Showing posts with label current affairs. Show all posts
Showing posts with label current affairs. Show all posts

Monday, August 2, 2021

රාජ්‍ය සේවා සඳහා වැටුප් සමීකරණයක්

 රාජ්‍ය සේවා වැටුප් සමීකරණය


සමීකරණයක් යනු සත්‍යය සම්බන්ධතාවයක් සංකේත මගින් පෙන්වා දීමයි. සමීකරණයක් මගින් පෙන්වා දෙන තුරු එම සම්බන්ධතාවය ගැන හැඟීමක් කෙනෙකුට තිබිය හැකි නමුත් එය විවෘතව පෙන්වා දීමට අපහසු වෙයි. එසේම හරියටම කොපමණ ප්‍රමාණයකින් එම සම්බන්ධය තිබෙනවාදැයි ෙනෙකුට විශේෂයෙන් අධ්‍යයනයක් නොකර දැනගන්නටත් යම් සම්බන්ධයක සමීකරණයක් තිබෙන්නේ නම් පුළුවන් වෙයි.


ඒ වාගේම යම් සම්බන්ධතාවයක් පිළිබඳව සමීකරණයක් තිබේනම් එම සම්බන්ධතාවය පිළිබඳව කෙනෙකුට අපව රවට්ටන්නට පුළුවන්කමක් නැත. මක්නිසාද අපට සමීකරණය වෙත ගොස් ඒ සමීකරණය සංකේතවලට නියමිත අගයන් යොදා සම්බන්ධතාවය හා පවතින අගයන් සත්‍ය දැයි අපට සොයාගැනීමට පුළුවන් නිසාය. 


රජයේ වැටුප් පිළිබඳව බොහෝ ගැටළු සහගත තැන් දැන් ඇතිවී තිබේ. හෙදියන්ගේ වැටුප් වැඩි කරන විට ෛද්‍යවරු විරුද්ධ වන බවක් පෙනේ. එලෙසම රජයේ බොහෝ ආයතන සහ දෙපාර්තමේන්තුවල සේවය කරන්නන් ගේ වැටුප් කොහෙන් හෝ වෙනස් වූ විට වෙනස් නොවුනු පිරිස් මේ පිළිබඳව කලබලයට පත්වන බව පෙනේ. 

සමහරවිට එකම සුදුසුකම්වලින් රැකියා වලට එකතු වන පිරිස් තමන් හා සමාන සුදුසුකම් ඇති ව තවත් ආයතනයක වෙනත් රැකියාවකට බැඳුණු කෙනෙකුට වැඩිපුර වැටුපක් ලැබීම පිළිබඳව අසතුටට පත් වෙයි. තමන් වැඩ කරන පැය ගණන වැඩි වූ විට ඊට වඩා අඩුවෙන් පැය ගණනක් වැඩ කරන සමාන සුදුසුකම් වලින් රැකියාවට බැඳුණු පිරිස් තමා හා සමාන වැටුපක් ගත්තොතින් සමහරුන් අසතුටට පත් වෙති. මෙලෙස නොයෙකුත් හේතූන් නිසා තමන්ට ලැබෙන වැටුප පිළිබඳව අසතුටට පත් වන රජයේ සේවකයන් බොහෝ අංශවල සිටිති. ඔවුහු සමහරවිට තමන්ටත් එලෙස වැඩි වැටුපක් හිමි විය යුතු යැයි සිතා අරගල කරති. 

රජයටත් මේ පිළිබඳව හරි තීරණයකට එන්නට අපහසු බව පෙනේ. එසේ අපහසු වන්නේ  වැටුප් වැඩි කිරීමක් සිදු කළ විට, තවත් ආයතනයක තවත් ස්ථානයක එසේ නැත්නම් එම ආයතනයේ කොහේ හෝ තැනක කෙනෙකුට ඒ පිළිබඳව අසතුටක් ඇති වීමට බොහෝ ඉඩකඩ තිබෙන නිසාය.

මට පෙනෙන විදියට නම් මේ පිළිබඳව ක්‍රියාත්මක කළ හැකි හොඳම රජයේ රැකියාවන් වල වැටුප් තීරණය කිරීම සඳහා සමීකරණයක් නිර්මාණය කිරීමයි.

මේ සමීකරණයේ කුමන සංඝටක තිබිය යුතුද? 

පළමුවන්න සංඝටකය බවට මට සිතෙන්නේ කුමන සුදුසුකම් සහිතව රැකියාවට බැඳුණේ ද යන බවයි, Q


දෙවන සංඝටකය විය යුත්තේ රැකියාවේ සතියකට එසේත් නැත්නම් දවසකට පැය කීයක් ඔහු හෝ ඇය සිටිය යුතුද යන්නයි, H 


තුන්වැන්න, රැකියාවේ ඔහුගේ සේවා කාලය විය යුතුය Y


හතරවැන්න මා හිතන විදිහට විය යුත්තේ රැකියාවට විශේෂිත වූ අවදානමයි R 


රැකියාව අතරතුර ලබාගන්නා පුහුණු සහ වෙනත් සුදුසුකම් පස්වන සංඝටක විය යුතුය. E 


රාත්‍රී සේවාවන් කරන්නට සිදුවීම හයවන සංඝටකය විය යුතුය, N


විශේෂ දීමනාවක් නොලබා යම් අමතර රාජකාරි කරන්නට සිදුවීමද සංඝටකයක් විය යුතුය, A


x=2 y+3Z+A 


දැන් අපි මෙවැනි සමීකරණයක් දෙස බලමු. මෙහි x යන අගය වැඩිවන්නට y z හෝ A වැඩි විය යුතුය. මෙහි x හි අගය වැඩිවීමට වැඩියෙන්ම බලපෑ හැකි වැඩිවීම z වෙයි. Z  එකකින් වැඩි වුවහොත් X තුනකින් පමණ වැඩි වෙයි.

එහෙත් A සමග X  ඒ තරම් වේගයෙන් වැඩි නොවේ. එහි අගය එකකින් වැඩි වන විට x හි අගය ද වැඩි වන්නේ එකකින් පමණි. ඒ කියන්නේ A හට සමීකරණයේ x වැඩිකරන්නට බලපාන්නට හැකි වන්නේය තරමක් අඩුවෙන් බව ය.


දැන් අපි මේ  ගුණාංගයද මතක තබාගෙන රාජ්‍ය වැටුප් පලයන් සඳහා සමීකරණයක් නිර්මාණය කළ යුතුය.

එය මූලික වශයෙන් පහත සඳහන් ආකාර වෙයි.


Salary = Q+H+Y+R+E+N+A 


මෙම සාධක කුමන ලෙසට අගය කළ යුතු දැයි තීරණය කරන්නට දැන් වේලාව පැමිණ තිබේ. උදාහරණයකට බැඳීමේදී සුදුසුකම් ඉතාමත් ඉහළ වටිනාකමක් ගත යුතු නම් එය 3Q වැනි වටිනාකමකින් සමීකරණයට ඇතුළුවන්නට පුළුවන. ඒ ආකාරයෙන්ම සමහර සාධක සඳහා ලොකු වටිනාකමක් නොතිබෙන්නට පුළුවන. උදාහරණයක් වශයෙන් රාත්‍රියේ වැඩ කරන්නට සිදු වීම  සඳහා එතරම් වටිනාකමක් දෙන්නට අවශ්‍ය නැත්නම් එය N/3 වැනි අගයකින් සමීකරණයට පැමිණිය හැක්කේ ය. මෙලෙස සංඝටක සියල්ල කුමන ආකාරයෙන් වැටුපට බලපෑමක් ඇති කළ යුත්තේ දැයි සොයා බලා සියල්ලන්ගේම අනුදැනුම ඇතිව මෙම සමීකරණය සම්පූර්ණ කර ගන්නට පුළුවන. 

