Showing posts with label health. Show all posts
Showing posts with label health. Show all posts

Sunday, August 2, 2020

කරෙයිනගර් හිදී කොන්දේ අමාරුව සුවකර ගැනීම - දෙවන සහ අවසාන කොටස



ඔහු සුදු පැහැය කමිසයකින් සහ සරමකින් සැරසී මා මුණ ගැසීමට පැමිණියේය. අඩි 6 කට කිට්ටුව උස ඔහු මුහුණ පුරා රැවුල වවා සිටියේය.

ඔහු සමග කථාවට වැටුනු පසු ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙකු බව මට වැටහින. ගුරු රැකියාවෙන් කලට පෙර විශ්‍රාම ගෙන ඇති ඔහු තරුණ කාලයේ සිටම කරාටේ සහ yoga පිළිබඳව උනන්දුවක් ඇති වී, ඒවා ප්‍රගුණ කර දිනපතා පුහුණු කරන පුද්ගලයකු බවට පත්ව සිටියේය. ඒ අතරම ඔහු යම් ලෙසකින් ලලිත් ඇතුලත් මුදලි ඇමතිතුමාගේ ඇසුරට වැටී ඔහුගේ යෝග උපදේශකවරයා ලෙසද, පුද්ගලික ආරක්ෂකයෙකු ලෙසටද, කටයුතු කර ඇති බව  ඔහු මට කියා සිටියේය.

මේ සියල්ල සලකා බලන විට ඔහු ඉන්දියානු දෙමළ චිත්‍රපටවල ඉඳහිට සිටින, අමුතු චරිතයක් වැනි පුද්ගලයකු බව මට වැටහුණි. ඔහු පෙනුමෙනුත් ඒ ආකාරයම විය.

ඔහු මට මගේ කොන්දේ අමාරුව සුව කර ගැනීමට යෝග ව්‍යායාම තුනක් මා ඉදිරියේම කර පෙන්වා සිටියේය.

මම එකල කඳවුරේ ටෙනිස් ක්‍රීඩාව, මේස පන්දු, ටකරං මඩුවක සාදා ගෙන සිටී gymnasium එකට යාම, පිස්තෝල වෙඩි තැබීම් පුහුණුව, යනාදී මෙකී නොකී සියලුම ක්‍රියාකාරකම්වල යෙදුන හෙයින් හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් සිටි  නිසා මෙම යෝග ව්‍යායාම වහාම කරන්නට උත්සාහ කළදකොන්දේ අමාරුවත් සමග ඒවා එතරම් පහසු නොවන බව මට පෙනී ගියේය.

එහෙත් යෝග ව්‍යායාමවල, ඔහු මට කියා සිටියේ, හරි ව්‍යායාම්  දෙසට උත්සාහ කිරීමත්, බොහෝ ප්‍රයෝජනවත් වන බවය. මම එලෙස ඔහු කියූ පරිදි perfection අතහැර ඒ වෙත යාමට උත්සාහ කරමින් සති දෙකක්  පමණ එම ව්‍යායාම කළෙමි. එහි ප්‍රතිඵල මා පුදුමයට පත් කළේය. මගේ කොන්දෙ අමාරුව සති දෙකක් යන විට සම්පූර්ණයෙන්ම සුවයට පත් විය.

මා කොන්දෙ අමාරුව ගැන කලින් නොකියු නිසා ඒ පිළිබඳව මෙතැනදී හෝ යම් විස්තරයක් කිරීම හොඳ යැයි සිතේ. මට මෙම වේදනාව ඇති වූයේ Lumber region or loin
නැමැති කොටසේය. මෙය සිංහලෙන් කියනවා නම් තට්ටම් දෙකට මැදින්  තරමක් ඉහළින් පිහිටි ස්ථානයයි.

මෙහි වේදනාව විශේෂයෙන්ම ඇති වන්නේ ඉඳගෙන හෝ නිදාගෙන සිට නැගිටින විටය. විශේෂයෙන් නිදාගෙන සිට නැගිටින විට මේ වේදනාව කොතරම් දරුණුද යත්, ඇඳෙන් නැගිටීමට අඩුවෙන්ම වේදනා දෙන  කෝණයක් සොයාගැනීමට විනාඩි පහළොවක් පමණ ගතවේ. එහි දරුණුම කාලයේ මම ඇඳ ළඟ බිම  සාමාන්‍යයෙන් තබාගන්නා smg ආයුධය අසල පොල්ලක් තබා ගෙන සිටියෙමි. ඇඳෙන් නැඟිටින්නට ඕනෑ වූ විට එම පොල්ල අතට ගෙන, එය බිමට තබා එයට බරදී නැගිටීම අපහසු අඩුම ක්‍රමය බව මම සොයා ගතිමි. පුටුවක ඉඳගෙන නැගිටින විටත් අත් දෙක යොදා ගෙන, පුටුවේ ඇඳි වලට බර දී නැගිටින එක වේදනාව අඩුම ක්‍රමය බවද, මෙම වේදනාව විඳපු අයට රහසක් විය නොහැක.

