Monday, June 15, 2020

එකම ගසකින් සියයක් ප්‍රයෝජන

“එයින් ලැබෙන එකම ප්‍රයෝජනය පොල්ගෙඩි ලබා ගැනීම නේද?” ෆ්‍රෑන්ක් ඇසුවේය.
“ඔව් ඒක තමයි ප්‍රධාන ප්‍රයෝජනය, නමුත් තවත් ප්‍රයෝජන අනූ නවයක් තිබෙනවා.” කෝපි වවන්නා පිළිතුරු දුන්නේය.
“ එක ගසකින් ප්‍රයෝජන සීයක්? ෆ්‍රෑන්ක් පුදුමයෙන් ඇසුවේය.
”ඔව්, ස්වදේශිකයින් කියනවා ඔවුනට පොල් ගසෙන් ප්‍රයෝජන සීයක් තිබෙනවා කියලා, ගසේ ලීයෙන් පොඩි බෝට්ටු හදන්නට පුළුවන්, කුඩා යාත්‍රා හදලා මාලදිවයිනටත් යවනවා, එයින් ඇල්කොහොල් බීම, කුරුම්බා වතුර, සීනි, විනාකිරි, කඳේ උඩම කොටසෙන්   හදන සව්, ගොබ වලින් හදන කරිය,
වියළි කොළ වලින් වහල සෙවිලි කරනවා , අමු කොල වලින් නොයෙකුත් සැරසිලි හදනවා, පොල් කටු වලින් කෝප්ප, හැඳි සහ තවත් එවැනි දේ හදනවා, ඒවායේ අඟුරු උයන්නට ගන්නවා, පොකටු අඟුරු හදනවා, කෙඳි වලින් කොසු හදනවා, අතු කෙළවර පාරු වලට ගන්නවා, ගොවි උපකරණ වලට පාවිච්චි කරනවා, පොල් ලෙලිවල කෙඳිවලින් ලණු, පාපිසි, මෙට්ට, යනාදිය හදනවා.

ඒ විතරක් නෙවෙයි, ගස් වල නොයෙකුත් ඖෂධීය ප්‍රයෝජනත් ගන්නවා, එහි පොත්තෙන් ගන්න තෙලක් සමේ රෝග සඳහා  පාවිච්චි කරනවා. මල් වලින් ගන්න යුෂයක් හම රැලිගසිම වැලක්වීමට ආලේප අරනවා  , මුල් වලින් හදන කසායක් උණ රෝගීනට  දෙනවා, මුල් වල යුෂය පොල් තෙල් සමඟ කවලම් කර ඇස් රෝග  ප්‍රතිකාර සඳහා පාවිච්චි කරනවා, කූඹින් වැනි කෘමීන් කෑ පසු පොල් තෙල් ආලේප කිරීම තමා හොඳම බෙහෙත, එය දැන් යුරෝපයේ සහ ඇමරිකාවේත්  පාවිච්චි කරනවා.
ලෝකයේ වැඩිම ප්‍රයෝජනයක් තිබෙන ගස, උණ ගස කියා කියනවා, නමුත් එය පොල් ගසට වඩා ප්‍රයෝජනවත් කියලා මම නම් හිතන්නේ නැහැ”.

කොළඹට කිට්ටු වන විට ඔවුනට තැනින් තැන නිවාස දකින්නට ලැබිණ. කොළඹ සිටින ධනවත් යුරෝපීයයන්, කොළඹින් පිට පොල් වත්තක් තුල නිවාස මිලදී ගැනීමට කැමැත්තක් දක්වන බව, ඔවුනට දැන ගන්නට ලැබිණ.
මෙම නිවාස ඉතාමත් අලංකාර ලෙස ගොඩනඟා තිබුණු අතර, ප්‍රධාන පාරේ සිට නිවෙස් වෙත යාමට, දෙපැත්තේ පුවක් ගස් වැවුණු අලංකාර මාවත් තිබිණ.
කොළඹට සැතපුම් හත අටක් තිබියදී වැවිලිකරු, තම අලුත් මිතුරන්ට කුඩා දූපතක් පෙන්වීය. එය ප්‍රධාන ගොඩබිමෙන් වෙන්ව තිබුණේ පටු මුහුදු තීරයකිනි. මෙම ස්ථානය කොළඹ සිටින යුරෝපීයයන්ට මුහුදේ නෑමට, ජනප්‍රිය ස්ථානයක් බව කියූ ඔහු, කොළඹ සිට එතැනට ඒමට දැන් දුම්රිය මාර්ගයක්ද සැකසෙමින් පවතින බව පැවසීය.

පසු දින උදේ 8.00 ට පමණ ඔවුන් ගේ අශ්ව කරත්තය නගරයේ විවෘත ස්ථානයකට පැමිණියේය. එම විවෘත ස්ථානය පාවිච්චි කරන්නේ හමුදා සරඹ පුහුණුවට සහ අශ්වරේස් සඳහා යැයි ඔවුනට දැනගන්නට ලැබිණ. ඒ අසල තිබූ වෙරළේ සනීපවත් මුහුදු සුළඟක් රට ඇතුලට හමමින් තිබුණි.
එතැන සිටි ඔවුන්ට නගරයේ රතු පැහැති බලකොටුව පෙනුණු අතර, පැය කාලක් යාමට පෙර ඔවුන් හෝටලය අසලට පැමිණ නැවතිණ.

 


Sunday, June 14, 2020

හමුදාවට තැපෑල බාරදීම

මම සෝලා බලය යොදා ගෙන වතුර පොම්පයක් සාදා ගැනීමට, කෝවිඩ් පටන් ගැනීමට සුමාන දෙකකට පෙර ඊබේ එකෙන් ඩීසී මෝටරයක් ඕඩර්  කෙරුවෙමි. තවමත් එය ලැබුණේ නැත, ට්‍රැක් කරන විට කොළඹ තිබෙන බව පැවසෙයි, ලංකාවේ ඊබේ එකේ බඩු බෙදා හරින නියෝජිතයා ලංකාවේ තැපෑලයි.
ලංකාවේ තැපෑලෙන් මට කොළඹින් එවන ලද ලියුම් කිහිපයක් ළඟදී ලැබුණි. ඒ අතරම මගේ පොත් ප්‍රකාශකයා මට එවන ලද proof දෙකකුත් කුරියර් සර්විස් එකක් හරහා දිනක් ඇතුළත ලැබුණි.