ඉන්පසු ඕනෑම කෙනෙකුට තමන් රැකියාවක් තෝරා ගනිද්දී තමන් කුමන ආකාරයේ රැකියාවක් තෝරාගත යුත්තේ දැයි යන්න මෙම සමීකරණය දෙස බලා තීරණය කරන්නට පුළුවන. ඉන්පසු තමන් වැඩි කලක් සේවය කරන බව හෝ  රාත්‍රියට වැඩ කරන බව හෝ තමන් ගෞරවයක් තිබෙන රාජකාරියක් කරන බව හෝ කියමින් කාටවත් අරගල කරන්නට හෝ පැමිණිලි කරන්නට පුළුවන්කමක් නැත. 


දැන් අපි මේ සංකේතයන්ට ගැලපෙන වටිනාකම් ආදේශ කළ යුතුය. 




Sunday, August 6, 2017

ඉංජිනේරු දුටුගැමුණු









මේ රුවන්වැලි මහා සැයට මුල්ගල් තැබීමේ උත්සවයයේ විස්තරයයි. 

මහල් දහයකින් යුත් ලෝවාමහා ප්‍රාසාදය සාදා අවසන් වූ පසු මේ ගොඩනැගීමට අතගසන දුටුගැමුණු රජු මේ  සා විශාල ( අඩි 338 ක් උස අඩි 951 භුමියෙහි විෂ්කම්බය ඇති ) ඉදිකිරීමකට එය දරා සිටිය හැකි පදනමක් තනන ආකාරය මෙහි විශේෂයෙන් කැපී පෙනේ. ඔහු යුද්දයට මෙන්ම ඉංජිනේරු විද්‍යාවට මහත් දක්ෂතාවයක් දක්වා ඇති වුවත් ඒ පිළිබඳව එතරම් අගය කිරීමක් පසුකලෙක සිදුවී නැති බව පෙනේ.


අවශ්‍ය  සියලු දෑ සපයා ගත් පසු, වෙසක් පොහොය දින සැයේ  වැඩ කටයුතු ආරම්භ කෙරිණි. ගැමුණු රජු දාගැබ ගොඩනැගීමට නියමිත භූමිය අඩි දහය හමාරක් ගැඹුරට හාරන්නට නියම කලේය. ඉන්පසු හේවායන් ලවා රවුම් ගල් ගෙන්නවා මිටි වලින් කඩා එම වලට දමා සමින් කරවූ සපත්තු ඇන්දවූ අලියන් ලවා පාගවා තද කලේය. ඉන්පසු ප්‍රාතිහාර්යකින්  ලැබුණු අහස් ගඟ වැටෙන තැන ඇති සියුම් මැටි එම ගල් මත හෙලා තද කලේය. එම මැටි මත ගඩොල් එලා ඉන්පසු පහත ආකාරයට ඒ ගඩොල් මත ස්ථර ගොඩනැගුවේ රිදී තහඩුව ඉහලටම වන පරිදිය.  


අඟල් 7 ක් ඝනකමෙන් යුක්ත වූ රිදී තහඩුවක් 
සූදුරු තෙල් සහ ආසනික් මිශ්‍රණයක් 
අඟල් 8 ක ඝනකමින් යුක්ත වූ තඹ තහඩුවක් 
කපිත්ත ගසේ (දිවුල්)   කිරි සහ රසදිය , පැණි වතුරේ දියකර   
කඳු මුදුනෙන් ලබා ගත් පලිඟු ගල් ස්ථරයක් 
සුවඳවත් මරුම්බා  (තෙත ගතිය ඉවත්කරන සුවඳවත් ද්‍රවයක්  ? )
ගැට ගසන ලද යකඩ කූරු ජාලයක් 
හිමාලයෙන් ගෙන එන ලද කුරුවින්ද පාෂාණ ( cinnabar ,මැණික් ගල් වර්ගයක්?)
රළු සිමෙන්ති ස්තරයක් 
ගඩොල් ස්තරය
සියුම් මැටි   
කැබලි වලට කඩා අලියන් විසින් පාගනලද කළුගල් ස්ථරය .  


මෙම අත්තිවාරම නිමවා ගැමුණු රජු සංඝයාට ආරාධනා කර, ඉතාමත් අලංකාර උත්සවයක් පැවැත්වූයේය. මෙම උත්සවය සදහා ඇඳුම් කරත්ත 1008 ක්ද, බොහෝ මුදල්ද, වෙඬරු, සීනි, වැනි තෑගි ජනතාවට බෙදා දීමට පිළියෙල කල බව පැවසේ. මෙම උත්සවයට නොයෙකුත් රට රාජ්‍ය    වලින් පැමිණි භික්ෂූන් ප්‍රමාණය  කොතරම් දැයි කිවහොත්, රහත් භික්ෂූන් පමණක් අනූහය කෝටියක් සිටිය බව පැවසේ. අත්තිවාරම දමා ඇති ස්ථානයට පැමිණි රජතුමා රිදී සහ රනින් කරන ලද නූලක් රැගෙන ඒ සදහා විශේෂයෙන් ලෑස්ති වී සිටිය අමාත්‍යවරයෙකුට  එම සේවකයන් සමග වෙහෙර සදහා සීමාව ලකුණු කරන ලෙස උපදෙස් දුන්නේය.  

මෙම අවස්ථාවේ බොහෝ දැනුම ඇති සිද්ධාර්ථ නැමැති හිමි නමක්, 
“අපගේ රජතුමා මේ තරම් විශාල ස්ථූපයක් හදන්නට පටන් ගත හොත් ඔහු එය අවසන් කර ගැනීමට පෙර මිය යාමට පුලුවන, එසේම ඒසා විශාල ස්ථූපයක් අනාගතයේ නඩත්තු කිරීමද ඉතාමත් අපහසු වනු ඇත”, යැයි සිතා ඒ සා විශාල වෙහෙරක්  සෑදීම නොකර එයට වඩා ප්‍රමාණයෙන්  අඩු චෛතියක් සෑදීමට උපදෙස් දුන්නේය. 
ඉන්පසු ගැමුණු රජු සෑය අත්තිවාරමේ මැද රිදී කළගෙඩි අට කුත්, රන් කළගෙඩි අට කුත්, එය වටා කළගෙඩි 1008 ක් වෘතාකාරයෙන් තැබුවේය. මෙම සෑම කළගෙඩියක් වටාම ඇඳුම් 108 ක් තැන්පත් කලේය. ඉන්පසු රන් ගඩොල් අටක් ගෙන අට දිශාවට තැන්පත් කලේය. පසුව අත්තිවාරමේ නැගෙනහිර දිශාවේ සුවඳ කවන ලද මැටි වලින් මුල් ගල තැබුවේය. ඉන්පසු තවත් ඇමතියන් හත් දෙනෙකු එලෙස මුල් ගල් තැබූහ. ඉන්පසු තවත් උත්සව මාලාවකින් රුවන්වැලි මහා සෑයට මුල් ගල් තැබීම අවසන් විය.

