ලඟකදී කරන ලද පරීක්ෂණ කිහිපයකින් මට ඇස්වල රෝගී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බව දැන ගන්නට ලැබිණ. මේ සඳහා ප්‍රවේසම් විය යුතු අයුරු මට පහදන ලදී. එයින් එකක් වූයේ රාත්‍රියට නිදා ගන්නා විට මුනින් අතට එසේත් නැත්නම් මුහුණ පහළට දමා නිදා ගැනීම නොකළ යුතු බවයි.
මේ ප්‍රවේශම් වීමත් කරන්නට උත්සාහ කරන විට මට තේරුනේ එය කොතරම් අපහසු වැඩක් ද යන්න ය. ඒ එක්කම මුනින් අතට නිදා ගැනීම කොතරම් සැප ගෙන දෙන එකක් දැයි මට වැටහෙන්නට වැඩි වේලාවක් ගියේ නැත. යමක් අගය කරන්නට එය නොලැබෙන්නට අවශ්‍ය යයි කියමනක් තිබේ.
අපි ජීවිතයේ taken for granted එසේත් නැත්නම් අපට නොපෙනී අප සතුටු කරන දේවල් , බොහෝ තිබේ. මුනින් අතට නො හිදා සිටීමට උත්සාහ කරද්දී ද මට දැනුනේ එයත් අපි විසින් මෙතෙක් කල් taken for granted යමක් ලෙසටය.
මෙවැනි කොතරම් දේවල් අප නොදැනුවත්ව අප වටා තිබෙනවා ඇද්ද අප විසින් පාවිච්චි කරනවා ඇද්ද.
හොඳ මිතුරෙකු ගේ ආශ්‍රයක්, පැරණි මිහිරි සහ සමහරවිට adventurous මතකයන් සිහියට පැමිණීම, ගෙවත්තක් හදා ගැනීමට ඉඩ තිබෙන තැනක ජීවත් වීම, පොත් කියවන්නට පුරුදු වී සිටීම චිත්‍රපටයකින් ආශ්වාදයක් ලබාගැනීමට හැකිවීම, කොතරම් රස කෑම වේලක් වුවද අමු මිරිස් කරලක් එකතු කර ගැනීම, රාත්‍රි ආහාර ගත් පසු මිදුලට ගොස් විනාඩි පහළොවක් පමණ ඇවිදින්නට හැකියාව තිබීම, රජය විසින් කරන යම් වැරදි වලට අඩු තරමේ බනින්නට වත් ෆේස්බුක් එකේ අවකාශයක් තිබීම, ඉඳහිට හෝ තමන්ට හිතෙන වෙලාවකට න්ක් එකක් දැමීමට නිදහස තිබීම, ඔබ මිදුලේ හිටගෙන සිටින විට ඔබගේ සුරතල් බලලා ඔබ සිටින තැනට පැමිණ ඔබේ කකුල ළඟින්ම ඉඳගෙන උගේ වැඩක් කරගනිමින් සිටීම දැකීම, ඔබ ටිකක් අවදිවීමට පරක්කු වුනොත් ඔබගේ කාමරයට පැමිණෙන බල්ලා ඔබ නැගිට එනතුරු ඇඳ ලග ඉදගෙන සිටීම,......... යනාදී වශයෙන් එවැනි ජීවිතය ඩල් නොකර ගෙනයාමට ඉඩ සලස්වන කරුණු කොපමණ තිබේද? අපට ඒවා පෙනෙන්නේ ඒවා නැති වූ විට ය.ක තද
මගේ මුනින් අතට නිදා ගැනීමත් ඒ වගේ කුඩා සැපක් බව මට දැන් වැටහේ.
No comments:
Post a Comment