ළඟකදී ෆේස්බුක් එකේ පුවත්පතක පළවුණු තොරතුරු පිළිබඳ පෝස්ට් එකක බඩ ඉරිඟු ගොවියන්ට මේ දිනවල කරලකට ලැබෙන්නේ රුපියල් දෙකයි පනහක් පමණක් බව දුටුවෙමි.


ඊයේ නගරයේ සිට ආපසු නිවසට එද්දී කුඩා ලොරියක  පාර අයිනේ බඩ ඉරිඟු විකුණනවා දැක, ඉතා සතුටට පත්ව  එතැන නවතා ගත්තෙමි. නවතන විට බලාපොරොත්තු වූයේ කරලක් රුපියල් සියයක්වත් වනු ඇතැයි කියාය. 


එහෙත් ඇත්තෙන්ම කරලක මිල වූයේ රුපියල් තිස් පහක් පමණි. 


හදිසියේම බඩ ඉරිඟු වෙළඳපොලේ නැතිවීමට හේතුව දැන් මට පැහැදිලි වුණි.  වෙළඳපොලේ රුපියල් 25ටත් වඩා මිල අඩු වූ විට ගොවියන්ගෙන් මිලට ගත යුත්තේ  වඩා අඩු මුදලකටය. විශේෂයෙන්ම ප්‍රවාහනයට වියදම් වන මුදල ප්‍රවාහන ගාස්තු වැඩිවීම නිසා, ඉහළ යන පසුබිමක, ගොවි බිම් වලදී කරලකට ගෙවිය හැකි ගාස්තුව ක් තවත් අඩුවී ඇත. එනිසා සමහර විට ගොවියන්ට කරල් කපා ගැනීමට යන වියදම වත් විකිණීමෙන් ලැබෙන්නේ නැති නිසා ඔවුන් කරල් කැපීම සමහර විට නවතා දමන්නට ඇත. 


නිදහස් වෙළඳපොලේ ඉල්ලුම සහ සැපයුම නීතිය පවා ගොස් ඇති සැටියක් පෙනේ.







Wednesday, January 10, 2024

මීළඟ ජනාධිපති මැතිවරණය

 මගේ හොඳ මිතුරෙකු අද අප නිවසට පැමිණියේය. 


සාමාන්‍යයෙන් මේ දිනවල රටේඕනෑම සතුටු සාමීච්චයක් ගමන් කරන ආකාරයට සමාන ලෙස අපේ කතාවද අවසානයේ ළඟ එන මැතිවරණය පැත්තට ඉබේම ඇදී ගියේය. 


ඔහු මෙවර  කැමැත්ත දක්වන ජනාධිපති අපේක්ෂකයා කවුරුන් දැයි න් මම ඇසුවෙමි.


ඔහුගේ පිළිතුර  ලියන්නට පෙර දන්නා තරමින් ඔහුගේ දේශපාලන යට නැඹුරුවීමේ ඉතිහාසය  ටිකක් දුරට හෝ ලියා තැබුවොත් හොඳ යැයි සිතේ.


මුලින්ම ඔවුන්ගේ පවුල තද එක්සත් ජාතික පාක්ෂිකයන්වූහ. සාමාන්‍ය පාක්ෂිකයන් නොව යි මැතිවරණ කාලයට පක්‍ෂයට උදව් කරන්න එළියට බසින ා පාක්ෂිකයන් වූහ.


ඉන්පසු එක්සත් ජාතික පක්ෂය කැඩී ඩඩ්ලි පෙරමුණ බිහි වුනු අවස්ථාවේ ඔවුන් ඩට්ලී පෙරමුණට උදව් කලහ.


එක් මැතිවරණයකින්ම ඩඩ්ලි පෙරමුණ අවසන් වූ හෙයින් එක්සත් ජාතික පක්ෂයට තිබූ විරුද්ධත්වය නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන් වූහ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  සහ පොහොට්ටුව  වෙන් වූ අවස්ථාවේ ඔවුන් තදබල පොහොට්ටු ආධාරකරුවන් වූහ. 


