ලංකාවේ විදේශ විනිමය ප්‍රශ්නය ඉතාමත් උග්‍ර අතට පැමිණ තිබේ. මගේ මිතුරෙකු ඊයේ ඔහුගේ පුතාට අවුරුදු 3ක කාලයකට ඔස්ට්‍රේලියාවට යාම සඳහා, සෞඛ්‍යය රක්ෂණයට ගෙවීමට මුදල් බැංකුවකින් ලබා ගැනීමට නොහැකි නිසා මා යම් ක්‍රමයක් දන්නේදැයි, මගෙත් මගෙන් විමසා සිටිය යුතු තරමට මෙය උග්‍ර වී තිබෙන බව පෙනේ.
ඔහුට මම විසඳුමක් පෙන්වා දුන්නද, මේ ප්‍රශ්නය ලංකාවට ඉතාමත් උග්‍ර ලෙස ඉදිරි අනාගතයේ දී බලපෑ හැකි බව ට කිසිම සැකයක් නැත.
මේ නිසා මම ඔහුත් සමග කතා කිරීමෙන් පසුව ේ ප්‍රශ්නයට කුමන විසඳුම් තිබේදැයි සිතන්නට පටන් ගත්තෙමි.
IMF ආයතනයට යාම එකම ගැළවීමේ මාර්ගය බව පෙනේ. එහෙත් ඔවුන් ණයක් දෙන විට අපිට ඒ ණය ගෙවන්න පුළුවන් දැයි පරික්ෂා කර බලනු ලැබේ. ඔවුන් වෙනත් සමහර රටවල් මෙන් ණය ගෙවන්නට බැරි තත්ත්වයේ රටවල් වලට ණය ලබාදී මස් රාත්තල කපා ගන්නට බලා සිටින ආයතන නොවේ.
IMF ණයක් දෙනවිට මුදල රටේ ප්‍රගතියට පාවිච්චි කරන බවට සොයා බලයි, එම මුදල ලබාගෙන වියදම් කරන විට එය රටේ ජනතාවගේ යහපත සඳහාය ද වෙන්නේ දැයි පරීක්ෂාවෙන් සිටී. දීමට පෙර පරීක්ෂා කර බලයි.
මෙවැනි ආයතනයකින් ණය ගන්නා විට ඒ මුදල් නාස්ති වීමට තිබෙන ඉඩකඩ බොහෝ අඩුය. ඒ නිසා පුරවැසියන් වන අපට ත්, එම ණයට ගත් මුදල් නාස්ති වන්නේ නැති බවට යම් දුරකට සහතිකයක් ලැබේ. ඒ ණය මුදල විනාශකර රට තවත් ණය අර්බුදයක ගිලී වන්නේ නොමැති බවට අපට යම් සහතිකයක් ලැබේ. නමුත් පාලකයන් අන්තර්ජාතික මුල්‍ය අරමුදලට යාමට මැලිකමක් දක්වති. ඒ අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ඔවුන් වෙත මුදල් පතා පැමිණෙන රජයන්ට යථාර්ථයට මුහුණ දෙන ලෙසටත් ථාර්ථයට මුහුණ දෙන ලෙසට තමන්ගේ ප්‍රතිපත්ති සකස් කර ගන්නා ලෙසටත් බල කිරීමට පුරුදුව සිටීමයි.
ඔවුන් කීවත් නැතත් අප යථාර්ථයට මුහුණ දිය යුත්තෙමු. විශේෂයෙන්ම ආර්ථික යථාර්ථයට මුහුණදීම මග හැර රටකට හෝ පුද්ගලයෙකුට වැඩි කාලයක් දුවන්නට නුපුළුවන. බැංකුවලින් ණය අරගෙන යථාර්ථයට මුහුණ නොදී තමන්ගේ නිවසට ලොකු ගේට්ටුවක් හදා ගන්නා කෙනෙකුට ඒ ණය ගෙවන්නට ඒ ගේට්ටුවෙන් ආදායමක් නොලැබෙන විට තමන් බංකොලොත්භාවය පැත්තට තල්ලු වීම නවත්වා ගත නොහැක.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යථාර්ථයට මුහුණ දෙන ලෙසට තමන්ගෙන් මුදල් උපකාර ලබා ගන්නට පැමිණෙන අයට බල කරන්නේ අන්න ඒ හේතුව නිසාය, එසේ නැතුව ඔවුන් අප කෙරෙහි යම් තරහක් වෛරයක් ක්‍රෝධයක් තිබෙන නිසා නොවේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යාමට කිසිසේත්ම කැමති නැත්නම් මට පෙනෙන විදිහට තව එක ක්‍රමයකින්, මෙහෙ විදේශ විනිමය අර්බුදයෙන් ගැලවෙන්නට පුළුවන්කමක් තිබේ. ගැලවෙන්නට ම නොහැකි වුවත් ඩු තරමින් මේ ප්‍රශ්නය යම් තරමකට සහනයක් ලබාගැනීමට මගේ මේ යෝජනාවෙන් හැකියාව තිබෙන බව පෙනේ.
ඒ ගංජා වැවීමයි. ලෝකයේ 2020 වසරේ ගංජා මාකට් එක ඩොලර් බිලියන 21 කි. මේ වෙළෙඳපොළ මෙතරම් තත්ත්වයකට පැමිණියේ, ලෝකයේ දියුණු එසේම වැදගත් යැයි සැලකෙන ඇමරිකාව කැනඩාව සහ යුරෝපය යන රටවල ගංජා පාවිච්චි කිරීම නොයෙකුත් ආකාරයෙන් නීතිගත කිරීමෙන් පසුවය. අනෙක් බොහෝ කර්මාන්ත covid වසංගතය නිසා පහතට වැටුනද ගංජා මාකට් එක 2020 වසරේදී සියයට 50කින් පමණ වැඩිවී තිබේ. මේ වෙළෙඳපොළ 2028 වන විට ඩොලර් බිලියන දෙසීයක පමණ විශාලත්වයක් ගනු ඇතැයි විශ්ලේෂකයින් ගණනය කරති.
අපට අක්කර දහදාහක පමණ හොඳින් සංවිධානය කර කන්සා වවන්නට පුලුවන්නම්, රාජ්‍ය සුපරීක්ෂාව යටතේ පුද්ගලික සමාගම් වලට ඉඩ දෙන්නේ නම්, මට හිතෙන විදිහට මේ වෙළඳ පොළින් 10% ක් පමණ අල්ලා ගන්නට පුළුවන.
ඒ කියන්නේ ඩොලර් බිලියන දෙකක් පමණ මුදලකි. ganja ඉක්මනින් සහ පහසුවෙන් වන්නට පුළුවන. මේ 10% 2028 බිලියන විස්සක් පමණ වෙන්නට හැකියාව තිබේ යැයි පෙනෙන්නට තිබේ.
මට පෙනෙන විදිහට නම් දැනට ඉක්මනින් කරනට පුළුවන් විදේශ විනිමය ටට ගෙන්වා ගැනීමේ එකම ක්‍රමය මෙයයි.
යථාර්ථයට මුහුණ දෙමු,