මෙලෙස මම මෙම රෝගී තත්ත්වයෙන් මිදුණු පසු ඔහුටද ඒ පිළිබඳව දන්වා ස්තුති කර,  මෙලෙසම කොන්දේ අමාරුවෙන් නිතරම වද විඳි මගේ මිතුරෙකුට මා දුරකථනයෙන් මේ පිළිබඳව පැහැදිලි කළෙමි. ඔහුටත් මාසයකින් පමණ මෙම රෝගී තත්ත්වයෙන් මිදෙන්නට හැකියාවක් ලැබී මට බොහෝ ස්තුති කළේය.

මා කලකින් පසු කරෙයිනගර්හි එළාර නාවික හමුදා කඳවුරෙන් මාරුවීම් ලැබ, නාවික හමුදා මූලස්ථානයේ මාණ්ඩලික තනතුරකට ගිය පසු, මෙම යෝගි ගුරුවරයා ඔහුගේ දරුවෙකුට කොළඹ විශ්ව විද්‍යාලයකට යාම සඳහා නැවතීමට තැනක් සොයා දෙන්න යැයි පවසා මා වෙත පැමිණි අතර, ඒ උදව්ව මම ඔහුට කර දුනිමි. ඉන්පසු ඔහු මට මුණ ගැසුණේ නැත, නමුත් මම තවමත් කොන්දෙ අමාරුව මතක් වන විට ඔහුට ස්තූති කරමි.

මේ සම්පූර්ණ මතකය මේ ලඟකදී මත වූයේ මට නැවතත් කොන්දෙ අමාරුව හැදුනු නිසාය. කොන්දෙ අමාරුව සම්පූර්ණයෙන් සුව වී ඇතැයි සිතූ මම දැන් අවුරුදු කිහිපයකට පෙර, ඊට පෙර දිගටම දෛනිකව කළ මෙම යෝග ව්‍යායාම් 3 කිරීම අතහැර දැම්මෙමි. Taken for granted කියන්නේ මේ වගේ වැඩවලටය. ළඟකදි මේස පන්දු ගසද්දී ඈතින් යන බෝලෙකට අත දිගුකර එය ආපසු ගැසීමට උත්සාහ කරද්දී, මට නැවතත් කොන්දෙ අමාරුව වැළඳුනි.
යහළුවන් කිහිප දෙනෙක් මට නොයෙකුත් ප්‍රතිකර්ම සහ වෙදදුරන් නිර්දේශ කළහ. දෙදෙනකු ඔවුන් නිර්දේශ කරන තෙල් වර්ග ගෙනත් දුන්නාහ. තවත් යාළුවෙකු ඔහු දන්නා යටවර වෙද මහතෙකු වෙත මා ගෙන යාමට ගෙදරට පැමිණියේය.

ඒ අතර මේ ගැන කතාකරද්දී  මට දැනගන්නට ලැබුණේ මමද දන්නා හඳුනන කිහිප දෙනෙකුටම මෙලෙස කොන්දේ අමාරු තිබෙන බවත්, බටහිර වෛද්‍ය ක්‍රම වලින් ඒවා සුව නොවන නිසා නොයෙකුත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත්ය.

මෙලෙස බොහෝ දුක් විදිමින් සිටිද්දී, එක් වරම මට කරෙයිනගර් වල සිදු වූ එම සිද්ධිය මතකයට පැමිණියේය. වහා එම යෝග ව්‍යායාම තුන කරන්නට පටන් ගත්තෙමි, හරියටම දවස් 10 කින් කොන්දෙ අමාරුව සම්පූර්ණයෙන්ම සුව විය.

හුදී ජන උපකාර පිණිස එම ව්‍යායාම තුන පහත පලකරමි.


