Wednesday, December 28, 2022

පිහිල්ලට විසිකරපු අලකොල ටිම්බ

 විදේශයකින් නිවාඩුවකට පැමිණ සිටින නෑදෑයෙකුගෙ ආරාධනය මත ඊයේ උදේ regency හෝටලයේ උදය ආහාරය සඳහා ගියෙමි.

අප එතනට යන විට නමය හමාර පමණ වී තිබූ අතර breakfast බුෆේ එක 10:30 ට අවසන් වන බව අප දැන සිටියෙමු.

සංචාරක කර්මාන්තයට බොහෝ දුෂ්කර කාලයක් වන මෙකල මම සිතාගෙන සිටියේ උදය ආහාර ශාලාව බොහෝ දුරට හිස්ව තිබෙනු ඇතැයි කියාය.

අප ශාලාවට ඇතුළුවන විට ශාලාව අතුරු සිදුරු නැතිව පිරී තිබුනේ අපද සතුටටද දුකටද පුදුමයට ද පත්කරමිනි. 

දුක  දැන් අපිට කෑම බෙදා ගැනීම තරමක් කරදරයක් වන නිසාය. සතුට අඩු තරමේ යම් තරමකට වත් සංචාරක කර්මාන්තය දුවන බව දැකීමෙනි. පුදුමය අප බලාපොරොත්තු වුණු හිස් ශාලාව වෙනුවට ජනයා ගෙන් පිරුණු ශාලාවක් දැකීමයි.

නමුත් ඇතුළට ගිය විට එහි සිටින බොහෝ දෙනා ශ්‍රී ලාංකිකයන් බව පෙනුණි. එයිනුත් බහුතරය ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව බව ඇඳුමෙන් අපට වැටහුණි. කොහොමද ලංකාවේ ආර්ථිකය අපි හිතුවට වඩා බොහොම හොඳයි නේද මම  කීවෙමි.

breakfast බුෆේ එකකට ගියේ ටික කාලයකට පසුව නිසා, සැලසුම් සහගතව වැඩිය ගෙදරදී කන්නට නොලැබෙන ආහාර වර්ග බෙදාගෙන අනුභව කරන්නට මම සැලසුම් කළෙමි. 

කිහිප වරක් ආහාර බෙදා ගන්නට එහෙට මෙහෙට යන විට ආහාර ගන්නන්ගේ කතා කරන භාෂාව මට එහෙන් මෙහෙන් කනට වැටුණි.

ඒ සිංහල නොවේ, ඉන්දියානු භාෂාවන් ය. ඉන්දියාවේ අවුරුදු දෙකක් ජීවත් වී ඇති මට ඒ භාෂාවන් යම් තරමකට භූගෝලීය වශයෙන් සිතා ගන්නට පුළුවන. 

එම භාෂාවන් උතුරු සහ දකුණු ඉන්දියා දෙකේම භාෂාවන් බව මට වැටහුණි.

ඒ කියන්නේ එතැන සිටි බොහෝ පිරිස් ඉන්දියානුවන් වන බවය. මම හෝටලයේ සේවකයකු ගෙන් මෙතන සිටින බොහෝ දෙනා හෝටලයේ කාමරවල සිටින්නන් ද එසේත් නැත්නම් පිටින් පැමිණිය වුන් දැයි ඇසුවෙමි.

ඔහු කීවේ සියල්ලන්ම වාගේ හෝටලයේ කාමර වල සිටින්නන් බව ය.

නිවසට පැමිණි පසු මම රීජන්සි හෝටලය කාමරයක මිල ගනන් බැලුවෙමි. එය රුපියල් 40,000 වටේ කැරකෙයි.

සංචාරක කර්මාන්තය ලංකාවේ පීක් එකේ තිබියදී මම දකුණු පළාතේ ආඥාපතිවරයා ලෙස ගාල්ලේ සේවය කළෙමි. එකල ඒ ප්‍රදේශය සංචාරක හෝටල් වලට මම නිතරම ගියෙමි. 


ඒ හෝටල් වල බොහෝ පිරිස් ඉන්දියානු සංචාරකයන් එතරම් සතුටින් පිළිගත්තේ නැත. තරු පහේ හෝටල්වල පවා ඉන්දියානු සංචාරකයන් පැමිණි විට ඔවුන් කාමරයේ පිටි අනා ගෙන, රෙදි මදින ඉස්තිරික්කය තබා රොටි හදාගෙන කන කණ්ඩායමක් බවට හෝටල් වල සේවකයන් සිනා වූහ.


අවසානයේ අපේ සංචාරක කර්මාන්තය මේ වෙලාවේ බේරාගන්නට මුල්වී ඇත්තේ ඉන්දියානු සංචාරකයන් බව ඒ වෙලාවේ මට සිතුනි.

පිහිල්ලට විසිකරපු අලකොල ටිම්බත් දවසක ඕන  වෙනවා කියන්නේ මෙවැනි හේතු නිසා විය හැක


Tuesday, December 20, 2022

සම්බන්ධීකරණ යේ වටිනාකම





 සම්බන්ධීකරණය කොතරම් ආර්ථික වශයෙන් වැදගත් දැයි එසේම ගිණුම් මිනුම් කොතරම් වැදගත්ද වටහා ගන්නට ඉතාමත් අගනා උදාහරණයක් අද මගේ ව්යාපෘතියෙ දී සිදුවිය.


ඉහලින් ඇති පින්තුරයේ පෙන්වා දෙන වැසිකිළි පද්ධතිය අප මේදවස් වල පටන් ගෙන ඇති වගා ව්‍යාපෘතියේ ඉදි වන්නකි.


මේ සඳහා කොපමණ සිමෙන්ති බ්ලොග් ගල් අවශ්‍යදැයි ඒ වැඩේ කරන බාසුන්නැහේ ගෙන් පටන් ගැනීමට පෙර විමසූ විට ඔහු කිව්වේ ගල්  400ක් ප්‍රමාණවත් බවය.

උස දිග පළල මැන ශ්‍ය ගල් ප්‍රමාණය හරියටම කියන්න මම ඔහුට ඒ වෙලාවෙත් පැවසුවෙමි. 

ඔහු කීවේ 400ක් ප්‍රමාණවත් වන බවය. අපට ගලක් ගෙනත් දීමට ම රුපියල් 85 කට පුළුවන් බව කියූ කොන්ත්‍රාත්කරුවෙකු ට අපි වැඩේ බාර දුන්නෙමු. 

කොන්ත්‍රාත්කරු ඉතාමත් හොඳින් ඒ වැඩේ කළේය. ඒ වෙලාවේ මම ඔහුත් සමග ටිකක් කතා කරමින් සිටියෙමි. ඉදිකිරීම් ව්‍යාපෘති තාමත් පහල ගොස් ඇති නිසා තමන්ගෙ ව්‍යාපාරයට බලවත් පහරක් වැදී ඇති බවත් ඒ අතරම ගල් වැඩපොලක්  කරන ඔහුට වෙඩි බෙහෙත් හිඟයෙන් ද අපහසුතාවයට පත්වී ඇති බව ඔහු කීවේය.

එසේම අප මෙහි පැමිණ අපගේ ව්‍යාපෘති වල කම්කරුවන්ට දෛනික වැටුප රුපියල් දෙදහක් ගෙවීමෙන් ප්‍රදේශයේ කම්කරුවන්ගේ වැටුප් අවුල් කර ඇති බව ඔහු මට ඇනුම් පදයක් ලෙස කීවේය.


අද උදේ මම ව්යාපෘතිය අසලට ගිය විටම ගල් ටිකක් මදි වන්නට යනවා දැනී ගල් ඇති දැයි බාස් උන්නැහේගෙන් ඇසුවෙමි. ඔහු අත් දෙක සොලවා ඇති මදි වගේ තියෙන්නෙ යැයි පැවසීය. එසේ නොකියා හරි පිළිතුරක් දෙන ලෙසට මම ඔහුට විහිළුවට කීවෙමි.


අද දහවල් මම ව්‍යාපෘතියේ සිටියදී ඉදිකිරීමේ වැඩේ භාගයක් ඉතිරිව තිබියදී බ්ලොග් ගල් අවසන් වී ඇති බව මට දැනගන්නට ලැබුණි. නැවත බාසුන්නැහේ ගෙන් ඇසූ විට ඔහු කීවේ තවත් ගල් 135ක් අවශ්‍ය බවය. මම බිත්තියේ ඉතිරි කොටස දිග සහ පළල මැන කොතරම් ගල් අවශ්‍යදැයි බැලුවෙමි. ඉන්පසු 150 ඇනවුම් කරන ලෙසට අපේ  ගණකාධිකාරි වරයාට පැවසුවෙමි.


පැය දෙකකට පමණ පසු මට වැඩ අඩු වූ වෙලාවක නැවත ඒ අසලට ගියවිට ගඩොල් ගොඩක් එතන තිබෙනවා දුටුවෙමි. ඒ ගඩොල් කුමක් නිසා එතන තිබෙන්නේ දැයි මම මගේ නිලධාරියෙකුගෙන් ඇසුවෙමි. ඔහු කීවේ වැසිකිලි වලේ කොන්ක්‍රීට් දැමීම සඳහා වට බැඳීමට ගෙන්වා ගත් ගඩොල් වලින් ඉතුරු ගඩොල් ටික මෙතන තිබෙන බවයි.

ඉතිරි කොටස බැඳීම සඳහා මේ ගල් පාවිච්චි නොකරන්නේ මන්දැයි මට සිතුනි. බාසුන්නැහේ ගෙන්වා ඇසුවෙමි. ඔහු එයට එතරම් කැමැත්තක් නොදැක්වීය. 

මීට පෙර බ්ලොග් ගල් සහ ගඩොල් කවලම් කර බැඳ නොමැති දැයි මම ඔහුගෙන් ඇසුවෙමි.

එම ප්‍රශ්නයෙන් ලැජ්ජාවට පත් වූ ඔහු තමන් මීට පෙර එසේ බැඳ ඇති බව පැවසීය.

ගඩොල් සහ බ්ලොග් ගල් වල ඝණකම සමාන බව ඒවා මැන බැලූ විට අපට වැටහුණි.

ඔහු ඉතිරි කොටස ගඩොල්වලින් බැඳීමට එකඟ විය.

ගඩොල් ගොඩ කුමට එතන තිබෙන්නේ දැයි මට ඇති වූ සිතිවිල්ල අද ව්‍යාපෘතියට රුපියල් 12, 850 ඉතිරි කළේය.

එසේම කාලයක් යන තෙක් ඉවත් කරන්නට නැවත වරක් කම්කරු ගාස්තු ගෙවිය යුතු ගඩොල් ගොඩක් ද එතනින් ඉවත් විය.

පසුව ලියමි

පහතින් තිබෙන්නේ වැඩ අවසන් වූ පසු පින්තූරයකි. අවසානයේ වැඩේට යම් කලාවකුත් එකතු වී ඇති බව පෙනේ.



සම්බන්ධීකරණය කියන්නේ එයයි.

 



Tuesday, December 13, 2022

ඇවන්ගාඩ් ව්‍යාපෘතියේ අතුරු කතා 1





Drip irrigation යොදාගෙන අක්කර 50ක මිරිස් වගාවක් කරනවා කියන එක ලේසි වැඩක් නොවේ. බිම සීසෑම කර, පස් කුඩු කළ පසු ද කම්කරුවන් යොදාගෙන පාත්ති හදන්නට පමණක් මිලියන 5ක් පමණ වැය වෙයි.


ඉන්දියාවේ මේ පාත්ති සෑදීම කරන්නේ කෙසේද සොයා බැලූ විට ට්‍රැක්ටරයේ අද ගෙන යා හැකි උපකරණයක් ඔවුන් සාදා ගෙන ඇති බව පෙනුණි. ඒ පිළිබඳව විඩියෝ කිහිපයක් යූටියුබ් එකේ තිබුණි.


මෙවැන්නක් අපටත් සාදාගත යුතු බව පෙනුණු නිසා මේ දක්වා අපේ ඉඩම්වල සී සෑම් කළ smart ට්‍රැක්ටර් රියදුරෙකුගෙන් මේ ගැන ඇසුවෙමි. ඔහු එවැනි උපකරණයක් ගැන අසා නොතිබුණද මම youtube එකේ විඩියෝ එක ඔහුට පෙන්වා එවැන්නක් අපට සාදාගත හැකි නේදැයි ඇසූ විට ඔහු ධනාත්මක උත්තරයක් දුන්නේ ය.


ඔහුත් සමග එකතුවී වැල්ලවාය කිට්ටුව කම්මලක මෙවැන්නක් සාදන්නට අපි කතිකා කර ගත්තෙමු. නමුත් මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමේදී පොලොන්නරුවේ කෙනෙකු මෙවැනි උපකරණයක් සාදා කිහිපයක් විකුණා ඇති බව මට දැනගන්නට ලැබුණි.

තරමක් අපහසුවෙන් ඔහු සොයාගෙන ඔහුගෙන් විස්තර ඇසූ විට ඔහු විසින් දෙන ලද තොරතුරු ඉතාමත් ධනාත්මක ඒවා විය.

ඔහුගෙන් ද එහි ඡායාරූප කිහිපයක් ගෙන්වාගෙන පරීක්ෂා කර බැලූ විට එයත් යූටියුබ් එකේ දුටු ඉන්දියානු උපකරණයට බොහෝ සමාන බව මට පෙනුනි. සාකච්ඡාවේදීද ඔහු ඉන්දියානු උපකරණයට ඉතාමත් සමාන ලෙස මෙය සාදා ඇති බව මට කියූ විට මගේ විශ්වාසය තවත් තහවුරු වුනි.


එහි මිල විමසා බැලුවෙමි. වැල්ලවාය ඇතිලිවැව ටම ගෙනත් දී අපට එය වැඩ කරන විදිහත් පෙන්වා දීමට ුපියල් ලක්ෂ දෙකහමාරක් අවශ්‍ය බව ඔහු කීවේය. මම එකඟ වූයෙමි. 


මෙසේ තමන්ම පැමිණ එය ගෙනැවිත් දී එය ක්‍රියා කර පෙන්වා දෙන බව ඔහු විසින් පවසා සිටි විට, මගේ තිබුණු; එසේ තිබුණේ නම්, සැකයන් සියල්ල දුරුවිය.

ඔහු සමග මේ arrangement එකට එකඟ වී අප සමාගමේ සභාපති මා මිත්‍ර නිශ්ශංක සේනාධිපතිට මැසේජ් එකක්  යැව්වෙමි. ඔහු එක පයින්ම මෙම යෝජනාවට එකඟ වී වහාම හෙටම එය ගෙන්වාගන්නා දෙසට මට උපදෙස් දුනි. 

මෙය නිෂ්පාදනය කරන පුද්ගලයා මා කලින් දැන සිටියේ නැත හඳුනා ගත්තේ අද දවසේ ය. එහෙත් ඔහු කිසිම ඇඩ්වාන්ස් එකක් නොමැතිව transport වියදමත් දරාගෙන මෙසේ පැමිණීමට එකඟ වීම ම, මට ඉමහත් විශ්වාසයක් සහ සතුටක් ගෙන දුන්නේය.

රටේ පවතින සියලූ බොරු සහ වංචා අතරේ මෙවැනි අලුත් දේවල් කරන එසේම එඩිතර; බොහෝ විට මොහු තරුණයකු විය යුතුය, දක්නට ලැබීමත් මේ රට සම්පූර්ණයෙන්ම කඩාවැටී නොමැති බවට හොඳ සාක්ෂි වෙයි.

Friday, December 9, 2022

ඇවන්ගාඩ් අලුත්ම ව්‍යාපෘතිය










 ලංකාවට වසරකට වියළි මිරිස් ටොන් 50000ක් අවශ්‍යතාවයක් ඇත. එහෙත් නිපදවන්නේ ටොන් 500 ක් පමණි. ඉතිරිය චීනයෙන් ඉන්දියාවෙන් තායිලන්තයෙන් සහ බංග්ලාදේශය මෙරටට ආනයනය කෙරෙයි.

මෙය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන් 150ක් පමණ රටෙන් පිටතට යයි. 

මේ මුදල් ප්‍රමාණය ලංකාවෙන් මැදපෙරදිග සේවයට යන කාන්තාවන් 375000 ක් ලංකාවට එවන මුදලට දළ වශයෙන් සමාන වෙයි.

මිරිස් ඉතාමත් හොඳින් වැවෙන එසේම ඒ සඳහා හොඳ දේශගුණයක් සහ පොළොවකි තිබෙන රටක් මේ සඳහා මෙතෙක් මේසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීම පුදුම සහගත බව පෙනේ. නමුත් එය සිදුවේ.

මහ සාගරයේ ලංකාවේ පිහිටීම යොදාගනිමින් රටට විදේශ විනිමය ජනනය කළ ඇවන්ගාඩ් සමාගම මෙම විදේශ විනිමය ප්‍රමාණය රටට ඉතිරි කරන ඒකායන පරමාර්ථයෙන් ලංකාව පුරා මිරිස් වගාවට සුදුසු ප්‍රදේශවල දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා එතරම් කාර්යක්ෂම ලෙස යොදවා ගෙන නොමැති ඉඩම් බදු ගෙන මිරිස් වගාව පටන් ගන්නට කටයුතු කර තිබේ. 

හම්බන්තොට, වැල්ලවාය ගලේවෙල නවගත්තේගම ආරච්චිකට්ටුව යනාදී නොයෙකුත් ප්‍රදේශවල පටන් ගෙන ඇති මෙම මිරිස් වගාව සමහර තැන් වල අස්වනු නෙලා ගන්නා තත්ත්වයට පැමිණ ඇත.  

මිරිස් හොදින් වැවෙන්නේ වියළි කලාප වල නිසා, මිරිස් වගාව කරන ගොවීන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ එම පැළවලට වියලි කාලයේදී ජලය සම්පාදනය කර ගැනීමයි. ඒ සඳහා ජලය සම්පාදනය කරගැනීම සහ ඉතාමත් කාර්යක්ෂම අයුරෙන් පැළවලට බෙදාහැරීමේ ක්‍රමයක් නොමැතිව ලංකාවේ මිරිස් වගා කිරීම අපහසුය. මේ සඳහා drip irrigation යොදාගත යුතුය. එහෙත් එයට සැලකිය යුතු මුදලක් වැය වෙයි. එසේ නොකළ හොත් වියලි කාල වලදී වගාව අනතුරේ වැටී යොදවන මුදල වත් ලබා ගැනීමට නොහැකි වන අනතුරුදායක තත්ත්වයක් ඇතිවන්නට පුළුවන. බොහෝ සුළු ගොවියන් ලංකාවේ මිරිස් වගාව  යොමු නොවන්නේ මේ හේතුව නිසා විය යුතුය.


