Thursday, April 20, 2023

ගොවියා ඩයරිය 1

  





මම පසුගිය මාස හතරේ මගේ මිතුරෙකු විසින් පටන් ගන්නා ලද මිරිස් වගාව කළමනාකරණය කිරීම සඳහා නිතර වැල්ලවායට ගියෙමි එහි ගම්වැසියන් සමග ජීවත් වූයෙමි. මා විසින් කළමනාකරණය කරන එම මිරිස් වගාව අක්කර 35 ක් පමණ වූ අතර, එය අප පටන් ගත්තේ අක්කර 60 ක භූමි භාගයක් තුළ ය. සමහර කොටස් වර්ෂාව ඇති විට මිරිස් පැලවලට උචිත නොවන නිසා මෙලෙස මුළු ඉඩමෙන් කොටසක පමණක් මිරිස් වැවීම සඳහා යෙදවීමට සිදු විය.


මෙම මිරිස් වගාව ඉන්දියානු උපදේශ ද සහිතව drip irrigation mulching sheets fertigators ඇතුළු නවීනතම කෘෂිකර්ම උපාංග යොදාගෙන සිදු කළෙමු. දැන් අපි මිරිස් අස්වැන්න නෙළන කාලයට පැමිණ ඇති අතර පළමුවෙනි අස්වැන්න ලෙස ගිය සතියේ මිරිස් කිලෝ 1500 ක් කඩා වෙළඳපොළට දැම්මෙමු.

අද ද මිරිස් කිලෝ හයසීයක් කඩන්නට සැලසුම්කර එය පටන් ගෙන ඇත.

අපගේ මෙම වැවීමට ශ්‍රමය සඳහා යොදා ගත්තේය අවට ගම්වල වාසය කරන බොහෝවිට ගොවියන් වන පිරිසකි. මම ඔවුන්ගේ ගොවිතැන් ගැන ද උනන්දුවක් දැක්වූ හෙයින් ඔවුන්ගේ ගොවිතැන් බලන්නට යාමට ද පුරුදු වුණෙමි. 


මෙම බොහෝ ගොවිතැන්, ඇත්තෙන්ම සියල්ලම පාහේ, ඉතාමත් දෛනික ආකාරය ාමාන්‍ය වචනයෙන් කියනවා නම් එදා වේල ටුවර්ස් වැනි ගොවිතැන් බව මට පෙනුණි. බොහෝ විට මේ ප්‍රදේශයේ වවන්නේ මුන් ඇට රටකජු තල වැනි භෝගයන් ය. මේ කන්නයේ සිට තරමක් දුරට දුංකොළ වන බවක්ද පෙනෙන්නට තිබුණි.

දුම්කොළ වැවීම ගැන අහන විට දැනගන්නට ලැබුනේ පසුගිය කාලයේ එය ඉතා ව්‍යාප්ත ලෙස කෙරුණු නමුත් කාලයක් ඒවා මිලදී ගත් සමාගම, ඔවුන් ඇට පොහොර යනාදියද ගොවීන්ට ලබාදුන් බව මම පසුව දැන ගතිමි, පසුගිය වසර කිහිපයේ අක්‍රියව සිටි බව ඔවුන් කී වහ.

මේ සියලු බෝග ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකි භවභෝග වන අතර මේවට යන වියදම ද අනෙක් බෝග හා සසඳන විට ඉතාමත් අඩු වෙයි. 

මෙලෙස අඩුවෙන් වියදම් වන එසේම විනාශ වුවහොත් එතරම් ලොකු පාඩුවක් නොවන බෝග වර්ග තමන්ගෙ ඉඩමෙන් කුඩා කොටසක් පමණක් වගා කරන ගොවියන් ්‍රදේශයේ බහුලව සිටිති. දල වශයෙන් කියනවා නම්  ප්‍රදේශයේ වගා කළ හැකි ඉඩම් වලින් වගාවක යෙදවෙන්නේ සියයට දහයකටත් අඩු ප්‍රමාණයක් බව මට සිතේ. 


මෙතරම් අඩු උනන්දුවකින් ඔවුන් ගොවිතැනෙහි කියා දෙන්නේ කුමන හේතුවක් නිසාදැයි මම සොයා බැලුවෙමි. මට පෙනෙන විදිහට ඒ සඳහා ප්‍රධාන කරුණු දෙකක් පෙනෙන්නට තිබේ.


පළමුවැන්න කවදා කොතනද සිදු වන්නේ යැයි කිව නොහැකි වල් අලි ප්‍රශ්නයයි. මේ දවස් ටිකේ වල් අලි දක්නට නොලැබුණ ද නොයෙකුත් ස්ථාන වලින් ඔවුන්ගේ ්‍රදේශයට පැමිණීමේ ලකුණු පිළිබඳව බොහෝ වාර්තාවන් අපට ලැබුණි. මීට ටික දවසකට පෙර අප වගාවට කිලෝමීටර් භාගයක් පමණ දුරින් ගොවිතැනට අලියකු පැමිණ සුළු විනාශයක් සිදු කර තිබුණු නිසා ඒ අවස්ථාවේ බීමත්ව සිටි ගොවිතැන් අයිතිකරු පාරට පැමිණ කෑගසමින් අලියාට අභියෝග කරමින් බැණවැදුණු බවක්ද මට දැනගන්නට ලැබුණි.


ගොවිතැනට තිබෙන අනිත් ප්‍රශ්නය ජලය ප්‍රශ්නයයි. කලකට පෙර ලබාදුන් කෘෂි ලිදවල් තවමත් හොඳින් පැවතුනද ඒවායෙන් වුවද ලොකු වගාවක් වාණිජ වශයෙන් කරගන්නට බොහෝ අපහසු කම් තිබේ. සමහර ලොකු ඉඩම් වල ඉඩම් අයිතිකරුවන් විසින් පුද්ගලිකව තනාගත් වැව් දකින්නට පුළුවන. අපගේ ඉඩමේ ද අක්කර 5 ක පමණ වැවක් තිබේ. අප දැනටත් ිරිස් වගාවට අවශ්‍ය ජලය සියයට අසූවක් පමණ ලබා ගන්නේ එම වැවෙනි. drip irrigation යොදා පවත්වාගෙන යන අපේ වැවිල්ල සඳහා එක් මිරිස් ගහකට දවසකට වතුර ලීටර් භාගයක් ලබා දිය යුතුය. අපේ මුළු මිරිස් පැල ප්‍රමාණය දැනට හාරලක්ෂහැටදාහක් වෙයි. ඒ කියන්නේ මෙම වගාව සඳහා දවසකට වතුර ලීටර් දෙලක්ෂ තිස් දාහක් අවශ්‍ය බවයි......... අනෙක් කොටස හෙට


1 comment:

  1. වව්නියාව ප්‍රෙද්ශයේ ඉතා සුලූ කොටසක මිරිස් වලවල් 500 ක් පමණ හිටවල අද පළමු ආදායම විදියට කිලෝ දෙකක් කැඩුව. රුපියල් 200 ගානෙ විකුණුව. සර් ව්‍යාපෘතියක් විදියට කරනවනම් වව්නියාවත් හොඳයි.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...