Saturday, August 5, 2017

ඉන්දියානු ට්‍රෝලර් ප්‍රශ්නය ; පිළිකන්න බේරාගැනීම




 ජාතික ආරක්ෂාවේ ඉහලම තලයේ තර්ජනයක් නොවුනද ඉන්දියානු ට්‍රෝලර් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයට පැමිණීම බොහෝ විට ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වීමට අවකාශ ඇත්තකයි සිතෙන ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නයේ පැතිකඩවල් කිහිපයක් තිබේ. ඒ  රටවල් දෙකෙහිම  මෙම ප්‍රශ්නය හා සම්බන්ධ පරදු දරන්නන් කොට්ඨාශ කිහිපයක් ඇති නිසාය. එම කොට්ටාශ සහ එක් එක් කොට්ටාශ සඳහා පරදු පහත ආකාරයට ලැයිස්තුගත කල හැක්කේය.
ශ්‍රී ලංකාවේ උතුරු කරයේ ධීවරයන් - ඔවුන්ට අල්ලා ගැනීමට තිබෙන මත්ෂ්‍ය සම්පත ඉන්දියානු ට්‍රෝලර් ගැනීම සහ ඔවුන් මාළු ඇල්ලීමට යොදවන්නා වූ ස්ථාන ගත කරන දැල් වලට හානි සිදු කිරීම. 
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රෝලර් අයිතිකරුවන් සහ ධීවරයන් - දැනට කරගෙන යන ඉතාමත් ලාබ අධික ටයිගර් ඉස්සන් කර්මාන්තය තව දුරටත් පවත්වා ගැනීම. 
තමිල්නාඩුවේ දේශපාලඥයින් -කර්මාන්තය බිද වැටුනොත් චන්ද අඩු වීම.  
ශ්‍රී ලංකාවේ දේශපාලඥයින් - උතුරේ දේශපාලකයන්ට  උතුරේ ධිවර ජනතාවගෙන් එන පීඩනය. ජාතික දේශපාලනයේදී රටේ දේශ සීමා උල්ලංඝනය කිරීම නොයෙකුත් පැත්ත පෙරලා ප්‍රයෝජනයට ගැනීමට ඉඩ ලැබීම. 
තමිල්නාඩුවේ ශ්‍රී ලංකාවට විරුද්ධව ජාතිවාදය අවුස්සන්නන් - මේ මගින් ජාති වාදය අවුස්සා දේශපාලන ප්‍රයෝජන ගැනීම.  
ශ්‍රී ලංකාවේ ජාතිවාදය අවුස්සා ප්‍රයෝජන ලබන්නන්. 
ශ්‍රී  ලංකාවේ උතුර හැර අනෙක් ප්‍රදේශවල ධීවරයන් - ශ්‍රී ලාංකික  මුහුදු සීමාව උල්ලංගනය කර අත් අඩංගුවට ගන්නා ට්‍රෝලර් නිදහස් කර ගැනීමට ඉන්දියානු මුහුදු සිමාව හරහා අන්තර් ජාතික මුහුදට යන ශ්‍රී  ලාංකික බහු දින ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනිම නිසා ඔවුනට සිදුවන කරදර.  
මෙතරම් විශාල පරදු දරන්නන් සංක්‍යාවක් සිටින ප්‍රශ්නයක් විසඳීම කොතරම් සංකීර්ණදැයි අමුතුවෙන් කිවයුතු නොවේ. එයට අමතරව මෙහි ඇති එතිහාසික ධීවර කලාප සහ 2013 කච්චතිවු ආපසු ඉන්දියාවේ පාලනයට ලබාගත යුතු යැයි තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ඉදිරිපත් කෙරුණු යෝජනාව දක්වා දිවෙන 1974 ඉන්දියා ශ්‍රී ලංකා ගිවිසුමෙන් ඉන්දියාවට අසාධාරණයක් වූවායැයි සිතන ඉන්දියානුවන් ගේ විරෝධතා මෙම සමීකරණය තව දුරටත් සංකීර්ණ කරයි. 
එහෙත් ඉන්දියානු ට්‍රෝලර් ලංකාවේ මුහුදු තීරයට ඇතුලු වීමෙන්  පහත ආකාරයේ ප්‍රශ්න කොතරම ඇති වුවද; 
ඉන්දියානු ධීවරයන්ගේ ජීවිත නැතිවීම්.
ඉන්දියානු ට්‍රෝලර් වලට භෞතික හානි සිදුවීම්.
යුද වකවානුවේදී ඉන්දියානු ට්‍රෝලර් LTTE ත්‍රස්තවාදීන්ට මුහුදේ නොයෙකුත් යුධ අමු ද්‍රව්‍ය ප්‍රවාහනය කරදීම්. 
ඉන්දියානු ට්‍රෝලර් ධීවරයන් සහ ලාංකික ධීවරයන් අතර ගැටුම්. 
නාවික හමුදා නාවිකයන් ට්‍රෝලර් විසින් මරා දමන ලදැයි සැකයන් මතුවූ අවස්ථා.
 මෙම ඉන්දියානු ට්‍රෝලර් ශ්‍රී ලංකා මුහුදට ඇතුලුවීම නිසා සිදුවිය හැකි රාජ්‍ය තාන්තික හෝ සමාජීය ප්‍රශ්න ප්‍රශාරණය වීමට ඉඩ නොදී තබා ගැනීම ඉන්දියානු ශ්‍රී ලාංකික රටවල් දෙක අතර පවතින මිත්‍රත්වයට අපහසු  පරීක්ෂණයක් වූ බව පැහැදිලිය. එම අභියෝග වලට සාර්ථකව රටවල් දෙක මුහුණදී ඇති ආකාරයෙන් දෙරටෙහිම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ දක්ෂතාවය සහ දෙරටටම මෙවැනි ප්‍රශ්න සංකීර්ණ නොවී තබාගැනීමට ඇති ඕනෑකම  පෙන්නුම් කරයි. 
මෙතරම් කටුක එමෙන්ම දීර්ඝ යුද්ධ කාලයක් තුල ඉන්දියානු ට්‍රෝලර් ප්‍රශ්නය මෙතරම් පහල පැති කඩක තබා ගන්නට හැකි වීමෙන්ම පමණක් මෙම ප්‍රශ්නය අපගේ ජාතික ආරක්ෂාවට අනාගතයේදී ප්‍රශ්නයක් ඇති කල හැකි යැයි සිතීමට ඇති ඉඩ කඩ ඉතාමත් අල්ප බව පෙනේ. එහෙත් මේ ප්‍රශ්නය ඉතාමත් සංවේදීව එසේම සිහි කල්පනාවෙන් විසදාගත යුත්තේය. මෙතෙක් කල් මෙම ප්‍රශ්නය යම් සිවිලිමකින් උඩට උත්සන්න වීමට ඉඩ නොදුන් පහත සාධක මෙම ප්‍රශ්නය විසදීම සදහා තව දුරටත් උදව් කර ගැනීම යෙහෙකි. 
දෙපැත්තෙහිම ධීවරයන් එකම භාෂාවක් කථා කරන ද්‍රවිඩ සම්භවයක් ඇති ජන කොට්ඨාශයන් වීම. 
මෙම ජන කොට්ඨාශයන් දෙක මතම ක්‍රිස්තියානි පල්ලියේ ඇති බලපෑම. 
ඉන්දියානු ට්‍රෝලර් සහ ශ්‍රී ලාංකික ධීවරයන් තරඟ කරන්නේ ඉතාමත් සීමා සහිත සම්පතක් සදහා වීම. 
ජන කොට්ඨාශ දෙකෙහි සංස්කෘතික සබඳතා.
දැනට ලෝකයේ මුහුදේ ඇති මත්ෂ්‍ය සම්පත සහ එහි ජෛව විවිධත්වය ආරක්ෂාකර ගැනීමට නොයෙකුත් අන්තර් ජාතික ආයතන සහ රජයයන් විසින් ගනු ලබන උත්සාහයන් සහ ක්‍රියාකාරකම් - මෙම ක්‍රියාකාරකම් යටතේ මාළු අල්ලා ගැනීමට යොදවා ගන්නා වූ නොයෙකුත් ක්‍රමද සාකච්ඡාවට භාජනය වන අතර ඉන්දියානු ට්‍රෝලර් භාවිත කරන භූමිය දිගේ දැල් ඇදගෙන ගොස් මසුන් ඇල්ලීම පරිසරයට ඉතාමත් විනාශකාරී මසුන් අල්ලන ක්‍රමයක් බව දැන් සියලු දෙනාගේ පිලිගැනීම වේ. ඉදිරි අනාගතයේදී මෙවැනි ක්‍රම වලට නැගෙන විරෝධතාවය ජාත්‍යන්තර වශයෙන් තවත් වැඩිවන අතර මෙම විරෝධතාවයද ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාව අපගේ මුහුදු කලාපයට පැමිණීම අඩුකර ගැනීමට අපට මහෝපකාරි වනු ඇත.  
මෙම ඉන්දියානු ට්‍රෝලර් ශ්‍රී ලංකා මුහුදට පැමිණීම වැලැක්වීමට හොඳම ක්‍රමය වනුයේ ඉහත සදහන් සියලු කරුණු ප්‍රයෝජනයට ගෙන ක්‍රමයෙන් ට්‍රෝලර් ඇතුලට පැමිණීම අඩුකර ගැනීමට විසදුමක් සොයා ගැනීමයි.  

