සුනාමි සිදු වූයේ මෙවන් දිනයක නිසා මට මගේ සුනාමි පිළිබඳ අත්දැකීමක් ගැන ලියන්නට සිතුනි. මම එකල උතුරු නාවික විධානයේ ියෝජ්‍ය ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළෙමි. අපගේ මූලස්ථානයේ තිබුණේ කන්කසන්තුරේ වරාය අසලය.
මම උදෑසන අවදි වී එදින නිවාඩු දිනයක් වූ හෙයින් මම මගේ නිල නිවාසයේ ඇඳට වී ටිකක් කාලය කලෙමි.
මගේ ඇඳ ළඟ තිබූ ටෙලිෆෝනයක් නාද වී එයට පිළිතුරු දුන් විට ඇමතුමේ සිටියේ අද්මිරාල් සඳගිරි නාවික හමුදාපතිවරයාය.
ඔහු මට මෙසේ කීවේය " ඉලංන්ස්, ත්‍රිකුණාමලය පැත්තේ මුහුදේ ලොකු වෙනසක් සිදුවී තිබෙනවා බලගතු කුණාටුවක් වගේ, ඔය පැත්තෙ මොකුත් ප්‍රශ්න එහෙම තියෙනවද?"
මම ටිකක් මුහුද පරීක්ෂා කර, ඔහුට එසේ යමක් පෙනෙන්නට නොමැති බව පවසා, ඉක්මනින් කාර්යාලය වෙත ගියෙමි. මගේ කාර්යබණ්ඩලයේ සියලු දෙනාත්, මේ පිළිබඳව දැනගෙන මෙහෙයුම් කාර්යාලයට පැමිණී අතර, එහිදී ම අපගේ පේදුරුතුඩුව අනුකන්ඩයෙන් ඔවුනට බලගතු කුණාටුවකට මුහුණ දෙන්නට සිදු වී ලොකු විනාශයක් සිදුවූ බව වාර්තා විය.
මම නිලධාරියෙකු සහ තවත් පිරිසක් එම අනුකන්ඩයට උදව් කිරීම සඳහා පේදුරු තුඩුව බලා පිටත් කළෙමි.
ටික වේලාවක් ගතවන විට මුහුදෙන් අඩි සියයක් පමණ උස ජල පවුරක් වැනි රැල්ලක් ගොඩ දෙසට එනවා පෙනුණි. සුනාමි පිළිබඳව ඒ වන විට මා අසා තිබුනේ නැත. මම හිතුවේ ලෝක විනාශය සිදුවීමට පටන් ගෙන ඇති බවය.
හරියටම සිදුවන්නේ කුමක්දැයි බැලීමට සන්තූරයට මඳක් බටහිරින් පිහිටි ලොකු ගල් කුල වෙතට අපි ගියෙමු. කතරගම දෙවියන් දියාවේ සිට පැමිණ ලංකාවට ගොඩ බැස්සේ මේ අසල යැයි කියනු මා අසා ඇත. එතැන සිට මෙම රැල්ල දෙස බලා සිටිද්දී, වරායේ තිබෙන අපගේ නෞකාවලට කුමක් සිදුවේදැයි යන ප්‍රශ්නය මගේ සිතට පැමිණියේය.
ඒ සමගම අසා තිබූ පරණ නාවිකයන්ගේ කතාවක් මට සිහියට නැගුණි. එයින් කියවපුණේ කුණාටුවකදී නැවකට හොඳම තැන මහ මුහුද බවයි.
මම වහාම ි වරාය තිබූ අපගේ නැව් දෙකට වරායෙන් පිටතට යවන ලෙසට එවකට අපගේ කාර්ය මණ්ඩලයේ වරායේ ආරක්ෂාව භාර සිටින නිලධාරියාට දැනුම් දුන්නෙමි. එසේම ඔහුට නැව්වල ලණු ලිහන්නට පරක්කු වෙන්නේ නම්, ලනු කපා හෝ පිටතට යවන ලෙසට උපදෙස් දුන්නෙමි.
