Thursday, June 22, 2023

titanic සබ්මැරීනය සහ ආතර් සී ක්ලාක්

 



මේ සබ්මැරීනයේ සිද්ධිය මට 1961 එක වසරේ ආතර් සී ක්ලාක් විසින් ලියන ලද මනරම් විද්‍යා ප්‍රබන්ධයක් සිහියට නැගුනි. 


අවුරුදු තිහ හතළිහකට පෙර මා විසින් කියවන ලද මේ පොතේ ද මෙවැනි සිද්ධියක්, හඳෙහි සියුම් වැලි කාන්තාරයක විශේෂ යානයකින් සංචාරයක් සඳහා යන කණ්ඩායමකට සිදුවෙයි.


පොතේ තිබෙන්නේ නේ එම යානය බේරා ගන්නා ආකාරයයි. එම සංචාරක කණ්ඩායමේ එක් සංචාරකයෙකු ්‍රී ලාංකික විද්‍යාඥයකු ද වූ බව ද මට මතකය. ඔහුගේ නම මට මතක හැටියට නිහාල් ජයවර්ධන විය. එම යානය බේරා ගැනීමේ කටයුතු වල දී ඔහුගෙන් යම් විශේෂ සේවයක් සිදු වූ බව ද මට මතකය.


මේ පොතෙන් තවත් එක් සිද්ධියක් මට මතකයි ඒ පොතේ මුල් හරියේ විය යුතුයි. මෙම පොතෙහි පසුබිමේ වන හඳේ මිනිසුන්ගේ ජනාවාස වල පළමු අපරාධය කාන්තාවක විසින් සිදු කළ බව විස්තර කර තිබීමය. එයින් කියැවුණේ සඳ මත ඕනෑ තරම් රත්තරන් හෝ වෙනත් වටිනා ලෝහයක් සුලභව තිබෙන නිසා සඳේ බොහෝ වැඩ වලට ලෝහයක් ලෙස යොදාගෙන තිබුණේ එම වටිනා ලෝහ ය බවය. තමන්ගේ හෝටලයේ කාමරයේ යම් ආරක්ෂාවට දමා තිබුණු උපකරණයක් රන්මුවා බව දැක කාන්තාවක් එය ගලවාගෙන තමන්ගේ පර්ස් එකේ දමාගෙන එය සොරකම් කරන්නට තැත් කිරීමෙන් ලොකු විනාශයක් සිදු වූ බවය.


එම කාන්තාව නම් ශ්‍රී ලාංකික කාන්තාවක් දැයි මට හරියට මතක නැත 🤣


එයට අමතරව මේ සබ්මැරීන ගමන යන්නට ඩොලර් දෙලක්ෂ පනස් දාහක් එක් මගියකු විසින් ගෙවූ බව මම දුටුවෙමි. මෙවැනි ඇඩ්වෙන්චර්ස් වල ඒක ලොකු මුදලක් නොවේ. හිමාලය කන්ද මුදුනට කෙනෙකුට නැගීමටත් ඩොලර් 50,000ක පමණ වැය වෙන බව මම දුටුවෙමි.

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...