Tuesday, May 31, 2022

දුර්භික්ෂය අභිමුඛව වහාම කළ යුතු දෑ මොනවාද කළ යුත්තේ කවුරුන් විසින්ද

 අප දුර්භික්ෂයක් අභිමුඛයට පැමිණ ඇති බවට පැහැදිලි සාක්ෂි තිබේ. දැන් පෙනෙන විදිහට යල කන්නයත් එතරම් සාර්ථක වන බවක් පෙනෙන්නට නැත.

රජය සහ ඇමතිවරු අපට වවන්නට කියති. ජනාධිපති වරයාද කෘෂිකර්ම නිළධාරීන්ට අපට වවන්නට උදව් කරන ලෙස පවසා සිටියේය.

අර පසුගිය අවුරුදු වල කළා මෙන් පැළ කිහිපයක් නිවෙස් වලට බෙදා දීමෙන් ඇට පැකට් එකක් දීමෙන් නැවතත් කෘෂිකර්මයට උදව් කරන්නට උත්සාහ කරනු ඇත.

නමුත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක එමෙන්ම ඉතාමත් අකාර්යක්ෂම උදව් කිරීමකි.

ඇත්තෙන්ම ගම්වල; නගර වල කොහොමත් ඒ තරම් ඉඩක් වගාකිරීමට නොමැත, වගා කිරීමට උදවු කිරීමට අවශ්‍ය නම් කළ යුතු වන්නේ අපගේ වගාවන්ට අකුල් හෙලන සතුන්  ඉවත් කර දීමයි. මෙසේ ඉවත් කළ යුතු සතුන් වන්නේ වල් ඌරන් සහ ඉත්තෑවන් සහ රිලවුන් ය. 

මෙම තර්ජනය ොයෙකුත් ප්‍රදේශයන් අනුව අඩු වැඩි වශයෙන් පවතී.

ඇඟෙන්ම ගොවියකු වන මම, මහනුවර අවට ගමක කුඹුරු සහ ගොඩ ගොවිතැන කරන්නෙමි. 

මගේ ගොඩ ගොවිතැනට තිබෙන විශාලම ප්‍රශ්නය ඌරන් සහ ඉත්තෑ වන්ය. ඉඳහිට එන රිලවෙකු දෙන්නෙකු, මගේ බල්ලා විසින් එලවා දමන නිසා ිලවුන්ගේ ප්‍රශ්නය මට බලපාන්නේ නැත. 

නමුත් අපේ ගමේ දවසකට දෙවරක් පමණ ඇසෙන රතිඤ්ඤා සද්ද වලින් ට එසේ නොමැති වුව ද එම ප්‍රශ්නය බලපාන බොහෝ ගෙවතු තිබෙන බව දැන ගන්නට පුලුවන.

මම නොයෙකුත් ක්‍රම යොදාගෙන ඌරන් සහ ඉත්තෑවන් හට ඉඩමට ඇතුළු වීමට අපහසු කිරීමට කටයුතු කරගෙන තිබේ. 

එහෙත් ඔවුන් යම් ක්‍රමයකින්, ඉඩම් වටා ඇතුළුවූ යන්නට විදිහක් සාදා ගත්තොත්, මුළු වගාවම විනාශ කරන්නට ඔවුනට ගත වන්නේ එක් රාත්‍රියක් පමණි.  

මෙයට හොඳ උදාහරණයක් පසුගිය මාසයේ සිදු වුණි. ඒ කෙසේ හෝ රාත්‍රියේ ඉඩමට පැමිණි ඉත්තෑවකු හෝ දෙන්නෙකු, අපේ උද්‍යානයේ වවා තිබුණු ඉතාම සරුවට වැවෙමින් තිබුණුඇම්බන් සහ සුවඳැල් කෙසෙල් පැල හතරක් වටේට හාරා බිමට පෙරළා ඒවායේ අල සියල්ල පතුරු ගසා කා දමා තිබීමය.

මෙ නිසා අල ලබාගත හැකි මඤ්ඤොක්කා බතල අල කොල වැනි බෝග වගා කිරීමට කවුරුත් කැමැත්තක් දක්වන්නේ නැත. මෙතන බෝගය පාඩු වනවාටත් වඩා එම පැළ විනාශ කර තිබෙනවා දකිනවිට ගොවියාට ඇතිවන කණගාටුව ඔහුට ගොවිතැන සම්පූර්ණයෙන්ම එපා කරවයි.

