Sunday, November 26, 2023

රජකාලේ කාන්තාවන් ට දඬුවම් ලබා දීම

මම මේ දිනවල නැවත වරක් ෛද්‍ය හෙන්රි මාර්ෂල් ගේ ලංකාව පිළිබඳ පොත කියවමින් සිටිමි. 

ඒ පොතෙහි මහනුවර යුගයේ නොයෙකුත් දඬුවම් පිළිබඳව අපූරු කතාවක් කියවන්නට ලැබී  එය share කරන්නට  සිතුවෙමි.


එකල දරුණුම අපරාධයකට කාන්තාවකට දුන් දඬුවම දියේ ගිල්වා මැරීමයි. මෙය අපට අමුතු දඬුවමක් සේ පෙනුනද ස්කොට්ලන්තයේ ද එකල මෙම දඬුවම තිබුණු බව හෙන්රි මාර්ෂල් කියයි.


එහෙත් මෙයටත් වඩා දරුණු දඬුවමක් කාන්තාවන්ට ලබාදුන් බව කියනු ලැබේ. ඒ වැරදිකරුවන් වූ චූදිතයන් රොඩී ගමකට දූෂණයට ලක් කිරීමට යැවීමයි. 


ඇහැලේපොළ, රජුට විරුද්ධව කැරලි ගසා ුහුදුබඩ ඉංග්‍රීසීන් වෙතට ගිය පසු ඔහු සමඟ ගිය ඔහුගේ දෝලාව ඔසවාගෙන යන්නන්ගේ පවුල් වල කාන්තාවන් ; බිරියන් සහ දියණියන් , මෙලෙස සබරගමුවේ රොඩී ගමක් වෙත යැවීමට රාජසිංහ රජු නියම කළේය.


මෙම දඬුවම ක්‍රියාත්මක කිරීමට පිළියෙල කරන අවස්ථාවේ රොඩී ගම්වල ප්‍රධානීන් ඔවුනට එම දඬුවම ලබා දීම ප්‍රතික්ෂේප කළහ. 


ඔවුන් එයට හේතුව ලෙස දක්වා සිටියේ ඔවුන් එම දඬුවම ලබා දෙනවා නම් ලබාදෙන්නේ දෝලා ඔසවාගෙන යන්නන්ගේ කුලයට වඩා ඉහළ කුලයන්ගේ කාන්තාවන්ට පමණක් බවය.


සමහරවිට ඔවුන් එම හේතුව පෙන්වා දඬුවම් කිරීම ප්‍රතික්ෂේප කළේ  ඇත්තෙන්ම ඇහැලේපොළ , සබරගමුවේ ජනප්‍රිය පුද්ගලයෙකුව සිටි නිසා රාජ උදහස නොලබා , ඔහුට උදව් කිරීමට ද යන සැකයද මතුවේ.

Saturday, November 18, 2023

කෝච්චියේ සිටි රාජේශ් ඛන්නා

 



අප දහ දෙනකුගෙන් පමණ යුත් නිලධාරීන් කණ්ඩායමක් වසරක පමණ තාක්ෂණික පුහුණුවක් සඳහා 1980 වර්ෂයේ ඉන්දියාවට ගියෙමු. 


අප කණ්ඩායමට අමතරව එම පාඨමාලාවේ නයිජීරියානු ටැන්සානියානු  සහ මුරුසියස් නිලධාරීන් කිහිප දෙනකු ද සිටියහ.


ඒ දිනවල අප ඉන්දියාවට යද්දි ලංකාව ඉන්දියාවට වඩා තාක්ෂණය අතින් බොහෝ ඉදිරියෙන් සිටිය බව කිව යුතුය. ලංකාවේ එකල වර්ණ රූපවාහිනී තිබුණු අතර ඉන්දියාවේ තිබුණේ කළු සුදු රූපවාහිනිය පමණි. 


ලංකාව විවෘත ආර්ථිකය පටන් ගැනීම සහ ඉන්දියාවේ සංවෘත ආර්ථිකය තව දුරටත් පවත්වා ගැනීම නිසා මේ තත්ත්වය ඇතිව තිබූ අතර මේ පිළිබඳව ඉන්දියාවේද ොකු උනන්දුවක් එසේම ප්‍රසිද්ධියක් ඇති වී තිබුණි. ඉන්දියාවේ එකල ආණ්ඩු කිරීම licensing Raj එකක් බව රටේ ාස්‍යයට මෙන් කියූ බව මට මතක් වෙයි. 


