Sunday, August 29, 2021

covid පිළිබඳ වැදගත් තොරතුරු

 


එක්සත් ජනපදයේ, CDC centre for disease control and prevention නමැති ආයතනය විසින් ්‍රසිද්ධ කරන ලද පරීක්ෂණ කිහිපයක ප්‍රතිඵල දැක ඒවා අපගේ මිතුරන්ටත් දැනගැනීමට සැලැස්වීම සුදුසු බව මට හැඟුනි. ඒ නිසාම එම රීක්ෂණයන්හි ප්‍රථිඵල පරිවර්තනය කර පහතින් ලියා තබන්නෙමි.


මෙයින් පළමු වැන්න සහ  තුන්වැන්න මට යම් පුද්ගලිකව දැනෙන දෙයක් බැවින් මෙම ලියවිල්ල පරිවර්තනය කිරීමට මට සිතුනු තවත් හේතුවක් වූ බව ද කියනු කැමැත්තෙමි.


බාබර් සැලූන් එකක බාබර් සහ ගනුදෙනුකරුවා අතර ඔවුන්ගේ සේවය සලසන අවස්ථාවේ covid වැනි රෝගයක් බෝවීමට ඉතාමත් පහසු තැනක් බව නොකිවමනාය. covid පැමිණි මුල් කාලයේ සිටම මම මගේ නිවසේදීම කොන්ඩය සම්පූර්ණයෙන්ම බූ ගා දැමීමට තීරණය කරන ලද්දේ ද මේ නිසාය.


මේ සිද්ධියේදී බාබර් වරුන් දෙදෙනෙකු, ඔවුනට තරමක්  රෝග ලක්ෂණ තිබියදී දින අටක් තුළ එකසිය තිස් නම දෙනෙකුට සේවා සපයා ඇත. එක් ගනුදෙනුකරුවකු ට ගත කර ඇති කාලය විනාඩි 15 කි. මේ 139 දෙනාගෙන් පරීක්ෂණයට භාජනය කරගැනීමට හැකිවූ හැට හත් දෙනෙකුට රෝගය බෝ වී නොමැති බව සොයා ගැනුනු අතර, මේ සැලුන් එකේදී එම නගරයේ නීතිරීති වලට අනුව සියලුම දෙනා සෑම වේලාවකම මුහුණු ආවරණ පැළඳ සිට ඇත.


බීජිං නගරයේ covid ආසාධිතයන් සිටි පවුල් 124ක,  ආසාදිතයින් දිගටම මුහුණු ආවරණ පාවිච්චි කළ නිසා පවුලේ අනෙක් අයට රෝගය පැතිරීම සියයට හැත්තෑ නමයකින් අඩුවී ඇති බව තවත් විශ්ලේෂණයකින් පෙන්වා දී ඇත.

එක්සත් ජනපදයේ යුධ නෞකාවක් වන තියඩෝර් රූස්වෙල්ට් නෞකාව, තුළ සිදුවූ කොවිඩ් ආසාදනය පැතිරීම පිළිබඳ සිද්ධිය මුහුණු ආවරණ වල ආරක්ෂාව පිළිබඳ තවත් හොඳ විශ්ලේෂණයක් අපට දෙයි.. යුද නෞකාවක වායුසමනය කරන ලද කුඩා කාමර සහ ජීවත්වන අවකාශයන් ඇති ස්ථානයක වුවද, මුහුණු ආවරණ පැළඳි නිසා රෝගය පැතිරීම සඳහා ඇති අවදානම 70% කින් අඩු වී ඇති බව පසුව කරන ලද විශ්ලේෂණ වලින් පෙනීගොස් ඇත.


එසේම චීනයේ සිට කැනඩාව බලා පැමිණි මගී ගුවන් යානයක කැනඩාවට පැමිණි පසු එක් මගියෙකු covid ආසාදිතයකු බව සොයාගෙන ඇත. එම ගුවන් යානයේ සිටි අනෙක් මගීන් දවස් දාහතරක් පරීක්ෂාවට භාජනය කරන ලද අතර ඔවුන් කිසිවෙකුටත් කොවිඩ්  අසාධනය වී නැත. වායුසමනය කරන ලද එතරම් කුඩා අවකාශයකත් , එලෙස රෝගය පැතිරී නොමැති වීම පුදුම සහගතය. එහෙත් ඔහුගේ මුළු ගමනම ආසාදිතයා මුහුණු වැස්මක් පැළඳ සිට ඇත. 


මේ සෑම උදාහරණයකින්ම අපට පෙනෙන්නේ, මුහුණු ආවරණ හරියට පාවිච්චි කිරීමෙන් පමණක්ම මෙම රෝගය පැතිරීම බොහෝ දුරට අඩු කර ගත හැකි බව ය. එසේම මේ රෝගය මිනිස් සංහතියට බරපතළ ලෙස ්‍රශ්න ඇති කරන්නත් නිසා, අප මෙම රෝගය පිළිබඳව නිරීක්ෂණය කරන; විශේෂයෙන්ම එහි පැතිරීම පිළිබඳව, විශ්ලේෂණයන් සිදු කර  ප්‍රසිද්ධ කිරීම, ඉතාමත් වැදගත් එසේම අත්‍යවශ්‍ය කාරණයක් බව පෙනෙයි. 

නමුත් අපේ රටේ එවැනි විශ්ලේෂණයන් සිදුකර ඒවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් දක්නට ලැබෙන්නේ ම නැති තරම් ය.


මෙය අපේ ඇති ලොකු අඩුපාඩුවකි. ඒ අතරම මෙම ආයතනය විසින් මෙම ප්‍රසිද්ධ කිරීම්වලට සුව පැමිණ ඇති එක් නිගමනයක් පහත පරිදිය.


මෙවැනි දත්ත සඳහා පවත්වන ලද ආර්ථික විශ්ලේෂණය කිනුත් පසුව නිරීක්ෂණය වී ඇත්තේ, නියමිත ආකාරයට මුහුණු ආවරණ පැළඳීම 15% කින් වැඩි කරන්නේ නම්, lockdown කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවයි. 


අප මේ පිළිබඳව ද යම් අවධානයක් යෙදවීම කාලෝචිත බව හැඟේ.


Tuesday, August 24, 2021

අපූරු මිත්‍රයෙක් ගැන කතා

 

අපත් සමග නාවික හමුදාවේ සේවය කළ තරුණ නාවික නිලධාරියකු වසර දහයක පමණ සේවයකින් පසු ව නාවික හමුදාවෙන් ඉවත් විය. මෙම නිලධාරියා පසුව වෙළඳ නෞකා වල සේවය කර, විශාල මුදලක් රටට ඩොලර්වලින් උපයා දුන්නේය. ඔහු අවුරුදු කිහිපයක් එසේ සේවය කරන ආපසු ලංකාවට පැමිණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී නිවාස කොළඹ ගොඩනංවන්නට පටන් ගත්තේය. 


මෙලෙස ඔහු විසින්ම සියලු සැලසුම් කර ඔහුගේම පුද්ගලික සුපරීක්ෂාව යටතේ ගොඩනැංවෙන නිවාස ව්‍යාපාරයක් ලෙස කරන්නට ඔහු පටන් ගත්තේය. 

වරකට ඔහු ගොඩ නංවන්නේ එක් නිවාසයක් පමණි, එම නිවාස තරමක ලාභයක් තබාගෙන , විකුණන ඔහු ටික කලක් නිදහසේ සිට ඉඩමක් සොයා මිලදීගෙන තවත් නිවාසයක් ගොඩ නංවයි.  මේ නිවාස කොතරම් සුඛෝපභෝගී ද යත්, ඔහු විසින් තනන ලද නිවාස කිහිපයකම, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සඳහා පසුබිම ලෙස යොදාගෙන ඇත. උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රී තුමියගේ පළමුවන ෙළඳ ප්‍රචාරක දැන්වීම ෂූට් කර ඇත්තේද ඔහුගේ නිවසකය. මෙවැනි වෙළඳ දැන්වීම් සඳහා නිවස යොදා ගැනීමට ලක්ෂ දෙකක පමණ මුදලක් ලැබුණ බවද ඔහු මට කීවේය. එලෙස වෙළඳ දැන්වීම් සඳහා පැමිණි නළු නිළියන්ගෙන්, පූජා උමාශංකර් මහත්මිය ඔහු දුටුඉතාමත් නිහතමානි සහ පොළොවේ පය ගසා ජීවත්වන, පුද්ගලයා බවත් ඔහු සිතයි.