රජයට මේ හදිසියේ ගොවිතැන යම් තත්වයකට හෝ දියුණු කරන්නට ඕනෑ නම් කළ යුතු වන්නේ මේ බාධාව ඉවත් කර දීමයි. රටේ කෘෂිකර්ම නිෂ්පාදනය මේ සතුන් ග්‍රාමීය ප්‍රදේශවලින් ඉවත් කරන්නේ නම්, 20% කින් වත් වැඩිවනු ඇත.

මේ සතුන් ඉවත් කරන්නට කළ හැකි මොනවාද? 

මටනම් හිතෙන්නේ මෙ කටයුත්ත ත්‍රිවිධ හමුදාවට බාර දීමයි. රටේ නොයෙකුත් පරිපාලන ප්‍රදේශ අනුව මෙම කර්තව්‍ය හමුදාවලට භාර දෙන්නෙ නම් මාස කිහිපයකින්ම මෙම කටයුත්ත අවසන් කර ගැනීමට පුළුවන් වනු ඇත. එය ජාතික මෙහෙවරක් ලෙස හමුදාව ද එය ඉටු කරනු ඇත. 

අනෙක එම කාර්යයේ යෙදෙන කිසිම හමුදාවේ නිලධාරියෙකු කිසිම හිතේ දෙගිඩියාවක් නොමැතිව තමන් රටට සේවයක් කරන්නේ යැයි ප්‍රබුද්ධ හැඟීමෙන් එම රාජකාරි යෙදෙන්නට ද පුළුවන. 

හමුදාව දැනට කරන යුදමය නොවන රාජකාරීන් අතරින් මෙය ඩාත්ම ප්‍රයෝජනවත් රාජකාරිය වනු ඇතැයි සිතේ.

Thursday, May 19, 2022

Lost in banks බැංකු තුළ අතරමං වී

 දැන් බොහෝ වැඩ කර ගන්නේ දුරකථනයෙන් online නිසා, මම බැංකුවලට යන්නේ ඉතාමත් කලාතුරකිනි. නමුත් අද උදේ මගේ සාමාන්‍ය බැංකුවට නොව, වෙනත් රජයේ බැංකුවකට යාමට සිදුවිය.


මම එතන ලයින් එකේ සිටියදී මට ඉදිරියෙන් සිටී මැදිවියේ කාන්තාවක් බිල් දෙකක් ගෙවීමට උත්සාහ කළාය.


බැංකු නිලධාරිනිය ඇයට එම මුදල් ාර්යාලය ඉදිරිපස තිබෙන යන්ත්‍රයෙන් ගෙවන ලෙසට උපදෙස් දුන්නාය. එසේ මුදල් ගෙවීමට ඇයට තේරුමක් නොමැති බව එම කාන්තාව බැංකුවේ තරුණියට කියා සිටියාය.


බැංකු නිලධාරිනිය ඉදිරියේ සිටින ආරක්ෂක නිලධාරියා ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසට ඇයට කීවාය. ඇය ආරක්ෂක නිලධාරියා වෙතට ගොස් ඔහුගෙන් උපදෙස් ඉල්ලා සිටියද ඔහු ඇයට උපදෙස් දීම ප්‍රතික්ෂේප කළේය.

ඇය නැවත පෝලිම වෙත පැමිණ බැංකු නිලධාරිනියට මේ බව පවසා මුදල් ගෙවීමට උත්සාහ කළාය. 


නමුත් ඇය කියා සිටියේ, යන්ත්‍රයෙන් මුදල් ගෙවන ලෙස ය. කාන්තාව මහත් අසරණ තත්ත්වයට පත්ව සිටියාය. මේ සිද්ධිය දෙස බලා සිටි මම ඇයට උදව්වක් කරන්නට සිතා මා එනතුරු බැංකුවේ ඉදිරිපස බලා සිටි මගේ මිතුරාට, ඇයට උදව් කරන ලෙසට කිව්වෙමි.