දැන් ඔහු ට පොහොට්ටුව පෙනෙන්නට බැරිය. ඔහු දැන් මාස තුනකට පමණ පෙර ජනාධිපති වර්ණයේදී රනිල් වික්‍රමසිංහට උදව් කළ යුතු යැයි කියා සිටියේය.


රජය ක්‍රීඩා ඇමතිවරයා ඉවත්කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ ඒ පසුපස රනිල් වික්‍රමසිංහ ද සිටින නිසා ඔහුට දැන් රනිල් වික්‍රමසිංහ ද එපා වී ඇති බවය. 


අද මම ඔහුගෙන් ඇසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙවර ධම්මික පෙරේරා ඡන්දය ඉල්ලන්නේ නම් ඔහුගේ ඡන්දය හිමිවන්නේ ධම්මික පෙරේරාට බවය. මම ඔහුගෙන් ඒ තේරීමට හේතුව කුමක්දැයි ඇසුවෙමි.


ඔහු කීවේ ධම්මික පෙරේරා ඒ  සම්බන්ධ ඇමතිවරයාව සිටියදී, තමන්ගේ මුදලින් වියදම් කර ප්‍රාදේශීය පාස්පෝට් කාර්යාල පහක් රටට ලබා දී ඇති බවත් ඔහුට රටේ ආර්ථිකය යළි ට්‍රැක් එකට දැමීමට සැලසුමක් තිබෙන බවත්, ඔහුට ඇති තරම් මුදල් තිබෙන නිසා නැවත සොරකම් කිරීමට පෙළඹෙන එකක් නැති බවත්ය.


මේ සියල්ල ගැන නම් මම ඒ තරම් දන්නේ නැත. 


නමුත් ඔහු ඊයේ රැස්වීමකදී රට ඩිජිටල් තත්ත්වයට ගෙනයාමට තමන්ගේ වියදමින් යම් උත්සාහයක් දරන බව නම් මට පෙනුණි. එසේම ඔහු එතැනදී ලංකාවේ ආර්ථිකයට සිදු වූ විශාලතම  ධනාත්මක සිදුවීම් දෙකක් ගැන කීවේය.


ඒ ජේ.ආර් ජයවර්ධනගේ නිදහස් වෙළඳ කලාප සහ ආර් ප්‍රේමදාසගේ ඇඟලුම් කර්මාන්තශාලා දෙසීයේ වැඩසටහන ඒ ප්‍රධාන සිදුවීම් දෙකයි. 

මේ බ්ලොග් එක ලියාගෙන අවසන් වෙද්දී එකපාරටම ධම්මික පෙරේරා ගේ නම මට අමතක විය. DP it පාසල් මතක් කළ වුවද තවමත් නම මතකයට එන්නේ නැත.

අවසානයේ මම casino owners of Sri Lanka යනුවෙන් Google කළෙමි. පැමිණි නම් දෙක අතර ඔහුගේ නම ද තිබුණි.


ඔහුට බොහෝවිට ඡන්දය ඉල්ලන්න ලැබෙන්නේ , දැනට ඔහු උත්සාහ කරන්නේත් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමටය. 


එසේ තිබිය දී ම තමන්ට විරුද්ධ විය හැකි පක්ෂවල සිටි රටේ සංවර්ධනයට විශාල සේවයක් කළ දෙදෙනකු ට ලෝභකමක් නොමැතිව නම් කිරීම මගේ සිතද පහන් කළේය.


Tuesday, January 9, 2024

The tusker

 It was the first call of the day to the temple. Rule is nobody answers the phone other than the head monk. Maybe because having a telephone was a  luxury those days. Luxury is not good enough word it was a rare privilege, like a peerage in UK. Having a lot of money would not enable you to obtain a telephone, you need to have the right connection and the money.


Headmunk could not answer the call. Because he was in the toilet. And unlike these days those days toilets far away from where you live outside the main hall.