ඇවන්ගාඩ් අරමුණ ඉටුකර ගැනීමට නම් ,ඒ කියන්නේ ලංකාවට මිරිස් ආනයනය කිරීම නවත්වන්නට නම් ලංකාවට අවශ්‍යයය ටොන් පනස් දාහක් එහිම නිපදවා ගන්නට නම්, අක්කර 3000 ක පමණ මිරිස් වගා කළ යුතුය. ඒ වගා කළ යුතු වන්නේත් ඉහළම අස්වැන්නක් ලබාගත හැකි ආකාරයෙනි. මේ සඳහා දැනට ලෝකයේ ඇති තාක්ෂණික වශයෙන් ඉහළම වගා ක්‍රම යොදවා ගැනීමට ඇවන්ගාඩ් සමාගම යුහුසුලු වෙයි.


මේ අතර drip irrigation, mulching  with mulching covers වැනි දෑ ඇතුළත් වෙයි. එසේම වගා කරන සියලූ ඉඩම් තිබෙන ප්‍රදේශවලට වල් අලි තර්ජන ඇති නිසා ඒ සඳහා වැටවල් සෑදීමත් මෙම ව්යාපෘතියේ කොටසක් වෙයි.


මිරිස් වවන විට එක් මිරිස් ගහකින් 8 වරක් පමණ අස්වැන්න නෙලා ගන්නට පුළුවන. එහි පළවනු සහ දෙවැනි අස්වැන්න මිරිස් ඉදීමට පෙර කළ යුතු අතර මෙම අමුමිරිස් තොග යන්ත්‍රානුසාරයෙන් dehydrate කර වසර පුරාම ලංකාවේ අමු මිරිස් මිල සමබරව තබා ගැනීමේ අදහසක් ද ක්‍රියාත්මක කිරීමට දැන් ඇවන්ගාඩ් ආයතනය පරීක්ෂණ කරමින් සිටී.


මා මිත්‍ර නිශ්ශංක සේනාධිපති වැඩකට අත ගැසූ විට එය උපරිම කාර්යක්ෂමතාවකින් සහ ඉහලම තත්වයෙන් කරන්නට 7×24 අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන්නෙකි. මමත් දැන් ටික දවසකට පෙර ඔහුගේ මේ කටයුත්තට උර දෙන්නට එකතු වුණෙමි. ඔහු ආරාධනා කළ විට විශ්‍රාම සුවයෙන් සිටි මගේ ඇඟ ඇතුළේ සිටින ගොවියා අවදි විය.


ලංකාව ලෝකයේ වැඩියෙන්ම මිරිස් ආනයනය කරන රට බව මම කියෙව්වෙමි. ඇවන්ගාඩ් මේ ව්‍යායාමය සාර්ථක වුවහොත්; මට නම් ඒ පිළිබඳව කිසිම සැකයක් නැත, අවුරුදු දෙකකින් පමණ අප මිරිස් අපනයන කරන රටක් බවට පත් වීම නිසැක වෙයි.



හඳපානගල Extreme sports

 


වෙනත් කටයුත්තක් සඳහා වැල්ලවායට ගිය මම,  පසුගිය දිනෙක, ප්‍රදේශයේ සිටීමේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන මිතුරන් දෙදෙනෙකුත් සමග හඳපානගල ජලාශය බලන්නට ගියෙමි.


තනිකරම කාපට් පාරවල් වලින් මුළු ගමනම යන්නට පුළුවන් විය. ජලාශයේ මැද හරියේ වගේ ප්‍රධාන පාරෙන් මං වගේ ඇතුල්වීමට ගේට්ටුවක් තිබුණු අතර එතන සිටි මුරකරු ගෙන් අවසරගෙන වාහන එළියෙ නවතා අපි වැව් බැම්මට ගියෙමු. 

වැව් බැම්ම මතට ගිය විට ඒ ජලාශය ඉතාමත් අලංකාර ස්ථානයකි. බොහෝ ඈත අතීතයේ සිට පැවත එන ; ක්‍රිස්තු පූර්ව සීයේ පමණ වලගම්බා රජු විසින් මුලින්ම සාදන ලද බව කියනු ලැබේ, මෙම ජලාශය ලඟකදී උමාඔයේ වතුරෙන් පුරවන්නට වැව් බැම්ම තරමක් ඉහළට ඔසවා, ජනාධිපති සිරිසේන විසින් විවෘත කර ඇත. 

මුලින්ම මෙම ජලාශය සාදන ලද්දේ කවුරුන් විසින්දැයි එසේ නැත්නම් කවර කාලයකදී දැයි එතන යම් සටහනක් නොවීම එය නරඹන්නට එන පිරිසට ලොකු අඩුවක් ලෙස දැනේ. 


එම බැම්ම සාදා ඇත්තේ තරමක කළුගල් පර්වතයක්, මැදිකර වන අතර එම පර්වතයේ ස්වභාවික පිහිටීම බැම්මෙ කොටසක් කරගැනීමෙන්, බැම්ම සෑදීමේදී අඩු වියදමකින් එය කරගෙන ඇති බව පෙනේ.


හඳපානාගල ජලාශය පිළිබඳව ම ප්‍රදේශයට යන තෙක්ම අසන්නට නො ලැබ තිබීම මට පුදුමයක් ගෙන දුනි. එයට වඩා බොහෝ අඩු වෙන් ආකර්ෂණයක් ඇති ස්ථාන ගැන පවා අපට නිතර අසන්නට ලැබේ.


හඳපානාගල ජලාශයට එම නම ලැබී ඇත්තේ එතනට හොදින් හඳ පායනවා බලන්ඩ පුළුවන් වන නිසා බව මට එහිදී හමු වූ කෙනකු කීවද පසුව මට දැනගන්නට ලැබුණේ ඒ ගල්පර්වතයේ කොටා ඇති ඉර සඳ ලකුණ නිසා ඒ නම ඇතිවී තිබෙන බවය. 

පැරණි රජකාලයේ ඉර සඳ ලකුණයි සේ ගලෙහි කොටන්නේ ඉර සඳ පවතිනා තෙක් කාලයක් පැවැත්වීම යන අරුත ලබාදීමට බව මා අසා ඇත.


මේ සියල්ල බලා බැම්ම දිගේ ආපසු ඇවිදගෙන එන විට එම ජලාශයේ සිට පහලට වතුර ගලාගෙන යන ඇලෙහි අමුත්තක් දුටුවෙමි. ඒ වැවේ සිට ගලාගෙන යන එම ජල පහර සම්පූර්ණයෙන් ම දැලකින් වසා තිබීමයි. 

එසේ ඇල සම්පූර්ණයෙන් ඝන දැලකින් වසා තැබීම කුමන හේතුවක් මත කරන්නට ඇත්දැයි මම මමත් සමග ගිය මිතුරන් දෙදෙනා ගෙන් ඇසුවෙමි. මම හිතුවේ මෙයට අලියන් වැටීම වැලැක්වීමට මෙසේ කර ඇති බව ය ; මේ ජලාශය ප්‍රදේශය අලියන් ැරඹීම සඳහා ප්‍රසිද්ධ වූ ස්ථානයකි, මිතුරෙකු කීවේ මෙය මිනිසුන් වැටීම වැළැක්වීම සඳහා කරන ලද්දක් විය හැකි බවය.


අපි මේ ගැන කතා කරමින් ජලාශය ප්‍රදේශයෙන් එළියට එන විට එහි ඇතුළුවන ස්ථානයේ සිටින මුරකරු ගෙන් මම මේ පිළිබඳව ඇසුවෙමි.


ඔහුගේ පිළිතුර පුදුමසහගත එකක් විය. ඒ පිළිතුර පැහැදිලි කරන්නට නම්  ඇල සාදා ඇති ආකාරය පිළිබඳව යමක් කියන්නට අවශ්‍ය බව සිතේ. ජලාශයේ මැද හරියේ පතුලේ සිට සාදා ඇති උමග ජලාශයෙන් එළියට  තවත් මීටර් 10ක් පමණ පැමිණි පසුව විවෘත ඇළක් බවට පත්වේ. මෙය සාමාන්‍යයෙන් මිනිසෙකුට ඇවිදගෙන යාමට ප්‍රමාණයෙන් හැකියාව තිබෙන උමගක් වනාතර එය දිගින් අඩි දෙසීයක් පමණ විය යුතුය.

මෙම උමං මාර්ගයේ ජලාශයෙන් පිටත විවෘත කොටස ඝන දැලකින් ආවරණය කිරීමට සිදුව ඇත්තේ මෙය නැරැඹීමට පැමිණෙන සමහර පුද්ගලයන් එම උමං මාර්ගයේ outlet එකෙන් බටයට ඇතුළුවී පිටතට ජලය ගලා එන ජලපහරට විරුද්ධව ඝණ කළුවරේ උමග දිගේ ජලාශය ඇතුළට ගමන් කර ජලාශය මැද උමගේ අනිත් කෙලවරින් ජලාශය ඇතුලට පැමිණීමයි. 

ගණ කලුවරේ උරහිසට පමන වතුරේ ගිලී පිටතට එන ජල කඳ ට විරුද්ධව මෙසේ අඩි 300ක් පමණ ගමන් කර උම්මග අනෙක් කෙළවර ජලාශයෙන් මතුවීම, මම මෙතෙක් අසා ඇති ඉතාමත් භයානක extreme sport එකක් බව නොබියව කිව හැක.

මේ භයානක එසේම එඩිතර ක්‍රියාව නැවැත්වීමට මෙලෙස ජලයට ඇතුළු වන්නන් වැළැක්වීමට දෑල ගැසූබව මුරකරුවා කීවේය.


මුරකරුවා කී විස්තරය අසා එළියට පැමිණි විට මට සිතුනේ රජයට තිබුණේ මෙලෙස දැල ගැසීම නොව, මෙම උමග තරණය සඳහා රුපියල් 5000ක පමණ ගාස්තුවක් අයකර එයට ඉඩදීම බවය. ලෝකයෙ extreme adventure sports වලට කෝටි ගණන් වියදම් කරන මිනිසුන් මෙවැනි අමුතු සහ භයානක ක්‍රීඩාවක් කිරීමට පිටරටවල සිට වුව ද පැමිණිය හැකි යැයි මට සිතුනි.

විශේෂයෙන් ඇල්ල සංචාරක කලාපය අසල පිහිටා ඇති මෙම ජලාශය වෙතට ඇල්ලට පැමිණ පැමිණෙන සංචාරකයන් මෙම උමග තරණය කිරීමට  මුදල් ගෙවා, පැමිණෙන්නට බොහෝ ඉඩ තිබේ. එසේම මෙවැනි මෙතෙක් අසා නැති භයානක ක්‍රීඩාව, එවැනි ක්‍රීඩා වලට කැමති පුද්ගලයන් අතරේ ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ට වත් ප්‍රසිද්ධ කරනු ඇත.


Tuesday, November 29, 2022

සුළු මහසෙන්ලා

 



මේ දවස්වල මට ැල්ලවාය ප්‍රදේශයේ ග්‍රාමීය ගොවිපල කිහිපයක ඇවිදින්නට අවස්ථාවක් ලැබුණි. ඒවායේ තමන්ම සුළු මහසෙන් රජෙකු මෙන් තරමක වැවක් හදාගෙන අක්කර තිහ හතළිහක ගොවිතැන් කරගෙන ජීවත්වන මෙම ගොවියන් අතර පවතින නොයෙකුත් සහයෝගයෙන් ගොවිතැන් කිරීමේ ක්‍රම සිත්ගන්නා සුළුය.


මේ එක් ගොවියකු  තමන්ගේ ඉඩමේ වැව තනියම සාදා ගත් බවත් මෙය සාදා අවසන් වූ පසු එයට පහලින් ඇත කුඹුරුවල ගොවියන් රාළහාමිත් සමග පැමිණ එම වැවේ බැම්ම කඩා දමන ලෙසට ඔහුට දන්වා සිටි බවත් මට කීවේය. එසේ කඩා නොදැම්මොත් රජයට වාර්තාකර ඔහුගේ ඉඩම් අහිමි කරන බවත් ඔහුට දැන්වූහ.

එහෙත් එම තර්ජන වලට බිය නොවූ ඔහු මෙතරම් තමන් මහන්සි වී හදාගත් වැව කෙසේවත් කඩා දමන්නට ඉඩ නොදෙන බවට කියා සිටි විට ගොවියන් ආපසු ගිය බව ඔහු කීවේය. ඇත්තෙන්ම ඔහු වැව සාදා ඔහුගේ කුඹුරු ටික වැඩ කරන විට ජලය නැවත වරක් පහලට ගලාගෙන ගොස් ඒ ගොවියන්ගේ කුඹුරු වලට ගලන බව පසුව ඔවුන්ට වැටහී ඇති බවත් ඒ නිසා ඔහු සමග රණ්ඩු කිරීම නවතා දැමූ බවත් ඔහු සිතයි. මෙය සිදුවන්නට ඇත්තේ හැත්තෑ ගණන් වල ය.


එක් ගොවිපලක අක්කර දෙකක පමණ සරු රටකජු වගාවක් තිබුණි. කාන්තාවන් හය දෙනෙකු මෙම ගොවිපලේ වල් සුද්ද කරමින් සිටියහ. මම ඉඩම හිමි ගොවියා ගෙන් මේ රට වගාව ගැන ඔහුගෙන් ඇසුවෙමි.


ඔහු කිව්වේ ඔහුගේ දන්නා හඳුනන කෙනෙකුට එලෙස රටකජු වගා කර ගැනීමට ඔහු ඉඩම ලබාදී ඇති අතර ඔහුගේ කොටස අස්වැන්නෙන් 4න් එකක් වන බවයි. 


නමුත් අස්වැන්න කොපමණ තිබුණාදැයි ඔහුට නියමිත හතරේන් එක හරියාකාරව ලැබෙනවා දෑයි ඉඩම්හිමි ඔහු දැන ගන්නේ කෙසේදැයි මම ඔහුගෙන් ඇසුවෙමි.


ඔහු කීවේ රටකජු වවන ගොවියා රටකජු ලබාදෙන්නේ එක කඩේකට බවත් ඒ නිසා ඔහුට නියමිත මුදල කඩෙන් ලබාගත හැකි බවය. 


ඔහුගේ ඉඩමේම තවත් තැනක අක්කර 1 පමණ මුං ඇට වගාවක් තිබුණි. එය රටකජු වගාව තරම් සරු බවක් පෙනුනේ නැත. ඒ ගැනත් මම ඔහුගෙන් ඇසුවෙමි. මේවා තමන්ගේ මිතුරෙකු සමග අස්වැන්න දෙකට බෙදා ගැනීමේ එකඟතාවය මත වගා කරන බවත් එයට දෙදෙනාම හැකිතරමින් මහන්සි වන බවත් ඔහු කීවේය.


තවත් වරෙක ඔහුගේම බෑනා කෙනෙකු  වට්ටක්කා අක්කර දෙකක් පමණ තවත් ස්ථානයක වවන බව මට කීවේය. ඔහු එලෙස වට්ටක්කා වවන්නේ තවත් මිතුරන් හතරදෙනකු සමග එකතුවී බවත් ඔහු කීවේය. 

එසේ පස් දෙනෙකු එකතු වී වට්ටක්කා වවන්නට හේතුව මම ඔහුගෙන් විමසා සිටියෙමි.

ඔහු කිව්වේ එම ්‍රදේශයට වල් අලි තර්ජනය ඇති නිසා රාත්‍රියට වට්ටක්කා වගාව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කිහිපදෙනෙකු සිටිය යුතු නිසා එසේ කණ්ඩායමක් එකතු වී වගාකරන බවය.


ඉහලට එසවූ අට්ටාලයක එක් රාත්‍රියකට හතරදෙනකු නිදා ගන්නා බවත්, වරකට එක් ගොවියෙකු, පැය දෙකක් අවදියෙන් විමසිල්ලෙන් සිටින බවත් ඔහු කියා සිටියේය.


Saturday, November 19, 2022

අපේ ගෙවතු වගාව බේරා ගමු

 


ඉත්තෑවන් විසින් කා දමන ලද පොල් ගසක්

අප කුඩා කාලයේ අපගේ ගෙවත්තේ මයියොක්කා බතල පාත්ති දමා වවා ගන්නා ලදී. ඉඩමේ ඊසානදිග කෙළවරේ අල කොල වැවිල්ලක් තිබුණි. හිතුන වෙලාවක ගොස් ඒ අලකොල පඳුරුවලින් අල කිහිපයක් ගලවා ගැනීමට හැකියාව තිබුණි. මාස කිහිපයකට සැරයක් ලොකු වැල්අල ගලවා ගත්තෙමු.


වර්තමානයේ මෙවැනි අල වර්ග සහිත බෝග වවා ගන්නට ක්‍රමයක් නැත. එයට හේතුව ගෙවත්තට පැමිණෙන වල් ඌරන් ඉත්තෑවන් සහ මුවන් නිසාය. කලකට පෙර සිරිසේන ජනාධිපතිවරයා විසින් වල් ඌරු මස් පිළිබඳ නීති ලිහිල් කිරීම නිසා යම් තරමකට වල් ඌරන්ගේ කරදරය දැන් අඩු වී තිබේ. එහෙත් ගෙවතු වල එසේත් නැත්නම් වතුවල ගොවිතැන් කිරීම ඉත්තෑවන් නිසා ඉතාමත් දුෂ්කර වී ඇත්තේ ය.


අප කුඩා කාලයේ මෙවැනි සතුන් දඩයම් කිරීම නිසා ගොවිතැනට ලොකු හානියක් සිද්ධ වූයේ නැත. නමුත් දැන් වල්ඌරන් හැරෙන්නට අනෙක් සතුන් කවුරුත් දඩයම් කරන්නේ නැත. එහෙත් ඒ සතුන් නිදැල්ලේ හැසිරෙන විට ගොවිතැන් කිරීම ඉතාමත් අපහසුය. විශේෂයෙන්ම ඉත්තෑවන් මරා ආහාරයට ගන්නා වෙනත් සතුන් මේ පරිසරයේ නොමැති හෙයින් ඔවුන්ගේ ගහනය බලාගෙන ඉද්දිම වැඩි වන බව පෙනේ. 


තමන්ගේ ගොවිතැනට හානි කරන සතුන් ගොවිතැනට පැමිණීම වලක්වා ගැනීමට නොහැකිනම් ගොවියන් ගොවිතැන් කිරීමෙන් වැඩක් නැත. ගෙවතු වගා සඳහා කොතරම් මහන්සි වුවත් වැඩක් නැත.


ඉත්තෑවන් පැපොල් පැළ කුඩා කාලෙදිම කා දමති. ගෙවත්තක පැපොල් පැළයක් වත් හදා ගැනීමට නොහැකිය.