එසේ නම් මේ ඊබේ පාර්සලය මෙතෙක් මට ලැබුණේ නැත්තේ ඇයිදැයි මට කුකුසක් පැන නැගුණි. අහන්ඩ කෙනෙකුත් නැති නිසා මෙයට පිළිතුරක් ලබා ගැනීමට ෆේස්බුක් එකේ දැම්මෙමි. එහි කියැවෙන පිළිතුරු අනුව මෙය මම පමණක් වින්දිතයෙකු වු ප්‍රශ්නයක් නොවෙන බව පෙනේ. තවත් බොහෝ අයට මෙය සිදු වී ඇත. එලෙස දැන ගත් විට හිතට යම් සහනයක් දැනේ. ඒ ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකදී සිදු වන දෙයකි.

මෙම පොස්ට් එකට  ලැබුණු එක් කොමෙන්ට් එකක්  මා යම් පැත්තකට සිතන්නට යොමු කළේය.  ඒ තැපෑල මෙලෙස හරියට වැඩ නොකරන නිසා, එය හමුදාවට භාර දිය යුතු බව කියූ කොමෙන්ටුවකි.
මෙම යෝජනාව නිතරම ෆේස්බුක් එකේ දක්නට ලැබෙන යෝජනාවකි. ඒ තැපැල් දෙපාර්තමේන්තුව ගැන පමණක් නොව වෙනත් බොහෝ රජයේ ව්‍යාපාර ගැන කතා කරන විටය.

නමුත් මෙම යෝජනාවේ ඇත්තෙන්ම විශාල වැරැද්දක් තිබේ, ඒ මෙම රාජකාරිය හමුදාවට භාර දුන්නොත් එම කාර්යයෙහි යෙදෙන හමුදා පිරිස්ද   තැපැල් දෙපාර්තමේන්තුව මෙන් වැඩ කරන්නට පටන් ගන්නා බවය. හමුදාවක් අපට ඕනෑම වැඩකට යොදවන්න එක්වරම හිතට එන්නේ ඔවුන් කරන වැඩ සංවිධානාත්මකව පැමිණිලි කරන්නේ නැතිව කරන නිසාය. නමුත් හමුදාවක් වෙනත් වැඩකට යෙදෙව්වොත් ඔවුන්ද ටික කලකින් ඒ වැඩේ දැන් කරන්නන් බවට පත් වන අතර, ඔවුන්ට දිගටම හමුදාවේ රෙජිමේන්තු කරණයේ ආකාරයට අලුතෙන් ලැබී ඇති කරුණ ඉටු කරන්නට අපහාස වෙයි.

 

හමුදාවට යන්නෙත් තැපැල් දෙපාර්තමේන්තුවට යන්නෙත් ශ්‍රී ලංකාවේ ඉපිද එහි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් එහි සමාජයේ ජීවත් වූ තරුණයන්ය. හමුදාවේදී ඔවුන්ට යම් රෙජිමේන්තු පිළිවෙලකට ජීවත් වීමට සහ එය තුළ තිබෙන විධානයන් අනුව වැඩ කිරීමට පුහුණු කරයි. නමුත් මේ පුහුණුව ලබා ගෙන රාජකාරියේ යෙදීමට නම් ඒ හමුදා පරිසරයත් සහස්‍ර ගණනාවක් පරිණාමය වී ඇති සංවිධානය වී ඇති හමුදාමය පිළිවෙල  තිබිය යුතුය,

හමුදාව හමුදාවට නියමිත වැඩ කටයුතු කළ යුතුය, හමුදාවට නියමිත වැඩ කටයුත්ත යුද්ධ කිරීමයි, යුද්ධ නැති කාලයේදී එයට පුහුණු විය යුතුය, යුද්ධ පිළිබඳ අධ්‍යනය කළ යුතුය. එසේ නොමැතිව සාමය තිබෙන කාලේ තැපැල් කාර්යාල වල ලියුම් තෝරන්නට පටන් ගත්තොත්, තේ කඩවල් දමාගෙන තේ විකුණන්නට පටන් ගත්තොත් යුද්ධයක් පැමිණි විට ඔවුන් එකවරම ස්විච් එකක් දමා යුද්ධයට හරවන්නට බැරි වෙයි.

හමුදාව යොදවා තැපැල් රාජකාරි කළ හොත් අවසානයේ හමුදාව ඇත්තටම අවශ්‍ය වූ විට රටට එය නො ලැබෙනු ඇත, එසේම, ඔවුන් තැපැල් දෙපාර්තමේන්තුව ටික කලක් වැඩ කරන විට ඔවුන් තව දුරටත් හමුදා නිලධාරීන් නොවනු ඇත.

ඇමරිකාවේ මේ ළඟදී ජනාධිපති ට්‍රම්ප් විරෝධතා කරුවන්ට විරුද්ධව හමුදාව යොදවන බවට තර්ජනය කළ විට, ඔහුගේම ප්‍රධාන හමුදා නිලධාරියාද ආරක්ෂක ලේකම්වරයාද එයට විරුද්ධ වූයේ මේ නිසාය.
ජාතියකට හමුදාවක් තිබිය යුත්තේ ජාතියේ ආරක්ෂාව සඳහාය, එය වෙනත් වැඩ වලට පාවිච්චි කළොත් ජාතියට එහි සේවය අවශ්‍යම අවස්ථාවේ  බලාපොරොත්තු වන පරිදි ලබා ගැනීමට නොහැකි වනු ඇත.
කිසිම ජාතියක් හමුදාව කෝකටත් තෛලය ලෙස පාවිච්චි කළ යුතු නොවේ.

