Saturday, July 31, 2021

රජෙන්ද්රම් රාජමහෙන්ද්රම්

 


මම බොහොකලක සිට සිරස රුපවාහිනිය නරඹා ඇත්තෙමි. එහි මුල් කාලයේ තිබු සුපර් ස්ටාර්ස් වැඩ සටහන සහ දැන් ප්‍රචාරය වන ලක්ෂපතිය එහි මගේ ප්‍රියතම වැඩසටහන් විය. මම බොහෝවිට ප්‍රවෘති බැලීමට පුරුදුව සිටින්නේද සිරස චනලයේය. එහෙත් මම කවදාවත් එහි අයිතිකරුවා වන රාජමහෙන්ද්‍රන් මහතා ගැන කිසිවක් අසා තිබුනෙවත් දැක තිබුනෙවත් නැත. එහෙත් ඔහු මියගිය පසු ඔහුගේ බොහෝ ගුණයහපත්කම් සහ සමාජයට සේවය කිරීම් ගැන අහන්න ලැබුණි. 

පසුව මට දැනගන්නට ලැබුනේ ඔහු ප්‍රසිද්ධියක් පිලිබඳ බලාපොරොත්තුවක් නොමැතිව තමන්ට හොඳ යයි සිතන ආකාරයට සමාජයට සේවය කල දැන් අප සමාජයේ කලාතුරකින් දක්නට ලැබෙන වර්ගයේ පුද්ගලයකු බවයි. පහත විස්තරය එයට කදිම උදාහරණයකි.

මා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකව සිටියදී හඳුනා ගත් ප්‍රේමලාල් විජේරත්න මහතා ඉන්පසුවත් බොහෝ කලක් යනතුරුත් ලඟින් ආශ්‍රය කලෙමි. මහා රාජ සභාපතිතුමා ලඟදි මියගිය පසු ප්‍රේමලාල් මට සභාපතිවරයා ගැන බොහෝ කෘතඥාතාවයකින් දුරකතනයෙන් ඉතාමත් සංවේදීව විස්තර කළේය. ඒවා මා  කිසි දිනෙක අසා නැති තරමේ යහපත් ක්‍රියාවන් නිසාත්, ප්‍රේමලාල්ගේ ශෝකය තුනී කර ගැනීම සඳහාත්, ඔහු මෙය ලියා ප්‍රසිද්ධ කරන්නේ නම් යහපත් බව මම කීවෙමි. ඔහු එය පිටු හතරක අතින්ම ලියා  වට්ස්ඇප් අංකයකින් ඡායාරුප කර මා වෙත එවීය. මේ ඒ ලිපියයි.   

පසුගිය 26 දා උදේ කණකොකා මගේ නිවස අසලින් ඉගිල ගියේ කිසියම් දුක්බර පණිවිඩයක සේයාවක් ඉඟිකරමින්ය. කණකොක් හඬේ සෝබර කථාවල පැරණි කියමන් අදටත් වලංගු බව වැටහුනේ තවත් හෝරා කිහිපයක් පසු කරද්දීය. ඒ අසුභ ආරංචිය මගේ කනට වැටුනේ සිරස මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානියෙකු වූ මා මිත්‍ර මාධ්‍යවේදී සුසාර දිනාල්ගේ දුරකථන පණිවිඩයෙනි.

ඒ දුක්බර පණිවිඩයත් සමග මගේ හදවත තුල ගැලු කදුළු තවමත් වියලී  නැති සේය. එදා සිට මා අදටත් හදවතින් හඬා වැටෙන්නෙමි. කැපිටල් මහා රාජා සංවිධානයේ සභාපති රාජේන්ද්‍රන් රාජ මහේන්ද්‍රන් මහතා පෞද්ගලික රෝහලකදී මෙලොවින් සඳහටම සමු ගැනීම ඒ දුක්බර පණිවිඩයට මුල පිරුවේය. ඒ දුක්බර පණිවිඩය මගේ හඳවතේ වේදනාවෙන් වියැකී ගියේය. රාජ මහේන්ද්‍රන් නමැති මේ අපුරු මාධ්‍ය ප්‍රධානියා වසර 16 ක් තිස්සේ අප ප්‍රධානියා වශයෙන් කටයුතු කලේ  මගේ පියාටත් වඩා නොදෙවෙනි පිය සෙනෙහසකිනි. මා සිරස මාධ්‍ය ජාලයේ සිරස ගුවන් විදුලියේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක වශයෙන් සේවය කරද්දී ඒ හිත හොඳ අපුර්ව මිනිසාගේ හඳවතින් පෙරී යන ගුණ සුවඳ හඳුනා ගත්තෙමි.

 

ඒ අවදියේ මා හට හදිසි හදවත් සැත්කමක් සිදු කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබුණි. ඒ සිද්ධියේදී මේ අපුර්ව මිනිසාගේ හඳවතින් පෙරුණ කරුණා ගුණය මම හඳුනා ගත්තෙමි. එම අවස්ථාවේ මේ අපුර්ව මිනිසා එසේත් නොමැතිනම් මේ දෙවියන් අතර දෙවියා, එය දැනගත් විගස පැය 24 ක් ඇතුලත මා නවලෝක රෝහලට ඇතුලත් කර සැත්කමට යන සියලු බර පැන ආයතනය සතු කර ගනිමින් මගේ ජිවිත සටනට උර දුන්නේය. මේ අවස්ථාවේ මගේ දරුවන් දෙදෙනා විදේශ ගතව සිටි නිසා හදවත් සැත්කම සිදුවන අවස්ථාවේ රෝහලේ සිටි මගේ බිරිඳ හා ඥාතියාට ශල්‍යකර්මය අවසන් වී මා හඳවත් ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවට යනතෙක් සියලු පහසුකම් ලබා දුන්නේද, මේ ගුණගරුක මිනිසාය.

2018 වසර දක්වා දිවයන ඒ අතීත සිද්ධිය නිසාම මම අද ජීවතුන් අතර සිටින්නේ ඒ මහඟු මිනිසාට පින්සිදු වන්නටය. හදවත් සැත්කමෙන් පසු දින 19 ක් රෝහලේ ගතකර නිවසට පැමිණි පසුවද, ඔහු මගේ දුක සැප සොයා බැලුවේය.

දිනක් උදේ 8 ට පමණ මා පදිංචිව සිටි පන්නිපිටියේ නිවසේ ගේට්ටුව ඇරගෙන අමුත්තෙක් ඇතුළු වුනි. ඒ අමුත්තා අන් කවරෙකුවත් නොව මේ මම කියන දෙවියන් මෙන් අදහන රාජ මහේන්ද්‍රන් සභාපතිතුමාය. ඔහු එදින මා නිවසට පැමිණියේද මාධ්‍යවේදී සුසාර දිනාල් සමඟය. නිවසට පැමිණි ඔහු මා හිඳගෙන සිටින තැනට පුටුවක් ඇදගෙන ඉඳගත්තේය. මගේ බිරිඳට කියා අඩු සීනි ප්ලේන්ටි එකක් බි මගේ දුකසැප විමසමින්, අවශ්‍ය ඕනෑම දෙයක් තිබේනම් එවකට සිරස මාධ්‍ය ජාලයේ සේවය කල විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මිත්‍ර ආරියසිංහ මහතා අමතන ලෙසට බිරිඳට උපදෙස් දුන්නේය.

මගේ නිවසේ පැය කිහිපයක් රැදී සිටි ඒ අපුරු  මිනිසා, ආපසු පිටව යෑමට පෙර,මගේ බිරිඳට උපදෙස් දුන්නේ මා හට හරියට සුවවන තුරු මාස හතරක් හෝ නිවසේ රදවා ගන්නා ලෙසයි.

වසර 48 ක මාධ්‍ය ජීවිතය තුල කිසිදිනක දැක නැති මේ අපුර්ව කාරුණික මාධ්‍ය ප්‍රධානියා දිනක් මා සේවය කරමින් සිටි දෙපානම සිරස මැදිරි සංකීර්ණයට පැමිණියේය. ඔහු එලෙස පැමිණෙන  අවස්ථාවල  මම ඔහු සමීපයට ගොස් රටේ තොරතුරු බිඳක් පැවසීම සිරිතක්ව තිබුණි. ඒ අවස්ථාවේ ඔහු මගෙන් විමසා සිටියේ එකල ඇමරිකාවේ පදිංචිව සිටි මගේ දියණියගේ සැපදුක් ගැනය. ඔවුනට කුඩා දරුවෙකු  සිටින බව ඔහුට පැවසු විට ඒ බිලිඳා සියැසින් දැක ඇත්දැයි ඔහු මගෙන් පෙරලා විමසුවේය. ඒ ප්‍රශ්නය හමුවේ මා නිහඬ වූ අවස්ථාවේ ඉවතට හැරුණු මේ අපුරු මිනිසා, ඔහු සමඟ පැමිණි සිටි අධ්‍යක්ෂක මනෝ වික්‍රමනායක මහතාට පවසා සිටියේ මට ගුවන් ටිකට් පතක් හා මාසයක නිවාඩුවක්ද ලබා දී, ඇමරිකාවේ මගේ මුනුබුරා බැලීමට යවන ලෙසයි. මා ඒ විදේශ ගමන ගොස් ආපසු පැමිණ දරුවාගේ ඡායාරුපයද සමග සභාපතිවරයාට ස්තුතිපුර්වකව මල් කලබක් පිළිගැන්වූ  අවස්ථාවේ ඔහු ඒ මගේ මුණුබුරාගේ ඡායාරුපය කාර්යාලයේ මේසය මත තබාගෙන, සතුටු වූ ආකාරයද මට සැමදා මතකයට නැගේ. මගේ මාධ්‍ය ජීවිතය තුල මා පොලිසිය ත්‍රිවිධ හමුදාව පිලිබඳ ප්‍රවෘත්ති සංස්කරණය කිරීම නිසාවෙන් ඔහු මා හට ‘පොලිස් මෑන්’ යන නමක්ද පටබැඳ  තිබුනේ පවුලක පියෙකු ලෙසටය.

ප්‍රවෘත්තියක් ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර එය ‘චෙක් ඩබල් චෙක් ට්‍රිපල් චෙක්’ යන සිද්ධාන්තයේ පිහිටා ඒවායේ නිවැරදිභාවය සොයන ආකාරය ගැන මාධ්‍යවේදීන් නියම මඟ යවන ලද ප්‍රධාන නියමුවා වුයේ ඔහුය. ‘ඇත්ත කියන්නයි බිම හිඳ ගන්නයි’ බිය විය යුතු නොවන්නේ යයි කියන අභීත අධිෂ්ටානයේ සෙවනැල්ල සිරස ජාලයේ පදනම කරන ලද්දේ  ඔහු විසිනි. ඒ සිද්ධාන්තයේ සිට සිරස මාධ්‍ය ජාලය මෙහෙය වූ අභීත සෙන්පතියාද අපටද රටටද  අහිම විය. එවැනි නිර්ව්‍යාජ  මාධ්‍ය හිමි කරුවෙකු කිසි දිනෙක යලි ශ්‍රී ලංකාවට  හිමි වෙතැයි සිතිය නොහැක.