එහෙත් ඔහුත් එයට මැලි කළේ සමහරවිට පුරුදු නැති දෙයක් කරන්නට ගොස් මුදල් නැති වීම වැනි යම් අකරතැබ්බයක් සිදුවූවොත්, ඔහුටත් එයට මුහුණ දෙන්නට සිදුවන බව සිතා විය යුතුය.


මම මගේ වැඩේ කරගෙන එළියට ආපසු මගේ මිතුරා මට ඔහුට ආරක්ෂක නිලධාරියා කියූ දෙයක් මට කීවේය. 

පසුගිය සතිය වන තෙක්, එම බැංකුවේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සේවය කර ඇත. එහෙත් පසුගිය දිනක බැංකුවේ මූලස්ථානයෙන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ගෙන් එක් අයෙකු අඩු කරන ලෙස දැනුම් දී ඇත. 


දෙදෙනෙකු සිටින කාලයේ එවැනි කුඩා උපකාර බැංකුවට කළ ද තනියම සිටින විට එසේ කරන්නට යාම සුදුසු නැති බව දැන් මෙතන සිටින ආරක්ෂක නිලධාරියා සිතයි, එයත් සාධාරණය.

ඔහු මගේ මිතුරා වෙත තවත් කාරණයක් කියා ඇත. 

එනම් ඒ කාන්තාව තැපැල් කන්තෝරුවක් වෙත ගියේ නම් එම බිල් ගෙවීම නොමිලේම කරගත හැකි බවය. බැංකුවේ ගෙවන බිල්පත් සෑම එකකටම රුපියල් 12ක් ද අය වෙන බවය.


සුළු තාක්ෂණයන් වත් පාවිච්චි කරන්නට නොහැකිව සෑම තැනම හිරවන, පරම්පරාවක් දැන් අපේ සමාජයේ ඇති වී ඇති බව පෙනේ.


එසේම බැංකු ීට වඩා ගනුදෙනුකරුවන්ට මිත්‍රශීලී වී , මෙවැනි අවස්ථාවල දී ක්‍රියා කළ යුතු අන්දම, යන්ත්‍ර භාවිතා කිරීමට නොදන්නේ නම් තැපැල් කන්තෝරුවකට යායුතු බව වත්, දැන්වීම් මගින් කියා දිය යුතු නේද? 


Tuesday, May 17, 2022

ගාල්ල වරායේ භූගෝලීය වටිනාකම උපායමාර්ගික ලෙස ආර්ථිකයට යොදා ගැනීම- ඇවන්ගාඩ් ව්‍යාපෘති

 



ගාල්ල වරායේ භූගෝලීය වටිනාකම උපායමාර්ගික ලෙස ආර්ථිකයට යොදා ගැනීම- ඇවන්ගාඩ් ව්‍යාපෘති


මම ඇවන්ගාඩ් සමාගමේ උපදේශන කටයුතුවල යෙදෙද්දී, නොයෙකුත් අපට ලැබෙන යෝජනා ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව අධ්‍යනය කර ඒ පිළිබඳව සභාපතිවරයා දැනුවත් කිරීම මගේ වෘත්තීය කටයුතු වල කොටසක් විය.

අපට වරෙක එංගලන්තයේ ්‍යාපාරික කාර්යාලය පිහිටා තිබුණු ඊශ්‍රායල් සහ ජපාන ව්‍යාපාරිකයන් පිරිසකගෙන් අපූරු ව්‍යාපාර යෝජනාවක් ලැබුණි. සමහරවිට එම යෝජනාව මම එහි සේවය කරන කාලය තුළ දුටු හොඳම යෝජනාව යැයි කියන්නට පුළුවන. එම යෝජනාවේ ඇතුළත් වූයේ ්‍රී ලංකාවේ දකුණු දෙසින් නිතිපතා ගමන් කරන වෙළඳ නෞකා වල ඇති ඒවායේ ඉන්ධන දහනය වන විට අතුරුඵලයක් ලෙස සෑදෙන, sludge oil, නෞකාවලින් ඉවත් කරගෙන ගොඩබිමට ගෙන ඒමයි. 


