Sunday, October 31, 2021

පැරීසියට යාම

 පසුගිය බදාදා, මම අප සමාගමේ ව්‍යාපාරික කටයුත්තකට තවත් දෙදෙනෙකු සමග පැරිස් නුවර බලා පිටත් වීමි. emirates සමාගමේ ගුවන් යානය පිටත් වීමට තිබුණේ උදය දහයයි පහටය. කලින් දවසේ කොළඹ ගොස් ,PCR පරීක්ෂාව කරගෙන, ගමන් බලපත්‍රයත් එකතු කරගෙන ආපසු නුවර ගියෙමි. 


මම නිවසින් උදේ 5:00 ට යාමට බලාපොරොත්තු ව සිටිය ද, කතා කළ කිහිප දෙනකුම ඒ වෙලාව මදි යැයි කිවූ නිසා උදේ හතරට නිවසින් පිට වීමි.  උදේ 6:00 වනවිට ගුවන් තොටුපළට පැමිණියෙමි. හරියටම ඒ වේලාවට මගේ කොළඹ ජීවත්වන මිතුරන් දෙදෙනාට ගුවන්තොටුපළට පැමිණියහ.

වෙනදා පැය දෙකක් පමණ තබා ගුවන් තොටුපලට පැමිණෙන අපි, මෙදින , පැය හතරක් කලින් පැමිණියේ, covid වසංගතය නිසා කලින් පැමිණිය යුතු යැයි බොහෝ දෙනා කිව් නිසා ය.

ඒත් අපි පැමිණි පසු වෙනදාටත් වඩා බොහෝ ඉක්මනින් check in counter වලට පැමිණියද, ඒවායේ වැඩ කරන නිලධාරීන්ගේ ඉතාමත් සෙමෙන් වැඩ කිරීම නිසා, අප ගුවන් යානය ළඟට ගියේ වීමට මොහොතකට පෙරය. 


මෙයට තවත් හේතුවක් වූයේ online checkin කරගෙන පැමිණීමට අපට අමතක වූ නිසාය.


වසන්ගත යෙන් පසු, ගුවන් ගමන් පටන්ගෙන කාලයක් ගත වී නොමැති නිසා මම හිතුවේ ගුවන් යානය ඇතුළත ද පෙර පරිදි නොව යම් සමාජ දුරකින් මගින් වාඩි කරවන බවය. එහෙත් මගින් වාඩි කිරීම  පෙර පරිදිම සෑම ආසන එකටම එක මගියෙකු බැගින් බව දුටුවෙමි. මට සිතුණේ මේ පරීක්ෂණයක අපි guinea pig වරුන් බව ද කියාය. ගුවන් ගමන් වසංගතේ ට පෙර තිබුණු පරිදිම නැවත, පටන් ගෙන ඇත.


mask දාගෙන හිටියද නිතරම කෑම ගැනීමට යමක් පානය කිරීමට mask ගලවා තබන නිසා, එවැනි සංවෘත අවකාශයක එක් අයෙකුට හෝ රෝගය තිබුණේ නම් බොහෝ දෙනෙකුට බෝ වෙන්න ඉඩ තිබුණි.

එකම වාසිය සියලු දෙනාම පැය 48ක් ඇතුළත pcr ආර් පරීක්ෂණ කර තිබීමය. 


අපගේ මුල් අදියරේ ගුවන් ගමන තිබුණේ කොළඹ සිට ඩුබායි දක්වාය. මෙහිදී මම හොද චිත්‍රපටයක් තෝරා ගැනීමට පරික්ෂා කරද්දී , රිඩ්ලි ස්කොට් ගේ නම දුටු නිසා එම චිත්‍රපටය පරික්ෂා කර බැලුවෙමි. last mile stone නම් වූ එම චිත්‍රපටය, කෙන්යාවේ නම කීමටත් අපහසු තවමත් ලෝකයේ මැරතන් සඳහා වාර්තාව තිබෙන ්‍රීඩකයෙකුගේ මැරතන් තරගයක් පැය දෙකකට අඩුවෙන් දුවන්නට කරන උත්සාහයක් වටා ගෙතී තිබුණි.