16 වසරක් සිරස මාධ්‍ය ජාලයේ සේවය කරමින් සිටි මා යලිත් අලුතින් පිටවන පුවත්පතකට සම්බන්ධ වීමට ආශාවෙන් සේවයන් ඉවත්වීමට ලිපියක් ලියා සභාපතිවරයා මුණගැසී  සමුගැන්මට ගිය අවස්ථාව, අද දිනයේදේ මතක් වනවිට මා හද සොවින් පිරෙයි. මගේ ඉල්ලා අස්වීම දැනගත්තේද ඔහු එම මොහොතේය. ඒ මොහොතේ ඔහු මගෙන් විමසු වදන් වැල මගේ හඳවතින් කදුළු වැල් කඩා හැලෙන්නාක් මෙන් විය.

“ඇයි ප්‍රේමලාල් ඔයා මාව දාල යන්නේ” කියන වචන ටික ඇසුණු විට ඉල්ලා අස්වීම ආපසු ගැනීමට පවා මට සිත්විය. මා එසේ සමු ගනිද්දී වචනයෙන් ප්‍රකාශ නොකලද ඔහු ඉතා දුක්බර වූ බව මට වැටහුණි. ඔහු මාත් සමගම කාමරයෙන් පිටතට පැමිණ මා විදුලි සෝපානය වෙත එකතු කරගෙන ගොස් මා සෝපානයට ගොඩවන තුරු එහි දොර අසල රැදී සිටි ආකාරය සිහියට එනවිට දැනෙන වේදනාව අපමණය. සිරස මාධ්‍ය ජාලයේ ඒ අපූරු මිනිසා මට මුණ ගැස්වුයේ එවකට අප  අධ්‍යක්ෂකව සිටි මගේ කල්‍යාන මිත්‍ර ටිරෝන් ඩි වොටා මහතාය.    

Wednesday, July 28, 2021

නමක් නොමැති ශාන්තුවරයාගේ කතාව

 


අපූරු චිත්‍රපටියක් බැලුවෙමි. මේ චිත්‍රපටිය නරඹන්නට මූලික හේතුව වූයේ ඒ කුමන ආකාරයේ එකක්ද ගූගල් වලින් පරීක්ෂාකර බලන විට එහි rotten tomatoes අගය සියයට අනු තුනක් තිබුණ නිසාය. අනෙක් කාරණය වූයේ මෙම චිත්‍රපටය මොරොක්කෝ රටේ නිෂ්පාදනයක් නිසා විය. මම මීට කලින් මොරොක්කෝ චිත්‍රපට බලා නොතිබූ නිසා එහි චිත්‍රපට කුමන වර්ගයේ ඒවාදැයි බලන්නට මට සිත් විය. 

චිත්‍රපටයේ නම the unknown saint වීම සහ එය ඉස්ලාමීය රටක නිපදවා තිබීම යම්තාක් දුරකට  කුතුහලය දනවන්නක් ද විය.


චිත්‍රපටය පටන් ගන්නේ තරුණ හොරෙකු ඔහු විසින් සොරකම් කරන ලද ිශාල මුදල් ප්‍රමාණයක් රැගෙන පලා යන ජවනිකාවකි නි. ඔහු කාන්තාරයක් මැද මෙසේ යන විට මාර්ගය අසල තිබෙන විශාල වැලිකන්දක් දැක මුදල් බහාලූ පෙට්ටිය ද රැගෙන ඒ වැලි කන්ද මුදුනට ගොස් එය කන්ද මුදුනේ කුඩා වළක් හාරා සඟවයි. එසේ මුදල් සැඟ වූ තැන පසුව පැමිණ සොයා ගැනීමට පහසු කරනු පිණිස ඔහු එතන මිනියක් වළලු ආකාරයට ගල් කිහිපයකින් වටකර සලකුණක් තබයි.


මුදල් සඟවා තමන්ගේ වාහනය වෙතට පැමිණි විගසම පොලිස් වාහන කිහිපයක් පැමිණ ඔහු අත්අඩංගුවට ගනී. ඉන්පසු අප දකින්නේ සිරගෙදරින් නිදහස් වී එළියට එන සොරා ය. ඔහු ඕනෑම හොරෙකු මෙන් සිරගෙදරින් නිදහස් වූ වහාම තමන් මුදල් සැඟ වූ තැනට පැමිණෙයි. එතනට පැමිණි පසු ඔහු අති මහත් පුදුමයට පත්වෙයි. 

ඒ ඔහු මුදල් සැඟ වූ ස්ථානය මත, තරමක දේවාලයක්  සාදා ඇති බව දැකීමෙනි. ඒ දේවාලයේ නම නොදන්නා ශාන්තුවරයාගේ දේවාලය යන්නයි. දැන් ඒ ඒ වටා පහත් භූමියෙහි තරම ක ගමක් ද ගොඩනැගී ඇත. දැන් මිනිසුන් තමන්ගේ ප්‍රශ්න සහ රෝග සුව කර ගැනීමට යන්නේ මේ දේවාලය වෙතටය.


ගමට අලුතෙන් පැමිණෙන වෛද්‍යවරයෙකු හා සම්බන්ධව ද, වෙනත් එහි ජීවත්වන්නන් පිළිබඳවද නොයෙකුත් ාස්‍ය ගත සිදුවීම් සිදුවන අතර ඒ හොරා සහ ඔහුගේ තවත් සගයකු දේවාලය ඇතුලේ සැඟවී තිබෙන ුන්ගේ මුදල් ලබා ගැනීමට කරන උත්සාහය චිත්‍රපට ප්‍රධාන කතාව වෙයි.

මේ අතර ගමේ වාසය කරන ගොවියෙකු සහ ඔහුගේ පුතෙක් වර්ෂාව නොමැති වීම නිසා ගොවිතැන් කර ගැනීමට නොහැකිව දෙවියන්ට කොතරම් කන්නලව් කළ ද ඒ නොලැබීම හේතුවෙන් බොහෝ දුක් විඳ පියා මියයයි.


ගොවියා ගේ පුතා මේ සම්බන්ධව දේවාලය සමඟ කෝප වී, ඒ කාලයෙ  ගමේ පාරක් සෑදීමට ගෙනැවිත් තිබෙන ෙඩිබෙහෙත් යොදා රාත්‍රියේ හොරෙන්ම දේවාලය පුපුරවා හරියි.

මෙලෙස දේවාලය පුපුර වන විට හොරා ද තමන්ගේ මුදල් ආපසු ගැනීමට දේවාලයට ඇතුළු වීමට පිළියෙල කරමින් සිටි නිසා ඔහු ද පිපුරුමට අසුවෙයි. 


ගොවියගෙ පුතාට මුදල් හමුවන අතර පසුව ඔහු එම මුදලින් කොටසක් යොදවා නැවත දේවාලයක් ගොඩ නංවයි. ඒ දේවාලයේ නම ibrahim ශාන්තුවරයාගේ දේවාලයයි. ibrahim යනු ඔහුගේ පියාය.

නමක් නොමැති දෙවියකුට වඩා තමා හොඳින් දන්නා තමාගේ පියා ශාන්තුවරයකු කිරීම තරුණයා ගේ තීරණයෙන් අවසන් වන චිත්‍රපටය ඉතාමත් අපූරු එමෙන්ම එඩිතර නිර්මාණයක් වෙයි. 

විශේෂයෙන්ම ආගම් සම්බන්ධව නිදහසේ කතා කිරීමටත් ඉඩනොදෙන ඉස්ලාම් ආගම තිබෙන රටක මෙවැනි ිත්‍රපටයක් සෑදීම ද පුදුම සහගත ය. 

Sunday, July 25, 2021

ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ කෘෂි උපදේශ




අපේ ගෙදර ගෙවත්තේ  'වැටේ මුරුංගා' ගස් දහයක් පමණ තිබේ.  නමුත් මෙයින් හොඳට කරල් එන්නෙ මිදුලේ තියෙන පැරැණිම ගසෙනි. මේ ගස සාමාන්‍යයෙන් සියවස් භාගයක් පමණ පැරණි ගසකි. 


මුරුංගා ගස් හැදෙන්නේ සාමාන්‍යයෙන් වියළි කාලගුණයක ජලය රඳා පැවතීම අඩු භූමියකය.  අපේ ගෙවත්තේ හොඳින් වැවෙන ගසට ඒ අවශ්‍ය දේවල් අවැසි අයුරෙන්ම තිබෙනවා වන්නට පුලුවන. මක්නිසාද මේ ගස තිබෙන්නේ අපේ ගෙදර තිබෙන කන්දේ බටහිර පැත්තට වන්නට ඇල්ල පල්ලේ සාමාන්‍යයෙන් ඉක්මනට වියළි බවට පත්වෙන කෙළවරක ය.


මේ ගසේ හැම වාරයකටම සාමාන්‍යයෙන් මුරුන්ගා කිලෝ තුන හතරක් කඩා ගන්නට පුළුවන. ගිය සතියේ මම කුණ්ඩසාලේ ෆුඩ් සිටි වෙළඳසැලට ගියවිට දුටුවේ මේ දවස් වල මුරුන්ගා කිලෝ එකක් රුපියල් දාහකට පමණ මිල වී ඇති බවය. 


මම දැනට අවුරුද්දකට පමණ පෙර මාතලේ යාලුවෙකුට කියා මහ ඉලුක්පල්ලම ගොවිපළෙන් මුරුන්ගා පැල 50ක් ගෙන්වා ගත්තෙමි. එයින් භාගයක් තවත් මිතුරෙකුට දී ඉතිරි භාගය මගේ ගෙවත්තේ තැන් තැන් වල ද මැල්සිරිපුර ඉඩමක ද පැළ කළෙමි. එයින් ද මැල්සිරිපුර ඉඩමේ හිටවපු පැළ සියල්ල මැරී ගිය අතර ගෙදර වත්තේ සිටවූ පැළ වලින් 5ක් පමණ; ඉඩ වරයට අසුවූ විට පැළවලට වතුර දැමූ නිසා වන්නට පුළුවන, හොඳින් වැඩුණි.  එහෙත් එම ගස් ඉතා සරුවට වැවුණු නමුදු ඒවායේ කරල් එන බවක් පෙනෙන්නට තිබුණේ නැත. 


