අපගේ වැවට ද මේ ප්‍රදේශයේ බොහෝ අනෙකුත් වැව් මෙන් ජලය වෙනත් ජල පහරකින් පැමිණෙන්නේ නැති බැවින් වැවේ ජලයෙන් පමණක් නියඟය කාලයේදී වගාව පවත්වාගෙන යාමට නොහැකි නිසා අපි අපගේ භූමියේ නල ලිං දෙකක්ද සාදාගෙන සිටිමු.
ඒවා දැනට ඒතරම් පාවිච්චි නොවුනද ඉදිරියේදී නියඟය වැඩිවන විට ඒවා පාවිච්චි කිරීමට සිදුවන බව අපි දන්නෙමු.
ප්‍රදේශයේ අනෙක් ගොවියන් ජලය සඳහා මුදල් ආයෝජනය නොකරන්නේ විශේෂයෙන්ම නළ ලිං ලෙසට, අලි ප්‍රශ්නය නිසා විය යුතුය. මක්නිසාද සියයට සියයක් ආරක්ෂිත වල් අලි වැටක් සවිකර ගැනීම මුදල් අතින් ලේසි පහසු කටයුත්තක් නොවන නිසාය. එය ාමාන්‍ය ගොවියෙකුට දරාගත නොහැකි තරම් පිරිවැයකින් යුක්තය.
එහෙත් මෙවැනි තත්ත්වයක් යටතේ ද තමන්ගෙ අක්කර දෙක තුනේ කුඩා ඉඩම්වල ාමාන්‍යයෙන් අලියෙකු නවත්වා ගත හැකි තරමේ වැටවල් පාරේ ගමන් කරද්දී බොහෝ දකින්නට පුළුවන.
එහෙත් මෙම වටවල් සවි කර ගත්තද අලින් ගේ පැමිණීම සම්පූර්ණයෙන් වැළකේ යයි බලාපොරොත්තු වන්නට නුපුළුවන් නිසා බොහෝ ගොවියන් අවදානමත් අරගෙන තවත් වියදම් කර ගොවිතැනක යෙදීමට කැමැත්තක් දක්වන්නේ නැති බව පෙනේ.
මම මුලින් ඉඩම් වලින් හරිහමං වගාවක් කිරීම 10% ක් පමණ වන්නේ යයි කීවේ මේ නිසාය. රජය මැදිහත් වී මේ ඉඩම් වලට යම් විදිහකින් වල් අලි පැමිණීම වළක්වන්නේ නම් මේ ඉඩම් වලින් රටට ලැබෙන ්‍රයෝජනය දහගුණයකින් පමණ වැඩිවනු ඇත. වෙන මොකුත්ම වගා නොකර, මේ ඉඩම්වල පොල් වවන්නේ නම් වුවද අවුරුදු හයක් හතක් යන විට ටේ පොල් පලදාව කොතරම් ප්‍රමාණයකින් වැඩි විය හැකිද? නමුත් ඒ සියල්ල කරන්නට එම ඉඩම් වල වවන යම් බෝගයක් වල් අලි තර්ජනයට භාජනය වන්නේ නැති බවට රජය යම් වැඩපිලිවෙලක් යෙදිය යුතුය.
මේ සඳහා යොදාගත හැකි හොඳම වැඩපිළිවෙළ යැයි මට සිතෙන්නේ ඉඩම් අක්කර දහසක් පමණ වටකර එක අලිවැටක් බැඳීමයි. එසේ කිරීම ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි ැලීමට පහසුම ක්‍රමය ගණිතය යොදා ගැනීමයි.
ඉඩම් අක්කරයක් වටා වැටක් ගැසිමට එම වැට අඩි 834 දික් විය යුතුය. මේ අනුව තැනින් තැන අක්කරයේ ඉඩම් කැබලි සීයක් වටා අලි වැටක් ගැසිමට නම් ඒවායේ සම්පූර්ණ දිග අඩි 83400 පමණ වෙයි.
එලෙසින්ම අක්කර 1000 එවැනි වැටක් සෑදීම ට ගැට ගැසිය යුත්තේ සැතපුම් 5ක දුරක් පමණි. ඒ කියන්නේ අඩි වලින් බැලුවොත් අඩි 26400 කි.
ඒ කියන්නේ එලෙස සමූහයක් ලෙස එකතු කර අලි වැටක් ගහන්න ට යන වියදම තනියම ගහ ගන්නවා මෙන් තුනෙන් එකක් පමණ වෙයි.
රජය යම් ලෙසකින් මැදිහත් වි පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන ඔවුන්ගේ මුදලින් මේ ලෙස වැටක් ගසා දී , එම සමාගමටද යම් ආකාරයකින් ඔවුන් විසින් ආයෝජනය කරන ලද මුදලට සමානුපාතිකව ්‍රතිලාභයක් ලැබෙන්නට සළස්වන්නේ නම් මෙම ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳා එම ගොවියන්ට ද දැන් සිටිනවාට වඩා බොහෝ ඉහළ ජීවන තත්වයක් ඇතිකර ගන්නට පුළුවන.
රජයට දෙන්නට මුදල් නොමැත්තේ නම් එසේ එකතු කරන අක්කර දාහකින් ියයට 10 ක පමණ ප්‍රමාණයක් ආයෝජනය කරන සමාගමට ලබා දීමෙන් මෙම කටයුත්ත කිසිදු වියදමක් නොමැතිව සාර්ථකව කරගන්නට පුළුවන් බව මට සිතේ.
මුලින්ම එක් pilot project එකක් සිදුකර අත්දැකීම් ලබාගෙන ෙය රටේ බොහෝ තැන්වල ප්‍රචලිත කරන්නට ද හැකියාව තිබේ......... ඊළඟ කොටස හෙට
No comments:
Post a Comment