වෙන රටවල නම් මෙවැනි කරදර කරන සතුන් ගොවියන් හෝ රජයේ ආයතන විසින් විනාශ කර දමනු ලැබේ.  අපේ ගොවියන්ට ඔවුන් හැදී වැඩුණු පරිසරය නිසා සතෙකු මරා ගන්නට, ඉතාමත් දුෂ්කරය. වගා නොකර සිටීම ඊට වඩා පහසු බව සිතති.


මට සිතෙන විදිහට, ලංකාවේ මයියොක්කා අලකොළ අල සහ බතල ගොවිතැන් කිරීම; විශාල පරිමාණයෙන් කරන්නන් හැර, සම්පූර්ණයෙන්ම වාගේ මේ හේතුව නිසා නැවතී ඇත.


මේ ප්‍රශ්නය කල්ගත වීමත් සමග තවත් උග්‍ර වනවා මිස අඩු වෙන බවක් පෙනෙන්නට නැත. කිසිම තර්ජනයක් නොමැති වීම නිසා ඉත්තෑවෝ ගහනය දවසින් දවස ඉහළ යාම වැළැක්වීමට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් ද පෙනෙන්නට නැත.


මේ සඳහා කරන්නට තිබෙන්නේ එකම පිළියමකි. ඒ  මෙම සත්වයන් පාලනය කිරීම, හමුදාවන්ට බාර දීමයි. වලක් හාරා උගුලක් සෑදීමෙන් ඉත්තෑවන් පහසුවෙන් අල්ලා ගන්නට පුළුවන. එසේ අල්ලා ගත් නිත්තෑවන් මරන්නට බැරිකම ගොවියන්ට ඇති ප්‍රශ්නයයි.


රටේ තිබෙන නොයෙකුත් හමුදා කඳවුරු වලට ප්‍රදේශ බෙදා දී  ප්‍රදේශයේ ගොවියන් සමග සම්බන්ධීකරණයෙන් ඔවුනට ඉත්තෑවන් අල්ලන උගුල් සාදන ක්‍රම පුහුණු කර ඉන්පසු උගුලට ඉත්තෑවා අහුවුණු පසු දුරකථනයෙන් හමුදා කඳවුරට දන්වා ඔවුනට සතා භාරදීමට ක්‍රමවේදයක් හදන්නට පුළුවන. 


ඉත්තෑවාගේ මස beef භෝ පෝක් හා සමාන මස් වර්ගයක් වන අතර කලාතුරකින් හෝ ලැබුණු විට  සාමාන්‍යයෙන් ගම්වල මා අසා ඇති පරිදි කිලෝවක් රුපියල් 1500 කට පමණ අලෙවි වෙයි.


මෙලෙස ලැබෙන ඉත්තෑවන් එසේ මස් කර විකිණිය හැකියි පුද්ගලයෙකුට භාරදීමෙන් රටට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් ලැබෙන අතර පවුල් සිය ගණනකට ජීවිකාවක් ද ඇතිවනු ඇත.


මෙම ජනාව ක්‍රියාත්මක කළහොත් ලංකාවේ ආහාර නිෂ්පාදනය 25% කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වනු ඇත.




Sunday, October 30, 2022

කෙටි කතාවක් ඉදිරිපත් කිරීම

 


commonwealth කෙටිකතා තරඟයට කෙටි කතාවක් ඉදිරිපත් කරන්නට සිත් වූයේ ඒ පිළිබඳව ඊමේල් එකක් ලැබුණු නිසාය. මෙය ලැබුනේ පහුගිය විසි වෙනිදා වූ අතර අවසන් දිනයට තිබුණේ දවස් දහයකි. භාෂා බොහෝ ගණනකින් කෙටිකතා ඉදිරිපත් කළ හැකි යැයි තිබුණු නිසා සිංහලෙන් ලියන්නට, සිතුවද සිංහල භාෂාව ඒ ලිස්ට් එකේ තිබුණේ නැත. අප මේ තරම් ිශාල ජනගහනයක් ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් වුවද එසේ සිංහල අඩංගු කර නැත්තේ කුමන හේතුවකට දැයි සිතාගත නොහැක. එහෙත් සැනසිලි තෑග්ගක් ලෙස අපේ රටේ කෙනෙකු එහි විනිශ්චය මණ්ඩලයේ සිටිනා බව දුටුවෙමි.


දවසකට වචන 500 ගණනේ, දුරකථනයේ W  ඇප් එකෙන්, ලියා අවසන් කර, මටම මේල් කරගෙන ලැප්ටොප් එකෙන් වැරදි සෑදුවෙමි.


ඉන්පස්සෙ ලැප්ටොප් එකෙන්ම කෙටිකතාව මේල් කරන්නට සිතා commonwealth writers සයිට් එක ඕපන් කරන්නට උත්සාහ කළෙමි. එහි ආරක්ෂාව සැක සහිත නිසා මට එයට ඇතුළු වීමට ඉඩ දීමට නොහැකි බව කීප වරක් දන්වා සිටි හෙයිනි වෙනත් විදියකින් උත්සාහ කරන්නට සිතුවෙමි.


මම කතාව pdf  කර මගෙම ඊමේල් එකට දමා එය දුරකථනයේ සේව් කර  දුරකථනයේ commonwealth writers වෙතින් ලැබූ තිබුණු ඊමේල් එක විවෘත කර කතාව submit කරන්නට කරුණු පහළොවක් පමණ තිබුණු අයදුම්පත සම්පූර්ණ කරන්නට පටන් ගත්තෙමි. එය අවසන් කර කතාව ඇතුලත් කරන්නට බලනවිට කතාව කතා කෙටි කතාවෙ නමින්ම save කර යුතු බව දුටුවෙමි. 

නැවත වරක් application එක පුරවන්නට සිදුවේ යැයි බොහෝ කනගාටුවෙන් කෝකටත් දුරකථන ගබඩා කර ඇති කතාවේ පීඩීඑෆ් පිටපතේ නම වෙනස් කිරීමට හැකි දැයි පරීක්ෂා කර බැලුවෙමි. 

වාසනාවකට මෙන් එය කරගැනීමට හැකි වුණි. යන්තම් කතාව submit කරගත හැකි වූ අතර එය ලැබුන බවට ද ඊමේල් එකක් ලැබුණි.

මෙය සබ්මිට් කර ගැනීමට ඉමහත් වෙහෙසක් දරන්නට සිදු වූ නිසා මට තරමක තරහක් ඇති විය. 

එහෙත් මම මෙය අවුරුදු විස්සකට පමණ පෙර කරන්නට උත්සාහ කළේ නම් මේ කරදර දස දහස් ගුණයකින් වැඩි බව කල්පනා කර මම හිත හදා ගත්තෙමි.

එසේ නම් කතාව අතින් ලියා යතුරුලියනය කර ගැනීමට සිදු වනු ඇත. ගෙදර හොඳ කොළ කිහිපයක් තිබුණේ නැත්නම් කඩේට ගොස් ඒවා මිලදී ගැනීමටත් අවශ්‍ය ය වන්නට ඉඩ තිබුණි. වැරදි හදන හදන පාරට නැවත නැවතත් යතුරුලියනය කර ගැනීමට සිදුවනු ඇත. 

ඉන්පසු ැපැල් කන්තෝරුවට ගොස් මේ සඳහා කීයක මුද්දර අවශ්‍ය දැයි සොයා ගෙන මුදල් වියදම් කර ඒ මුද්දර මිලදී ගැනීමට සිදු වනු ඇත. ඉන්පසු ලියුම තැපැල් කර මාසයක පමණ කාලයක් යනතෙක්  ලැබුණා දැයි මට දැන ගන්නට ක්‍රමයක් නැත.

අප දැන් ජීවත්වන්නේ කොතරම් පහසු කාලයකද අපට දැනෙන්නේ ඒ කාලවල් දෙකේම ජීවත් වූ නිසාය.

Friday, October 14, 2022

Boston tea party

 Boston tea party


1773 දෙසැම්බර් 16 වෙනිදා ඇමරිකාවේ බොස්ටන් වරායේ දී විශේෂ සිද්ධියක් සිදුවිය. 

ඒ එංගලන්තයේ east india කොම්පැනියට යටත්විජිත යන්හි බද්දක් නොමැතිව තේ විකිණීම සඳහා එංගලන්තයේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලද ලියවිල්ලකට විරුද්ධවය.

එහිදී සිදුවූයේ ඇමරිකාවේ සිවිල් සංවිධානයක් එලෙස තේ බොස්ටන් වරායට ගෙනවිත් තිබුණා එංගලන්ත නැවක ට නැග එහි තිබූ තේ පෙට්ටි මුහුදට දැමීමයි.  මෙලෙස එම මුහුදට දැමීම සිදු වීමට පෙර ඇමරිකාවේ සංවිධාන බොස්ටන් හි ආණ්ඩුකාරයා වෙත මෙම තේ නැව් ගොඩ බාන්නේ නැතිව ආපසු එංගලන්තයට යවන ලෙස ඉල්ලා සිටියද එසේ නොකළ හෙයින්  ඔවුන් මෙම විරෝධතා ක්‍රියාව සිදු කළහ.

එහිදී ඔවුන්ගේ සටන් පාඨය වූයේ අපගේ අදහස් වලට රාජ්‍ය පාලනයෙහි ඉඩක් නැත්නම් අපට බදු ගෙවන්නටත් නොහැකිය යන්නය. No representation no tax.

ඇමරිකානු නිදහස් සටන පටන් ගැනීමට අඩිතාලම දැමූයේ මෙම සිද්ධිය යැයි කියනු ලැබේ.

මට මෙම සිද්ධිය මතක් වූයේ අපගේ රටේද දැන් බදු පිළිබඳ ලොකු සාකච්ඡාවක් ඇති වී තිබෙන නිසාය.


ඒ කාලයේ ඇමෙරිකාව එංගලන්තයේ යටත් විජිතයක්ව තිබූ නිසා ඔවුනට එංගලන්තයේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් යවන්නට හැකියාවක් තිබුණේ නැත. තමන් පාලනය කරන ආයතනයේ තමන්ගේ අදහස් දිරිපත් කිරීමට සහ ක්‍රියාත්මක කිරීම ට තමන්ගේ නියෝජිතයන් නොමැත්තේ නම් ප්‍රජාතන්ත්‍රවාදය හරිහැටි ක්‍රියාත්මක නොවේ.

එදා බොස්ටන් වැසියන් සිදුකළ එම ඓතිහාසික විරෝධතාවය ඇමෙරිකාව එංගලන්තයෙන් නිදහස් වීම දක්වා ගමනක ආරම්භය ලෙස හඳුන්වනු ලැබේ. 

දැන් ලංකාවේ ද බදු පැනවීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබේ. එහෙත් බදු ගෙවන පුරවැසියන්ට ද එම බදු පනවන ආයතනයන්හි භෞතික නියෝජනය පමණක් නොව අදහස් නියෝජනයක් ද තිබිය යුතුය.


දන්න ලංකාවේ සිටින ඕනෑම පුරවැසියකු රජයේ වියදම් අඩු කළ යුතුයැයි සිතන බව රහසක් නොවේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ ්‍රාදේශීය දේශපාලන ව්‍යුහ පවත්වා ගැනීමට විශාල මුදලක් වැය කරනු ලැබේ. උදාහරණයක් වශයෙන් අගමැති කාර්යාලයේ වාහන තුන්සියයකට වැඩි ගණනක් පාවිච්චි කරන බව පෙනේ. 

සංසන්දනයක් ලෙස එංගලන්තයේ රජයේ ප්‍රධානියා වන අගමැතිගේ කාර්යාලයෙහි වාහන 50ක්වත් තිබේදැයි සැක සහිතය.

ඒ නිසා මෙලෙස රටේ ජනතාවගේ බදු වැඩි කරන ගමන්ම එම බදු නාස්ති නො වන බව ජනතාවට පෙන්වා සිටීමත් රජයේ යුතුකමකි. ජනතාවගේ අදහස් රජයේ පාලනය තුළ නිරූපණය වන බව පෙනෙන්නේ එවිටය.

විශේෂයෙන්ම රාජ්‍ය උත්සව ාජ්‍ය පාලනයට වැයවන මුදල් හැකි තරම් අඩු කර එම බදු මුදල් කාර්යක්ෂම ලෙස රටෙහි සංවර්ධනය සහ ජනතාවගේ සේවයට වියදම් කරන බව රජය ජනතාවට පෙන්විය යුතුය.

මහජනතාව රජය තුළ නිරූපණය වන්නේ නියෝජනය වන්නේ එවිටය.


ඉතා පැහැදිලි උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක්කේ ළඟදී පැවැත්වෙන්නට නියමිත අපගේ නිදහස් උත්සවය යි. කෝටි ගණන් බදු මුදල් වියදම්කර මෙවැනි උත්සවයක් පැවැත්වීම, ඉතාමත් අමනෝඥ එසේම විකාරයක් වැනි ක්‍රියාවකි. එයට බොහෝ හේතු තිබේ. එයින් ප්‍රධානතම හේතුව නිදහස ලැබෙන විට ආසියාවේ ධනවත්ම රටක් ලෙස පැවතුණා නිදහස ලැබීමෙන් පසු මේ වන විට ණය ගෙවා ගැනීමට බැරි බංකොලොත් තත්වයට පත්ව තිබීමයි. 

විශාල නිදහස් උත්සව පවත්වා ඇත්තෙන්ම අප සමරන්නේ අපේ බංකොලොත්භාවය දැයි කෙනෙකු ඇසුවොත් අපට උත්තරයක් නැත.


Monday, October 10, 2022

Telephone doctor

 සති දෙකකට පමණ පෙර අපේ පවුලේ කෙනෙකුට, දරුණු කැස්සක් සෑදුණි. උදය සහ සවස නවත්වාගන්නට බැරි තරමට කැස්ස සහ සෙම උත්සන්න විය.

පුද්ගලික වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගත්තද අඩුවක් නොවූ නිසා ඔහුගෙන්ම තවත් වරක් දවස් 5කට පසු ්‍රතිකාර ලබා ගන්නට සිදුවිය.


එයිනුත් සුවයක් නො දුටු හෙයින් මේ පිළිබඳව ිශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැසීම සුදුසුයැයි අපි කල්පනා කළෙමු.

මේ සඳහා කුමන විශේෂඥ වෛද්‍යවරයෙක් සුදුසුද ඔහු ප්‍රතිකාර කරන්නේ කුමන ස්ථානයන්ගේ ද යන්න දැන ගැනීමට අපගේ නෑදෑයකු වන විශ්‍රාම ගත් මේට්‍රන්වරියකට  අපි කතා කළෙමු.

අප ගණනක් නැතිව දුරකථනයෙන් ඇයව ඇමතුවද එදින පොහොය දවසක් වූ නිසා ඇය ගෙදර ම සිල් සමාදන් වී ඇති බව ඇයගේ ස්වාමිපුරුෂයා කීවේය. එසේනම් පසුදින කතා කිරීමට හැකි යැයි පැවසුව ද ඔහු ඇයට දුරකථනය ගෙන ගොස් දුන්නේ ය.


ඇයට මේ පිළිබඳව පැහැදිලි කර කුමන විශේෂඥ වෛද්‍යවරයෙකු මේ සඳහා සුදුසු දැයි අපි ඇයගෙන් ඇසුවෙමු. 

ඇය මේ සඳහා ප්‍රසිද්ධ වෛද්‍ය වරයෙකු සහ වරියක ිර්දේශ කළ අතර වෛද්‍යවරයා වඩා හොඳ යැයි මතයක් තිබුණා වුවද ඔහුගේ ප්‍රතිකාර සඳහා අධික මුදලක් අය කරන බව කියා සිටියාය.

ඇය  නැවත වරක් රෝග ලක්ෂණ පිළිබඳව ප්‍රශ්න කිහිපයක් අසා ඇයටද මේ පිළිබඳව යම් අදහසක් ඇති හෙයින් මෙම රෝග ලක්ෂණවලට අනුව මෙය ඇලජික් රියැක්ෂන් එක විය හැකි බව පවසා බෙහෙත් වර්ගයක නම ලබා දුන්නාය. 

ඒ බෙහෙත් වර්ගය නිවස ලඟ ෆාමසියෙන් මිලට ගෙන  හවසට එක පෙත්ත බැගින් ලබා ගැනීම සුදුසු බවද ඇය කීවාය.


අප වෛද්‍යවරුන් දෙදෙනාගේම රෝගීන් පරීක්ෂා කරන ස්ථානවලට කතා කර ඔවුන් ඒ ස්ථානවලට පැමිණෙන වේලාවන් යනාදිය ලබාගෙන පසු දින එක් ස්ථානයකට යාමට ද යොදාගෙන, කෝකටත් එදින හවස ඇය කියූ බෙහෙත් පෙති වර්ග මිලට ගෙන එයින් එකක් එදින හවස රෝගියාට ලබා දුන්නෙමු.


ආශ්චර්යයකි; රෝගියාට එයින් පසු සුළුවෙන් හෝ රෝග ලක්ෂණයක් පැමිණියේ නැත. පසු දිනද රාත්‍රියට එලෙස බෙහෙත් පෙත්තක් ලබාගත් අතර පසු දින ද එසේ ම විය. අද තුන්වෙනි දෙන වන අතර රෝග ලක්ෂණ මෙතෙක් පැමිණියේ ම නැත.




Saturday, October 8, 2022

සජ්ජායනා

 කලිසම ටිකක් බඩ මුදුනින් අඳින්නට පුරුදු වූ මගේ මිතුරෙකු සිටියේය. 


අප දෙදෙනා වරක් සාදයකට සහභාගි වීම සඳහා ගියෙමු. එදින ඔහු ඇඳගෙන සිටි කලිසම ඔහු වෙනදා අඳිනවට වඩා තරමක් උඩට වෙන්නට ඇඳගෙන ඇති බව මටත් නිරීක්ෂණය වුණි. සාදයට පැමිණෙන මිතුරන් පිළිගැනීමට බලා සිටි සාදයේ අයිතිකරු,  කලිසම බඩ මුදුන් ඇඳගෙන සිටි මගේ මිතුරා දැක එතැන සිටි සියලු දෙනා හිනස්ස වමින් මේ කතාව කීවේය.

"මචං අපරාදෙ, ඔයා තව ටිකක් කලිසම උඩට වෙන්න මහ ගත්ත නම් කමිසයක් නැතුවම, ඇඳගන්න තිබුන"


මට මේ කතාව මතක් උනේ ඊයෙ සිරස නාලිකාවේ සජ්ජායනා නරඹමින් සිටියදී ය. 


ඊයෙ එම වැඩසටහනේ ගී ගැයූ බොහෝ දෙනෙකු ගේ ඇදුම් වල උඩ කොටස දනීස්සෙනුත් පල්ලෙහාට එල්ලෙන ලෙස, මසා තිබෙනවා දුටුවෙමි.


