Wednesday, March 31, 2021

ඇවන්ගාඩ් සමාගමෙන් විදේශිකයන්ට අවි පුහුණුව ලබා දීම

 පසුගිය දිනක හිටපු අමාත්‍යවරයෙකු මෙයට අවුරුදු 7 කට පමණ පෙර ඇවන්ගාඩ් සමාගමෙන් කරන ලද්දාවූ අන්තර්ජාතික sea marshals පුහුණු කිරීමේ වැඩසටහන නිර්දය ලෙස විවේචනය කළේය . එසේ කරන ලද්දේ පාර්ලිමේන්තුව තුළ ය .


මෙහිදී ඔහු සැක පහළ කළේ ඇවන්ගාඩ් සමාගම මේ වැඩසටහන හරහා ත්‍රස්තවාදීන් පුහුණු කරන්නට ඉඩ තිබුණ බවය .


එකල මම ද මෙම වැඩසටහන මෙහෙය වූ කීප දෙනාගෙන් එක් අයෙකු නිසා මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍ය යැයි සිතුනි .


ඇවන්ගාඩ් සමාගම විසින් ගාල්ලේ මුහුදු ආරක්ෂකයින්ගේ ආයුධ ගබඩාකරණ මේ ව්‍යාපාරය කරන්නට පටන් ගත් අවධියේ මම ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු විධානයේ ආඥාපති වරයා වූයෙමි . මේ සමාගම මේ ව්‍යාපාරය කරන්නට පෙර මෙය කරන ලද්දේ නාවික හමුදාවෙන් වන අතර ඒ කාලයේ එම ක්‍රියාන්විතය මගේ අධීක්ෂණය යටතේ සිදුවිය . 


මේ ව්‍යාපාරය නාවික හමුදාවෙන් කරන කාලයේ  ආයුධ ආරක්ෂාවට තබන ආයතනයකින් යම් ඉල්ලීමක් මා වෙත ඉදිරිපත් කළේය . ඒ ඔවුන් විසින් පාවිච්චි කරන ආයුධ ඉලක්කයක් වෙත වෙඩි තබා ඒවා පරික්ෂා කර සහතික කර ගැනීමට අවශ්‍යතාවයක් ඇති බවයි . දැනටමත් අපි ඔවුන්ගෙන් මුදල් ගාස්තුවක් අයකරගෙන සේවාවක් ලබා දෙන නිසා මෙවැනි අවශ්‍යතාවයක් සඳහාද  පහසුකම් සැලසුව හොත් මෙයින් රටට තවත් ආදායම වැඩි කර ගත හැකි බව මට පෙනුණි . එහෙත් ප්‍රශ්නය වූයේ අප විධානයේ ගාල්ල ප්‍රදේශයේ එම ආයුධ වෙඩිතබා පරික්ෂා කළ හැකි වෙඩි පිටියක් නොතිබීමය . එහෙත් මේ වන විට මම පේටන් බලපත්‍රයක් ද හිමි නව නිපැයුම්කරුවෙකු වූයෙමි. එහෙයින් මේ  සඳහා ද විසඳුමක් සොයා ගැනීමට හැකි බව මට විශ්වාසයක් තිබුණි .


 අපගේ කඳවුරට ඉදිරිපස පාරෙන් එහා පැත්තේ අපගේ සැපයුම් අංශයේ ගබඩාවක් තිබුනී. මෙම ඉඩමේ  ඉඩපහසුකම් තරමක් තිබුණ නිසා මම මේ ගබඩාවේ පාරවල් සෑදීමට යොදාගන්නා බෝක්කු පේලියක් අඩි සීයක් පමණ දුරට පෙළට සිටුවා එහි එක් පැත්තක ඉලක්කයක් සවිකර අනික් පැත්තේ සිට බිම දිගා දිගාවී එම ඉලක්කයට වෙඩි තබන්නට arrangement එකක් තැනුවෙමි  .  මම නාවික හමුදා මූලස්ථානයට මේ පිළිබඳව ලිපියක් යවා පැහැදිලි කර මූලස්ථානය අනුමැතිය ලබාගෙන  මෙම arrangement එක යොදාගෙන එක් පැත්තක සිට අනෙක් පැත්තේ ඉලක්කයට වෙඩි තබා ආයුධ පරීක්ෂාකරන්නට පහසුකම් සැලසූ වෙමි .

මුහුදු ආරක්ෂා කරන සමාගම් අතර මෙය ඉතාමත් ජනප්‍රිය වූ අතර එක් ආයුධයක් පරික්ෂා කිරීම සඳහා මට සාධාරණ අයකිරීමක් යයි සිතුනු  ඩොලර් තිහක් අයකිරීමට කටයුතු යෙදුවෙමි.

ඇත්තෙන්ම මේ සඳහා අපට ඩොලර් සියයක් වත් අය කරන්නට කරන්ට හැකියාව තිබුණු බව මට දැන් කල්පනාවේ . මක්නිසාද ඔවුන්ට මෙසේ ආයුධ පරීක්ෂා කර ගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබුණ නිසාය . එහෙත් අප ව්‍යාපාරිකයන් නොවුන නිසා අපගේ ආයෝජන ඉතාමත්ම සුළු වූ නිසා මේ මුදල ප්‍රමාණවත් බව එකල සිතන්නට ඇත . 

අනෙක ලද දෙයින් සතුටු වන්නට අපේ ආගම නිතරම අපට කියා දී ඇති  නිසා සමහර විට අප ඒ ගාස්තුව ප්‍රමාණවත් යැයි සිතන්නට ඇත .


ඊළඟ කොටස හෙටhttps://www.blogger.com/blog/post/edit/5060024932032172786/4259641550090905218

Tuesday, March 30, 2021

මගේ ගුරු ගීතය 2

 

අද එතැන් සිට 
වැඩියෙන්ම සිසුන් සිටියේ කලා අංශයේ ය. ඊළඟට වාණිජ අංශය වූ අතර ුඩාම පන්තිය විද්‍යා පන්තිය විය. පන්ති තුනේම ගුරුවරු දහ දෙනෙක් පමණ වූ අතර පන්සලෙන් ශාලාව කුලියට ගෙන ඒ කළමනාකරණය කරන ලද්දේ රාජපක්ෂ නැමැති මහත්මයෙකු විසිනි.

මට මතක හැටියට ඔහු ද කලා පන්තියේ යම් විෂයක් ඉගැන්වූයේය. ගුරුවරයෙකු නොපැමිණි අවස්ථාවල කලා අංශයේ පන්තියට ගණිතය ඉගැන්වීමට ද මට යම් දිනවල සිදු විය. අප ගුරුවරුන් ඉතාමත් මිත්‍රශීලීව කාලය ගත කළෙමු. සිකුරාදා දිනවල  අප ගුරුවරු පස් දෙනෙකු පමණ u k  de silva බාර් එකට ගොස් ඩ්‍රාෆ්ට් බියර් පානය කිරීමේ පුරුද්දක් ද ඇතිවිය.

මෙසේ මාස කිහිපයක් ගත වෙද්දී එක් දිනක මට රාජපක්ෂ මහත්මයා කතා කර එකල ප්‍රසිද්ධ ජීව විද්‍යා ගුරුවරයෙකු ගේ පුෂ්පදාන ශාලාවේ පැවැත්වෙන පන්තිය සඳහා ඔහුට එදින කොළඹ සිට ඒමට නොහැකි වන නිසා එම පන්තියට ඉගැන්විය හැකි දැයි මගෙන් විමසා සිටියේය.
ඔහුගේ නම k ariyasinghe බව මට මතකය. මේ ඉතා විශාල පන්තියක් බව දන්නා හෙයින් මට යම් සබකෝලයක් වැන්නත් ඇති වුවද රාජපක්ෂ මහතා ඉදිරියේ ලැජ්ජා වීමට නොහැකි නිසා මා එයට එකඟ වුණෙමි. මට මේ පන්තිය සඳහා රුපියල් සීයක් හෝ 150 ක් ගෙවන බවද කියන ලද අතර මේ මුදල ඒ කාලේ සෑහෙන මුදලක් වූ නිසා මට තවත් එඩිතර කමක් ලැබෙන්නට ඇත.

මම නියමිත දින පන්තිය  සඳහා ගියෙමි. pushpadana ශාලාවේ ඉහළ මාලයේ පැවති මේ පන්තිය ළමුන් පන්සීයක ගෙන් පමණ සමන්විත විය. ගුරුවරයා පන්තියට උගන්වන ලද්දේ වේදිකාවක සිට මයික්‍රෆෝනයක් අත තබාගෙනය. මා එලෙස මයික්‍රෆෝනයක් පාවිච්චි කළ පළමු වතාව එදින වීම නිසා මට තරමක් අපහසු තාවයක් වේදිකාව මතදී දැනුණි.

එදින මට උගන්වන්නට ලැබුණේ පරිණාමය විශය විය. මේ පන්තියේ සිසුවෙකුට යම් ප්‍රශ්නයක් ඇති වූ විට ය කුඩා කොළ කැබැල්ලක ලියා ගුරුවරයා වෙත එවන ක්‍රමයක් තිබුණි. ටික වේලාවකින් මට මෙවැනි කොළ කිහිපයක් ලැබුණු අතර එයින් දෙවැන්නේ ලියා තිබුණේ ගුරුවරයකු මයික් එක තබාගන්නේ කටට ටිකක් ඈතින් බවත් මා මයික් එක අල්ලාගෙන ඉන්නේ ගායකයකු අල්ලාගෙන සිටින ආකාරයට බවත්ය.
මම වහාම මයික් එක කටින් දුරින් තබා ගෙන කතා කරන්නට පටන් ගත්තෙමි.
පැය දෙකක පන්තියෙ අවසානයේ ිසුන්ගේ ප්‍රතිචාරවලින් මට හැඟුණේ මම හිතූ තරම් මගේ දින ඉගැන්වීම දුර්වල නැති බවය.

