Saturday, April 17, 2021

පෝට් සිටි පනත පිළිබඳව මගේ දැකීම

රටේ භෞමික අඛණ්ඩතාවය සඳහා බොහෝ කලක් සටන් කළ පුද්ගලයකු ලෙසට, පෝට් සිටි පනත නිසා නැවතත් එම් අඛණ්ඩතාවයට හානියක් සිදු වන්නට යන බව ිතරම ප්‍රකාශ වන නිසා මම ඊයෙ රෑ පැය තුනක් ගත කර පෝට් සිටි පනත පිටු 76 ම ොහෝ ප්‍රවේශමෙන් කියවා බැලුවෙමි. එහෙත් එය සම්පූර්ණයෙන් කියවා බලා ටික වේලාවක් කල්පනා කළ විට මට වැටහුනේ මෙම පනත පෝර්ට් සිටිය වැනි අන්තර්ජාතික වෙළඳ සහ බැංකු පවත්වාගෙන යාමට යෝජනා කරන ස්ථානයකට ඉතාමත් අවශ්‍ය වූ වැදගත් පනතක් බවය. මෙසේ රටේ සාමාන්‍ය ක්‍රමයෙන් බොහෝ වෙනස් ව පවත්වාගෙන යාමට අදහස් කරන යම් ප්‍රදේශයකට විශේෂ පහසුකම් සහ වෙනස් නීති හඳුන්වා දීම කළ යුත්තක් ම ය. එසේ නොකර එහි ආයෝජනයන්ට සහ වෙනත් වැඩ වලට පැමිණෙන විදේශික මිනිසුන්ට ලංකාවේ රජයේ ආයතන වලින් ඒවා කරගන්න යයි පැවසීම පෝට් සිටියේ නියත මරණය වෙයි. ලංකාවේ යම් රාජ්‍ය ආයතනයකට විශේෂයෙන්ම යම් දේපළ පිළිබඳ අධිකාරි බලතල තිබෙන ආයතනයකට කිසියම් වැඩක් කරගන්නට කිසියම් අනුමැතියක් ලබා ගන්න ගිය ඕනෑම පුරවැසියෙකු මගේ ඉහත කියමන සමග එකඟ වනවා නොඅනුමානය. මෙම පනතේ ඇති අනික් සියලු බලතල සහ අයිතිවාසිකම් ාමාන්‍ය කුඩා නගරයක නාගරික අධිකාරියකට ඇති බලතල වලින් එහා යන ඒවා ලෙසට කිසිලෙසකත් පෙනෙන්නේ නැත. අනෙක මෙම පත් කරන කොමිසම බොහෝ දේවල් පණ තනුවත් කළ යුතු වන්නේ හා සම්බන්ධ රාජ්‍ය ආයතන හා එක්ව කටයුතු කිරීමෙනි. ඒ නිසා මෙම දූපතට පගේ රටේ සාමාන්‍ය නීතිය බලපෑමක් ඇති නොවන බවට යම් මහජන මතයක් ඇති කරන්නට උත්සාහ කරන පිරිස් එවැනි මතයක් ඇති කරන්නට උත්සාහ කරන්නේ කුමන හේතුවක් මත දැයි මට නම් නොතේරේ. ලංකාවේ මෙවැනි විශේෂ කලාප ඇති කිරීම අපට ආගන්තුක කටයුත්තක්ද නොවේ. නොයෙකුත් වකවානුවලදී ඇති කරන ලද නිදහස් වෙළඳ කලාප වලට ද මෙවැනි ටේ සාමාන්‍ය නීතියට තරමක් වෙනස් පහසුකම් ලබා දුන් අතර ම ආයතන තවමත් ඉතා හොඳින් ක්‍රියාත්මක වනු අපට දකින්නට පුළුවන. මෙවැනි අන්තර්ජාතික වෙළෙඳ සහ බැංකු නගරයකට අපගේ කම්කරු නීති බලපැවැත්වෙනවා