මෙසේ එම නෞකා වලට sludge oil ඉවත් කර ගැනීමට අවශ්‍යතාවයක් තිබෙන්නේ ඒවා නෞකාවෙන් මුහුදට ඉවත් කිරීමට පරිසර හේතු මත ඉඩ නොලැබෙන නිසාය. එසේ හෙයින් ඔවුන් එලෙස ගමන පුරා එකතු වන එම sludge oil ගමනක අවසානයේ වරායක දී ඉවත් කළ යුතුය. මේ සඳහා දියුණු වරායවල ලොකු මුදලක් ගෙවිය යුතු අතර එයට කාලයක්ද ගත වේ.

මේ නිසා මේවා ගමන අතරමඟ මුහුදෙ ඉවත් කර ගැනීමට හැකි වන්නේ නම් ඔවුනට වාසි දෙකක් අත්වේ. 

එකක් ,ගමන අවසානයේ වරායේදී ඉවත් කිරීමට තිබෙන තෙල් ප්‍රමාණය බොහෝ අඩු වීම වන්නේය. දෙවැන්න එලෙස මගදී නෞකාව සැහැල්ලු කර ගැනීමට හැකි නම්, නැවේ පිළිස්සෙන ඉන්ධන ප්‍රමාණය අඩු කර ගත හැකි වීම ය. 

මෙම වාසි ලැබෙන නිසා ගාල්ලේ දී මෙලෙස ගමන අතරමඟ sludge oil ඉවත් කර ගැනීමට ඔවුනට හැකියාව ලැබෙන්නේ නම් ඉවත් කරන එක ටොන් එකක් සඳහා ඩොලර් පනහකට වැඩි ගාස්තුවක් ගෙවීමට එම නෞකාවලින් ැමැත්ත ප්‍රකාශ කර තිබිණ. 

මෙම ව්‍යාපාරික යෝජනාවේ තිබුනේ කුඩා නැව් දෙකක් පාවිච්චි කර ගමනේ අතරමඟ ගමනේ යෙදෙද්දී ම sledge oil  ගාල්ල වරායට රැගෙනවිත් බවුසර් මගින් ඒවා පිරිපහදු සංකීර්ණයක් වෙත රැගෙන යාමයි. එම පිරිපහදු සංකීර්ණය ගොඩනැගීමද ෙම ව්‍යාපෘතියේ කොටසක් විය. මෙම සංකීර්ණයේ දී  එසේ ලබාගත් පිරිපහදුවට ලක්කර එම sludge oil, diesel oil, cooking gas සහ ශුද්ධ කාබන් බවට පරිවර්තනය කර ගැනීම ්‍යාපාරය ඉතිරි කොටස විය. මේ සඳහා ිරිපහදු යන්ත්‍ර ජපානයෙන් පැමිණීමට නියමිතව තිබුණු අතර ඒවායින් කිසිම පරිසර හානියක් සිදු නොවන බවට ඔවුන් සහතික කර තිබිණ.


අපි මේ සඳහා   යෝජනාවක් සකස් කර, පහත සඳහන් රාජ්‍ය ආයතන වලින් අවසර ලබා ගත්තෙමු. මේ සෑම රාජ්‍ය ආයතනයකින්ම අවසර ලබා ගැනීමට ඒවාට ගැළපෙන අන්දමෙන් වෙන වෙනම යෝජනා සකස් කර ගැනීමට සිදු වූ අතර එම සෑම රාජ්‍ය ආයතනයකම අනුමැතිය ලබාගැනීමට සභාපති වරයා සහ මම පුද්ගලිකවම එම ආයතන වලට කිහිප වතාවක් ගියෙමු.

1.වරාය සහ නාවික අමාත්‍යාංශය

 2. සභාපති ්‍රී ලංකා වරාය අධිකාරිය

 3. ශ්‍රී ලංකා රේගුව

 4. ශ්‍රී ලංකා සාගර ආරක්ෂක ආයතනය

 5.  මධ්යම පරිසර අධිකාරිය

මෙම ආයතන වල පස් වෙනි එක ඇරෙන්නට, අනෙක් ආයතන වල අනුමැතිය ලබා ගැනීමට අපට හැකි විය. මධ්යම පරිසර අධිකාරිය මේ සඳහා අනුමැතිය ලබාදීමට මෙහි පිරිපහදුව පවත්වාගෙන යන ස්ථානය ඔවුනට දැනගැනීමට අවශ්‍ය බව, කියා සිටියහ. 