When the second call came monk was ready,  waiting. He was ready and waiting because telephone calls don't happen everyday, so, missing a call was so disheartening. 


the call was from a friend, a businessman. It was about the elephant, that the pries recently sold to this businessman. 


The businessman wanted to buy the elephant not for employing the elephant for work and make money but to have him near his house, because in astrologer had told him, that a bad planetary position is about to cast a extremely bad times on his business and the well being of his family. 


Of course there are ways to mitigate if not completely prevent these bad spells he had said

One most powerful way is to have grown up elephant in his home garden specially in the night. 


Pries agreed to give the elephant But he wanted to sell it for market price, even at a little higher price if it is possible. The price agreed was 475000 Rs. It was a large amount of money at the time. Businessman paid the money in cash and took the elephant away at an auspicious time. 


Pries was very happy. He had spend only 50000 rupees for the elephant. Because it was like a  gift from the government to the temple. 50000 that is spent was to grease the government machinery for the smooth transaction. 


Now back to the telephone call. They has been a serious situation at the house of the businessman. Apparently the elephant has not been able to prevent the predicted bad spell. His daughter has run away with his family driver and his son who has become so angry of this unbearable same on the family had got drunk and  attacked the elephant, with the hook that mahout use to control the elephant. Elephant has been wounded but more than the injury businessman was worried that it will happen again and he wanted to give the elephant back to the priest.


Priest agreed again. The elephant was broad back next day itself without much ado, unlike his leaving the temple 1 year back. Though  the elephant was transferred the money transactions did not take place. Perhaps because it was understood between the parties that the elephant will eventually returned back to businessman, when he is ready to receive it.


Meanwhile something miraculous happened to the elephant, that would make elephant worth  4 /5 times it's original value........

To be continued 


Monday, January 8, 2024

අවලෝකිතේශ්වර යනු කවුරුන්ද



 සියලු දෙනා දණගසා වදින මේ අලුත් ආගමික පුද්ගලයා කවුරුන් දැයි සොයා බලන්නට උත්සාහ කළෙමි.


ඔහු අවලෝකේෂ්වර ගේ අවතාරයක් බව ට එසේත් නැත්නම් ප්‍රතිරූපයක් බව ට බොහෝ දෙනා ම පිළිගන්නා බව දැනගන්නට ලැබුණි. 


අවලෝකිතේශ්වර යනු කවුද? 


මොහු පිළිබඳව වැඩියෙන්ම සඳහන් වන්නේ චීනයේ බව පෙනේ. 


පුරාණ කාලයේ චීනයේ විශ්වාසයන්ට අනුව ,අවලෝකිතේශ්වර නැව් සුන්බුන්වීම, ගිනිගැනීම්, ඝාතකයින්, මංකොල්ලකරුවන් සහ වන මෘගයන්ගෙන් මිනිසුන් ආරක්ෂා කරයි.  සැබෑ විශ්වය වන හතරවන ලෝකයේ (අප අසා තිබෙන තුන් ලෝකයෙන් ඔබ්බේ තිබෙන ලෝකය විය යුතුය) නිර්මාතෘ ඔහුය.  පුරාවෘත්තයට අනුව, ඔහුගේ හිස වරක් ශෝකයෙන් දෙදරා ගියේ ලෝකයේ  හොඳ මිනිසුන් බවට පත් කිරීමට  සිටින දුෂ්ඨ ජීවීන් ප්‍රමාණය පිළිබඳව කල්පනා කිරීම නිසාය.


මම වරක් චීනයට ගිය විට අප කණ්ඩායම එහිදී බෞද්ධ පන්සලකට රැගෙන යන ලදී. එහිදී අපගේ මඟ පෙන්වන්නා වශයෙන් සිටියේ හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. 


ඔහු මේ අවලෝකිතේෂ්වර  පිළිබඳව අපූරු කතාවක් කීවේය. 


ක්‍රිස්තු වර්ෂ ශතවර්ෂ තුන හතර කාලයේ බුද්ධාගම චීනයේ ඉතා ජනප්‍රිය ආගමක් විය. නමුත් එහි පන්සල්වල  තිබූ ප්‍රතිමා සියල්ල, පිරිමි අයගේ විය. එය අප රටේත් සාමාන්‍ය දෙයකි.