මෙම සැතපුම් 26 පැය දෙකකට අඩුවෙන් දුවන්නට කරන ලද උත්සාහය සාර්ථක වුවත්, එහිදී ඔහුට වඩා වේගයෙන් දුවන්නට, නොයෙකුත් උදව් කිරීම් නිර්මාණය කර තිබූ නිසා එය ලෝක වාර්තාවක් ලෙස පිළි නොගැනේ. 

නමුත් චිත්‍රපටය මනාවට සදා තිබුණි. එය කොතරම් සිත් ඇදගන්නා සුළු ද යත්, මගේ දෙපසින් සිටි දෙදෙනාම අවසානයේ ඒ චිත්‍රපටය බලන්නට පටන්ගත්හ.....


Tuesday, October 26, 2021

බල්ලාගේ හුණුවටයේ කතාව

 



දැන් මාස කිහිපයකට පෙර මාතලේ සිටින මගේ මිතුරෙකුගේ බල්ලෙකු නැතිවුනි. අලුත් අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන සද්දයට බියවී ගෙදරින් පලා ගොස් නැවත ආපසු පැමිණියේ නැත.


සති දෙකකට පමණ පෙර එවැනි බල්ලෙකු තමන් වෙත රැගෙන විත් එන්නත් ලබා ගත් බවට ඒ බල්ලා මීට පෙර බැලූ පශු වෛද්‍යවරයා වෙනත් බල්ලෙකු ප්‍රතිකාර කිරීම සඳහා රැගෙන ගිය අසල්වැසියකු අතේ පණිවිඩයක් එවා තිබිණ.


ඒ හෝඩුවාව පස්සේ සොයාගෙන ගිය මගේ මිතුරාගේ මෙවැනි ක්‍රියාන්විතයන් ට දක්ෂ වෙනත් මිතුරෙකු, බල්ලා සිටිනවා යයි, සැකකරන නිවාසය අසලට ගියේය. 


ඒ අසල කුඩා නිවාසයක දවස් පඩියට වැඩ කරන... කෙනකු මුණගැසී මේ පිළිබඳව විමසන විට, අවුරුදු දිනවල ඔහුට එවැනි බල්ලකු මුණගැසුණු බවත් මේ බල්ලා තුවාල සහ සීරීම් වලින් යුක්ත වූ බවත්, තමාට හදාගැනීමට, අපහසු පොහොසත් බල්ලෙකු බව සිතී එසේ හදා ගත හැකි යැයි සිතන නිවසකට බාර දුන් බව ඔහු කීය.


ඉන්පසු ඔහු පෙන්වූ නිවසට ගිය මිතුරා ඒ පිළිබඳව විමසූ විට ඒ නිවසේ වැසියන් ඔහුට බල්ලා පෙන්වා සිටියේය. 

ප්‍රථමයෙන් මේ බල්ලා සෙවීමට ෂර්ලොක් හෝම්ස් වැඩේ කලේ බළලාගේ අයිතිකරුවන්ට උදව් වීමට ඉදිරිපත් වූ මගේ මිතුරෙකු විසිනි. ඔහු වහාම බල්ලගේ නියම අයිතිකරුවන්ගේ නිවසේ කාන්තාවට මේ පිළිබඳව දුරකතනයෙන් දන්වා සිටියේය. ඇයද වාහනය රැගෙන පැමිණියේ ය. 

එහෙත් බල්ලා දෙගිඩියාවකට පත් ව සිටින බවක් පෙනුණි. ඔහු වාහනය වටේ රවුමක් ගොස් ආපසු තමන්ගේ අලුත් නිවාසය ඇතුළට ගියේය. 

පරම අයිතිකරුවන් සහ අලුත් අයිතිකරුවන් ද  එකසේ දෙගිඩියාවට පත්වූහ. දැන් බල්ලාට නම් දෙකකි, අයිතිකරුවන් කණ්ඩායම්ද දෙකකි. 


හරියටම හුණුවටයේ කතාවේ කුමාරයා වැනිය. 