ඒ කාලේ සිටම තිබුණු අපේ මිතුරුකම අපි වරින් වර දුරකථනයෙන් පවත්වාගෙන ගියෙමු. ඒ සංවාදවලින් 90% ක් පමණ ඔහුගේ කතාව වන අතර මමත් අමාරුවෙන් සියයට දහයක් පමණ ඇතුල් කර ගන්නෙමි. ඇත්තෙන්ම එසේ අනුපාතයකට කතා කිරීම සාධාරණය. ඒ ඔහුගේ අත්දැකීම් සහ එම අත්දැකීම් වල අමුතු භාවය මගේ අත්දැකීම් වල නොමැති නිසාය.

උදාහරණයකට වශයෙන් ඔහුගේ විනෝදාංශ අපට ගන්නට පුළුවන. ඔහුගේ එක් විනෝදාංශයක් වන්නේ බල්ලන් ඇති කිරීම ය. ගෙදර නොයෙකුත් වර්ගයේ බල්ලන් හදාගෙන ඇති අතර, ඒ බල්ලන්ට ඔවුහු නිවසේ කෑම පිළියෙළ කරද්දී ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක් පමණ පිළියෙල කරති. එසේ පිලියෙල කරන ලද ආහාර වලින් තමන්ගේ බල්ලන්ට කෑම ලබාදී ඉතිරි කෑම වාහනයේ දාගෙන ජුබිලි කණුව පැත්තේ පාරේ සිටින හරියට නිවාසයක් නොමැති බල්ලන් වෙත ගෙන ගොස් ඔවුනට ලබා දීම ඔහු සහ ඔහුගේ බිරිඳ පුරුද්දක් වශයෙන් කරගෙන යති. 

මෙයට සමාන මගේ අත්දැකීම එයට වඩා බොහෝ සරල වෙයි. අපේ ගෙදර සිටින්නේ rovar නැමැති එක බල්ලෙක් පමණි. ඌ දවස පුරාම මගේ පිටිපස්සේ වැටී සිටින අතර, අපි ඌට ආහාර ලෙස හදන්නේ එක බල්ලෙකුට ප්‍රමාණවත් තරම් පමණි. ගෙදර සිටින ජිමි නැමැති පූසාට මාළුවෙක් බැද බත් ටිකක් අනා දුන් විට ප්‍රමාණවත් වෙයි. මෙලෙස අප දෙදෙනා අතර බොහෝ අත්දැකීම් සංසන්දනය කර බලන විට, ඔහුගේ අත්දැකීම් රසයෙන් සහ ගුණයෙන් මගේ සරල අද්දැකීම් වලට වඩා පොහොසත් ය, වර්ණවත්ය ිචිත්‍රවත්ය.

ඔහු කුඩා කාලයේ ඔහුගේ නෑදෑයෙකු විසින් වෙඩි තබන ලද කොටියෙකුගේ stuff කරන ලද සිරුරක් තිබී ඇත. යම්කිසි, සමහරවිට සුරංගනා කතාවක් වෙන්නට පුළුවන, කතාවක් පොඩි කාලයේ කියවූ අපේ වීරයා, මේ කොටියා තමන් තනියම කැලේ සංචාරය කරද්දී තමා විසින් වලිගයෙන් අල්ලා කරකවා ගසක ගසා, මරා දැමූ කොටියෙකු බව කියන්නට පටන් ගෙන ඇත. ටික කාලයක් යන විට ඔහුම මෙය සත්‍ය සිද්ධියක් යැයි සම්පූර්ණ හදවතින්ම පිළිගෙන, යම් කෙනෙක් එය එසේ නොවුණු බව කියන්නට උත්සාහ කළොත්, හඬා වැලපී මහත් කලබලයක් කළ බව ඔහුම මට කියා ඇත. 

තව කතා පසුවට


Monday, August 23, 2021

දුඹුරු බත් සහ කුරුඳු කෑම අගුණද


 


අපට බොහෝ කාලයක පටන් සුදු බත් වෙනුවට දුඹුරු බත් කන්නැ යි කියා ඇත. දුඹුරු බත්වල සුදු බත් වලට වඩා විටමින් ෆයිබර් ඛනිජ ලවණ තිබෙන බවත් ීරයට ඒවා අත්‍යවශ්‍ය නිසා දුඹුරු බත් කෑමෙන් අපට මහත් ප්‍රයෝජන ලැබෙන බව අප සිතා සිටියෙමු. නමුත් ඒ අතර එහි අපට ඉතාමත් අ ගුණදායක ආසනික් ද තිබෙන බව දැන් විද්‍යාත්මකව සොයාගෙන තිබේ.

ඉඳහිට වේලක් කන විට මෙවැනි ගුණදායක දේවල් ශරීරයට ලැබෙන නමුත් බත් නිතරම කන කෙනෙකුට ශරීරයට ලැබෙන ආසනික් ප්‍රමාණය ද වැඩි වෙන්නට පටන් ගනී. වැඩිපුර ආසනික් ආහාරයට ගැනීම හෘදයාබාධ වලට සහ පිළිකාවලට මුල් විය හැකි බවට කරුණු සොයාගෙන තිබේ.


අනෙක් බොහෝ ධාන්‍ය වලට වඩා වී ගස පොළොවෙන් ආසනික් උරාගනී. මෙලෙස උරාගන්නා ආසනික් දුඹුරු හාල්වල, සුදු හාල් වලට වඩා සියයට අසූවකින් වැඩි බව සොයාගෙන තිබේ. 


එලෙස වැඩිපුර ආසනික් තිබෙන්නේ සහල් ඇටයේ පිටත ස්ථරයේ වැඩිපුර ආසනික් තැන්පත් වන නිසාය. සුදු හාල් සෑදීමට, නම් දුඹුරු හාල් පිරිසිදු කරන විට එම ආසනික් අධික තට්ටුව ස්ථරය ඉවත් වෙයි.  කාබනික හා අකාබනික පොහොර යොදා ගොවිතැන් කළ ද මෙලෙස සහල්වල ආසනික් එකතුවීම වෙනස් වන්නේ නැත.


මේ නිසා දුඹුරු සහල් සතියකට වරක් දෙකක් කෑවට ්‍රශ්නයක් නැති වුව ද නිතරම ආහාරයට ගතහොත් එය සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන. මේ නිසා සහල් වෙනුවට සමහර ආහාර වේලවල් වලට යනයිඩ් අඩු වෙනත් ධාන්‍ය වර්ග ගැනීම අපේ සෞඛ්‍යයට බොහෝ හිතකර වෙයි.


කුරුඳු


අපි කෑම ගන්නා විට කුඩා කුරුඳු කැබැල්ලක් ආහාරයට දැමීමෙන් කිසි පාඩුවක් වෙන්නේ නැත, ඇත්තෙන්ම එයින් අපේ ආහාරයේ රසයට පොඩි කික් එකක් දෙයි. ඇත්තෙන්ම කුරුඳු කුඩු කුඩා හැන්දක් දෙකක්, දිනපතා ආහාර සමග ගැනීමෙන්, ශරීරයේ සීනි ප්‍රමාණය පාලනය කර ගැනීමට උදව් වනු ඇත. නමුත් සමහර ලාභ කුරුඳු වර්ග විශේෂයෙන්ම කැසියා නැමැති කුරුඳු වර්ගය මේස හැන්දකට වඩා දිනකට ආහාරයට ගතහොත්, එය වකුගඩු රෝග වලට මුල් විය හැකි බවට සොයාගෙන තිබේ. මේ එම කුරුඳු වර්ගයේ, තිබෙන coumarin නැවත  රසායනික ද්‍රව්‍ය නිසාය


නමුත් Ceylon cinnamon නමින් හැඳින්වෙන ලංකාවේ නිෂ්පාදනය කරන කුරුඳු ශරීරයේ සීනි පාලනය සඳහා පාවිච්චි කිරීමේ වරදක් නැති බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇත. ඒ අපේ කුරුඳු වර්ගයෙහි coumarin රසායනික ද්‍රව්‍ය කැසියා කුරුඳු වර්ගයේ තිබෙනවාට වඩා 60 ගුණයකින් අඩු නිසාය.