මේ හේතුව නිසා කාන්තාවන්ට තනියම හුදකලාව පූජා පැවැත්වීමට පූජනීය ස්ථානවලට යන විට එම පූජාවන් පවත්වන විට සිතේ අපහසුතාවයක් ඇති විය. එනිසා අවලෝකිතේෂ්වර නැමැති කාන්තා දෙවියන් නිර්මාණය කර  විහාරගේ තුළ කාන්තා ප්‍රතිමාවක්ද තිබෙන බවට හැඟීමක් ඇති කරන්නට කටයුතු කළ බවය.


අවලෝකිතේෂ්වර ඇත්තටම බෝධිසත්ව කෙනෙක් නොවෙන බව පෙනේ. ඔහු හෝ ඇය හොඳ මිනිස්සුන්ට ආධාර උපකාර කරන එසේම නරක මිනිසුන් හරිමගට යවන දෙවි කෙනෙකු වැනි චරිතයක් බව පෙනේ. 

ඔහු චීනයේ අපේ තිස් තුන්කෝටියක් දෙවිවරු හා සමාන දෙවි කෙනකු බව පෙනේ. 


මෙම අදහස එසේත් නැත්නම් විශ්වාසය ලංකාවේ ද කලක් පැවතී ඇති බවත් පෙනේ. ඒ බුදුරුවගල පැරැණි නටඹුන් සහ අපගේ තාරා දේවියගේ ප්‍රතිමාව නිසාය. තාරා දේවිය ද අවලෝකිතේෂ්වර ගේ  කාලයේ තිබූ විශ්වාසයක් බව පෙනේ.


" උතුම් අවලෝකිතේශ්වර, බෝධිසත්ව, මහා කාරුණික දෙවියන්ට නමස්කාර කිරීම.  සියලු බිය දුරු කරන්නා වූ උතුම් අවලෝකිතේශ්වරයෙනි, නීලකාන්තයෙනි, ඔබ වහන්සේට මම නොකඩවා නමස්කාර කරමි." 


ඉහතින් තිබෙන්නේ අවලෝකිතේශ්වර නමස්කාරයයි.

තවත් තැනක  අවලෝකිතේෂ්වර ගෞතම සහ මෛත්‍රීය බුදුන් අතර කාලයේ  ලෝක ජනතාවට ආරක්ෂාවක් ලබාදීමට ඉපදෙන කෙනෙකු බවද කියනු ලැබේ.


Saturday, January 6, 2024

2 -එක දවසින් ගමන් බලපත්‍ර ලබා ගැනීම 2

 උදේ හතයි කාලට පමණ  පෝලිමට එහෙන් මෙහෙන් ජවයක් එනවා සේ පෙනුණි. මේ අතරින් අපට තරමක් ඉදිරියෙන් සිටි මුස්ලිම් මහත්මයෙකු ඔහු ගෙන විත් තිබූ සැන්විචස් වගයක් අපට බෙදා දුන්නේය. 


හත හමාර පමණ වන විට මටත් කාර්යාලය ඇතුලට යාමට ඉඩ ලැබිණ. මම ඇතුළට යන විට එතැන සිටි ආරක්ෂක නිලධාරිනිය මගේ අයදුම්පතේ NIC  අංකය පුරවා, එතන පොඩි බංකුවක් තබාගෙන අයදුම්පත්වල රබර් සීල් ගසමින් සිටි මහත්මයකු වෙත යන මෙන් දන්වා සිටියේය. 


මගේ අතේ අයදුම් පතක් නොමැති බව ඇයට පැවසූ විට ම ඉහලින් තිබූ ජනේලයේ පිල මත තිබූ අයදුම්පත් ගොන්නකින් මට එකක් ලබා දුන්නේය. මම එහි හැඳුනුම්පත් අංකය පුරවා පරීක්ෂා කරමින් සිටි නිලධාරියාට දුන් විට ඔහු එහි සීල් එකක් ගසා නොම්බරයක් ලියා මා වෙත ආපසු දුන්නේය. මගේ නොම්බරය තුන් දහස් හත්සිය විසිඅට වූ අතර ඒ අනුව පිළිවෙළින් මම ද ඊළඟ පෝලිමට එකතු වුණෙමි. 