ටික කලකට පසු අපේ පාසලේ පොඩි ආරවුලක් ඇති විය. ඒ පන්තිය කළමනාකරණය තුළ රාජපක්ෂ මහතා සහ මගේ මිතුරු lakshman දසනායක අතරය.  මේ පන්තියේ අප වැටුප් ලබාගත්තේ නොයෙකුත් වේලාවට අපට අවශ්‍යතාවයක් ඇති වූ විට ය. එම අවස්ථාවල දී රුපියල් පනහක් සීයක් වැනි මුදලක් ලබාගත් අතර පොතක සටහන් කරන්නට යෙදුනි.
මාසයක ලබාගත් මුදල් ප්‍රමාණය පිළිබඳව රාජපක්ෂ මහතා සහ මා මිතුරා අතර විරසකයක් ඇති විය. මෙයින් කෝපයට පත් මා මිතුරා තමන් පන්තියෙන් ඉවත් වන බව කියා යන්නට ගොස් ඇත. ඒ අවස්ථාවේ මා එහි නොසිටි අතර පසුදින මා පන්තියට ගිය විට රාජපක්ෂ මහතා මේ පිළිබඳව මට පවසා >ඔබ වත් ඉතිරි ව්‍ර එක ලොකු දෙයක්, නැත්නම් මට  මේ අවස්ථාවේ ගුරුවරු හොයා ගන්නට ලොකු ප්‍රශ්නයක් වෙනවා යනුවෙන් මට කීවේය.  ඊලග කොටස අනිද්දා 

Monday, March 29, 2021

මගේ ගුරු ගීතය

 

මම අපොස සාමාන්‍ය පෙළ විද්‍යා විෂයයන් ගෙන් පළමුවරට ම සමත් වුනිමි. ඉන්පසු ජීව විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ හැදෑරුවෙමි. පළමු වර අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ශ්ව විද්‍යාලයට යාමට තරම් ප්‍රමාණවත් නොවුණු හෙයින් නැවත වරක් විභාගය කළෙමි.

ඒ විභාගය අවසන් කර ගෙදරට වී සිටින අතරතුර මම දවසක් අපේ ගෙදරට කිලෝමීටර් භාගයක් පමණ දුරින් තිබෙන මහවැලි ගඟට නාන්නට ගියෙමි. නිකන් ගෙදර සිටින විට හවැලි ගඟේ මාලිගාතැන්න ප්‍රදේශයට ගොස්මිතුරන් සමඟ එකල පිහිනන්නට මා පුරුදුව සිටියෙමි. එදින ගඟට ගියේ ද තනිවමය.
මම ගඟේ මෙලෙස තනියම පිහිනමින් සිටින විට මගේ මිතුරකු වන ලක්ෂ්මන් දසනායක මා සොයා ගෙන එතැනට පැමිණියේය. ඔහු මා සොයාගෙන අප නිවසට ගොස් මා ගෙදර නොමැති නිසා අසල්වැසියන්ගෙන් විමසන විට; මගේ දෙමව්පියන් දෙදෙනාම රජයේ සේවකයන් වූ නිසා දවල්ට ගෙදර කවුරුත් සිටියේ නැත, කවුරුන් හෝ මා ගඟට යන්නට ඇතැයි පවසා ඇත.

ඔහු මා සොයා පැමිණ සිටියේ ඔහු විසින් පවත්වාගෙන යනු ලබන අපොස සාමාන්‍ය පෙළ අමතර පන්තිය ඉගැන්වීමට මා කැමති දැයි අසා දැන ගැනීමට ය. ලක්ෂ්මන් දසනායක අපගේ පන්තියේ එකට ඉගෙන ගත්තද මට වඩා අවුරුදු පහකින් පමණ වයසින් වැඩි විය. එයට හේතුව වූයේ ඔහු 1971 ජේවීපී කැරැල්ලට කිංස්වුඩ් විද්‍යාලයේ අ පො ස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටියදී සම්බන්ධව පොලිසියට අසු විය අවුරුදු තුනක් පමණ පුනරුත්ථාපන කඳවුරක සිට අප පාසැල වෙත පැමිණි නිසාය.

අපි මගේ මේ අලුත්  රැකියාව පිළිබඳව ගඟ අයිනේ ගලක සිගරට්  බොමින් සාකච්ඡා කළෙමු. මෙලෙස නාන්ට එන විට සිගරට් දෙකක් කඩෙන් මිලට ගෙන සාක්කුවේ දමාගෙන පැමිණීමට මා පුරුදුව සිටි නිසා මෙලෙස ගඟ අයිනේ සිගරට් පානය කිරීමට හැකියාව ලැබුණි. මට මතක හැටියට මේ කාලය වන විට ගෝල්ඩී leaf එකක් සත විස්සක් පමණ විය.

මට මේ වන විට වයස 18 ක් පමණ වූ අතර මට ඉගැන් වීමට හැකියාවක් ඇත්දැයි නොදැන සිටි හෙයින් සහ තවත් කාරණයක් නිසා මෙම ඉගැන්වීම් ඒ තනතුර භාර ගැනීමට මැලිකමක් දැක්වීමි. ඒ කාරණය වූයේ ලක්ෂ්මන් දසනායක මගෙන් මේ පිළිබඳව විමසන්නට පෙර අපගේ වෙනත් මිතුරෙකුගෙන් විමසූ විට ඔහු එයට අකැමැති වූ නිසා මා ඔහුගේ දෙවන තේරීම බව ඔහු මා සමග කතා කරද්දී කියනු ලැබීම ය. කෙසේ වුවද මම හවස දෙමව්පියන්ගෙන් අසා මේ පිළිබඳව ඔහුට පිළිතුරක් දෙන බව පැවසුවෙමි.
හවස ගෙදර දී මේ පිළිබඳ සාකච්ඡා වන විට පියා එතරම් කැමැත්තක් නොදැක්වුවද ගුරුවරියක වූ මගේ මව මා ධෛර්යමත්  කලා ය. නිවසේ තීරණ ගැනීමේ ්‍රධාන සාධකය වූයේ ද මව නිසා ඇයගේ කැමැත්ත අනුව මට පන්තියේ ඉගැන්වීමට යාමට අනුමැතිය ලැබුණි.

මම ඊළඟ සතියේ සඳුදා සිට එම පන්තියේ ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව උගන්වන්නට පටන් ගත්තෙමි. මෙම පංතියේ පිහිටා තිබුණේ මහනුවර වේස් පාක් එක ඉදිරිපිට කන්ද උඩ පිහිටි පන්සලක පිහිටා තිබූ ශාලාවක ය. එහි විද්‍යා කලා සහ වාණිජ පන්ති උදය වරුවේ පවත්වන ලද්දේ දෙවරක් හෝ ඊට වැඩි wara ගණනක් විභාගය අසමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ය.  මට මතක හැටියට විද්‍යා පන්තියේ සිසුන් හතළිහක් පමණ සිටියහ. .............
මීළඟ කොටස ඊළඟ පෝස්ට් එකෙන්

Sunday, March 28, 2021

සුවස් ඇල කිට්ටුව සිදුවූ අකරතැබ්බ

 මේ දිනවල සූවස් ඇලේ සිදුවී ඇති වෙළඳ නෞකා හිරවීමක් සම්බන්ධව බොහෝ ප්‍රවෘත්ති පළ වේ .මේ මා වෙළඳ  නෞකාවක සේවය කරද්දී  ලැබුණු ඒ හා සමාන අත්දැකීමකි .

මගේ නාවික අත්දැකීම් අළලා මා විසින් පළ කරන ලද 'සතුරා මුහුදේදි මුලා කිරීම සහ තවත් නාවික කතා' යන ග්‍රන්ථයෙන් උපුටා ගැනිණ 


4. ලංකා කාන්ති.  


1981 උප ලුතිනන් වරයෙකු වශයෙන් සිටියදී, මා ලංකා කාන්ති නෞකාවේ හතරවන නිලධාරියා වශයෙන් (4th Officer) සේවය සඳහා තෝරා ගැණින. හතරවෙනි නිලධාරියා ගේ නැව මෙහෙයවන කාර්‍ය මණ්ඩලයේ ජෙෂ්ටත්වයේ ස්ථානය පහත පරිධිය.

 

කපිතාන්

ප්‍රධාන නිලධාරි

2 වන නිලධාරි

3 වන නිලධාරි

4 වන නිලධාරි

 

විදේශ රටවලට යාමට, ඉතා කලාතුරකින් අවස්ථාවක් ලැබෙන, එවන් කාලයක ලංකා කාන්ති නෞකාවේ සේවය කරන්නට ලැබීම, නාවික හමුදා නිලධාරීන්ට හා නාවිකයන්ට එකල බලවත් සතුටක් ගෙන දෙන කාරණයක් විය. ඊට අවුරුදු කිහිපයකට පෙර වනතෙක්, ඉතාමත් සංවෟතව පවත්වාගෙන ගිය ආර්ථික ප්‍රතිපත්ති නිසා, විදේශ රට වලට යෑම ඉතාම ටික දෙනෙකුට පමණක් සීමා වුවක් වූ අතර, ගම්බද ප්‍රදේශයක යමෙකු විදේශ රටකට ගියවිට අහල ගම් කිහිපයකම මෙය ප්‍රසිද්ධ වීම එකල පුදුමයට කරුණක් නොවීය. කලාතුරකින් වෙළද නැවක රැකියා ලබාගන්නා පුද්ගලයන් නැව් නිමල්, නැව් බංඩාර වැනි ගෞරව මුසු අනවර්ථ නාම වලින් හැදින්වීමට ඔවුන්ගේ මිතුරන් පසුබට නොවූයේද මේ හේතුව නිසාය.