ඉහත හාස්‍ය කතාව මතක් වී මට සජ්ඣායනා බලමින් සිටියදී ඔවුන්ටත් ඒ තරම් දිග කමිස ඇඳ සිටිය දී  සරමක් වැය කිරීම නාස්තියක් බව සිතුනි.






Friday, October 7, 2022

ප්‍රශ්න හතර

 ඉංග්‍රීසි කාලෙ ලංකාවේ සේවය කළ පාකර් නැමති වාරිමාර්ග ඉංජිනේරුවෙකුගේ ලංකාවේ ජන කතා යනුවෙන් පොතක් කියවමින් සිටිමි.


ඒ පොතේ තිබූ අපූරු කතාවක් මෙහි ලියා දක්වන්නට සිතුනි.


වරක රජකෙනෙකු එකල සිටි සංඝරාජ වරයා ලැජ්ජා කිරීමට ඔහුගෙන් ප්‍රශ්න හතරක් ඇසුවේය.

 1. මුහුද කොතරම් ගැඹුරු ද

 2. අහසේ තරු කොපමණ තිබේද

 3. ලෝකයේ හරිමැද කොතනද

 4. ප්‍රශ්න වලට පිළිතුරු දෙන අවස්ථාවේ මගේ සිතේ තිබෙන්නේ කුමක්ද

මෙම ප්‍රශ්න හතර සංඝරාජ වරයාගෙන් අසා ඔහුට පිළිතුරු දීමට ඊළඟ පොහොය දවස දක්වා කල් දුන්නේය.


මේවා ඇත්තෙන්ම පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න බව නොකිව මනාය. සංඝරාජ වරයා මෙය දන්නා නිසා පන්සලට ව් කණගාටුවෙන් කාලය ගත කළේ තමන්ට දැන් ්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්වීමට සිදුවන නිසාය.

ඔහු කනගාටුවෙන් සිටින බව දුටු එම පන්සලේ විසූ වෙනත් භික්ෂුවක් ඒ ගැන සංඝරාජ වරයාගෙන් අසා සිටියේය. තමා කණගාටුවට පත්ව ඇති කාරණය පැහැදිලි කළ පසු එම භික්ෂුව පශ්චාත්තාප නොවන ලෙසටත් ඔහු එම ප්‍රශ්න වලට පිළිතුරු රජුට ලබා දෙන බවත් පවසා සිටියේය.

පිළිතුරු දීමට නියමිත දිනයේ භික්ෂුව සංඝරාජ වරයාගෙන් ඔහුගේ ධූරයේ නිල ආයිත්තම් යනාදිය ඉල්ලාගෙන සංඝරාජ වරයා ලෙස වෙස් වලාගෙන රජු හමුවීමට ගියේය.

රජු ඔහුගෙන් ප්‍රශ්න වලට පිළිතුරු ඉල්ලා සිටියේ සංඝරාජ වරයා ලැජ්ජාවට පත් කිරීමට බොහෝ උනන්දුවෙනි.

වෙස් වලා සිටි භික්ෂුව මෙසේ පිළිතුරු දුන්නේය.

රජතුමනි  ඔබ මුහුදට බහින විට මුහුද වළලූකර තෙක් ගැඹුරයි, තවත් මුහුද දෙසට ගමන් කරන විට දණහිසක් ගැඹුරුයි, තවත් ඉදිරියට යන විට උරහිසක් ගැඹුරුයි, තවත් ඉදිරියට ගියොත් ඔබටත් වඩා ගැඹුරුයි.


රජුට එම පිළිතුරට කිසිවක් කියන්නට තිබුණේ නැත. 

හොඳයි අහසේ තරු කීයක් තිබෙනවාද? රජු ඇසුවේය.

තරු ලක්ෂ විස්සයි, භික්ෂුව පිළිතුරු දුන්නේය. 

කොහොමද එහෙම හරියට කියන්නේ


ඔබ ගණන් කර බලන්න අහසේ හරියටම තියෙන්නෙ ලක්ෂ විස්සයි භික්ෂුවගේ පිළිතුරට රජුට කියන්නට දෙයක් නොවීය.


හොඳයි ලෝකයේ මැද තිබෙන්නේ කොතැනද, ඒ ප්‍රශ්නෙන් වත් සංඝරාජ වරයා හිර කර ගැනීමට රජු ඇසුවේය.


රාජ්‍ය සේවකයෙකු මගින් කුඩා කූඤ්ඤයක් ගෙන්වාගත් භික්ෂුව එය පොළොවේ  ගැසුවේය. 

මෙතන තමයි හරි මැද ඔබතුමා රාජපුරුෂයන් හතරදෙනෙකු ගෙන්වාගෙන මෙහි සිට හතර දිශාවට මැනගෙන යන්න කියන්න. ඒ හතර දෙනාගේ මැනීමේ දුර එක සමාන වනු ඇත.

ප්‍රශ්න තුනෙන්ම සංඝරාජ වරයා බේරුණු බව දුටු රජු සතරවෙනි ප්‍රශ්නයෙන් නම් ඔහු කෙසේ හෝ අසුවන බව දැන සිටියේය.

හොඳයි මගේ සිතේ දැන් තියෙන්නෙ කුමක්ද ඔහු භික්ෂුවගෙන් ඇසුවේය.


ඔබේ සිතේ තිබෙන්නේ මේ ඔබට කතා කරන්නේ සංඝරාජ වරයා බවයි. නමුත් ඔබේ සිතේ තිබෙන දේ වැරදි යි. මම සංඝරාජ වරයාගේ සිසුවෙකු වන්නෙමි.


තමා ප්‍රශ්න හතරෙන්ම පරාජය වු බව දුටු රජතුමා, භික්ෂුවට ඔහුගේ ස්ථානෝචිත ප්‍රඥාව ට ප්‍රශංසා කළේය.

ධර්මය දැකීම

 ධර්මය දැකීම


බුදුන් රෝගාතුර වී සිටින වක්කලී තෙරුන් බැලීමට යයි.


බුදුන් ඈතින් වඩිනවා දුටු වක්කලී තෙර ගෞරව කිරීම සඳහා නැගිටින්නට උත්සාහ කළේය. මේ දුටු බුදුන් වහන්සේ

 "වක්කලී ඔබ නැගිටින්නට අවශ්‍ය නැත මම වෙනත් ආසනයක අසුන් ගනිමි".  

බුදුහු අසළ පනවා තිබූ අසුනක හිඳ ගත්තේය.

"ඔබට දැන් යම් සනීපයක් දැනෙනවා ද, ඔබේ වේදනාවන් ඔබට ඉවසා දරාගත හැකිද, ඔබට ඇති වේදනාවන් අඩු වන්නේ ද වැඩි වන්නේ ද", යනුවෙන් බුදුහු අසා සිටියේය.


"නැත ස්වාමීන් වහන්ස මට හොඳක් දැනෙන්නේ නැත, මට වේදනාව දරා ගැනීමටත් අපහසුය, එම  වේදනාවන් ඉතාමත් දරුණු වන අතර ඒවා හොඳ පැත්තට යන ලකුණක් පෙනෙන්නටත් නැත. රෝගය තව තවත් උත්සන්න වන බවක් පෙනේ". වක්කලී මහණ පිළිතුරු දුන්නේය.

" ඔබට යම් ගැටලුවක් තිබේද වක්කලී ඔබ කණගාටුවට පත්කරන යම් කාරණයක් තිබේ ද" බුදුහු ඔහුගෙන් ඇසීය.


"එසේමයි ස්වාමීනි මට බොහෝ ගැටලු තිබේ, එසේම කණගාටු වීමට බොහෝ කරුණු ද තිබේ"


" ඔබ ජීවත් වුණු ආකාරය පිළිබඳව ඔබට කණගාටු වීමට හේතු තිබේද" බුදුහු ඔහුගෙන් ඇසීය.

"නැත ස්වාමීනී, සදාචාරාත්මක ලෙස ජීවත් වූ මට ඒ පිළිබඳව කණගාටු වීමට කිසිම කරුණක් නැත"


"බොහොම හොඳයි වක්කලී, යහපත් ලෙස ජීවත් වීම ගැන ඔබට ඔබ ගැන කනගාටුවක් වීමට හේතුවක් නැත්තේය, එහෙත් ඔබ සිතට වද දෙන යම් කනගාටුවක් සිතේ තිබීමට හේතුවක් තිබිය යුතුය ඒ කුමක්ද වක්කලී?"


" බොහෝ කලක සිට මට ඔබ වහන්සේ වෙත පැමිණ ඔබ වහන්සේ බැලීමට සිතේ බලවත් ආශාවක් තිබිණ. නමුත් මගේ දුර්වල ශරීරය, මට එම කාර්යය කර ගැනීමට ඉඩ දුන්නේ නැත"

" නවතිනු වක්කලී, මේ කුණු ශරීරයේ කෙනෙකුට බලන්නට තිබෙන්නේ කුමක්ද? සත්‍ය වූ ධර්මය අවබෝධ කරගන්නා තැනැත්තා සැමවිටම මා දකී. අනෙක් අතින් මා දකින තැනැත්තා ධර්මය දැකිය යුත්තේ ය.


කතාවෙන් ගත යුත්ත:-


බුදුන් දැකීමට අවශ්‍ය නම් ධර්මය අවබෝධ කර ගත යුතුය, වෙන කිසිවක් හරහා බුදුන් දකින්නට නොහැක.

Monday, September 26, 2022

Special security arrangements

 ඊයේ සිරස ප්‍රවෘත්ති වලට ඉතාමත් ශෝකජනක එසේම බියජනක ප්‍රවෘත්තියක් අඩංගු විය. 

එයින් කියවුනේ තමන්ගේ වැඩ අවසන් කර තරමක පාලු පාරක නිවෙස් බලා එමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ පර්ස් එක උදුරා ගැනීමට උත්සාහ කළ මෝටර් බයිසිකල් එකකින් පැමිණි යුවළක් පිළිබඳ ප්‍රවෘත්තියකි.

මෙය වැළැක්වීමට උත්සාහ කළ අසල නිවසක, ජීවත් වූ අපරාධයට ලක්වූ කාන්තාවන් දෙදෙනා ගෙන් කෙනෙකු ගේ පියා සහ ස්වාමිපුරුෂයා මෙය වැලැක්වීමට උත්සාහ කරද්දී, දෙදෙනාටම මංකොල්ලකරුවන් පිහියෙන් ඇන ඇති අතර තරුණ ස්වාමිපුරුෂයා මෙයින් මියගොස් ඇත. ඔහුගේ පියා රෝහලේ ප්‍රතිකාර ලබයි.


මේ සිද්ධියෙන් ගම්‍ය වන කරුණු මොනවාද? අප මේ මෙයින් ඉගෙන ගත යුතු පාඩම් මොනවාද?

 1.  රාත්‍රීයක මෙලෙස අප ඕනෑ කෙනෙක් මෝටර් බයිසිකලයක යුවලක් පැමිණෙනවා දුටුවේ නම් ඔවුන් සොර මුලක් යයි නොසිතනු ඇත. නමුත් දැන් කාන්තාවන් එවැනි මංකොල්ලකෑම් වලට සහභාගි නොවේ යැයි සිතන සිතිවිල්ල අප අයින් කර ගත යුතුව ඇත.

 2. හවස් වරුවේ විශේෂයෙන්ම විදුලිය විසන්ධි කර ඇති වෙලාවක මෙවැනි පාලු පාරවල්වල ගමන් කිරීමෙන් හැකිතරම් වැළකිය යුතුය. එසේ නොමැති නම් නිවසට කෝල් කර ගෙදරින් කවුරුහරි ගෙන්වා ගැනීමට උත්සාහ කළ යුතුය.

 3. එල්ලාගෙන යන පර්ස් එක, කෑම පාර්සල් එවැනි දේවල් පමණක් රැගෙනයාමට පාවිච්චි කළ යුතු අතර, මුදල් සහ කාඩ් යනාදිය සාක්කුවක හෝ එක්වරම උදුරාගත නොහැකි ආකාරයෙන් තබා ගත යුතුය. මෙවැනි අවස්ථාවක මං කොල්ලකරුවකු පර්ස් එක ඇදගෙන යාමට උත්සාහ කළොත් භයානක පොරයකට මැදි වන්නේ නැතිව එය let go කළ හැක. එසේත් නැත්නම් අසල නිවසක් ඇතුලට එය හැකි තරම් දුරට විසි කරන්නට පුළුවන.

 4. මෙවැනි වේලාවල වැඩ ඇරී ගෙදර එන කාන්තාවන් පොලිස් විසිල් එකක් වැනි යමක් තබා ගැනීම හොඳ යැයි පෙනේ. එවැනි සිදුවීමක් සිද්ධ වීමට යන බව දුටු විට එම විසිල් එක නාද කිරීමෙන් සොරුන්ට යම් චකිතයක් ඇති කරන්නට පුළුවන.

 5. මෙම කාන්තාවන් බේරා ගැනීමට පැමිණි පියා සහ පුතා, කිසියම් ආයුධයක් රැගෙන පැමිණි බවක් නොපෙනේ. එය ඉතාමත් අනුවන ක්‍රියාවකි. ඔවුන් මෙතනට එන විට ඇඳ පොල්ලක් හෝ එවැනි ආයුධයක් කරගත හැකි යමක් රැගෙන පැමිණිය යුතුවාක් මෙන්ම ඔවුන් එසේ ආයුධ සන්නද්ධව පැමිණෙන බව සොරුන්ට ඒත්තු ගන්වන්නට හැකි ආකාරයේ යම් ක්‍රමයක් පාවිච්චි කළ යුතුව තිබිණ. දෙතුන් දෙනෙකු එසේ පැමිණෙන බව මංකොල්ලකරුවන්ට තේරුණා නම් ඔවුන් එතැනින් පලා යන්නට බොහෝ ඉඩකඩ තිබිණ. රටේ තිබෙන තත්ත්වය අනුව දැන් හැම නිවසකම වාගේ මෙවැනි අවස්ථාවකට මුහුණදීමට යම් ආයුධ අඩු තරමෙන් බර පොල්ලක් වත් stand-by තබාගත යුතු අතර එයින් කෙනෙකුට පහර දෙන ආකාරය සතියකට දෙවරක් වත් පුහුණු වීමක යෙදෙන්නේ නම් මැනවි.

 6. මේ අප ගත කරන්නේ ඉතාමත් දුෂ්කර කාල පරිච්ඡේදයකි. ඉදිරිය තව තවත් භයානක වනු ඇත. මේ නිසා මෙවැනි ප්‍රහාරයක් නිවසට සිදුවූවොත් පවුලේ සාමාජිකයන් විසින් කුමන ඇක්ෂන් ගත යුතුද කුමක් කළ යුතුද යන්න පිළිබඳව සාකච්ඡා කරගෙන එම කටයුතු ද සති දෙකකට සැරයක් වත් රිහර්සල් එකක් කරනවා නම් ජීවිත බේරාගත හැකි වනු ඇත. උදාහරණයක් වශයෙන් එවැනි අවස්ථාවක කවුරුන්ට දුරකථන ඇමතුම් ලබා දිය යුතුද එම නම් නොම්බර මොනවාද යනාදිය පවා මේ පුහුණු වලට අඩංගු විය යුතුය.

 7. මෙහි එවැනි කාන්තාවන් රැකියාව කරන ආයතන වලටද යම් වගකීමක් ඇති වෙයි. මෙවැනි අවදානමක් සහිත අවදානම් සහිත පාළු මාර්ගවල රාත්‍රියට ගමන් කිරීමට සිදුවන කාන්තාවන් සොයා බලා ඔවුනට තරමක් ඉක්මණින් නිවසට යාමට හැකි වන පරිදි ඔවුන්ගේ රාජකාරි වෙනස් කිරීම සඳහා action ගැනීම එයින් එකක් වෙයි.

 8. මෙවැනි භයානක කාලවල ජීවත් වන කාන්තාවන් ද තමන්ගේ සමහර පුරුදු වෙනස් කර ගත යුතුය. උදාහරණයක් වශයෙන් කාර්යාලයට අඳින අඩි උස සපත්තු වැනි විලාසිතා වෙනුවට හදිසියකට දුවන්නට පුළුවන් sneakers දෙකක් පාවිච්චි කරනවා නම් වඩා හොඳ බව පෙනේ.

 9. අමතක වූ දෙයක් අවසානයට එකතු කරමි. තමන්ගේ නිවසේ වුවත් මෙවැනි මංකොල්ලකෑමක් සිදුවන්නට ඉඩ තිබෙන බව සිතා ආරක්ෂාව සඳහා පහසුවෙන් කළ හැකි නොයෙකුත් ්‍රමවේද යෙදීම ඉතාමත් වැදගත්ය. උදාහරණයක් වශයෙන් කෙනෙකුට ගෙවත්තේ ඇවිදින්නට පුළුවන්  ස්ථානවල රාත්‍රියේ නිදා ගැනීමට යාමට පෙර පොළොවේ සිට අඩි තුන හතරක් උඩින් ලණු ඇද තිබීම ‍රයෝජනවත් ආරක්ෂක ක්‍රමවේදයකි. අන්ධකාරයේ නොපෙනෙන නිසා කවුරු හෝ ඇවිදින්නට උත්සාහ කළොත් ඔහු කකුල් පැටලී වැටෙන්නට බොහෝ ඉඩකඩක් තිබේ. එසේ වූ විට එම සොරා බිය වීම පැන යාම ස්වභාවිකය. මෙයට කම්බියක් යෙදුවහොත් එහි විදුලිය තිබෙන්නට ඇතැයි සිතා හොරා තවත් බය වන්නට ඉඩ තිබේ.

10. මේ අතර කාන්තාවන් සේවයේ යොදවනු සමාගම්වලටද මේ පිළිබඳව, මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව , තම සේවිකාවන් දැනුවත් කිරීම, පිළිබඳව වගකීමක් ඇත. ඒවායේ දී එවැනි අවස්ථාවකට මුහුණ දුන්නොත් ්‍රතිචාර දැක්විය යුතු අන්දම ප්‍රායෝගිකව පෙන්වන වැඩමුළුවක් වරින්වර පැවැත්වීමද සුදුසු බව සිතේ.

11. අනෙක් කාරණය මේ සියල්ල සිදුවීමට ඉඩ ඇත්තේ කාන්තාවන්ට පමණක් යැයි සිතා,  පිරිමින් තමන්ට එවැනි තර්ජනයක් නැතැයි සිතීම එතරම් නිවැරදි නැත. අඳුරු හුදකලා ස්ථානවලදී විශේෂයෙන්ම හවසට මේ තර්ජනය පිළිබඳව අවධානයෙන් සිතීම කාට උනත් වැදගත්ය.

Friday, August 12, 2022

අම්මා අමා දහර කරුණා නිධානේ

 මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ අපට ජේෂ්ඨ වසරක සිසුවෙකු ඔහුගේ නිවෙස ළඟ දර මඩුවක සංගීත සන්ධ්‍යාවක් පැවතෙන බව කියා අප වසරේ තිදෙනකු අරලිය ගහ මන්දිරය අසල ස්ථානයකට එකතු කරගෙන  ගියේය. 