මේ අතර දැන් මුරුංගා ලෝකයම පිළිගත් ,විශේෂයෙන් බටහිර රටවල පවා පිළිගැනීමට ලක් වූ වයස්ගත වීමේ වේගය අඩු කරන ඖෂධයක්  ලෙස පිළිගැනීමට ලක් වෙමින් පවතින බව කිහිප තැනක කියෙව්වෙමි.

මේ මුරුන්ගා කරල් නොව කොළ බව මම දැනගත්තෙමි. 

බොහෝ විට මෙම ඖෂධ හදන්නට මුරුංගා කොළ යොදා ගන්නේ ඉන්දියාවේ වවන මුරුංගාවලිනි.

ඉන්දියාවේ අක්කර දස දහස් ගණනක් මුරුංගා වවා ඒවායේ කොළ කපා වේලා බටහිර රටවලට මෙම ඖෂධ සෑදීමට යවන බව මම දුටුවෙමි. 

සමහර විට අපට ලැබුණු මුරුංගා පැල එලෙස මුරුංගා කොළ සඳහා වවන මුරුන්ගා වර්ගයක් ද යන්න මට පැහැදිලි නැත. ඒවගෙනුත් ප්‍රයෝජනයක් ලබාගත යුතු නිසා මම ඒ ගස් හොඳින් වැවුණු විට අතු පිටින්ම කපා කොල වෙලා දැන් දවසක් හැර දවසක් තේ කෝප්පයක් ලෙස පානය කරන්නට පුරුදු වුණෙමි. නිකං ලැබෙනවා නම් දෙමළ පුවත්පතක් වුණත් කියවන්නට පුරුදු විය යුතුය. 

දිනපතාම බොන්න සිතුනත් එසේ නොකරන්නේ ඒ අවස්ථාවේ The Curious Case of Benjamin Button චිත්‍රපටය මතක් වූ නිසාය.



 අපේ ගෙදර තිබෙන හොඳින් කරල් එන මුරුංගා ගසෙහි අතු ඉතා උසට වැවේ. කරල් කඩා ගන්නට යන විට බොහෝ කරදර වන්නට සිදුවේ. මේ අතර ලඟකදී ඒ මුරුංගා ගස ළඟ තිබූ පොල් ගසක අත්තක් වැටීමෙන් උසට තිබුණු මුරුංගා අත්තක් පහතට නැමුණි. එහි කෙළවර හොඳ මල් කිනිත්තක් ද තිබුණු නිසා මෙය තවත් අකරතැබ්බයක් සිදුවී සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නට හැකි නිසා ත් මම ඒ අත්ත ලඟින් තිබූ star fruit ගසකට ගැට ගැසුවෙමි. එය දැන් දුන්නක් ඇද්දා සේ ඡායාරූපයෙ හැටියට තිබේ. 

මෙලෙස සති දෙකක් පමණ ගත වන විට අපූරු යමක් සිදු විය. ඒ එම නැමී ඇති අත්ත පුරාම සිරස් අතට කුඩා අතු දහයක් පමණ ඇතිවීමයි.

තවත් සති දෙකක්  පමණ යන විට ඒ අපූර්වත්වය උත්කෘෂ්ටයට පැමිණියේය. ඒ කෙසේද යත් ඒ හැම කුඩා සිරසට වැවුණු අත්තකම ලොකු මල් කිනිත්තක් ඇතිවීමයි. දැන් මුරුංගා එක අත්තකින් අතු දහයක පමණ අස්වැන්න ලබා ගැනීමට පුළුවන.

මම මේ දැක තවත් මුරුංගා අතු කිහිපයකට මේ වැඩේම කළෙමි. ඒවායේ ප්‍රතිඵල තව කීප දවසකින් මට දැනගන්නට පුළුවන් වනු ඇත.


තමන්ගේ ගෙවත්තේ මුරුංගා ගස් තිබෙන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් වාණිජව මුරුන්ගා වවන අප ගොවියන්ට මේ ක්‍රමයට ගස් පුරුදු කර ගැනීමෙන් හත් අට ගුණයක අස්වැන්නක් ලබා ගන්නට පුළුවන් යැයි මට සිතේ.

Thursday, July 22, 2021

සෙන් කතා 2 - සරල ලෙස ජීවත් වීමෙන් ධර්මය අවබෝධ කර ගැනීම

 ඉතාමත් සැප පහසු ජීවිතයක් ගත කළ තරුණයෙක් ආචාර්ය වරයෙකු වෙත පැමිණ ධර්මය අවබෝධ කර ගැනීමට කොතරම් කලක් ගත වනු ඇද්දැයි ප්‍රශ්න කළේය. 


"ඔබගේ ඉතිරි මුළු ජීවිත කාලයම" ආචාර්යවරයා පිළිතුරු දුන්නේ ය


"මට ඒ තරම් කාලයක් බලා ඉන්නට බැහැ" තරුණයා කීවේය. "මම ඕනෑම දුෂ්කරතාවයකට මුහුණ දෙමින් ඔබගේ සුවච සේවකයා ලෙස වැඩ කිරීමට කැමතියි, ඒ විදිහට මට කොතරම් කාලයක් ගත වෙයි ද?"


"අවුරුදු දහයක් පමණ" පිළිතුර විය.


" එයත් ඉතාමත් දීර්ඝ වැඩියි"  තරුණයා තරමක් උස් හඬින් පිළිතුරු දුන්නේය.. "මගේ මවට ගොඩක් වයසයි මට ඇය බලා ගන්නටත් තියෙනවා, මම ඉතාමත් උවමනාවෙන් ඉගෙන ගත්තොත් මට කොච්චර කාලයක් යයිද?" 


"අවුරුදු තිහක් පමණ" ආචාර්යවරයා පිළිතුරු දුන්නේය.


" මොනවා?" ඔබ මුලින් 10 කිව්වා දැන් තිහක් කියනවා, මෙතෙක් ධර්මය අවබෝධ කරගන්න කිසිම කෙනෙක් මහන්සි නොවුන ලෙසට මහන්සි වෙන්න මං ලෑස්ති යි, අවබෝධ කරගන්න කෙටිම කාලය කොපමණක් වෙයිද?" 


" එහෙමනං ඔබට අවුරුදු හැත්තෑවක් පමණ ගතවෙයි, ඉවසීම අඩු කෙනකුට කාලය ගත වෙනවා වැඩියි" 


දීර්ඝ සුසුමක් හෙළමින් ආචාර්යවරයාට නැමී ගෞරව කළ සිසුවා ඔහු ආචාර්යවරයාගේ සේවකයෙකු ලෙස වැඩ කරමින් ධර්මය ඉගෙන ගැනීමට කැමැත්ත පළ කළේය.


අවුරුදු කිහිපයක් සිසුවා ආචාර්යවරයා සමග වැඩ කළේය. එහෙත් ඔහුට ධර්මය එතරම් ඉගෙන ගැනීමට ලැබුනේ නැත. ඔහු පන්සලේ ගෙවත්ත පිරිසිදු කළේය ආචාර්යවරයාගේ ආහාර පිස දුන්නේය ඇඳුම් සෝදා දුන්නේය, මිදුල අතු ගෑම කළේය.


කල් ගතවන විට ඔහු ධර්මය අවබෝධ කර ගැනීම ගැන සිතීම අඩුවී තමන් කරන දෛනික සරල කටයුතු වලින් සතුටක් ලබන්නට පටන් ගත්තේය. ඔහු වරින් වර තමන් වැරදි තීරණයක් ගත්තේ දැයි සිතුවද, දෛනිකව කරන වැඩ වලින් මහත් සතුටක් ලැබීය. අවුරුදු තුනකට පසුව ආචාර්යවරයා ඔහුට සරල භාවනා කටයුතු හුස්ම ගැනීමේ ව්‍යායාම වරින් වර ස්වල්ප ලෙස කියා දුන්නේය.

මෙම උපදෙස් සිසුවා උදේ සහ හවස පිළිපැද භාවනාවේ යෙදුණේය.


තවත් අවුරුදු තුනකට පසුව සිසුවා දිනක උදේ අවදිවී බලන විට තම ආචාර්යවරයා පන්සලේ නැති බව දැක්කේය. එසේම ඔහු නිතරම පාවිච්චි කළ ඔහුගේ සැරයටියට ගැටගසා තිබූ කුඩා ලිපියක් දුටුවේය.


" ඔබ දැන් මගේ ආශ්‍රමයේ ප්‍රධානියා වීමට සුදුසුකම් ලබා තිබෙනවා,

ඔබ තමන්ට නියමිත වැඩ ඉතාමත් ඕනෑකමින් කරන බවත් මා විසින් පවරනු ලැබූ සියලු කාර්යයන් උනන්දුවෙන් කරන බවත් මා දුටුවා"


,"මට දැන් ආපසු මගේ ගමට ගොස් තේ බොමින් දැලෙන් මාළු අල්ලමින් කාලය ගත කිරීමට පුළුවන, ඔබ දැන් ආචාර්ය වරයෙකු වීමට සුදුසුකම් සම්පූර්ණ කර තිබේ, මගේ සුභ පැතුම් පිළිගන්න"


එතැන් සිට, නුවණින්  වැඩුණු සිසුවා නොඉවසිලිවන්ත අලුත් සිසුනට ධර්මය කියා දීමට පටන් ගත්තේය. ඒ ඔහුත් මුහුකුරා ගොස්, ආපසු තම ගමට ගොස් තේ බොමින්, දැලෙන් මාළු ඇල්ලීමට කාලය පැමිණෙන තෙක් ය.









Wednesday, July 21, 2021

අපූරු සෙන් බුද්ධාගම

 



Hui neng පන්සලේ මුළුතැන්ගෙයි වැඩ කලත් අකුරු බැරි ඒ තරම් බුද්ධියක් නොමැති මහණෙකු නිසා අනෙක් හිමිවරුන් එතරම් ගණන් ගත්තේ නැත. 

නිකායේ පස්වන ප්‍රධානියා වූ Heng Jen ,  තමන්ගෙන් පසු නායකයෙකු සොයා ගැනීමට තමන්ගෙ ගෝලයන් අතර ාව්‍ය තරගයක් පැවැත්වීමට තීරණය කළේය.

ඔහු තමාගේ සියලු සිසුන් කැඳවා නිර්වාණය ලබන විට ලැබෙන අත්දැකීම් පිළිබඳව ාව්‍යයක් ලියන ලෙසට උපදෙස් දුන්නේ ය.

ඔහුගේ ජ්‍යෙෂ්ඨ සිසුවා වූ Shen xiu භාවනා ශාලාවට යන කොරිඩෝවේ බිත්තියේ පහත කාව්‍ය ලිව්වේය.