යැයි සිතමු. කෙනෙකු රැකියාවේ වැඩ හොද නැති නිසා රැකියාවෙන් ඉවත් කළ පසු කච්චේරියේ කම්කරු විනිශ්චය සභාවට ගොස් එම ආයතනයට විරුද්ධව නඩුවක් පවරනවා යැයි සිතමු. මේවා වැල්වටාරම් වී අවුරුදු ගණන් ගත වන විට කුමන අසීරුතාවයකට පත් වන්නට පුලුවන්ද, එවන් අත්දැකීම් ඇති, හෝ ඒ පිළිබඳව අසා ඇති ආයෝජකයන් ලංකාවේ මෙවැනි ස්ථානයක ආයෝජනය කිරීමට පැමිණිය හැකි දැයි අපට සිතිය හැකිද, දැන් අප මෙවැනි ආයෝජන සඳහා තරඟ කරන්නේ සිංගප්පූරුව ඉන්දියාව මලයාසියාව වැනි අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බොහෝ අදහස් වලින් නූතන රටවල් සමග ය. එවැනි රටවල් සමග තරග කිරීමේ දී අපේ මේ යල්පැන ගිය නීතිරීති සහ රාජ්‍ය ආයතන මගින් කළමනාකරණය වළ සහ පාලනය වන ක්‍රමවේදයක් තුළ කිසිසේත්ම කළ නොහැකි වෙයි. ඒ සඳහා එම තරඟ කිරීමට අපට යම් හැකියාවක් ලබාදෙන ුත් ක්‍රමවේද සහ පහසුකම් සපයන ක්‍රම අප විසින් සාදාගත යුතුය, මේ පනතින් කරන්නට හදන්නේ එය බව පැහැදිලිවම පෙනේ. එහෙත් පනතේ මට පෙනෙන එකම වැරැද්ද ජනාධිපතිවරයා විසින් පත් කරන කොමිසම පිළිබඳවයි. ඔහූ ඒ සඳහා හොඳ අවබෝධයක් ඇති දක්ෂ සාමාජිකයින් පත් කරන බව පනතේ කියනු ලැබේ. නමුත් ඒ සඳහා යම් නියාමකයන් අතුලු කර නොමැත. අපගේ අත්දැකීම් අනුව ලංකාවේ දේශපාලකයන් පිළිබඳ එතරම් විශ්වාසයක් අපට තියන්නට ද නුපුළුවන මෙවැනි කටයුත්තකදී නියාමන වශයෙන් උපාධියක් පශ්චාත් උපාධියක් අවුරුදු 10ක අත්දැකීමි වැනි දේවල් ඇතුළු කිරීම එතරම් අලංකාර නොවන බව සත්‍යය. නමුත් ඒ අතරම ජනාධිපතිවරයාට මේ තරම් අන්තෝ මතික බලයක් දීම ද එතරම් සුදුසු නැත. මෙම කොමිසම පත් කිරීමෙන් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් පැත්තකට දැමීමද සුදුසු නැති බව මගේ හැඟීමයි. එහෙයින් එම කොමිසම ජනාධිපතිවරයා විසින් නම් කළ පසු පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් මගින් ඔවුන්ගේ සුදුසුකම් අත්දැකීම් සහ පෙර වැරදි පිළිබඳව මහජනතාව බලා සිටියදී, විවෘත පරීක්ෂණයක් පවත්වන්නේ නම් පනතේ ඇති මෙම අඩුව ද ඉවත් කර ගත හැකි බව මට සිතේ.

