Tuesday, August 19, 2025

ගංජා වෙළඳාම

 කොණ්ඩයකපන්න ගිය විට සැලුන් හොඳ කතා කාරයෙක් නම් කොණ්ඩය කපන්ට වෙලාව යනවා දැනෙන්නේ නැත. මගේ රෙගියුලර්  මෑන් ඒ ජාතියේ කෙනෙකි. 

ඔහුගේ ජීවිතයත් හිතන්නට බැරි තරම් අත්දැකීම් තියෙන දුලබ ජීවිතයකි. මීට කලින් දවසක ්‍රියා සූරියසේන  ගේ වත්තේ, පොල් රා කැපූ කතාවක් ඔහු මට කීවේය. 

සාමාන්‍යයෙන් කතාවට වැටෙන්නේ ඒ කාලයේ රටේ  ්‍රසිද්ධ සාකච්ඡාවට බඳුන්වන කාරණයකි. 


පෙරේදා ඒ අනුව කතාවට වැටුණේ ගංජා වැවීම පිළිබඳවය. අප කතා නායකයා පොඩි කාලේ හැදී වැඩී ඇත්තේ තනමල් විල පැත්තේය. 

ගංජා පිළිබඳව, පානම පැත්තේ බයියන් පිළිබඳව, ගංජා වැවීම වෙළඳාම පිළිබඳව බොහෝ රසවත් කතා ඔහු මට කීවේය. 

වරෙක ඔහු  ඔහුගේ මස්සිනා සමග හැත්තෑ ගණන්වල   ගම්පැත්තෙන්  රුපියල් 20 ගණනේ ගංජා රාත්තල් විස්සක් ද රැගෙන විකිණීමට මහනුවරට පැමිණ ඇත. ඒ බසයේ ඔවුන් හඳුන්වන පොලිස් රාළහාමි කෙනෙකුද සිට ඇත. 

සැලොන් එය රැගෙන පැමිණ ඇත්තේ නිදාගන්නා කොට්ටයක් ලෙස සකස් කරගෙනය. 


මහනුවරට පැමිණි පසු ඔහුගේ මස්සිනා, හොඳින් දන්නා හඳුනන මිතුරෙකුට සැලූන් එපා කියද්දී ගංජා ටික විකිණීම සඳහා භාරදී ඇත. 

ඉන්පසු දවස් දෙකක් නගරයේ රැඳී  මිතුරා සෙවූ නමුත් ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇත. නැති වී ඇත්තේ ගංජා නිසා පොලිසියට කියන්නටත් නොහැක.


ඔවුන් දෙදෙන  මාමා කෙනෙකුගේ නිවසට ගොස් බස් එකේ යාමට මුදල් ඉල්ලාගෙන  ආපසු මොණරාගල බස් එකක නැගී ගෙදර ගොස් ඇත.


Voluntary patrol - a short story

  2. Voluntary Patrol During the 1960s, a wave of crime was reported all across Sri Lanka. Housebreakings, murders, bank robberies, and shop...