දැන් අයදුම් පත පුරවා ගත යුතුව ඇත. වරක් කොළඹ දී ම එලෙස සුලු මුදලකට අයදූම්පත් පුරවා දෙන කාන්තාවන් කිහිප දෙනෙකුම සිටි බව මතක් වී මම මගේ පෝලිමේ ස්ථානය ස්ථාපිත කර ඉහළ තට්ටුවට මෙය පරීක්ෂා කිරීමට ගියෙමි. එතනට ගිය පසු මම ඊයේ කුණ්ඩසාලයට ගිය ගමන කිසිම තේරුමක් නැති එකක් බව මට වැටහුණි. 


එතැන ෆොටෝ ගැනීමට ස්ටුඩියෝ එකක්, ෆොටෝ කොපි ගැනීමට ස්ථානයක් සහ පොඩි කැන්ටිමක් තිබුනු අතර  මම එතන සිටි කෙනෙකුගෙන් පෝර්මය පුරවා ගැනීම ගැන විමසුවෙමි. ඔහු "ආ නංගි නැහැ නේද" යනුවෙන් පවසා කෙනෙකුට දුරකථන ඇමතුමක් දුන්නේය. 


විනාඩි දහයකට පමණ පසුව තරුණ කාන්තාවක් එතැනට පැමිණියේය. ඇය මගේ පෝර්මය යන්ත්‍රයකින් පුරවා දුන්නා පමණක් නොව අවශ්‍ය ලිපි ලේඛන ද හරියට ක්ලිප් කර සකසා දුන්නේය. සාමාන්‍යයෙන් රටේ සේවා සහ ගාස්තු වල මිල ඉතාමත් අධික නිසා මම නිකමට මේ සඳහා රුපියල් 300 ක් පමණ ගනු ඇතැයි සිතුවෙමි. එහෙත් ඇය මගින් අය කළේ රුපියල් 150ක් පමණි. 


ඉන්පසු මම නැවත පහළට ගොස් පෝළිමට එකතු වුනෙමි. පෝලිමත් සමගම කවුන්ටරය වෙත පැමිණ මගේ ලිපි ලේඛන භාර දුන්නෙමි. ඒවායේ කිසි අඩුපාඩුවක් තිබුණේ නැත. මේ වන විට උදෑසන දහය හමාර වී තිබුණු අතර මම ලැබුණු රිසිට් එකත් සමග ගෙදර පැමිණියෙමි. 


ඔවුන් මට උපදෙස් දුන්නේ දෙකහමාර සහ හතර අතර පැමිණ මගේ එම ගමන් බලපත්‍රය එකතු කරගන්නා ලෙසය. හවස නැවත යාමට කම්මැලි වී ගමන් බලපත්‍රය සඳුදා එකතු කර ගන්නේ යැයි සිතා පාස්පෝට් කන්තෝරුවට කිහිප වතාවක් දුරකථන ඇමතුම් දුන්නේ මම සඳුදා පැමිණ එය එකතු කරගත්තොත් කමක් නැද්දැයි දැනගැනීමටය.


නමුත් දුරකථන වැඩ කරන්නේ නැත. ඒ නිසා හතරට එතැනට ගියත් හතර හමාරවන තෙක් ගමන් බලපත්‍ර සූදානම් වී තිබුණේ නැත. 


ඉන්පසු ගමන් බලපත්‍ර කඩිනමින් අප වෙත ලබා දුන් අතර සියලු දෙන සතුටින් විසිර ගියහ.