අලුත් අයිතිකරුවන් බොහෝ කණගාටුවෙන් සහ ශෝකයෙන් බල්ලා ආපසු දීමට කැමති වූහ. පරන අයිතිකරුවන් ද බල්ලා ආපසු ගෙනි යනවාදැයි දෙගිඩියාවෙන් පසු වූහ.


ටික වේලාවක් මෙසේ සාකච්ඡා කිරීමෙන් පසු අලුත් අයිතිකරුවන් බල්ලා ආපසු ගෙන යන ලෙසට පරණ අයිතිකරුවන්ගෙන් ඉල්ලා සිටියහ. බල්ලා ද ඉතා අකමැත්තෙන් මෙන් පරණ අයිතිකරුවන්ගේ වාහනයට නැග ගත්තේය. 


මෙසේ මේ බල්ලා තමන්ට හමුවූ පසු, ඔවුහු හමුවීම පිළිබඳව ඔහුගේ අයිතිකරුවන් සොයා මේ පිළිබඳව දෙවන අයිතිකරුවන්, මුහුණු පොතේ දැන්වීමක්ද පළ කර ඇති බව ඔවුනට දැනගන්නට ලැබුණි. 


එහෙත් මේ අය අප බොහෝ දෙනෙකු මෙන් මුහුණු පොතේ සමාන්තර විශ්ව යන්ගේ ජීවත් වන නිසා ඒ බල්ලගේ found දැන්වීම දැක නැත.


පරණ අයිතිකරුවන් අලුත් අයිතිකරුවන්ට යම් මුදලක් ත්යාගයක් වශයෙන් දීමට උත්සාහ කළ ද, ඔවුන් එය පිළිගත්තේ නැත. නිවසේ ස්වාමි දුව ඇඬු කඳුළෙන් ඉහළ මාලයට නගිනවා පරන් අයිතිකරුවන් දුටහ.


පරන් අයිතිකරුවන් බල්ලා පශු වෛද්‍යවරයා ළඟට ගෙන යන විට ඒ කාලේ ඔහු රැගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ කාර් එකේ නොව ්‍රීවීලර් එකක ය. ඒ පහසුව සඳහා ය. එහෙත් දැන් ඒ බල්ලා, වාහනයකට නැග හොඳින් ගමන් කිරීමට අලුත් නවාතැනේ ඉගෙනගෙන ඇති බව, හොඳින් පෙනුණි. 


සමහරවිට බල්ලාට දැන් ඔහුගේ දෙවන නිවසේ සාමාජිකයින් සිහිනෙන් පෙනෙනවා වෙන්නටත් පුළුවන.

Saturday, October 23, 2021

2005 වසරේ ජනාධිපතිවරණය සහ ඡන්ද ඔට්ටු

මගේ මිත්‍ර බද්දේගම ආනන්ද ලැනරෝල්, ලංකාව සහ ලෝක දේශපාලනය පිළිබඳව විශේෂයෙන්ම ඒවා ගේ ඉතිහාසය පිළිබඳව හසල දැනුමක් ඇත්තෙකි. 


ඔහුට දැනුමටත් වඩා ඉතාමත් පොහොසත් අත්දැකීම් සම්භාරයක් ඇත්තේය. ඒ කෙසේද යත්, ඔහු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකින්ම එම ප්‍රදේශයේ, ප්‍රාදේශීය සභා සභාපති වරයා වශයෙන් කටයුතු කර ඇත්තේය.


කන්ද උඩරට සහ දකුණේ යන ප්‍රදේශ දෙකේම, බොහෝ කාලයක් දේශපාලනය කර ඇති ඔහු ජාතික දේශපාලනයේ ද, හැකි සෑම විටකම ්‍රායෝගිකව කටයුතු කර ඇත්තේය.


ඒ අතරම හොඳ ගොවියෙකු වන ඔහු, දෙවන රාජසිංහ රජු කල ප්‍රංශ නාවික හමුදාව සමග ත්‍රිකුණාමලයෙන් ලංකාවට පැමිණි, තානාපතිවරයාගෙන් සහ රාජගුරු පවුලේ කුල කාන්තාවක ගෙන් පැවත එන ඉතිහාසයක් ද තිබේ.