ඇත්තෙන්ම ලංකාවේ බොහෝ ගෙවතු වල කුරුඳු ගස් අපිට දකින්නට පුළුවන. අපේ ගෙදර වත්තේ ගස් දෙකක් තිබේ. එහෙත් බොහෝවිට ලංකාවේ මිනිසුන් තමන්ගේ ගෙවත්තේ තිබෙන පුරුදු ගසෙන් කුරුඳු පොත්තක් ගෙන ව්‍යංජනවලට දානවට වඩා කඩෙන් කුරුඳු ටිකක් මිලදීගෙන ුස්සියේ පාවිච්චි කිරීම ප්‍රිය කරති. අපි ද මෙලෙස වත්තේ තිබෙන කුරුඳු ගසෙන් ආහාරයට කුරුඳු ටිකක් පාවිච්චි කිරීම පටන් ගත්තේ මෙයට අවුරුදු පහකට පමණ පෙර ය.


මේ නිසා ආහාර රසවත් කිරීමට හෝ ඇඟේ සීනි පාලනය කිරීමට කුරුඳු යොදා ගන්නවා නම් අප යොදා ගත යුත්තේ ceylon cinaman වර්ගයේ කුරුඳු බව මතක තබාගත යුතුය. 



Saturday, August 14, 2021

බිල් ගේට් අධ්‍යාපනයට උදව්කිරිම

 

බිල් සහ ඔහුගේ බිරිඳ වන මිලින්ඩා ගේට් 1994 සිට මේ දක්වා බිලියන 50 ක් නොයෙකුත් ප්‍රජා සේවාවන් සඳහා ලොව පුරා ලබා දී ඇත. එහෙත් ඔවුන් එම මුදල් ආවට ගියාට ලබාදෙන්නේ නැත. සතයට ගණන් බලති. ඒවායෙන් ලැබෙන ප්‍රයෝජනද ගණනින් වටිනාකමක් තිබිය යුතුය. 

අපේ ගුරුවරු සහ සමස්ත අධ්‍යාපන ක්‍රමවේදයම බොහෝ පරික්ෂාවකට ලක්ව ඇති අවධියකදී, වෙනත් රටවල අධ්‍යාපනය ගැන මෙවැනි කෙටි සටහනකින් වුවද බොහෝ දෑ උගත හැකිය.

අද, ඔබට ගුරුවරයෙකුට උදව් කළ හැක.

මෙම කාලය අධ්‍යාපනඥයකු වීමට පහසු කාලයක් නොවේ. හොඳම තත්වයන් යටතේ වුවද ගුරුවරයෙක් වීම අභියෝගාත්මක රැකියාවකි. එමෙන්ම වසංගතය විසින් පංති කාමරයක් තුල වැඩ කිරීම, අන් කවර දාටත් වඩා අපහසු කරන්නා වූ නව අභියෝග නිර්මාණය කර ඇත.

මම මෑතකදී බෘක් බ්‍රව්න්  මුණ ගැසුනෙමි. ඇය වොෂින්ටන් ප්‍රාන්තයේ  ‘ වසරේ ගුරුවරයා’ ය. මම ඇයව මුණ ගැසුනේ , පසුගිය වසර එක හමාර තුල ඇයගේ පන්ති කාමරයේ සිසුන් මෙම තත්වයට අනුගත වූයේ කෙසේ දැයි දැන ගැනීමටයි. ඇය උසස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨයන් හට ජනවාර්ගික අධ්‍යාපනය හා ඉංග්‍රීසි භාෂාව උගන්වයි. ඇයගේ සිසුන්ගෙන් කොටසක්, පාසල් වැඩ කරන අතරතුර තම පවුල් වලට ආදායමක් උපයා දෙන ශ්‍රමිකයන්   විය. තමන්, ඔවුන් හට මෙම අපහසු අවස්ථාවට මුහුණ දීමට උදව් කිරීම සඳහා  පාසල් වැඩ කරගෙන යාමට අවශ්‍ය නම්‍යශීලී බව ලබා දීමට අවධානය යොමු කළ බව බ්රූක් පැවසුවාය. මගේ බ්ලොග් එකෙන් ඔබට බ්රූක් පිළිබඳව වැඩිදුරටත් කියවා ගත හැක.

වසංගතයේ සැබෑ තත්වයන්ට අනුගත වීමට බ්රූක් ගේ ඇති හැකියාව පිළිබඳව මම ඉතා පුදුමයට පත් වීමි. අපගේ වෙනස් වන යතාර්තයේ පන්තිකාමරයේ වැඩ සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා වැඩිපුර උත්සහයක් දැරීමට සිදු වූ එකම ගුරුවරයා ඇය නොවුනත් ඇයට ලැබුන පිළිගැනීමට ඇය  සුදුසු වේ.

හුඟක් ගුරුවරුන්ට දැනටමත් ලැබී ඇති  ප්‍රමාණයට වඩා උදව්වක්  ලැබිය යුතුයි. පසුගිය අවුරුදු එක හමාරේ  එය තවත් තහවුරු වී ඇත. නව පාසල් වාරය සඳහා සූදානම් වීම සඳහා අවශ්‍ය පන්ති කාමර උපකරණ  වැඩි ගුරුවරු පිරිසක් හට ලබා ගැනීමට හැකි වන බව තහවුරු කිරීමට මම Donors choose හා සමඟ හවුල් කරුවකු ලෙස එක් වුනෙමි.

මේ දැන් සිට අද රෑ මධ්‍යම රාත්‍රී දක්වා  පන්තිකාමර ව්‍යාපෘතිය සඳහා/ ඔබ කැමති උපකරණ ඉල්ලීමක්  සඳහා ඔබ කරනා පරිත්‍යාග සඳහා මම 50% ක තල්ලුවක් ලබා දෙන්නෙමි. එහි තේරුම වන්නේ ඔබ $10 ක් පරිත්‍යාග කළහොත් මම අමතර $5 ක් එකෙතු කිරීමයි.

Donors choose හරහා ගුරුවරයෙකුට උදව් කිරීමට මා හා එක් වන්න. සෑම සතයක්ම සහය වේ.

 

Bill Gates     

Wednesday, August 11, 2021

ගුරු වැටුප් ගැන මගේ අදහස

 ගුරු වැටුප් ගැන මගේ අදහස


මගේ අම්මා ගුරුවරියක වූවාය. ඒ කාලයේ සාමාන්‍යයෙන් ගුරුවරියන් ගමකට සිටියේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙකි. අහල ගං හත අටක ගම්වැසියන් එම ගුරුවරිය පිළිබඳ දැනගෙන සිටියහ. 

අපේ ගෙදරට එකල කිව්වේ koralegedara කියාය. මගේ අම්මා ප්‍රසිද්ධව සිටියේ koralegedara ටීචර් කියාය. මගේ පියා ඇයට වඩා ටිකක් ඉහළ රජයේ රැකියාවක් කලද ඔහු ගැන දැන සිටියේ ලඟ ගෙවල් කිහිපයක මිනිසුන් පමණි. 

 අහල ගම් වල කෙනෙකු මා තවත් කෙනෙකුට හදුන්නා දුන්නේ koralegedara ටීචර් ගේ ලොකු පුතා යනුවෙනි. ඇය ඇයගේ අවුරුදු තිස් ගණනක් වූ සේවා කාලය තුළ සිරිමල්වත්ත ගුන්නෑපාන වලල arangala කෙන්ගල්ල pilawala වැනි රජයේ පාසැල් වල සේවය කළ බවත් මට මතකය.

1960 ගණන් වල අග ඩඩ්ලි සේනානායක මහතා පොල්ගොල්ල බැම්ම සඳහා මුල්ගල තැබීමට පැමිනි උත්සවය බලන්නට අපි ද පවුල පිටින් ගියෙමු.