ඔහු අප එසේ එකතු කරගෙන ගියේ අපත් සමග තිබූ දැඩි මිත්‍රත්වය නිසා ය. හවස 07:00 ට පමණ අපි දර මඩුවට ගියෙමු. දර මඩුව තුළ පැදුරු මත සංගීත භාණ්ඩ තබා තිබූ අතර ඒ අසල කුඩා මේසයක මට මතක හැටියට අරක්කු සහ කසිප්පු පානය සඳහා පිළියෙල කර තිබිණ. ඒ දර මඩුව ්‍රදේශයේ තිබූ විශාලතම දර මඩුව ක් වූ අතර, එතන දර පලා ගොන් කරත්ත වලින් දර නිවෙස් වලට ගෙනගොස් විකුණනවා විය යුතුය.

සංගීත භාණ්ඩ සඳහා වාදකයන් ද  ඒ මුදලාලිගේ මිතුරන් කිහිපදෙනෙකු ද අප ද මෙම ස්ථානයේ සංගීත සැඳෑව සඳහා එතැනට පැමිණ සිටියෙමු.

මෙම සංගීත සැඳෑව පිළියෙල කර තිබුණේ එතන ගී ගයන නොයෙකුත් දෙනාගේ, ගීත පටිගත කිරීමට බව අප එතැනදී දුටුවෙමු. ඒ සඳහා තාක්ෂණික පුද්ගලයෙකුද ලොකු ඔසවාගෙන යා හැකි කැසට් යන්ත්‍රයක නොයෙකුත් adjusment කරමින් සිටිනු දැකිය හැකි විය. 

දර මඩුවේ මුදලාලි ංගීතයට ඉතාමත් ප්‍රිය කරන කෙනෙකු බව ඒ සංගීත සැඳෑවට එතන පිළියෙල කර තිබූ සැටියෙන්ම මනාව එතනට එන කෙනෙකුට පැහැදිලි වෙයි. මෙලෙස සෑම සතියේම සෙනසුරාදා හවසට එතැන සංගීත බජව්ව ක් මුදලාලිගේ අනුග්‍රහයෙන් පවත්වන බව මගේ මිතුරා අපට කීවේය.

ටික වේලාවකින් සංගීත සඳා ව පටන් ගත් අතර  මුදලාලි මුලින්ම පටිගත කිරීම සඳහා හැඳින්වීමේ කථාවක් කළේය.


කතාව පටන් ගත් විටම එතන සිටින ආරාධිතයින් පිළිබඳව මුදලාලි හැඳින්වීමක් කළේය. මගේ මිතුරා ඒ ප්‍රදේශයේ වැදගත් පවුලක කෙනෙක් වූ අතර මුදලාලි ඒ මිතුරා මෙතන සිටින බවත් ඔහුගේ පවුල පිලිබඳවත් වර්ණනාත්මකව හැඳින්වීම කළේය. මගේ මිතුරාට මෙය ඇසුණු පසු ඔහු ඔලුවේ අත් ගසා ගත්තේය. ඒ ඇයිදැයි මා ඇසූ විට ඔහු කීවේ දැන් මේ කැසට් එක මේ ප්‍රදේශයේම නිවෙස්වල අහන බවත් ඔහු මෙතැනට නිරන්තරයෙන් පැමිණෙන බව ගමේ මිනිසුන් දැනගත් විට එය ඔහුගේ පියාගේ කනට ද යා හැකි බවය.


මුදලාලි ඊළඟට සංගීත කණ්ඩායම හඳුන්වාදී සංගීත භාණ්ඩ පිළිබඳව ද පොඩි හැඳින්වීමක් කළේය. මට මේ කතාව තවමත් මතක තිබෙන්නේ එහිදී ඔහු කියූ කුඩා සමාන කිරිමක් නිසාය. ඒ

සංගීතය එළියට එන්නේ කම්බිය, වාතය සහ හමෙන් බවය. බොහෝ කලකට පෙර ඇසුනු එම ාස්‍යජනක සමාන කිරීම් මට තාමත් මතක තිබේ.


ඔහුගේ කතාවෙන් පසු සංගීත සාජ්ජය පටන් ගත් අතර සංගීත සාජ්ජය තැටිගත කිරීම් සඳහා මෙහෙයවන ලද්දේ මගේ මිතුරා විසිනි.


පැයක් දෙකක් යන විට මත්පැන් වල උදව්වෙන් සාජ්ජය නැගලාම ගිය අතර, සංගීත සැඳෑව ටත් වඩා එහි ප්‍රධාන පරමාර්ථය වූ ගී තැටි ගත කිරීම ඉහළින්ම කෙරීගෙන ගියේය. 


සෑම ගීතයකටම පසුව ඊළඟ ගීතය සහ එහි ගායනා කරන්න හඳුන්වාදීමට ඔහුට සිදු වූ නිසා අපේ ගමේ යාළුවා බොහෝ වැඩ අධික වූ අතර ිද්‍යා පීඨයෙන් එතැනට ගිය අප එතැන තිබූ අමුත්තන්ට සංග්‍රහ කිරීමේ වැඩපිළිවෙළ සතුටින් භුක්ති වින්දෙමු.


මෙහි බොහෝ ගායනා වූයේ අමරදේවගේ, සිසිර සේනාරත්න, ජෝතිපාල මිල්ටන් පෙරේරාගේ වැනි ගීත වූ අතර එහෙත් ඊට වඩා පැරණි රසාංග ද අතරින් පතර තැටිගත වෙනවා අප බලා සිටියෙමු.


ටික වෙලාවකින් මුදලාලිගෙ හොඳම ගෝලයෙකු වගේ පෙනුනු මාළු මාකට් එකේ සිරා නැමැත්තා තමන්ගේ ගීතය පටිගත කිරීමට පටන් ගත්තේය.


මෙම ගීතයේ වූයේ අම්මා අමා දහර කරුණා නිධානේ යන පැරණි ගීතයකි.

ඔහු මෙම ගීතය කියන්නට පටන් ගෙන ටික වේලාවකින් ම මුදලාලි කෝපයට පත්ව ඔහුගේ ගීතය පටිගත කිරීම නවත්වා ඔහු එතැනින් එළවා දැම්මේය.


පසුව අපට දැනගන්නට ලැබුණේ ඒ ගීතය මුදලාලිගේ ්‍රියතම ගීතයක් බවත් පටිගත කිරීමේ අවසාන ගීතය ලෙස මුදලාලි විසින්ම එම ගීතය ගායනා කරන්නට සැලසුම් කරගෙන සිටි බවය. 

මුදලාලි පසුව කියූ පරිදි මාළු මාකට් එකේ සිරාද මෙම කරුණ හොඳින් දැන සිට ඇත.


Thursday, August 4, 2022

ඇත්ත බයියෝ කවරහු ද?

 



පසුගිය කාලයේ බයියන් ගැන විශේෂයෙන්ම දේශපාලන බයියන් ගැන නොයෙකුත් මතිමතාන්තර සාකච්ඡා වෙනවා දුටිමි. මෑතක දේශපාලනයේ සිදු වූ උල්ටා බුල්ටා සිදුවීම් නිසා දැන් නැවත වරක් බයියන් පිළිබඳව අර්ථදැක්වීම් වෙනස් කරගන්නට සිදු වී තිබේ. බොහෝ ටොයියන් බයියන් වී ඇති අතර සුළු බයියන් පිරිසක් ටොයියන් වී ඇති බවද පෙනේ.

මෙයින් පෙනෙන්නේ මෙම මානසික තත්වය සදාකාලික හෝ ස්ථීර තත්ත්වයක් නොවන බවය.

බයියන් ගැන කතා කරන විට මට පොඩි කාලේ මතකයත් ද සිහියට නැගේ. ඒ කාලයේ, මම හිතන්නේ ගල්ඔය ව්‍යාපාරය නිසා, බොහෝ ගොවියෝ රජයෙන් ඉඩම් ලැබී, ඈත පළාත්වල ගොවිතැන් කිරීමට ගියහ.

ඔවුන් එහිදී මුදල් හම්බකරගෙන ආපසු ගම් වලට තම නෑයන් බලන්න ට එනම් විට ලොකු radio බොහෝවිට කැසට් රෙකෝඩර විය යුතුය කරේ තබාගෙන පැමිණියහ. ඒ තමන් යම් සමාජ තත්ත්වයකට පැමිණියේ ඇති බව ්‍රදර්ශනය කිරීමට විය හැකිය. මේ පිරිස් එකළ තරමක් හාස්‍යයට men හඳුන්වන ලද්දේ බයියන් එසේත් නැත්නම් කොළණි කාරයන් යන පදයෙනි.

මම කලකට පසුව 1983 වසරේය ලුතිනන් වරයෙකු වශයෙන් එක්සත් ජනපදයේ රහස් තොරතුරු විශ්ලේෂණය කිරීමේ පුහුණු පාඨමාලාවක් සඳහා ගියෙමි.

මේ පාඨමාලාවට ගොස් සිටින විට ඇමරිකාවේ කොතරම් බයියන් සිටි දැයි මට දැකගන්නට ලැබුණි. ඒ අපේ පුහුණුව තිබූ කදවුර අසල නගරයේ, san diego නගරයේ, නිතරම දුටු දර්ශනයකිනි.

එය දර්ශනය බොහෝ නාවික හමුදා සාමාජිකයින් තමන්ගේ කරේ ලොකු රේඩියෝ කැසට් ප්ලේයර් තබාගෙන තමන්ගේ නිල ඇඳුමෙන්ම පාරේ ගමන් කිරීමයි, සමහරවිට ඔවුන් වැඩ අවසන් කර තම වාසස්ථාන බලා යනවා විය හැක. 

මට මුලින්ම මේ අය දැක තනියම හිනහව නවත්වා ගන්නට නොහැකි වූයේ ලංකාවේ එකල කොලනි කාර්යන් මතක් වූ නිසාය.

මට සිතෙන ආකාරයෙන් නම් ලංකාවේ බයියන්ගෙ හැසිරීම පහත ආකාරය.


 1.  ඔවුහු සැමවිටම ාජ්‍ය ව්‍යාපාර වලට ලොකු ඇල්මක් දක්වති.

 2. එසේම ුද්ගලික ව්‍යාපාර වලට බලවත් ක්‍රෝධයක් පෙන්වති.

 3. රජයේ සැමවිටම සහනාධාර දියයුතු බව සිතති.

 4. එසේ සහනාධාර දීමට රජයට මුදල් ලැබෙන්නේ කෙසේදැයි නොසිතති.

 5. සැමවිටම රුසියාවට සහ චීනයට පක්ෂ වෙති

 6. අතිශය ඇමරිකා විරෝධීන් වෙති., ඇමරිකාව සැමවිටම මුළු ලෝකය ම අල්ලා ගැනීමට 24×7 කුමන්ත්‍රණය කරමින් සිටින බව කල්පනා කරති.

 7. මේ ලෝකයේ සෑම විටම බටහිර රටවල් ුමන්ත්‍රණය කරමින් සිටින බව ඔවුහු සිතති.

 8. ලංකාව මුළු ලෝකයටම වටිනාම රටක් බවත් එය අල්ලා ගැනීමට ලෝකයේ සියලු බලවතුන් කැස කවමින් සිටින බවත් සැක කරති.

 9. ලංකාව වටා තිබෙන මුහුද ලංකාවට අයිති බවත් ඒ මුහුදේ පතුල බොහෝ වටිනා නිධානයන් ගෙන් පිරි ඉතිරී යන බවත් සිතති.

10. ලංකාවේ භූගෝලීය පිහිටීම ඉතාමත් විශේෂීය බවත් ලෝකයේ චුම්බක ක්ෂේත්‍රය මේ රටට බලපාන්නේ බොහෝ වෙනස් ආකාරයකට බවත් සිතති.

11. ලෝකයට ඉතාමත් අවශ්‍ය මූල ද්‍රව්‍ය ලංකාවේ පොළොව තුළ පිරී තිබෙන බවත් අප ඒවා හරි විදිහට සුද්ද කර ගන්නේ නැතිව පිටරටට අඩු මුදලට විකිණීමෙන්, අප බොහෝ පාඩු කරගන්නා බවත් සිතති.

12. මුළු ලෝකයටම වල්අලි පවත්වාගැනීම අපගේ වගකීමක් බව සිත නතර ඒ නිසා ගොවියන් දුක් විඳීම සහ මියයාම  තරම් ලොකු ප්‍රශ්නයක් ලෙස නොසිතති.

13. රජය විසින් කරන ලබන ්‍යාපාර කොතරම් පාඩුවක් ලැබූවත් ඒවාට පුද්ගලික කළමනාකරණයක් ලබා දීම වැරදි බවත් අප කෙසේ හෝ එම පාඩුව රජයේ කළමනාකරණයේ තිබියදී ම අඩු කර ගත යුතු බවත් සිතති.

14. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම, ඒ තරම් ප්‍රශ්නයක් කර ගත යුතු නොවන බව සිතති. එසේම යුක්රේනය වැනි බලයෙන් අඩු රටක් රුසියාව වැනි බලගතු රටකට අකීකරු වීම යුක්රේනය විසින් කරන ලද වැරැද්දක් බව සිතති.

15. ඕනෑම රටක මෝක්ෂය තිබෙන්නේ එම රට අනෙකුත් රටවල් වලින් ස්වයංපෝෂිත වීමෙන් යයි සිතති.

16. අප නොයෙකුත් නිෂ්පාදන පිටරට වලට අපනයනය කළ යුතු අතර අප කිසිවක් පිටරටින් ආනයනය කළ යුතු නොවේ යැයි සිතති.

17. මන්නාරම් ද්‍රෝණියේ බොහෝ වටිනා ඉන්ධන තැන්පතු තිබෙන බවත් අපට ඒවා තවමත් ගොඩ ගැනීමට හැකියාවක් නොලැබුණු බවත් සිතති.

18. අධ්‍යාපනය නොමිලේ දියයුතු බවත් ඉන්පසු විශ්වවිද්‍යාලය දක්වා උගන්වා උපාධිය ලබා ගැනීමෙන් පසු රජයේ ම රැකියාවක් ද බවත් සිතති.

19. පුද්ගලික විශ්ව විද්‍යාල අරහං වෙති.

20. රජය පතුලක් නොමැති ළිඳක් බවත් එහි පුරවා ඇත්තේ ධනය බවත් සිතති 21.විදේශික සමාගම් හෝ විදේශිකයකු ලංකාවේ යම් ව්‍යාපාරයක් අරඹන්නට යන විට ඔවුන් ලංකාව අල්ලා ගන්නට යනවා යැයි සිතති.

22. ලෝකයේ බොහෝ දියුණු රටවල් පවා තමන්ගේ රටෙන් විදේශිකයන්ට දේපළ මිලදී ගැනීමට ඉඩදී එසේම ධෛර්යමත් කරද්දී ලංකාවේ සුද්දෙක් දේපළක් මිලදී ගැනීමට උත්සාහ කළොත්ය එය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් යැයි සිතති.

23. රාවණා ගුවනින් ගමන් කිරීම වැනි මනඃකල්පිත කතාවන් ඇත්ත යයි සිතති.

24. අපේ රට සම්පූර්ණයෙන් ස්වයංපෝෂිත විය යුතු අතර අප වෙන රටවලට බොහෝ දේ අපනයනය කළ යුතු බව සිතති.

25. අපේ රටේ ජනයා ඉතාමත් තීක්ෂණ බුද්ධියෙන් යුක්තවන අයත් අර ඔවුනට රජය උදව් කරනවා නම් බොහෝ නව නිෂ්පාදන කළ හැකි බව සිතති.




Wednesday, August 3, 2022

මහාවංශය 8


https://lakshmanillangakoon.blogspot.com/2022/07/7.html?m=1

සිට


 හත්වන පරිච්ඡේදය.


පඩුවස් දෙව් රජුගේ ඔටුනු පැලඳවීම.



පඩුවස්දේව  (444-414)



ලෝක ඉතිහාසය මෙකල:- 


430 , ග්‍රීසියෙහි ඩිමොක්‍රටුස් පදාර්ථය සෑදී ඇත්තේ බෙදිය නොහැකි කුඩා අනුවලින් බව පවසා, එයට ඇටොමෝස් යන නම තබයි. 


450, රෝමානු නීතිය පාලකයන් විසින් තමන්ට ඕනෑ ආකාරයට පාවිච්චි කරන බව කියා, රෝමානුවන් ලෝහ තැටිවල සියලු දෙනාට බලා ගැනීම සදහා නීතී ලියා තබනු ලබයි.



තමන්ගේ අවසාන කාලයේ, “මා දැන් වයස් ගතව සිටින්නෙමි, මට රාජ්‍ය බාර දීමට පිරිමි දරුවෙකුද නැත්තේය. මේ තරම් අමාරුවෙන් ගොඩ නගන ලද, මේ රාජ්‍යය අරාජිතව විනාශ වී යන්නට පුලුවන. එමනිසා මාගේ කනිෂ්ඨ සොහොයුරු සුමිත්ත ලංකාවට ගෙන්වා රජය භාර දිය යුතුය.” විජය රජු සිතුවේය.


 ඉන්පසු ඔහු තම අමාත්‍ය වරුන්ගෙන් කැමැත්තද රැගෙන, සුමිත්ත කුමරුට මෙහි පැමිණෙන ලෙස ඉල්ලා, ලිපියක් යැවීය. ලිපිය යවා ටික කලකින් විජය රජු මිය ගියේය.


 විජය රජු මියගිය පසු, ඔහුගේ ඇමතිවරු උපතිස්ස ගම සිට, සුමිත්ත කුමරු පැමිණෙන තෙක් රාජ්‍ය මෙහෙය වූහ. විජය රජු මියගිය දවස සිට, කුමරෙකු සිංහපුරයෙන් පැමිණෙන තෙක්, සම්පූර්ණ අවුරුද්දක් රජ කෙනෙකු සිටියේ නැත. (වර්තමානයක් කාලේ මෙය සිදුවූයේ නම් රජවීමට පොර කා එකිනෙකා කුලල් කාගෙන වසානයේ අමාත්‍ය මණ්ඩලය නැති භංග වීමට බොහෝ ඉඩ තිබිණ)


 පණිවුඩකරු එරටට යන විට, සිංහපුරයෙහි සිංහබාහු රජු මියගොස්, ඔහුගේ පුත් සුමිත්ත කුමරු රජ වී සිටියේය. ඔහුට මධ්‍ය රට කුමාරිකාවට දාව, පුතුන් තිදෙනෙකු වූහ. තානාපති, විජය රජුගේ ලිපිය සුමිත්ත රජුට පිලිගැන්වූ විට, ඔහු තම දරුවෙන් තිදෙනා කැඳවා ඔවුන්ට මෙසේ පැවසීය


"දයාබර දරුවනි, මම දැන් මහලු වී සිටිමි. ඔබ තිදෙනාගෙන් එක් අයෙකු, මාගේ සහෝදරයාගේ ඉතාමත් අලංකාර එසේම සෑමදෙනාටම ප්‍රිය වූ, ලංකා රාජ්‍ය වෙත යා යුතුය; මගේ සහෝදරයාගේ ඒ ශේෂ්ඨ රාජ්‍යයේ ඔටුනු පැළඳිය යුතුය.”