සියලු කරුණු සලකා බැලුවිට ,මේ සඳහා මට පෙනෙන හොඳම ක්‍රමය ශ්‍රී ලංකික ධීවර සමිති විසින් මෙම බිම දිගේ ට්‍රොලින්ග් කිරීම පිළිබඳව ජාත්‍යන්තර තලයේ  මේ පිළිබඳව උනන්දුවක් දක්වන ආයතන වලට දන්වා දිගින් දිගටම ඔවුන් හා වැඩ කිරීමයි. එය රජයෙන් මෙය නවත්වන්නට උත්සාහ කරනවාට වඩා මහත් පලදායි වනු ඇත. රජයට උතුරේ ධිවර සමිති වලට ප්‍රච්ඡන්න ලෙස උදව් කරන්නට පුළුවන. මෙවැනි සාගර සම්පත් හා ජෛව විවිධත්වය විනාශ කිරීමට විරුද්ධව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර හා රාජ්‍ය නොවන ආයතන තිබේ. ඒවාට බැන බැන ඉන්නේ නැතිව ,ඒවායෙන් නිර්මානශිලිව ප්‍රයෝජන ලබාගෙන ප්‍රශ්න විසදාගැනීම අපේ අරමුණ වියයුතුය.

Saturday, July 29, 2017

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමීකරණය.





ත්‍රිකුණාමලයේ වරායට බටහිර පැත්තෙන් පිහිටි ඉඩම් අක්කර 1000 ක පමණ විහිදී ඇති  තෙල් ටැංකි පද්ධතිය ශ්‍රී ලංකාවේ මේ දිනවල සාකච්චා වල දෙවැනි තැන ගන්නේ හම්බන්තොට වරාය චීන සමගම හා කළමනාකරණය කිරීමට ගිවිසුම් ගැසීමට පමණි. ඇත්තෙන්ම මේ පැරණි තෙල් ටැංකි වලට වඩා ඒවා පිහිටි දේපල කිහිප ගුණයකින් වටිනා බව පටන් ගනිද්දිම බය නැතුව කියන්නට පුළුවන.

ලෝකයේ ඉතාම ගැඹුරු එමෙන්ම විශාල වරායක් අසල ඇති ඕනෑම දෙයක් සාමාන්‍ය තැනක තියෙන දෙපලකට වඩා අධික ලෙස වටිනා බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.

ඒක් දහස් නවසිය විසි ගණන්වල පළමුවන  ලෝක  මහා යුද්දයෙන් පසුව ගොඩනැගීම ඇරඹුණු මෙම ටැංකි පද්ඩතිය එක් දහස් නමසිය තිස් ගණන්වල සාදා අවසන් කෙරින.මෙම ටැංකි පද්ඩතිය මෙතන ස්ථාපිත කිරීමේ අරමුණ වුයේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ආසියානු නෞකා මෙම හොදින් ඉඩ තිබෙන වාරයේ සිට ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා ඉන්දන ගබඩා කිරීමටය.යුද්ද කාලවල මුහුදේ නැව් මගින් තෙල් ගෙනයාම ඉතාමත් දුෂ්කර එමෙන්ම අපහසු කාර්යක් වුයේ සතුරා වාණිජ නැව් වලට පහරදීම නිසාය.
ඇත්තෙන්ම දෙවන ලෝක මහා යුද්දයේදී ඇමෙරිකාව යුද්දයට සම්බන්ධ වීමට එක් හේතුවක්ද ජර්මන් නාවික හමුදාව විසින් වාණිජ නැව් වලට පහර දීම බව කියනු ලැබේ.

එකිනෙකට සම්බන්ධ කර රිවට් එන වලින් පමණක් ගොඩනැගුනු මෙම ටැංකි 102 තුල අංක 100 නොතිබුණු නිසා මුළු ටැංකි ප්‍රමාණය 101ක් වන අතර නොයෙකුත් හේතු නිසා : එයින් එකක් 1942 ජපාන යුද ගුවන් යානයක් අංක අනු එක ගබඩාවට කඩා වැටී එය ගිනි ගැනීමයි, දැන් අලුත් වැඩිය කල හැකි තත්වයේ තිබෙන්නේ 99ක් පමණි. එක් ටැංකියක මෙට්‍රික් ටොන් 12000 ක පරිමාවක් තිබෙන මේ ටැංකි සියල්ලේම දල වශයෙන් තෙල් ටොන් මිලියනයක් පමණ ගබඩා කල හැක. එහෙත් අවුරුදු 100 කට කිට්ටුවට පැරණි මෙම ටැංකි ලොකු අලුත්වැඩියාවන් කිරීමට අවශ්‍ය බව නොකිවමනාය.

මේ ටැංකි දැන් ඉන්දියානු සමාගමක් හා එකතුව අලුත්වැඩියා කර කලමාකරණය කිරීමට රජය කටයුතු කරයි. රටේ කොටසක් මෙයට කැමති වෙති . තවත් කොටසක් අකමැතිය. මගේ මේ බ්ලොග් එකේ අරමුණ මෙම ව්‍යාපෘතිය ඉන්දියාවත් සමග එකතුව සිදුකළහොත් වන වාසි සහ අවාසි පරික්ෂාකර බැලීමය.

මෙම ව්‍යාපෘතිය වාසි සහ අවාසි මුල සිට අගට පරික්ෂාකර බැලුවහොත් එයට වචන බොහෝ ගණනක්; සමහරවිට පොතක් පමණ, වැය  වන නිසා මම මෙය රිවස් ඉන්ජිනියරින්ග් ක්‍රමයකට පරික්ෂ කිරීමට තීරණය කලෙමි. ඒ මෙම ව්‍යාපෘතියේ එක් එක් පරදු දරන්නන් කවුදැයි ලැයිස්තුවක් හදා ඔවුන්ගේ පරදු මොනවාදැයි පරික්ෂා කිරීමයි.

ඉන්දියාව :- කලාප බලවතෙකු ලෙස මෙම කලාපීය වැදගත් වරායට පිටස්තරයෙකු ඇතුළුවීම වැලැක්වීම.
ඉන්දියානු   සමාගම :- ඉන්ධන වෙළද පොලේ මිල වෙනස් වීම් අනුව තෙල් ගබඩා කර ලාබයක් ලබා ගැනීම.

චීනය :- චීනය මෙම ව්‍යාපෘතියට කිසිදිනක උනන්දුවක් දක්වා නොමැත. මෙම වරාය ඉන්දියාව අසලම තිබෙන එකක් නිසාත් එවැනි වරයක ඉන්දියාව වාණිජ ව්‍යාපෘතියක නිරත් වීම ඔවුනට ප්‍රශ්නයක් විය නොහැක. එහෙත් මෙවැනි ව්‍යාපෘතියක් හෝ අවුල් කර ඉන්දියාවට පොඩ්ඩක් රිදවන්නට පුළුවන් නම් ඔවුන් එයින් සුළු සතුටක්  ලබනු නිසැකය.

අපි, ලංකාවේ පොදු ජනයා :- මේ ව්‍යාපෘතිය සිදු වුන හොත් මෙම ටැංකි පද්ධතිය නවීකරණය වී ක්‍රියාත්මක තත්වයට පත්වනු ඇත. ලබන ලාබයෙන්ද කොටසක් රටට එනු ඇත. මෙවැනි ඉන්ධන තොග පවත්වා ගැනීමේ ව්‍යාපාර ඉතාමත් සංකීර්ණ ව්‍යාපාරයන් වෙයි. ලෝක ඉන්ධන මිල වෙනස් වන ආකාරය කෙනෙකුට සිතා ගන්නට පුළුවන් නම් ඔහුට futures හෝ derivatives වැනි වාණිජ උපකරණ යොදාගෙන ඕනෑතරම් මුදල් උපාය ගන්නට පුළුවන. එහෙයින් කවුරු හෝ මෙයට මුදල් යොදවන තැනැත්තාට විශාල අවධානමක් ගන්නේය. අප මුදල් යොදවන්නේ නැති නිසා අප අවධානමක් ගන්නෙම නැත. 

