Friday, February 26, 2021

මගේ චිත්‍ර[පට වංශ කතාව

 


මම නිතර චිත්‍රපට බලමි. ඇත්තෙන්ම එය මගේ ප්‍රධාන විනෝදාංශයක් කීවාට වරදක් නැත.

 

මම අද උත්සාහ කරන්නේ අප කුඩා කාලයේ සිට මේ දක්වා චිත්‍රපට බැලීම කොතරම් වෙනස් වී ඇද්ද යන්න පරීක්ෂාකර බැලීමටයි.

 

අප කුඩා කාලයේ අපගේ දෙමව්පියන් අප චිත්‍රපට බැලීමට එකතු කරගෙන ගියහ. සාමාන්‍යයෙන් මාසෙකට දෙකකට වරක් පමණ මහනුවර වේල්ස් හෝ වෙම්බ්ලි සිනමාහල්වලට එසේ රැගෙන ගිය අප, එයින් මහත් ආස්වාදයක් ලැබුවෙමු. මම එහිදී චිත්‍රපට බලනවට වඩා ආශ්වාදයක් ලැබුවෙ චිත්‍රපටයෙ විවේක කාලයේ පැමිණෙන අයිස්ක්‍රීම් කරුවාගේ අයිස් චොක් එකක් කෑමටය. මට මේ චිත්‍රපටවලින් තවමත් මතක තිබෙන්නේ ඩොමී ජයවර්ධන දුම්රියක් තුලදී  කාන්තාවක් මරා, ඇයගේ ශරීරය සිට් එකක් අස්සට තල්ලු කරන  දර්ශනයකි. ඔහු ඇය මරන්නට පටන් ගන්නා විට මම ඇස් වහ ගත් බවත් මට මතකය.

 

මීළඟ චිත්‍රපට බලන අදියර වූයේ පාසලේ මිතුරන් සමග චිත්‍රපට බලන්නට යාමය. මෙලෙස මම මුලින්ම චිත්‍රපටයක් බලන්නට ගියේ කටුගස්තොට සීගිරි සිනමා ශාලාවටය. ඒ ඒ පුල් දෝමාලි නැමැති එකල අතිශයින් ජනප්‍රිය වූ හින්දි චිත්‍රපටයකි. සිනමා ශාලා, එකල බොහෝ ජනප්‍රිය වන චිත්‍රපට, මට මතක හැටියට විශේෂයෙන්ම හින්දි චිත්‍රපට, සතියේ දිනවලද උදේ දහය හමාරේ  දර්ශනයක් අඩංගු කළහ. මම තවත් මිතුරන් දෙදෙනකු සමග මේ චිත්‍රපටය බලන්නට ගියේ පාසැල් වෙලාවේය. පාසැල් වේලාවේ එම චිත්‍රපටය බලන්නට ගියේ ස්කූල් කට් කර හොරෙනි. එකල අප පාසලේ අපොස සාමාන්‍ය පෙළ පන්තියේ අධ්‍යාපනය ලැබුවෙමු. ඒත් එකල පාසලට කෙනෙකු නොපැමිණියොත් පසුදින දෙමව්පියන්ගෙන් ලිපියක් රැගෙන ඒමට සිදුවිය.

අප තිදෙනාගේ ලියුම් එකම විදිහකට ලියැවී තිබුණ නිසා අපගේ පන්තිය භාර ආචාර්ය වරයාට සැක සිතුනි. මේ නිසා ඔහු මේ පිළිබඳව විදුහල්පතිවරයාට වාර්තා කරන ලද්දෙන්, අපට අපගේ දෙමව්පියන් විදුහල්පතිවරයා මුණගැසීමට කැඳවා ගෙන එන ලෙසට දන්වන ලදී.. මෙම ප්‍රශ්නයෙන් බේරීම ඉතාමත් සිත්ගන්නා කතාවක් වුවත් මෙම කතාව ඕනවට වඩා දිග්ගැස්සෙන නිසා පසුව ලියමි. 

කෙසේවුවත්මින්පසු උදේ 10:30 චිත්‍රපට බැලීම කරන්නට අප සැලසුම් කළේ නැත.