සමහරවිට ඉන්දියාව ද විවෘත ආර්ථිකයට යන්නට ඇත්තේ අප එක්වරම අළු ගසා දමා නැගිට ආකාරය දුටු පසු වෙන්නටත් පුළුවන.


අප  ඉන්දියාවේ මෙලෙස ඉගෙන ගනිද්දි ඉන්දියාවේ නොයෙකුත් ප්‍රාන්ත වලට ගමන් කිරීමට හැකියාව ලැබුණි. ඒ නොයෙකුත් ක්ෂේත්‍රවල පාසැල් පිහිටා තිබුණේ ිවිධ ප්‍රාන්තයන්හි නිසාය. අප වැඩි කලක් ම සිටියේ කේරලයේ අරුණා කුලම සහ කොච්චි දූපත ආශ්‍රිතව වුවත්, රට හැම තැනම වාගේ නොයෙකුත් නගරවලට පාසැල් මාරු වෙන විට යාමට හැකියාව ලැබුණි. 

රට ඇතුළේ ගමන් සියල්ල දුම්රියෙන් කෙරුණු අතර දවස් ගණන් දුම්රියවල ගමන් කරන්නට ලැබුණි.


අපට රජයෙන් පලවෙනි පන්තියේ දුම්රිය ප්‍රවේශපත්‍ර ලැබුණු අතර, එකල ඉන්දියාවේ දුම්රියේ පලවෙනි පන්තිය පාවිච්චි කළේ බොහෝම ටික දෙනෙකි. නළුවන් දේශපාලඥයන් වැනි ධනවත් බලවත් පුද්ගලයන් මේ අතර වූහ.


වරෙක අපි මෙලෙස දීර්ඝ ගමනක් යද්දී, අපගේ දුම්රිය ් ප්‍රධාන දුම්රිය ස්ථානයක රාත්‍රී කාලයේ නැවතීමකට පැමිණියේය. අපි එලෙස දුම්රිය ඉඳහිට නැවැත් වූ විට කෝපි එකක් ඛී සිගරට් එකක් බොන්නට දුම්රිය වේදිකාවට පැමිනෙන්නට පුරුදුව සිටියෙමු. මෙම දුම්රිය ස්ථානයේ දී මෙලෙස එළියට එන විට තුන් හාරසීයක පිරිසක් අපට පෙති දෙකක් එහායින් පෙට්ටියක අසල පිරි පොරකන අයුරු අපට දක්නට ලැබුණි.


මේ පිළිබඳව සොයා බැලීමේදී සෙනඟ එතන පිරී ඇත්තේ ඒ පෙට්ටියෙ ්‍රසිද්ධ නළුවෙකු සිටින බව දැනගෙන බව අපිට දැනගන්නට ලැබුණි. අපි ටිකක් එදෙස බලා සිටින විට අපේ කෙනෙකුට හොඳ අදහසක් පහළ වුණි. 


අපි ඒ අදහස වහාම ක්‍රියාත්මක කළෙමු. ඒ නළුවාගේ නම මට හරියට දැන් මතක නැතත් එහි අගට babu කියා තිබුණු බව මතකය. අපේ දෙදෙනෙකු ඒ සෙනග ලඟට ගොස් දන්න දෙමළෙන් මෙසේ කියමින් අප සිටි පෙට්ටිය පෙන්වූහ.


" අඩේ, ......... බාබු එන්න ඩා, අංගෙ රාජේශ් කන්නා, ඉර්කා " 


එක්වරම දර්ශනය සම්පූර්ණයෙන්ම වෙනස් විය. එතන මුලින් සිටි සෙනගත් තවත් අලුත් පිරිසුත් අපේ පෙට්ටිය ළඟ පිරෙන්නට පටන් ගත්හ. අප ඔවුනට ඇතුළට එන්නට ඉඩ නොදී සිටියත් ටික වේලාවකින් ඔවුන් පාලනය කර ගැනීමටත් නොහැකි තත්ත්වයක් ඇති විය.


පසුව එතැන සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා අපේ පෙට්ටියට ආරක්ෂාව සැපයූනු අතර ටික වේලාවකින් එම පිරිස ඈත්කර තැබීමට පොලිස් නිලධාරීන් සමත් වූහ. 