බටහිර රටවල් -  ලංකාවේ තිබෙන ජන විරෝදතා නිසා ඛනිජ නිධි , ප්ලැටිනම් හෝ රත්රන් වලට හැර  ඔවුන් ලංකාව පැත්තක වත් මෙවැනි ආයෝජනයක් සඳහා පැමිණෙන්නේ නැත. ඒ නිසා මේකට කවුරු ආවත් ඔවුනට ප්‍රශ්නයක් නැත.

මෙම ව්‍යාපෘතිය එසේත් නැත්නම් ත්‍රිකුණාමල වරාය, යුද්ධෝපා පිළිබඳව වැදගත් කමක් උසුලන නිසා අපිම මේක තනියම දියුණු කරගත යුතු බවද එසේත් නැත්නම් නිකන් තිබෙන්නට හරිය යුතු යයි කොටසක් කියති. මේ තෙල් පරිමාව වරක්‌ ගබඩා කරන්නට දල වශයෙන් $ බිලියන් 4ක් පමණ ආයෝජනය කල යුතුය. ලොකු අවධානමකුත් තබාගෙන අපට කෙසේවත් එය කල නොහැක. අනෙක මෙම වෙළදපොල උපකරණ යොදාගෙන ව්‍යාපාර කරනුයේ ඇමෙරිකාවේ වෝල් විදියේ ව්‍යාපාරයන්හි වැඩකරන  ලෝකයේ හොදම ගණිත උපාධිදාරින්ය.  (හාවඩ් කේම්බ්‍රිජ් වැනි). වරක් අප මෙවන් ව්‍යාපාරයක් කරන්නට ගොස් කරගත් පාඩුව අපට තාමත් මතකය (hedging)

යුද්ධෝපා පිළිබඳව දැන් සලකා බලමු. ඊයේ උතුරු කොරියාවෙන් බැලිස්ටික් මිසයිලයක් විද එය ජපානය අසල මුහුදට වැටුණි. එය ජපානයේ EEZ එක ඇතුලට වැටුණු බව ජපානය කියා සිටියේය. මේ මිසයිලය ගැලපෙන තලයක විද්දේ නම් එය ඇමෙරිකාවේ චිකාගෝ නගරයට පතිත කරවීමට උතුරු කොරියාවට හැකියාව තිබුණු බව දැන් ඒ විෂය සම්බන්ධ දැනුමැත්තන් පවසති. එසේ නම් උතුරු කොරියාවට ඇමෙරිකාවට පහර දීමට ඕනෑ නම් 1941 ජපානය කලාක් මෙන්  කියූබාවට හෝ හවායි දුපත් වලට යෑමට අවශ්‍ය නැත.ඔවුනට රටේ සිටම වැඩේ කල හැක. 

මෙයින් පෙනෙන්නේ කුමක්ද?  යුධ නැව් සැගවිය හැකි  ලොකු වරායවල් හෝ මහාද්වීප මැද පිහිටි සුවිශේෂී භූගෝලීය ස්ථාන යුධෝපායයන් සඳහා වැදගත් නොවන බවය. තාක්ෂණ යුගය දැන් පැමිණ ඇත්තේය. භූගෝලීය සන්ධිස්ඨාන , හාට්ලන්ඩ් න්‍යාය මෙන්ම මේ යුගයේ වැදගත් නොවන්නේය. එහෙයින් මහා බලවතුන් ත්‍රිකුණාමලය සඳහා පොර කා අපට හරි කරදරයක් වේ යයි අප බිය නොවිය යුතුය,මක්නිසාද ව්‍යාපාරික උනන්දුවක් හැරෙන්නට බලවතුන් කව්රුත් ස්ථාන වලට පොරකෑම දැන් නවතා  ඇති නිසාය.කොලනි ඇතිකර ගෙන බලය ව්‍යාප්ත කර වෙලදාම් කිරීම අවසන් වී බොහෝ කල්ය.

ඒ යුගයේ ජිවත් වන්නට ගියොත් අපිට මේ වලෙන් ගොඩ ඒමක් නම් නැත්තේය.



  

Sunday, July 23, 2017

අභිප්‍රාය සොයා ගැනීම වැදගත්ය.


ඇමෙරිකා එක්සත් ජනපදයේ අපරාධකරුවෙකු වැරදි කරුවෙකු යයි තීරණය කිරීමට පෙර  කරුණු තුනක් ඔප්පු විය යුතුය; ඒ අපරාධය කිරීමට තිබු උවමනාව, එසේත් නැත්නම් අභිප්‍රාය, අපරාධය කිරීමට අවකාශය තිබීම සහ අපරාධය කිරීමට හැකියාවයි. අනිත් කරුණු දෙකම ඔප්පු කලත් අභිප්‍රාය එසේත් නැත්නම් එම අපරාධය කිරීමෙන් අපරාධකරුට ලැබෙන වාසිය ඔප්පු කලේ නැත්නම් විත්තිකරුට ඇති චෝදනාව ඔප්පු වන්නේ නැත.

ඊයේ පෙරේදා යාපනයේදී විනිශ්‍යකරුවෙකුට ආරක්ෂාව දෙමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තැබීමද සිදුවීමට හේතුව පරීක්ෂා කිරීමට ඇති වඩාත්ම සුදුසු ක්‍රමයද එම ඇමෙරිකානු පරික්ෂාව දැයි මට සිතේ. ඒ එම පරික්ෂාව ආපස්සට ඉංජිනේරුකරණය කිරීමෙනි.

ඒ සඳහා අප මුලින්ම මේ සඳහා අභිප්‍රායන් හෝ ලබාගත හැකි වාසි  ලැයිස්තු ගතකර යුතුය. ඉන්පසු මේ අපරාධය සිදුවීමෙන් මෙවැනි වාසි ලැබිය හැක්කේ කුමන කණ්ඩායමකට දැයි අනුමාන කල හැක්කේය. මෙම වෙඩි තැබීම ඊයේ ප්‍රවෘත්ති වලදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක තැන කීවාක් මෙන් බීමත් කණ්ඩායමක් පොලිස් නිලධාරියාගේ ආයුධයම උදුරාගෙන කලේ නම් එය ස්ථානයේදී ඇතිවූ පොර බැදීමකින් වැන්නකින් සිදුවී නම් මේ සියලු පරික්ෂා වලින් වැඩක් නැති බවට අනතුරු ඇගවීමත් මගේ යුතු කමකි.

දැන් මෙම සිද්ධිය කුමන ප්‍රයෝජන ලබාගැනීම උදෙසා සිදුකලේදැයි සැකකළ හැකි ප්‍රයෝජන හෝ motives මොනවාද එක් එක් අභිප්‍රායන් වාසි වන්නේ කාටදැයි බලමු. 

                     වාසිය කුමක්ද: වාසි ලැබිය හැකි කණ්ඩායම්. 

  • යාපනයේ නීතියේ පාලනයක් නොමැති බව පෙන්වීමට - රජයට දැඩි ලෙස විරුද්ධ කණ්ඩායම්, LTTE හිතවාදී පිරිස්. 
  • යම් පුද්ගලයෙක් ඇත්තෙන්ම විනිශ්චයකරු මරාදැමීමට - ප්‍රශ්නය අනුව සිදු කල පුද්ගලයන්. 
  • ඔහුගේ ආරක්ෂකයනට වෙඩි තබා තුවාලකර විනිශ්චයකරු බය කිරීමට - ඔහු භයකර විත්තියට වාසිදැයි තීරණයක් ලබාගත හැකිවේ යැයි සිතන විත්තිකරුට පක්ෂ කණ්ඩායම්. 
  • මේ නඩුව යාපනේ ඇසීම ආරක්ෂක හේතු නිසා නුසුදුසු හෙයින් එය අනුරාධපුරයට හෝ කොළඹ ඇසීමට යොමු කිරීමට- යාපනයට නඩුව සදහා යාමට බිය නඩුවේ පාර්ශව කරුවන්.  
  • මේ විනිසුරු නඩුව ඇසුවහොත් විත්තිකරුට පාඩු සිදුවිය හැකියැයි සිතා ඔහු බයකර ඉවත් කර වෙනත් විනිසුරු වරයෙක් පත්කර ගැනීමට- විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්.  
  • යාපනයේ තවමත් LTTE හස්තයන් ක්‍රියාත්මක වන බව ලෝකයට විශේෂයෙන් ඩයස්පෝරාවට  පෙන්වීමට - LTTE හිතවාදී කණ්ඩායම් සහ ඩයස්පෝරාවෙන් මුදල් එකතු කරන්නන්. 


