Saturday, October 7, 2023

ආගම් විවේචනය කිරීමට හේතු මොනවා විය හැකිද

 තොටවත්තගේ ප්‍රශ්නය නිසා ඇත්තෙන්ම ආගම් විවේචන කරන්නන් එසේ කරන්නේ ඇයිදැයි ටිකක් කල්පනා කර බැලුවෙමි. හේතු පහත ආකාර විය යුතුයැයි සිතේ.


 1.  තමන්ගේ ආගම අනික් අයගේ ආගම් වලට වඩා ශ්‍රේෂ්ඨ යයි ඔප්පු කර පෙන්වීම සඳහා


 2. ආගම් වලට පැටලී මිත්‍යා මත හිසේ දමාගෙන සිටින මිනිසුන්ට ඔවුනට වැරදී ඇතැයි පෙන්වා දීමට.


 3. ශබ්ද දූෂණය වැනි ආගම් වලින් ඇති කරදර නිසා ඒවා අඩු කර ගැනීමට


 4. තමන්ට යම් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට


 5. මිනිසුන් මිත්‍යා මත වල එල්ලී සිටීම ගැන කනගාටු වී ඔවුන් ඒවායින් මුදවා ගැනීමට


 6. බොහෝ මිනිසුන් ආගම් නිසා රැවටී ඇතත් තමා එසේ නොවී ඇති බව පෙන්වීමට


 7. රටේ ආර්ථික දියුණුවට ආගම් වල එල්බ සිටීම නිසා පාඩුවක් වී ඇතැයි සිතා එය නිවැරදි කිරීමට


 8. රටේ සමාජීය දියුනුවට ආගම්වලින් බලපෑමක් ඇතිවී ඇතැයි සිතා එයින් රට මුදවා ගැනීමට

9. ආගම් අතර ඝට්ටන ඇති කිරීමට

 

මේ සඳහා තවත් හේතු තිබිය හැකි ද?

No comments:

Post a Comment

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...