ලංකා කාන්ති යනු 1972 වර්ෂයේදී, ශ්‍රී ලංකා නැව් සංස්ථාව විසින් මිලදී ගන්නා ලද පැටවිය හැකි සම්පුර්ණ බර ටොන් 5678 ක් වූ, එක දොඹරකයකින් යුතුවූ වානීජ නෞකාවකි. මෙය මිලදී ගන්නා විටත්, අවුරුදු 13 ක් පරණ නෞකාවක් විය. නමුත් මෙය නිෂ්පාදනය කර තිබුනේ, ස්විඩනයේ ගොතන්බර්ග් හි නිසා, එය අවුරුදු 13 කට පසුවත් හොද තත්වයේ පැවතිණ. මා නෞකාවට එකතු වුනේ කොළඹ වරායේදීය. එකල කාන්ති නැවේ කාර්ය මංඩලයේ හතරවන නිලධාරීන් දෙදෙනෙකු සිටි නිසා, අප දෙදෙනාටම ජීවත්වීමට සිදුවුනේ එක කාමරයකය. කපිතාන්, ප්‍රධාන නිලධාරී, දෙවන නිලධාරී, තුන්වෙනි නිලධාරී සහ හතරවන නිලධාරී දෙදෙනෙකු නෞකාවේ විධායක නිලධාරීන් අතර වූහ.

 

එහි ඇඳවල් දෙකක් එකක් උඩ එකක් ලෙසට සවිකර තිබූ අතර, කැබින් එක හෙවත් කාමරය පිහිටා තිබුනේ නැවේ වම් පැත්තේ මැද හරියේය. එකල කොතරම් වරායේ නීති රීති තදින් තිබුනාද කිවහොත් මගේ කුඩා රේඩියෝව නැවට ගෙනයන විටත් මම නාවික හමුදා නිලධාරියෙකු බව දැන ගෙනත්, රේගු නිලධාරියා මගේ පාස්පෝර්ට් එකෙහි මම කුඩා ගුවන් විදුලි යන්ත්‍රයක් රටෙන් පිටට ගෙන ගිය බව සටහන් කළේ එය ආපසු එනවිට රැගෙන ආවේ නැත්නම් අල්ලා ගැනීමටද, එසේත් නැත්නම් මෙය ආපසු රැගෙන එනවිට මෙය මා රැගෙන ගිය එක යැයි පෙන්වා දඩ නොගෙවා සිටීමෙන් මා වලක්වාලීමට දැයි මට තවමත් වැටහෙන්නේ නැත.   


මෙලෙස ලංකා කාන්ති නෞකාව ශ්‍රී ලංකා නැව් සංස්ථාව මිලදී ගත්තා සේ ලංකා රාණි, ලංකා සාගරිකා, ලංකා දේවි, ලංකා කල්යානි, ලංකා කාන්ති, ලංකා ශාන්ති, ලංකා කීර්ති, හා ලංකා රත්න, නමැති නෞකාවන්ද කලින් කල සංස්ථාවට එකතු විය. ලංකා කාන්ති නෞකාව මෙලෙස නාවික හමුදා නිලධාරීන්ගෙන් හා නැවියන්ගෙන් කලමනාකරණය කිරීමට, හේතුව කුමක්දැයි මා නොදන්නා නමුදු, බොහෝ විට මුල් කාලයේදී සුදුසුකම් ලත් වානිජ නාවික නිලධාරීන්, රටෙහි නොමැති වීම, මෙයට හේතුවක් වූවා වන්නට පුළුවන.

 

එමෙන්ම අපට එකල වැටුප වශයෙන් ගෙව්වේ, වානිජ නෞකාවල ගෙවිය යුතු වැටුපෙන් භාගයකි. සමහර විට මෙමගින් ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අඩු වියදමකින් නැව් දිවීමට ඇති හැකියාවද, මේ තීරණය සඳහා බලපාන්නට ඇත. එහෙත් නාවික හමුදා වැටුප එලෙසම ලබාදුන් නිසා, අපි සංස්ථාවේ අඩ වැටුප ගැන එතරම් අසතුටට පත් නොවූයෙමු. මෙම නෞකාවල නාවික හමුදා පුද්ගලයන් සේවයේ යෙදවීම පිළිබඳව තවත් හාස්‍ය ජනක කතාවක් එකල රවුමේ ගියමුත් එය කොතරම් දුරට සත්‍යදැයි මම නොදනිමි.

 

එකල බොහෝ විට රජයේ රැකියා ලබා දුන්නේ එම දෙපාර්තමේන්තුව අයිති අමාත්‍යංශයේ ඇමති වරයාගේ හෝ උප ඇමතිවරයාගේ ප්‍රදේශයේ තමන්ගේ ආධාරකරුවන්ට සහ නෑදෑයන්ටය. ශ්‍රී ලංකාවේ නැව් සංස්ථාව මුලින්ම පිහිටුවන කාලයේ එම අමාත්‍යාංශය භාරව සිටි ඇමති වරයාද මේ අනුව යමින් තමන්ගේ ආධාර කරුවන් පිරිසකට රැගෙන ඒමට තිබෙන නැව්වල රැකියාවන් ලබා දුන්නේය. එහෙත් මෙම පුද්ගලයන්ට වාණිජ නාවික සුදුසුකම් හෝ අත්දැකීම් නොතිබූ නිසා අවසානයේ ඔවුන් නෞකාවල වේටර්වරුන් සහ නිලධාරීන්ගේ කාමර සුද්ධ කරන්නන් වැනි රැකියාවලට පත් කෙරිණ. නැව් කොළඹට ගෙනා පසු ඔවුන් නැව් වලට ගොස් තමනට ඇමතිතුමාගේ සම්බන්ධකම් ඇති නිසා සහ මුලින් නැව් වලට පැමිණි නිසාත් නැවේ ඇති හොඳම කාමර වන නිලධාරීන්ට නියමිත කාමරවල පදිංචි වූහ. නැව් වලට පිටරටින් නිලධාරීන් පැමිනි පසු දැනටමත් ඔවුන් විසින් අල්ලා ගෙන සිටින කාමර වලින් ඉවත්වීම ඔවූහු තරයේ ප්‍රතික්ෂේප කලහ.

 

 මෙම පුද්ගලයන් අතරින් නිලධාරී නිවස්නයේ නිලධාරීන් ආහාර ගන්නා විට ඔවුනට සේවය කලයුතු අය නිලධාරින්ට ආහාර ලබාදීමේදී ඇපල් යනාදිය අල්ලා ගැනීමට විසිකල බවටද කථාවක් තිබුණි. මෙම අසතුටුදායක තත්වය හේතුවෙන් විනය පවත්වා ගැනීමට නොහැකි නිසා මුල් කාලයේ මෙම වෙළඳ නෞකා කාර්‍ය මණ්ඩල සඳහා නාවික හමුදා පිරිස් යෙදවූ බව ඒ කතාවයි.


අපි සිවිල් ඇඳුමෙන් නැවෙහි වැඩ කටයුතුවල යෙදුනෙමු. අපගේ පළමුවන ගමන සඳහා නෞකාවට පටවන ලද්දේ තේ කොළය. ඒවා ලෙබනනයේ බීරූට් වරායට, සිරියාවේ ලටාකියා වරායට සහ සෞදි අරාබියේ ජෙඩා වෙත ගෙන යාමට නියමිතව තිබිණ. මාසයක් පමණ හෙමින් හෙමින් ගොඩබෑම් කටයුතු කෙරිණ. එකල කන්ටේනර් ක්‍රමය නොතිබුණු බැවින් තේ කොළ රැගෙන ගියේ ලී පෙට්ටි වල වූ අතර මේවා ලනු දැල් වල දමා දුවන ලනු මගින් තිරස්ව හා සිරස්ව කැරකෙන දොඹකර මගින් ඒවා පැටවීම වේගයෙන් කල හැක්කක් නොවිය. නැවේ නිලධාරීන්ගේ විවේක කාමරයේ; එය හැදින්වූයේ ‘ස්මෝක් රූම්’ ලෙසටය, ටේබල් ටෙනිස් මේසයක් තිබූ හෙයින්, රාජකාරී නොමැති වේලාවලදී බොහෝ විට අපි මේස පන්දු ක්‍රීඩාවේ යෙදුනෙමු. 


මාසයක පමණ කාලයක් තේ පෙට්ටි පැටවීමෙන් අනතුරුව, අපි බටහිර ඉන්දියානු සාගරයේ, අරාබි මුහුදේ, සති දෙකක් පමණ, ගොඩබිමක් නොපෙනෙන මුහුදේ ගමන් කර, අප්‍රිකාවේ අඟ ලෙසින් හැඳින්වෙන භූමි ප්‍රදේශය ඇතුලත්, ඒඩන් මුහුදට පැමිණියෙමු. සොකට්රා දූපත අසලින්, ඒඩන් මුහුද හරහා රතු මුහුදට වැටුනු අපි, රතු මුහුදේ පිහිටි සෞදි අරාබියේ ජෙඩා වරාය වෙත ගියෙමු. ජෙඩා වරායට ඇතුලුවීමේදී, අපට, නාවිකයෙකුට ලැබිය හැකි අමිහිරිම අත්දැකීමට මුහුණදීමට සිදුවිය. AAA


සාමාන්‍යයෙන් නැවක් වරායකට ඇතුලුවීමට පැමිනෙද්දී වරාය පිටත තිබෙන නැව් ගමනා ගමනයට ඇති අනතුරු හා බාධක සලකා බලා ඒවා පිළිබද දැනුමක් සහ අත්දැකීම් ඇති පලපුරුදු නාවික කපිතාන් වරයෙකු බෝට්ටුවකින්, නැවෙහි කපිතාන්වරයාට නැව රැගෙන ඒමට උදව් කිරීමට එවනු ලැබේ. හාබර් පයිලට් වරුන් ලෙසින් හැඳින්වෙන මෙම නිලධාරින් වරායට එන නැව් ගණන අනුව, වරාය රාජකාරී වලට යොදවන අතර, බොහෝ විට ඔවුන් වෙළෙද නාවික රැකියා වලින් විශ්‍රාම ගත් කපිතාන් වරුන්ය. මෙම රැකියාව ඕනෑම වරායක හොඳ වැටුපක් සහිත රැකියාවක් වන අතර, එයට අමතරව සම්ප්‍රදායක් වශයෙන් ඔවුන් වරායෙන් ඇතුලට හෝ පිටතට ගෙන යන නැව් වලින් ත්‍යාග ලෙස විස්කි සහ සිගරට් ලබාදීමේ සිරිත නිසා ඔවුන්ගේ රැකියාව තවත් සිත්කලු වෙයි.  