ඔහු උදව්වට කෙනෙකු සමඟ මෝටර් බයිසිකලයක නැගී වරායේ දියකඩනය දිගේ නෞකා ඉක්මණින් පිටත් කර යැවීමට ගියේය. ඔහුගේ ඉක්මන් ප්‍රතිචාරය නිසා නෞකා වරායෙන් පිටතට දමා ගැනීමට පුළුවන් වූ අතර ඒ නිසා ඒවා කිසිම උපද්‍රවයක් නැතිව බේරුනී. වෙනත් ප්‍රදේශවල නෞකා කිහිපයක් රාය තුළ තිබියදී සුනාමියට හසුවී විනාශ විය.
සුනාමි රැල්ල දියකඩනය උඩින් වරායට වැදුණු අතර ින් එහි ජලය අපේ කාර්යාල සංකීර්ණය දක්වා පැමිණුනි.
නෞකා බේරා ගැනීම සාර්ථකව ඉටුකළ ා අපේ වරාය ආරක්ෂක නිලධාරියාට සහ ඔහුගේ සහායකට ජීවිත බේරා ගැනීමට නොහැකි විය. ඔවුන් ආපසු එන ගමනේ දී දියකඩනය මත ජල පහරට හසු වී ජීවිතක්ෂයට පත්වුණි.
අපගේ පේදුරු තුඩුව අනුකන්ඩයේ කිහිපදෙනෙක්ම එලෙස ජීවිතක්ෂයට පත්වුණු අතර, අප කඳවුරට
සැතපුම් කිහිපයක් බටහිරින් පිහිටි, කීරමලේ ලිඳේ ස්නානය කරමින් සිටි කිහිප දෙනෙකුද එලෙස මියගොස් තිබුණි.
සුනාමිය අවස්ථාවේදී රටට අයත් නෞකා දෙකක් බේරා ගැනීම සඳහා ඔබගේ ප්‍රායෝගික දැණුම භාවිත කිරීම ඉහලින්ම අගය කරමි. අවාසනාවකට මෙන් ඒ වෑයම සඳහා ඉදිරිපත්වූ නාවිකයින් දෙදෙනා ජල රකුසාට ගොදුරු වීම ගැන නම් අතිශය කණගාටුවට පත්වෙමි.
ReplyDeleteසුනාමිය දිනයේ පෙර පිනක් තිබී අප පවුලේ අය බේරුණු බවද මෙහිදී සිහිපත් විය. ඒ සිද්ධිය මෙසේය. රුහුණේ සංචාරයක යෙදුනු අපි 2004 දෙසැම්බර් 24 වෙනිදා සිතුල් පව්ව විශ්‍රාම ශාලාවේ නතර වී සිට 25 වෙනිදා රාත්‍රියට යාල වනෝද්‍යානයේ පලටුපාන වෙරළාසන්න නිවාසය වෙන් කරවාගෙන තිබිණ. එහෙත් අප ආපසු එන විට අප සමග සිටි සිව් හැවිරිදි මුණුපුරාට තද උණක් සහිත වමනයක් හට ගැණුනි.
මේ නිසා වහාම තීරණයක් ගත් අපි යාල ගමන අවලංගු කර ආපසු හොරණ බලා පැමිණියෙමු. ඒ වන විට පෙරවරු 4.30 පමණ විය.
උදයේම දරුවාට අවශ්‍ය ප්‍රතිකාරද ලබාගෙන නිවසට පැමිණෙන විටම සුනාමිය පිලිබඳ ආරංචිය ලැබුණි. අප වෙන්කරවාගෙන තිබුණු.
පලටුපාන වෙරළාසන්න නිවාසය සුනාමියට විනාශවූ බව පසුව දැනගතිමු.
නූලෙන් බේරිලා තියෙන්නෙ
ReplyDeleteසටන් විරාම සමයේ නාවික උතුරු විධානයේ ආඟ්‍රාපති කියන්නේ බොහොම තීරණාත්මක තනතුරක් බව අසා තිබෙනවා...සුනාමියෙන් පස්සෙ එල්ටිටීඊ එකේ යුධ ශක්තිය හීන වෙලා කියලත් කට්ටියක් බලාපොරොත්තු උනා. නමුත් ඒක එහෙම සිද්ධ උනේ නෑ....තවත් කථාවක් ගියා ප්‍රාබකරන් වට්ප්පලෙ අම්මාන් කොවිලේ හිටියදි සුනාමියට අහු උනා කියලත්.....
ReplyDeleteනැව් බේර ගැනීම සදහා ඔබ ගත් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුත් තීරණය අති විශිෂ්ඨයි... - Mayya