මම අද උදේ තුන්වැනි වතාවට how to Train your dragon 2 බැලුවෙමි. ඒකත් තරමක addiction එකක් යැයි සිතේ.
අද එය බලන්නට පටන් ගද්දි 20th century fox සංගීතය යන විට එක්වරම යම් පුරුදු මතකයක් මගේ සිතිවිලි තුළට ගලාගෙන ආවේය.
ඒ අපි ඉස්කෝලේ යන කාලයේ පාසැල් ඇරී ිත්‍රපට බලන්නට ගිය අත්දැකීම් මාලාවයි.
දැන් වාගේ නොව, එකල අපට නරඹන්නට ලැබුණු ත්‍රපට බොහොමයක් twentieth century fox Warner brothers වැනි සමාගම් නිපදවන ලද චිත්‍රපටය. අප එම චිත්‍රපට සියල්ලම වාගේ බැලුවේ මහනුවර Odeon සිනමාහලේ හෝ කටුකැලේ රීගල් සිනමා හලේ දී ය.
එකල අපට චිත්‍රපටයක් බලන්නට යාමට කරුණු කිහිපයක් සම්පූර්ණ වීමට අවශ්‍යව තිබුණි. එකක් ගෙදරට කියන්නට excuse එකක් තිබිය යුතු වීමය. බොහෝ විට එය ක්‍රීඩා පුහුණුවක් හෝ අමතර පන්තියක් විය.
ඊළඟට චිත්‍රපටය බලන්නට මිතුරන් කිහිප දෙනාට ම මුදල් තිබේ යුතු විය. ඒ කාලේ චිත්‍රපටයකට අඩුම මිල පන්තියේ ටිකට් එකත් සඳහා ශත 60ක් ගෙවන්නට සිදු විය. එයට අමතරව දවල්ට යමක් කෑමට සත තිහක් අවශ්‍ය විය. ඒ නගරයේ තිබූ තෝසෙ කඩ තුනෙන් එකක තෝස දෙකක් කෑම සඳහාය. තෝසේ දෙකට සත තිහක් වු අතර වැඩිපුර සත කිහිපයක් තිබුනොත් වඩේ 1බැගින් කෑමට ද අප පුරුදු වී සිටියෙමු.
Odeon එකේ ; දැන් grand kandyan හෝටලය, චිත්‍රපටය බලන්නේ නම් ත්‍රිත්ව විද්‍යාලය ගාවට පයින් ගොස් එතැනින් හැරී උඩට කන්දේ තවත් කිලෝමීටර් භාගයක් පමණ යන්නට සිදු විය.
චිත්‍රපටයකටත් වඩා ්‍රාසජනක ප්‍රවේශයක් එම සිනමාහලේ ගැලරිය සඳහා ටිකට් ගැනීමට තිබුණි. අඩි සියයක් පමණ දිග අඩි 50ක් පමණ පළල සිමෙන්ති කොටුවක ඇතුලෙ යකඩ දැල් වලින් පෝලිමක් දමා තිබුණු එම ප්‍රවේශය මට මතක හැටියට දැල් වලින් වටවුණු පේලි පහක් හයක් පමණ තිබුණි. ඇතුල් වූ තැන සිට පේළියයි කෙළවරට ගොස් අංශක 180ක් හැරී ඊළඟ පේලියට ාම මෙහි පෝලිම් ක්‍රමය විය.
ප්‍රසිද්ධ චිත්‍රපටයක් පෙන්වන විට මෙම ඩන්ජන් එකක් වැනි වූ ්‍රවේශය අතුරු සිදුරු නැතිව පිරී ගියේය. ඇතුලෙ ලයිට් දමා තිබුණා දැයි මට මතකයක් නැත. කෙසේ වුවත් මෙය බොහෝ අඳුරු ස්ථානයක් බව නම් මතකය. ඇතුලට ගිය පසු එළියට ඒමට ඉතාමත් අපහසු වූ ෙම ප්‍රවේශය තුළ නොයෙකුත් ගණන් කාරයන්ද සිටියහ.