අපිද ජෙඩා වරායට තරමක් කිට්ටු කර, VHF යන්ත්‍රයෙන් වරායේ නියමු කාර්යාලයට කථාකර හාබර් පයිලට් වරයෙකුගේ සේවය ඉල්ලා සිටියෙමු. වරායේ නියමු කාර්යාලයෙන් අප වරායට කිට්ටුවටම ගෙන්වා ගතහොත් ඔවුනට පහසු නිසා,


“ශ්‍රී ලංකාවේ වෙළෙද නැව්වල කපිතාන්වරු, ලෝකයේ දක්ෂම කපිතාන්වරු, ඔබට කිසිම ප්‍රශ්ණයක් නැතිව වරාය අසලටම එන්නට පුළුවන් බව අපි දන්නවා“ 


යනුවෙන් පවසමින් අපට ටිකින් ටික වරාය කිට්ටුවට ගෙන්වා ගත්හ. මෙලෙස අප නෞකාව සෙමින් වරාය දෙසට ඇදෙද්දී එක්වරම හිමිදිරි උදයේ නැවේ කීල් එක හෙවත් පතුල කොරල් පරයක ඇනුනි. එසේ ඇනී නැව යන්තම් පැත්තකට ඇලවී කොරල් පරයේ හිරවුනි. එලෙස හිරවූ ආකාරයෙන් තවත් අලාභහානී වෙන්නට ඉඩ ඇති හෙයින්, එන්ජින් පාවිච්චි කර පිටතට ගැනීමට උත්සාහ නොකර, සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබදව ජෙඩා වරාය මෙහෙයුම් කාර්යාලයට, නැවි සංස්ථාවට හා නාවික හමුදාවට දැනුම් දුන්නෙමු. 

 

මෙලෙස නැව ගොඩයෑම දැන්වූ විගසම වාගේ මෙවැනි සිදුවීම් වූ විට එලෙස අනතුරට පත්වූ නැව බේරාදී රක්ෂණයෙන් ලොකු මුදලක් ලබා ගැනීමට, එවැනි නාවික ගමනා ගමනයට අනතුරුදායක ස්ථාන තදාසන්නයේ රැදී සිටින, නැව් බේරා ගන්නා ටග් යාත්‍රා දෙකක් අප ස්ථානයට පැමිණියහ. මුලින්ම පැමිණි යාත්‍රාව අප සමග කථාකර ඒ අසල රැදී, රක්ෂණ ඒජන්තවරුන් තීරණයක් දෙනතුරු රැදී සිටියේය. මෙලෙස මුලින්ම පැමිණෙන බේරා ගැනීමේ යාත්‍රාවට එම ව්‍යාපාරික අවස්ථාව ලබා ගැනීමට වඩාත් ඉඩකඩ ඇති නිසා, සිද්ධිය සිදුවූ ස්ථානයට හැකි ඉක්මනින් ලඟාවීමට දැඩි තරඟයක් තිබුණි. 

 

 

මෙවැනි නාවික ආපදා වලදී ආපදාවට ලක්වූ නැව හා එහි අඩංගු භාණ්ඩ මුහුදේදී බේරා ගැනීමට එම කටයුතුවල යෙදී සිටින සමාගම් අතර තියුණු තරඟයක් ඇතිවේ. මේ සදහා එම නෞකාවේ අයිතිකරුවන් සහ බේරා ගන්නන් අතර අත්සන් කෙරෙන ගිවිසුම් වර්ගය ලොයිඩ් සමාගමේ විවෟත ගිවිසුම් වර්ගයට අයත් වෙයි. මුලින්ම මෙම ගිවිසුම් වර්ගය හදුන්වා දී ඇත්තේ 1892 වර්ෂයේදීය. මෙම ගිවිසුම් වලින් වැඩියෙන්ම භාවිත වන්නේ  “no cure-no pay” ( සුව නොකලොත් ගෙවන්නේ නැහැ ) ගිවිසුම් වර්ගයයි. මෙහි බේරාගන්නා සමාගමට ආපදාවට ලක්වී ඇති නැවේ (නැවෙහි වටිනාකම සහ එහි ඇති භාණ්ඩ සහ ඉන්ධනවල වටිනාකම) වටිනාකමින් කොටසක් නැව හානියක් නොමැතිව බේරා ගතහොත් ලබාදෙන බවට නැවේ අයිතිකරු ගිවිසුම් ගත වෙයි. නමුත් ඔහුට ඒවා බේරා ගැනීමට නොහැකි වුවහොත් ඔහු දැරූ මහන්සියට සහ පිරිවැය වෙනුවෙන් සතයක්වත් ලැබෙන්නේ නැත.

නමුත් මෑතකදී පරිසර හානී වැලැක්වීම සදහා පරිසර හානි වැලැක්වුවහොත්ද යම් ගෙවීමක් බේරා ගන්නාට ලැබෙන පරිදි ගිවිසුම් වෙනස්කර ඇත්තේය.   

 

 


ලංකා කාන්ති වැනි පැරණි නැව්, මෙලෙස අනතුරුදායක ස්ථානයක ගොඩ යාමට සලස්වා, රක්ෂණ ආයතන වලින් වංචා සහගත ලෙස, මුදල් ලබා ගැනීමට, කුඩා නැවි හිමියන් එකල පෙලඹී සිටි හෙයින්, අප සිද්ධියද එංගලන්තයේ ලොයිඩ්ස් රක්ෂණ සමාගමේ සැකයට භාජනය විය. එසේ වූයේ,

·        කාන්ති කුඩා නැවක් වීම.

·        නැව පරණ වීම.

·        ප්‍රධාන නැව් සමාගමකට අයිති නොවීම.

·        නැවේ තිබූ වෙළෙඳ භාණ්ඩ එතරම් වටිනා ඒවා නොවීම.

 

යන කරුණු නිසාය.

 

තවද මෙලෙස නැව් අමාරුවේ දමා ඒවා බේරා ගැනීමෙන් ලැබෙන ලාභ, වරාය නිලධාරීන් බෙදා ගන්නා ජාවාරමක් තිබුනු බවටද ආරංචි එකල අපට මුණ ගැසුනු වානිජ නෞකාවල වැඩ කරන ශ්‍රී ලාංකික පුද්ගලයන් ගෙන් අපට අසන්නට ලැබුණි. මේ නිසා එංගලන්තයේ ලොයිඩ්ස් ආයතනයේ පැමිණි නීතිඥයන් කණ්ඩායමක්, මේ පිළිබදව දීර්ඝ පරීක්ෂණයක් කරන ලද අතර; මට මතක හැටියට පරීක්ෂණය අවසන් වනතුරු අපට දවස් 21ක් එම ස්ථානයේ කාලය ගතකරන්නට සිදුවිය. අවසානයේ මෙම සිද්ධිය සිතා මතා කරන ලද සිද්ධියක් නොවන බවට තීරණය කරන ලදී.

 

ඒ දිනවල සිදු වූ හාස්‍ය ජනක සිදුවීමක් මට මතකය. අප මේස පන්දු ක්‍රීවා කරමින් සිටියදී අපේ නැවේ රේඩියෝ නිලධාරියා පැමිණ, නාවික හමුදා වෙන් විශ්‍රාම ගත් යම් නිලධාරියෙකු කපිතාන් ධූරය දරන වානිජ නැවක් අප අසලින් යාමට පැමිණෙන බව කීවේය. එවිට අප සමග සිටි ඉංජිනේරු නිලධාරියෙකු ඒ නැවේ නිලධාරීන්ට නොපෙනෙන්නට අපේ නැව කැන්වස් වලින් වසා ගන්නට, යෝජනා කළේ විහිලුවටය. නෞකාව ගොඩ ගොස් සිටි නිසා හිතේ අමාරුවෙන් සිටි කපිතාන් වරයාට මෙය ඇසී හොඳටම තරහ ගියේ තමන් යටතේ තිබූ නැවක් ගොඩයාම වෘතිකව ලැජ්ජාවට හේතුවන කරුණක් නිසාවෙනි. කපිතාන්වරයා ඉංජිනේරුවරයාට හොඳටම බැණ වැදුනේය.

 

ඉන්පසු බේරා ගන්නා සමාගම; මෙය නෙදර්ලන්ත සමාගමක් බව මට මතකය. ඔවුනට නැව බේරා ගැනීම බාර දුන් පසු, මුලින් කිමිඳුම් කරුවන් පිරිසක් යොදවා, පරීක්ෂා කර නැව කොරල් පරය මත තිබෙන ආකාරය සිතියම් ගත කරන ලදි. මේ සිතියම් වලට අනුව ටග් යාත්‍රා තුනක් නොයෙක් කෝණ වලින් ගැට ගසා ලංකා කාන්ති කොරල් පරයෙන් එළියට ඇද ගන්නා ලදි. නැව බඳට අලාභයක් සිදු වී නොමැති හෙයින්, ඒ පිළිබඳව කිමිඳුම් කරුවන් යොදා පරීක්ෂා කර, ලොයිඩ්ස් ආයතනයේ සෞදි අරාබියේ ඒජන්ත වරයා විසින් සහතිකයක් ලබාදෙනු ලදුව, අපි ජෙඩා වරායට ඇතුලුවි ඒ වරායේ බෑමට නියමිත තේ පෙට්ටි ගොඩ බා දවස් කිහිපයකට පසුව ජෙඩා වරායෙන් පිටව රතු මුහුදට වැටී ඊජිප්තුවේ පෝට් සයිඩ් වරායට යාම සඳහා පිටත් වූයෙමු. 