උත්සවය අවසානයේ අපි තේ බීම සඳහා මහනුවර silverdale හෝටලයට ගියෙමු. එකල සාමාන්‍යයෙන් මහනුවර තේ බොන්නට තිබුණු ප්‍රසිද්ධ හෝටල් 2 silverdale සහ paiva හෝටලය විය. 



short eats කියූවිට රෝල්ස් පැටිස් සහ කට්ලට් දීසියක් ද සෝස් පොඩි බෝතලයක්ද ගෙනැවිත්  තැබීම එහි සිරිත විය. සාමාන්‍යයෙන් වැඩිහිටියන් කිරි තේ සහ ලමයින්ට අයිස්ක්‍රීම් ලබාදීම එකල සිරිත විය. මට මතක හැටියට silverdale හෝටලය ගාමිණී දිසානායක මහතාගේ පියාට අයිති විය. 

තේ බීම අවසන් කර එදින නගරයට පැමිණීමට ප්‍රධාන හේතුව මට සපත්තු දෙකක් ගැනීමට සපත්තු කඩයකට ගියෙමු. එහිදී එකල වෙළඳපොළට පැමිණ තිබූ ජනප්‍රිය සපත්තු වර්ගයක් වූ pointed shoes දෙකක් රුපියල් 30 ක ට අපි මිලදී ගත්තෙමු.


මට මේ රු.30 බව හොඳට මතක තිබෙන්නේ, මා ඒ කාලෙ පාඩම් කරන්නට හොර වුවහොත් තමන්ගෙ පඩියෙන් සියයට 10 ක් ගෙවා සපත්තු දෙකක් ඇරගෙන දුන්නේ වුවද මම පාඩම් නොකර සිටින බවට මගේ මව කියන්නට පුරුදු වී සිටි නිසාය. මේ නිසා ඒ කාලයේ ඇගේ පඩිය රුපියල් 300ක් වන්නට ඇති බවට අපට සිතන්නට පුළුවන. මෙය තවත් දුරට සාක්ෂාත් කර ගැනීමට මගේ මිතුරෙකු වන ආනන්ද ලැනරෝල් මහතා ගෙන් මම විමසා සිටියෙමි. ඒ ඔහු ද හැත්තෑ ගණන් වල  ගුරුවරයෙකු වී සිටි ඇති හෙයිනි ඔහුට ඒ කාලයේ රුපියල් දෙසිය 220ක පඩියක් ලැබුණු බව ඔහු මට කීවේය. 

ඒ කියන්නේ මෙහිදී උපකල්පනය කරන ලද වැටුප නිවැරදි විය යුතු බවයි. ඒ අතරම මට ඒ කාලයේ නොයෙකුත් වැඩ සඳහා අපේ ගෙදරට පැමිණි බාසුන්නැහේලා සහ ඔහුගේ ගෝලයන්ට ගෙවූ පඩි ගැන යම් මතකයක් තිබේ. 

මගේ එම මතකයන් ට අනුව එකල බාසුන්නැහේ කෙනෙකුගේ පඩිය රුපියල් පහක් පමණ විය. ගෝලයන්ගේ සහ කම්කරුවන් ගේ පඩිය රුපියල් දෙකයි 50 තුනයි 50 වාගේ විය.

එවිට ගුරුවරයෙක් ගේ මාසික පඩිය රුපියල් තුන්සිය යැයි සිතමු.

බාසුන්නැහේ කෙනෙකුගේ දවස් පඩිය රුපියල් පහක් වූයේ නම් ඔහු මාසයකට දවස් විසිදෙකක් වැඩ කළේ නම් ඔහුගේ මාසික වැටුප වන්නේ රුපියල් 110 කි. ඒ කියන්නේ ගුරුවරයෙකුගේ වැටුප මෙන් තුනෙන් එකකි. 

දැන් සාමාන්‍යයෙන් බාසුන්නැහේ කෙනෙකුගේ වැටුප රුපියල් 2,500 ක් වෙයි, දවස් විසි දෙකක් වැඩ කළහොත් මාසික වැටුප රුපියල් පණස් පන්දාහක් වෙයි. මට පෙනෙන විදිහට ගුරුවරයෙකුගේ වැටුප ද දැන් රුපියල් 40,000 ක් පමණ වෙයි. ගුරුවරුන්ගේ සේවා කාලය වැඩි වී ජේෂ්ඨ වන විට පඩි වැඩි වුවත් බාසුන්නැහේලා ට එසේ වන්නේ නැත. ඒ නිසා මට පෙනෙන්නේ මේ මාසික වැටුප්  වර්තමානයේ එක හා සමාන තලයක තිබෙන බවය. 

හැට හැත්තෑ ගණන්වල තුනෙන් එකක් වූ බාසුන්නැහේලා ගේ පඩිය දැන් සමාන තලයට පැමිණ තිබේ.


ඒ කියන්නේ ගුරු වැටුප අවුරුදු හතළිහක් වැනි කාලයකදී, සංසන්දනාත්මකව තුන්ගුණයකින් පමණ අඩුවී තිබෙන බවය.


නමුත් ගණන් හදා බලන විට එසේ පෙනුනත් මෙහි තවත් බැලිය යුතු කෝණ කිහිපයක් තිබේ.

ඒවා හෙට බලමු

Sunday, August 8, 2021

ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ කෘෂි උපදේශ 2 අවසාන කොටස

 http://lakshmanillangakoon.blogspot.com/2021/08/2.html?m=1 සිට 


මා මුලින් සිතාගෙන සිටි ගණනට වඩා මෙය දෙගුණයක් පමණ වුවද දැන් මම මේ ගනුදෙනුව සඳහා සිර වූ බව මට පැහැදිලි විය. මම එයට එකඟ වී අඩු තරමේ මගේ හිත සාදා ගන්නට වත් ඔහුට මෙසේ කීවෙමි.

" හරි මම හයදාහක් දෙන්නම්,  හැබැයි ඒ ්‍රැගන් පෘට් ගහ කෙලින් කරන එකටත් එක්කයි"

මාත් දැන් මෙම ගනුදෙනුවට අසුවී ඇති බව ඔහු දැන ගත්තේය. " මහත්තයා පොල් ගහට 6000 ක් දෙන්න, මේ ගහේ වැඩේට අපිට තේ බොන්න කීයක් හරි දෙන්න" ඔහු කීවේය. 


කෙලින් කරන්නට අවශ්‍යව තිබූ පොල් ගස මුදුනට නැගී කෙනෙක් දිගාරින ලද කම්බියේ කෙළවරක් ඒ පොල් ගස මුදුනේ ගැට ගැසුවේය. එම කම්බි සාදාගන්නේ විදුලි මණ්ඩලය විසින් ඉවත් කරන ලද සන්නායක කම්බි වලින් බව මම පසුව දැන ගතිමි.

ඉන්පසු පොල් ගස හරවන්නට ඕනැ පැත්තේ තිබු තවත් පොල් ගසක මුල හරියේ කම්බියේ ගැටගසා බ්ලොක් එකකින්, ටිකෙන් ටික ද ොල් ගස  ඔලුව සාමාන්‍යයෙන්  අඩි හතක් අටක් පමණ ඇදෙන තුරු ඇද්ද හ. 

ඔහු ටිකෙන් ටික ට එම ඇදපු ප්‍රමාණය  ප්‍රමාණවත් දැයි මගෙන් විමසා සිටියේය. අවසානයේ පොල් ගසේ පටස් ගා ශබ්දයක් ඇසුණු විට තව ටිකක් ඇද්දොත් පොල් ගස කඩේ යැයි සැකයක් මට ඇතිවිය. ඒ නිසා අප පොල් ගස ඇදීම එතනින් නවතා කම්බි ගැට ගැසුවෙමු.


තවමත් අපිට අවශ්‍ය ප්‍රමාණය ඇදී නොමැති බව මා පෙන්වා සිටි විට ඔහු මට කීවේ, එක්වරම ඒතරම් ඇඳිය නොහැකි බවත්, තව මාස තුනකින් පමණ නැවත වරක් පැමිණ තවත් අඩි කිහිපයක් ඇදගැනීමට හැකියාව තිබෙන බවය. 


මේ කතාව මට ලියන්නට මුල්වූ සිද්ධිය ඇතිවන්නේ ඊළඟට ය. අපගේ ගෙදරට දකුණු පැත්තෙන් ගෙවත්තේ කෙළවර මහපාරට උඩින්, හොඳ පොල් පැලයක් පැළ වෙමින් තිබේ. මේ පොල් පැළය දැන් තිබෙන ස්ථානයේ අනතුරුදායක නොවුනද, පාර පැත්තට තිබෙන හිස් අවකාශය දෙසට ආලෝකය සොයමින් වර්ධනය වන බවක් පෙනෙන්නට ඇත. 


