මම නාවික හමුදාවේ සේවය කරද්දී වරෙක එක්සත් ජනපදයේ නාවික යුධ විද්‍යාලයේ මාණ්ඩලික පාටමාලාවක් හැදෑරීම සඳහා එහි ගියෙමි. අප පාටමාලාවේ රටවල් 22ක නිලධාරින් සිටි අතර ඔවුන් සියලු දෙනාම ලුතිනන් කොමාන්ඩර් තනතුරේ නිලධාරින් වුහ. ඇමරිකානු නාවික හමුදාවේ මේ අධ්‍යාපන ආයතනය යුධ විද්‍යාලය වන අතර ඇමරිකාවේ යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ මේ හා සමානව විශ්ව විද්‍යාල තත්වයේ ආයතන ඇත. අක්කර 27 ක වෙරළාසන්න භූමි ප්‍රදේශයක පිහිටි මෙම විශ්ව විද්‍යාලය නැරගැන්සෙට් බොක්කේ කෝස්ටල් වරායේ පිහිටා තිබේ. මෙම ආයතනය 1884 ඔක්තෝබර් මස එහි මුල්ම පාඨමාලාව පවත්වා ඇති අතර එක්සත් ජනපද නාවික හමුදාවේ ඉහලම අධ්‍යාපන සහ පර්යේෂණ ආයතනය ලෙස සැලකේ.
අප එහි ගිය පසු
එක්කෝ අපට එම මණ්ඩපයේ නිලධාරී නිවස්නයේ නැවතී සිටීමට හෝ එසේත් නැත්නම් එම විද්‍යාලය
පිහිටා තිබූ නගරය වූ නිව්පෝට්හි නිවසක් කුලියට ගෙන නවාතැන් පහසුකම් ලබා ගැනීමට විකල්ප
තෝරා ගැනීමක් තිබුණි. එතැන ප්‍රයෝගය වූයේ ඇතුලේ ජීවත්වනවා නම් අපට එක්සත් ජනපද නාවික
හමුදාවෙන් ගෙවූ දෛනික දීමනාව ඩොලර් 30 ක් වීමයි. පිටත ගෙයක් කුලියට ගෙන ජීවත්වනවා
නම් දෛනික දීමනාව දිනකට ඩොලර් 55 ක් විය. මෙයට හේතු වුයේ එම විදේශ නිලධාරීනට සාමාන්‍ය
ඇමෙරිකානුවන් සමග ජීවත්වී එහි ජීවිතය
පිලිබඳ අවබෝධයක් ලබාගැනීම ධෛර්යමත් කිරීමයි.
අප පාඨමාලාවේ
නිලධාරීන් 22 ක් වූ අතර ඔවුන් පැමිණ සිටියේ බහරේන්, බොලීවියා, බ්‍රසීලය,
ඝානා, ඊශ්‍රාලය, ජපානය, කෙන්යා, ලෙබනන්, මලයාසියාව, මෙක්සිකෝව, මොරොක්කෝ,
පිලිපීනය, පෝලන්තය, සවුදි අරාබියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිවානය, තුර්කිය, යුක්රේනය, එක්සත්
අරාබි එමීර් රාජ්‍යය, වෙනිසියුලාව, යන රටවලිනි. එයට අමතරව එක්සත් ජනපදයේ නිලධාරීන්
කිහිප දෙනෙකුද පාඨමාලාවේ සිටියහ. මෙම පාඨමාලාවට නිලධාරීන් තෝරා ගන්නා විට එක්
භූගෝලීය කලාපයකින් වරකට තෝරා ගන්නේ එක් නිලධාරියෙකු පමණි. උදාහරණයක් වශයෙන් මා ගිය
පාඨමාලාවට ඉන්දියා, පකිස්ථාන, බංගලාදේශ යන රටවලින් නිලධාරීන් පැමිණ සිටියේ
නැත.