මේ සියලු හේතු කාරනා මේ අයුරින් තිබියදී නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියූ පරිදි සැකකරුවන් බිමත්ව සිටි බවත් ඔවුන් එක පවුලක සාමාජිකයන් වීමත්, පිස්තෝලය පොලිස් නිලධාරියාගෙන්ම උදුරාගැනිම සත්‍ය නම් ඇත්තෙන්ම වඩාත්ම සිදුවීමට  සම්භාවිතාවයක් ඇත්තේ, අප මුලින් සිතුවාක් මෙන්  එතැනදී ඇතිවූ යම් ක්ෂණික ආරාවුලක් විය හැක. එසේ සැක  කිරීමට කරුණු කිහිපයකි.


  • පිස්තෝලය උදුරගැනිමෙන් පෙනෙන්නේ සැකකරුවන් ආයුධ සන්නද්දව නොසිට ඇති බවය. 
  • මෙවැනි අපරාධයක් කිරීමට හිතාමතා පැමිණියේ නම් බිමත්ව පැමිණීමට ඉඩ අඩුවීම. 
  • විනිසකරුට වෙඩි තැබීමට කිසිම උත්සාහයක් ගෙන නොතිබීම. 

Monday, June 5, 2017

නාය යාමෙන් ජීවිත බේරාගත හැකි නිසැක ක්‍රමය.



අපේ ලංකාවේ නිතරම ගං වතුර ඇති වේ. ඒ බොහෝ ගං වතුර ඇතිවන අවස්ථාවල වැඩිපුර ජීවිත හානි වන්නේ ගං වතුර නිසා නොව අධික වැසි නිසා ඇතිවන නාය යෑම් වලින් බව පෙනේ.  

නාය යෑමක් යනු පස් කන්දක් හෝ ලොකු ගල් පර්වතයක් කඳු සහිත ප්‍රදේශයකින් ඇදවැටීම හෝ පහලට කඩාගෙන යාමය. මෙතෙක් ලෝක ඉතිහාසයේ දරුණුම නාය යෑම සිදු වී ඇත්තේ චීනයේ නින්ග්සියා ප්‍රදේශයේ 1920 දීය. එහිදී මිය ගිය ගණන ලක්ෂයකට අධිකය. ඊලගට 1999 වෙනින්සියුලාවේ වර්ගාස් ප්‍රදේශයේ 30,000 ක් මිය යෑම දෙවෙනි තැනට එයි. මෑතකදීම සිදු වූ මෙවැනි ඛේදවාචකය ඉන්දියාවේ 2013 උත්තරාකාන්ඩ් ප්‍රාන්තයේ 5700 ක් මෙලෙස මිය යාමය. 

දැන් අතුරුදහන් වී ඇතැයි කියන 75 ක් පමණ අපේ ජනයා හා මියගිය 202 න් ගං වතුරෙන් මිය ගිය ගණන 20 ක් පමන වන්නේ යැයි අනුමාන කල හැක්කේය. 250 ක් පමන මිය යන්නට ඇත්තේ නාය යෑම් වලින් බව පෙනී යයි. මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ගං වතුර ක්‍රමයෙන් වැඩි වන්නේ වුවත්, නාය යෑම් ක්ෂණිකව සිදුවන නිසාත් නිවසක් ඇතුලත සිටියදී නිවස නාය ගියහොත් නිවස පසට යටවීමය. 

මේ අනුව බලන විට ගං වතුරෙන් වන හානිය වැඩි වශයෙන් සිදු වන්නේ දේපලවලටය. නායයෑම් වලින් වැඩි හානියක් සිදු වන්නේ ජීවිත වලටය. ගං වතුර වලක්වන්නට නොයෙකුත් ක්‍රම තිබේ. එක් ක්‍රමයක් නම් යම් ජල පහරක ගං වතුර මට්ටමෙන් ඔබ්බට යාමට පෙර ඒ ජලය එම ජල මාර්ගයෙන් ඉවත් කර වෙනත් ජලය අඩු ජල මාර්ගයකට ගෙන යාම ගං වතුර අඩු කිරීමයි.

 ලංකාව වැනි කුඩා එමෙන්ම වර්ෂාපතනය නියමිත කාලයකට ලැබෙන මධ්‍යම කඳුකරයෙන් සියලුම ප්‍රධාන ජල පහර ගලා බසින රටක් භූගෝලීය වශයෙන් මෙවැනි ඉංජිනේරුමය ව්‍යාපෘතියකට සැලසුම් සහගතව භූගෝලීය වශයෙන් නිර්මාණය කර ඇති රටක් වැනිය. තරමක ආයෝජනයක් අවශ්‍ය වුවද මෙවැනි ව්‍යාපෘතියක් කිරීමෙන් ගං වතුර වැලැක්වීමට අමතරව තවත් බොහෝ ප්‍රයෝජන ලබාගත හැක්කේය. අවශය වන්නේ එඩිතර එමෙන්ම ඉංජිනේරුමය දැක්මක් ඇති නායකයෙකුය. 

අනෙක් පැත්තෙන් නාය යෑම වැලැක්වීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් නාය යෑමෙන් සිදුවන ජීවිත හානිය වලක්වා ගැනීම එතරම් අපහසු නැත්තේය. ඒ සදහා කල හැකි එකම ක්‍රියාව නාය යෑමට වැඩියෙන්ම ඉඩ ඇති ස්ථාන තෝරා ගැනීමයි. ඉන්පසු පහත සදහන් පියවර අනුගමනය කලහොත් වසරින් වසර නාය යෑමෙන් මියගිය හැකි මිනිස් ජීවිත ප්‍රමාණය 10%  බැගින් පමණ අඩුකර අවුරුදු 10 ක් පමන වන විට - ඒ කියන්නේ ඊලග ගං වතුරට පෙර නාය යෑමෙන් විපතට පත්විය හැකි ජීවිත ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වාගේ වලක්වා ගන්නට හැකිවනු ඇත. 


  • එක් එක් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශවල වැඩියෙන්ම නාය යෑමට ඉඩ තිබෙන නිවාස 100 ඔවුන් අත ඇති සියලුම තාක්ෂණික හැකියාවන් යොදා මසක් ඇතුලත තෝරා දෙන ලෙසට ඒ සදහා වගකීම ඇති රාජ්‍ය ආයතන වලට නියෝග කිරීම. 
  • එම නිවාස වල අයිතිකරුවන්ට තව මාස හයක් තුල එම නිවාසවලින් ඉවත් වීමට දැනුම් දීම. 
  • නිවාස විස්සේ තට්ටු තුනේ තට්ටු නිවාස පහක් ප්‍රවේශම් තැනක ගොඩ නගා එම නිවාස අයිතිකරුවන්ට ලබාදීම. 
  • පවුල් ඉවත්කල ඉඩම් ඔවුනට ගොවිතැන් කිරීමට ඉඩ දී නිවාස සෑදීමට තහනම් කිරීම. 


මෙලෙස අවුරුදු පතා කිරීමෙන් සෑම අවුරුද්දකම බොහෝ විට නාය යන දිස්ත්‍රික්කවල නාය යාමට වඩාත්ම ඉඩ තිබෙන පවුල් 4000 ක් පමණ එම අනතුරෙන් ඉවත් වේ. මෙලෙස අවුරුදු 10 ක් ගියහොත් සම්පූර්ණ නාය යෑමට ඉඩ තිබෙන නිවාස සියල්ලම පාහේ එම අනතුරෙන් ඉවත් වේ. 