එසේ වර්ධනය වුවහොත් පාරට පොල්ගෙඩි වැටීමේ තර්ජනයක් ඇති හෙයින් එයද ගේ පැත්තට තරමක් ඇදගන්නට ඕනෑ බව මම පැවසුවෙමි. මේක ගසට කම්බි ගැට ගසන්නට ගියහොත්, කම්බිය බොහෝ පහතින් දමන්නට සිදු වන නිසා, මිදුලේ ඇවිදීමට අවහිරයක් සිදුවන බැවින් කම්බියක් ගැට ගසනවාට වඩා අමුතු ක්‍රමයකට පොල් ගස නවා ගන්නට පුළුවන් බව ඔහු මට පැවසීය.

ඒ බෝතලයක් ගැසීමෙනි. 

ඔහු මගෙන් හිස් බෝතලයක් ඉල්ලා සිටියේය. මම ඔහුට හිස් වයින් බෝතලයක් දුන්නෙමි. එයට වතුර පුරවා මුඩිය වසා, ගසට නැඟ, ගස නැමෙන්නට ඕනෑ පැත්තට විරුද්ධ පැත්තේ ඉහළ ගොබයට කිට්ටුවෙන් අත්තක හිඩැස තුළට බෝතලය තබා ඔහු හැකි තරම් ඇතුලට තද කළේය. 


මෙලෙස බෝතලේ එලෙසට තබා තද කිරීමෙන්, ගොබය අපිට අවශ්‍ය පැත්තට නැමී, ගස අනතුරුදායක පැත්තට  වර්ධනය වීම නැවැත්විය හැකි බව ඔහු පැවසීය. කල්පනා කර බලන විට ඒ හොඳ අදහසක් බව මටද වැටහුනි. 

මම වැඩ තුනටම රුපියල් 6500ක් දී, හතර දෙනාටම තේ එකක්ද පිළිගැන්වූ වෙමි

 මේ මගේම කෘෂි උපදේශයක් නොවුනද, මෙය සියල්ලන්ගේ දැන ගැනීමට යොමු කරන්නට සිතුණේ, මෙවැනි අවශ්‍යතාවයන් කිසිම මුදලක් වැය නොකර, කර ගන්නට පුළුවන් බව පෙනුණු නිසාය. 

මෙම උපක්‍රමය ගැන, පසු වේලාවක මා සමඟ සාකච්ඡා කරමින් සිටී මගේ මිත්‍ර බද්දේගම ආනන්ද ලැනරෝල් නැමති බොහෝ පළපුරුදු වැවිලිකරු, මා විසින් මේ සම්බන්ධව පල කරන ලද ඡායාරූප දැක මට තවත් උපදේශයක් දුන්නේ ය. ඒ මේ කුඩා පොල් ගස් වල අතු අතර තිබෙන හනස්ස සහ වෙනත් අනවශ්‍ය කොටස් ඉවත් කරන ලෙසය, මක්නිසාද ඒවා ගසේ පිරී තිබෙන විට ගස් වල රතු කුරුමිණියන් සෑදීමේ ්‍රවණතාවයක් ඇති වන බැවිනි.

Friday, August 6, 2021

රිවිරැස චිත්‍ර කථාව සහ මැතිල්ඩා

 


මා කුඩා කල අපට ඉරිදා පත්තර ගෙනත් දුන්නේ මහත් ආශ්වාදයකි. ඉරිදා වෙනතුරු බලා සිටියේ මේ පුවත්පත් කියවීමට. විශේෂයෙන්ම ඒවාගේ තිබූ පිටුවක් පුරා දිවයන ග්‍රැෆික් එහෙමත් නැත්නම් චිත්‍ර කතා කියවන්නට අපි බොහෝ කැමැත්තක් දැක්වූ වෙමු. 

මේ සමහර කතා කොටස් වශයෙන් පළ වූ අතර සමහර ඒවා එදිනම අවසන් විය.

ගෙදර සාලේ බිම එලාගෙන ඒ පුවත්පත් කියවූ හැටි, තවමත් මතකයේ තිබේ.

ඒ කතා මම කියෙව්වේ වයස දහයටත් අඩු වයසක වුවද සමහර කතා, මට තාමත් මතක තිබීම පුදුම සහගතය.

එයින් එක් කතාවක වාහනයකින් පවුලක් ගමකට එයි. දෙමව්පියන් දෙදෙනෙකු සහ ජැන්ඩි පහට සැරසුණු තරුණයෙකු එයින් බැස ගෙදරකට යති. 

සාමාන්‍ය දුප්පත් ගෙදරක වයසක අම්මා කෙනෙක් සහ පුතෙකු මිදුලේ සිටිති. 

මුල් සිද්ධිය දෙස බලා සිටින අම්මා තම පුතාට ඒ පවුල පෙන්වා මෙසේ කියයි.

"අර දෙමව්පියෝ දෙන්නා ඔය ඇවිල්ලා ඉන්නේ හදාගත්ත ළමයෙකුත් එක්ක, අර තරුණයා පොඩි කාලේ හදාගන්න ගත්තේ ඔය ගෙදරින්, ඒ මිනිස්සුන්ට ඒ ළමයා දීපු මිනිහා මුලින් ආවෙ අපේ ගෙදරට, ඔයා එතකොට බොහොම පොඩියි, ඇවිල්ල මගෙන් ඇහුවා ඔයා හදාගන්න දෙන්න කැමතිද කියලා, මම බැහැයි කිව්වා, මම එහෙම කළා නම් අද අපි දෙන්න මෙතන මෙහෙම ඉන්නේ නැහැ" 


තරුණයා ටික වේලාවක් අමුත්තන් දෙස බලා සිට මෙසේ පිළිතුරක් දුන්නේය

"අපරාදේ අම්මට ඒ දවස් වල මම එහෙම ඉල්ලනකොට දෙන්නයි තිබුනේ" 

😣


මම පොඩි කාලේ ඒ කතාව කියවද්දිත් අම්මා ඒ කතාව තරුණයාට ඒ වෙලාවේ කීම හොඳ නැති බව සිතුනි, දැනුත් සිතේ. නමුත් අම්මලා බොහෝ සංවේදී කණ්ඩායමකි, දරිද්‍රතාවෙන් පෙළුණත් තම දරුවන්ට එක සේ ආදරේ කරති. වැඩියෙන් ආදරේ කරන්නේ දුප්පත් දරුවන්ටය.


මට මේ කතාව බොහෝ කාලයකට පසු මතක් උනේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගය සඳහා පෙනී සිටි, මැතිල්ඩා පිළිබඳ කතාව ඇසීමෙනි. ඇයත් එලෙස මහනුවර ඉපිද කුඩා කලම, හදා ගැනීමට දුන් බිලිඳියක බව කියනු ලැබේ. ඇය දැන් ලෝකයේ ඉතාමත් ධනවත්, සුළු පිරිසක් පමණක් කරන අශ්වයන් සම්බන්ධ ක්‍රීඩාවක ඔලිම්පික් යාමට තරම් තත්වයක සිටි.


ඇයට ඔලිම්පික් යාමට ඉඩ ඇහිරීමට තැත් කළ නොයෙකුත් සංවිධාන වලට විරුද්ධව බොහෝ අධික මුදලක් වියදම් කර ඇය නඩු මගට පවා බැස ඇත. 


මෙම සිද්ධිය දකින අප බොහෝ දෙනෙකුටත් අප කුඩා කාලයේ මෙලෙස හදාගන්නට දුන්නා නම් අගනේ යැයි සිතුණොත්, එහි වැරැද්දක් තිබිය හැකිද?මා කුඩා කල අපට ඉරිදා පත්තර ගෙනත් දුන්නේ මහත් ආශ්වාදයකි. ඉරිදා වෙනතුරු බලා සිටියේ මේ පුවත්පත් කියවීමට. විශේෂයෙන්ම ඒවාගේ තිබූ පිටුවක් පුරා දිවයන ග්‍රැෆික් එහෙමත් නැත්නම් චිත්‍ර කතා කියවන්නට අපි බොහෝ කැමැත්තක් දැක්වූ වෙමු. 

මේ සමහර කතා කොටස් වශයෙන් පළ වූ අතර සමහර ඒවා එදිනම අවසන් විය.