අපේ ශරීරය බෝ ගස වෙයි

මනස දිලිසෙන කැඩපතයි

එයට දූවිලි එකතු නොවන ලෙස

අපි පැයෙන් පැයට එය පිරිසුදු කරමු


අනෙක් සියලු සිසුන් ඔහුගේ කාව්‍ය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව සිතූහ. එහෙත් hung Jen එසේ සිතුවේ නැත. 


Hui neng තම සහෝදර සිසුන්ගේ ආහාර  බෙදමින් සිටියදී ේ කාව්‍ය පිළිබඳ සිසුන් උස් හඬින් සාකච්ඡා කරනවා ඇසුණි.


එක් රාත්‍රියක ඔහුට සියල්ල පැහැදිලි වූ අතර  මේ තරගය සඳහා කාව්‍යයක්ද සිතට ආවේය. ඔහුට අකුරු ලියන්නට බැරි නිසා ඔහු තම අදහස ලියවා ගත්තේ තරුණ සිසු නමකට කියාය.

ඔහුගේ කාව්‍ය මෙසේ විය.


බෝගසක් නොමැත

කැටපතක් ඇත්තේද නැත

සෑම තැනකම කිසිවක් නොමැති නිසා

දූවිලි තැන්පත් විය හැක්කේ කොතනද?


නිකාය අධිපති මේ කාව්‍ය දුටුවිට, ඔහු සොයමින් සිටි සිසුවා hui neng බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය.


එදින රාත්‍රියේම hung Jen , hui neng , වෙත 'ක්ෂණයකින් ධර්මය අවබෝධ කරගත් ගුරු', යන ගෞරව නාමය පුදකර , අනෙක් සිසුන් කෝපයට පත් වී ඔහුට කරදර කරන්නට හැකි  යැයි සිතා, පදවියට අයත් සියලු දේ ලබා දී,විහාරයෙන් පිටත් කර හැරියේය.


පසු කලෙක hui neng ආචාර්යවරයා දකුණු චීනයේ චැන් බුද්ධාගමේ විහාරය පටන්ගෙන පසු කලෙක එහි ප්‍රධාන ආචාර්යවරයා බවට පත් විය.


ක්‍රිස්තු වර්ෂ 638 චීනයේ උපත ලද Hui neng චැන් බෞද්ධ නිකායේ හයවන ප්‍රධානියා විය.




Monday, July 19, 2021

trial and error

මට මේ සියල්ල ලියන්නට සිතුනේ මේ ලඟකදි මට සිදු වූ යම් සිදුවීමක් නිසාය. අපේ මිදුලේ වර්ග අඩි පන්සීයක පමණ තණ පිටියක් තිබේ. දැන් අවුරුදු දහයකට පමණ පෙර එහි තිබුනේ කොළය ලොකු දේශීය තණකොළ වර්ගයකි.

මම පොඩි කාලේ මෙම තණකොළ මිදුලේ වවන්නට කුඹුරු වල සිට පිඩලි ගෙනාවා මතකය. නමුත් කාලයක් ගිය පසුව මේ තණකොළ වර්ගයේ තිබුණු ලොකු ප්‍රශ්නයක් අපට අත්දැකීමට සිදුවිය. ඒ කුඹුරු වල මෙන්ම මිදුලේද කූඩැල්ලන් ව්‍යාප්ත වීමයි. මුලදී ගෙදර මිදුලේ කූඩැල්ලන් සිටි නැති නමුදු, හොඳින් වැවුණු පසු මිදුලේද ව්‍යාප්ත විය. එහෙත් මීට වඩා බොහෝ කුඩා පත්‍ර සහිත අලුත් තණකොළ වර්ගයේ එසේ කූඩැල්ලන් හැදෙන්නේ නැති බව මට දැනගන්නට ලැබුණි.

මම එවැනි තණකොළ වර්ගයක් සොයමින් සිටින විට, ඒ වර්ගයේ පිඩලි විකුණන ස්ථානයක් දියත උයනේ දැක, පිඩැල්ලක්  රුපියල් හැත්තෑවකට මම මිලදී ගත්තෙමි. ඉන්පසු ඊළඟ සති අන්තයේ ගෙදර පැමිණි පසු, මිදුලේ එක කොටසක ලොකු තණකොළ පිඩලි ලෙස ඉවත් කර, ඒවාට පස් පුරවා මිලදී ගත් වල් කිහිපය බැගින් ගලවා එම ස්ථානවල හැදැව්වෙමි.

අවුරුද්දක් පමණ යනවිට තණකොළ වර්ගය සම්පූර්ණයෙන්ම මාරු කර ගන්නට හැකි වුණි. එහෙත් තවමත් මෙම ක්‍රියාවලිය අවසන් වී නැත. තවත් සියයට දහයක් පමණ work in progress  ලෙස පවතී.

ඇත්තෙන්ම මේ වල්වල කූඩැල්ලන් සෑදෙන්නේ නැත. මෙය මහනුවර ප්‍රදේශයේ ගෙදරකට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයකි. නමුත් අවුරුදු කිහිපයකට පසු මගේ ලෝන් එකට උඳුපියලිය ආක්‍රමණයක් සිදු විය. තැනින් තැන එක දෙක උඳුපියලිය පැල, සමහර කොටස් වල තණකොල වසාගෙන ඉතාමත් සරුවට වැවෙන්නට පටන් ගත්තේය. අනෙක් වල් මෙන් නොව උදුපියලිය ගලවා දැමීමත් ඉතාමත් අපහසු වන්නේ ඒවා පොළොවට සමාන්තරව, ඉතාමත් ඉක්මනින් සීග්‍රව වැවෙන නිසාය. ඒවා ගලවා දැමූවත් මුල් එළියට එන්නේ නොමැති නිසා, නැවත වරක් දළු දාගෙන වැවෙන්නට පටන් ගනී.

අපි ගෙදර අය මෙය ගලවා ඉවරයක් කිරීමට උත්සාහ කළද, එසේ කිරීමට හැකියාවක් ලැබුනේ නැත. මේ සඳහා වෙනම උපකරණද බංකු දෙකක්ද සාදා ගත්තෙමු. එහෙත් අපි එක් පැත්තකින් පටන්ගෙන උදුපියලිය ගලවාගෙන යනවිට, අනෙක් පැත්තෙන් නැවත වැවෙන්නට පටන් ගනී. කාන්තාවක් දවසට රුපියල් 800 පඩියට කුලියට ගෙන මේ වැඩේට යෙදෙවුවද, ඇය දවස් තුනකින් පැමිණීම නතර කළාය. ඇය නොයෙකුත් නිවෙස් වල කෑම සෑදීමට බාරගන්නා නිසා, මෙලෙස එක් තැනක දිගටම වැඩ කිරීම අපහසු බව ඇය මට කීවාය.
තවත් කාන්තාවක් මේ සඳහා යොදවා ගත්තද, ඇයද දවස් දෙකකට පසු ආපසු පැමිණියේ නැත. සමහර විට මේ වැඩය ඉතාමත් ඒකාකාරී එසේම බංකුවක ඉඳගෙන කළ යුත්තක් නිසා, එපා වනවා වන්නට පුළුවන.

උඳුපියලිය ඉවත් කිරීමට හැකියාවක් තිබේ යැයි මට හැඟුණු කුඩා මැෂිමක්, මම අලිබබා ආයතනයෙන් ගෙන්වා ගතිමි. එහෙයින් වැඩය තරමක් ඉක්මන් වුවද, උඳුපියලිය වගාවෙන් ඉවත් කිරීමට නම් හැකියාවක් ලැබෙන්නෙ නැති බව මට පෙනුණි. මේ අතර දවසක් අපේ මිදුලෙ තිබෙන වරකා ගහ යට වැටී තිබෙන කොස් කොළ ඉවත් කරමින් සිටින මට, එම කොස්කොළ යට අව්ව නොමැති නිසා අවපැහැ ගැන්වී ඇති වල්වල, උඳුපියලිය වඩාත්ම විනාශයට පත්වී ඇති වල් වර්ගය බව දුටුවෙමි. තණකොළ සාමාන්‍යයෙන් කහපාට පමණක් වී තිබුණු අතර උඳුපියලිය දුඹුරු පාට වී මියයන තත්ත්වයට පත්ව තිබුණේය.

මගේ යුරේකා අදහස පැමිණියේ මේ නිරීක්ෂණයෙන් පසුවය. මම ලොකු පොහොර ගෝනියකින් උඳුපියලිය වැඩිපුර තිබෙන ප්‍රදේශයක් වසා තැබුවෙමි. 

දිනකට වරක් ගෝනිය ස්වල්පයක් උස්සා (මෙය කියද්දී මට අර චර්චිල්ගේ ස්කර්ට් එකේ කතාව මතක් වුනි.) බැලුවෙමි. දවස් තුන හතරක් යන විට සියලුම යටවී තිබුණු වල් වර්ග අවපැහැ ගැන්වී තිබුණි. දවස් අටක් ගිය තැන උදුපියලිය සම්පුර්ණයෙන් විනාශ විය. මට අවශ්‍ය වල් වර්ගය ඉතිරි වී තිබුණි. ඒවාද අවපැහැ ගැන්වී තිබුනද සති දෙකක් විවුර්තව තැබූ පසු සාමාන්‍ය පැහැයට පත්වී නැවත ව්‍යාප්ත වීමට පටන් ගත්තේය.

ඉන්පසුව මම ගෙදර තිබු පරණ කොලපාගන විට පාවිච්චි කරන ලොකු කළු ප්ලාස්ටික් රෙද්දකින් වැසුවෙමි. සතියකටත් [පෙර උඳුපියලි සමුලගාතනය විය.

 

මෙය අපගේ දිනපතා ජීවිතයේ නොයෙකුත් වැඩ කටයුතු විද්‍යාත්මකව සිතීමෙන් සහ අහඹු නිරීක්ෂණයන් වැඩදායක අන්දමින් යොදා ගැනීමෙන් පහසුකර ගැනීමේ සරල උදාහරණයකි.

 

මෙම සරල යොදා ගැනීමෙන් මට මසකට රුපියල් 5000 ක පමණ ඉතිරියක්ද, පැය 10 ක පමණ මගේ කාලයද, ඉතිරි විය. ඒ සියල්ලටම වඩා මට ඕනෑ කරන තෘණ වලින් පමණක් සමන්විත වූ lawn එකක් දිනපතා මිදුලේ දැකීම ඒ මත ඇවිද යාම කොතරම් සතුටක් ගෙන දෙන්නේද?   