 බුජන්ගාසනය - ගැඹුරු හුස්ම 15 



හුස්ම 15 ක් පමණ - මුනින්  අතට නිදාගෙන අත් ස්රුරේ දෙපැත්තට අල්ල ඉ හලට තබාගෙන කකුල් කෙලින් තබාගෙන හැකිතරම් ඉහලට එසව්ම 

හුස්ම 25 ක් පමණ - මුල් කාලයේ කකුල් දෙක ඉහලට තල්ලු කර දීමට කෙනෙක් සිටිය යුතුය 

Saturday, December 14, 2019

පේර සහ උන්ඩුක පුච්චය






අප කුඩා කාලයේ අප ගෙවත්තේ හොඳට පලදාව ලැබෙන පේර ගස් කිහිපයක් තිබුණි. ඇත්තෙන්ම දැන් ඊට වඩා පේර ගස් තිබේ. මම දකින අමුතු පේර වර්ග වල ඇට හෝ පල ලබාගෙන, වර්ග කිහිපයක පේර ගස් වවා ගෙන ඇත්තෙමි.
අප කුඩා කාලයේ පේර කන එක වැරදි වැඩක් ලෙස මිනිසුන් අතර මතයක් තිබුණි. පේර කෑවිට බඩේ කැක්කුම හැදෙන බව මෙයට හේතුවයි.
නමුත් අපේ ගෙදර එය පළතුරක් නිසා කෑමට ඉඩ දී තිබුනද, ඒ එක් කොන්දේසියකට යටත්වය. එනම් කිසිම අවස්ථාවක පේර ගෙඩි වල ඇට කෑමට නොගත යුතු බවය. එයට හේතුව ලෙස කීවේ පේර ඇට කෑ විට ඇපෙන්ඩිසයිටිස් සෑදෙන බවය.
අපේ අම්මාගේ පාසලේ ටීචර් කෙනෙකුගේ සැමියා වෛද්‍යවරයෙකු වූ අතර, ඇපෙන්ඩිසයිටිස් සෑදී උණ්ඩුක පුච්චය කපා ඉවත් කල විට, ඒ ඇතුලේ තක්කාලි සහ පේර ඇට තිබෙන බව අයගේ සැමියා දැක ඇති බව, මේ ටීචර් අම්මාට කියා ඇත. මේ අනුව පේර ඇට සහ තක්කාලි ඇට කෑ විට මෙම ව්‍යාධිය වැළදෙන බව සක්සුදක් සේ එකල පැහැදිලි වී තිබුණි.
මෙලෙස කුඩා කාලයේ ඇතිවුණු පුරුද්ද මට ගිය මාසය වෙනකන් තිබුණි. පේර ඇට වලින් ඇපෙන්ඩිසයිටිස් වැළදෙන බවට මට කිසිම සැකයක් තිබුනේ නැත.
ගිය මාසයේ සිට මගේ ගෙවත්තේ ඇඹුල් පේර ගස් තුනකම ගෙඩි පිරි තිබෙන අතර, දැන් ඉදෙන්නට පටන්ගෙන ඇත. අනික් පේර මෙන් නොව ඇඹුල් පේරවල ඇට වලට පිටින් තිබෙන මස කා ඇට බෝලය විසිකරන්නට තාමත් අපහසු බව, ඇඹුල් පේර කෑමට පුරුදු අයට අලුත්  ප්‍රවෘත්තියක් නොවේ. මම මේ නිසා උදයේ නැගිට කෝපි කෝප්පයත් පානය කරමින් ගෙවත්තේ ගස් පරික්ෂා කරන විට ඇඹුල් පේර ගස ලඟට පැමිණි පසු, ඉදුණු ගෙඩි 10 ක් පමණ කන්නට පුරුදු වුයෙමි. එහෙත් ඒවායේ ඇට වෙන් කරමින්  ඉන්නට ඇති අපහසුව නිසා ගෙඩි පිටින්ම කන්නට පටන් ගත්තෙමි.
එහෙත් ඇට ප්‍රශ්නය මගේ සිතේ තදින් බලපෑවේය, මේ පිළිබඳව අන්තර් ජාලයේ පරීක්ෂා කල යුතු යයි සිතාගෙන සිටියද, දෛනිකව බලපාන වැඩක් නොවන නිසා දවසින් දවස කල් ගියේය.
එහෙත් අද උදේ මෙය කරන්නම ඕන වැඩක් නිසා, පේර කනවිටම එය මතක් වනවිට එතනදීම පේර ඇට ගැන ගූගල් කර පරීක්ෂා කලෙමි.
එම ප්‍රතිපල මා පුදුමයට පත් කළේය. ඉන්පසු මම උණ්ඩුක පුච්චයේ ඉතිරිවන පේර සහ තක්කාලි ඇට කතාව ඇත්තක් දැයි පරීක්ෂා කලෙමි. එහි ඇත්තක් තිබේ. එහෙත් එම ඇට නිසා ඇපෙඩිසයිටිස් හැදෙන්නේ නැත. ඒවායෙන් ඇපෙන්ඩිසයිටිස් හැදෙනවා යැයි කීම හරියට අර ලෙඩාගේ ඇඳ යට කොස් කටු දැක, කොස් නිසා බඩේ අමාරුව හැදුන බව කී වෙදමහතා වැනි කතාවකි.
කෙසේ වුවත් මෙම හොඳ ප්‍රවෘත්තිය එනම් පේර ඇට අප සෞඛ්‍යට ඉතාමත් හොඳ බවත්, අප කන හැම පේර ගෙඩියකම ඇට කා යුතු බවත්, එලෙස පේර ඇට කෑමෙන් පහත ප්‍රයෝජන ලැබෙන බවත් අප සිත්හි තබාගත් යුතුය.
ගුණ
රුධිර පීඩනය අඩුවෙයි.
බර අඩු කිරීමට උපකාරී වෙයි.
බඩ වියලීම අඩුකරයි (constipation).
රුධිර සීනි පාලනයට උදව් කරයි.
කොලෙස්ටරෝල් අඩු කරයි.
හදවතට හොඳයි.
ඊළඟ පාර පේර ගෙඩියක් කන විට ඇට ටිකත් හපා කන්න.  