Tuesday, April 13, 2021

මහාවංශය 5 - විජය කුවේණිය හා ජීවත්වෙයි

 

https://www.blogger.com/blog/post/edit/5060024932032172786/1139490685535323929 

එතැන් සිට 

මාගේ මිනිසුන් මහත් බඩගින්නෙන් පෙලෙති”, විජය කුමරු ඇයට දැන්වූයේය. ඉන්පසු ඇය විසින් කොල්ල කන ලද වෙළද නෞකාවල තිබූ ආහාර ගබඩාවන් විජය කුමරුට දුන්නාය.[1] 

 

විජයගේ පිරිස බත් සහ අනෙකුත් මාලු පිනි පිළියෙල කලහ. ඔවුන් පලමුව විජය කුමරුට ආහාර පිලිගන්වා ඔවුන්ද ආහාර ගත්හ.

 

විජය කුමරු කුවේනියටද ආහාර පිලිගැන්වූයේය. එම ආහාර අනුභව කල මහත් සතුටට පත්විය[2]. වයස දහසයක පමණ රූමත් තරුණියකගේ පෙනුමක් ආවේශ කරගත් ඇය මනා ආභරණයන් ගෙන් සැරසී විජය වෙත ආවාය. ලොකු ගසක් මුල ඇය මනරම් යහනක් තබා එය වටා සහ උඩින් අලංකාර වියනකින් ආවරණය කලාය. විජය කුමරු එය දැක අනාගත අභිවෟද්ධිය තකා ඇය සමග යහන් ගතවිය. පිරිවර ජනයා එම කූඩාරම වටා ලැගුම් ගත්හ. 

 

රාතී%යෙහි විජයට සංගීතයත් සමග ගී හඩක් ඇසී ඇසෙන්නේ කවර ශබ්දයක්ද? කුවේනිය ගෙන් ඇසීය.

 

සියලු යක්ෂයන් මරවා ලංකා රජය මා ස්වාමියාට දිය යුත්තේය. එසේ නොකල හොත් මේ මිනිසුන් සමග වාසය කල නිසා මගේ නෑයන් විසින් මා මරා දමනු නොඅනුමානය”. යැයි සිතූ කුවේනිය 

 

මෙහි ශීර්ෂ වස්තු නම් නුවරක් වෙයි. ලංකා නමැති නගරයෙහි නායකයාගේ දියණිය, ශීර්ෂ වස්තු නගරයෙහි කුමාරයෙකු හා විවාහය සඳහා මේ නගරයට පැමිණ ඇත. ඇයගේ මවද මෙහි පැමිණීමට නියමිතය. එම විවාහය සැමරීමට සත් දිනක් පැවැත්වෙන එම උත්සවය අදත්  සිදුවේ. බොහෝ පිරිස් සදහා මෙහි පැමිණ ඇත. අද දින ඔවුන් විනාශ කලේ නැත්නම්, නැවත ඔවුන් විනාශ කිරීමට මෙතරම් පහසු අවස්ථාවක් නොලැබෙන්නේය.” යැයි පැවසුවාය.

 

ඇහැට නොපෙනෙන යකුන් මම මරන්නේ කෙසේද? විජය ඇසුවේය[3].

 

මම නොයෙකුත් තැන සිට කෑ ගසමි, යම් තැනකින් ශබ්දය ඇසෙන්නේ නම්, හඩට පහර දෙනු මැනව, ආයුධය මගේ බලයෙන් ඉලක්කය වෙත යනු ඇත.” ඇය පිළිතුරු දුන්නාය.

 

මේ උපදේශයට අනුව කටයුතු කර විජය කුමරු, තම සේනාව සමග නගරයට පහර දී සියලු යකුන් මරා ජය ගත්තේය. මියගිය යක්ෂ රජුගේ ආභරණ තමන් පැලඳ අනෙකුත් ආභරණ තම සේනාවට ලබා දුන්නේය. කීප දවසක් එම නගරයේ වාසය කර ආපසු තම්බපන්නී[4] පෙදෙසට ගොස්, එහි තම්බපන්නී නම් නගරයක් ඉඳිකර කුවේනියත් සමග එහි වාසය කලේය[5].