ගෙදර සාලේ බිම එලාගෙන ඒ පුවත්පත් කියවූ හැටි, තවමත් මතකයේ තිබේ.

ඒ කතා මම කියෙව්වේ වයස දහයටත් අඩු වයසක වුවද සමහර කතා, මට තාමත් මතක තිබීම පුදුම සහගතය.

එයින් එක් කතාවක වාහනයකින් පවුලක් ගමකට එයි. දෙමව්පියන් දෙදෙනෙකු සහ ජැන්ඩි පහට සැරසුණු තරුණයෙකු එයින් බැස ගෙදරකට යති. 

සාමාන්‍ය දුප්පත් ගෙදරක වයසක අම්මා කෙනෙක් සහ පුතෙකු මිදුලේ සිටිති. 

මුල් සිද්ධිය දෙස බලා සිටින අම්මා තම පුතාට ඒ පවුල පෙන්වා මෙසේ කියයි.

"අර දෙමව්පියෝ දෙන්නා ඔය ඇවිල්ලා ඉන්නේ හදාගත්ත ළමයෙකුත් එක්ක, අර තරුණයා පොඩි කාලේ හදාගන්න ගත්තේ ඔය ගෙදරින්, ඒ මිනිස්සුන්ට ඒ ළමයා දීපු මිනිහා මුලින් ආවෙ අපේ ගෙදරට, ඔයා එතකොට බොහොම පොඩියි, ඇවිල්ල මගෙන් ඇහුවා ඔයා හදාගන්න දෙන්න කැමතිද කියලා, මම බැහැයි කිව්වා, මම එහෙම කළා නම් අද අපි දෙන්න මෙතන මෙහෙම ඉන්නේ නැහැ" 


තරුණයා ටික වේලාවක් අමුත්තන් දෙස බලා සිට මෙසේ පිළිතුරක් දුන්නේය

"අපරාදේ අම්මට ඒ දවස් වල මම එහෙම ඉල්ලනකොට දෙන්නයි තිබුනේ" 

😣


මම පොඩි කාලේ ඒ කතාව කියවද්දිත් අම්මා ඒ කතාව තරුණයාට ඒ වෙලාවේ කීම හොඳ නැති බව සිතුනි, දැනුත් සිතේ. නමුත් අම්මලා බොහෝ සංවේදී කණ්ඩායමකි, දරිද්‍රතාවෙන් පෙළුණත් තම දරුවන්ට එක සේ ආදරේ කරති. වැඩියෙන් ආදරේ කරන්නේ දුප්පත් දරුවන්ටය.


මට මේ කතාව බොහෝ කාලයකට පසු මතක් උනේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගය සඳහා පෙනී සිටි, මැතිල්ඩා පිළිබඳ කතාව ඇසීමෙනි. ඇයත් එලෙස මහනුවර ඉපිද කුඩා කලම, හදා ගැනීමට දුන් බිලිඳියක බව කියනු ලැබේ. ඇය දැන් ලෝකයේ ඉතාමත් ධනවත්, සුළු පිරිසක් පමණක් කරන අශ්වයන් සම්බන්ධ ක්‍රීඩාවක ඔලිම්පික් යාමට තරම් තත්වයක සිටි.


ඇයට ඔලිම්පික් යාමට ඉඩ ඇහිරීමට තැත් කළ නොයෙකුත් සංවිධාන වලට විරුද්ධව බොහෝ අධික මුදලක් වියදම් කර ඇය නඩු මගට පවා බැස ඇත. 


මෙම සිද්ධිය දකින අප බොහෝ දෙනෙකුටත් අප කුඩා කාලයේ මෙලෙස හදාගන්නට දුන්නා නම් අගනේ යැයි සිතුණොත්, එහි වැරැද්දක් තිබිය හැකිද? 

Thursday, August 5, 2021

ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ කෘෂි උපදේශ 2

 



අපේ ගෙවත්තේ පොල් ගස් හතළිහක් පමණ තිබේ. ඒ අතර මගේ ලොකු අත්තා, මගේ මව සහ මා සිටවූ ඵල දරණ ගස් ඇත. 

අපේ ගෙදර කඳු මුදුනක පිහිටා ඇති නිසා පොල් ගස්වලින් පහළට වැටුණු ගෙඩිවලින් පොල්ගස් කිහිපයක් ද ඇල්ල පල්ලේ පැලවී නැත්තේද නොවේ.

අප මේවට කවදාවත් පොහොර යොදන්නේ නැත. නමුත් ගෙදරින් ඉවත් වන දෑ අපගේ ගෙවත්තට එකතුවී මේවායේ පෝෂ්‍ය මල්ලිපදාර්ථ බවට පත්වෙයි. ගෙවත්තක පොල් ගස් තිබෙන විට ඒවායින් ලොකු ප්‍රයෝජනයක් තිබුණද ඒවායින් ඇතිවන කරදර කිහිපයක් ද විඳ දරා ගැනීමට සිදුවෙයි. පොල් ගහෙන් අත්තක් හෝ ගෙඩියක් හදිසියේ ඇගට කඩා වැටීම එක් අනතුරකි. පොල් ගස වටා බිම වෙනත් යමක් පැලකිරීමට නොහැකි වීම තවත් පාඩුවක් වෙයි. පාරකට කිට්ටුව කන්ද මුදුනේ නිවස තිබේනම් කන්ද අයිනට තිබෙන පොල් ගස් වල ගෙඩි පාරට වැටී මේ අනතුරුදායක තත්ත්වයක් ද ඇත.


ලඟකදී මම මෙවැනි ගසක් කපා ඉවත් කළෙමි.


තවත් අපේ එක් ගසක් ගබඩා මඩුවේ වහලයට කිට්ටු වී එයට පොල් ගෙඩි සහ අතු වැටීමෙන් මඩුවේ වහල කීප වතාවක් පිළිසකර කිරීමට සිදුවිය.

මම ම ඒ ගස කපන්නට අදහස් කළ ද මගේ බිරිඳ එයට තදින්ම විරුද්ධ වූයේ මේ ගස අපේ වත්තේ තිබෙන හොඳම පොල් ගස් වලින් එකක් බව කියමිනි.


දන්න අපට ඉතුරු වී ඇති එකම option එක පොල් ගස වහලෙන් පිටතට ඇද ගැටගැසීමයි. මේ සඳහා සතියකට දෙකකට වරක් ලොකු බැනර් එකකුත් දාගෙන ලවුඩ්ස්පීකර් එකින් ගස් බදිනවා කියමින් යන අයගේ සේවය ලබා ගැනීමට අපි තීරණය කළෙමු. දෙතුන් වරක් එය අල්ලා ගැනීමට උත්සහ කළද, එසේ ඔවුන් නවතා ගැනීමට අපි අපොහොසත් වූයෙමු. 

ඉන්පසු අපේ ගේ ළඟ පහල කඩයට දුරකථන ඇමතුමක් දී මේ වාහනය නැවත දුටුවොත් අප නිවසට එවන ලෙසට ඉල්ලා සිටියෙමු. ඊයේ කඩයෙන් දුරකථන ඇමතුමක් දී ඔවුන් පැමිණ ඇති බව පවසා ඔවුන් අප නිවසට එවීය. 

මම ඔහුට කරන්නට තිබෙන වැඩ ප්‍රධාන කර්තව්‍යය පෙන්නා එයට කුමන මුදලක් අවශ්‍ය දැයි ඇසුවෙමි. ගස ගැටගැසීමට සුදුසු තවත් පොල් ගසක් සොයා අතරඩියකට රුපියල් 250 බැගින් අවශ්‍ය බව ඔවුහු පැවසූහ. එවිට අවසානයේ කුමන මුදලක් ඔවුන් කිව්වත් මට ගෙවන්නට සිදුවන නිසා මම ඒ පොල් ගස් දෙක අතර දුර මැන බලන්නට කීවෙමි. එය අඩි 25 ක් විය. පයිතගරස් නියමය අනුව  බලන විට මෙයට කම්බි අඩි 40ක් වත් යන බව මට පෙනුණි. ඒ කියන්නේ රුපියල් දහදාහක පමණ මුදලකි. 