මම වාහනය නවතා ගියේ ශ්‍රීයානී ඩ්‍රෙස් පොයින්ට් එකේ bassman car park එකේය. ආපසු එතැනට යන විට සුරා බදු අධිකාරයේ කාර්යාලය ඉදිරිපිට කුඩා ෆෘට් සැලඩ් කඩයක් තිබෙනවා දැක, එය ඇතුළට ගොස් ඉඳගෙන ෆෘට්සැලඩ් එකක් ඕඩර් කෙරුවෙමි. විනාඩි දහයකින් පමණ පසුව අයිස් ක්‍රීමුත් ඕනෑදැයි මගෙන් ඔවුහු විමසූහ. කඩය කරන්නේ මුස්ලිම් ජාතික පියකු සහ දුවක බව මම නිරීක්ෂණය කළෙමි.


මම අයිස්ක්‍රීම් ද ඉල්ලා සිටියෙමි. ඉතා රසවත් වූ ෆෘට්සැලඩ් එක මම කන ගමන් කීයක් පමණ වේදැයි අනුමාන කරන්නට උත්සාහ කළෙමි. මගේ අනුමානය වූයේ රුපියල් හාරසීයක් පන්සීයක් අතර ගණනක් විය යුතු බවයි. එම ප්‍රමාණයේ ෆොට්සැලට් එකක් එවැනි පාර අයිනේ කඩයකින් මම වැල්ලවායේදී නිතරම කන්නට පුරුදු වී සිටියෙමි. එයින් එකක් රුපියල් හයසියයක් වූ බව මට මතකයේ තිබුණි.

මම මිල ඇසූ විට කාන්තාව මා පුදුමයට පත් කළාය. 

" රුපියල් දෙසීයයි සර්, මේ දවස්වල  පැණි කොමඩු එහෙම ගණන්" 

Friday, January 5, 2024

එක දවසෙන් පාස්පෝට් ලබා ගැනීම

 තව මාස දෙකකින් පිටරට යන්න සැලසුම් කරද්දී  මගේ ගමන් බලපත්‍රය මාර්තු මාසයේ කල්ඉකුත්වන බව දැක්කෙමි.

ටිකට් ගැනීමට කල් මදි වන නිසා ගමන් බලපත්‍රය කල් නොයවා ලබාගත යුතු හෙයින් එක් දින බලපත්‍රයක් ලබා ගැනීමට තීරණය කළෙමි.


මේ සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවාදැයි ගූගල් එකෙන් සොයා බැලුවෙමි. 

ඒවා නම් දැන් ගමන් බලපත්‍රය,

ජාතික හැඳුනුම් පත,

උප්පැන්න සහතිකය සහ උප්පැන්න සහතිකය යන ලියකියවිලි ය. 


ඡායා පිටපත් එක බැගින් සහ original ඉහත ලියකියවිලි මේ සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව  දුටුවෙමි.


ඡායාරූප ලබා ගැනීමට නිවසට ළඟින්ම තිබෙන studio එක google maps තුල පරීක්ෂා කළ විට මහනුවර ස්ටුඩියෝ කිහිපයක් තිබුනද с නගරයට යාමට වඩා කුණ්ඩසාලේ තිබෙන ස්ටුඩියෝ එකකට යාම ට්‍රැෆික් අඩු නිසා පහසු බැවින් එහි යාමට තීරණය කළෙමි.

බ්‍රහස්පතින්දා එහි ගොස්, ඡායාරූපය ලබා ගත් අතර ඔවුන් එය කෙලින්ම ආගමන විගමන කාර්යාලයට යවා  ඒ සම්බන්ධව රිසිට් එකක් ලබා දුනි. 


දවසකට ඇතුල් කර ගන්නේ සීමිත ප්‍රමාණයක් නිසා ටිකක් උදයෙන්ම යාමෙන් එක් දවසෙන් ගමන් බලපත්‍රය ලබා ගැනීම පහසු වන බව අසා තිබු නිසා උදේ පහ හමාරට ම වාහනයක් ගෙන්වාගෙන කටු කැළේ පාරේ ඇති පාස්පෝට් කාර්යාලය වෙත ගියෙමි.