මේ පිළිබඳව කටයුතු කරගෙන යාමේදී ්‍රශ්නයක් පැන නැගිණි.......


ලංකාවේ සෑම දිනකම පාහේ පැවැත්වෙන විරෝධතා සහ පෙළපාලි නිසා මෙම ආයෝජකයන් අපගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණි. ඒ මෙම පිරිපහදුව ගොඩනැඟීමට ඒ සඳහා විශේෂයෙන් වෙන් කළ රජයේ යම් කර්මාන්ත කලාපයක් තුළ, භූමියක් ලබා ගත යුතු බවයි. එසේ නොමැති නම් අප පිරිපහදුව ගොඩනැගීමට ලබා ගන්නා ඉඩම අවට ගම්වල මිනිසුන් විශේෂයෙන්ම මෙය විදේශීය සමාගමක් විසින් කරන නිසා විරෝධතා දැක්වීමට බොහෝ ඉඩකඩ තිබෙන බවයි. 

මේ සඳහා ඉඩම ලබා ගැනීමට ගාල්ල අසල පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කාර්මික කලාපයක ඉඩමක් ලබා ගැනීමට අපි තීරණය කළෙමු. අප සමාගමේ සේවය කරන මීට පෙර ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වරයෙකුව සිටි මෙවැනි වැඩ වලට ඉතාමත් දක්ෂ නිලධාරියෙකු ේ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයට යැව්වෙමු. ඔහු අප වෙත රැගෙන ආවේ කනගාටුදායක ආරංචියකි. ඒ ,එම කර්මාන්ත කලාපය අවට ගම්වාසින් විසින් අල්ලාගෙන ඇති නිසා එයින් ඉඩමක් ලබාගැනීමට හැකියාවක් නොමැති බවය. 

ඉන්පසු මේ සඳහා ආයෝජන මණ්ඩලයේ ගාල්ල අවට තිබෙන කලාපයේ මේ සඳහා ඉඩමක් ඉල්ලා ගැනීමට, මේ නිලධාරියා ම පිටත් කළෙමු. 

ඔවුන් කියා සිටියේ මෙම කර්මාන්තයෙන් නිපදවෙන නිෂ්පාදන බොහොමයක් පිටරටට අපනයනය නොකරන නිසා ඔවුන්ට මේ සඳහා වෙළඳ කලාපයේ ඉඩමක් ලබා දීමට නොහැකි බවය. අපනයනය කරන්නේ නිෂ්පාදනයෙන් සුළු කොටසක් වන ශුද්ධ වූ කාබන් පමණක් වුව ද ඉතිරි නිෂ්පාදන සියල්ල, ලංකාවට පිටරටින් විදේශ විනිමය වැය කර ගෙන්වන, අමුද්‍රව්‍ය නිසා මෙම ව්‍යාපෘතිය විදේශ විනිමය ඉතිරි කිරීමෙන්, ප්‍රතිඵල ගත් විට, අපනයනකට  හා සමාන බව අප කියා සිටියද එය පිළි ගැනුණේ නැත.


විදේශීය ආයෝජකයන් යම් ්‍යාපෘතියක මුදල් යෙදවීමට පැමිණෙන්නේ එය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන බවට බලාපොරොත්තු තබා ගනිමිනි. මක්නිසාද ඒ මුදල් ආයෝජනය කිරීමට බලාපොරොත්තුව සිටින්නන්  ආයෝජනයක මුදලේ යෙදවීමට පරක්කු වන්නේ නම් එම මුදල් වෙනත් ආයෝජනයක යෙදවීමට ඔවුන්ට ඉඩ තිබෙන නිසා ය. 

දැන් අපි මෙසේ පරක්කු වන විට ම ආයෝජකයන්ගේ උනන්දුව ක්‍රමයෙන් අඩු විය. අවසානයේ අපට යමක් කර ගන්නට බැරි පුද්ගලයන් පිරිසක් යැයි ඔවුන් සිතුවා වෙන්නටත් පුළුවන. කෙසේ හෝ කල් ගතවන විට එම ආයෝජකයන්ගේ මෙය ව්‍යාපෘතියට තිබුණ උනන්දුව අඩුවී ගියේය.