Sunday, October 14, 2018

පිළිකා ප්‍රතිකාර






සාමාන්‍යයෙන් පිළිකාවක් කියූ විට අප සියලු දෙනා බිය වන්නේ බොහෝ පිළිකාවන් සඳහා හරි හමන් ප්‍රතිකාර ක්‍රමයක් නොමැති හෙයින් පිළිකාවක් වැළදුන කෙනෙක් සෑම විටම පාහේ බොහෝ දුක් විඳ මිය යන නිසාය.
පිළිකා සඳහා ඇති නොයෙකුත් ප්‍රතිකාර ඉතාමත් වේදනාකාරී වන අතර ප්‍රතිකාර ලබා ගැනීමේදී බොහෝ දේ පරිත්‍යාග කරන්නටත් සිදුවේ. එම දුක්විදීම  රෝගියාට පමණක් නොව ඥාති මිත්‍රාදින්ටද පොදුය. කොතරම් මුදල් තිබුනද පිළිකාවෙන් බේරෙන්නට බැරිය. ඇපල් අයිතිකරු ස්ටීව් ජොබ්ස් මියගියෙත් පිලිකාවකිනි. මුදල් වියදම් කර සනීප කරගන්නට පුළුවන් නම් ස්ටිව  ජොබ් මිය නොයනු ඇත.
ඇත්තෙන්ම දැන්  පිළිකා සඳහා කරන ප්‍රතිකාර ලබා ගැනීම කිසිම වැඩකට නැති බවත් එය බොහෝ දුක් විදින අවුරුදු කිහිපයක් නයට ගන්නවා වැනි වැඩක් යැයි කියනු මා අසා තිබේ. එහෙත්  පිළිකා රෝගය නිට්ටාවටම සුවකල හැකි ; විදුලියෙන් හෝ රසායනික ද්‍රව්‍ය මගින් නොවේ, අළුත් ජීව විද්‍යාත්මක ක්‍රමවේදයක් යොදා ගෙන ඇමරිකාවේ සහ ජපානයේ රෝගීනට ප්‍රතිකාර කිරීමට  පටන් ගෙන තිබේ. එකිනෙකාට ස්වාධීනව මෙම නව සොයා ගැනීම සිදුකල ඇමරිකානු සහ ජපාන විද්‍යාඥයන්ට 2018 වර්ෂයේ වෛද්‍ය විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය ලැබුණි.
මෙම ප්‍රතිකාර ක්‍රමය සැකවින් විස්තර කළහොත් පහත පරිදි වෙයි.
අපගේ ශරීර වල  පිටතින් පැමිණෙන බැක්ටීරියා , වයිරස් වැනි බාහිර රෝගකාරකයන් ගේ   ආක්‍රමණයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක පද්ධතියක් තිබේ. මෙම ආරක්ෂක  පද්ධතිය පැරණි බළකොටුවක ආරක්ෂක පද්ධතිය මෙන් තුන් වැදරුම්ය.   