පොල් ගසින් මාස දෙකකට ගෙඩි දහයක් කැඩුනොත්, ඒ අවුරුද්දකට රුපියල් තුන්දාහකි. ඒ හා සසඳන කළ රුපියල් දහදාහක් පමණ ගෙවා පොල් ගසක් කෙලින් කර ගැනීමේ ඒ තරම් ප්‍රයෝජනයක් නැතැයි සිතූ මම එය නොකර ඉන්නට සිතුවෙමි. මම ඔවුනට ද එය කියා පැහැදිලි කළෙමි.

ඉන් පස්සේ ඔවුන් හතර දෙනකු ත්‍රීවීලයක පිළිමතලාවේ සිට පැමිණ යම් ආදායමක් ලබාගන්නට නොහැකි වූ නිසා මගේ ගෙදර මිදුලේ තිබුණු ඇද වී ඇති dragon පෘට් ගසක් කෙලින් කර දෙන්නට කියා පැවසුවෙමි. ඔවුන්ගේ උපකරණ යොදා ගෙන එය කෙළින් කර ගල් කිහිපයක් දමා සවි කළ අතර මම දැන් ඔවුන්ට රුපියල් දාහක් දී  යවන්නට සිතා ගත්තෙමි. 

ඒ වැඩේ අවසන් කළ එම කණ්ඩායමේ නායකයා, මගෙන් ලොකු පොල් ගස බැඳ තබන්නට රුපියල් හය දාහක් ඉල්ලා සිටියේය. 

මම වැඩ දෙකටම රුපියල් 6000 කට අකමැත්තෙන් වුවද කැමති බව කියා සිටියෙමි.

වචන පන්සීයේ සීමාව පනින නිසා අවසාන කොටස හෙටට තබා ගනිමි.

Monday, August 2, 2021

රාජ්‍ය සේවා සඳහා වැටුප් සමීකරණයක්

 රාජ්‍ය සේවා වැටුප් සමීකරණය


සමීකරණයක් යනු සත්‍යය සම්බන්ධතාවයක් සංකේත මගින් පෙන්වා දීමයි. සමීකරණයක් මගින් පෙන්වා දෙන තුරු එම සම්බන්ධතාවය ගැන හැඟීමක් කෙනෙකුට තිබිය හැකි නමුත් එය විවෘතව පෙන්වා දීමට අපහසු වෙයි. එසේම හරියටම කොපමණ ප්‍රමාණයකින් එම සම්බන්ධය තිබෙනවාදැයි ෙනෙකුට විශේෂයෙන් අධ්‍යයනයක් නොකර දැනගන්නටත් යම් සම්බන්ධයක සමීකරණයක් තිබෙන්නේ නම් පුළුවන් වෙයි.


ඒ වාගේම යම් සම්බන්ධතාවයක් පිළිබඳව සමීකරණයක් තිබේනම් එම සම්බන්ධතාවය පිළිබඳව කෙනෙකුට අපව රවට්ටන්නට පුළුවන්කමක් නැත. මක්නිසාද අපට සමීකරණය වෙත ගොස් ඒ සමීකරණය සංකේතවලට නියමිත අගයන් යොදා සම්බන්ධතාවය හා පවතින අගයන් සත්‍ය දැයි අපට සොයාගැනීමට පුළුවන් නිසාය. 


රජයේ වැටුප් පිළිබඳව බොහෝ ගැටළු සහගත තැන් දැන් ඇතිවී තිබේ. හෙදියන්ගේ වැටුප් වැඩි කරන විට ෛද්‍යවරු විරුද්ධ වන බවක් පෙනේ. එලෙසම රජයේ බොහෝ ආයතන සහ දෙපාර්තමේන්තුවල සේවය කරන්නන් ගේ වැටුප් කොහෙන් හෝ වෙනස් වූ විට වෙනස් නොවුනු පිරිස් මේ පිළිබඳව කලබලයට පත්වන බව පෙනේ. 

සමහරවිට එකම සුදුසුකම්වලින් රැකියා වලට එකතු වන පිරිස් තමන් හා සමාන සුදුසුකම් ඇති ව තවත් ආයතනයක වෙනත් රැකියාවකට බැඳුණු කෙනෙකුට වැඩිපුර වැටුපක් ලැබීම පිළිබඳව අසතුටට පත් වෙයි. තමන් වැඩ කරන පැය ගණන වැඩි වූ විට ඊට වඩා අඩුවෙන් පැය ගණනක් වැඩ කරන සමාන සුදුසුකම් වලින් රැකියාවට බැඳුණු පිරිස් තමා හා සමාන වැටුපක් ගත්තොතින් සමහරුන් අසතුටට පත් වෙති. මෙලෙස නොයෙකුත් හේතූන් නිසා තමන්ට ලැබෙන වැටුප පිළිබඳව අසතුටට පත් වන රජයේ සේවකයන් බොහෝ අංශවල සිටිති. ඔවුහු සමහරවිට තමන්ටත් එලෙස වැඩි වැටුපක් හිමි විය යුතු යැයි සිතා අරගල කරති. 

රජයටත් මේ පිළිබඳව හරි තීරණයකට එන්නට අපහසු බව පෙනේ. එසේ අපහසු වන්නේ  වැටුප් වැඩි කිරීමක් සිදු කළ විට, තවත් ආයතනයක තවත් ස්ථානයක එසේ නැත්නම් එම ආයතනයේ කොහේ හෝ තැනක කෙනෙකුට ඒ පිළිබඳව අසතුටක් ඇති වීමට බොහෝ ඉඩකඩ තිබෙන නිසාය.

මට පෙනෙන විදියට නම් මේ පිළිබඳව ක්‍රියාත්මක කළ හැකි හොඳම රජයේ රැකියාවන් වල වැටුප් තීරණය කිරීම සඳහා සමීකරණයක් නිර්මාණය කිරීමයි.

මේ සමීකරණයේ කුමන සංඝටක තිබිය යුතුද? 

පළමුවන්න සංඝටකය බවට මට සිතෙන්නේ කුමන සුදුසුකම් සහිතව රැකියාවට බැඳුණේ ද යන බවයි, Q


දෙවන සංඝටකය විය යුත්තේ රැකියාවේ සතියකට එසේත් නැත්නම් දවසකට පැය කීයක් ඔහු හෝ ඇය සිටිය යුතුද යන්නයි, H 


තුන්වැන්න, රැකියාවේ ඔහුගේ සේවා කාලය විය යුතුය Y


හතරවැන්න මා හිතන විදිහට විය යුත්තේ රැකියාවට විශේෂිත වූ අවදානමයි R 


රැකියාව අතරතුර ලබාගන්නා පුහුණු සහ වෙනත් සුදුසුකම් පස්වන සංඝටක විය යුතුය. E 


රාත්‍රී සේවාවන් කරන්නට සිදුවීම හයවන සංඝටකය විය යුතුය, N


විශේෂ දීමනාවක් නොලබා යම් අමතර රාජකාරි කරන්නට සිදුවීමද සංඝටකයක් විය යුතුය, A


x=2 y+3Z+A 


දැන් අපි මෙවැනි සමීකරණයක් දෙස බලමු. මෙහි x යන අගය වැඩිවන්නට y z හෝ A වැඩි විය යුතුය. මෙහි x හි අගය වැඩිවීමට වැඩියෙන්ම බලපෑ හැකි වැඩිවීම z වෙයි. Z  එකකින් වැඩි වුවහොත් X තුනකින් පමණ වැඩි වෙයි.

එහෙත් A සමග X  ඒ තරම් වේගයෙන් වැඩි නොවේ. එහි අගය එකකින් වැඩි වන විට x හි අගය ද වැඩි වන්නේ එකකින් පමණි. ඒ කියන්නේ A හට සමීකරණයේ x වැඩිකරන්නට බලපාන්නට හැකි වන්නේය තරමක් අඩුවෙන් බව ය.


දැන් අපි මේ  ගුණාංගයද මතක තබාගෙන රාජ්‍ය වැටුප් පලයන් සඳහා සමීකරණයක් නිර්මාණය කළ යුතුය.

එය මූලික වශයෙන් පහත සඳහන් ආකාර වෙයි.