මේ සඳහා රතු මුහුදේ උතුරු කෙලවරට ගොස්, සූවස් ඇළ පසු කිරීමට සිදු විය. සැතපුම් 125 ක් දිග සූවස් ඇළ, 1859 දී ප්‍රංශ ජාතිකයන් විසින් සාදන ලද්දකි. මෙහි නැව් මාරුවීමට පළල මදි නිසා, නැව් ගමන් කරන්නේ, සංවිධානය කරන ලද කණ්ඩායම් ලෙසටය. වේලාව ඉතිරිකර ගැනීමට සැම විටම කණ්ඩායම් දෙකක්, දෙපැත්තට ගමන් කරමින් සිටින අතර, විශාල ජලාශ දෙකකදී, එක් නැව් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම පසුකර යනතෙක් රැදී සිටී. මෙලෙස සූවස් ඇළ හරහා ගමන් කරද්දී, ඇළේ පළල අඩු නිසා හා ඇළේ ඉවුරු සේදෙන නිසා, නැව් ගමන් කල යුත්තේ ඉතා සෙමින්; පැයකට සැතපුම් අටක් පමණ, වේගයකිනි. සුවස් ඇලේ මුලු ගමනට පැය 12ක් පමණ ගතවන අතර එම කාලය තුල නැව මෙහෙයවීම සඳහා කැනල් පයිලට් වරුන් දෙදෙනෙකු නැවට ගොඩවේ.


මෙලෙස සුවස් ඇලේ නැව් ගමන් කරද්දී කුඩා බෝට්ටු වලින් පැමිණෙන සිල්ලර වෙළෙන්දන් නැවට ලණුවක් දමා ඒ මගින් නැවට නැඟ බෝට්ටුවෙන් ලණුවක් මගින් ඔවුන්ගේ වෙළෙඳ බඩුද නැව මතට ගනිති. නැවෙන් නිලධාරීන් කොතරම් විරුද්ධ වුවද, ඔවුන් එය ගණන් නොගෙන එඩිතර කමෙන් නැවට නැඟීම අපූරු දර්ශනයකි. නැවේ පසු පසු තට්ටුවේ කුඩා වෙළෙඳ කුටි විවෟත කර නැව පෝට් සයිඩ් වරායට යනතෙක් නැවි කණ්ඩායමට වෙළෙඳාම් කරති. මෙම කුඩා වෙළෙඳ කුටිවල ඇඳුම් සහ නොයෙකුත් අරුමෝසම් බඩු විකිණීමට තුබුනු අතර ඔවුන් සමඟ එම වෙළෙඳ බඩු මිලදී ගැනීම සඳහා හෙට්ටු කිරීම, අපට මහත් සතුටක් ගෙනදුන් කාරණයක් විය. විශේෂයෙන්ම ලංකාවේ රුපියල්ද එම වෙළෙඳුන් විසින් පිළිගත්හ. එහෙත් ඒ සාමාන්‍යයෙන් පවතින අගයට තරමක් බාල්දු වටිනාකමකිනි. මෙම වෙළෙඳුන් පැමිණ නැව් තට්ටුවේ වෙළඳ සල් දමා ගැනීම බොහෝ කලක සිට පැවැත් එන්නක් බව පෙනේ. 1921; අප එතනින් යන්නට අවුරුදු 60 කට පමණ පෙර, කිටෝනෝ මාරු නමැති ජපාන සමාගමකට අයත් මගී නැවක් මෙම වරායට පැමිණියේය. එහි සිටි විශේෂ පුද්ගලයෙකු මෙම සිද්ධිය ඔහුගේ දින පොතේ මෙලෙස සටහන් කළේය.

 

“වරාය බෝට්ටු වල නැඟී කෑ ගසමින් නැව් වෙතට යන සැම චවි වර්නයන්ගෙන්ම යුත් වෙළෙන්දන් ගෙන් පිරි පැවතුනි. ඔවුන් නැවට නැඟ කුඩා වෙළඳ කුටි එහි අටවා ගත්හ. කවුරුත් යමක් මිලට ගත්තේ නැත. එතන කියක් හරි හොයාගත්තේ මඟීන්ට සාස්තර කියූ ක්‍රීඩකයන්ගේ පෙනුම ඇති තරුණයන් පමණි.”

මෙලෙස සටහනක් තැබුවේ ඊට පසු අවුරුද්දේ භෞතික විද්‍යාවට නොබෙල් ත්‍යාගය ලැබූ ඇල්බර්ට් අයින්ස්ටයින් ය.


ඊජිප්තුවේ සූවස් ඇළේ උතුරු කෙලවරේ පිහිටි පෝට් සයිඩ් වරායට ගොස් තවත් තේ තොගයක් ගොඩබාන තෙක් අප එහි සතියක පමණ කාලයක් ගත කලෙමු. මෙම වරාය නගරය ඉතා විශාල අන්තර් ජාතික වෙළෙඳ පොලක් විය. අප නෞකාවේ සිටි නිලධාරීන් කිහිප දෙනෙකුම එම වෙළෙද පොලෙන් ශීතකරණ මිලදී ගත් බව මට මතකය.

 

මෙම වෙළෙඳපොලවල් බොහොමයක විකුනන්නට තිබුනේ යුරෝපයේ සහ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද ඉලෙක්ට්‍රොනික් බඩු සහ නොයෙකුත් මැද පෙරදිග රටවල සාදන ලද බුමුතුරුනු වර්ගයන්ය.. මෙම වෙළෙද ශාලාවල බොහෝ විට සිටියේ අයිතිකරු පමණකි. සෑමවිටම පාහේ මෙම වෙළෙන්දන් බඩ මහත යුරෝපීය සූට් ඇඳගත් පුද්ගලයන් විය. ඔවුන් වෙළෙඳ භාණ්ඩයක මිළ ආදිය විමසා භාණ්ඩය මිළදී ගත්තේ නැත්නම් බොහෝ කෝපයට පත්වෙති. කඩේම ඇතුලේ කාමරයක සිට ගණුදෙනු කරුවා දෙස දොර රෙද්ද මෑත්කර බලා ඔහුගේ පෙනුමෙන් මිළදී ගන්නෙකු සේ නොපෙනෙන්නේ නම් ගැණුම් කරුවන් එලවා දමති. එකල බොහෝ විට මෙලෙස අපහාසයට පත්වූයේ ඉන්දියානුවන්ය. අපි කඩේකට ගිය විටත් ඔවූහු රෙද්ද මෑත්කර අප දෙස බලා,

 

“You Indian? Indian no sell” යනුවෙන් කෑ ගැසූහ.

 

අපි ශ්‍රී ලංකාවෙන් යැයි පැවසූ විට ඔවුන් එළියට පැමිණ සතුටින් අප සමග කතාකර වෙළදාම් කලහ. මේ ලංකාවේ නොබැඳි සමුලුව පවත්වා වසර කිහිපයකට පසු නිසා ඔවුන් ශ්‍රී ලංකාව හා සිරිමා බංඩාරනායක මැතිණිය පිළිබඳව බොහෝ ප්‍රසාදයට පත්ව සිටි අතර, ඔවුහූ අපෙන් ඇය හා රට පිළිබඳව බොහෝ දේ ඇසූහ. පසු කලෙක මා ඊජිප්තුවේ කයිරෝ නගරයට ගිය විට එහි ශ්‍රී ලංකාව නමින් වීදියක්ද නම්කර ඇති බව දැක්කෙමි. මෙලෙස පොර්ට් සයිඩ්, බිරුට් සහ සිරියාවේ ලටාකියා වරායවල කාලය ගත කරද්දී අපට ලංකාවෙන් එකල විදේශ නෞකාවල සේවය කරන තරුණ නාවිකයන් කිහිප දෙනෙකු මුණගැසී ටික දිනක් ආශ්‍රය කිරීමට අවස්ථාව ලැබුණි.සමහරවිට ඉඩ ලැබුණු අවස්ථාවන්හි එකිනෙකාගේ නැව් වෙත ගොස් ආහාර වේලක් ගැනීමටද අප යුහුසුළු වුනෙමු.

 

මට එහිදී එක නැවියෙකු කියූ කතාවක් තාමත් මතකය. ඔවුන් සේවය කලේ ග්‍රීක නෞකාවකය. එකල අන්තර්ජාතික වෙළඳ නැව් බොහොමයක් අයත්ව තිබුනේ ග්‍රීක නැව් සමාගම් වලටය. මොවුන් රුසියාවේ ඔඩෙස්සා වරායට ගියවිට රුසියාව ඇතුලට ඇමෙරිකානු ඩොලර් නෝට්ටුවක් අරගෙන යාමට හැකි වුවහොත් මුදලේ වටිනාකම මෙන් සිය ගුණයක පමණ වටිනාකමට රුසියානු රුබල් කළු වෙළඳ පොලෙන් ලබාගත හැකි වෙයි. ( සෝවියට් රුසියාව බිඳ වැටෙන්නේ 1991 දිය. මේ 1982යි.

එහෙත් ප්‍රශ්නය වරායේ පිටවීම් දොරටුව අසලදී නැවියන් ඩොලර් රජයේ පාලන මිලට රුබල් වලට මාරු කරගත යුතු වීමයි. ඩොලර් කාසි හෝ නෝට්ටු රට ඇතුලට ගෙන යාමට රජයේ නිලධාරින් ඉඩ දී නොමැත.