ඒ වන විටත් එහි කොළඹ පැත්තේ සහ නුවර පැත්තේ සිට  පෝලිම් දෙකක් සෑදෙමින් තිබුණි. එකක් කොට වූ අතර අනෙක පෙර පෝලිම මෙන් තුන් ගුණයක් පමණ දිග විය. 


එක දවසකින් පාස්පෝට් ලබාගැනීමට රුපියල් විසි දාහක් ගෙවිය යුතු නිසා මම හිතුවේ කෙටි පෝලිම දවසේ පෝලිම විය යුතු බවය. එහෙත් එතනට ගොස් විමසන විට මට දැනගන්නට ලැබුණේ ඇත්තෙන්ම දවසේ ගමන් බලපත්‍ර පෝලිම දිග එක බවය. මම දවසේ ගමන් බලපත්‍ර පෝලිමට එකතු වූයෙමි. 


ඒ පෝලිම දෙස බැලූ විට මුලින්ම නිරීක්ෂණය වන කාරණයක් වන්නේ පෝලිමෙන් සියයට පනහකට වඩා සිටින්නේ මුස්ලිම් ජාතිකයන් බවය. ඒ අතර වයස්ගත වූ පිරිමි සහ කාන්තා දෙපර්ශවයම බොහෝ සිටිති. 


මෙසේ පහ හමාරට පමණ, පෝලිම් සෑදීම පටන් ගත්තත් පෝලිම්වල අය ඇතුළට ගන්නේ හතට පමණය. මේ අතර මෙම කාර්යාලය පිහිටා තිබෙන්නේ හරියටම මහනුවර උතුර ලංගම ඩිපෝවේ ඉදිරිපස නිසා එතනින් නිතරම බස් එළියට ගැනීම සිදුවෙයි. ඒ බස් එසේ ගන්නාවිට පෝලිම එයට ඉඩ දිය යුතු අතර  බසයෙන් පිටවන කලු දුමාරයෙන් පෝලිමම වසා ගනියි. පෝලිමේ සිටින්නන් කෙහෙල් කන් වූයේ නම් කාර්යාලයේ ඇතුළට ගැනීමට පෙර ඔවුන් ඉදෙන්නට ඉඩ තිබෙන බව මට සිතුනි.


මට ඉදිරියෙන් සිටි  දෙමාපියන් දෙදෙනෙකු සහ වයස දාසයක තරුණයෙකු, මා සමඟ කතාවට වැටුණු අතර, ඒ තිදෙදෙනාගෙන් දෙමව්පියන් දෙදෙනා, online තමන්ගේ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත්, තරුණයාට වයස දාසයක් පමණක් නිසා ඔහුට online ඉල්ලුම් කිරීමට නොහැකි නිසා අද මෙම පෝලිමට එකතු වූ බවත් මම දැනගත්තෙමි.


මට පසුපසින් සිටි තරුණයා ඊයේ ද මෙම පෝලිමට පැමිණ ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කළ ද ඔහු පෝලිමේ සිටි ස්ථානය ගේට්ටුවේ සිට තරමක් දුරින් පිහිටා තිබුණු නිසා උදේ හතට ඇතුලට ගන්නාවිට ඔහුට ඇතුලට යාමට නොහැකි වී ඇති බවත් මම දැනගත්තෙමි. 


මට ඉදිරියෙන් සිටි කෙනෙකු පෝලිමේ මුලට ගොස් අප සිටින ස්ථානය දක්වා කී දෙනෙකු සිටින්නේදැයි ගණන් කර අපට පැවසුවේ අප සිටින ස්ථානයට ගේට්ටුවේ සිට 110 දෙනෙකු සිටින බවය. එකසිය පනහක් පමණ හතට ගත්තත් අපට ඇතුල් වියට යාමට හැකිවන බවය.

https://lakshmanillangakoon.blogspot.com/2024/01/2.html?m=1

  Dear Chairman  Yesterday I saw in the news that your commission spend hundreds of millions of Rupees for printing of ballot papers.  I am ...