 





Tuesday, May 3, 2022

ඇවන්ගාඩ් ව්යාපෘති 2

 යෝජනාව සකස් කර අවසන් වූ පසු එය ිදුලිබල අමාත්‍යාංශයට සහ පුනර්ජීවන විදුලිබල අමාත්‍යංශය ට ඉදිරිපත් කළෙමු. ලංකාවේ විදුලි බල පද්ධතියට පසුගිය දශකයේ පමණ විදුලි බල ජනකයන් එකතු නොකිරීම නිසා අප විදුලිබල හිඟයකට ඉක්මනින්ම මුහුණපාන්නට සිදුවන බවට බොහෝ දෙනා එකල කියමින් සිටි නිසා මේ යෝජනාව, විශේෂයෙන්ම රජයේ මුදල් ද වැය නොවන නිසා, දුටු සැනින් ක්‍රියාත්මක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වූයෙමු. 

ටික කලක් බලා සිටියද කිසිදු පිළිතුරක් නොලැබුණි. 

මෙයින් විශ්මයට පත් වුණු අපි මේ ගැන සාකච්ඡා කළෙමු. ඉන්පසු නිශ්ශංක දිනයක් සහ වේලාවක් යොදාගෙන මමත් සමඟ සුවිනීත බල ඇමතිවරයා හමුවීමට ගියේය. 

ඔහු ඉතා සාදරයෙන් අප පිළිගත්තේය. ඒ කාලේ ප්‍රධාන මාතෘකාවක් ව තිබුණු ධම්මික පැණිය ගැන අප බොහෝ වෙලාවක් කතා කළෙමු. ඉන්පසු අපේ යෝජනාව ගැන කතා කළ අතර ඔහු ඒ ගැන බලවත් උනන්දුවක් දැක්වීය. 

නිලධාරීන් කිහිපදෙනකු ද ගෙන්වා මේ පිළිබඳව සාකච්ඡා කළ ඔහු දුරකතනයකින් තවත් නිලධාරියෙකුට ද මේ පිළිබඳව පැහැදිලි කළේය.

ඉන් පසු කාන්තාවක් එතැනට ගෙන්වා, අපත් සමග මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන ලෙසට ඇයට දන්වා සිටියේය.

මේ අතර මෙම ව්යාපෘතියේ අප සමාගමට ලැබෙන්නා වූ කොටස 10% ක් බව ඊශ්රායල සමාගම ප්‍රකාශ කර සිටියද අප සාකච්ඡා කර එය සියයට 15 දක්වා වැඩි කර ගත්තෙමු.


මෙවැනි ව්‍යාපෘති අනුමත කරන්නේ සහ ඒවා සම්බන්ධීකරණය කරන්නේ සුවිනීත බලාධිකාරිය නිසා ෙම ව්‍යාපෘතිය ඒ හරහා යා යුතු බව පැවසූ එම සම්බන්ධීකාරක අපගේ යෝජනාව ඔවුනටද ඉදිරිපත් කරන ලෙස මට දන්වා සිටියාය. අප එසේ කළ ද කිසිවක් සිදු වනවා පෙනෙන්නට තිබුණේ නැත. කිහිප වරක් මතක් කිරීමෙන් පසුව, මට එම සභාපති වරයා සමග මුණගැසීමත් පිළියෙල කරන්න බව මෙම කාන්තාව මට දන්වා සිටියාය. ඇයද මා සමග එතැනට යාමට එන බවද පැවසුවාය.

දින කිහිපයකට පසුව මම එම සාකච්ඡාව සඳහා එතනට පැමිණිය නමුදු එම සම්බන්ධීකාරක සාකච්ඡාවට පැමිණ සිටියේ නැත. මම ගොස් එහි සභාපති වරයා මුණ ගැසුනෙමි. ඔහු සාකච්ඡාවේදී මට කියා සිටියේ මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරන්නට ඔවුන් බලාපොරොත්තු වන බවත් එසේ ටෙන්ඩර් කැඳවන විට අපට ඔහු දන්වා සිටින බවත්ය. 

එසේ සූර්ය බල ශක්තිය ජනනය සඳහා ටෙන්ඩර් කැඳවන්නේ නම්, අඩු තරමෙන් මුහුදු රැල්ලෙන් විදුලිය ජනනය කිරීමේ ියමු ව්‍යාපෘතියට වත් ඉඩක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටියෙමි. 