 

චිත්‍රපට බැලීමේ ඊළඟ අදියර වූයේ ඕඩියන් සහ රීගල් සිනමා හල්වල දවසින් දෙකෙන් මාරුකළ චිත්‍රපට බැලීමයි. අප බොහෝවිට මෙම චිත්‍රපට බැලුවෙ හවස තුනහමාරේ දර්ශනයටය. මෙකල බොහෝ චිත්‍රපට කව්බෝයි චිත්‍රපට වූ අතර, එකල එම චිත්‍රපටවල බොහෝ ජනප්‍රිය නළුවා වූ  clint eastwood අපගේ සිහින කුමාරයා විය. ඔහු ලෙසට ඇඳ පළඳින්නට, ඔහු මෙන් කකුල් ඇද ඇද ඇවිදින්නට පමණක් නොව, ඔහු මෙන් නිශ්ශබ්දව සිටින්නටත් අවශ්‍යම නම් වචන කිහිපයකින් දහස් ප්‍රකාශ කිරීමටද අප 




එකල උත්සුක වූ බව මට මතකය. මේ කාලයේ karate චිත්‍රපටද ජනප්‍රිය චිත්‍රපට වර්ගයක් බවට පත් විය. මම හිතන විදිහට මෙයින් වඩාත් ජනප්‍රියට පත් වූයේ බෲස් ලී රඟපාන enter the dragon චිත්‍රපටියයි.

 

මේ චිත්‍රපටය අප බැලුවේ මහනුවර odiyen සිනමාහලේදීය. අපේ පාසල ඇරී තුනයි තිහට මේ චිත්‍රපටය බැලීම සඳහා ගැලරි පෝලිම් ඇතුළට ගියෙමු. මෙකල ගැලරි පන්තියේ ටිකට් එකක් සත 60 ක් වූ බව මට මතකය. මෙම ගැලරි පෝලිම තිබුණේ ඉතාමත් අමුතු ආකාරයකටය. චිත්‍රපට ශාලාවේ තිරය දෙසට හැරුණු විට වම් අත පැත්තේ තිබුණු මෙම පෝලිම චිත්‍රපට ශාලාව සෑදීමට පසුව සෑදුණු, කුඩා එමෙන්ම ලාබ එකතුවක් විය යුතුය. එය එතරම් උස නැති ශාලාවක් වූ අතර එය පේළි හතරකට බාග බිත්ති සහ දැල්වලින් බෙදා තිබුණි. එසේ බෙදා තිබුණු එක පේලියක සාමාන්‍යයෙන් ඉඩ තිබුණේ මිනිසුන් එකහමාරක් පමණ පළලටය. මෙලෙස සාදා තිබුණේ පෝලිම පිරුණු විට වෙන කෙනෙකුට මිනිසුන් තල්ලු කරගෙන ඉදිරියට යාමට අපහසු වෙන්නට විය යුතුය. නමුත් එකල සිටි ගණන් කාරයන් පිරිසක් පෝලිම පිරී තිබුන විට එහි ඉදිරියට යන්නට අමුතු ක්‍රමයක් පාවිච්චි කළහ.

 

ඒ පෝලිමේ සිටින අනෙක් මිනිසුන්ගේ ඔළු වලට උඩින් එහි වහලේ වඳුරන් මෙන් එල්ලී ඔළුවලට උඩින් ගමන් කිරීමයි. එසේ ගණන් කාරයන් ඉදිරියට යන විට ඔවුන්ගේ කකුල්වල තිබෙන වැලි අපේ ඔලුවට පවා වැටුණු අවස්ථාවක් මට දැනුත් මතක් වෙයි. එහෙත් මට මතක හැටියට එසේ කරන්නට යම් අධිකාරියක් තිබුණේ ඒ ප්‍රදේශයේ සිටි ගණන් කාරයන් දහ දෙනකුට පමණ විය යුතුය......... ඊළඟට දෙවැනි කොටස

Thursday, February 25, 2021

Deepavali in singapore

 When I watch Bollywood movies I feel like visiting India. Actually I was in India when my father attended a training there , unfortunately I was very small, maybe around 3 years. When my mom talks about the things we did there and how we enjoyed our stay I always think to myself that I was big enough to experience just like my mom did. I always remember how she talked about Holi festival. I'm sure it was a great one with alot of excitements, that's why she still remembers it after many years.