අවසානයේ දුම්රිය පිටත් වීමට විනාඩියකට දෙකකට පෙර එතැන සිටි පොලිස් නිලධාරියෙකු මා වෙත පැමිණියේය. 


" කෝච්චිය යන්න ඉස්සර මට පොඩ්ඩක් ඔලුව ඇතුලට දාල රාජේශ් ඛන්නා බලන්න පුලුවන්ද" ඔහු මගෙන් ඇසුවේය.

 

Friday, November 17, 2023

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු පිළිබඳ මතකයන්

 




පෙරේදා අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු හිටපු නාවුක හමුදාපතිවරයා ජාතිය වෙනුවෙන් ජීවිතය පුද කර අවුරුදු තිස් එකක් ගත විය. 


මම ඔහු සමග බොහෝ තැන්හි සේවය කර ඇත්තෙමි. ලංකා කාන්ති වළඳ නෞකාව, කරේ නගර් හි ්‍රී ලංකා නාවික නෞකා 'එළාර' කදවුර , ත්‍රීකුණාමලේ නැගෙනහිර නාවික විධානය හ නාවික හමුදා මූලස්ථානය එයින් ප්‍රධාන වෙයි.


ඔහු ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූයේ ය.  එයින් ටෙනිස් ප්‍රධාන විය. ටෙනිස් කෝට් නොමැති කඳවුරු වල සේවය කරද්දී වෙනත් සමාන ක්‍රීඩාවක යෙදුණේය.


අපි ලංකා කාන්ති සිටියදී මේස පන්දු ක්‍රීඩාවේ යෙදුනෙමු. කරේ නගර සිටියදී පැඩ්ල් ටෙනිස් ක්‍රීඩාවේ  යෙදුනෙමු. Pedal tennis  ්‍රීඩාව මා දැක ඇත්තේ ද කරේ නගර හිදි පමණි. එකල ලංකාවේ මේ හැරෙන්නට තවත් pedal tennisකෝට් එකක් ඇත්තේ ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයේ පමණක් බව කියනවා මට ඇසී තිබේ. එකල සමහර නිවාඩු දිනවලට  හොඳට ගැළපෙන විරුද්ධවාදීන් කණ්ඩායමක් හමුවුණොත්, මෙම ක්‍රීඩාව බියර් බෝතල් ඔට්ටුවට දමාද ක්‍රීඩා කළෙමු.


මම නැගෙනහිර විධානයට අයත්ව තිබූ කන්ඩුල නැමැති amphibious නෞකාවක අණදෙන නිලධාරියා වශයෙන් 89 සහ 90 වසරවල සේවය කලෙමි.


ඒ කාලේ tennis නැගෙනහිර විධානයේ නිලධාරීන් අතර දරුණු රෝගයක් මෙන් පැතිර තිබුණි. හතරදෙනෙකු ක්‍රීඩා කරන විට තවත් හත් අට දෙනෙකු කෝට් එකේ බංකුව මත වාඩි වී තමන්ට අවස්ථාවක් එනතුරු බලා සිටියහ.


සාමාන්‍යයෙන් ආඥාපතිවරයා කරන ක්‍රීඩාව එම විධානය වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන බවට එකල පොඩි විහිළු කතාවකුත් තිබුණි.


මමත් හැකි සෑම වේලාවකම ෙනිස් ක්‍රීඩාව යෙදුණු අතර අප විධානයේ ටෙනිස් ක්‍රීඩකයන් අතර දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනීමක් තිබුණි.


එක් වසරක විධාන ටෙනිස් තරගාවලිය පැවැත්වීමට අයදුම්පත් කැඳවන විට මම නෞකාවේ යම් රාජකාරියකට යාපනයට ගොස් සිටියෙමි. අප සමග ඉතා උනන්දුවෙන් ටෙනිස් ක්‍රීඩා කළ තවත් ක්‍රීඩකයෙකු වූ වෛද්‍ය නිකෝ ජයසේකර මම එහි සිටියදී මෙවර වාර්ෂික විධාන ටෙනිස් තරඟයේ double event එකට ඔහුගේ partner ලෙස ක්‍රීඩා කිරීමට කැමැත්තේ දැයි මගෙන් විමසා සිටියේය.


වාර්ෂික තරගයට පෙර මට ආපසු යාමට හැකියාව තිබේ දැයි පරික්ෂා කර මම එයට කැමති වුණෙමි. ඔහු මෙසේ තරඟය සඳහා මගෙන් විමසා සිටියේ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු, ඔහුට තමාගේ පාට්නර් ලෙස ක්‍රීඩා කිරීමට ආරාධනය කළ පසුව යයි මට පසුව දැනගන්නට ලැබුණි.