 

මෙයින් ගැලවීමට සිගරට් පැකට්ටුවේ යට පේලියේ සිගරට් කිහිපයක දුම්කොළ එලියට ගෙන ඒ ඇතුලට රෝල් කරන ලද ඩොලර් නෝට්ටුවක් හංගා ගෙනයාමට නැවියන් පුරුදු විය. එහෙත් ටික කලකින් මේ රහස දැනගත් පරිෂකයන් සිගරට් පැකට් ද ලිහා පරික්ෂා කරන්නට පටන් ගත්හ. අවසානයේ අපට මුණගැසුණු ඒ එක් නැවියෙක් සිගරට්ටුවක දුම්කොළ එලියට ගෙන ඩොලර් සියේ නෝට්ටුවක් රෝලේ කර ඇතුලට දමා එළියේ කෙලවර අඟලක් පමණ නැවත දුම්කොළ වලින් තදට පුරවා පරීක්ෂක අසලටම පැමිණෙන්නට මොහොතකට පෙර සිගරට්ටුව දල්වා ගත්තේය. පරීක්ෂක වරයා කිසිසේත් දැල්වෙන සිගරට්ටුව ඇතුලේ ඩොලර් නෝට්ටුවක් තිබේ යැයි සැක කලේ නැත. අප නැවියා වරායෙන් පිටවූ වහාම සිගරට්ටුව නිමා ඩොලර් නෝට්ටුව බේරා ගත්තේය.

 

 

 ඉන්පසු සිරියාවේ ලටාකියා වරායට හා ලෙබනනයේ බීරූට් වරායට ගොස්, ඉතිරි තේ පෙට්ටි ගොඩ බෑමට අපි පිටත් වුනෙමු.

 

දැන් ඉතාමත් කනගාටුදායක ලෙස යුද්ධයන්ට මැදි වී සිටින සිරියාවේ ලටාකියා වරායේ අප ගතකල කාලයද ඉතාමත් සිත් ගන්නා සුලුය. එම වරාය අසල වානිජ නැව් බොහෝ ගණනක් නැංගුරම්ලා ඇතුලට යාමට බලාගෙන සිටිති. වරාය ඇතුලේ කටයුතු සිදුවන්නේ ඉතාමත් සෙමිනි. නැව් මාස ගණන් නැංගුරම් ප්‍රදේශයේ සිට ඇතුලට යාමට බලා සිටියද දවසකට ඇතුලට ගන්නේ නැවක් හෝ දෙකක් පමණි.

 

එලෙස ඇතුලට ගන්නා නැව් මොනවාදැයි දන්වන ගුවන් විදුලි ප්‍රචාරයක් පොදු VHF සන්නිවේදන චැනලයේ උදේ අටට ප්‍රචාරය වෙයි. නැංගුරම් ප්‍රදේශයේ බොහෝ දිනක් ගතකර වරායට යාමට සෑම දෙනාගේම උනන්දුව දිනෙන් දින වැඩිවන නිසා අද දවසේ වත් ඇතුලට යාමට හැකිවේදැයි අසන්නට නැවේ සියලු දෙනාම පාහේ බ්‍රිජ් එකට පැමිණ මෙම ප්‍රචාරයට කන්දෙති. එදින ලැයිස්තුවට අපේ නැවේ නම නැති වූ විට බලාපොරොත්තු කැඩී ආපසු යති.

 

මෙතැන තිබූ සමහර ඉන්දියානු නැව් වලින් වරායේ ප්‍රචාරය කරන තැනැත්තාගේ අනුකම්පාව උපදවා ගෙන ඇතුලට යාමට නොයෙකුත් ආයාචනාත්මක ඉල්ලීම් කරති.

 

“සර්ර්... අපේ නැව merchant vessel mahaabaarath, දැනට මෙහි පැමිණ දවස් 32 ක් වෙනවා, කරුණාකර අපේ නැව ඇතුලට ගන්නේ කවදාදැයි අපට කියන්නට පුලුවන්ද සර්ර්,“

 

“You are not in the list today, out” යන්න සැමවිටම ලැබෙන පිළිතුර විය. මෙලෙස අපේ නැවේ නම කියවේදැයි බලාපොරොත්තුවෙන් එතන රැස්වී සිටීම හරියට විභාග ප්‍රතිපලයක් හෝ ලොතරැයි දිනුමක ප්‍රතිපලයක් බලාපොරොත්තුවෙන් සිටිනවාක් වැනි විය. මෙලෙස බොහෝ කාලයක් නැංගුරමේ සිටිද්දී අප නාවිකයන්ගේ වඩාත්ම ජනප්‍රිය විහිළුව වූයේ මෙලෙස ‘ලටාකියා පෝට්’ සහ ඉන්දියානු නැව්වල කපිතාන් වරුන්ගේ දෙබස් විය.

 

ලටාකියා වරායට ගියපසු එහි බඩු බෑම කෙරුනේද ඉතා සෙමිනි. එම නගරය පිටතින් පැමිනෙන්නෙකුට මැදපෙරදිග නගරයක් මෙන් නොව සම්පූර්ණයෙන්ම යුරෝපයේ නගරයක් මෙන් හැඟීමක් දුන්නේය. ඇඳුම් පැලඳුම්, හැසිරීම් සහ අනෙක් සෑම පැතිකඩකින්ම යුරෝපීය ලක්ෂණ ගත් එම නගරයෙහි අප ඇවිදින්නට හෝ යමක් මිළදී ගන්නට ගියවිට තරුණ කාන්තාවන් පැමිණ අප ඉංග්‍රීසි කථා කරන්නේදැයි අසා අපත් සමග කථා කරමින් සිටියේ ඔවුනට ඉගෙන ගත් ඉංග්‍රීසි පුරුදු පුහුණු වීමට අවශ්‍ය බව කියමිනි.

 

අප නගරයට ගොස් (නාවික භාෂාවෙන් මෙයට කියන්නේ ලිබර්ට් යනවා කියාය.) ආපසු එනවිට බොහෝ විට වරායෙන් හවසට නැවියනට නගරයේ සිට ආපසු නැව් වලට යාමට යොදා තිබූ පොදු බෝට්ටුව මුහුදට ගොස් තිබුණි. ඉතින් අප කීයක් හෝ වැඩිපුර ගෙවා හෝ බෝට්ටුවක් කුලියට ගෙන යාමට උත්සාහ කලද, ඔවුන් කෙසේවත් එයට කැමති වූයේ නැත. වැඩිපුර මුදලක් හොයා ගන්නට ඔවුනට කිසිම උනන්දුවක් තිබුනේ නැත. ඔවුන් එසේ අපව රැගෙන යැමට පොලඹවා ගැනීමට වරෙක අපි උත්සාහ කරද්දී අප ශ්‍රී ලංකාවේ බව දැනගෙන පොල් ගැන කතා බහක් ඇතිවුනි. ඉන්පසු අප ඔවුන්ට පොල් දෙනවා යැයි පොරොන්දු වූ විට ඉතාමත් කැමැත්තෙන් අප නෞකාව වෙත රැගෙන ආහ.

 

අපි පොල් ගෙඩි කිහිපයක් ඔවුන්ට දුන්නෙමු. ඔවුන් ඒවා ඒ වෙලාවේම බෝට්ටුවේ ගසා පලා ආහාරයට ගත්තේ ඉතා සතුටිනි. අපටද මෙය ලොකු මුදල් ඉතිරියක් විය. ඉන්පසු කොතරම් රෑ බෝවී පැමිණියද ඔවුන් අප දුටුවිටම නෞකාවට රැගෙන ඒමට උත්සුක වූයේ අපෙන් පොල් ලැබෙන නිසාය.   

 

ආපසු ගෙන ඒමට වෙළෙඳ ද්‍රව්‍යය තොග නොතිබුන හෙයින්, අප නෞකාව කොළඹට පැමිණියේ හිස් ගබඩා සහිතවය. ටික දිනකට පසු මම කරෙයිනගර් ආයතනයේ රාජකාරී කිරීමට යාපනය බලා පිටත්වුනෙමි 


                                       l.illangakoon@gmail.com

Thursday, March 18, 2021

2 -competition - 2 second episode

 https://lakshmanillangakoon.blogspot.com/2021/03/competition-short-story.html


“ Here, I brought the sharpened tools, our nilame”. When he said this, his assistant  who came with him, kept down the heap of sickles he carried on his shoulders. “Ok, heen akka – little elder sister, we are planning to harvest hapugaswela paddy fields day after tomorrow, right?” arachchila wanted to confirm dates from  someone inside.

A woman, who was of the same age as kiribanda, little fairer than him, came to the veranda. “ it is not day after tomorrow but two days after tomorrow  Banda. You forgot it this soon?” she turned to Skiner after asking that question.

“loku nilame, then I’ll bring the few hey sticks  tomorrow evening after fixing the handles . There were few in the shed as well.”

“Ok naide, I think it is time to sharpen mammoties too. From the darkened skies these days, it looks like this time’s yala also will not be a bad season for us.” Arachchila smiled happily looking at the western sky.

“Will sudu mahaththaya – white gentleman,  go now our nilame? Nayide, who knew arachchila would not expect a reply for the earlier observation, asked.

“Why? Are you thinking of practicing horse riding until he goes, if he gets late to go?” Arachchila joked.

“What horse riding for us nilame? On the other hand, didn’t we ride horses for last Mihidu perahara, although they were hay ones. This boy likes to see how white master gets on to the horse” nayide had his own joke.

He will take a little longer to go. If he wants to see that, ask him to wait a little.” Arachchila focused again on Skiner after saying this.

“So, how many times did you climb to  the top of Samanala hill? 7, 8 times was it?” he asked Skiner.

“Not 7, 8 times arachchila, 30, 40 times. There were days I climbed the mountain twice. When I started climbing I lost to 17 soldiers out of 30 soldiers of our Malay regiment. In the 10th climb, only our sergeant finished climbing down before me. When I climbed for the fifteenth time, I came back to the foothill two hours before sergeant.” He proudly presented the whole report of his Samanala hill climbing to arachchila.

“Skiner unnahe ( a respectful form of address to a equal), didn’t you take anybody from the village when you climbed  Sri pada?” Asked Kiribanda arachchila. He lit his cigar again which was already half burnt, and was stubbed out, earlier.

listening to the recommendation  of  people who came to do road construction  duties, we took three good climbers and climbed twice.. In both days they climbed down between I and සාජන්. They  couldn’t even get close to me.” He smiled proudly. “Thinking they are losing to me out of respect , I told them I will release them from road duty and give them panam each  as well if they win. But nothing much changed.