I happened to go to Little India which is a city in Singapore. It was the time of Deepvali festival. When I came out from the MRT station I saw many decorations  with colourful lights which reminded me of vesak festival in Sri Lanka. Luckily I went in the night maybe that's why I found it very special, beautiful and attractive.


There were many shops with colourful lights, sweets which you can find only in India. One of the shops had sweet peanut which is one of my favourites. Not only that clothing shops and many more. Deepavali is the time women apply mehendi as per preparation for the festival. I felt I'm in India for a second obviously I was in Little India.


On my way back home I was thinking maybe I should visit India one day to experience everything what I missed when I was in India.

Tuesday, February 23, 2021

4 මහාවංශය 4 විජය කුමරුට කුවේණිය මුණගැසීම





7 පරිච්චේදය 
විජය කුමරු රාජාභිෂේක කිරීම 

ලංකා ඉතිහාසය

විජය රජු (ක්‍රි පූ 483 – 445) 

 

ලෝක ඉතිහාසය මෙකල:-

 

§  484 – 425, ලෝකයේ පලවන ඉතිහාසඥයා ලෙස සැලකෙන හෙරොඩෝටස්, ඔහුගේ පර්සියානු යුද්ධයේ ඉතිහාසය නැමැති පොත ලියයි

 

§  480, දෙවන පර්සියානු  යුද්ධය, පර්සියානු හමුදා ඇතැන්ස් නුවර විනාශ කරයි. එහෙත් ග්‍රීක හමුදා මුහුදු සටනකින් සලාමීස්හිදී පර්සියානු නාවික හමුදාව පරාජය කරයි.

 

 

බුදු රජුන් මෙදින පිරිනිවන් මංචකයෙහි සිටියදී තමා අසල සිටි සක්ඳෙවිදුට,

 

ලාල රටෙහි සිට පැමිණි, සිංහබාහු රජුගේ පුත් විජය කුමරු හත් සියයක් පිරිස සමඟ, අද ලක්දිවට ගොඩ බැස්සේය. දෙවි රජුනි එම දූපතෙහි මගේ ආගම පවතිනු ඇත. එම නිසා ඔහු, ඔහුගේ අනුගාමිකයින් සහ රට ආරක්ෂා කරනු මැනව” යැයි පවසා සිටියේයයි මහාවංශය  කියයි.

 

මෙය ඇසූ දෙවි රජු, ලංකාවේ ආරක්ෂාව ඕලු මලේ පැහැ ඇති විශ්නු දෙවියන්ට භාර දුන්නේය. 

 

මෙලෙස බාර දුන් වහාම විශ්නු දෙවි කඩිනමින් ලංකා ද්වීපයට පැමිණ, තාපසයෙකුගේ වෙස් ගෙන ගසක් යටට වී සිටියේ යැයි මහා වංශය කියයි. විජයගේ අනුගාමිකයෝ මොහු දැක

 

“මෙය කුමන දූපතක්ද?” යනුවෙන් විමසූහ. 

 

මෙය ලංකා නම් දූපත වෙයි ඔහු පිළිතුරු දුන්නේය. මෙහි මිනිසුන් නැත කිසිදු  අනතුරක් නැත්තේය”. පැවසූ ඔහු පැන් ඉස ඔවුන්ගේ අත්වල නූල් ගැට ගසා එක්වරම නොපෙනී ගියේය. මෙම ප්‍රාතිහාර්යය වලින් පසු  එම ප්‍රදේශයේ පාලිකාව වූ කුවේනි නැමැත්තියගේ සහයිකාවක වූ යකින්නියක් බැල්ලියක රූපයකින්  පෙනී සිටිය බව කියයි.

 

විජය කුමරුන් පිරිසෙන් වෙන්වී නොයන ලෙසට අනුගාමිකයනට උපදෙස් දුන්නද, ඔහුගේ එක් ගෝලයකු,

 

බල්ලෙකු දකින්නට ලැබෙන්නේ ජනාවාසයක කිට්ටුවක” යැයි සිතා බැල්ලිය පසුපස ගියේය.

