Saturday, October 7, 2023

ආගම් විවේචනය කිරීමට හේතු මොනවා විය හැකිද

 තොටවත්තගේ ප්‍රශ්නය නිසා ඇත්තෙන්ම ආගම් විවේචන කරන්නන් එසේ කරන්නේ ඇයිදැයි ටිකක් කල්පනා කර බැලුවෙමි. හේතු පහත ආකාර විය යුතුයැයි සිතේ.


 1.  තමන්ගේ ආගම අනික් අයගේ ආගම් වලට වඩා ශ්‍රේෂ්ඨ යයි ඔප්පු කර පෙන්වීම සඳහා


 2. ආගම් වලට පැටලී මිත්‍යා මත හිසේ දමාගෙන සිටින මිනිසුන්ට ඔවුනට වැරදී ඇතැයි පෙන්වා දීමට.


 3. ශබ්ද දූෂණය වැනි ආගම් වලින් ඇති කරදර නිසා ඒවා අඩු කර ගැනීමට


 4. තමන්ට යම් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට


 5. මිනිසුන් මිත්‍යා මත වල එල්ලී සිටීම ගැන කනගාටු වී ඔවුන් ඒවායින් මුදවා ගැනීමට


 6. බොහෝ මිනිසුන් ආගම් නිසා රැවටී ඇතත් තමා එසේ නොවී ඇති බව පෙන්වීමට


 7. රටේ ආර්ථික දියුණුවට ආගම් වල එල්බ සිටීම නිසා පාඩුවක් වී ඇතැයි සිතා එය නිවැරදි කිරීමට


 8. රටේ සමාජීය දියුනුවට ආගම්වලින් බලපෑමක් ඇතිවී ඇතැයි සිතා එයින් රට මුදවා ගැනීමට

9. ආගම් අතර ඝට්ටන ඇති කිරීමට

 

මේ සඳහා තවත් හේතු තිබිය හැකි ද?

Tuesday, October 3, 2023

Remote control key

 වසරකට පමණ පෙර ඥාතියෙකුගේ දාන ගෙදරකට ගොස් සිටියදී මගේ අතින් වාහනයේ රිමෝට් යතුර බිමට වැටී පෑගූනී.


ebay එකෙන් ෂෙල් එකක් ගෙන්නාගෙන පරණ යතුරේ මදය රුපියල් දෙදහක් ගෙවා කටුගස්තොට තැනකින් එයට දමා ගත්තෙමි. ෂෙල් එකටත් රුපියල් හාරදාහක් පමණ වැය විය.


මාස තුනකට පමණ පසුව යතුරේ අන්ලොක් ෆීචර් එක වැඩ කරන්නේ නැතුව ගියේය.


කටුගස්තොට තැනින් ඇසූ පසු අලුත් ෂෙල් එකක් දමන්නට සිදු වන බව දැනගන්නට ලැබුණි. මේ පිළිබඳව සොයා බැලූ පසු කොළඹ පෙට්කො ආයතනය වෙතින් මෙය කරගත හැකි බව පෙනුණි. මම ඔවුන්ට දුරකථනය දුන්විට ඔවුන් කියා සිටියේ අලුත් ෂෙල් එකක් රුපියල් අටදාහක් පමණ වන බව ය.

කොළඹ දී කරගතයුතු වැඩ දෙක තුනක් එකතු වෙනකන් සිට කොළඹ ගිය පසු පෙට්කො ආයතනය වෙත ගියෙමි.


ඉඩ එතරම් නොමැති නිසා, පාර අයිනේ කාරය නවත්වා ආයතනය ඇතුලට ගියෙමි. දෙවන තට්ටුවට ගිය පසු එහි සිටි යුවතියක් තාක්ෂණික නිලධාරියෙකු හා මා සම්බන්ධ කළේය. ඔහු පැමිණි පසු මා කාරණය ඔහුට කිව්වෙමි. ඒ වන විටත් මා හඳුනාගත් ෂෝ කේස් එකේ තිබූ යතුරු කොපුව කුත් ඔහුට පෙන්වා දුන්නෙමි.


මම පොඩ්ඩක් උඩට ගිහිල්ලා යතුර ටෙස්ට් කරගෙන එන්ඩද, සමහරවිට කවරයක් නොදාම වැඩේ කරගන්න පුලුවන් වෙයි, කී ඔහු මා එතන ඉන්දවා තබා උඩතට්ටුවට ගියේය.


විනාඩි 10 කින් පමණ පහළට පැමිණි ඔහු යතුරේ කුඩා springs දෙකක් අඩුවෙන් තිබුණු නිසා හොඳින් වැඩ නොකළ බවත් ඔව් ඒ springs යෙදූ බවත් දැන් යතුර හොඳින් වැඩ කරන බවත් කියා සිටියේය.


වාහනය ළඟට ගොස් අප පරික්ෂා කළ අතර යතුර ඉතා හොඳින් වැඩ කරන බව පෙනුණි. මම ඔහුගෙන් ගාස්තුව විමසූ අතර, ඔහු බිලක් ගෙන ගාස්තුව රුපියල් 500ක් යයි ලියා දුන්නේය. 


කාලයකට පසු යම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා හිතූ මිලට ඉතාමත් අඩුවෙන් කරගන්නට ලැබුණු සතුටින් ඉහවහා ගිය මම තරුණයාට බොහෝ ස්තුති කර එතනින් පිටත් වුනෙමි.






සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...