මහනුවර නගරය අවට suduhumpola ග්‍රාමයේ නම වැටී ඇත්තේ ද, මේ ප්‍රංශ තානාපතිවරයාගේ පවුල නිසා බව කියනු ලැබේ. 

සුද්දා හුන් පොල, suduhumpola.


වරෙක ඔහු, 2005  වර්ෂයේ අග එස් බී දිසානායක සිරගතව සිටියදී අසනීප වී මර්චන්ට් වෝඩ් එකට ගියේය. මමත් ළඟදි මිතුරෙකු බැලීමට මේ මර්චන්ට් ward එකට ගිය අතර, එහි පඩි පෙළ සහ සෝපානය, ඇත්තෙන්ම තිබිය යුත්තේ කෞතුකාගාරයක බව මට එතනදී සිතුනි.


මා මිත්‍ර ananda, එස්බී සිටි කාමරේට, යන විට එහි දොර වසා තිබුණු අතර දොරට තට්ටු කරන විට දොර ඇරුණි.

ඔහු කාමරේ ඇතුලට ගිය විට එහි එස් බී සහ බන්දුල ගුණවර්ධන ඇඳ මත වාඩිවී කතා කරමින් සිටියහ. ආනන්ද එතනට ගිය විට SB බන්දුල ගුණවර්ධනට මෙසේ කීවේය.


"අන්න ඇවිල්ලා ඉන්නවා ආනන්ද ලැනරෝල්, ලංකාවේ දේශපාලන භූමියේ තත්වය හොදින් විශ්ලේෂණය කරන කෙනෙක්, අපි ඔහුගෙන් අහමු මොකක්ද වෙන්නේ කියලා" ඔහු එසේ කීවේ එකල පැවැත්වෙමින් තිබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳවය.

මේ දෙදෙනාම එකල එක්සත් ජාතික පක්ෂය රජයේ ඇමතිවරු වූ අතර ඉදිරි මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව බොහෝ උනන්දුවක් දැක්වූ දෙදෙනෙකුද වූහ.

මේ අතර ලාච්චුවේ තිබූ විස්කි බෝතලයක් එළියට ගත් SB විදුරු තුනක්ද හොයාගෙන, ිශ්‍ර කිරීමට යමක් නොතිබුණු නිසා අමුවෙන්ම glass තුනට ටික ටික වක්කර කුඩා ඩ්‍රින්ක් එකක් ද පිළියෙල කළේය.

බන්දුල ගුණවර්ධන ආනන්ද දෙසට හැරී ඡන්ද ප්‍රතිඵලය කුමක් විය හැකි දැයි විමසුවේය.


රනිල් වික්‍රමසිංහට ඡන්ද ලක්ෂ හතළිස් අටක් පමණක් මහින්ද රාජපක්ෂ ට හතළිස් හයක් පමණ ලැබෙන බව ආනන්ද තවත් විස්තර සමගින් බන්දුලට කීවේය.


"ආනන්ද ඔයා දෙමළ ඡන්ද දැම්මෙ කාටද?" එස් බී දිසානායක ඇඳේ සිට ඇසුවේය. 

"රනිල් වික්‍රමසිංහට"

"ඇයි එහෙම කලේ?"

"දෙමළ මිනුස්සුන්ට හැකි හැම වෙලාවකම සමාන ලෙස සැලකුවේ එක්සත් ජාතික පක්ෂයයි, මට ඕනෑ තරම් උදාහරණ දෙන්නට පුළුවන්, ඒකයි මම ඒ විදියට කළේ" ආනන්ද පිළිතුරු දුන්නේය.

"අන්න ඒ හේතුව නිසාම, ප්‍රභාකරන් දෙමළ මිනිසුන්ට මේ පාර රනිල්ට ඡන්දෙ නොදී ඉන්න බලකරන්න පුළුවන් බව මට හිතෙනවා" 

ආනන්ද ඒ වෙලාවේ එම අදහස පිළිගත්තේ නැත. කොළඹ සිට ආපහු බද්දේගමට යනතෙක්ම, තම රියදුරා සමග s b ට බැන්නේය. 