මෙම රටවල
නිලධාරීන් ගෙන් එක්සත් ජනපදයෙන් දෛනික දීමනාවක් ගෙවන ලද්දේ රටවල් කිහිපයක නිලධාරිනට
පමණි. ඒ කෙන්යාව, ලෙබනනය, මෙක්සිකෝව, පිලිපීනය, යුක්රේනය, සහ ශ්‍රී ලංකාව යන
රටවලටය. ඇත්තෙන්ම මෙලෙස රටවල් වෙන්කර තිබුනේ ඒ රටවල ඒක පුද්ගල ආදායම් අනුවය. ඒ
බෙදීම අනුව රටවල් වර්ග තුනක් තිබූ අතර, ධනවත්ම රටවල් පාඨමාලාව සදහා මුදල් ගෙවූහ.
මධ්‍යම ආදායම් රටවල් වලින් මුදල් අය නොකල අතර සහභාගි වන නිලධාරීන් සදහා ඇමරිකානු
රජය දෛනික දීමනාවක්ද නොගෙවන ලද්දේය. අප සමග සිටි මැලේසියානු නිලධාරියා අයත්වුයේ මේ
දෙවැනි වර්ගිකරනයටය. අප වැනි දුප්පත්ම රටවල් වලින් පාඨමාලා ගාස්තු ගත්තේත් නැත. දෛනික දීමනාද
ලැබුණි.අපි හතර දෙනෙකු එළියෙන් නිවසක් සොයා කුලියට ගෙන එහි සිට දිනපතා war collage එකට ඒමට ස;ඇසුම් කර නිවසක් නගරයේ දවස් කිහිපයක් සෙව්වෙමු. ප්‍රයෝජනයක් නොවූ හෙටින් ඒ සතියේ සති අන්තයේ අපි දුප්පත් නිලධාරීන් හතර දෙනෙකු එකතුව; ලංකාව, පෝලන්තය, මලයාසියාව සහ යුක්රේනය, නිව්පෝට් නගරයේ නිවසක් කුලියට ගැනීමට සොයන්නට පටන් ගත්තෙමු.
නිව්පෝට් නගරය
අක්කර 67 ක විහිදුනු ජනගහනය 20,000 ක් පමණ සිටින ඇමරිකාවේ කුඩා නගරයකි. ප්‍රසිද්ධ
සිගරට් වර්ගයක් වන නිව්පෝට් සිගරට් වර්ගයද නම්කර ඇත්තේ මෙම නගරය නිසාවෙනි. මෙය 1639 පටන් ගෙන ඇත්තේ පවුල් 8 කිනි. ඉන්පසු
කලක් යනතෙක් වහල් වෙළදාමෙන් සහ මධ්‍යසාර වෙළදාමෙන් බොහෝ ධනවත් වූ මේ නගර 19 වන
ශතවර්ෂයේදී ඇමරිකාවේ ධනවත්ම පවුල් ඔවුන්ගේ ගිම්හාන කාලය ගත කරන්නට මනරම් මන්දිර සාදන්නට
පටන් ගත්හ.
මෙම මන්දිර වලට රන්මුවා යුගයේ (gilded age) මන්දිර යැයි කියන අතර ඒවාට සෑම එකකටම පාහේ පුද්ගලික
වෙරළක්ද තිබේ. මෙහි මන්දිර ග්‍රීක, ගොතික්, ඈන් රැජිණ, ස්විට්සර්ලන්ත යනාදී
නොයෙකුත් මෝස්තර අනුව සාදා ඇති අතර වරක් අප බලන්නට ගිය එක් නිවසක් මුලුමනින්ම සාදා
තිබුනේ ස්විට්සර්ලන්තයෙන් ගෙනා අමු ද්‍රව්‍ය වලින් බව අපට දැන ගන්නට ලැබුණි. මෙම
ධනවත් පවුල් වල නිවස අතර ඇමෙරිකාවේ රජ පවුල ලෙස වරක් සැලකුණ කෙනඩි පවුලේ නිවසද බලන්නට පුලුවන. ජෝන් එෆ්
කෙනඩි සහ ජැකොලින් බොවියර් 1953 විවාහ වී ඇත්තේ මේ නගරයේදීය. ජනාධිපති කෙනඩි සහ
ජනාධිපති අයිසන් හවර් ඔවුන්ගේ ග්‍රීෂ්ම කාලයේ ධවල මන්දිර පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම
නගරයේ වන අතර එයින් ජනාධිපති අයිසන් හවර් ඔහුගේ ග්‍රීෂ්ම ධවල මන්දිරය ලෙස පාවිච්චි කර ඇත්තේ අප විද්‍යාලයේ
නිවාසයකි.