Monday, June 8, 2020

අනුන්ගේ පොරවට වඩා තමන්ගේ විදුරුමහ හොඳලු


හොඳ උපහැරණ ටිකක් හම්බවුනා පරණ පොතක තිබිල , සමහර ඒවා මෙච්චර කල් අහලත් නැහැ 




අකලට පලගත් ගෙඩිය වාගේ

අට වම්බටු නව උංගං දුන්නා වාගේ

අඩියෙන් අඩියත් ගමටලු

නොමනා දොඩවා වනම් පනම් අහගත්තා වාගේ

අනුන්ගේ පොරවට වඩා තමන්ගේ විදුරුමහ හොඳලු  

අනුන්ගේ මඟුල්දාට තමන්ගේ ආදරයේ පෙන්වන්නා වගෙයි

අන්ධයාට මොන පහන් එළිද

අතේ හකුරු ඇත්නම් කොයි ලිදෙත් දිය ඇත්ලු

අමු කල කෙනෙක් අමු ගෙනියත්, වී කල කෙනෙක් වී ගෙනයත්

අම්බලම කැඩුනත් ගව්ව් කුඩා නොවෙයි

අලට වැඩිලු කොස්, ඊටත් වැඩිලු හිසරදේ

අලි විකුණ බැරි වෙලා තම්පලා විකුණ හරියයිද

අලුත් පිටට ගෝනිය කැඳලූවා වගෙයි

අලේ ලොකුවට බැස්සොත් ඉන්දු එකාටත් උගේ අඹුටත් හොදයිලු

අහසටත් වැදු  මවටත් හොදක් නැත්ලු

ආදා මාළු , ඉරටුවෙන් කන්නා වගෙයි

ඉක්මන් වැඩ ගත්තයි කියා බඩාලාට පියා ගැහුවා වගෙයි

ඉස අතගා ඇස උලුප්පන්නා වගෙයි

ඉඟි කලාම නොදෑනන්නාට කෙලමොලෙන් ඇන්නත් නොදෑනෙයිලු

ඉසිරෙන දෙය ලෙව කෑවත් ලාබලු

ඉබි කබලුත් බෙහෙතට ඕනෑ වෙනවලු

ඉබ්බන්ගේ පිස්මේන්තු ඉල්ලන්නා වගෙයි

ඉලිප්පෙන ලීය ගේ ගත්තා වගෙයි

ඉදිකටුවත් රත්තරනෙන්  හදලා මොටද

ඉඳ  ඇඩුවන්ට ඉඳ ඇඩිමත් හිට ඇඩුවන්ට හිටඇඩිමත් නිසිලු   


Sunday, June 7, 2020

සරදියෙල් එල්ලා මැරීම සම්පුර්ණ කතාව

මහනුවර බැප්ටිස්ට් පල්ලියේ වල්ඩොක් පාදිලි තුමාගේ කතාව  

 

 

උතුවන සරදියෙල් නමැති හොරදෙටුවා පහුගිය අවුරුදු 2 ක පමණ කාලයක්, විජිතයේ සැම තැනකම පාහේ විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ යුරෝපීයයන් සහ ස්වාදේශකයන් අතර, මහත් ප්‍රසිද්ධියක් ඉසිලිය. ඒ මහනුවරට එන මඟී සහ තැපැල් අශ්ව කරත්ත සහ මහනුවරින් කොළඹ වරායට යන කෝපි කරත්ත  කොල්ලකෑම නිසාය.

මෙම හොරදෙටුවා 1864 වර්ෂයේ මාර්තු මස 21 වන දින කෑගල්ල උප දිසාපති එෆ් ආර් සෝන්ඩර්ස් මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලදුව, රයිෆල් හමුදාවේ සොල්දාදුවෙකුගේ ආරක්ෂාව යටතේ කුඩා ඇමෙරිකානු පන්නයේ අශ්ව කරත්තයක, ඔහුගේ සගයකු වූ මම්මලේ නමැති මුසල්මානුවාද සමග මහනුවරට රැගෙන එන ලදී.

ඔහු රඳවා තබනු ලැබුවේ බෝගම්බර පිහිටා තිබු රයිෆල් රෙජිමේන්තුවේ මැලේ භටයන්ගේ බැරැක්ක වල, රජගෙදර පැත්තට වන කෙලවරේ පිහිටා තිබු සිරමැදිරි පේලියේ එක කුටියකය.

මම පසුදිනම ඔවුන් බලන්නට ගියෙමි. ඒ සඳහා මහනුවර ප්‍රදේශ පාලනය කල ඉංග්‍රීසි නේවාසික ප්‍රධානියා මුණගැසී අවසර ගන්නට මට සිදුවිය. අතක ඉහල කොටසේ සහ තට්ටමක  තුවාල තිබුනද, ඔහු හොඳ සිහියෙන් සහ විශේෂ කලබලයකින් තොරව  සිටින බව පෙනුනි. එහෙත් මම්මලේ නමැති අනික් සිරකරුවා බොහෝ කනගාටුවෙන් එමෙන්ම බියකින් පසුවන බව පෙනුනි.

අපගේ බැප්ටිස්ට් පල්ලිය පිළිබඳව මෙතැනදී යමක් කිවයුතුය. මෙම ආගමික නිකාය පටන්ගෙන ඇත්තේ 1609 වසරේ ඕලන්දයේ ඇම්ස්ටර්ඩැම් හිදී වන අතර, එය මුලින්ම පටන් ගෙන ඇත්තේ තමනට එංගලන්තයේ, එංගලන්ත සභාව පිළිගත නොහැකි යයි කියූ  ක්‍රිස්තියානි භක්තිකයන් විසිනි. සමහරවිට මේ හේතුව නිසා මහනුවරදී අපට වඩා රාජ්‍යයේ කරුණාව ලැබුනේ කතෝලික පූජකයන්ටය.

මේ හේතුව නිසා සිරකරුවා මුලින්ම බලන්නට ලැබුනේද නුවර කතෝලික පල්ලියේ පුජක වරයා වූ ඩුෆෝ පුජක වරයාටය. මෙවැනි ප්‍රසිද්ධ සිරකරුවෙකු මුලින්ම මුණගැසීමට ලැබීමෙන් අප වැනි ආගම ප්‍රචාරය කරන්නට උත්සාහ කරන ආගමික පූජකයෙකුට, මහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි බව කිවයුතු කාරණයක් නොවේ. යම් හෙයකින් එම ප්‍රසිද්ධ පුද්ගලයා අප ආගමට හරවා ගැනීමට හැකි වුවහොත්, එය වෙනත් සාමාන්‍ය ජනතාව අතර අපගේ ආගම ව්‍යාප්ත කිරීමට, මහත් පිටුවහලක් වන බව නොකිවමනාය.

මෙවැනි හොරුන් අනාගතයේ ඇතිවීම අධෛර්යමත් කිරීමට එය වඩාත් යෝග්‍ය නිසා, මෙම සිරකරුවන්ගේ නඩු විභාගය ඉක්මනින්ම පැවැත්වීමට තීරණය කර ඇති බව මට හිරගෙදරදී දැනගන්නට ලැබුණි.