“Dark tall guy, climbed in the same speed as me. But when coming down, he was one hour late.”

 “Do you remember how these two guys looked like? One is dark and thin other one is fair, but short, right skinner  unnahe Arachchila asked looking at the faraway sky.


Wednesday, March 17, 2021

competition , a short story

 

Siripa climb

“Do you think by wearing boots, you can run faster?” gileemale kiribanda arachchila ( village headman of village Gilimale) asked with a big smile.

“I’m sure about it, to the extent that I’m sure of the fact that this ‘old tom’ gin bottle prevents us both from getting malaria.” Replied the white man, who looked half the age of arachchila- the village head man, pulling his chair towards arachchila. He was drinking with arachchila, a gin called old tom from a bottle which had a peculiar shape.

Arachchila was seated comfortably in an easy chair, keeping one of his legs on the extended leg holder. He started thinking, looking at the empty bottle kept on the  hand rest of the chair.

“I think that statement is correct for someone who has worn  shoes from childhood. But for someone like me, who’s sole  has hardened so thick ,  because he has   never worn shoes when growing up ,; I think it’s easier to run without shoes” arachchila said with a smile.   

“How old are you now ‘nilame’ ( a respectable term of address only used for upper cast those days )?”Major Skinner asked expecting a long answer. That is because those days, lots of people in Sri Lanka were used to tell their age, referring to some other special incident that took place in that period.

“I’ll be turning 52 on this coming wesak poya day. How about you? Arachchila converted the reply to another question.

“I’m 27, it is like one year added to half of your age” Skinner added a mathematical beauty to the answer.

“I have heard nilame has been the strongest person in this area.” When Skiner ended the sentence, he added a small qualification  “when you were young”, as if he remembered something after making the original statement.

“Who told you?” kiribanda arachchila loosened the hair that was tied in a small bun at the back of his head and tied it up again. Skiner noticed that almost half of arachchila’s hair has turned grey. “It is such a popular story. Even our ‘kandy resident (chief British officer in charge of a province) ’ knows about it.” Major Skiner added  a small joke.

“Don’t you have some more  cigars with you nilame?

“Those cigars I had, sent by Peduruthuduwa’s Chettiyar last month, is over. I kept 4 Jaffna cigars dipped in mud. After keeping that way, if you dry it in shade the result is amazing. They are  as good as Chettiyar’s cigars.” Nilame called a servant and got down 2 cigars. He gave one to Skiner and then lit one for himself.

Skiner kept the cigar close to his nose and smelled it. He kept it once again near his nose and checked. He lit it by a firewood cinder pediya carried. “That’s true nilame, it is more than amazing. It is like you have kept it in a humidator. You can get a patent for the activity of dipping cigar in the mud to improve  quality of the cigar.”

 Arachchila didn’t hear the last part of his sentence. That is because he lost his concentration after seeing a man without any upper wear, climbing up the stone steps and greeting him, bowing down after taking the towel to hand, which was in his shoulders..........

next part tomorrow 

Wednesday, March 3, 2021

බී මහත්මියගේ උරහිසේ අමාරුව ට ප්‍රතිකාර ගැනීම

 බී මහත්මියට වම් උරහිසේ වේදනාවක් නිදා ගන්නට යන විට දැනෙන්නට පටන් ගත්තේය. ක්‍රමයෙන් වර්ධනය වූ මෙම වේදනාව ඇයගේ නින්දට ද බාධාවක් වී මහත් කරදරයක් විය.

දවස් කිහිපයක් ගෙදර තිබුණු උලුක්කු තෙලක් පාවිච්චි කළද එයින් ප්‍රයෝජනයක් නොවුණු හෙයින් මේ පිළිබඳව ප්‍රතිකාර ලබාගත යුත්තේ කුමන වෛද්‍යවරයාගෙන් දැයි දන්නා හඳුනන අයගෙන් සොයා බැලුවාය. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුගේ නම් සාකච්ඡා වුවද, අවසානයේ නිවාසයට වඩාත් කිට්ටු විශේෂඥ වෛද්‍යවරුන් පැමිණෙන පුද්ගලික ආරෝග්‍ය ශාලාවට ඇය දුරකථන ඇමතුමක් දුන්නාය. මේ සම්බන්ධ වෛද්‍යවරුන් කිහිප දෙනකුගේ නම් ආරෝග්‍යශාලාවේ කාන්තාව යෝජනා කළද, උදේ වරුවේ පැමිණෙන වෛද්‍යවරයෙකු හොඳ යැයි සිතුණේ හවස්වරුවේ එම ආරෝග්‍යශාලාවේ වාහන නවතා ගැනීමට තිබෙන අපහසුව නිසාය.

උදේ දහය හමාරට වේලාව ලැබුන හෙයින් ඔවුන් දහයට පමණ ආරෝග්‍ය ශාලා වෙත ගියහ. එම වෛද්‍යවරයාට එදින සිටියේ රෝගීන් දෙදෙනකු පමණක් හෙයින් ඉක්මනින් වෛද්‍යවරයා වෙත යාමට ඇයට හැකි විය. වෛද්‍යවරයා බැලීමට එන රුපියල් 1350ක් ගෙවන්නට සිදු විය .

වෛද්‍යවරයා ඇගේ උරහිස හොඳින් පරීක්ෂාකර ඇයට බොන්නට බෙහෙත් වර්ග කිහිපයක් සහ උරහිසේ ගා පිරිමදින්නට ක්‍රීම් වර්ගයක්ද නියම කළේය. මේ ළඟදී ඇය විසින් එම රෝහලේම සීනි සහ කොලොස්ට්‍රෝල් වැනි පරික්ෂා සියල්ලම කරගෙන තිබුන නිසා ඔහු ඒවා පරික්ෂා කරන්නටද අමතක නොකළේය. ඒවායින් හොඳ ප්‍රතිඵලයක් නොලැබුණහොත් සති දෙකකින් නැවත ඔහු මුණ ගැසෙන ලෙසටද, ඔහු ඇයට දන්වා සිටියේය. ඇය බෙහෙත් මිලට ගෙන ගෙදරට ගොස් ගූගල් එකේ බෙහෙත් නම් වලට පරික්ෂා කළේය. ඒවා වේදනා නාශක සහ  වේදනා නාශක  නිසා සැදුන හැකි ගැස්ට්‍රයිටිස් බෙහෙත් වර්ග සහ anti inflammatory බෙහෙත් වර්ග බව ඇය දැන ගත්තේය.

සති දෙකකට පසු ගුණයක් නොතිබුන නිසා ඇය එම වෛද්‍යවරයා හමුවීමට නැවත රුපියල් 1350 ක් ගෙවා ගියේය. කලින් බෙහෙත් වලින් ගුණයක් ලැබී නොමැති හෙයින් ඔහු ඇයට කීවේ එක්කෝ භෞතික  චිකිත්සක ප්‍රතිකාර හෝ ඉන්ජෙක්සන් එකක් ඇයට ලබා ගත හැකි බවයි. බොහෝ කාන්තාවන් සේ ඇයද ඉන්ජෙක්ෂන් වලට එතරම් ප්‍රිය නොකරන හෙයින් ඇය භෞත චිකිත්සක වෙත යාමට කැමැත්ත පළ කළේය. රුපියල් 1500 ගණනය ගෙවා භෞත චිකිත්සක වෙත දෙවරක් ගියද එයින් කිසිම ගුණයක් ලැබුනේ නැත. 


එහෙත් ඒවායින් ගුණයක් නැති හෙයින් ඇය ඉන්ජෙක්ශන් එක ගසා ගැනීමට එඩිතර තීරණයක් ගත්තේය . ඒ සඳහා වෛද්‍යවරයා වෙත සතියේ වෙනදා සිටින වෙලාවටම ඇය ගියද, එම වෛද්‍යවරයා කොවිඩ් පැතිරීම නිසා දැන් ලෙඩුන් බලන්නේ නොමැති බව ඇයට දැනගන්නට ලැබිණ. එහෙත් ඒ සඳහා වෙනත් වෛද්‍යවරයෙකු සිටින නිසා ඔහු ඇයට ඔහු බැලීමට හැකි බවට රෝහලේ කාර්ය මණ්ඩලය දන්වන ලදී. 


මේ නිසා ඇය රුපියල් 1350 ක් ගෙවා ඒ විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට ගියාය. ඔහුට කලින් විශේෂඥ වෛද්‍යවරයා විසින් ලියා දෙන ලේඛන පෙන්වන ලද්දේ වුවද, ඔහු ඒවා එතරම් ගණන් නොගෙන නැවත වරක් ඇය මුලින් සිට පරික්ෂා කිරීමට අවශ්‍ය බව කියා සිටියේය. ඇය කලින් වෛද්‍යවරයා විසින් ඉන්ජෙක්ෂන් එක ලබාගැනීමට කියන ලදුව ඒ සඳහා පැමිණි බව කියා සිටියද, ඔහු එසේ ඉන්ජෙක්ශන් එක ලබා දීමට කැමති නොවීය.

ඔහු නැවත වරක් ඇයට බෙහෙත් වර්ග කිහිපයක් ලියා දී ඇයට ඉන්ජෙක්ශන් එක ලබාගැනීමට ඊළඟ සතියේ පැමිණෙන බවට දන්වන ලදී. ඇය එම බෙහෙත ගෙදර ගිය පසු ගූගල් එකෙන් පරීක්ෂා කළ විට ඒවා මීට කලින් දුන් බෙහෙත් වර්ග වලටම සමාන ඒවා බව දැක්කාය. ඊළඟ සතියේ ඇය නැවත වරක් රෝහලට ගොස් රුපියල් 2500ක් වෛද්‍යවරයාට  ගෙවා ඉන්ජෙක්ෂන් එක ලබාගත්තාය. ඉන්ජෙක්ෂන් එක ලබාදුන් පසු වෛද්‍යවරයා මීට පෙර ඇය මුණගැසුනු වෛද්‍යවරයා තමාගේ ගුරුවරයෙකු බවත් ඔහු ඉතා

 හොඳ විශේෂඥ වෛද්‍යවරු බවත් ඇයට  පැවසුවේය.