Salary = Q+H+Y+R+E+N+A 


මෙම සාධක කුමන ලෙසට අගය කළ යුතු දැයි තීරණය කරන්නට දැන් වේලාව පැමිණ තිබේ. උදාහරණයකට බැඳීමේදී සුදුසුකම් ඉතාමත් ඉහළ වටිනාකමක් ගත යුතු නම් එය 3Q වැනි වටිනාකමකින් සමීකරණයට ඇතුළුවන්නට පුළුවන. ඒ ආකාරයෙන්ම සමහර සාධක සඳහා ලොකු වටිනාකමක් නොතිබෙන්නට පුළුවන. උදාහරණයක් වශයෙන් රාත්‍රියේ වැඩ කරන්නට සිදු වීම  සඳහා එතරම් වටිනාකමක් දෙන්නට අවශ්‍ය නැත්නම් එය N/3 වැනි අගයකින් සමීකරණයට පැමිණිය හැක්කේ ය. මෙලෙස සංඝටක සියල්ල කුමන ආකාරයෙන් වැටුපට බලපෑමක් ඇති කළ යුත්තේ දැයි සොයා බලා සියල්ලන්ගේම අනුදැනුම ඇතිව මෙම සමීකරණය සම්පූර්ණ කර ගන්නට පුළුවන. 

ඉන්පසු ඕනෑම කෙනෙකුට තමන් රැකියාවක් තෝරා ගනිද්දී තමන් කුමන ආකාරයේ රැකියාවක් තෝරාගත යුත්තේ දැයි යන්න මෙම සමීකරණය දෙස බලා තීරණය කරන්නට පුළුවන. ඉන්පසු තමන් වැඩි කලක් සේවය කරන බව හෝ  රාත්‍රියට වැඩ කරන බව හෝ තමන් ගෞරවයක් තිබෙන රාජකාරියක් කරන බව හෝ කියමින් කාටවත් අරගල කරන්නට හෝ පැමිණිලි කරන්නට පුළුවන්කමක් නැත. 


දැන් අපි මේ සංකේතයන්ට ගැලපෙන වටිනාකම් ආදේශ කළ යුතුය. 




Sunday, August 1, 2021

තමන් අනුන්ට උදව් කලත් අනුන් තමන්ට අවශ්‍ය වෙලාවට උදව් නොකරති

 


පාසල අවසන් වූ පසු මම ආපහු මම නිවසට ගමන් කළ යුත්තේ පාසලෙනි නැගෙනහිර පැත්තට වුවද මම බොහෝ දිනවල ගමන්කළේ පාසැලෙන් බස්නාහිර පැත්තටය.
ඒ මිතුරන් සමග කතා කරමින් මහනුවර නගරයට ගොස් මාකට් එකේ උඩ තට්ටුවෙ වැඩිය සෙනග නැති පඩිපෙලක ස්ටෙයා කේස් එකට වී සිගරට් එකක් ද පානයකර නගරයේ බස්ටෑන්ඩ් එකෙන් බසයක් ගෙන ගෙදරට යාමටය. 
මෙලෙස නගරයට ඇවිදගෙන යන විට, වැව රවුමේ බැම්ම දිගේ යද්දි සාස්තර කරුවන් සහ තෙල් බෙහෙත් විකුණන්නන් කිහිපදෙනකු පසුකර යාමට සිදුවෙයි.
මෙලෙස සැතපුමක් පමණ පාසලේ සිට මහනුවර නගරය දක්වා කිසිම හේතුවක් නැතුව ඇවිදගෙන යාම එකල තරමක විහිළුවක් සේ පෙනුනද, ඇත්තෙන්ම දැන් බලන විට එය ව්‍යායාමයක් වශයෙනුත් ප්‍රයෝජනයක් නොලැබුණා නොවේ. 
මෙලෙස ඇවිදගෙන යද්දි මා පෙර කියූ පරිදි හොඳ තෙල් බෙහෙත් කාරයෙකු අසල වෘත්තාකාර ලෙස සෙනඟ පිරී සිටියොත්, විනාඩි 5ක් 10ක් ඒ කුමක් සිදුවන්නේදැයි බලන්නට නැවතී සිටීම ද නිතර සිදුවිය.
මෙතන එක් ප්‍රසිද්ධ තෙල් බෙහෙත් වෙළෙන්දෙකු පාසල් සිසුන් එම වෘත්තයේ නැවතුනොත් කෝප වී ඔවුන් එළවා දමන්නට උත්සාහ කරයි. එහෙත් අප ඒ ලෙවල් කරන කාලයේ, තරමක වැඩිහිටි පෙනුමක් තිබූ නිසා, එසේම අප කිහිප දෙනකු සිටින සිටි නිසාත්, අපව කෙලින්ම එළවා දැමීමට තරම් එඩිතර කමක් ඔහු තුළ නොවීය.

ඔහුගේ ඒ ඇල්හේනේ තුවාල තෙල, විකුණන, වැඩි පිරිසක් පැමිණ සිටින්නේ විකුණද්දි, ඔහු විසින් බොහෝ රසවත් කතා; බොහොමයක් දෙපිට කැපෙන වචන යොදාගෙන කියන නිසා වූ අතර සමහර විට පාසැල් සිසුන් එතන සිටිද්දී එවැනි දෙපිට කැපෙන වචන පැවසීම හොඳ නැතැයි ඔහු සිතුවා වන්නටත් පුළුවන. එසේත් නැත්නම් පාසල් සිසුන් එතන රොද ගැසුනොත් පොලිසියෙන් පැමිණ ඔහු එලවෙලා දමන්නට ඉඩ තිබෙන බව ඔහු සිතුවා වන්නටත් පුළුවන.
මට මේ කතාව අද මෙතන ලියන්නට සිතුනේ මම ඊයේ මුහුණුපොතේ දැක්ක FB post එකක් නිසාවෙනි. ඒ පෝස්ට් එකෙන් කියවුනේ තමන් හොඳ නිසා තමන් අනුන්ට උදව් කරන නිසා තමන් අනුන් ඕනෑවට වඩා විශ්වාස කරන නිසා යමෙකුට ලොකු පාඩුවක් වෙන්නට පුළුවන් බවය.
වැව රවුමේ ඒ කාලයේ සාස්තර කියන මිනිසුන්ද තමන්ට සාස්තර කියන්නට කෙනෙකු අල්ලා ගන්නේ එවැනි ප්‍රකාශයක් කිරීමෙනි.
සාමාන්‍යයෙන් රැවටෙන්නට ඉඩ තිබෙන වාගේ පෙනුමක් තිබෙන කෙනෙකු, මාලිගාව පැත්තේ සිට පහළට හෝ අනෙක් පැත්තට යනවා දුටු විට, මේ සාස්තරකාරයන් මෙසේ කියයි

"තමන්ට වෙන කෙනෙකුගේ දුකක් දැක්කහම හිත උණු වෙනවා අතේ තියන සතපහ හරි දීලා දානවා නමුත් තමන්ට කරදරයක් උනහම කවුරුත් නෑ හරි නේද මං කියන එක, 
තමන් ඕනෑ කෙනෙක් කියන එකත් විශ්වාස කරනවා, නමුත් තමන් කියන දේ කවුරුත් විශ්වාස කරන්නෙ නෑ හරි නේද මං කියන එක.

දැන් සාස්තරකරු ඒ අහිංසක මිනිසා ගේ අතින් අල්ලා ගනියි, මිනිසාත් දෙගිඩියාවෙන් අත බලන්නට සාස්තරකරුට ඉඩ දෙයි, දැන් මේ සාස්තර කීම පිළිබඳව ගිවිසුමට එළැඹී හමාරය. පැය භාගයක් පමණ තව බොරු කිහිපයක් කියා, රුපියල් දෙකක් පමණ අහිංසක මිනිසා ගෙන් ලබාගන්නා සාස්තරකරු ඔහුව යන්නට හරියි. සාස්තරකරු වෙතින් එතනින් ඒ රුපියල් දෙක ගෙන පහළට බැස බාර් එකට යයි. 
ආපසු තව ටිකකින් පැමිණ නැවත තවත් බොහෝ විට උසාවියට හෝ රෝහලට දුර පළාතකින් පැමිණ, ඒ කරදර වලින් බේරීමට පිහිට පතන්නට දේවාලයකට හෝ මාලිගාවට පැමිණි තවත් මිනිසෙකු අල්ලාගනී.
මෙලෙස සාස්තර කරුවන් දැන් මා දන්නා විදිහට, වැව රවුමේ නැත.

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...