නඩුව පැවතුන කාලයේද මම කිහිප වතාවක් සිරකරුවන් මුණගැසීමට ගියෙමි. එහෙත් ඩුෆෝ පියනම සරදියෙල් ආගමට හරවාගැනීම පිළිබඳව මට පෙර සාර්ථක වී ඇතිබව පෙනුනි. සරදියෙල් රෝමානු කතෝලික ආගමට හරවාගෙන, ඔහුගේ නමද ඇන්තනි ලෙස වෙනස් කිරීමට ඩුෆෝ පියතුමාට හැකිවිය. සිරකරුට ලියන්නට කියවන්නට හැකියාව තිබුණු නිසා ඔහුට කතෝලික ආගමේ පාඨයන් කියවන්නටද, ඩුෆෝ පියතුමා පුහුණු කළේය. එහෙත් මම්මලේ සම්බන්ධයෙන් නම් පියතුමා එතරම් සාර්ථක වුයේ නැත්තේ, සමහරවිට ඔහු මුළු කාලයම නිශ්ශබ්දව හුදකලාව කාලය ගත කිරීමට ප්‍රිය කල නිසා විය හැක.

ඉංග්‍රීසි කතා කරන ජූරියක් ඉදිරියේ නඩුව දවස් 4 ක් විමසන්නට  යෙදුනි. විත්තිකරුවන් වෙනුවෙන් , රජයෙන් පත් කරන ලද නීතිඥයන් දෙදෙනෙකු පෙනී සිටියහ. විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව මිනීමැරීම් චෝදනා වලට අමතරව, මංකොල්ල කෑම් සියයකට වැඩි ගණනකට චෝදනා ගොනුකර තිබුණි. අවසාන ජුරි සභාවේ ඒකමතික තීන්දුව මත, සැක කරුවන් දෙදෙනාම එල්ලා මැරීමට නියම කෙරින.

වෙනත් විශේෂයෙන් කරන්නට දෙයක් නොතිබුණු නිසාත්, මෙම සිද්ධිය පිළිබඳව මගේ බොහෝ  උනන්දුවක් ඇතිවී තිබු නිසාත්, එදින මම උසාවියට වී නඩුව පැවැත්වෙන අයුරු බලාගෙන සිටියෙමි. එම දර්ශනය කිසිමදාක අමතක නොවන බව මට සිතේ. නඩුව පැවැත්වුනේ දළදා මාලිගාවට නැගෙනහිර පැත්තෙන් තිබෙන 1815 ට පෙර රාජ සභාව පැවැත්වූ, සිංහලයන් මඟුල් මඬුව යැයි කියනු ලබන ශාලාවේය. මෙහි එකල සිංහලේ රජතුමා විදේශීය තානාපතින් මුණගැසුනේ, රාත්‍රියේ විලක්කු එළියෙන් යයි කියනු ලැබේ. ශාලාව ඉතා දීර්ඝ විවෘත එකක් වූ අතර, කැටයම් කරන ලද කළු පැහැති ලී කණු පේලි දෙකක් දෙපැත්තේ වහලයේ කෙලවරට තරමක් ඇතුලෙන් තිබුණි. ඒවායින් සහ ගොඩනැගිලි දෙපැත්තේ ලී කැටයම් වලින් ශාලාවට අලංකාර ප්‍රොඩත්වයක් ගෙන දුන්නේය.

 

රතු පැහැති කබායක් පැළඳ සිටි තොම්සන් විනිශ්චය කරුට ඉහලින් පංකා සවිකර තිබු අතර, ඒවා ක්‍රියා කරවන්නන් සිටියේ ඔහුට ඈතින් දෙපැත්තේය. මෙලෙස යටත් වැසියන් දෙදෙනෙකු විසින් යටහත් පහත්ව පංකා කරකවමින් සිටීමෙන්, විනිසුරුවරයා අමුතු ගාම්භීරත්වයකින් ඔප වැටුණු බව මට සිතුනි.

විත්ති කරුවන් දෙදෙනා විත්ති කුඩුවේ සිටගෙන සිටියහ. දෙදෙනාගේ ඉදිරිපස පපුවේ අංක 1 සහ 2 ක ලියූ රෙදි කැබලි එල්ලා තිබුණි. විත්තිකරුවන්ට පිටුපසින් දමා තිබු බාධකය අසල සිට පිටුපසට වන්නට, විනිශ්චය කරුගේ වම් පැත්තෙන් ඔවුන්ගේ නෑදෑයන් සහ ගමේ මිනිසුන් එහි දමා තිබු බංකු  ඉඳගෙන බලාගෙන සිටියේ, හරියටම පල්ලියේ පූජාවට පැමිණ සිටින පිරිසක් ලෙසිනි. විනිශ්චයකරු ගේ දකුණු පැත්තේ ජූරි සභාවේ දහදෙනා එකක් පසුව එකක් ලෙසට තබා තිබු මේස දෙකකට පිටුපසින්, පස් දෙනා බැගින් ඉඳ ගෙන සිටියහ. ජූරි සභාවේ සිටි සියලු දෙනාම ඉංග්‍රීසි ජාතිකයන් වූහ. එසේම නඩුව මෙහෙය වැව්වේද ඉංගිසි ජාතික රිචාර්ඩ් මෝර්ගන් රැජිනගේ අද්වකාත් වරයා විසිනි.
විනිශ්චයකරු අසන ප්‍රශ්න තෝල්ක මුදලි වරයා විසින් සිංහලට නගන ලදුව, විත්ති කරුවන් පිළිතුරු දුන්හ. නඩුකාරයාට තරමක් දුරට සිංහල භාෂාව තේරෙන නිසා, තෝල්කයා විත්තිකරුවන්ගේ පිළිතුරු පරිවර්තනය කළේ නැත. විත්ති කරුවන් ඔවුන් ගේ පිළිතුරු දෙද්දී  කිසිම උනන්දුවකින් එම පිළිතුරු ලබා දුන්නේ නොමැති බව පෙනුණි. බොහෝ විට ඔවුන් තම ජීවිතය පිළිබඳව බලාපොරොත්තු අතහැර දා සිටිනවා වෙන්නට පුළුවන.

ඉන් පසුව ඔවුන් වෙනුවෙන් පත් කළ ඉංග්‍රීසි නීතිඥයකු බොහෝ වේලාවක් කතා කළ අතර, ඔහු ඉල්ලා සිටියේ ඔවුනට යම් ලිහිල් දඬුවමක් ලබා දෙන්නට මිස, ඔවුන් නිවැරදි කරුවන් යැයි පෙන්වා දීමට නොවේ. සමහර විට සාක්ෂි අනුව එසේ පෙන්වා දීමෙන් වැඩක් නොමැති බව ඔහු සිතුවා වන්නට පුළුවන.
එම දේශනයෙන් පසු විනිශ්චය කරු ජූරියට කරුණු පැහැදිලි කර, ඔවුන්ගෙන් තීන්දුවක් ඉල්ලා සිටියේය. ඇතුලට ගිය ඔවුන් ඉතාමත් ඉක්මනින්ම එළියට පැමිණ, විත්තිකරුවන් දෙදෙනා වැරදි කරුවන් බව කියා සිටියහ. ඒ අසා විනිශ්චයකරු ඔවුන් දෙදෙනා එල්ලා මරන්නට නියම කළේය.    