අවසාන මොහොතේ පැමිණෙන සමහර ගණන්කාරයන් සාමාන්‍ය චිත්‍රපට නරඹන්නන් බොහෝවිට අප වැනි පාසල් සිසුන් ගේ ඔළුවට උඩින් වඳුරන් මෙන් පෝලිම් පැනීමට පුරුදුව සිටියහ. ඔවුනට විරුද්ධ වුවහොත් ලොකු කලබල වලට මැදිවන්නට සිදුවිය.
මෙවැනි තැනක ාතාශ්‍රය ද විවෘතව නොතිබුණු නිසා තරමට ගඳක්ද සැමදාම වාගේ තිබුණි. එසේ සරමක් ඇඳගෙන වඳුරෙකු මෙන් යන ගණන් කාරයකුගේ වෘෂණ කෝෂයක් මිරිකන්නට අප සැමදා ම කතා කළ නමුත් එවැන්නක් කරන්නට තරම් එඩිතර කෙනෙකු ඉදිරිපත් නොවුණ බවත් මට මතකය.
මෙතරම් කරදර වී චිත්‍රපටයක් නැරඹීම ඇත්තෙන්ම දැන් කල්පනා කරන විට පුදුම සහගතය. netflix එක දමාගෙන ගෙදර ආලින්දයේ ිත්‍රපට දහස් ගණනක් අතරින් එකක් තෝරාගෙන subtitle දමාගෙන සමහරවිට පොඩි ෂෝට් එකකුත් පාවිච්චි කරමින් ේ චිත්‍රපට බැලීම odiyen එකේ ගැලරි ප්‍රවේශය හා සසඳන විට තවුතිසා දිව්‍ය ලෝකය මෙන් සිතෙන්නට පුළුවන.
චිත්‍රපටයට පැයකට පමණ කලින් පැමිණෙන ආකාරයට ගැලරියේ ටිකට් ිලදී ගන්නට ක්‍රමවේදයක් එකල ඕඩියන් කළමනාකාරිත්වය නොකළේ මන්දැයි තවමත් මට පුදුම හිතෙන ප්‍රශ්නයකි.
This comment has been removed by the author.
ReplyDelete🤔
ReplyDeleteමං ගෙදරට හොරෙන් චිත්‍රපටි බලන්න ගිය කාලේ ගැලරි සත පනස් පහයි, සෙකන්ඩ් ක්ලාස් එකයි දහයයි. තවත් වෙනස්කම් තමයි මං ගියේ තනියම වීම සහ චිත්‍රපට එකක් වෙනුවට දෙකක් බලන්න හැකි වුවත් කවදාවත් ගැලරියට ගිහින් නැතිවීම.
නමුත් මේ විස්තරයේ තිබෙන කුඩුකරපු ඩන්ජන් පෝලිම් අත්දැකීම් නම් ඒ හා සමානයි. ගින්න කලබලයක් හෙම ඇතිවුණා නම් හිරවෙලා තෙරපිලා පොඩිවෙලා පෑගිලා මැරෙන්න වෙන්නේ.
මරදානේ නිව් ඔලිම්පියා, කැපිටෝල් විතරක් නෙමෙයි වැල්ලවතේ සැවෝයි එකෙත් කුඩු ගහලා තමයි පෝලිම් හදා තිබුණේ.
අන්තිම මොහොතේ ඇවිත් වඳුරන් සේ උඩින් යන තගාලා වැඩියෙන්ම හිටියේ කැපිටල් හෝල් එකේ.
ඉස්කොලෙ යනකාලෙ ගෙදරට හොරෙන් නුගේගොඩ මෙට්‍රෝ එකේ සිකුරුලියා බැලුවා මතකයි
ReplyDelete