  

Sunday, July 18, 2021

අපේ මහා මාර්ග පද්ධතියේ පියා

 



1867 වර්ෂයේ ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් ලංකාවේ අලින් පිළිබඳ ලියූ ග්‍රන්ථය පිළිගන්වන ලද්දේ ංග්‍රීසි හමුදාවේ මේජර් ස්කිනර් ට ය. 

ලංකාවේ මාර්ග පද්ධතියේ පියා යැයි කිව හැකියි මේජර් ස්කිනර් පිළිබඳව ්‍රීමත් එමර්සන් ටෙනන්ට් විසින් ලියන ලද පහත විස්තරය මේජර් ස්කිනර් ගෙන් ලංකාවේ ගමනාගමනයට සිදු වූ සේවය මනාව විස්තර කරනු ලබයි.


' ඉංග්‍රීසීන් විසින් ලංකාව තම පාලනයට ගන්නා විට පාරක් හෝ පාරක් කියයි කිව හැකි යමක් ලංකාවේ තිබුණේ නැත. දුර ගමනක් යන්නන් බොහෝවිට ගියේ  වනය මැදින් දෝලාවන්  වලින් ඔසවා ගෙන යාමෙනි. හමුදා සේනාංක බොහෝ දුෂ්කර ලෙස තම බර ආයුධ ඇදගෙන ගියහ, වෙඩි උණ්ඩ සහ අනෙකුත් සැපයුම් රැගෙන ගියේ මිනිසුන්ගේ කරවල් මතය.

එහෙත් දැන් කොළඹ සිට කඳුකරයේ අගනුවර වන මහනුවර දක්වාත් එතනිනුත් ඉහලට nuwaraliya දක්වාත් අලුත් මාර්ග සැකසී ඇත. නුවරඑළිය මුහුදු මට්ටමේ සිට අඩි හයදාහක් පමණ උසින් පිහිටා ඇති බව මෙහිදී කිව යුතුය.


එපමනක් නොවේ සැලකිය යුතු සෑම ප්‍රධාන නගරයක් ම පාහේ රටේ ප්‍රධාන නගර දෙකට මහා මාර්ග වලින් සම්බන්ධ කර ඇත්තේය. හැතැප්ම 769 ක මහා මාර්ගයක් දූපත වටා දැන් තිබේ. මේ මාර්ගයේ ප්‍රධාන නගර කිට්ටු වන විට අශ්ව කරත්ත වලට යාමට හැකි අතර ග්‍රාමීය ප්‍රදේශ හරහා අසුන් පිට සහ ඇවිදගෙන යා හැකිය.


අප ප්‍රධාන යටත්විජිතය වන ඉන්දියාව කිසිම තැනක මෙවන් මහා මාර්ග දකින්නට නොහැක. මේ සියලු මහා මාර්ග පද්ධතිය එක් මිනිසෙකුගේ සැලසුම් සහ දක්ෂතාවයද තවත් මිනිසෙකුගේ හැකියාවන් සහ උද්‍යෝගයත් නිසා සිදු වූයේ යැයි කටපුරා කියන්නට පුළුවන.


1820 වසරේ යටත්විජිත පාලකයා ලෙස පැමිණි පසු,  දූපතේ තැනින් තැන ඝණ වනාන්තර වල සහ කඳුවල බලකොටු සහ හමුදා ඛණ්ඩ පිහිටුවා ඒවා නඩත්තු කරන්න ට යන වියදම, අවශ්‍යතාවයකදී ඉක්මනින් හමුදාවට යාමට හැකියාව ලැබෙන ලෙස, මාර්ග පද්ධතියක් සකස් කිරීමෙන් බොහෝ අඩු කර ගත හැකි බව ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් හට පෙනුණේය.


ඔහු යුද හමුදාව යොදවා ඉහත සඳහන් කළ පරිදි මාර්ග පද්ධතියක් නිර්මාණය කර සංවර්ධනය කළේය. මෙය දූපතේ ආරක්ෂාවට පමණක් නොව එහි සංවර්ධනයට ද බොහෝ ඉවහල් විය. ඔහුගේ අග්‍රාණ්ඩුකාර ධුරයේ කාලය අවසන් වීමට පෙර  මෙම සිහිනය ඉතාමත් සාර්ථක ලෙස ඔහුට සැබෑ කරගැනීමට හැකි විය.


ඔහුගේ මෙම ්‍යාපාරය සැලසුම් කරන්නට පටන් ගත් දා සිට එහි සෑම අවධියක දී ම තවත් නිලධාරියෙක් ඔහු පසුපසින් සිටියේය. ඒ දැනට ලංකාවේ මාර්ග කොමසාරිස්වරයා වන මේජර් ස්කිනර් ය.


මෙම යටත් විජිතය එහි සශ්‍රීකත්වයට වඩාත්ම ණයගැති වන්නේ මේ මිනිසාටය."

ඔවුන් ඒ එක පාරක්වත් සාදන ලද්දේ ණයට අරගෙන නොවේ. 

"

Tuesday, July 13, 2021

රාජ්‍ය නායකයාගේ දෙමාපියන්ගේ සොහොන





1959 සිට 1962 දක්වා කොමියුනිස්ට් චීනය සභාපති මාඕ ගේ මූලිකත්වයෙන් great leap forward නැමැති රට එක් වරම දියුණු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය.
වසර පහළොවත් තුළදී, එංගලන්තය තරමට දියුණු වීමට   ඔවුන් සැලසුම් කළහ.

මේ සැලැස්ම සම්පූර්ණයෙන්ම වාගේ වැරදුණු අතර මෙයින් ඇතිවූ ආහාර හිඟයෙන් පමණක් චීන ජාතිකයන් මිලියන 50ක් පමණ මියගිය බවට ගණන් බලා ඇත. ඔවුන් විසින් මෙම සැලසුම පසුව නවතා දමන ලදී.

මෙම සැලසුම ක්‍රියාත්මක වන කාලයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ  බොහෝ ප්‍රාදේශීය නායකයන් විසින් සභාපති මාඕ සතුටු කිරීමට සහ ඔහුගෙන් ොයෙකුත් ප්‍රයෝජන ලබාගැනීමට ඔහුට නොයෙකුත් දත්ත සහ තොරතුරු වැරදි ආකාරයට ඉදිරිපත් කර ෙම සැලසුම හොඳින් ක්‍රියාත්මක වන බව පෙන්වීමට කටයුතු කළහ. 
මේ පිළිබඳව ඔහුට සැක සිතී ඔහු තමන්ගේ උපන් ගමට ගොස් එහි  ඇති තත්ත්වය පරීක්ෂා කිරීමට කල්පනා කළේය. 
ඔහුගේ පුද්ගලික වෛද්‍යවරයා විසින් සභාපති මාඕ මියගොස් කලකට පසු මෙම ගමන පිළිබඳව කර ඇති විස්තරය සිත් ගන්නා සුලුය.   

"අප පිටත් වූ ජුනි 25 වන දින බොහෝ උණුසුම් සහ අව්වෙන් යුක්ත දවසක් විය. ග්‍රාමීය මාර්ග වැලි මාර්ග වූ අතර ඒවායේ දූවිලි පිරී තිබුණි. අප ගමන් කළ වාහනයේ වායු සමනය කර නොතිබුණු නිසා ජනෙල්වලින් දූවිලි ඇතුලට ඒම දිගටම සිදුවිය. අප ඒ ගමනෙදි කොතරම් දහඩිය දැම්මාද කිවහොත් අපි සියන්ටාන්  ප්‍රදේශයට පැය දෙකකට පමණ පසු පැමිණ වාහනෙන් බහින විට අපි මඩ වලින් සාදන ලද්දන්  මෙන් පෙනුනාට කිසිම සැකයක් නැත.

සියන්ටන්  ප්‍රදේශයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා අප පිළිගැනීමට පැමිණ සිටියේය. අවුරුදු දහසයකට පසු සභාපති මාඕ ගේ අනුප්‍රාප්තිකයා වූ මෙම පුද්ගලයා මට ජීවිතයේ ප්‍රථම වරට මුණ ගැසුණේ මෙතැනදීය.  අපි ටික වේලාවක් එහි විවේක ගෙන ඉන්පසු ටිකක් ඇවිදින්නට ගියෙමු. ප්‍රදේශයේ පක්ෂයේ ලේකම්වරයා අප සමග නොපැමිණියේ ඔහු අසල දී සාමාන්‍ය ජනයා සභාපති මාඕට නිදහසේ කතා කිරීමට බිය වනු ඇතැයි මාඕ සිතූ බැවිනි.

මාඕ උපන්ෂොෂාන් ගමට එතැන සිට තවත් විනාඩි හතලිහක් වාහනයෙන් යා යුතු විය. ඒ ගමට පැමිණි පසු කන්ද මුදුනේ තිබූ කලකට පෙර ක්‍රිස්තියානි මිෂනාරිවරුන් පාවිච්චි කළ නිවාඩු නිකේතනයක මාඕ ලැගුම් ගත්තේය.
මම කන්ද පාමුල තිබූ පාසලක රාත්‍රියට නැවතුනෙමි. නමුත් මදුරුවන් සහ අධික උෂ්ණත්වය නිසා මට නිදා ගැනීමට නොහැකි විය.
උදේ 5 ට පමණ මාඕගේ නිලධාරියෙකු මට දුරකතනයෙන් කතා කළේය. මාඕ ද රාත්‍රියේ නිදා ගැනීමට නොහැකි වූ බවත් ඔහු උදේ ඇවිදීමට යන්නට මා හට ද කතා කළ බවත් කීවේය. මම ඔහු නැවතී සිටින තැනට ගොස් ඔහු මුණ ගැසුනෙමි. ඔහුත් මමත් තවත් නිළධාරීන් කිහිප දෙනෙකුත් ආරක්ෂක නිලධාරීන් බොහෝ දෙනෙකුත් සමග කන්දේ පහළට ඇවිදින්නට පටන් ගත්තෙමු. කන්දේ පහළ කුඩා පයින් කැලෑවක් තුළ පස් ගොඩ ගසා තිබුණු වල්බිහිවුණු සොහොනක් අසල ඔහු නැවතුණේය. ඔහු ටික වෙලාවක් එතන සිට ඉනෙන් නැවී එම සොහොනට ගෞරව කරන විට ඒ ඔහුගේ දෙමව්පියන් ගේ සොහොන යැයි මම දැනගත්තෙමි.
අපත් සමග සිටි ශේන්ටෝන්ග්  ආරක්ෂක නිලධාරියා ඒ අසලින් කැළෑ මල් කිහිපයක් කඩාගෙන මාඕ අතට දුන්නේය. මාඕ එම මල් සොහොන මත තබා නැවත තුන් වරක් නැමී එයට ගෞරව කළේය. ඔහු සමග සිටි අනෙක් පුද්ගලයන් ද එසේ නැමී ඒ සොහොනට ගෞරව කළහ.
"මේ හරියෙ පොඩි සොහොන් කොතක් තිබුණා" මාඕ වටපිට බැලුවේය.