එහෙත් එයට වත් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ නැත. නිස්සංක මේ පිළිබඳව රජයේ නොයෙකුත් පුද්ගලයන්ට කතා කළ ද මාස ගණනක් තිස්සේ සිය ගණනකට මේ පිළිබඳව පැහැදිලි කර සිටියද, අපට සිතාගත නොහැකි හේතු නිසා ෙම ව්‍යාපෘතියට කොල එලියක් ලැබුණේ නැත. 

අපගේ මෙම ව්‍යාපෘතිය සාර්ථක  වුවා නම්, අද අපේ ජාතික විදුලි ධාරිතාවය මෙගාවොට් 500 කින් වැඩිවනු අතර බොහෝ දිනවල ලංකාවේ විදුලිය කපන්නට සිදු වන්නේත් නැත. එය නැති කර ගත්තේ රජයේ සහ නිලධාරීන්ගේ උනන්දුවක් නැතිකම නිසාය, එසේත් නැත්නම් උනන්දුව ඇති කරන යමක් අප විසින් ඔවුනට පෙන්වූයේ නැති නිසාය. 

මේ පාඩුවට අමතර ව, මෙගාවොට් 25 ුහුදු රැල්ලෙන් ක්‍රියාකරන ජනකය නියමු ව්‍යාපෘතියක් ලෙස ්‍රියාත්මක කළේ නම්, එහි සාර්ථකත්වය මත අපට ඒ පැත්තෙනුත් බොහෝ දුරක් යාමට අවස්ථාවක් මේ හරහා ලබා ගැනීමට ඉඩ තිබුණි. 

ඔවුන් ටෙන්ඩර් කැඳවා හෝ නොමැතිව ිශාල සූර්‍ය බල පද්දති එකක්වත් සිදුකර ඇත්දැයි මට නම් දැනගන්නට ලැබී නැත. මේ ලඟදි මගේ මිතුරකු ඔහුගේ ඇමරිකාවේ සිටින මිතුරෙකු මෙලෙසම රජයට ඉදිරිපත් කළ සූර්ය බල ජනන පද්ධතියක යෝජනාවක් මා වෙත එව්වෙ මේ පිළිබඳව මා උනන්දුවක් දක්වන බව දැනගෙනය. ඒවාටත් කිසිම ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මේ අපේ ලොකුම ප්‍රශ්නයයි, හොඳ දෙයක් හරි දෙයක් දුටු විට බොහෝ හේතු කියමින් රතු පටි ඇත්තේ නැත්නම් අලුතෙන් වියමන් කර හෝ ඒවා ට පුළුවන් තරම් බාධා ඇති කිරීමයි.

ඇවන්ගාඩ් ව්‍යාපෘති

 මම නාවික හමුදාවෙන් ිශ්‍රාම ගෙන ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් ඇමති සමාගමේ උපදේශකවරයෙකු වශයෙන් සේවයට එක් වුණෙමි.


අවුරුදු දෙකක් කොළඹ නැවතී සේවය කළ අතර ඉන්පසු සමාගමේ මගේ, පූර්ණ කාලීන සේවයේ අවශ්‍යතා අඩුවූ හෙයින් සහ මගේ ස්ථිර වාසස්ථානය මහනුවර වූ බැවින් ම නිවසේ සිට අවශ්‍යතාවයක් ඇති වූ විට පමණක් කොළඹට පැමිණ සේවය කිරීමට පටන්ගත්තෙමි. 


එසේ මගේ  සේවයෙ යම් අවශ්‍යතාවයක් පැමිණ ඇති බව තීරණය කළේ නිස්සංක වූ අතර ඔහු මා එවර පැමිණ කොළඹ සිටිය යුත්තේ දවස් කීයක් ද යන්න ද මට දන්වා මට කොළඹ යාමට වාහනයක් එව්වේය.