නමුත් අවසානයේ සිදුවූයේ එස්බී කියපු එක ය.

මේ ඡන්දය පිළිබඳ ලක්ෂ 25ක් ඔට්ටුවක් ඇල්ලූ ආනන්ද, එයින් ද පරාජයට පත්විය.

එහෙත් ඔහු එවැනි ඔට්ටුවක්,පසු කලෙක, 2015 වසරේ, පොලියත් සමඟ ආපසු දිනා ගත්තේය.


Thursday, October 21, 2021

උපාලි විජේවර්ධනගේ ඔර්ලෝසු වැස්ස

 අපූරූ එහෙත් සත්‍ය කතා භාණ්ඩාගාරයක් බඳු මිතුරෙකු මට සිටී. ඒ අතරම ඔහු ඓතිහාසික පුද්ගලයන් සමග ජීවත්වීමට පවුල් සබඳතා තිබූ පුද්ගලයෙකි. මේ නිසා ඔහුගේ කතාවල අපි දන්නා කෙනෙකු එසේත් නැත්නම් අසා ඇති කෙනෙකු සිටීම නිසා කතාවට යම් ආලෝකයක් එසේත් නැත්නම් වර්ණයක් ලැබේ.


සමහර කතා ලියන්නට පුළුවන් ඒවාය, සමහර ඒවා ්‍රසිද්ධ කළහොත් යම් පුද්ගලයන්ට නරක ප්‍රසිද්ධියක් ලැබෙන්නට පුළුවන.


ඔහු ඊයේ මට කියූ කතාව ලස්සන එකක් නිසා ලියා පළ කරන්නට සිතුවෙමි.


මේ කතාව සිදුවී ඇත්තේ හැත්තෑ ගණන්වල අග විය යුතුය. එකල රුහුණට විශ්වවිද්‍යාලයක් සාදන්නට සැලසුම් කරන කාලය විය. 


මේ සඳහා නායකත්වය දීමට එකල රටේ සිටි ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු අතර තරඟයක් ඇති විය.


දේශපාලඥයින් කිව්වට එයින් එක් අයකු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන මහතා විය. එකල ජනාධිපතිවරයා වූ ජේ ආර් ජයවර්ධන මහතාගේ ඥාති සොහොයුරෙකු වූ ඔහු එකල ජාතික දේශපාලනයට ඇතුළුවීමට සැලසුම් කරමින් සිටියේය. 

අනෙක් පුද්ගලයා වූයේ රොනී ද මැල් මහතා ය. ඔහු මට මතක හැටියට  ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විය යුතුය.


උපාලි විජේවර්ධන මහතා මෙම විශ්වවිද්‍යාලය තමන් උපන් ගම තමන්ට අයිති  කඹුරුපිටියේ ඉඩමක, බිහි කරන්නට උත්සාහ කළ අතර රොනී ද මැල් මහතා එය දැන් තිබෙන ස්ථානයේ පිහිටුවන්නට මූලිකව කටයුතු කළේ ය.


මේ දෙදෙනා අතර එම තරගය ඉතාමත් උත්සන්න වූ අතර රොනී ද මැල් මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් උපාලි විජේවර්ධන මහතාගේ ආධාරකරුවෙකු ගේ ඔරලෝසුවක් කඩා ගැනීමක් මේ අතර සිදුවිය. 


මෙම සිද්ධිය සම්බන්ධයෙන් උපාලි විජයවර්ධන මහතා අපූරු ප්‍රතිචාරයක් දැක්විය. ඒ ඔහුගේ හෙලිකොප්ටරයක් මගින්, ප්ලාස්ටික් ඔරලෝසු විශාල ප්‍රමාණයක් රොනී ද මැල් මහතාගේ ආධාරකරුවන් සිටි ප්‍රදේශයට ගුවනින් අතහැරීමයි. රොනී ද මැල් මහතා මේ නිසා ාස්‍යජනක ලෙස අපහසුතාවයට පත් විය.


එකල දේශපාලඥයින්ගේ හැසිරීම ඒ ආකාරය.

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...