අද්මිරාල්වරයා ඔහුගේ partners ලෙස සිරිපරම් නැවත නිලධාරියෙකු තෝරාගෙන තිබුණි. ඔහු ඩී එස් සේනානායක විදුහලේ ඉගෙන ගත්  දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අතර ටෙනිස් ක්‍රීඩාවේ එතරම් දීර්ඝ පළපුරුද්දක් තිබුණේ නැත.


අවසාන තරගය පැවැත්වුණේ අප අතරය. තරඟයේ හිතා ගන්නටත් බැරි තරම් දක්ෂ ලෙස ක්‍රිඩා කළ අද්මිරාල්වරයා සහ එකල ලුතිණන් වරයෙකු වූ සිරිපරම් අපට හිතා ගන්නටත් බැරි ලෙස අප පැරැද්දවූහ. 


මට ඒම තරඟයේ අවසානය තවමත් මතක තිබේ. අද්මිරාල් clancy ඔහුගේ රැකට් එක ඔසවා we beat  the champions යනුවෙන් අපට කොචොක් කරමින් සිනාසුනේය.







Wednesday, November 15, 2023

චන්ද ඔට්ටු

 බද්දේගම සිටින වැවිලිකරුවකු වන ආනන්ද ලැනරෝල් මහතා මගේ හොඳ මිතුරෙකි. ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ europa ඉතිහාසය පිළිබඳව ඔහු ඇවිදින විකිපීඩියා එකක් බඳුය.


සතියකට වරක් දෙවරක් අපි දෙදෙනා බොහෝ දේවල් ගැන කතා කරන්නේමු. එහිදී මාතෘකාවන් නොයෙක් අතට විහිදී යන අතර සෑම දිනකම වාගේ කතා කරන විට ඔහුගේ මාතෘකාවන් අතර එක් විශේෂම මැක්කෙකු වෙයි. ඒ ලංකාවේ අපරාධ සඳහා මරණ දඬුවම දීම නොකර සිටීම පිළිබඳවයි. ඔහු සැම විටම කියන්නේ මරණ දඬුවම වහාම ක්‍රියාත්මක කළ යුතු බවය.


අද අපර භාගයේ අප ටික වෙලාවක් කතා කරමින් සිටියෙමු. එහිදී අප වැඩිපුර කථා කරමින් සිටියේ ඊලඟ ඡන්දයේදී කවරෙකු ජයග්‍රහණය ලබාගැනීමට වඩා ඉඩකඩ තිබේද යන්නයි.


අප දෙදෙනා මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදී ඔහු මීට පෙර ඡන්දවල ඔහු ගේ අනාවැකි බොහෝ විට සත්‍ය වූ බව කියා සිටී අතර ඒ සඳහා පොඩි උදාහරණ දෙක තුනකුත් කීවේය.


පලවෙනි එක දෙදාස් පහ මැතිවරණයෙ රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ජනාධිපති ඡන්දය ඉල්ලා සිටි අවස්ථාවයි. ඒ ඡන්දයට මාසයකට පෙර සිරගත වී සිටි එස් බී දිසානායක බැලීම සඳහා ආනන්ද මහ රෝහලේ මර්චන්ට් වාට්ටුව වෙත ගොස් ඇත. ඔහුට එහිදී එස්බී බැලීමට පැමිණ සිටි බන්දුල ගුණවර්ධනද මුණගැසුණි. 


ඔවුන් මේ වන විට ඉදිරියේදී පැවැත්වෙන නාධිපති ඡන්දයෙන් කුමන ප්‍රතිඵලයක් ලැබේදැයි කතා කරමින් සිට ඇත. ආනන්ද දුටු SB  "මෙන්න හොඳ අනාවැකියක් කියන්න පුළුවන් කෙනෙක් ලැනරෝල් මහත්තයා මොකද කියන්නේ ඡන්දයේ ප්‍රතිඵල ගැන" යනුවෙන් පවසා ඇත.


ඒ ඇසූ ආනන්ද පවසා ඇත්තේ ඊළඟ මාසයේ ඡන්දයෙන් නිල් වික්‍රමසිංහ ඡන්ද ලක්ෂ 48ක් පමණ ද මහින්ද රාජපක්ෂ ඡන්ද ලක්ෂ හතළිස් හයක් පමණ ද ලබා ගනු ඇති බව ය.