           රජුගේ බාලම පුතා වූ පඩුවස් දෙව් කුමාරයා, ලංකා රාජ්‍යයට යෑමට, කැමැත්ත පල කලේය. ඔහු ඒ සඳහා සියලු අවශ්‍යතාවයන් සපුරා ගෙන, පිය රජුගේ සුභාශිංසනයද සහිතව, තම පියාගේ ඇමතිවරුන්ගේ දරුවන් තිස් දෙදෙනෙකුද  සමග, බමුණන් සේ වෙස් වලාගෙන,(වෙස් වලා ගෙන යාමට කුමන හේතුවක් මුල් වූයේදැයි ්‍රශ්නයකි. සමහරවිට ලංකාව අල්ලා ගැනීමට තවත් රාජ්‍යයන් බලා සිටියා වන්නට පුළුවන) ලංකාවට යාමට නැව් නැග්ගේය. ඔවුන් රැගත් නැව, මහකන්දර ගඟ මෝය කට අසලින්, ගොඩබිමට පැමිණියේය. එහි සිටි ජනයා බමුණන් දුටු විට ඔවුන් ගෞරවයෙන් පිලිගත්හ. 


          කුමාරයා ඇතුලු පිරිස, අගනුවරට යන මාර්ගය ජනයාගෙන් අසා, කලබලයකින් තොරව උපතිස්ස ගම වෙත පැමිණියහ. මේ අතර පැමිණිමට සතියකට පමණ පෙර, අමාත්‍ය මංඩලයේ උපදෙස් අනුව, අමාත්‍යවරයෙකු,  නිමිති කියන්නෙකු ගෙන්, කුමරුගේ පැමිණීම පිළිබඳ විමසා සිටියේය. මෙම නිමිති කියන්නා, 


          “මෙයින් සතියකට පසු, ඔබ බලාපොරොත්තු වන කුමරු මෙහි පැමිණෙයි, ඒ කුමරුගේ කෙනෙකු, ලංකාවේ රාජ්‍ය  කරන අතර තුර, බුද්ධ සාසනයද පිහිටුවනු ඇත.” යැයි පැවසුවේය. 


The coronation of the king panduwasdeea 



 Panduvasdeva (444-414)



 World history this time:-


 430, Democratus of Greece says that matter is made up of indivisible particles, naming them atomos.


 450, Roman law was used by the rulers as they saw fit, and the Romans wrote down the laws on metal plates for all to see.


In his last days, he said, “I am now old and have no son to hand over the kingdom .  This state, built with so much difficulty, can be destroyed in anarchy.  Therefore, my younger brother Sumitha should be brought to Sri Lanka and handed over  the government."  King Vijaya thought.


 Then he sent a letter asking Prince Sumitta to come here, taking consent from his ministers.  Shortly after the letter was sent, King Vijaya died.


 After the death of King Vijaya, his ministers ran the kingdom from the village of Upatissa until the arrival of Prince Sumithra.  From the day King Vijaya died, until a prince arrived from Sinhapura, there was no king for a whole year.


 When the messenger went there, King Sinbahahu of Sinhapura had died and his son Prince Sumitha had become the king.  He had three sons by a  princess of Madhya Rata.  When the ambassador received King Sumitta's letter from King Vijaya, he summoned three of his children and said to them:


"Dear children, I am old now.  One of you three must go to my brother's most beautiful and universally beloved kingdom of Ceylon;  To be crowned in that great kingdom of my brother."


 Prince Panduvas Dev, the youngest son of the king, expressed his desire to go to Ceylon.  He fulfilled all the requirements for that, and with the blessings of his father,  along with thirty-two children of his father's ministers, disguised himself as a monk and boarded a ship to go to Ceylon.  The ship carrying them landed near the mouth of the Mahakandara river.  When the people saw the Brahmins, they received them with respect.


 The group, including the prince, heard from the people the way to the capital, and arrived at the village of Upatissa without any disturbance.  Meanwhile, about a week before the arrival, according to the instructions of the Council of Ministers, a minister inquired from an oracle about the prince's arrival.  He  said 


 "A week from now, the prince you expect will come here, and one of those princes, while reigning in Ceylon, will also establish the Buddha Sasana." 

Sunday, July 31, 2022

මහා වංශය 7

 

https://lakshmanillangakoon.blogspot.com/2022/07/6-6.html?m=1

අද එතැන් සිට

මේ වන විට විජයට කුවේනිය ගෙන්

 පුතෙකු හා දුවක ලැබී තිබිණ. විජය කුමරු මදුරපුර කුමරියගේ පැමිණීම අසා,



 “සොඳුර ඔබ අපට වඩා වෙනස් නිසා, මාගේ පිරිවර නිතරම බයෙන් ජීවත් වෙති. ඒ නිසා දරුවන් මෙහි තබා මෙම නගරයෙන් පිටවී යනු මැනව”. කීවේය. මෙය ඇසූ කුවේනිය අනෙක් යක්ෂයින් තමන් මුලින් කල දෝහිකම් නිසා දඩුවම් කරන බව දැන, මහත් බියට පත්වූවාය. විජය කුමරු මෙය දැක “ඔබ සදහා රන්මසු දහසකින් බලි දානයක් කරවමි” යැයි කීවේය. ඇය බොහෝ වරක් ඉල්ලා සිටියද, විජය තම තීරණය වෙනස් නොකල හෙයින් තමනට මෙයින් අනතුරක් වන බව හොදින් දන්නේ වුවද,  දරුවන්ද රැගෙන ලංකාපුර වෙත ගියාය. (මෙයින් පෙනෙන්නේ විජය කුමරු ලංකාවට ඒමට පෙර මෙහි ජීවත් වූ පිරිස් මේ වනවිටත් බලකොටු නගර වල ජීවත් වී ඇති බවයි)



 දරුවන් එලියේ හිඳුවා ඇය නගරය තුලට ගිය ඈ දුටු යක්ෂයන් ඇය නැවතත් ඔත්තු බැලීමට පැමිණ ඇතැයි සැක කර, ලොකු කලබගෑනියක් ඇතිවිය. සැර පරුෂ යක්ෂයෙකු ඇය එක් පහරකින්ම මරණයට පත්කලේය.



 ඇයගේ මවගේ සහෝදරයෙක් මෙය දැක නගරයෙන් පිටතට ගොස් කුවේනියගේ දරුවන් ගෙන් ඔවුන් කවුරුන්දැයි විමසුවේය. ඔවුන් කුවේනියගේ දරුවන් යැයි දැන



 “ඔබගේ මව මරා දමන ලද්දේය. ඔබත් මෙතන සිටියොත් ඔවුන් ඔබවත්  මරා දමනු ඇත. වහාම පලා යන්න” යනුවෙන් ඔවුනට අවවාද කලේය.


ඔවුහු  එතනින් සුමනකූටයට(සමනල කන්ද) පලා ගියහ. එහිදී වැඩි මහලු සහෝදරයා නැගනිය සමග විවාහ වී කඳුකරයේ රජු ගෙන් අවසර ගෙන එහි ජීවත්වූහ. පුලින්ද ජනයා (බොහෝවිට වැද්දන් විය හැකිය) ගෙන් ඇතිවිය.


 පන්ඩු රජුගේ තානාපතිවරු මදුර රට සිට පැමිණි පිරිස් රජ කුමරිය මූලික කොට විජය කුමරු වෙත පඬුරු සහිතව බාර දුන්හ. විජය කුමරු දූතයන්ට සත්කාර සම්මාන කොට තමන්ගේ ඇමති වරුන්ට සුදුසු පරිදි කුලඟනන් විවාහ කර දුන්නේය. ඔහුගේ ඇමතිවරු සැනකෙලි පවත්වා විජය කුමරුන් රාජාභිෂේක කලහ. ඉන්පසු විජය රජතුමා, පඩි රජුගේ දියණිය විශාල උත්සවයක් පවත්වා අඟ මෙහෙසිය තනතුරට පත් කර ගත්තේය. තමන්ගේ ඇමතිවරුන්ට බොහෝ වස්තුව දුන්නේය. එසේම තම මහේෂිකාවගේ පියානන් වූ පඩි රජු වෙත, අවුරුදු පතා රන් කහවනු දෙලක්ෂයක් වටිනා සක් මුතු යැව්වේය. (තම්බපණ්ණි රාජධානිය වාර්ෂිකව පඬුරු යවන උප රාජ්‍යයක් බවට පත්ව ඇති බව පෙනේ. එසේම මෙතරම් ධනය මේ ටික කාලය තුළ එකතුව තිබීමෙන් ම, විජය කුමරු පැමිණෙන ට පෙර සිටම  ප්‍රදේශය සශ්‍රීක පලතක්ව තිබුණු බව පෙනේ.)

ව්ජය රජතුමා තරුණ කල විශමාචාරයෙහි යෙදුනද, ලංකාවේ රජ වූ පසු අවුරුදු තිස් අටක් තම්බපන්නී නගරයේ සිට දැහැමින් සෙමින් රට පාලනය කලේය.



By this time, Vijaya had a son and a daughter from Kuveniya.  When Prince Vijay heard the arrival of Princess from  Madurapura,he went to Kuweni and said 



 “My people always live in fear because you are different from us, dear.  So leave the children here and go away from  this city”.   Hearing this, Kuveni was very afraid, knowing that the other demons would punish her for the traitorous act  she commited earlier.  Prince Vijaya saw this and said, "I will make a sacrifice of a thousand gold coins for you."  Although she requested many times, Vijaya did not change his decision, knowing full well that she would be in danger, so she took her children to Lankapura. ( It appears that the people who lived before Vijaya, were living in cities even at this time)



 She left children  outside and  went into the city, her people suspected that she had come to spy again, and there was a great commotion.  A fierce man  killed her with a single blow.



 A brother of her mother saw this and went out of the city and asked Kuveni's children who they were.  Having come to know that they are the children of Kuveniya



 “Your mother was killed.  If you stay here they will kill you too".  He warned them to run away immediately.


They fled from there to Sumanakoota (sripada)mountain.  There the older brother married the younger sister and got permission from the king of the mountains and lived there.  The Pulinda people descended from them. ( Most probably present day Veddas)


 The ambassadors of King Pandu led the people from Madura and handed them over to Prince Vijaya.  Prince Vijaya treated them well  and married  young women  to his ministers as befits them.  His ministers celebrated  and crowned Prince Vijaya.  Then King Vijaya married the daughter of King Pandu and made her  his queen.  He gave a lot of wealth to his ministers.  He also sent pearls and conch shells  worth of  two lakhs of  gold to King Pandu, annually to  the father of his wife. ( The ability to send such a large, annual gift points to that this small Kingdom was very rich even before arrival of Vijaya. Also this annual gift make it looks like that Kingdom of thambapani, probably had made some arrangement, with Kingdom of Madurai, to assist them if they are  attacked)



 Although King Vijaya misbehaved  when he was young, after becoming the king of Sri Lanka, he ruled the country from the city of Tambapanni with righteousness for thirty-eight years.

Thursday, July 28, 2022

6 මහා වංශය 6

 https://lakshmanillangakoon.blogspot.com/2022/07/4-4_26.html?m=1

ඉන්පසු “වහා මගේ මිනිසුන් මෙතනට රැගෙන එනු” යනුවෙන් ඇයට අණ කලේය. ඇය ඔවුන් ඔහු වෙතට රැගෙන ආවාය.



 “මාගේ මිනිසුන් මහත් බඩගින්නෙන් පෙලෙති”, විජය කුමරු ඇයට දැන්වූයේය. ඉන්පසු ඇය විසින් කොල්ල කන ලද වෙළද නෞකාවල තිබූ ආහාර ගබඩාවන් විජය කුමරුට දුන්නාය.



 විජයගේ පිරිස බත් සහ අනෙකුත් මාලු පිනි පිළියෙල කලහ. ඔවුන් පලමුව විජය කුමරුට ආහාර පිලිගන්වා ඔවුන්ද ආහාර ගත්හ.



 විජය කුමරු කුවේනියටද ආහාර පිලිගැන්වූයේය. එම ආහාර අනුභව කල ඈ මහත් සතුටට පත්විය. වයස දහසයක පමණ රූමත් තරුණියකගේ පෙනුමක් ආවේශ කරගත් ඇය මනා ආභරණයන් ගෙන් සැරසී විජය වෙත ආවාය. ලොකු ගසක් මුල ඇය මනරම් යහනක් තබා එය වටා සහ උඩින් අලංකාර වියනකින් ආවරණය කලාය. විජය කුමරු එය දැක අනාගත අභිවෟද්ධිය තකා ඇය සමග යහන් ගතවිය. පිරිවර ජනයා එම කූඩාරම වටා ලැගුම් ගත්හ.



 රාත්‍රියෙහි විජයට සංගීතයත් සමග ගී හඩක් ඇසී “ඒ ඇසෙන්නේ කවර ශබ්දයක්ද? කුවේනිය ගෙන් ඇසීය.



 “සියලු යක්ෂයන් මරවා ලංකා රජය මා ස්වාමියාට දිය යුත්තේය. එසේ නොකල හොත් මේ මිනිසුන් සමග වාසය කල නිසා මගේ නෑයන් විසින් මා මරා දමනු නොඅනුමානය”. යැයි සිතූ කුවේනිය



 “මෙහි ශීර්ෂ වස්තු නම් නුවරක් වෙයි. ලංකා නමැති නගරයෙහි නායකයාගේ දියණිය, ශීර්ෂ වස්තු නගරයෙහි කුමාරයෙකු හා විවාහය සඳහා මේ නගරයට පැමිණ ඇත. ඇයගේ මවද මෙහි පැමිණීමට නියමිතය. එම විවාහය සැමරීමට සත් දිනක් පැවැත්වෙන එම උත්සවය අදත්  සිදුවේ. බොහෝ පිරිස් ඒ සදහා මෙහි පැමිණ ඇත. අද දින ඔවුන් විනාශ කලේ නැත්නම්, නැවත ඔවුන් විනාශ කිරීමට මෙතරම් පහසු අවස්ථාවක් නොලැබෙන්නේය.” යැයි පැවසුවාය.



 “ඇහැට නොපෙනෙන ඒ යකුන් මම මරන්නේ කෙසේද?” විජය ඇසුවේය.



 “ මම නොයෙකුත් තැන සිට කෑ ගසමි, යම් තැනකින් ශබ්දය ඇසෙන්නේ නම්, ඒ හඩට පහර දෙනු මැනව, ආයුධය මගේ බලයෙන් ඉලක්කය වෙත යනු ඇත.” ඇය පිළිතුරු දුන්නාය. (අන්දකරයෙ පහර දුන් නිසා විය හැක)



 මේ උපදේශයට අනුව කටයුතු කර විජය කුමරු, තම සේනාව සමග නගරයට පහර දී සියලු යකුන් මරා ජය ගත්තේය. මියගිය යක්ෂ රජුගේ ආභරණ තමන් පැලඳ අනෙකුත් ආභරණ තම සේනාවට ලබා දුන්නේය. කීප දවසක් එම නගරයේ වාසය කර ආපසු තම්බපන්නී පෙදෙසට ගොස්, එහි තම්බපන්නී නම් නගරයක් ඉඳිකර කුවේනියත් සමග එහි වාසය කලේය. ( මෙම නගරය අනුරාධපුරයට සැතපුම් විසිහතරක් උතුරෙන  පිහිට වූ නගරයක් විය හැකි බව ටෙනන්ට් ඇතුළු ඉංග්‍රීසි ඉතිහාසඥයන් සිතූහ. නගරයට පහර දීම දිනාගත් පසුව ඒ අතහැර වාලුකා තලයකට යාම පුදුමසහගතය. බොහෝවිට මුතු බෙල්ලන් සඳහා කිමිදීම නිසා විය හැක)


මෙලෙස මේ පලාතට සහ මුලු රටටම තම්බපන්නී යන නම ඇතිවූයේ, විජය සහ පිරිස මුලින්ම වෙරළට පැමිණ විවේක ගැනීමට බිම ඉඳගෙන අත් බිම තැබූ පසු, නැවත නැගිටින විට අත් රතු පසෙන් රත්පැහැ ගැන්වී තිබුන නිසාය. සිංහබාහු රජු සිංහයා මැරූ හෙයින් ඔහුගෙන් පැවත එන විජය ඇතුලු පිරිස, සිහල ජාතිය ලෙස හැදින්වේ.



 රටේ නොයෙකුත් ස්ථාන වල විජයගේ ඇමතිවරු ජනාවාස පිහිටුවන ලදි. අනුරාධ නම් ඇමතියෙකු කඩම්බ ගඟ (මල්වතු ඔය) අසල අනුරාධ ගම නමින් ජනාවාසයක්ද, විජයගේ පූජකයා වූ උපතිස්ස ගම්භීර ගඟ අසල උපතිස්ස ගම නම් ජනාවාසයක්ද, පිහිට වූ අතර උජේනි උරුවෙල සහ විජිත ඇමතියෝ ඔවුන්ගේ නම් වලින් ගම්මාන පිහිටවූහ. මෙසේ ජනපද පිහිටුවා අවසන, ඇමතිවරු විජය කුමරුන් ගෙන්  රාජාභිෂේක වන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් විජය කුමරු රාජ වංශයේ  මෙහෙසියක නොමැතිව ඔටුනු පැලදීමට නොකැමති විය.



 ඇමතිවරු විජය කුමරුගේ අභිෂේකය කරන්නට ඇති ඕනෑකම නිසාම, සියලු සැකයන් දුරු කරගෙන වටිනා මුතු මැණික් ආභරණ තෑගි සමග දකුණු ඉන්දියාවේ මදුරා රාජ්‍යයෙහි (වර්තමානයේ chennai නගරයට උතුරින් පිහිටි ප්‍රදේශය) රජුගේ දියණිය විජය කුමරා සදහා මෙහෙසියක්  ලෙස  ඉල්ලුම් කර පණිවිඩ කරුවන් යැවූහ. එසේම ඇමතියන් සහ අනෙක් පිරිස් සදහා ගැලපෙන කුලඟනන්ද ඉල්ලා යැවූහ.