 

ඔහු ටික දුරක් ගිය පසු ගෝත්‍රික නායිකාව කුවේනි, ගසක් යට බැමිණියක ලෙස කපු කටිමින් සිටියාය. විජයගේ අනුගාමිකයා එතන තිබූ පොකුණද ඇයද දැක පොකුණ බැස ජලය පානය කර ස්නානය කර නෙලුම් පොකුණෙන් නෙලුම් මල් නෙලාගෙන නෙලුම් කොළ වලට වතුරද ගෙන, පොකුණෙන්  පිට වන්නට ආවේය. ඇය ඔහුට “ඔබ මාගේ ගොදුරය, ඔතැන සිටුව” යැයි පැවසුවාය.

 

 එවිට  අද්භූත දෑ බොහෝ සිදුවිය. ඔහු ගල් ගැසුනාක් මෙන් එතන සිටියේය. ඔහුගේ අතේ තිබූ විශ්නු දෙවියන් ගැට ගැසූ පිරිත් නූල නිසා, ඇයට ඔහු කන්නට නොහැකි වූ බව කියවේ. ඇය ඔහුගෙන් එය ගලවා දෙන ලෙස ඉල්ලා සිටියාය. ඔහු එය දුන්නේ නැත. කුවේනිය ඔහු අල්ලා උමගයක සිර කලේය.

 

මෙලෙස පිරිවර 700 එකිනෙකා පසුපස පැමිණ, කුවේනිය අතින් උමගයෙහි සිරගත වුනි. තමන්ගේ අනුගාමිකයන් සියලු දෙන ආපසු නොපැමිණි විට අනතුරක් සැකකල විජය කුමරු, කඩුව, දුනු ඊතල, යුධ පොරව, හෙල්ල, සහ පලිහ යන පස් ආයුධයෙන් සන්නද්ධව පොකුණ  වෙත ගියේය. ඔහු තමන්ගේ අනුගාමිකයන් පොකුණ තුලට ගිය පා සටහන් මිස පිටතට පැමිණෙන පා සටහන් නොමැති බව දැක්කේය. එතන ඉඳගෙන සිටි තවුසියද දුටුවේය.

 

මාගේ අනුගාමිකයන් මේ කාන්තාව විසින් සිර කරගෙන ඇත්තේය”. ඔහු අනුමාන කලේය.

 

කාන්තාව! මගේ මිනිසුන් ඔබ දුටුවාද? කුමරු ඇයගෙන් ඇසුවේය.  

 

ඔබගේ අනුගාමිකයන් අමතක කර ඔබ හොඳින් ජලය පානය කර ස්නානය කරන්න කුමරුනි ඇය පිලිතුරු දුන්නාය.

 

. මැය නම් යක්ෂනියක්ම තමයි, නැතිනම් මා කුමාරයෙකු බව දන්නේ කෙසේද? යැයි  සිතූ ඔහු එක්වරම කෑ ගසා දුන්න ඇද ඇය වෙත පැන්නේය. ඔහු යක්ෂනියගේ බෙල්ලේ තිබූ මාලයෙන් අල්ලා ගෙන පසුව වම් අතින් ඇයගේ කොණ්ඩයෙන් අල්ලා ගෙන දකුණු අතින් කඩුව අමෝරා,

 

වහලිය මගේ මිනිසුන් මට ආපසු දෙව, නැතිනම් තී මරා දමමි”. යයි තර්ජනය කලේය.

 

මෙයින් මහත් භීතියට පත් කුවේනිය ඔහුගෙන් ජීවිත දානය ඉල්ලා සිටියාය.

 

මට ජීවිත දානය දෙනු මැනවි, මම ඔබට ලංකාපුර රාජ්‍ය  ලබා දෙන්නෙමි. තවද කාන්තාවක ගෙන් ලැබිය යුතු සේවාවන් ඇතුළු, ඔබට අවැසි සියලු සේවාවන් ලබා දෙන්නෙමි”.

 

ඇය පසුව වචනය වෙනස් කරයි දැයි සැකයෙන්, ඔහු ඇය ලවා දිව්රා පොරොන්දු ගත්තේය.

 

ඉන්පසු වහා මගේ මිනිසුන් මෙතනට රැගෙන එනු” යනුවෙන් ඇයට අණ කලේය. ඇය ඔවුන් ඔහු වෙතට රැගෙන ආවාය.


https://lakshmanillangakoon.b



ජපානෙත් එහෙමද