 

මෙලෙස මේ පලාතට සහ මුලු රටටම තම්බපන්නී යන නම ඇතිවූයේ, විජය සහ පිරිස මුලින්ම වෙරළට පැමිණ විවේක ගැනීමට බිම ඉඳගෙන අත් බිම තැබූ පසු, නැවත නැගිටින විට අත් රතු පසෙන් රත්පැහැ ගැන්වී තිබුන නිසාය. සිංහබාහු රජු සිංහයා මැරූ හෙයින් ඔහුගෙන් පැවත එන විජය ඇතුලු පිරිස, සිහල ජාතිය ලෙස හැදින්වේ.

 

රටේ නොයෙකුත් ස්ථාන වල විජයගේ ඇමතිවරු ජනාවාස පිහිටුවන ලදි. අනුරාධ නම් ඇමතියෙකු කඩම්බ ගඟ[6] අසල අනුරාධ ගම නමින් ජනාවාසයක්ද, විජයගේ පූජකයා වූ උපතිස්ස ගම්භීර ගඟ[7] අසල උපතිස්ස ගම නම් ජනාවාසයක්ද, පිහිට වූ අතර උජේනි උරුවෙල සහ විජිත[8] ඇමතියෝ ඔවුන්ගේ නම් වලින් ගම්මාන පිහිටවූහ. මෙසේ ජනපද පිහිටුවා අවසන, ඇමතිවරු විජය කුමරුන් ගෙන්  රාජාභිෂේක වන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් විජය කුමරු රාජ වංශයේ  මෙහෙසියක නොමැතිව ඔටුනු පැලදීමට නොකැමති විය. 

 

 ඇමතිවරු විජය කුමරුගේ අභිෂේකය කරන්නට ඇති ඕනෑකම නිසාම, සියලු සැකයන් දුරු කරගෙන වටිනා මුතු මැණික් ආභරණ තෑගි සමග දකුණු ඉන්දියාවේ මදුරා රාජHයෙහි[9] පන්ඩු රජුගේ දියණිය විජය කුමරා සදහා මෙහෙසියක්  ලෙස  ඉල්ලුම් කර පණිවිඩ කරුවන් යැවූහ. එසේම ඇමතියන් සහ අනෙක් පිරිස් සදහා ගැලපෙන කුලඟනන්ද ඉල්ලා යැවූහ


[1] යක්ෂනියක් කෙසේ වුවත් මැය මුහුදු අයිනේ ජීවත්වූ, මුහුදු බත් වූ නැව් කොල්ලකන්නන් පිරිසකගේ නායිකාව බව පෙනේ.

[2]  ඉන්දියානු රසයන්ට අනුව පිලියෙල කල ආහාර ඇයට විශේෂයෙන් රසවත් වන්නට ඇත.

[3]  රෑ පහර දෙන නිසා විය හැක.

[4] සතුරු නගරය ජයගත් පසු එය අතහැර අලුතින් පිහිටුවා ගත් ස්ථානයකට යාම පුදුම සහගතය.

[5] මෙම නගරය අනුරාධපුරයට සැතපුම් විසි හතරක්  උතුරෙන් පිහිටවූයේ යැයි ටෙනන්ට් ඇතුලු එකල ඉතිහාසඥයන් සිතූහ.

[6] මල්වතු ඔය.

[7] බොහෝ විට මල්වතු ඔයේ අනුරාධපුර නගරයට සැතපුම් 8 ක් පමණ උතුරෙන් පිහිටි දකුණු ශාඛාවක්.

[8]  අනුරාධපුර නගරයට සැතපුම්  විසි හතරක් පමණ දකුණෙන් තිබෙන කලා වැව අසල පිහිටි ස්ථානය.

[9] වර්තමානයෙහි මදුර යන චෙන්නායි වලට දකුනෙන් පිහිටි ප්‍රදේශය.



සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...