මෙවැනි අවස්ථාවල මම වැඩ කළේ ඔහුගේ නිවසේ සිට: නිවාස සංකීර්ණයේ කීවොත් වඩා සුදුසු යැයි සිතේ, ඔහු මට කොළඹ නැවතීමට ද සුදුසු ස්ථානයක් පිළියෙල කර දුන්නේ ය. මෙවැනි අවස්ථාවල බොහෝ විට මම දවල්ට කෑවේ ඔහුත් සමග ය. කොස් පොලොස් දෙල් කරෝල හොදි ,ගැමි එළවළු වලින් මේ ආහාර මේසය සංයුක්ත වී තිබුණු අතර, "කොච්චර සල්ලි තිබ්බත් දවසකට කන්ඩ පුළුවන් වේල් තුනයි" ඔහුගෙන් ආහාර ගනිද්දී නිතර කියවුණු වදනක් විය.


මම මේ ලියන්න යන කතාවට මුල්වූ එදින මම ඔහුගේ නිවසට යන විට ඔහු මා එනතුරු බලා සිටියේය. ඔහුගේ නිවසේ ඇති කාර්‍යාලයට මාව රැගෙන ගියේ ය. එහි කාන්තාවක් වාඩිවී සිටියාය. ඔහු මට ඇය හඳුන්වා දී, මා සමග ඇයගේ යෝජනාව පිළිබඳව සාකච්ඡා කරන ලෙස ඇයට දන්වා, වෙනත් වැඩකට එතැනින් නික්ම ගියේය.

ඇය ඊශ්‍රායල් ජාතික කාන්තාවක් වූ අතර, ඇය පැමිණ සිටියේ යෝජනා කිහිපයක් රැගෙන ය. එයින් පළමුවැන්න වූයේ ගාල්ල වරායේ භූගෝලීය පිහිටීම පාවිච්චිකර එතනින් ගමන් කරන නෞකා හා සම්බන්ධව ව්‍යාපාරයක් පිළිබඳව ය. දෙවැන්න සුනීත බල ජනනය කිරීම සඳහා වූ ව්‍යාපෘති දෙකකි. 


ගාල්ලේ වරාය හා සම්බන්ධ වූ සාගරික ව්‍යාපෘතිය ඉතා දීර්ඝ සහ සංකීර්ණ වූ එකක් බැවින් මම මෙහි පළමුවෙන්, සුනීත බල ව්‍යාපෘති පිළිබඳව ලියන්නට සිතුවෙමි.

ඇයගේ එම යෝජනාවේ පළමු වැන්න ලංකාවේ වියළි කලාපයේ තිබෙන, වැව් කිහිපයක සූර්ය කෝෂ එලා, ඒවායින් සූර්ය බලය ජනනය කිරීමයි. අනෙක් ව්‍යාපෘතිය වූයේ මුහුදු ජලයේ ස්වභාවික චලනයෙන්, විදුලි බලය නිපදවීමයි.


මෙම ව්‍යාපෘති දෙකටම සම්පූර්ණ ආයෝජනය ඔවුන් විසින් කරනු ලබන අතර අපෙන් ඔවුනට අවශ්‍ය වූයේ, එම විදුලි බලය දැන් පුද්ගලික අංශයට විදුලිය සඳහා ගෙවන මුදලට, මිලට ගැනීම සඳහා අවුරුදු 25කට ගිවිසුම්ගත වීම සහ ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබා දීම පමණි.


මම ව්යාපෘති තුන සඳහා ම ඇය සමග එකතුවී යෝජනා සකස් කළෙමි. මේ සඳහා ඇය නිතරම ඊශ්‍රායල් එංගලන්තයේ සහ ජපානයේ ඇයගේ ආයෝජන හවුල්කරුවන් සමඟ සන්නිවේදනය කල අතර මමත් ඒවාට බොහෝවිට හවුල් කර ගත්තාය.


මේ වන විට ලංකාවට නිවාඩුවකට පැමිණ සිටි ඔස්ට්‍රේලියාවේ විදුලි ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන නිශ්ශංකගේ ඥාති සහෝදරයෙකු ද මේ වැඩ කටයුතු වලට මට බොහෝ උපකාරී විය. ...............

හෙට මෙතැන් සිටhttp://lakshmanillangakoon.blogspot.com/?m=1

සුළු මහසෙන්ලා

  මේ දවස්වල මට ැල්ලවාය ප්‍රදේශයේ ග්‍රාමීය ගොවිපල කිහිපයක ඇවිදින්නට අවස්ථාවක් ලැබුණි. ඒවායේ තමන්ම සුළු මහසෙන් රජෙකු මෙන් තරමක වැවක් හදාගෙන අක...