දවස් කිහිපයක් දීර්ඝ ලෙස කතා කිරීමට ඉඩ ලැබීම නිසා, මට මෙම සිරකරුවා සහ ඔහු ගත කර ඇති ජීවිතය පිළිබඳව මහත් කනගාටුවක් ඇති වී තිබුණි. ඔහු හොඳ මොලයක් ඇති එලෙසම යමක් ඉක්මනින් තේරුම් ගැනීමට හැකියාවක් ඇති තරුණයකු බව, ඕනෑම කෙනෙකුට ඔහු සමග විනාඩි කිහිපයක් ගතකල විට වැටහේ.

සරදියෙල්ද ඔහු ගතකල ජීවිතය පිළිබඳව ඇත්තෙන්ම කනගාටු වන බවත්, නැවත වරක් ඔහුට ඔහුගේ ජීවිතය කුඩා කල සිට පටන් ගන්නට ලැබුනහොත්, ඔහු කිසි ලෙසකින්වත් මෙවැනි නොපනත් කම් වල නොයෙදෙන බව, මට හොඳින්ම පැහැදිලි විය.

මැයි 7 වන දින සිරගෙදර සිට ඔවුන් දෙදෙනා එල්ලා මරන්නට ගෙනයන ලද්දේ මහනුවර නගරය මැදින් කුඩා පෙළපාලියක් ලෙසටය. ඔවුන් දෙදෙනාම  සැරසී සිටියේ බුරුල් කලිසමක්, බැනියමක් සහ රෙදි කැප් තොප්පියකිනි. මේ සියල්ල සුදු පාට විය. මොවුන් ගැලෝව්ස් හිල් කන්දේ පිහිටි පෝරකය වෙත රැගෙන යනවිට, මමත් ඒ සමග ගිය කණ්ඩායමේ ගමන් කලෙමි. ඔවුන් දෙදෙනාම එකා පසුපස එකෙකු ලෙස ඉතාමත් හෙමින් ගමන් කල අතර, සරදියෙල් මුළු ගමනේදීම මහා හඬින් ඔහු අත තිබූ පොතින් ආගමික පාඨ කියවමින් ගිය අතර, මම්මලේ කිසිම ශබ්දයක් නොමැතිව ගමන් කළේය.

ඔවුන්ගේ දෙපසින් රයිෆල් හමුදාවේ සොල්දාදුවන් පේලි දෙකකට දෙපැත්තෙන් ගමන් කලේ, සරඹ පුහුණුවකට යනවා මෙනි. ඔවුන් පිටුපසින් පිළිවෙලට මඟ දෙපස පිරි සිටි ජනයා දෙපසට කිරීමට, පොලිස් කොස්තාපල් කෙනෙකු ගමන් කළේය. එයට පසුපසින් පල්ලියේ පූජක වරයාද, මුස්ලිම් පූජක වරයාද, ගමන් කලේ සිරකරුවන් දෙදෙනා එම ආගම් දෙකට අයත් වූ නිසාය. ඉන්පසුව ඩිපියුටි පිස්කල්ද ඔහුගේ ලිපිකරුවාද ගමන් කළහ.  දෙදෙනා අතරින්  ඉතාමත් බියට පත්වී සිටි බවක් ඔහුගේ ඉරියව් වලින් පෙනෙන්නට තිබුණි.

දෙදෙනාගේ පසුපස පියවර කිහිපයක පරතරයකින් සරදියෙල් ගේ මව සුළු පියා සහ තවත් නෑදෑයන් කිහිප දෙනෙකු හඬමින්, නොයෙක් අදෝනාවන් කියමින් ගමන් කළහ. එල්ලා මරණ කඳු ගැටයට කිට්ටු වනවිට හමුදා භටයන් සෙමින් ගමනේ යෙදුනේ, මරණ කරුවන්ට යම් ගෞරවයක් දැක්වීමටද, එසේත් නැත්නම් යම් හමුදා සම්ප්‍රධායක් නිසාදැයි මම කල්පනා කලෙමි. මට මෙතැනදී මෙයට තරමක් දුරට සමාන සිද්ධියක් මතක් වුනි. ඒ 1857 වසරේ කුරුණෑගල සිදුවූ මෙවැනි එල්ලා මැරීමකි. කෑගල්ලේ ආරච්චි වරයෙකු මරා සොරකම් කිරීමේ සිද්ධියකට 5 දෙනෙකු එල්ලා මැරීමට නියම වූ අතර, එල්ලා මැරීම සිද්ධ වූ දිනයේ පෝරකයේ සිට කතාවක් පැවැත් වූ ජීවන්දර හාමි නම් වූ එල්ලා මැරීමට නියමව සිටි වැරදිකරුවෙකු, එතැන සිටි හමුදා සොල්දාදුවන් ගෙන් තමන්ගේ එල්ලා මැරීමෙන් පසු, තම ශරීර වලට උඩින් වෙඩි තබන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම උඩම නොවුනත්, සොල්දාදුවන් ඔවුන්ගේ තුවක්කු වල පුරවා තිබු උන්ඩ ඉවත් කිරීම සඳහා, පෝරකයෙන් ටික දුරක් ගමන් කර අහසට වෙඩි තැබුහ. මෙයින් මිනීමරුවන්ට යම් ගෞරවයක් කරන ලදැයි ජනතාව අතර වැරදි මතයක් ඇති වන්නට ඉඩ තිබෙන බව, එකල බොහෝ යුරෝපීයයන් කතා කලා මට මතකය. මේ සිද්ධිය විවේචනය කරමින් Ceylon Times පුවත්පතේ කතුවරයා ලිපියක්ද, ඔහුගේ පුත්පතේ පලකල බව මට මතකය.