"දෙමළ ඡන්ද ඔබ දැම්මේ කාගේ ගොඩටද?"

එස්බී ආනන්ද ගෙන් අසා සිටියේය.


"රනිල් වික්‍රමසිංහගේ ගොඩට", ආනන්ද පවසා සිටියේය.


"මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා" එස්බී කීවේය. 


"ප්‍රභාකරන්ට අවශ්‍ය මහින්ද දිනවන්න මොකද මහින්ද වටේ තමයි හෙළ උරුමය ජනතා විමුක්ති පෙරමුණ වගේ ජාතිවාදී පක්ෂ එකතු වෙලා ඉන්නේ, එතකොට යුද්දෙ අන්තිමට පෙනෙන්නේ සිංහල දෙමළ යුද්ධයක් විදිහට, ඒක  තමයි ප්‍රභාකරන්ට අවශ්‍ය" SB එකතු කළේය.


ආනන්ද ගෙදර යන ගමනුත් රියදුරා සමග එස් බීට බැන්නේය. 


ඔහු දකුණේ තවත් දේශපාලන කණ්ඩායමක් සමග මේ ඡන්දය පිළිබඳව ලක්ෂ 25ක ඔට්ටුවක් ද දැම්මේය. ඔහු කිව්වේ රනිල් දිනන බවයි. 

ඔහුට එම ඔට්ටුව දැමීමට සිදුවූයේ ‍රසිද්ධියේ යම් තැනක ඔහු රනිල් දිනන බවට ඔට්ටුවක් දැමීමට ද තමන් කැමැති බව ප්‍රකාශ කර සිටි නිසාය.


ඔහුගේ ඔට්ටු සගයන් ලක්ෂ 25 ක් රැගෙන ඡන්දයට දවස් දෙකකට පෙර ඔහුගේ නිවසට පැමිණියහ. ඔවුන් එකතු වී ඔහු දන්නා අඳුනන නීතිඥයකු ළඟට ගියේය. 

ටික වේලාවක් නීතීඥයන් සමඟ කතා කරමින් සිටී එම පිරිස ඔවුන්ට නීතිඥයා ලඟ අත්සන් කිරීමට ගිවිසුම් ගැසීමට අවශ්‍ය නැති බව පවසා ඔවුන් ගෙනාපු ලක්ෂ 25 ආනන්දට දී අනිද්දා 12ට ඔවුන්; ඒ කියන්නේ ඡන්දයෙන් පසු දාට, ඔහුගේ නිවසට පැමිණ ඔට්ටුව නිරාකරණය කරගැනීමට කැමැති බව පවසා ආපසු ගියහ.


ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පැරදිණි. පසුදින 12ට ආනන්දගේ නිවසට පැමිණි ඔට්ටුව දැමූ පිරිස ඔවුන්ගේ රුපියල් ලක්ෂ 25 ද ආනන්දගේ ලක්ෂ 25 ද එකතු කරගෙන ගියහ. 

ඊළඟ episode එකේ ඔහු මීටත් වඩා ඡන්ද ඔට්ටුවක් දිනපු කතාව



Tuesday, November 14, 2023

කාර් එකේ රිමෝට් එක රෙපයාර් කිරීම

 මගේ වාහනයේ රිමෝට් කොන්ට්‍රෝල් යතුරේ බැටරිය බැසී ගෙන එන බව ට පණිවිඩයක් වාහනයේ නිතරම වැටෙන්නට පටන් ගත්තේය. 


ගෙදර අමතර බැටරියක් තිබුන නිසා අලුත් බැටරිය දමන්නට යතුර ගැලවීමේදී මගේ  අතින් එහි යට තිබූ යම් spring එකක් වැනි කෑල්ලත් එළියට පැන්නේය.


එය කොයි ආකාරයෙන් තිබුණේද යන්න නොදන්න නිසා කිහිප වතාවක් ආපසු සවි කරන්නට උත්සාහ කළ ද කරගත නොහැකි විය. හරියට සවිවුනු බව දෙවරක් පෙනුම නමුදු වාහනය start කිරීමට එයින් නොහැකි විය.