 මේ අතර  ප්‍රධාන වශයෙන් චර්මය, කඳුළු, ජීරණ පද්ධතියේ අම්ල, හොටු, මිතුරු බැක්ටීරියාවන් යනාදිය සතුරා පැමිණීම වැළක්වීමේ මුල්ම ආරක්ෂක පද්ධතියේ  අඩංගු වෙයි.
දෙවෙනි ආරක්‍ෂිත ක්‍රමවේදය පලවෙනි ආරක්‍ෂිත වළල්ලෙන් මිදි ඇතුලට පැමිණි රෝග කාරකයන් හා සටන් වදින පැසවීම්, උණ, රතු පහ ගැන්වීම් මඟින් නොයෙකුත් ප්‍රෝටීන සහ සෛල ඇතුලට පැමිණි රෝග කාරකයන් විනාශ කිරීම සිදුවේ. මේ අතරට බාහිරින් පැමිණි දෑ විනාශ කිරීමට නොයෙකුත් රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමද ඒවා යොදාගෙන බාහිරින් පැමිණි රෝග කාරක විනාශ කිරීමද සිදුවෙයි.
තුන්වන ආරක්ෂක පද්ධතිය සමන්විත වන්නේ ශරීරයේ ඒ සඳහා විශේෂිත වූ සෛල මගින් ( සුදුවන් රුධිර සෛල ) බාහිරෙන් පැමිණෙන රෝග කාරක විනාශ කිරීමයි. මෙහිදී ශරීරයට පැමිණි රෝග කාරකය හඳුනාගෙන එක් එක් කාරකයන්ට ගැලපෙන පරිදි ප්‍රතික්‍රියාවන් සිදුකර රෝග කාරකයන් විනාශ කරයි.
මේ ආරක්ෂක වළලු තුනෙන්ම ශරීරයේ පිළිකා සෛල ඇති වුවහොත්  විනාශ කිරීමට හැකියාවක් නොමැත. එයට හේතුව පිළිකා සෛල වල. ඒවා හටගන්නා  සිරුරේම DNA සලකුණ සහිත වීමයි. මෙතෙක් කලක් මේ හේතුව නිසා ශරීරයේ ආරක්ෂාවට සිටින සෛල පිළිකා සෛල සමඟ සටන් කළේ නැත. නමුත් මෙවර නොබෙල් ත්‍යාගය දිනු විද්‍යාඥයන් අප ශරීරයේ තිබෙන රෝග කාරක හා සටන් කරන සෛල වලට තම ශරීරයේම ඇති පිළිකා සෛල සමඟ සටන් වැදීමට කියා දීමට ක්‍රමයක් සොයාගෙන තිබේ. 
මෙලෙස කියාදෙන්නේ අපේ ශරීරයේ ආරක්ෂා කරන සෛල වල තමන්ගේම DNA ලකුණ තිබෙන සෛල එක තැනක වැඩිපුර ශීඝ්‍රයෙන් ජනනය වන විට ,පිළිකාවක්, එය ශරීරයට වින කරන්නක් බව හඳුනාගැනීමට හැකිවන පරිදි ‘චෙක් පොයින්ට් මගහරින්නන්’ නමින් හැඳින්වෙන බෙහෙත් වර්ගයක් යොදා ගැනීමෙනි. මෙම බෙහෙත් මගින් අපගේ සිරුරේ ඇති සුදුවන් රුධිර සෛල වලට පිළිකා සෛල සමග සටන් කර විනාශ කරන්නට ඇති නොහැකියාව නැති කරයි. දැනට අවුරුදු 5 කට පෙර ඇමරිකාවේ FDA ආයතනය මේ හා සමාන බෙහෙත් වර්ග රෝගීන් වෙත ලබාදීමට ඉඩ දී ඇති අතර ඒවායෙන් ඉතා සාර්ථක ප්‍රතිපල ලැබී ඇත.
මෙය මනුෂ්‍ය සංහතියට ඉතාමත් සුභදායක ආරංචියකි. රසායනික සහ විද්‍යුත් ක්‍රම මගින්; හරියටම යහපත් ප්‍රතිපලයක් ලැබෙනවා යන්නත් නොදැන, කරන්නාවූ ඉතා දුෂ්කර ප්‍රතිකාර මෙම අලුත් ප්‍රතිකාර ක්‍රමයෙන් අවසන් වනු ඇත. දැනට ඉතාමත් මිල අධික මෙම බෙහෙත් වර්ග තව කලක් යන විට සෑම දෙනෙකුටම පාහේ ලබා ගැනීමට හැකි තත්වයකට පැමිණෙනු ඇත.
පටන්ගෙන අවුරුදු 5 ක කාලයක් ගත වී ඇති වුවද මේ ගැන අපේ මාධ්‍ය තුල කිසිදු සාකච්ඡාවක් වනවා දකින්නට නොලැබීමද පුදුම සහගතය.     

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...