 පණිවිඩ කරුවන් රැගත් නැව මදුර පුරයට පැමිණි පසු, ඔවූහු රජු වෙත ගොස් තෑගි සහ රාජකීය පණිවිඩය මදුර පුරයේ රජු වෙත ඉදිරිපත් කලහ. තමන්ගේ දියණිය යැවීමට තීරණය කල රජතුමාට ඇමතිවරු සදහා තවත් කුලඟනන් සියයක් පමණ තම නිලධාරීන්ගේ පවුල් වලින් ලබාගත හැකිවිය. (මේ රජතුමාගේ ප්‍රතිචාරයෙන් ඒ වන විටත් ලංකාව න්දියාවේ එම ප්‍රදේශවල බොහෝ ප්‍රසිද්ධව පිළිගැනීමක් ඇතිව තිබූ බව පෙනී යයි) තවත් කාන්තාවන් පිරිසක් මේ සදහා යැවීමට ලබා ගැනීම සදහා, රජතුමා මෙම පණිවිඩය අඬබෙර ගසා ප්‍රසිද්ධ කලේය.



 “ලංකාවට දූවරු යවනු කැමැත්තෝ ඔවුන් සදහා ඇඳුම් කට්ටල දෙකක් සකසා ගේ දොරට පිටතින් තැබිය යුතුයි. එවිට ඒ නිවසින් දියණියක් යැවීමට කැමති බව අපට දැනගත හැකිය”.



 මෙලෙස රජු අවැසි පමණට කුලඟනන් ලැබුනු පසු, ඔවුන්ගේ පවුල් වලට සුදුසු තෑගි පිරිනමා සියලු ආභරණ සහිතව ඔහුගේ දියණියද සුදුසු පරිදි සරසන ලද අනිකුත් කුලඟනන්ද, රජෙකු සදහා සුදුසු අලි මෙවලම්, අස් රථ, දහ අට ශිල්පීය කුලයක පවුල් දහසක්ද, නැව් නංවා ලංකාවට එවීය. දහස් ගණනක් මේ පිරිස් ලංකාවේ මහාතිත්ත වරායෙන් ගොඩ බටහ. (මෙම ආගමනයත් සමඟ මුලින් පැමිණි 700ට වඩා බොහෝ ගණනක් දකුණු ඉන්දියාවෙන් පැමිණි බව පෙනී යයි)



 .


Then he demanded "immediately bring my men here."  She brought them to him.



 "My people are very hungry", Prince Vijay informed her.  Then she gave the food from  merchant ships that she looted to Prince Vijaya.



 Vijaya's group prepared rice and other fish dishes.  They first offered food to Prince Vijaya and they also ate.



 Prince Vijay also served food to kuweni She was very happy after eating that food.  She assumed the appearance of a beautiful young woman of about sixteen years of age and came to Vijaya dressed in fine jewelry.  At the foot of a big tree she placed a beautiful bed and covered it with a beautiful canopy around and above it.  Prince Vijay saw it and went to bed with her to secure a future for the nation. The entourage encamped around the tent.



 At night, Vijaya heard a song along with the music, "What kind of sound is that?  He asked Kuveniya.



Kuweni thought  "Kill all the demons and give the government of Sri Lanka to my lord.  If not, I will be killed by my relatives for living with these people. "



 "The sound come from a  city called Shirsha Vastu.  The daughter of the leader of the city of Lanka,  has come to this city for her marriage to a prince of the city.  Her mother is also going to come here.  The seven-day event to celebrate that marriage is taking place.  Many people have come here for that.  If we don't destroy them today, we won't have such an easy opportunity to destroy them again."  She said.



 "How can I kill those invisible demons?"  Vijaya asked.



 "I will shout from many places, and if the sound is heard from any place, strike at that sound, and the weapon will go to the target by my power."  she replied.



 Acting on this advice, Prince Vijaya attacked the city with his army and defeated all the demons.  He wore the jewels of the dead demon king and gave the other jewels to his army.  After staying in that city for a few days, he returned to Tambapanni, built a town called Tambapanni, and lived there with Kuveni.


This is how the name Tambapanni came to this province and the whole country because when Vijaya and his group first came to the beach and put their hands on the ground to rest, when they got up again their hands were red from the red soil.  Because King Sinhabahu killed the lion, his descendants including Vijaya are known as the Sihala race.



 Vijaya's ministers established settlements in various parts of the country.  A minister named Anuradha established a settlement called Anuradha village near the Kadamba river, and Upatissa village near the Gambhira river, Vijaya's priest, Ujeni Uruwela and Vijitha founded villages in their names.  After establishing the colonies, the ministers asked Prince Vijaya to be crowned.  But Prince Vijaya did not want to be crowned without a queen from a royal family.



 Because of the desire of the ministers to anoint Prince Vijaya, they dispelled all suspicions and sent messengers asking for Prince Vijaya, the daughter of the Pandu king of the Madura kingdom of South India, with gifts of precious pearls and jewels.  Also, they asked for suitable wives  for ministers and other personnel.



 After the ship carrying the messengers reached Madurapura, they went to the king and presented the gifts and the royal message to the king of Madurapura.  The king, decided to send his daughter, was able to get another hundred young women  for ministers from the families of his officials.  In order to get more women to be sent for this purpose, the king announced this message by drumming.



 "Those who want to send their daughters to Sri Lanka should prepare two sets of clothes for them and place them outside the door of the house.  Then we can know that they want to send a daughter from that house”.



 After the king had obtained as many ladies as he needed, he gave suitable gifts to their families and sent his daughter with all the ornaments,  elephants suitable for a king, chariots, and a thousand families of eighteen artisanal castes, and sent them on ships to Ceylon.  Thousands of these people disembarked from the port of Mahathitta in Sri Lanka.



 .

Tuesday, July 26, 2022

5 මහා වංශය 5

 

https://lakshmanillangakoon.blogspot.com/2022/07/4-4.html?m=1

සිට


ලංකා ඉතිහාසය


 විජය රජු (ක්‍රි පූ 483 – 445)



 ලෝක ඉතිහාසය මෙකල:-



 484 – 425, ලෝකයේ පලවන ඉතිහාසඥයා ලෙස සැලකෙන හෙරොඩෝටස්, ඔහුගේ ‘පර්සියානු යුද්ධයේ ඉතිහාසය‘ නැමැති පොත ලියයි.



 480, දෙවන පර්සියානු  යුද්ධය, පර්සියානු හමුදා ඇතැන්ස් නුවර විනාශ කරයි. එහෙත් ග්‍රීක හමුදා මුහුදු සටනකින් සලාමීස්හිදී පර්සියානු නාවික හමුදාව පරාජය කරයි.




 බුදු රජුන් මෙදින පිරිනිවන් මංචකයෙහි සිටියදී තමා අසල සිටි සක්ඳෙවිදුට,



 “ලාල රටෙහි සිට පැමිණි, සිංහබාහු රජුගේ පුත් විජය කුමරු හත් සියයක් පිරිස සමඟ, අද ලක්දිවට ගොඩ බැස්සේය. දෙවි රජුනි එම දූපතෙහි මගේ ආගම පවතිනු ඇත. එම නිසා ඔහු, ඔහුගේ අනුගාමිකයින් සහ ඒ රට ආරක්ෂා කරනු මැනව” යැයි පවසා සිටියේයයි මහාවංශය  කියයි.



 මෙය ඇසූ දෙවි රජු, ලංකාවේ ආරක්ෂාව ඕලු මලේ පැහැ ඇති විශ්නු දෙවියන්ට භාර දුන්නේය.



 මෙලෙස බාර දුන් වහාම විශ්නු දෙවි කඩිනමින් ලංකා ද්වීපයට පැමිණ, තාපසයෙකුගේ වෙස් ගෙන ගසක් යටට වී සිටියේ යැයි මහා වංශය කියයි. විජයගේ අනුගාමිකයෝ මොහු දැක



 “මෙය කුමන දූපතක්ද?” යනුවෙන් විමසූහ


මෙය ලංකා නම් දූපත වෙයි” ඔහු පිළිතුරු දුන්නේය. “මෙහි මිනිසුන් නැත කිසිදු  අනතුරක් නැත්තේය”. පැවසූ ඔහු පැන් ඉස ඔවුන්ගේ අත්වල නූල් ගැට ගසා එක්වරම නොපෙනී ගියේය. මෙම ප්‍රාතිහාර්යය වලින් පසු  එම ප්‍රදේශයේ පාලිකාව වූ කුවේනි නැමැත්තියගේ සහයිකාවක වූ යකින්නියක් බැල්ලියක රූපයකින්  පෙනී සිටිය බව කියයි. 



විජය කුමරුන් පිරිසෙන් වෙන්වී නොයන ලෙසට අනුගාමිකයනට උපදෙස් දුන්නද, ඔහුගේ එක් ගෝලයකු,



“බල්ලෙකු දකින්නට ලැබෙන්නේ ජනාවාසයක කිට්ටුවක” යැයි සිතා බැල්ලිය පසුපස ගියේය. 



ඔහු ටික දුරක් ගිය පසු ගෝත්‍රික නායිකාව කුවේනි, ගසක් යට බැමිණියක ලෙස කපු කටිමින් සිටියාය. විජයගේ අනුගාමිකයා එතන තිබූ පොකුණද ඇයද දැක පොකුණ බැස ජලය පානය කර ස්නානය කර නෙලුම් පොකුණෙන් නෙලුම් මල් නෙලාගෙන නෙලුම් කොළ වලට වතුරද ගෙන, පොකුණෙන්  පිට වන්නට ආවේය. ඇය ඔහුට “ඔබ මාගේ ගොදුරය, ඔතැන සිටුව” යැයි පැවසුවාය.



 එවිට  අද්භූත දෑ බොහෝ සිදුවිය. ඔහු ගල් ගැසුනාක් මෙන් එතන සිටියේය. ඔහුගේ අතේ තිබූ විශ්නු දෙවියන් ගැට ගැසූ පිරිත් නූල නිසා, ඇයට ඔහු කන්නට නොහැකි වූ බව කියවේ. ඇය ඔහුගෙන් එය ගලවා දෙන ලෙස ඉල්ලා සිටියාය. ඔහු එය දුන්නේ නැත. කුවේනිය ඔහු අල්ලා උමගයක සිර කලේය. 



මෙලෙස පිරිවර 700 ම එකිනෙකා පසුපස පැමිණ, කුවේනිය අතින් උමගයෙහි සිරගත වුනි. තමන්ගේ අනුගාමිකයන් සියලු දෙන ආපසු නොපැමිණි විට අනතුරක් සැකකල විජය කුමරු, කඩුව, දුනු ඊතල, යුධ පොරව, හෙල්ල, සහ පලිහ යන පස් ආයුධයෙන් සන්නද්ධව පොකුණ  වෙත ගියේය. ඔහු තමන්ගේ අනුගාමිකයන් පොකුණ තුලට ගිය පා සටහන් මිස පිටතට පැමිණෙන පා සටහන් නොමැති බව දැක්කේය. එතන ඉඳගෙන සිටි තවුසියද දුටුවේය. 


"මාගේ අනුගාමිකයන් මේ කාන්තාව විසින් සිර කරගෙන ඇත්තේය”. ඔහු අනුමාන කලේය.



“කාන්තාව! මගේ මිනිසුන් ඔබ දුටුවාද?” කුමරු ඇයගෙන් ඇසුවේය.  



“ඔබගේ අනුගාමිකයන් අමතක කර ඔබ හොඳින් ජලය පානය කර ස්නානය කරන්න කුමරුනි” ඇය පිලිතුරු දුන්නාය. 



. “මැය නම් යක්ෂනියක්ම තමයි (යක්ෂණියක් කෙසේ වුවද මැය මුහුදුබත් වන නැව් තුළ තිබෙන නොයෙකුත් බඩු භාණ්ඩ එකතු කරගන්නා පුද්ගල කණ්ඩායමක නායිකාවක් බව පෙනේ), නැතිනම් ඈ මා කුමාරයෙකු බව දන්නේ කෙසේද?” යැයි  සිතූ ඔහු එක්වරම කෑ ගසා දුන්න ඇද ඇය වෙත පැන්නේය. ඔහු යක්ෂනියගේ බෙල්ලේ තිබූ මාලයෙන් අල්ලා ගෙන පසුව වම් අතින් ඇයගේ කොණ්ඩයෙන් අල්ලා ගෙන දකුණු අතින් කඩුව අමෝරා, 



“වහලිය මගේ මිනිසුන් මට ආපසු දෙව, නැතිනම් තී මරා දමමි”. යයි තර්ජනය කලේය. 



මෙයින් මහත් භීතියට පත් කුවේනිය ඔහුගෙන් ජීවිත දානය ඉල්ලා සිටියාය. 



“මට ජීවිත දානය දෙනු මැනවි, මම ඔබට ලංකාපුර රාජ්‍යය ලබා දෙන්නෙමි. තවද කාන්තාවක ගෙන් ලැබිය යුතු සේවාවන් ඇතුළු, ඔබට අවැසි සියලු සේවාවන් ලබා දෙන්නෙමි”. 



ඇය පසුව වචනය වෙනස් කරයි දැයි සැකයෙන්, ඔහු ඇය  දිව්රා පොරොන්දු කර  ගත්තේය. 






History of Ceylon


  King Vijaya (483 – 445 BC)



Elsewhere  World history :-



  484 – 425, Herodotus, considered the world's foremost historian, writes his book 'History of the Persian Wars'.



  480, Second Persian War, Persian forces destroy Athens.  But the Greek forces defeat the Persian navy in a naval battle at Salamis.




  On this day Buddha was on his death bed, told god Shakra, who was by his side,



  "Prince Vijaya, the son of King Sinhabahu, who came from the country of Lala, landed at Lanka today with seven hundred men.  My religion will remain on that island, Lord God.  Therefore, protect him, his followers and that country," says the Mahawansa.



  Hearing this, King Deva entrusted the protection of Sri Lanka to Lord Vishnu, who is colored like a Lotus flower.



  The Mahavamsa says that immediately after this request  Lord Vishnu quickly came to Sri Lanka and disguised himself as an ascetic and stayed under a tree.  Vijaya's followers saw him



  "Which island is this?"  they asked




This is the island of Lanka,” he replied.  “There are no people here, there is no danger”.  He said, sprinkled the blessed water  and tied blessed  thread on their hands and suddenly disappeared.  After this miracle, it is said that  a devil creature who was a follower of  Kuveni, the ruler  of that area, appeared in the form of a girl.



 Although Prince Vijaya instructed his followers not to separate from the group, one of his disciples, thinking that 'if there is a dog there should be a human settlement nearby' followed the dog.



 After he had gone some distance, he saw  Kuveni, the leader of the tribe, was weaving cotton under a tree looking like a  woman.  Vijaya's follower saw the pond there and went down to the pond to drink water and take a bath. He  picked lotus flowers from the  pond and took water for the lotus leaves and came out of the pond.  “You are my victim, stand  there,” she told him.



 Then many strange things happened.  He was there like a stone.  It is said that she could not eat him because of the blessed thread  tied by  Lord Vishnu on his hand.  She asked him to take it off.  He didn't and  Kuvenia caught him and imprisoned him in a tunnel.



 Thus all the 700 retinues followed one another and were imprisoned in the tunnel by Kuveni.  Suspecting danger when all his followers did not return, Prince Vijaya went to the pond armed with sword, bow and arrow, battle axe, spear and shield.  He saw that his followers had gone into the pond but had no footprints coming out.  He also saw the woman weaving.


"My followers are imprisoned by this woman”.  He guessed.



 “Woman!  Have you seen my men?”  the prince asked her.



 “Forget your followers and take a good bath, prince,” she replied.



 .  "She  is a demon ( it appears that this group of people who are led by kuweni, all living off, salvaging cargo from merchants ships that founder in that area with many navigational hazards) otherwise how would she know that I am a prince?"  Thinking that, he suddenly screamed and jumped towards her with his bow.  He caught hold of the necklace around the demon's neck, then grabbed her by the hair with his left hand and drew the sword with his right hand,



 "Give me back my men or I will kill you".  threatened her.



 Terrified by this, Kuvenip pl asked him for her life.



 "Give me the gift of life, I will give you the kingdom of Lankapura.  And I will give you all the services you need, including the services you should get from a woman”.



 Suspecting that she would later change her word, he made her swear an oath.




Sunday, July 24, 2022

4 මහා වංශය 4

https://lakshmanillangakoon.blogspot.com/2022/07/3-3.html?m=1

 සිංහබාහුගේ වීර ක්‍රියාව නිසාත්  ඔහූ

 මියගිය රජුගේ මුනුබුරා බවත් දැනගත් පසු මහ රජුට පිරිමි දරුවන් නොසිටි බැවින්, ඇමති මංඩලය සිංහබාහු ගෙන්  වගු රටෙහි රජකම බාර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.



ඔහු රජකම බාරගෙන එය තමන්ගේ මවගේ ස්වාමියාට ලබා දී, සිංහසීවලී සොහොයුරියද රැගෙන තමන් උපන් වනයට ගියේය. ඔහු එහි සිංහපුර නමින් නගරයක් ඉදිකලේය. එම නගරය වටා යොදුන් සියයක දුරට ජනාවාස ඇති කලේය. එම ලාල රටෙහි පිහිටි සිංහපුර නගරයෙහි සිට තම රට පාලනය කල සිංහබාහු, සිංහසීවලී ඔහුගේ මෙහෙසිය කර ගත්තේය. ඔහුගේ මෙහෙසිය 16 වරක් නිවුන් පිරිමි දරුවන් බිහි කලාය. වැඩිමලා විජය ලෙසද, දෙවනියා සුමිත්ත ලෙසද, නම් කරන ලදි. නිසි වයසට පැමිණි පසු මහ රජු, විජය කුමරු යුව රජ බවට පත් කලේය.



විජය කුමරු ඉතා නොහික්මුනු දාමරික ගති ඇති  පුද්ගලයෙකු විය. ඔහු, ඔහුගේ අනුගාමිකයන් සමඟ රටේ ජනයාට නොයෙකුත් කරදර කලේය. කෝපයට පත් ජනයා රජු වෙත පැමිණ මේ පිලිබඳව රජුට පැමිණිලි කලහ. රජතුමා පිරිස සන්සුන් කර යවා විජය හා අනුගාමිකයන්ට තදින් අවවාද කලේය. මෙලෙස තෙවරක් අවවාද කලද විජය කුමරු නැවත නැවතත් පරණ පුරුදු ලෙසටම නොකටයුතුකම් කරනු ඉවසනු බැරි ජනයා රජු වෙත හතරවෙනි වරටත් පැමිණ, 



“ඔහු දුසිරිතෙන් මිදෙන්නේ නැත. ඔහු ජීවිතක්ෂයට පත් කරනු මැනවි” යනුවෙන් රජුගෙන් ඉල්ලා සිටියහ.