හුඟක් කල් ගිය නිසා ඒවා විනාශ වෙලා වෙන්න ඇති," මාඕ පැවසුවේය.

ඔහුගේ ලඟ නිලධාරියෙකු මෙම ස්ථානය ප්‍රකෘති තත්වයට පත්කර නඩත්තු කළ යුතු යැයි යෝජනා කළේය.
මාඕ එතරම් එයට කැමති වූයේ නැත. "අඩු තරමෙන් මේක අපිට හොයාගන්න පුළුවන් වුණ එකත් ලොකු දෙයක්" ඔහු කීවේය.

Monday, July 12, 2021

සභාපති මාඕ ගේ දත් ගැලවීම 4

 https://lakshmanillangakoon.blogspot.com/2021/07/3.html?m=1

එතැන් සිට


මාඕ  කුඩා කල ජීවත් වූ නිවස

"නැහැ මම කීවෙමි". මා පසුගිය ටිකේ පෙනිසිලින් සහ novocain එන්නත් කිහිපයක් ඔහුට ලබා දුන්නෙමි.

"ඇත්තෙන්ම අපි ඔහුගේ දත හිරි වට්ටන්න ඕනද"? දන්ත වෛද්‍යවරයා ඇසීය. මට ලේසියෙන්ම පුළුවන් ඒ දත ගලවන්න.

"මම හිතනවා ඒක පාවිච්චි කළා නම් හොඳයි කියලා එවිට ඔවුහු වඩා පහසුවෙන් මුහුණ දෙයි"

වෛද්‍යවරයා එම ඖෂධ පාවිච්චි කළ අතර දත පහසුවෙන්ම ගැලවී එළියට ආවේය.

"බ්‍රිතාන්‍ය ඇමෙරිකානු වෛද්‍ය ක්‍රමය ද ලොකු ජයග්‍රහණයක් ලැබුවා" සභාපති වරයා සතුටින් පැවසීය.

දින කිහිපයකට පසුව මාඕගේ සුදු සෛල ප්‍රමාණය සාමාන්‍ය ගණනට අඩුවිය.

මාඕ මෙයින් බොහෝ සතුටට පත් විය. අවුරුදු ගණනක් මගේ ශරීරයෙ තිබූ ප්‍රශ්නයක් ඔබ විසඳනු ලැබූවා. බ්‍රිතාන්‍ය ඇමෙරිකානු වෛද්‍ය ක්‍රමයට ජයග්‍රහණයක් ලැබුණා ඔහු ටික දිනකට පසු නැවත වරක් මට පැවසුවේය.

ඔහු මට කියා දත් බුරුසුවක් සහ toothpaste එකක් ගෙන්වාගෙන දත් මදින්නට ද පටන් ගත්තේය. එහෙත් දවස් කිහිපයක් මැදීමෙන් පසුව ඔහු එය නැවත වරක් නවතා දැම්මේය. නැවත වරක්  උදයට තේ කෝප්පයකින් කට සෝදා ගැනීමට ඔහු පටන් ගත්තේය.  ඔහුගේ අතහැර ගන්නට බැරිවුණු කුඩා කාලයේ ග්‍රාමීය පුරුදු වලින් මෙය ද එකක් විය.


ඒ අතරම මාඕ යම් වේලාවකට දෛනික රටාවකට වැඩ කිරීමට දැක්වූ අකමැත්ත ද මේ සඳහා හේතු වූ බව සිතමි. දත් මැදීම, උදයට මුහුණ සෝදා ගැනීම, වැනි සාමාන්‍ය දේවල් වලට ද ඔහු මෙලෙස අකමැත්තක් දැක්වීය.

කල්ගත වෙද්දී ඔහුගේ දත්වල ප්‍රශ්න තවත් වැඩි වූ අතර දන්ත වෛද්‍යවරුන් මුණගැසීමට ඇති අකමැත්ත ද එලෙසම තිබුණි. ඔහුගේ දත් කළු පැහැ ගැනුණු අතර වරින් වර ඒවා ගැලවෙන්නට ද පටන් ගත්තේය. 1970 වන විට ඔහුගේ උඩු තල්ලේ සියලු දත් වැටී තිබුණි. ඔහුගේ තොල්පට වලින් එම හිඩැස් වැසී තිබුණු නිසා ඔහු සිනා සෙත් දී හෝ කතා කරද්දී ඒ අඩුව බාහිරට පෙනුනේ නැත.

Saturday, July 10, 2021

සභාපති මාඕ ගේ දතක් ගැලවීම 3

 https://lakshmanillangakoon.blogspot.com/2021/07/2.html

මෙතැන් සිට 




මාඕ බටහිර චීන සංගම් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව කතා කිරීමට පටන් ගත්හ. එම විශ්ව විද්‍යාලයට ඇමරිකාව අරමුදල් ලබා දී ඇත. සෑන්ග් සැබවින්ම ඇමරිකාවේ අධ්‍යාපනය හදාරා ඇති බව ඔහු කීමට පටන් ගත්තේය. මෙයින් මාඕ අමන්දානන්දයට පත් විය.

“ජපානයට එරෙහිව කෙරුණ යුද්ධය අතර තුරේදී ඇමරිකාව ‘යනන්’ බලා හමුදා මෙහෙයුමක් යැව්වා.” මාඕ කීවේය. “එමෙන්ම අපි ඔක්කොම හොඳින් එකමුතුව හිටියා. වෛද්‍ය ජෝර්ජ් හැටන් නම් වූ ඇමරිකානු වෛද්‍යවරයෙකු අප සමඟ නැවතී සිටියා. ඒවාගේම, සමාජ රෝගය තුරන් කිරීමට ඔහු විශාල දායකත්වයක් ලබා දී ඇත. ඔහු කලෙත් ඔයා කරන රැකියාවමයි.” 1936 දී චීනයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන විට වෛද්‍ය හැටම් (1910 – 1988) එඩ්ගාර් ස්නොව් සමඟ බවොආන්, ශාන්ක්සි වල පිහිටි පක්ෂයේ උතුරු කඳවුරට ගොස් ඇත.

ඇමරිකාව චීනයට දක්ෂ කාර්මික ශිල්පීන් පුහුණු කර දී ඇත,” මාඕ තවදුරටත් පැවසීය. මෙම ප්‍රකාශය සාමාන්‍ය චීන ජනතාවට සිතාගත නොහැකි විදිහේ ප්‍රකාශයකි. මක්නිසාද චීනයේ ප්‍රධානතම සතුරා ලෙස අප පිටතින් පෙන්නා සිටින්නේ ඇමරිකාව හෙයිනි. එසේම ඇමරිකාව අගය කිරීමම පමණක් කෙනෙකු ප්‍රති ව්ප්ලවවාදියෙකු යැයි හංවඩු ගැසීමට ප්‍රමාණවත්ය. “ ඉතින් ඔබලා සේරම අයත් වන්නේ බ්‍රිතාන්‍ය - ඇමරිකානු අධ්‍යාපන ක්‍රමයටයි..” මාඕ පැවසීය. “එංගලන්තයේ හා එක්සත් ජනපදයේ පුහුණු වූ මිනිසුන්ට මම කැමතියි.” ඔහු මාත් සමඟ ඉංග්‍රීසි ඉගෙන ගත් බව ඔහු වෛද්‍ය සෑන්ග් සමඟ පැවසුවේය. “අපි එන්ජෙල් ගේ සමාජවාදය ගැන පොතක් කියවමින් සිටින්නේ. shehuizhui ඉංග්‍රීසියෙන් කියවන්නේ ‘ සමාජවාදය’ කියලා නේද?  

“ඔව් එහෙම තමයි.” සෑන්ග් පිළිතුරු දුන්නේය.     

මාඕ ගේ සාමිචිය වෛද්‍යවරයා පහසුවට පත්කර ඇති බව පෙනුණු නිසා, මම දැන් අප මුඛ පරික්ෂාව පටන්ගත යුතු දැයි මාඕ ගෙන් ඇසුවෙමි. ඔහු එකඟ විය.

ශැන්ග් වෛද්‍යවරයා මාඕ ගේ දත්වල බැඳී තිබුණු ඝනවූ මැලියම් සහ ආහාර කැබලි  මුලින්ම පිරිසිදු කළේය. “සභාපතිතුමා ඔබ ඔබගේ දත් දිනපතා මදින්ට අවශ්‍යයි”  ශැන්ග් යෝජනා කළේය. “ඝන වුනු මැලියම් ගොඩක් බැඳිලා තිබෙනවා”

“නැහැ” ඔහු විරුද්ධ විය. “මම මගේ දත් තේ වලින් පිරිසිදු කරගන්නවා, මම කවදාවත් ඒවා මදින්නේ නැහැ, කොටියෝ කවදාවත් ඔවුන්ගේ දත් මදින්නේ නැහැ, එහෙනම් කොටි දත් ඔතරම් තියුනුවට තිබෙන්නේ කොහොමද?”

මාඕ ගේ තර්ක සැමවිටම අමුතු ඒවා විය. අපට පිළිතුරු තිබුනේ නැත.

මාඕ තමා තර්කයෙන් ලද ජයග්‍රහණය පිළිබඳව සතුටෙන් ඇසක් ගැසුවේය, “වෛද්‍යවරුන්ට පැහැදිලි කරන්නට බැරි බොහෝ දේවල් තිබෙනවා”

“ඔව් බොහෝ දෙවල්” ශැන්ග් බැගෑපත්ව පිළිතුරු දුන්නේය. මාඕ ගේ උඩ හක්කේ වම් පැත්තේ දතක් ගැලවිය යුතු බවද, ඔහු මාඕ ට කියා සිටියේය. “එම දත අවට විදුරුමහේ සැරව පිරිලා, ඒ වගේම හොඳටම හෙල්ලෙනවා, ඒ දත දැම්ම ගලවව්වේ නැත්නම් ඊළඟ දතත් නරක වෙන්නට පුළුවන්”

“ඒ දත ඒ තරම්ම නරක වෙලාද” මාඕ ඇසුවේය.

“ඔව්, මට ඔබට බොරුවක් කියන්න තරම් එඩිතර කමක් නැහැ” ඔහු පිළිතුරු දුන්නේය.