සති දෙකකින් පමණ පසුව ඉන්ජෙක්සන් එකෙනුත් වැඩක් වී නොමැති බව ඈයට වැටහිණ. ඇය මේ පිළිබඳව ඇයගේ ඥාතියෙකු වන විශ්‍රාමලත් metron වරියකට කීවාය. ඇය  බි  මහත්මියට කියා සිටියේ ඇත්තෙන්ම මේ සඳහා දක්ෂතම  විශේෂඥ වෛද්‍යවරයා රෝගීන් පරික්ෂා කරනුයේ හවස වෙනත් රෝහලක බවය. ඇයගෙ නම අසාගත් බී මහත්මිය ගූගල් වෙතින් එම රෝහලේ දුරකථන අංකය ලබාගෙන එයට දුරකථන ඇමතුමක් දුන්නාය. එම වෛද්‍යවරයා ඊළඟ සතියේ දිනයක හවස තුනට පැමිණෙන බවත්, ඇයට අවශ්‍ය නම් අංක 15 ලබාගත හැකි බවත් එහි කාර්ය මණ්ඩලය ඇයට පැවසුහ. ඇය එයට කැමති වී එම රෝහල වෙත ගියාය. තාක්ෂණික අතින් ඉතාම ඉහළ එම රෝහල වෙත හරියටම වෙලාවට වගේ ගිය ඇයට  වෛද්‍යවරයාද පහසුවෙන් මුණ ගැසීමට හැකි විය. 

ඇය මෙලෙස ඇතුළට ගිය පසු බී මහත්මයා වෛද්‍යවරයාගේ කාමරයේ එළියෙ ශාලාවේ ඉඳගෙන අඩු තරමින් විනාඩි දහයකට වත් එන්නේ නැති වෙයි සිතා දුරකථනයෙ ඩේටා ඔන් කරගෙන ෆේස්බුක් එක බලන්නට සිතුවේය. ඔහු data ඔන් කරනවාත් සමගම බී මහත්මිය ආපසු එනවා දැක පුදුමයට පත්විය. රුපියල් 1950 ගෙව්වත් වෛද්‍යවරයා ඇය සඳහා විනාඩියකටත් වඩා අඩු කාලයක් ගත කර ඇති බව දැක ඔහු පුදුමයට පත්විය. ඔහු ඒ පිළිබඳව ඇගෙන් අසා සිටි විට ඇය කීවේ වෛද්‍යවරයා ඇයගෙන් ඇයට සීනි තිබෙනවා දැයි ඇසූ බවත්, ඇය නැති බව කී විට පරීක්ෂණයක් කරන්නට නියම කර බෙහෙත් වර්ග කිහිපයක්ද දී පරීක්ෂණයේ ප්‍රතිඵල රැගෙන සති දෙකකින් නැවත එන ලෙස ඇයට දැන් වූ බවය. ඔවුන් රුපියල් 1500ක් දී මගින් බෙහෙත් ද අරගෙන නිවසට පැමිණ එම බෙහෙත් ගූගල් එකේ පරික්ෂා කර බැලූහ. ඒවත් පෙර වෛද්‍යවරුන්ම නියම කළ බෙහෙත් බව ඔවුන් දැනගත්හ. එසේම වෛද්‍යවරයාට නියම කරන ලද පරීක්ෂණය සීනි සඳහා පරීක්ෂණවල බවත් දැක ඔවුන් දෙදෙනාම මහත් පුදුමයට පත් වූහ. නැවත සති දෙකකින් නැවත රුපියල් 1950 ක් ගෙවා මේ සීනි පරීක්ෂණය ප්‍රතිඵල ඔහුට පෙන්විය යුතුය.

සමහරවිට ඇයට සීනි නොමැති බව දුටු විට කොලෙස්ටරෝල් පරීක්ෂණයක් කරන්නට ලබාදෙන්නට ද පුළුවන. එය රැගෙන ගොස් පෙන්නන්නට නැවතත් රුපියල් 1950 ගෙවිය යුතු වෙයි. 

දැන් ඇය මින් පසු කුමක් කරන්නේදැයි දස අතේ කල්පනා කරමින් සිටී යි.

Monday, March 1, 2021

මගේ චිත්‍රපට වංශ කතාව 2

 



දර්ශනය පටන් ගැනීමට ටික වේලාවකට පෙර මෙම හිරගෙදර වැනි ගැලරි පෝලිමේ යකඩ ගේට්ටුව නම්චිත්‍රපට ශාලාවේ කාර්ය මණ්ඩලයෙන් වසා දමනු ලැබෙයි. ඉන්පසු ග්‍රීස්ම කාලයේ නම් පැය බාගයක් පමණ මේක ඇතුලේ තැම්බෙමින් සිට ගැලරිය ඇතුලට ටිකට් එකක් අරගෙන යා යුතු වෙයි. චිත්‍රපටය දර්ශනය කරන්නට පටන්ගෙන සති දෙක තුනක් ඉවසන්නට පුළුවන්නම් මෙතරම් දුක් විඳින්නට අවශ්‍ය නැත. නමුත් එකල ජනප්‍රිය බොහෝ කාලයක් බොහෝ ආශාවෙන් බලාපොරොත්තුවෙන් සිටින චිත්‍රපටයක first day first show බලනවා කියන්නේ ලොකු වැඩකි.

මහනුවර odiyen චිත්‍රපට ශාලාව, දැන් ඒ ශාලාව තිබුන තැන තිබෙන්නේ grand kandyan හෝටලයයි, ලංකාවේ තිබුණ මනරම්ම පරිසරයක පිහිටා තිබුණු චිත්‍රපට ශාලාවක් වන්නට පුළුවන. එය උඩවත්ත කැලේ පිහිටි කන්දේ එක් කෙළවරක සාදා තිබුණු අතර, එහි බීම හලේට ගිය විට අස්ගිරිය ක්‍රීඩාපිටිය දෙසට මුහුණ දෙන පැත්ත සම්පූර්ණයෙන්ම විශාල වීදුරුවක් සවි කර තිබුණි. එහි සිට අස්ගිරියේ එකල තිබුණු අන්තර්ජාතික ටෙස්ට් තරඟ පවා නරඹන්නට පුලුවන් කමද තිබුණි. 

පසු කලෙක මෙහි සිටි කළමනාකාරවරයා මගේ මිතුරකු වූ අතර, ඉඳහිට ඔහු බලන්නට මිතුරන් සමග මම ගියෙමි. සගාදේවන් නම් වූ එම මිතුරා යාපනයේ කෙනකු වූ අතර, පවුල සමඟ ජීවත් වූයේ ද චිත්‍රපට ශාලාවේ තිබූ කළමනාකරුගේ රාජකාරි නිවස තුළය. 

ඕඩියන් සිනමාහලේ කතාව අවසන් කරන්නට පෙර ඒ පිළිබඳව මට තවත් විශේෂ දෙයක් සිහියට පැමිණෙයි. ඒ ඩ්‍රැකියුලා චිත්‍රපට පෙන්වූ කාලය පිළිබඳවය.  ඒ අවුරුදු කිහිපය තුළ ඩ්‍රැකියුලා චිත්‍රපට කිහිපයක් පෙන්වන ලදී. දැන් ඒ චිත්‍රපටවලින් තවමත් මතක තිබෙන්නේ ඩ්‍රැකියුලා චරිතයට මනාව පණ දුන් කොණ්ඩය පස්සට පීරා  ගෙන සිටී christopher lee  නලුවා පමණකි . නමුත් මේ චිත්‍රපට වල  තිබුන භයංකාර ස්වභාවය නිසා රාත්‍රී දර්ශන වලට එතරම් නරඹන්නන් පැමිණියේ නැත. සමහර විට අනෙක් දර්ශන වලටත් එතර නරඹන්නන් පැමිණියේ නැති නිසා චිත්‍රපට ශාලාවේ කළමනාකාරිත්වය මේ පිළිබඳව යම් ගරිල්ලා මාකටින් ක්‍රමයක් උත්සාහ කර බැලුවේය. 

.

ඒ dracula චිත්‍රපටයක් රාත්‍රී 9:30 දර්ශනය නැරඹීමෙන් පසු ඔවුන් udawathta කැලෙ මැද ගසා තිබෙන ඩ්‍රැකියූලා ගේ රූපය සහිත කොඩියක් තනියම එතනට ගොස් ගලවාගෙන ආපසු රැගෙන පැමිණ චිත්‍රපට ශාලාවට භාර දුන්න හොත්, රුපියල් පන්සීයක ත්‍යාගයක් එම පුද්ගලයාට ලබාදෙන බව ප්‍රචාරය කිරීමයි. 

මේ පිළිබඳව ලොකු කතාවක් නගරයේ ඇති වුවද, මෙම එඩිතර ක්‍රියාව කරන්නට කවුරුත් ඉදිරිපත් වුණේද යන්න මට දැනගන්නට ලැබුණේ නැත. count dracula නැගෙනහිර යුරෝපයේ යම් රටක ප්‍රාදේශීය නායකයකු බවත් ඔහු ඔටෝමාන් අධිරාජ්‍යයෙ ආක්‍රමණයට විරුද්ධව බොහෝ සටන් කළ එඩිතර පුද්ගලයෙකු බවත් මම අසා ඇත්තෙමි. 
 සමහරවිට ඇත්තටම ඒ කාලෙ සාමාන්‍ය රහස්‍ය පාලකයෙකු ලෙස ඔහුටද ඔහුගේම කියා කොඩියක් තිබෙන්නටත් හැකියාවක් තිබිණ.



ජපානෙත් එහෙමද