 මව තම අත් දෙකින් පපුවට ගසා ගන්නට පටන් ගත් විට, බලා සිටින අයට මහත් කනගාටුවක් ගෙන දුන්නේය. අනික ඒ කඳු ගැටයත් එවැනි ශෝඛනිය අවස්ථාවකටම නිර්මාණය කරන ලද්දක් මෙන් විය. මිනිසුන් රැස්වී සිටි තැනට නොපෙනුනද, පෝරකය උඩට නැඟි විට බෝගම්බර වැව නිල් කැටයක් මෙන් පහතින් දිස්විය. මෙවර ඊසානදිග මෝසම ඉක්මනින්ම අවසන්ව තිබුන නිසා,  නගරයෙන් පහලට ගලා යන වතුරෙන් වැවේ වතුර බොරවීම මේ දිනවල  සිදුවන්නේ නැත.

නගරය පසුකර ඔවුන් කඳු ගැටය වෙතට පැමිණි පසු, ඔවුන් ගෙන් යමක් විමසීමෙන් පසු, මම්මලේ මරික්කාර් කිසිවක් කතා නොකර බිම බලා ගත්තේය. එහෙත් සරදියෙල් ඔහු ගත කල වැරදි ජීවිතය, ඔහු ඉතාමත් පිළිකුලින් යුක්තව හෙලා දකින බවත්, එසේ වැරදි වලට යොමු නොවී සිටීමට තමන්ගේ ජීවිතය හොඳ පාඩමක් බවත් කියා සිටියේය. ඒ අතරම තමන් ජේසු සහ දෙවියන්ගේ පිහිට පැතූ බවත්, ඒ නිසා සාමදානයේ සැතපෙන්නට ඉඩ ලැබෙන බව සිතන බවත්, පැවසීය.

  මුලින්ම ඔවුන්ගේ මරණ වරෙන්තු එකින් එක කියවන ලද්දේ, අප යන විටත් එතනට පැමිණ සිටි ෆිස්කල් විසිනි. ඉන්පසු එම මරණ වරෙන්තු ෆිස්කල් ගේ ලිපිකරු විසින් සිංහල භාෂාවෙන් හඬනගා කියවන ලද්දේය. ඔහු එය කොලයක් වත් නොබලා කියූ අන්දම පුදුම සහගතය. ඉන්පසු එල්ලා මැරීමට නියමිත පුද්ගලයන් දෙදෙනා පෝරකය මතට නංවන ලදහ. ෆිස්කල් අතින් කරන ලද සංඥාවකට අනුව, අලුගෝසුවා ලීවරයකින් ඔවුන් සිටගෙන සිටි ලෑල්ල පහලට මුදාහරින ලද  අතර, දෙදෙනා පහලට එල්ලී අවසන් හුස්ම හෙළුහ. ඒ සමගම සරදියෙල් මව සහ සහෝදරියන් දෙදෙනෙකු පලාතම දෙදරුම් දෙන ලෙස මරලතෝනි දුන් ආකාරය, කෙනෙකුට බොහෝ කනගාටුවක්  ඇතිකරයි.

ඔවුන්ගේ එල්ලා මැරීම බලන්නට උදේ එළිය වැටුන වේලේ සිට, ගම්මු පැමිණෙන්නට පටන් ගෙන තිබුණි. අප එතනට යනවිටත් තවත් කණ්ඩායම් මෙම සෙනගට එකතු වෙමින් සිටිනවා පෙනුනි. එම ගණන දහස් ගණනක් වූ අතර, බොහෝ කලකට මහනුවර නගරයට එකතු වූ විශාලම සෙනග බව, නගරයේ කලක් වාසය කල කෙනෙකු මා සමග පසුව පැවසීය. ඔවුන්ගේ මෘත දේහ ඉල්ලා රජයෙන් ඉල්ලුම් කිහිපයක් කර තිබුනද, අවමඟුල් වලදී යම් ජන ඇවිස්සීමට ඉඩ තිබෙන හෙයින්, එම මෘත දේහ මහයියාවට ගෙන ගොස් රජය මගින් වැලලීමටත්, දවස් කිහිපයක් එම වැළලු තැන් පොලීසිය මගින් ආරක්ෂා කිරීමටත්, කටයුතු කර ඇති බව මට දැනගන්නට ලැබුණි.

ඉන්පසු පිස්කල් පියුන් දෙදෙනෙකු සහ අලුගෝසුවා විසින් මෘත ශරීර දෙක මිනී පෙට්ටි දෙකක දමා, අශ්වයන් රහිත පරණ අශ්ව කරත්තයකට පටවන ලදී. ඉන්පසු එම කරත්තය සිර කරුවන් 12 දෙනෙකු විසින්, මහනුවර නගරය හරහා මහයියාව සුසාන භුමිය වෙත ඇදගෙන ගියහ. මෙම මෘත ශරීර සුසාන භුමියේ භූමදාන කල බවද, ඉන්පසු දවස් කිහිපයක් යනතුරු ඔවුන්ගේ නෑයන් හෝ මිතුරන් විසින් හොරෙන් රැගෙන යාමට ඉඩ ඇති බැවින්, පොලීසියේ කොස්තාපල් වරුන් කිහිප දෙනෙකුගෙන් එතනට ආරක්ෂාවක් ලබා දුන්බව මම දුටිමි.

 