මීට පෙර යාළුවෙකු විසින් කියා තිබූ පරිදි කටුගස්තොට කිට්ටුව මෙම යතුරු අලුත් වැඩියා කරන කෙනෙකු සිටින බව දැන සිටි නිසා මිතුරෙකුත් සමග ඔහුගේ කාර් එකෙන් එතැනට ගියෙමි.


හරියට තැන හොයා ගැනීමට ටිකක් කරදර වූ නමුත් අවසානයේ තැන සොයා ගත්තද එය වසා තිබුණි. මේ උදය 10:30 ට පමණය. එතන ළඟ තිබූ කඩේක මුදලාලි කෙනකුගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු කීවේ ඒ කඩේ එළියෙ ලොකුවට ලියා තිබෙන ටෙලිෆෝන් නම්බරයට ඇමතුමක් දුන්නොත් ඔහු පැමිණීමට ඉඩ තිබෙන බව ය.


ඇමතීමත් දුන්නෙමි. දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බව පෙනේ. කිහිප වරක් ඇමතීම් දීමෙනුත් වැඩක් නොමැති නිසා, තවත් මිතුරෙකු කියූ Anthony's convent එක ඉස්සරහ බැටරි කඩයකට ගියෙමු. හොඳින් නොයෙකුත් වර්ග වල බඩු තිබුණු එම කඩේ සිටි තරුණයා මගේ වැඩේ කියූ විට ඔහු ඒවා ගැන නොදන්නා බවත් බොස් පැමිණි පසු නම් කර දිය හැකි බවත් කියා සිටියේය. නමුත් ප්‍රශ්නය වූයේ බොස් එන්නේ දහවල් දෙක පසුව බව කියා සිටී ම ය. අපට පරක්කු වන බව කියූ විට ඔහු කීවේ නුවර  අලියා මුඩුක්කුවට ගියොත් කර ගැනීමට හැකි යැයි ඔහු සිතන බව ය


අපි එතන පහු කරගෙන මහයියාව හරහා නුවර පැත්තට යාමට පටන් ගත්තේ නගරයට වත් ගොස් පරීක්ෂාකර බැලීමට ය. මා සමඟ පැමිණි මිතුරාට මේ අතර හොඳ අදහසක් පැමිණියේය. ඒ මේ තරම් කාර් sale  තිබෙන මහයියාවේ මෙවැනි වැඩක් කර ගැනීමට තැනක් තිබිය යුතු බවය. 


අප එක් ාර් සේල් එකක අසල සිටි බ්‍රෝකර් කෙනෙකුගෙන් මේ පිළිබඳව අසා සිටියෙමු. ඔහු අපට කඩවල් කිහිපයකට එහා තැනක් පෙන්වා එතන නම් විදුලි කාර්මිකයෙකු සිටින බව පවසා සිටියේය. මම එතනට ගොස් එතැන අයිතිකරු සමග කථා කළෙමි.


ඔහු කීවේ  විදුලි කාර්මිකයකු ආයතනයේ සිටින නමුත් ඔහු පැමිණෙන්නේ එම කාර්මිකයාට සිතන වේලාවකට බවය. සාමාන්‍යයෙන් 10:30 ට පැමිණෙන බව කිව් නමුත් එවිටත් වෙලාව 11 පසුවී තිබිණ. ඔහුත් සමඟ ටික වේලාවක් ලංකාවේ work ethic ගැන කතා කරමින් සිට ඒ කිට්ටුව හයිබ්‍රිඩ් වැඩපොළක් දැක එයට ගියෙමි. එහි වැඩ කරන දෙතුන් දෙනෙකු එකතු වී මගේ යතුර පරීක්ෂාකර බැලුවද ඒ සාකච්ඡා කරන විදිහ ඔවුනට මේ පිළිබඳව එතරම් දැනුමක් නොමැති බව මට වැටහුණි. 


අපි මහනුවරට ගියෙමු. food city එකේ car park එකේ වාහනය නවතා මහනුවර බැටරි වලට ප්‍රසිද්ධ අක්මීමන සාප්පුවට ගියෙමු. බැටරියක් මිලදී ගැනීමට අවශ්‍ය බව කියා යතුර දුන් පසු එතන සිටින සේවකයෙකු අලුත් බැටරියක් දමා යතුර සවි කර දුන්නේය. වියදම රුපියල් 650කි.


අවසානයේ , බැටරිය මාරු කරන විට හරියට ගැල විය යුත්තේ කුමක්දැයි යන්නත් ඔහු මට පැහැදිලිද  කර දුන්නේ ය

 

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...