Friday, November 17, 2023

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු පිළිබඳ මතකයන්

 




පෙරේදා අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු හිටපු නාවුක හමුදාපතිවරයා ජාතිය වෙනුවෙන් ජීවිතය පුද කර අවුරුදු තිස් එකක් ගත විය. 


මම ඔහු සමග බොහෝ තැන්හි සේවය කර ඇත්තෙමි. ලංකා කාන්ති වළඳ නෞකාව, කරේ නගර් හි ්‍රී ලංකා නාවික නෞකා 'එළාර' කදවුර , ත්‍රීකුණාමලේ නැගෙනහිර නාවික විධානය හ නාවික හමුදා මූලස්ථානය එයින් ප්‍රධාන වෙයි.


ඔහු ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූයේ ය.  එයින් ටෙනිස් ප්‍රධාන විය. ටෙනිස් කෝට් නොමැති කඳවුරු වල සේවය කරද්දී වෙනත් සමාන ක්‍රීඩාවක යෙදුණේය.


අපි ලංකා කාන්ති සිටියදී මේස පන්දු ක්‍රීඩාවේ යෙදුනෙමු. කරේ නගර සිටියදී පැඩ්ල් ටෙනිස් ක්‍රීඩාවේ  යෙදුනෙමු. Pedal tennis  ්‍රීඩාව මා දැක ඇත්තේ ද කරේ නගර හිදි පමණි. එකල ලංකාවේ මේ හැරෙන්නට තවත් pedal tennisකෝට් එකක් ඇත්තේ ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයේ පමණක් බව කියනවා මට ඇසී තිබේ. එකල සමහර නිවාඩු දිනවලට  හොඳට ගැළපෙන විරුද්ධවාදීන් කණ්ඩායමක් හමුවුණොත්, මෙම ක්‍රීඩාව බියර් බෝතල් ඔට්ටුවට දමාද ක්‍රීඩා කළෙමු.


මම නැගෙනහිර විධානයට අයත්ව තිබූ කන්ඩුල නැමැති amphibious නෞකාවක අණදෙන නිලධාරියා වශයෙන් 89 සහ 90 වසරවල සේවය කලෙමි.


ඒ කාලේ tennis නැගෙනහිර විධානයේ නිලධාරීන් අතර දරුණු රෝගයක් මෙන් පැතිර තිබුණි. හතරදෙනෙකු ක්‍රීඩා කරන විට තවත් හත් අට දෙනෙකු කෝට් එකේ බංකුව මත වාඩි වී තමන්ට අවස්ථාවක් එනතුරු බලා සිටියහ.


සාමාන්‍යයෙන් ආඥාපතිවරයා කරන ක්‍රීඩාව එම විධානය වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන බවට එකල පොඩි විහිළු කතාවකුත් තිබුණි.


මමත් හැකි සෑම වේලාවකම ෙනිස් ක්‍රීඩාව යෙදුණු අතර අප විධානයේ ටෙනිස් ක්‍රීඩකයන් අතර දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනීමක් තිබුණි.


එක් වසරක විධාන ටෙනිස් තරගාවලිය පැවැත්වීමට අයදුම්පත් කැඳවන විට මම නෞකාවේ යම් රාජකාරියකට යාපනයට ගොස් සිටියෙමි. අප සමග ඉතා උනන්දුවෙන් ටෙනිස් ක්‍රීඩා කළ තවත් ක්‍රීඩකයෙකු වූ වෛද්‍ය නිකෝ ජයසේකර මම එහි සිටියදී මෙවර වාර්ෂික විධාන ටෙනිස් තරඟයේ double event එකට ඔහුගේ partner ලෙස ක්‍රීඩා කිරීමට කැමැත්තේ දැයි මගෙන් විමසා සිටියේය.


වාර්ෂික තරගයට පෙර මට ආපසු යාමට හැකියාව තිබේ දැයි පරික්ෂා කර මම එයට කැමති වුණෙමි. ඔහු මෙසේ තරඟය සඳහා මගෙන් විමසා සිටියේ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු, ඔහුට තමාගේ පාට්නර් ලෙස ක්‍රීඩා කිරීමට ආරාධනය කළ පසුව යයි මට පසුව දැනගන්නට ලැබුණි.


අද්මිරාල්වරයා ඔහුගේ partners ලෙස සිරිපරම් නැවත නිලධාරියෙකු තෝරාගෙන තිබුණි. ඔහු ඩී එස් සේනානායක විදුහලේ ඉගෙන ගත්  දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අතර ටෙනිස් ක්‍රීඩාවේ එතරම් දීර්ඝ පළපුරුද්දක් තිබුණේ නැත.


අවසාන තරගය පැවැත්වුණේ අප අතරය. තරඟයේ හිතා ගන්නටත් බැරි තරම් දක්ෂ ලෙස ක්‍රිඩා කළ අද්මිරාල්වරයා සහ එකල ලුතිණන් වරයෙකු වූ සිරිපරම් අපට හිතා ගන්නටත් බැරි ලෙස අප පැරැද්දවූහ. 


මට ඒම තරඟයේ අවසානය තවමත් මතක තිබේ. අද්මිරාල් clancy ඔහුගේ රැකට් එක ඔසවා we beat  the champions යනුවෙන් අපට කොචොක් කරමින් සිනාසුනේය.







1 comment:

  1. මට මතකයි අද්මිරාල ක්ලැන්සි පෙරේරාගේ ඝාතනය, ඒ දවස් වල නවසීලන්ත ෆුල් ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ඇවිල්ලා හිටියේ. ඒත් මේ බෝම්බය පත්තු උනේ ඒ කණ්ඩායම නැවතිලා හිටිය හෝටලේට කිට්ටුව, බය වෙව්චි පාර කණ්ඩායමේ 6 දෙන්ක් ආපසු ගියා. ඒ ගොල්ලන්ව රිප්ලේස් උනේ නවක ක්‍රිඩකයන්ගෙන්...ලංකාවා මේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තර ග ජය වාර්තා කලා පලවෙනි වතාවට. - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...