“හොඳයි, මට වේදනාව දරන්නට අමාරුයි, anesthetic පුළුවන්තරම් යොදාගන්න”

ශැන්ග් මා දෙසට හැරුනේය ‘සභාපති Novocain ඖශධයට ඇලජික්ද” ඔහු මගෙන් ඇසුවේය.

ඊළඟ දවසේ නම් කෙසේ හෝ අවසාන කරමි.

Thursday, July 8, 2021

සභාපති මාඕ ගේ දත් ගැලවීම 2

 https://lakshmanillangakoon.blogspot.com/2021/07/blog-post_7.html

සිට 



ඔහු දේවල් ඉක්මනින් කර ගැනීමට කැමති බවත් වැඩි කතා බහක් නොමැතිව කර ගැනීමට කැමති බවත් මම දන්නවා.”  මම එසේ කියා, මාඕ ඔහුව හමු වීමට එකඟ වී තිබූ බැවින් ඔහු සහය දැක්වීමට කළ හැකි සියල්ල සිදු කරනු ඇති බව සහතික කලෙමි.

අප සභාපතිව හමුවීමට යන විට ඔහු ඉතිහාසය පොතක් කියවමින් සිටියේය. අමුත්තන්ට ආචාර කරන විට ඔහු සැමවිටම පොතක් දරා සිටියේය. මාඕ යමෙකු මුලින්ම මුණගැසෙන විට තරමක් සබකොලයකින් පෙළුණේය. එමෙන්ම ඔහුව අර්ධ දෙවි කෙනෙක් ලෙස දුටුව අමුත්තන්ද, ඔහු ළඟ සිටිනා විට කලබලයට පත්ව සිටි බව ඔහු දැන සිටියේය. ඔහුට සැහැල්ලු වීමටත් දෙබස පටන් ගැනීමටත් පොත මගක් විය. විහිලු කතා සහ සාමිචි කතා කිරීම් වලිනුත් මිනිසුන්ට සැහැල්ලු වීමට උදව් කිරීමට ඔහු කැමැත්තක් දැක්වීය. ඔහු මේ සම්බන්ධව දක්ෂයෙකු විය. පළමු හමුවීමේදී සාමාන්‍යයෙන් ඔහු අවධානයෙන් යුතු  හා හාස්‍ය ජනක විය. මිනිසුන් පහසුවට පත් කිරීමෙන් ඔවුන්ට අවංකව කතා කිරීමට ඉඩ සැලසීමට ඔහුට හැකියාවක් තිබුණි. එය ඔහුගේ තොරතුරු එකතු කරන එක  ක්‍රමයක් විය.    

“ආ, එහෙනම් ඔබ ඇවිත්,” අපි දුටු විට මාඕ පැවසීය. ඔහු පොත පැත්තකින් තැබුවේය. පොත් කියවීමෙන් ඔබව ඇත්තටම සියල්ල අමතක කරන්න  පුලුවන්. ඔහු නැගිට, වෛද්‍ය සෑන්ග් සමඟ අතට අත දී ආචාර කළේය. ඉන්පසු ඔහු අපට හිඳ ගැනීමට සංඥා කළේය. 

අපට තේ පිලිගන්වින. ඔහුගේ ගෝලයකු ඔහුට තෙත තුවායක් පිළිගැන්විය. ඔහු එයින් තම මුහුණ සහ අත් ප්‍රවේශමෙන් පිරිසිදු කර ගත්තේය.

මාඕ ශැන්ග් ගේ මුල් නම ඇසුවේය. එය guang yan බවත් එහි තේරුම හැන් ජන කොට්ටාශය උත්කර්ෂයට නංවන්නා  බවත් ඔහු කීවේය. චීනයේ ජනයාගෙන් 91% ක් හන් ජාතිකයන්ය.

“ඔබ එහෙනම් හන් ජාතිය උත්කර්ෂයට නංවන්නට සැලසුම් කරනවා” මාඕ පිළිතුරු දුන්නේය. “Quing රාජධානිය එහි අවසාන කාලයේ මන්චුරීයා වට විරුද්ධව සටන් වදින කාලයේ නම් ඔබගේ මුල් නම බොහොම ජනප්‍රිය එකක් වෙන්නට ඇති”. Quing රාජධානිය මන්චුරියව විසින් අල්ලාගත් පසු එය හන් නොවූ අතර, ඔවුන් එකල චීන ජනයා විසින් විදේශිකයන් කොටසක් ලෙස සලකනු ලැබිය.

මාඕ ශැන්ග් කුමන පලාතෙන් දැයි ඇසුවිට ඔහු, මුලින් හිබෙයි පලාතෙන් බවත්, එහි තේරුම ගඟට උතුරෙන් යන්න බවත්, නමුත් ඔහු දීර්ඝ කාලයක් ජීවත් වුයේ ගංගා හතර නම් තේරුම් ඇති සිචුආන් පළාතේ බවත් කීවේය.

“අහා හිබෙයි පලාතෙන්, ඔබ දන්නවාද ඔය ගඟට උතුරෙන් කියන එකේ ගඟ මොකද්ද කියල” මාඕ ඇසුවේය.

“ඔව් ඒ yellow river එක” දන්ත වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය. මෙම ගඟ චීන ඉතිහාසයේ කිහිපවතාවක්ම තම ගලන මාර්ගය වෙනස්කර ඇති අතර, හිබෙයි පලාතට මෙම නම ලැබෙන විට එම පලාතට දකුණෙන් ගලා ඇත. නමුත් වර්තමානයේ එය එම දේශාංශ යේම බෝහි දකුණෙන් ශාන්දොන්ග් හරහා ගලයි.

මාඕ දුම්වැටියක් දල්වා ගත්තේය. “සිචුආන් වල ගංගාවල් හතර කියන්න පුලුවන්ද?”

ශැන්ග් එතරම් නොසිතා පිළිතුරු දුන්නේය. “මින්, ටුඕ, ජියලින්ග් සහ ජින්ෂා” ඔහු කීවේය.

මාඕ සිනාසී වෛද්‍යවරයා නිවැරදි කළේය.  “අන්තිම එක ජින්ෂා නෙවෙයි, මම හිතන්නේ ඒක වූ ගඟ, එය ජින්ෂා ගඟට වැඩිය ගොඩක් ලොකුයි”

ශැන්ග් ද සිනාසුනේය. “මට ඔලුවට ආවේ ඔබ සිචුආන් ගැන ලියපු කවියක පදයක්,

ජිනුෂා ගඟේ වතුර වැදුනි වලාකුළුවලින් වැසුණු ඉවුර මත

ඒ පදය නිසා මට හිතුනා ජිනුෂා තමයි ගඟ කියල”

මාඕ නැවත සිනාසුනේය “ඒක කවියක් පමණයි”  

  අද අවසන් කරන්නට සිටියද තවත් දවසකට යන්නට සිදුවන බව පෙනේ.




Wednesday, July 7, 2021

සභාපති මාඕ ගේ දත් ගැලවීම


 



1955 වර්ෂයේ වෛද්‍ය ලී සිසූ, සභාපති මාඕ ගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස පත්කෙරින. මේ වනවිට මාඕ ගේ වයස අවුරුදු 62 ක් වූ අතර, ඔහු චීන සමුහාණ්ඩුවේ ප්‍රධානියා විය. මේ එම වෛද්‍යවරයාගේ පොතින් උපුටාගන්නා ලද්දකි.

මට ඔහුගේ අනාගත සෞඛ්‍ය තත්වය කලින් කලට සංසන්දනය කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය විය. ඒ අතරම ඔහුගේ අවසාන වෛද්‍ය පරීක්ෂණයකදී ඔහුගේ සුදු රුධිර සෛල වල ප්‍රමාණය සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ තිබෙන 6000 -8000 ට වඩා තරමක් වැඩි බව, 10000 බව සටහන් වී තිබුන නිසා, එයට හේතුව කුමක්දැයි මට දැනගැනීමටද වුවමනා විය. මාඕ යම් අසාධානයකින් පෙලෙයි. මට එයට හේතුව දැනගන්නට වුවමනා විය.

මම මුලදී මෙය සභාපතිවරයා සමග කතාකිරීමට මැලි වුනෙමි. ඔහු ඔහුගේ ශාරීරික ශක්තිය සහ නිරෝගීභාවය පිළිබඳව මහත් ආඩම්බරයෙන් පසුවූ අතර, වෛද්‍යවරුන්ට එතරම් කැමැත්තක් දැක්වුයේ නැත. 1951 වසරේ සෝවියට් වෛද්‍යවරුන් කණ්ඩායමක් ඔහු පරීක්ෂාකර ඇති අතර, ඔවුන් ගේ එම පරීක්ෂාව බොහෝ දීර්ඝ වූ නිසා ඔහු කෝපයට පත්වී ඇත.

අපගේ ඉංග්‍රීසි පාඩම මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීමට අවස්ථාවක් කොට ගත්තෙමි - අපි මෙකල එන්ගල්ස් ගේ Socialism; utopian and scientific නමැති ඉංග්‍රීසි පොත කියවමින් සිටියෙමු. මම ඔහුට ඒ  පිළිබඳව පහදා දී ඔහුට සුළු අසාධාණයක් ඇති බව පැහැදිලි කලෙමි.

“ඇයි” ඔහුට දැනගැනීමට අවශ්‍ය විය. ඔහුට නවීන වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දැනුමක් තිබුනේ නැත.

“ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙයි” මම කීවෙමි. “මට දැනගන්නට ඕන කොතනද අසාධනය තියෙන්නේ කියල” මම පරීක්ෂා කරන්නේ ඔහුගේ සයිනස්, දත්, බෙල්ල, ප්රෝස්ට්‍රේට්, පමණක් පරීක්ෂා කරන බවත්, එයට පැය භාගයකට වඩා ගත නොවන බවත් කීවෙමි. ඔහු එකඟ විය.

ඔහුගේ නාසය සහ සයිනස් වල කිසිම ප්‍රශ්නයක් නොවීය. මම ඔහුගේ මුඛය පරීක්ෂා කලෙමි. මාඕ කිසිදිනෙක දත් මදින්නේ නැත. දකුණු චීනයේ බොහෝ ගැමියන් මෙන් ඔහුද උදයේ අවදි වූ පසු තේ කෝප්පයකින් කට සෝදාගෙන, කෝප්පයේ අඩියේ ඇති තේ කොළ ටිකද හපා කයි. දන්ත වෛද්‍ය වරයෙකුට ඔහුගේ මුඛය පෙන්වීමට ගත්තත් කිසිම උත්සාහයක් සාර්ථක වී නැත. පෙන්ග් දෙහුනි, කෙලින් කතාකරන හමුදා නායක සැමවිටම තම හිතේ තිබෙන දෑ මාඕට කීවේය. ඔහුද මට කීපවාරයක් මාඕ ගේ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට ඔහු ධෛර්යමත් කරන ලෙසට යෝජනා කළේය. “ මාඕ ගේ දත් හරියට කොලපාට පේන්ට් එකක් ගාල වගෙයි පෙනෙන්නේ” ඔහු මට වරක් කීවේය. මම මාඕ ගේ මුඛය තුල පරික්ෂා කලෙමි.