දැන් පිටරට වලින් ලැබෙන්නට තිබෙනවා යැයි නිතරම ටී.වී. වල කියන මුදල් මේ සදහා යෙදවිය හැකිය. ඊයේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඇමරිකාවෙන් මිලියන 350 ක් ලැබෙන බව කියා සිටියේය. ඒ මුදල් සහ අනෙකුත් මුදල් දීමට අකමැති එහෙත් වෙනත් ද්‍රව්‍ය දීමට කැමති මෙම නිවාස ව්‍යාපෘතිය පිලිබඳව හොඳ යෝජනාවක් ලියා ඉදිරිපත් කරන්නේ නම් නිවාස 4000 ක් නොව 10000 ක් වක් සාදා ගැනීමට පුලුවන. 

මේ යෝජනාව කෙනෙකුට ආධාර කරන්නට සිතෙන සේ ඉහල තත්වයකින් ලියා ගත හොත් බිල් සහ මිලින්ඩා ගේට් වැනි පදනමකින් වුවත් ප්‍රධානයක් ලබා ගැනීමට බොහෝ ඉඩ තිබෙන බව මට හොඳටම විශ්වාසය. 


   

Wednesday, May 31, 2017

ලංකාවේ ආපදා කලමනාකරණය ; බස්තියන් පයින් යෑමක්ද?





ලංකාවේ ආපදා ඇතිවීම නිරතුරුවම සිදුවේ. ඒවා කොතරම් සිදු වන්නේද යත් අපට ඒ සදහා කැබිනට් අමාත්‍යවරයෙකුද සිටි. මා හිතන හැටියට ලෝකයේ ආපදා බොහෝ සිදුවන බංගලාදේශය, ඉන්දුනීසියාවේ හෝ ටහිටියේ වත් ආපදා කලමනාකරණයට ඇමතිවරයෙකු පත්කර නොමැත. 

ආපදා කලමනාකරණය යනු ගං වතුරක් පැමිණි විට අමුඩයක් ගසාගෙන එයට පැනීමවත්, කුණු ගොඩක් පෙරලෙන විට එය පෙරලෙන්නට නොදී උරිහ තබාගෙන සිටීමවත් නොවේ.  

ආපදා කලමනාකරණයේ ප්‍රධාන අරමුණක් විය යුත්තේ ආපදාවක් සිදු වන්නට නොදී නවතා ගැනීමය. උදාහරණයක් වශයෙන් පසුගිය දිනක කළුතර සිදු වූ බෝට්ටු අනතුර ගත හැක. මෙතනදී මේ බෝට්ටු පෙරහැර සෑම වසරකම සිදුවන්නක් නම් ආපදා කලමනාකරනයේ යෙදෙන්නන් විසින් සිදුකල යුතුව තිබුනේ,


  1. බෝට්ටුවට ආරක්ෂා සහිතව රැගෙන යා හැකි ප්‍රමාණයක් පෙර නිර්නය කර ඊට වඩා ගෙන නොයාමට කටයුතු කිරීම. 
  2. එම බෝට්ටු වල ඒ යන පිරිස් වලට අවශ්‍ය ප්‍රමාණයේ ආරෂිත උපකරණ තිබෙනවා දැයි සහතික කිරීම. 
  3. එම බෝට්ටු පදවන්නන්ට ඒවා පැදවීමේ හැකියාවක් සහ පුහුණුවක් තිබේදැයි පරීක්ෂා කර බැලීම. 


වැනි දෑ සිදුකර ආපදාවක් සිදු වන්නනට තිබෙන ඉඩකඩ හැකි තරම් අඩු කිරීමයි. 

එහෙත් සමහර ආපදාවන්, විශේසයෙන්ම ස්වාභාවික ආපදා වැලැක්වීම ප්‍රායෝගික නොවේ. ගිනි කඳු පිපිරීම්, භූ චලන, ජල ගැලීම් සහ නාය යෑම් වැනි උපද්‍රව මේ ගණයට අයත්ය. මේවායින් අපට බොහෝ විට බලපාන්නේ - මීතොටමුල්ල වැනි අපිම හදාගත් ඒවා නොවන්නට ගං වතුර සහ නාය යෑම්ය. මෙයින් ගං වතුර ඇත්තෙන්ම නොයෙකුත් ඉංජිනේරු ක්‍රම යොදා වලක්වා ගැනීමට පුලුවන. වැස්ස වැඩි වී උතුරන ගඟක් රටේ එක් පැත්තක තිබෙනවා නම් රටේ තවත් පැත්තක වැස්ස අඩු නිසා සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා ජල පරිමාව අඩු ගඟක් තිබේ නම්, මෙය සෘතුමය ආකාරයට සිදු වන්නේ නම් ජලය වැඩි ගංඟාවෙන් ජලය අඩු ගංඟාවට ගුරුත්ව බලයෙන් ජලය ගෙන යා හැකි ඉංජිනේරුමය ක්‍රමයක් ඇති කිරිම මෙයින් එක් ක්‍රමයකි. 

එහෙත් මෙවැනි ක්‍රම සදහා විශාල ආයෝජනයක් අවශයයයි. ඒ ආයෝජනයටත් වඩා එඩිතර, නිර්මාණශීලී එමෙන්ම දුර දක්නා නායකත්වයක් තිබිය යුතුය. හැම දෙනාම සතුටු කරන්නට උත්සාහ කරන නායකයන්ට මෙවැනි දේ කිරිමට හිත හදා ගැනීමටවත් නොහැකිය. ලී ක්වාන් යූ එසේත් නැත්නම් අඩු තරමින් මහාතීර් මොහොමඩ් වැනි වූ නායකයෙකුවත් සිටිය යුතුය. ලංකාවේ නම් මෙතෙක් සිටි නායකයන් ගෙන් එවැන්නක් හිතන්නටවත් පුලුවන්. ඩී.එස්. සේනානායක හෝ ගාමිණී දිසානායක වැන්නන්ය. 

පසු ආපදා කලමනාකරණය මෙයට වෙනස්ය. ගං වතුර හෝ නාය යාම් සිදු වූ පසු එයින් අසරණ භාවයට පත්වන පුරවැසියනට සහන කටයුතු සිදු කිරීම හා හැකි තරම් ඉක්මනට ඔවුන් පෙර සිටි තත්වයට පත් කිරීම ආපදාවේ මෙම අදියරේ ප්‍රධානතම පරමාර්ථය විය යුතුය. මෙම කාලයේ බොහෝ දෙන සිදු වූ අපදාව හා ඉන් ඇති වූ නොයෙකුත් මිනිස් පීඩා නිසා ව්‍යාකූල තත්වයට පත්වේ. එකිනෙකාට වැරදි පැටවීම ආපදා කලමනාකරණය නිසි අයුරින් ඉටු නොවන්නේ යැයි චෝදනා එල්ල කිරීම සහ තමන් හැකි පමණින් ආපදාවන්ට ගොදුරු වූවන්ට සහන සැලසීමට උත්සාහ කිරීම වැනි දෑ සිදු වන්නට පටන් ගනී. 

ඇත්තෙන්ම මේ අවස්ථාවේ මේ කිසිදේකින් නොසැලී සම්පූර්ණ ආපදා කලමනාකරණයම ඉටුකල හැකි යාන්ත්‍රණයක් අප සතුව තිබේ. ඒ අපේ ත්‍රිවිධ හමුදාවන් වෙති. ඒවායේ සාමාජිකයෝ නොයෙකුත් ආකාරයේ නොයෙකුත් රටවල මෙවැනි අවස්ථාවන් වලට මුහුණදීම සදහා පුහුණුවක් ලබා ඇත්තෝය. 

 සංග්‍රාම විද්‍යාව පුහුණුවන විට යුද්ධයෙහි මූල ධර්ම දහයක් මුල් කරගෙන එම අභ්‍යාසයන් කරනු ලබයි. 