Friday, June 5, 2020

2 සරදියෙල් එල්ලා මැරීම 2








රතු පැහැති කබායක් පැළඳ සිටි තොම්සන් විනිශ්චය කරුට ඉහලින් පංකා දෙකක්සවිකර තිබු අතර, ඒවා ක්‍රියා කරවන්නන් සිටියේ ඔහුට ඈතින් දෙපැත්තේය. මෙලෙස යටත් වැසියන් දෙදෙනෙකු විසින් යටහත් පහත්ව පංකා කරකවමින් සිටීමෙන්, විනිසුරුවරයා අමුතු ගාම්භීරත්වයකින් ඔප වැටුණු බව මට සිතුනි.
විත්ති කරුවන් දෙදෙනා විත්ති කුඩුවේ සිටගෙන සිටියහ. දෙදෙනාගේ ඉදිරිපස පපුවේ අංක 1 සහ 2 ක ලියූ රෙදි කැබලි එල්ලා තිබුණි. විත්තිකරුවන්ට පිටුපසින් දමා තිබු බාධකය අසල සිට පිටුපසට වන්නට, විනිශ්චය කරුගේ වම් පැත්තෙන් ඔවුන්ගේ නෑදෑයන් සහ ගමේ මිනිසුන් එහි දමා තිබු බංකු  ඉඳගෙන බලාගෙන සිටියේ, හරියටම පල්ලියේ පූජාවට පැමිණ සිටින පිරිසක් ලෙසිනි. විනිශ්චයකරු ගේ දකුණු පැත්තේ ජූරි සභාවේ දහදෙනා එකක් පසුව එකක් ලෙසට තබා තිබු මේස දෙකකට පිටුපසින්, පස් දෙනා බැගින් ඉඳ ගෙන සිටියහ. ජූරි සභාවේ සිටි සියලු දෙනාම ඉංග්‍රීසි ජාතිකයන් වූහ. එසේම නඩුව මෙහෙය වැව්වේද ඉංගිසි ජාතික රිචාර්ඩ් මෝර්ගන් රැජිනගේ අද්වකාත් වරයා විසිනි.
විනිශ්චයකරු අසන ප්‍රශ්න තෝල්ක මුදලි වරයා විසින් සිංහලට නගන ලදුව, විත්ති කරුවන් පිළිතුරු දුන්හ. නඩුකාරයාට තරමක් දුරට සිංහල භාෂාව තේරෙන නිසා, තෝල්කයා විත්තිකරුවන්ගේ පිළිතුරු පරිවර්තනය කළේ නැත. විත්ති කරුවන් ඔවුන් ගේ පිළිතුරු දෙද්දී  කිසිම උනන්දුවකින් එම පිළිතුරු ලබා දුන්නේ නොමැති බව පෙනුණි. බොහෝ විට ඔවුන් තම ජීවිතය පිළිබඳව බලාපොරොත්තු අතහැර දා සිටිනවා වෙන්නට පුළුවන.

ඉන් පසුව ඔවුන් වෙනුවෙන් පත් කළ ඉංග්‍රීසි නීතිඥයකු බොහෝ වේලාවක් කතා කළ අතර, ඔහු ඉල්ලා සිටියේ ඔවුනට යම් ලිහිල් දඬුවමක් ලබා දෙන්නට මිස, ඔවුන් නිවැරදි කරුවන් යැයි පෙන්වා දීමට නොවේ. සමහර විට සාක්ෂි අනුව එසේ පෙන්වා දීමෙන් වැඩක් නොමැති බව ඔහු සිතුවා වන්නට පුළුවන.
එම දේශනයෙන් පසු විනිශ්චය කරු ජූරියට කරුණු පැහැදිලි කර, ඔවුන්ගෙන් තීන්දුවක් ඉල්ලා සිටියේය. ඇතුලට ගිය ඔවුන් ඉතාමත් ඉක්මනින්ම එළියට පැමිණ, විත්තිකරුවන් දෙදෙනා වැරදි කරුවන් බව කියා සිටියහ. ඒ අසා විනිශ්චයකරු ඔවුන් දෙදෙනා එල්ලා මරන්නට නියම කළේය.    
දවස් කිහිපයක් දීර්ඝ ලෙස කතා කිරීමට ඉඩ ලැබීම නිසා, මට මෙම සිරකරුවා සහ ඔහු ගත කර ඇති ජීවිතය පිළිබඳව මහත් කනගාටුවක් ඇති වී තිබුණි. ඔහු හොඳ මොලයක් ඇති එලෙසම යමක් ඉක්මනින් තේරුම් ගැනීමට හැකියාවක් ඇති තරුණයකු බව, ඕනෑම කෙනෙකුට ඔහු සමග විනාඩි කිහිපයක් ගතකල විට වැටහේ.
සරදියෙල්ද ඔහු ගතකල ජීවිතය පිළිබඳව ඇත්තෙන්ම කනගාටු වන බවත්, නැවත වරක් ඔහුට ඔහුගේ ජීවිතය කුඩා කල සිට පටන් ගන්නට ලැබුනහොත්, ඔහු කිසි ලෙසකින්වත් මෙවැනි නොපනත් කම් වල නොයෙදෙන බව, මට හොඳින්ම පැහැදිලි විය.
මැයි 7 වන දින සිරගෙදර සිට ඔවුන් දෙදෙනා එල්ලා මරන්නට ගෙනයන ලද්දේ මහනුවර නගරය මැදින් කුඩා පෙළපාලියක් ලෙසටය. ඔවුන් දෙදෙනාම  සැරසී සිටියේ බුරුල් කලිසමක්, බැනියමක් සහ රෙදි කැප් තොප්පියකිනි. මේ සියල්ල සුදු පාට විය. මොවුන් ගැලෝව්ස් හිල් කන්දේ පිහිටි පෝරකය වෙත රැගෙන යනවිට, මමත් ඒ සමග ගිය කණ්ඩායමේ ගමන් කලෙමි. ඔවුන් දෙදෙනාම එකා පසුපස එකෙකු ලෙස ඉතාමත් හෙමින් ගමන් කල අතර, සරදියෙල් මුළු ගමනේදීම මහා හඬින් ඔහු අත තිබූ පොතින් ආගමික පාඨ කියවමින් ගිය අතර, මම්මලේ කිසිම ශබ්දයක් නොමැතිව ගමන් කළේය........ හෙට 3 කොටස 

Thursday, June 4, 2020

සරදියෙල් එල්ලා මැරීම

 

මහනුවර බැප්ටිස්ට් පල්ලියේ වල්ඩොක් පාදිලි තුමාගේ කතාව  

 

 

උතුවන සරදියෙල් නමැති හොරදෙටුවා පහුගිය අවුරුදු 2 ක පමණ කාලයක්, විජිතයේ සැම තැනකම පාහේ විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ යුරෝපීයයන් සහ ස්වාදේශකයන් අතර, මහත් ප්‍රසිද්ධියක් ඉසිලිය. ඒ මහනුවරට එන මඟී සහ තැපැල් අශ්ව කරත්ත සහ මහනුවරින් කොළඹ වරායට යන කෝපි කරත්ත කොල්ලකෑම නිසාය.

මෙම හොරදෙටුවා 1864 වර්ෂයේ මාර්තු මස 21 වන දින කෑගල්ල උප දිසාපති එෆ් ආර් සෝන්ඩර්ස් මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලදුව, රයිෆල් හමුදාවේ සොල්දාදුවෙකුගේ ආරක්ෂාව යටතේ කුඩා ඇමෙරිකානු පන්නයේ අශ්ව කරත්තයක, ඔහුගේ සගයකු වූ මම්මලේ නමැති මුසල්මානුවාද සමග මහනුවරට රැගෙන එන ලදී.