අපි
මැලේසියාවේ, යුක්රේනයේ, පෝලන්තයේ සහ ශ්‍රී ලංකාවේ මේ නිලධාරී හතර දෙනා, පිටත වාසය
කරන්නට තීරණය කර අපට එකල තේරෙන විදිහට
වීදි දිගේ ඇවිද කුලියට දීමට තිබෙන ගෙවල් සොයන්නට පටන් ගත්තෙමු. නමුත් පැයක් පමණ
ගතවන විට ශිතල දරා ගැනීමට නොහැකිව; නිව්පෝට් නගරයේ වසර 20 කින් මෙපිට ඇති වූ
දරුණුම ශීත කාලය එකල යැයි ඔවුන් කිව්වා මට මතකය, අපි ආපසු පැමිණ මේ පිළිබඳව අපේ
පාසැලේ නිලධාරියෙකුට පැවසුවෙමු. ඔහු අන්තර් ජාලයට ගොස් දේපල බ්‍රෝකර් කෙනෙකු
සොයාගෙන බ්‍රෝකර්, අපට දුරකථනයෙන් හදුන්වා දුන්නේය.
අපි ඔහු සමග
කථා කරගත් පරිදි පසුදින උදයේ ඔහු පැමිණ ඔහුගේ රථයෙන්ම නිවාස 10 ක් පමණ බැලීමට අපි
එකතු කරගෙන ගියේය. මෙතන අපිට තිබුනු ප්‍රධාන වාසියක් වූයේ එකල ශීත කාලය වීමයි. නිව්පෝට් නගරය ඇමරිකානු දේශීය සංචාරකයින්ගේ ග්‍රීෂ්ම
සෘතුව ගත කරන්නට වඩාත්ම ප්‍රසිද්ධ තැනක් වීම නිසා එහි නිවාස බොහොමයක්ම ශිත කාලයේ
වසා දමා ඇත්තේය. සාමාන්‍ය නිවාසයක් ග්‍රීෂ්ම
සෘතුවේදී මසකට කුලිය එකල ඩොලර් 3000 පමණ විය. ඉදින් අපි නිල සමකය ප්‍රකාශ කරන දිනට
ඉවත්වන බව පවසා ඩොලර් 800 කට බොහෝ අමාරුවෙන් නිවස කුලියට ගත්තෙමු. නිව්යෝක් නගරයේ
සිටි එහි අයිතිකරු සමග මේ සම්බන්ධව දුරකථනයෙන් සාකච්ඡා කිරීමේ වගකීම පැවරුනේ මටය. ඒ බොහෝවිට හතර දෙනාගෙන් හොඳින්ම ඉංග්‍රීසි කතාකලේ මා නිසා විය හැක. ඩොලර් 1500 ක් කුලිය ඉල්ලූ ඔහු මා ශ්‍රී ලංකාවේ යැයි පැවසූ විට ඔහු මේ දිනවල
ශ්‍රී ලංකාවේ වල් අලි පිළිබඳ පොතක් කියවමින් සිටින්නේ යැයි පවසා තරමක් මෘදු වී
මාගේ හෙට්ටුව වූ ඩොලර් 800 ට කැමති විය.
ඊළඟට නිවසේ තොරතුරු .......