රජු, විජය සහ ඔහුගේ අනුගාමිකයන් හත්සීය දෙනෙකු හිස අඩක් මුඩු කොට( මෙලෙස අඩක් හිස බූගෑම එකල ඒ පුද්ගලයා නිදහස් පුද්ගලයෙකු නොවන බවත් වහලෙකු හා සමාන බවත් මෙයින් පෙන්නුම් කරයි) නැවකට නංවා මුහුදට යැවීය. එලෙසම එම පිරිසේ බිරින්දෑවරුන් එක් නැවකටද, දරුවන් තවත් නැවකටද දමා පා කර හැරියේය. දරුවන් සිටි නැව හා බිරින්දෑවරුන් සිටි නැව වෙන වෙනම දූපත් දෙකකට සේන්දු වූ අතර, දරුවන් පැමිණි දූපත පසුව නග්නද්වීප යනුවෙන්ද, කාන්තාවන් පැමිණි දිවයින මහිලා ද්වීප යනුවෙන්ද ප්‍රසිද්ධ විය. විජය කුමරු රැගත් නැව සුප්පාරක වරායට (වර්තමානයේ මුම්බායි වරායට උතුරෙන් පිහිටි සෝපාර නම් ස්ථානය) පැමිණියද, එහිදීද ඔහුගේ අනුගාමිකයන්ගේ නොමනා හැසිරීම නිසා එම ස්ථානයෙන්ද නැවත නැව් නැඟ පිටවිමට සිදුවිය. 






විජය කුමරු තම අනුගාමිකයන් සමඟ බුදු රජුන් සල් ගස් දෙක මැද පරිනිර්වාන සිදු වූ දිනයේ, ශ්‍රි ලංකාවේ තම්බපන්නී නම ස්ථානයට ගොඩ බැස්සේය. ( ඉන්දියාවේ ඉහල කෙලවරේ බටහිර වෙරළේ පිහිටි මෙම වරායේ සිට ලංකාවේ මන්නාරමට පැමිණීම අහඹු ගමනකට වඩා සැලසුම් කළ මුහුදු ගමනක් ලෙස පෙනී යයි)






Because of Sinhabahu's heroism and after learning  the fact that he was the grandson of the deceased king, since the great king had no male children, the royal court  asked Sinhabahu to take over the kingship of the Wagu.



 He assumed the kingship and gave it to his mother's husband , and  went to the forest where he was born taking his sister with him.  He built a city there called Sinhapura.  A hundred settlements were established around the city.  Sinhabahu, who ruled his country from the city of Sinhapura in that Lala country, took Sinhasivali as his queen.  His wife gave birth to twin boys 16 times.  The eldest was named as Vijaya and the second as Sumitha.  After reaching the proper age, the great king made Prince Vijaya as the crown Prince.



 Prince Vijaya was  very unruly and a hooligan .  He, along with his followers, caused many troubles to the people of the country.  Angry people came to the king and complained to the king about this.  The king pacified the crowd and warned Vijaya and his followers sternly.  Even though Prince Vijaya was  warned  three times, he continued  his bad habits.  People who could not tolerate the same old habits again and again came to the king for the fourth time and said,



 “He does not listen to you even .  Pl put him to death."


The king, shaved half of the heads of Vijaya and seven hundred of  his followers, ( shaving half of the head those days denoted the person is not a free man) put them in a ship and sent them to sea.  In the same way, the wives of that group were put on one ship and the children on another ship and sailed.  The ship with the children and the ship with the women were landed  in two separate islands, and the island to  which the children came later became known as Nagnadvipa, and the island to which the women came was called Mahiladvipa.  Although the ship carrying Prince Vijaya reached the port of Supparaka( ancient port just north of present day Mumbai), due to the misbehavior of his followers, they  had to sail away from that place too.


 Prince Vijaya and his followers landed at Thambapanni (sailing from north of Mumbai to Mannar looks more like a planned journey rather than an accidental one) on the day when the lord Buddha passed away between the two Sal trees.


Friday, July 22, 2022

3 මහාවංශය 3

 https://lakshmanillangakoon.blogspot.com/2022/07/2.html?m=1

සිට

අප වනයේ වෙසෙන්නන් වෙමු˜ මව

 කුමරිය පිළිතුරු දුන්නාය. 

ප්‍රධානියා ඔවුනට ඇඳුම් දෙන ලෙසට තම සේවකයන්ට උපදෙස් දුන්නේය. ඉන්පසු අමුත්තන් සඳහා ගසකින් කඩාගත් පත්‍ර මත දමා ආහාර දීමට සැලස්විය. මෙම කොළ ඔවුනට දුන්පසු රනින් කල භාජන බවට පත්වීම වැනි ප්‍රාතිහාර්යය සිදුවූ බව සදහන් වේ. පුදුමයට පත් වූ කුමාරයා “තොප කවුරුන්ද,” කියා ඇසීය.

මව් කුමරිය තමන්ගේ සත්‍යය  විස්තරය ඔහුට පැහැදිලි කලාය. එම කුමාරයා, මව් කුමරිය තම නැන්දනියගේ දියණිය බව වටහා ගෙන, ඇය සමග වගු නුවර වෙත ගොස් එහි ජීවත්විය. (මෙලෙස තමා මහ රජුගේ දූ කුමරිය බොහෝ කලකට පසු මුණගැසී දෙමව්පියන්ට නොදන්නවා සිටින්නේ සමහරවිට ඇය පිළිබඳව ඔවුන්ගේ කෝපය ඒතාක් අලුත් තිබුණ නිසා වන්නට පුළුවන)
මේ අතර සිංහයා ආපසු ලෙනට පැමිණ, ඔහුගේ පවුලේ සාමාජිකයින් නොමැති බව දැක, බලවත් ශෝකයට පත්විය. ඌ ආහාර ප්‍රතික්ෂේප කලේය. ඌගේ දරුවන් සොයා, අසල ගම්මාන වලට පැමිණෙන්නට පටන් ගත්තේය. මෙම ගම්මාන වල වැසියන් භීතියට පත්ව, රජුට මේ පිලිබඳව දන්වා සිටියහ. 

“මහ රජුනි, සිංහයෙකු ඔබගේ රාජ්‍ය විනාශ කරයි. එයින් අපව වහාම බේරා දෙනු මැනව.” ඔවූහූ පැවසූහ. 

එහෙත් රජුට සිංහයා එලවා දැමීමට, හැකි පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වූ නිසා, ඒ සඳහා යැවීමට, පුද්ගලයෙකු සොයා ගැනීමට, අලියෙකුගේ පිටේ මසුරන්  දහසක් තබා,

 “සිංහයා අල්ලා රැගෙන එන කෙනෙකුට, මෙම මසුරන්  දහස ත්‍යාග වනු ඇත.”

යනුවෙන් ප්‍රසිද්ධ කලේය.

 කිසිවෙකු ඉදිරිපත් නොවුනු නිසා රජු තෑගි මුදල 2000 සහ 3000 දක්වා ක්‍රමයෙන් වැඩි කලේය. සිංහබාහු මේ සඳහා ඉදිරිපත් වීමට උත්සාහ කලද ඔහුගේ මව මුල් දෙවතාවේදී ඔහුට ඉදිරිපත් වීමට ඉඩ දුන්නේ නැත. තෙවැනි වර ඔහු මවට නොදන්වා ඉදිරිපත් වී තමන්ගේම පියා මරා දැමීමට පොරොන්දු වී, රන් කහවනු 3000 ලබා ගත්තේය. 

රාජ පුරුෂයෝ තරුණයා රජු බැහැ දැකීමට රැගෙන ගියහ. 

“ඔබ සිංහයා විනාශ කලහොත් මම ඔබට මගේ රාජ්‍යම දෙන්නෙමි,” රජු ඔහුට පොරොන්දු විය. ( මේ තරම් සුළු ප්‍රශ්නයක් නිරාකරණය කර දුනහොත් මුළු රාජ්‍යයම ලබා දීමට පොරොන්දු වීම පුදුම සහගතය. කැරැල්ලක් ඇති වී එය මැඩ පැවැත්වීමට උත්සාහ කරන්නේ දැයි සිතන්නටත් පුළුවන)

සිංහබාහු දුනු ඊතල ගෙන ගල් ගුහාව වෙත ගියේය. ඔහු දැක සිංහයා ඔහුට ඇති ආදරය නිසා ඔහු වෙතට පැමිණෙන්නට පටන් ගත්තේය. කුමරු සිංහයා වෙත ඊතලයක් විද්දේය. හාස්කම් කිහිපයක් සිදුවීමෙන් පසු  විදින ලද ඊතලය සිංහයාගේ ශරීරය පසාරු කරගෙන ගොස් ඌ මරණයට පත් කලේය. සිංහබාහු කේශර සහිත සිංහ ඔලුව රැගෙන ආපසු අගනුවරට පැමිණියේය. ඔහු ආපසු අගනුවරට පැමිණෙන විට මහ රජු මියගොස් සත් දිනක් ගතවී තිබිණ.

"We are forest dwellers" replied the mother princess.

The lord  instructed his servants to give them clothes.  Then the guests were made to eat on leaves plucked from a tree.  It is said that after these leaves were given to them, the miracles like  leaves  turning into pots made of gold took place.  “Who are you?” asked the astonished prince.

The mother princess explained the truth to him.  The prince realized that the mother princess was his aunt's daughter, and went with her to city of Vagu, the capital, and lived there. ( it is strange that this Prince he is keeping the finding of the princess from the royal family because she was their long lost daughter)

Meanwhile, the lion returned to the den and was deeply saddened to find his family members absent.  He refused to eat and drink.  He started coming to  nearby villages in search of his children.  The inhabitants of these villages were frightened and informed the king about this.

“Great king, a lion is destroying your kingdom.  Save us immediately from it.”  They said.

But the king could not find a person who could drive away the lion, so he proclaimed a  royal massage  to find a person, placed a thousand gold coins  on the back of an elephant,

  "To one who catches the lion and brings him, this reward will be his "

  He said.

  As no one came forward, the king gradually increased the gift amount to 2000 and 3000.  Although Sinhabahu tried to take up the challenge, his mother did not allow him to accept twice. Third time he came forward without his mother's knowledge and promised to kill his own father, and obtained 3000 gold coins.

  The courtiers took the young man to see the king.

  "If you destroy the lion, I will give you my kingdom," the king promised him. ( Offering such unbelievable reward for a minor task like that appears strange. Probably it was sort of revolt against the kingdom)

  Singhabahu took the bow and arrows and went to the rock cave.  Seeing him, the lion started coming towards him out of love for him.  The prince shot an arrow at the lion.  After several miracles, the arrow pierced the lion's body and killed him.  Sinhabahu returned to the capital with the hairy lion's head.  When he returned to the capital, the great king had been dead for seven days.

Wednesday, July 20, 2022

2 - මහා වංශය- විජය කුමරුගේ පැමිණීම -

From  https://lakshmanillangakoon.blogspot.com/2022/07/blog-post_19.html?m=1


ඉන්දියාවේ වගු රටෙහි අගනුවර විසූ, වගු රජුගේ බිසව වාර්තාව, කාලිංග රටෙහි විසූ රජුගේ දියණියයි.  මෙම වංග රට යනු, වර්තමානයේ ඉන්දියාවේ බටහිර බෙංගාලය සහ බංගලාදේශය පිහිටා ඇති දේශයයි.  කාලිංගය යනු ඉන්දියාවේ නැගෙනහිර පළාතේ  පිහිටි දැන් ඔඩීෂා, අන්ද්‍රා සහ චතිස්ගාර් යන ප්‍රදේශයන්ය.

  මෙම කාලිංග රටේ අධිරාජයා සහ එම දේවියට අතිශයින් රූමත් දියණියක සිටියාය.  ඇයගේ නොමනා හැසිරීම් නිසා, රජු සහ බිසව, ඇයව පිළිකුල් කලහ.  ඇය අනාගතයේදී සිංහයෙකු සමග ජීවත්වන බවට රාජකීය දෛවඥයන් විසින් අනාවැකි කිම මෙයට තවත් බලපෑවේය.

  දිනෙක ඇය සාමාන්‍ය, ස්වාධීන ජීවිතයක් සොයා, මාලිගයෙන් පිටවූවාය.  හොර රහසේම මගධ බලා යන ගැලකට එකතු වූවාය(අතීතයේ බොහෝ විට ගොනුන් හෝ ඔටුවන් යොදාගෙන දුර බැහැර ප්‍රදේශවල කණ්ඩායම් වශයෙන් වෙළඳාම් කරන්නන්).  අතරමග ලාල රටේ ඝණ වනයකදී, සිංහයෙකු ගැලට පහරදුනි.  එහි සිටි අනෙක් පිරිස්, සිංහයාට බිය වී, උගෙන් ඉවතට පලා ගියත්, කුමරිය සිංහයා එන දෙසට දිවගියාය.

  සිංහයා ගොදුරු ඩැහැගෙන, ගැලෙන් ඉවතට යද්දී, ඇය දැකීමෙන් ආදරයක් ඇති වී, වලිගය වනමින්, කන් පිටුපසට කරගෙන ඇය වෙත පැමිණියේය.  එය දැක, අනාගතය ගැන අනාවැකිය ඇයට සිහිවිය. ඒ නිසා ඇය නොබියව සිංහයාව ස්පර්ශ කලාය. (අනාවැකි කියන්නන් ලාංකීය ඉතිහාසය බොහෝ සේ වෙනස් කර ඇති බව පෙනේ. මේ විශේෂයෙන්ම අනාවැකියේ විෂය වූ පුද්ගලයා සහ ඔහු වටා සිටින්නන් එය පිළිගෙන අනාවැකිය ක්‍රියාත්මක කරන්නට යාමෙනි)

ඇයගේ ස්පර්ශයෙන් මහත් සේ ඇවිස්සුනු සිංහයා, ඇයව පිට මත හිදුවාගෙන, උගේ ගල්ලෙන වෙත පිමිමේ දිව්වේය. මොවුනට නිසි කල, නිවුන් දරුවන්; කුමරෙකු හා කුමරියකු, ලැබුණි. (මෙලෙස සිංහයකු හා ගැහැනියකට ජීවවිද්‍යාත්මකව දරුවන් සෑදිය නොහැකි බැවින් මෙම සිංහයා යැයි හැඳින්වෙන චරිතය එකල කැලෑ වල ජීවත් වූ ගැල් පහරන්නෙකු යැයි සිතිය හැක)

පුතාගේ අත් පා, සිංහයෙකුගේ මෙන් ශක්තිවන්තව පිහිටා තිබූ හෙයින් මෑණියෝ ඔහු සිංහබාහු ලෙස නම් කලාය. ඇගේ දියණිය ඈ සිංහ සීවලී ලෙස නම් කලාය. තරුණ කුමාරයාට වයස අවුරුදු දාසයක් වන්නේ තමන්ගේ මව සහ පියාගේ ස්වාභාවයේ වෙනස පිලිබඳව සැකයක් ඇතිවී මෙසේ ඇසීය.

“දයාබර මෑණියනි ඔබ සහ අපේ පියා පෙනුමෙන් මෙතරම් වෙනස් ඇයි?˜

ඇය එම වෙනසට හේතුව ඔහුට පැහැදිලි කලාය.

“අප මේ ගල් ගුහාවෙන් පිටතට නොයන්නේ ඇයි?˜ ඔහු ඇයගෙන් තවදුරටත් විමසීය.

“ඔබගේ පියා මෙම ගල්ගුහාවේ දොරටුව සැමවිටම ඔවුහු පිටතට යන විට මහා ගලකින් වසා දමන්නේය.˜ ඇය පැහැදිලි කලාය.

මෙය ඇසූ ඔහු දොරටුව වසා තිබූ එම ගල ගලවා තම උරහිස මතට ගෙන එක් දිනයකම යොදුන් පනහක් කැලයේ ගමන් කර, ආපසු පැමිණියේය.(මෙම දුර සැතපුම් හාරසීය ක් පමණ වන අතර, කිසිසේත් ප්‍රායෝගික නොවන දුරකි)

එක් දිනෙක සිංහයා දඩයමේ ගියපසු සිංහබාහු කුමාරයා තම මව දකුණු උරහිස මතද  සොහොයුරිය වම් උරහිස මතද තබාගෙන ගල් ගුහාව අත්හැර පිටව ගියේය. ඔවූහු ඇඳුම් නොමැති නිසා  ගස්වල අතු කඩාගෙන විලි වසාගෙන වනය අසල ගමකට පැමිණියහ. වගු රට දේශ සීමාවේ පිහිටි මෙම පළාත මෙකල පාලනය කලේ, සිංහබාහු කුමරුගේ මාමා කෙනෙකු වූ වගු රජුගේ සෙන්පතිගේ පුත් කුමරුය. ඔහු මේ පිරිස හමුවන විට නුග ගසක සෙවනේ සිට යම් කර්මාන්තයක් මෙහෙයවමින් සිටියේය. ඔවුන් දුටු ඔහු  ඔවුන්ගේ වගතුග විමසා සිටියේය.

The queen of King Vagu, who lived in the capital of the country of Vagu in India, was the daughter of the king who lived in the country of Kalinga.  (This Vanga country is the land of present-day West Bengal and Bangladesh in India.  Kalinga refers to the eastern states of India, now Odisha, Andhra and Chhattisgarh).

  The emperor of this Kalinga country and his queen had an extremely beautiful daughter.  But because of her misbehavior, the king and queen hated her.  This was further influenced by the royal soothsayers predicting that she would live with a lion in the future.

  One day princess left the palace alone, in search of an independent life.  She secretly joined a caravan of carts, which was heading to Magadha country.  On the way, in a dense forest of Lala country, a lion attacked the caravan. The people in the caravan were afraid of the lion and ran away from him, but the princess ran towards the lion.

  As the lion grabbed the prey and walking away from the wagon, he saw her and fell in love with her.  Seeing this , she remembered the prophecy of fortune tellers, so she fearlessly touched the lion.

The lion, greatly excited by her touch, mounted her on his back and ran, leaping to his den.  For this couple, twins;  A prince and a princess,were born.

  The son's arms and legs were as strong as a lion's, so the mother named him Sinhabahu.  Her daughter she  named  Sinha Sewali.  The young prince was sixteen years old and had doubts about the difference in the nature of his mother and father and asked:

  “Dear mother why do you and our father look so different?˜

  She explained to him the reason for the difference in appearance.

  “Why don't we go out of this cave?˜ he asked her further.

  “Your father always blocks the entrance to this cave with a big rock when he  goes out,” she explained.

  On hearing this, he removed the stone that was closing the entrance, carried it on his shoulder, traveled fifty yojanas in the forest in one day, and returned.

  One day, after lion went out for hunting, Prince Singhabahu left the cave with his mother on his right shoulder and his sister on his left shoulder.  As they had no clothes, they broke the branches of the trees and wore them to cover themselves and came to a village near the forest.  This land on the border of Vagu country was ruled by the son of the army commander of King Vagu who was an uncle of Prince Sinhabahu.  He was supervising some industry from the shade of a banyan tree when he met this group.  He saw them and inquired about them.



සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...