ඔහු රඳවා තබනු ලැබුවේ බෝගම්බර පිහිටා තිබු රයිෆල් රෙජිමේන්තුවේ මැලේ භටයන්ගේ බැරැක්ක වල, රජගෙදර පැත්තට වන කෙලවරේ පිහිටා තිබු සිරමැදිරි පේලියේ එක කුටියකය.

මම පසුදිනම ඔවුන් බලන්නට ගියෙමි. ඒ සඳහා මහනුවර ප්‍රදේශ පාලනය කල ඉංග්‍රීසි නේවාසික ප්‍රධානියා මුණගැසී අවසර ගන්නට මට සිදුවිය. අතක ඉහල කොටසේ සහ තට්ටමක තුවාල තිබුනද, ඔහු හොඳ සිහියෙන් සහ විශේෂ කලබලයකින් තොරව  සිටින බව පෙනුනි. එහෙත් මම්මලේ නමැති අනික් සිරකරුවා බොහෝ කනගාටුවෙන් එමෙන්ම බියකින් පසුවන බව පෙනුනි.

අපගේ බැප්ටිස්ට් පල්ලිය පිළිබඳව මෙතැනදී යමක් කිවයුතුය. මෙම ආගමික නිකාය පටන්ගෙන ඇත්තේ 1609 වසරේ ඕලන්දයේ ඇම්ස්ටර්ඩැම් හිදී වන අතර, එය මුලින්ම පටන් ගෙන ඇත්තේ තමනට එංගලන්තයේ, එංගලන්ත සභාව පිළිගත නොහැකි යයි කියූ  ක්‍රිස්තියානි භක්තිකයන් විසිනි. සමහරවිට මේ හේතුව නිසා මහනුවරදී අපට වඩා රාජ්‍යයේ කරුණාව ලැබුනේ කතෝලික පූජකයන්ටය.

මේ හේතුව නිසා සිරකරුවා මුලින්ම බලන්නට ලැබුනේද නුවර කතෝලික පල්ලියේ පුජක වරයා වූ ඩුෆෝ පුජක වරයාටය. මෙවැනි ප්‍රසිද්ධ සිරකරුවෙකු මුලින්ම මුණගැසීමට ලැබීමෙන් අප වැනි ආගම ප්‍රචාරය කරන්නට උත්සාහ කරන ආගමික පූජකයෙකුට, මහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි බව කිවයුතු කාරණයක් නොවේ. යම් හෙයකින් එම ප්‍රසිද්ධ පුද්ගලයා අප ආගමට හරවා ගැනීමට හැකි වුවහොත්, එය වෙනත් සාමාන්‍ය ජනතාව අතර අපගේ ආගම ව්‍යාප්ත කිරීමට, මහත් පිටුවහලක් වන බව නොකිවමනාය.

මෙවැනි හොරුන් අනාගතයේ ඇතිවීම අධෛර්යමත් කිරීමට එය වඩාත් යෝග්‍ය නිසා, මෙම සිරකරුවන්ගේ නඩු විභාගය ඉක්මනින්ම පැවැත්වීමට තීරණය කර ඇති බව මට හිරගෙදරදී දැනගන්නට ලැබුණි.

නඩුව පැවතුන කාලයේද මම කිහිප වතාවක් සිරකරුවන් මුණගැසීමට ගියෙමි. එහෙත් ඩුෆෝ පියනම සරදියෙල් ආගමට හරවාගැනීම පිළිබඳව මට පෙර සාර්ථක වී ඇතිබව පෙනුනි. සරදියෙල් රෝමානු කතෝලික ආගමට හරවාගෙන, ඔහුගේ නමද ඇන්තනි ලෙස වෙනස් කිරීමට ඩුෆෝ පියතුමාට හැකිවිය. සිරකරුට ලියන්නට කියවන්නට හැකියාව තිබුණු නිසා ඔහුට කතෝලික ආගමේ පාඨයන් කියවන්නටද, ඩුෆෝ පියතුමා පුහුණු කළේය. එහෙත් මම්මලේ සම්බන්ධයෙන් නම් පියතුමා එතරම් සාර්ථක වුයේ නැත්තේ, සමහරවිට ඔහු මුළු කාලයම නිශ්ශබ්දව හුදකලාව කාලය ගත කිරීමට ප්‍රිය කල නිසා විය හැක.

ඉංග්‍රීසි කතා කරන ජූරියක් ඉදිරියේ නඩුව දවස් 4 ක් විමසන්නට  යෙදුනි. විත්තිකරුවන් වෙනුවෙන්, රජයෙන් පත් කරන ලද නීතිඥයන් දෙදෙනෙකු පෙනී සිටියහ. විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව මිනීමැරීම් චෝදනා වලට අමතරව, මංකොල්ල කෑම් සියයකට වැඩි ගණනකට චෝදනා ගොනුකර තිබුණි. අවසාන ජුරි සභාවේ ඒකමතික තීන්දුව මත, සැක කරුවන් දෙදෙනාම එල්ලා මැරීමට නියම කෙරින.

වෙනත් විශේෂයෙන් කරන්නට දෙයක් නොතිබුණු නිසාත්, මෙම සිද්ධිය පිළිබඳව මගේ බොහෝ උනන්දුවක් ඇතිවී තිබු නිසාත්, එදින මම උසාවියට වී නඩුව පැවැත්වෙන අයුරු බලාගෙන සිටියෙමි. එම දර්ශනය කිසිමදාක අමතක නොවන බව මට සිතේ. නඩුව පැවැත්වුනේ දළදා මාලිගාවට නැගෙනහිර පැත්තෙන් තිබෙන 1815 ට පෙර රාජ සභාව පැවැත්වූ, සිංහලයන් මඟුල් මඬුව යැයි කියනු ලබන ශාලාවේය. මෙහි එකල සිංහලේ රජතුමා විදේශීය තානාපතින් මුණගැසුනේ, රාත්‍රියේ විලක්කු එළියෙන් යයි කියනු ලැබේ. ශාලාව ඉතා දීර්ඝ විවෘත එකක් වූ අතර, කැටයම් කරන ලද කළු පැහැති ලී කණු පේලි දෙකක් දෙපැත්තේ වහලයේ කෙලවරට තරමක් ඇතුලෙන් තිබුණි. ඒවායින් සහ ගොඩනැගිලි දෙපැත්තේ ලී කැටයම් වලින් ශාලාවට අලංකාර ප්‍රොඩත්වයක් ගෙන දුන්නේය.........දෙවෙනි සහ අවසාන කොටස හෙට 

ජපානෙත් එහෙමද