Friday, June 9, 2023

කොටි පොල්ලේ කතා




ඊයෙ මම netfix එකේ arnold නැමැති සීරීස් එකේ පලවෙනි එපිසෝඩ් එක බැලුවෙමි. එහි අවසන් හරිය නරඹද්දී මට බොහෝ කලකට පෙර ඔහු සම්බන්ධයෙන් සිදු වූ අපූරු සිද්ධියක් මතක් විය. 
 අසූ ගණන්වල මම අණභාර නිලධාරී වශයෙන් A 524 නැමැති නාවික හමුදාවට ඒ දවස්වල මිලදීගත් විශාල පැරණි වෙළඳ නෞකාවක සේවය කළෙමි. 
ඒ නෞකා වර්ගයෙන් නැව් තුනක් නාවික හමුදාව මිලදී ගෙන තිබුණු අතර ඒවායින් එකක වෙළඳ නෞකාව කාලයේ නම කොටා රුකුන් යනුවෙන් තිබී ඇති බවත් මට මතකය. 

මෙම නෞකාවන් මිලදී ගත්තේ කොටි පොල්ල නැමැති ්‍රස්තවාදීන්ගේ බෝට්ටු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීම වළක්වන්නට සැලසුම් කළ ්‍රියාදාමයක් සඳහා ය. එම ක්‍රියාදාමයේ මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස, සේවයේ යෙදවීමට ය. එම නෞකා වල සිට ඉන්දියානු වෙරළේ ිට ලංකාව බලා ත්‍රස්තවාදීන් සහ උපකරණ රැගෙන එන බෝට්ටු පැමිණීම වැළැක්වීම සඳහා යොදවා තිබූ කුඩා බෝට්ටු මෙහෙයවන ලද්දේ ය.

මෙම නෞකා බොහෝ කාලයක් මහ මුහුදේ නැංගුරම් දා තිබුණු අතර, අපිට ගොඩ යන්නට ලැබුණේ කලකට වරක් නිවාඩු යන අවස්ථාවේ පමණි.

මෙම නෞකාවේ නොයෙකුත් වර්ගයේ නාවික පුද්ගලයන් සිටි අතර ාවික හමුදාවෙන් බොහෝ කලකට පෙර විශ්‍රාම ගොස් සිටි නාවික පුද්ගලයන්  යුද්ධය නිසා නාවිකයන් අඩුකමට සේවාවට කැඳවා සිටි නිලධාරීන් සහ නාවිකයන් ද විය. මේ අතර රාජකීය නාවික හමුදාවේ කලකට පෙර සේවය කර විශ්‍රාම ගත් නාවික පුද්ගලයන් ද වූහ. ඔවුන් සමග සතුටු සාමීචියේ සිටිද්දි පැරණි නාවික හමුදාව ගැන බොහෝ සිත්ගන්නාසුලු කතා අහන්නට ලැබීමත් මනරම් අත්දැකීමක් විය. 

මේවායේ සිට නිවාඩු යද්දී එම ගමන ද සුවිශේෂී අත්දැකීමක් ගෙන දුන්නේය. නිවාඩු යන අපව නැවේ සිට ගෙනයන්නට පැමිණෙන්නේ එකල kareinagar නාවික කඳවුරෙන් එන LPB වර්ගයේ බෝට්ටුවකි. මුහුද රළු දිනවල එම බෝට්ටුවට නැවේ යාබදව පැමිනෙන්නට නොහැකි වන විට මේ ගමන තවත් දුෂ්කර වෙයි. ගමන්මල්ල ලණුවකින් එම බෝට්ටුව වෙත යවා නැවෙන් මුහුදට පැන බෝට්ටුව වෙත පිහිනා ගොස් නගින්නට සිදු වූ අවස්ථාවක් ද මට මතකය. එලෙස මුරසංචාර බෝට්ටුවට ගොඩ වන අපි කරේ නගර වලට ගොස් එතැනින් කන්කසන්තුරේ වෙත අප රැගෙන යන බෝට්ටුවේ කන්කසන්තුරේ වෙත ගියෙමු. එතැන් සිට යුද්ධ හමුදාවේ APC වල පලාලි වෙත ගොස් එහි සිට  ගුවනින් රත්මලානට ගියෙමු. 

මම කියන්නට සිත් වූ කතාව සිදුවූයේ මේ නැවේ සේවය කරද්දී ය. නැවේ සේවය කළ ්‍රධාන සුළු නිලධාරිවරයෙකු සමඟ කතා කරමින් සිටියෙමි. ඔහු බොහෝ උනන්දුවෙන් ායවර්ධන ක්‍රීඩාවේ යෙදෙන කෙනෙකු විය. සාමාන්‍යයෙන් කාය වර්ධනය කරන පුද්ගලයෙකු සමග කතාවට වැටුනොත් කතාව ඉවරවෙන්නේ කායවර්ධනය සම්බන්ධ මාතෘකාවකින් බව අප සියල්ලෝම දන්නෙමු.

එලෙස මම ඔහු සමග කතා කරමින් සිටිය දී ඔහු නාවික හමුදාවේ සිටින ඔහුට වඩා පිරිපුන් සිරුරක් ඇති කායවර්ධන ක්‍රීඩකයෙකු ගැන කියන්නට පටන් ගත්තේය. 
ඔහු මෙසේ කතාව අවසන් කල පසු කල ඉතා ජනප්‍රියව සිටි ආනෝල්ඩ් ශ්වසනෙගර් පිළිබඳව මතක් වී, 

" චීෆ් කොහොමද,  arnold schwarzenegger ගේ ඇඟ" මම ඇසුවෙමි
එක්වරම ඔහුගේ ඇස් දිලිසෙන්නට විය. සමහරවිට කඳුළක් දෙකක් ඇස් වලට ආවාදැයි මට සැක සිතුනි.

" ඒක සර් ඇඟක් නෙවෙයි......" ඔහු වචනයක් සොයමින් කල්පනා කළේය. "......... ඒක රන් කඳක්" 

1 comment:

  1. ආනෝල්ඩ් ස්වැසනගර් හා සිල්වෙස්ටර් ස්ටැලෝන්.. ඒ කාලේ අපේ හීන. :)

    ReplyDelete

Ecery tree has a history

 Few years back a classmate of mine, who settled down in Germany an year or two after our  advanced levels, visited me at home with another ...