ඔහුගේ දත් සියල්ල කොලපාට ස්තරයකින් වැසි තිබුණි. කිහිපයක් හෙල්ලෙන බවද පෙනුනි. මම විදුරුමස ඇල්ලුවිට සැරව එලියට ගලා ආවේය. එම ආසාදනය බොහෝ වේදනා ගෙනදිය යුතු එකෙක් වුවද, මාඕ කවදාවත් ඒ පිළිබඳව කියා නැත. මාඕ ගේ තිබුණු වේදනා ඉවසා දරා ගැනීමේ හැකියාව සහ රෝග වලට සහ වෛද්‍යවරුන්ට ඇති අකමැත්ත මෙයට හේතුව වන්නට ඇත.

“ඔබට මේ ගැන යමක් කරන්නට පුලුවන්ද?” මා ඒ තත්වය පිළිබඳව ඔහුට පැහැදිලි කල පසු ඔහු මගෙන් ඇසුවේය. මගේ වෛද්‍ය පුහුණුවට දන්ත වෛද්‍ය අංශය ඇතුලත් නොවුණු නිසා, මේ සඳහා දන්ත වෛද්‍යවරයෙකු යොදවාගත යුතු බව මම ඔහුට කීවෙමි. මාඕ සිනහ විය. කන්ෆියුෂස් මෙසේ පැවසුවේය. “තමන් දන්නා දේ හා තමන් නොදන්නා දේ දැනගැනීම සත්‍ය දැනුම වේ.” ඔබ නොදන්නා දේ දන්නවා මෙන් ඔබ නොසිටින බව පෙනේ.

මම ඔහුගේ පුරස්ථි ග්‍රන්ථිය පරීක්ෂා කලෙමි. ඔහුගේ foreskin එක exceptionally තද වූ අතර ආපස්සට ඇදීමට අපහසු විය. ආසාදිත වීමට ඇති හැකියාව පිළිබඳව මම සැලකිලිමත් වීමි. සොන්නාන්හයි වලට පැමිණි පසු මාවෝ ස්නානය කිරීම නවතා තිබිණි. ඔහු එය කාලය නාස්ති කිරීමක් ලෙස දුටුවේය. ඒ වෙනුවට ඔහුගේ සේවකයින් ඔහුව උණුසුම් තෙත තුවායකින් පිස දැමුවහ. ඒ සෑම රාත්‍රියකම ඔහු ලිපිගොනු සමාලෝචනය කළ විට, කියවූ විට හෝ කතා කළ විටය.

ඔහුගේ වම වෘෂණය තරමක් කුඩාවූ බවද, දකුණු  වෘෂණය එම පැසට පත්වී නොතිබුණු බවද මම නිරීක්ෂණය කලෙමි. එලෙස පහතට නොබසින ලද වෘෂණයකින් කාම ශක්තිය අඩු නොකරන්නේ නමුදු එවැනි තත්වයක් පිළිකා තත්වයකට තුඩුදිය හැක. මෙම කාරණය පිළිබඳව මම පරීක්ෂාවෙන් සිටිය යුතුය.

මට ඔහුගේ ශුක්‍රානු සාම්පලයක් ආසාධනය පිළිබඳව සොයාබැලීමට අවශ්‍ය විය. ඔහුගේ ප්රෝස්ටේට් ග්‍රන්ථි කුඩා සහ මෘදු  ඒවා විය. මම එහි ද්‍රවණය විද්‍යාගාර පරීක්ෂණ සඳහා ලබා ගතිමි.

ටික දිනකට පසුව ඔහුගේ මුඛය පරීක්ෂා කිරීමට  බිජිං වෛද්‍ය විද්‍යාලයේ දන්ත වෛද්‍යවරයෙකු පිළියෙළ කිරීම සඳහා ඔහු කැමැත්ත දුන්නේය. ශැන්ග් නමැති ඔහු මගේ පාසල් මිතුරෙකු වූ අතර, වෛද්‍ය විද්‍යාලයේදී මට වඩා අවුරුදු 2 ක් ජේෂ්ඨ විය.

ඔහුගේ කොණ්ඩය කැපීමේදී මෙන්ම මුඛ පරික්ෂාවද සිදුකෙරුණේ ඔහුගේ නිවසේ Chrysanthemum fragrance study නමැති ශාලාවේදීය. ඔලුව ඉස්සෙන වේවැල් පුටුව දන්ත වෛද්‍යවරයා ගේ ආසනය බවට පත්විය. ඔහුගේ උපකරණ එලියට ගනිද්දී ශැන්ග් කලබලයට පත්ව සිටියේය. ඔහු මගේ මුඛ පරීක්ෂාවේ විස්තරද මාඕ ගේ පුරුදු සහ තරහ යාම පිළිබඳවද මගෙන් ඇසුවේය. මමද රැකියාවට පැමිණ මාස කිහිපයක් පමණක් ගතවී තිබුන නිසා මට ඒ පිළිබඳව පැහැදිලිව ඔහුට කියන්නට නුපුළුවන් විය. .....................ඊළඟ කොටස අනිද්දා 

  


Monday, July 5, 2021

තැඹිලි ව්‍යාපාරය

 


පසුගිය දිනක අපේ ගෙවත්තේ තැඹිලි කැපීමට අපේ පොල් කඩන wijaya මහත්මයා පැමිණියේය. ඔහු සාමාන්‍යයෙන් පොල් කැඩීමට මාසෙකට දෙතුන් වතාවක් පැමිණෙන අතර  සෑම විටම ඔහු පැමිණෙන්නේ ඔහුට අවශ්‍ය දවසකට ය. පොල් කඩා ඒවා ගණන් කර නිවසට අවශ්‍ය ප්‍රමාණය තබා අනෙක්වා ඒ ලඟ කඩේකට ගෙන යන්නේ ද ඔහු විසිනි.

නමුත් තැඹිලි කුරුම්බා කැපීම වෙනම බිස්නස් එකකි. සමහර විට ඔහුට පොල් කඩන්නට එදිනම තැනක් නැත්නම් ඔහු එසේ තැඹිලි කපන්නට පැමිණෙනවා ඇත. පොල් කැඩීමට වඩා තැඹිලි කැපීම තරමක් දුෂ්කර ක්‍රියාවකි. ඒ ලණුවක් ද ගසට රැගෙන ගොස් තැඹිලි ඉත්ත ලණුවේ ගැටගසා එය තවත් අක්කට පටලවා පහළට බැස්ස විය යුතු නිසාය. පොල් කඩනවා මෙන් දෙතුන් ගුණයක් මේ සඳහා මහන්සි විය යුතුය. 
අනෙක ගෙවත්තේ බොහෝ පොල් ගස් යට වෙනත් පැළ වර්ග තිබෙන නිසා කුරුම්බා ඉතා බොහෝ ප්‍රවේසමෙන් පහලට බෑ යුතුය. නැතිනම් නිවැසියන්ගේ කෝපයට ද ඔහු ලක් වන්නට පුළුවන. ඉති දෙකක් කපන්නට තිබේනම්, කවුරු හරි කෙනෙක් පහළ සිට බිමට පැමිණුනු තැඹිලි වල්ලෙන් ලණුව ලිහා ඔහුට ආපසු උඩටද ගැනීමට නිදහස් කර දිය යුතුය.

මෙදින ඔහු කුරුම්බා කපන්‍ර බලාගෙන මම පොතක් කියවමින් සිටියෙමි. මේ අවස්ථාවේ මට මගේ මිතුරකු සති දෙක තුනකට පෙර  තැඹිලි ගෙඩි පනහක පමණ අවශ්‍යතාවයක් තිබෙන බවයි කියා සිටි බව මතක් විය.
මම මේ නිසා විජයගෙන් ඔහු මේ තැඹිලි රැගෙන ගොස් කඩේට විකුනන්නෙ කීයටද ඇසුවෙමි. ඔහු කිව්වේ ඔහු එම තැඹිලි විකුණන්නේ රුපියල් 40 බැගින් බවය. අපිට රුපියල් 15 ගණනේ තැඹිලි ගෙඩි වලට දී ඉන්පසු ත්‍රීවීලර් එකක රුපියල් 200ක කුලිය ගෙවා, තැඹිලි දාගෙන ගොස් කඩයට රුපියල් 40 නේ දෙනවට වඩා මම ඔහුට මෙම තැඹිලි ටික මෙතන දීම රුපියල් 40 ගණනේ විකුණා දුන්නොත් ඔහු සතුටු දැයි මම ඇසුවෙමි.
ඔහුගේ අකමැත්තක් නොතිබුණු නිසා මම මගේ මිතුරාට දුරකථනයෙන් කතා කර මේ පිළිබඳව පැවසුවෙමි. ඔහු එයට කැමැති වූ අතර එහෙත් ඔහු එදින නුවරඑළියට ගොස් එක නිසා පසුදින පැමිණ තැඹිලි අරන් යන බව කීවේය. 
තැඹිලි ගස් තුනේ තැඹිලි කඩා අවසන් වූ wijaya අපි තැඹිලි බී අවසන් වූ පසු තැඹිලි ගෙඩි 44ක් ඉතිරිව ඇති බව කීවේය. මම ඔහුට ඒ තැඹිලි ගෙඩි 44 සඳහා 44x40,  1760 මුදල ගණනය කර එයින් 44x15 , 660 ක මුදලක් අඩු කර ඉතිරි මුදල ලබා දුන්නෙමි.
ඔහු මුදල් රැගෙන සිනාසී ආපසු යන ගමන් මට පොඩි උපදේශයක් ලබා දී මට අමතක නොකළේය. 
"අපරාදේ සර්ට තිබුණේ, ගහකට රුපියල් 200 ගානේ මට කුලිය දීලා, ඉතිරි සල්ලි ටික තියාගන්න" 

මෙම ගනුදෙනුවේදී වැඩියෙන් ලොකු වැරැද්ද කළේ කවුදැයි මට තාම විශ්වාස නැත. හරියට අවස්ථාව අධ්‍යයනය නොකර, ඔහුට ව්‍යාපාරික යෝජනාවක් ඉදිරිපත් කළ මම ද, එසේත් නැත්නම් ඔහුට මෙතරම් වාසියක් ැවත ලබා ගැනීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව නැති කරගත් විජය දැයි, යන්නය.


සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...