  1.  අරමුණෙහි සිටීම.
  2. කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ උදව් උපකාර කර ගැනීම. 
  3. ඉක්මනින් වෙනස්වීමේ හැකියාව.
  4. ධනාත්මක චින්තනය පවත්වා ගැනීම.
  5. මෙහෙයුම්වල ආරක්ෂාව.
  6. සතුරා පුදුමයට පත් කිරීම.
  7. අවශ්‍ය තැනට තමාගේ බලය යෙදවීම.
  8. වඩාත්ම කාර්යක්ෂම ලෙස මෙහෙයුම් කටයුතු සිදු කිරීම.
  9. මෙහෙයුම් නොකඩවා පවත්වා ගැනීමේ හැකියාව.
  10. ආක්‍රමනික හෝ ධනාත්මක ලෙස මෙහෙයුම් කිරීම.

  

මෙම මූල ධර්ම මත පුහුණු වූ සංවිධානයක් ආපදා කලමනාකරණයට වෙසෙසින්ම නිර්මාණය කරන ලද්දක් ලෙස පෙනේ. ඇත්තෙන්ම  තොරතුරු එකතු කිරීමද මෙයට ඉතා වැදගත්ය. හමුදාවල බුද්ධි යන වචනය පාවිච්චි කලද intelligence යන වචනයේ තේරුම පාවිච්චි කල හැකි තොරතුරු යන්නයි. පසු ආපදා කලමනාකරණයේදී ප්‍රධානතම අවශ්‍යතාවයක් වනුයේ පාවිච්චි කල හැකි තොරතුරුය. හමුදා සාමාජිකයන් මේ සදහාද හොදින් පුහුණු කර තිබේ. 

මෙයට අමතරව ත්‍රිවිධ හමුදා සතුව මෙවැනි අවස්ථාවලට මුහුණදීම සදහා අවශ්‍ය තරම් උපකරණ තිබේ. විශේෂයෙන්ම අවුරුදු 30 ක දරුණු යුද්ධයකින් පසු එකතුවී ඇති ආම්පන්න සහ උපකරණ ඕනෑම රටක කුඩා හමුදාවකට ඊර්ෂියා උපදවන තරම්ය. මෙවැනි ත්‍රිවිධ හමුදාවක් මෙවැනි ආපදා කලමනාකරණයන් සිදු කරන්නට හොඳම සංවිධානය නොවන්නේ කෙසේද? පුහුණුව, නායකත්වය, උපකරණ සම්පාදනය සහ ගැලපීම ඉහටත් උඩින්ය. එහෙත් එම හමුදා මෙවැනි අවස්ථාවක යෙදවිම මිට වඩා මනා සංවිධානයකින් කල යුතුව ඇත්තේය.

උදාහරණයකට මෙවර ගං වතුනේ හා නාය යෑමෙන් ප්‍රධාන වශයෙන් විපතට පත්වූයේ රත්නපුර, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කයන්ය. කොළඹ මෙවර එතරම් අපහසුතාවයට මුහුණ දුන්නේ නැති වුවද කොළඹත් මේ කණ්ඩායමට ඇතුලත් විය යුතුය.

මා යෝජනා කරන්නේ මෙම දිස්ත්‍රික්ක පහ ත්‍රිවිධ හමුදා හතරේ ආපදා කලමනාකරණය සදහා බෙදා දීමයි. කොළඹ සහ කළුතර නාවික හමුදාවටද, රත්නපුර සහ මාතර යුධ හමුදාවටද, ගාල්ල ගුවන් හමුදාවටද, ලබා දීම සුදුසු වන්නේ එම හමුදාවල ප්‍රධාන පහසුකම් එම දිස්ත්‍රික්කවල තිබීම සදහා සලකා බලාය.

එම හමුදාවනට මෙම දිස්ත්‍රික්ක සදහා සම්බන්ධීකරණ නිලධාරියෙකු පත් කල හැකිය. මෙවැනි ආපදා සිදුවන්නේ කලාතුරකින් බැවින් එම නිලධාරීන් එම දිස්ත්‍රික්කයේම සිටීම අත්‍යවශය නොවේ. උදාහරණයක් වශයෙන් නාවික හමුදාවේ බටහිර ආඥාපතිවරයා කොළඹ දිස්ත්‍රික්කයටද, දකුණේ ආඥාපතිවරයා කළුතර දිස්ත්‍රික්කයටද, යෙදවිය හැක. ඔවුනට තමන්ගේ දිස්ත්‍රික්කයේ තොරතුරු එක්රැස් කරමින් සන්නිවේදන ජාලයන් ගොඩනගමින් සම්මන්ත්‍රණ සහ සාකච්ඡා පවත්වමින් ආපදාවක් සිදු වූ විට එයට කෙසේ මුහුණ දෙන්නේ දැයි සැලසුම් සකස්කර කලින් කල පුහුණුවීම් සහ පෙර පුහුණු පවත්වමින් ආපදාවන්ට මුහුණදීමට සූදානම් විය හැක.

මෙවැනි සංවිධානයක් ඇති කිරීමෙන් පහත ප්‍රයෝජන ලබා ගැනීමට පුලුවන.

  1. ආපදාව පටන් ගන්නා විටම එයට මුහුණදීමේ ක්‍රියාකාරකමද පටන් ගනී.
  2. ආපදා කලමනාකරණ ක්‍රියාවලිය මනා සංවිධානයකින් පවත්වාගෙන යාමට එක් ස්ථානයකින් ක්‍රියාත්මක වෙයි.
  3. සෑම සියලු ක්‍රියාවක්ම එක් ස්ථානයකින් සම්බන්ධිකරණය වේ.  
  4. බොහෝ දෙනෙකු එකම දෙය කරන්නට යන්නේ නැත. එමනිසා නාස්තිය අඩුවේ.
  5. මුලු දිස්ත්‍රික්කයේම ක්‍රියාකාරකම් වලට වග කියන්නේ එක් පුද්ගලයෙකි.
  6. පිටතින් එන උපකාර හා ආධාර ප්‍රදේශය ගැන දන්නා එක් පුද්ගලයෙකු මගින් සම්බන්ධීකරණය වේ.
  7. ආපදාවට ලක්වන නොයෙකුත් ප්‍රදේශවල පුද්ගලයන් ගං වතුරකදී එකතුවිය යුත්තේ කොතැනකද? එම ස්ථානයේ සිටින රජයේ නිලධාරියා කවුද? ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේද? යන සියලු දත්ත දිස්ත්‍රික් සංවරධන නිලධාරියා ලග තිබේ.
  8. දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම පසු ආපදා කලමනාකරණයට යොදා ගත හැකි සම්පත් පිලිබඳ විස්තර එක් තැනක තිබේ.
  9. ආපදාවට ලක් වූවන්ට උදව් කිරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට සම්බන්ධීකරණ කාර්යාලය හා සාකච්ඡා කර ක්‍රියාත්මක විය හැකිය.
  10. තම තමන්ගේ දිස්ත්‍රික්කයේ ආපදා කලමනාකරණය හොදින්ම කිරිමට ඇති උනන්දුව නිසා එම සම්බන්ධීකරන නිලධාරීන් අතර සෞඛ්‍ය සම්පන්න තරඟයක් ඇති වීම.  
  11. දත්ත ගබඩාවක්  ස්ථාපිත වීම - මෙය තුල ගං වතුරට යටවීමට ඉඩතිබෙන ගම් , ඒවායේ ජිවත්වන ප්‍රමාණයන් , එම ගමෙහි ඇති ජනතාවට ප්‍රවේශමෙන් සිටිය හැකි  උස් ස්ථාන , එම ස්ථානයන්ට ගමන් කල හැකි ආකාරයන් , එහි කටයුතු සම්බන්ධීකරණය කල හැකි කෙනෙකුගේ දුරකථන අංක යනාදිය තිබිය යුතුය. එවිට ගං වතුරෙන් වතුරට රෝදය නැවත නැවත සොයාගන්නේ නැතිව එක්වරම වැඩට බැසිය හැක.
  12. රජයට ජනතාවගෙන් අකාර්යක්ෂම යැයි බැනුම් නොඅසා සිටිය හැකි වීම- ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ කාර්‍යබාරය නීති සම්පාදනය කිරීමය. නීති සැදීම යනු මෙවැනි දෑ සංවිධානය කර පිහිටවිමය. ඉන්පසු එම කටයුතු හොදින් සිදුවන්නේදැයි පරීක්ෂාවෙන් සිටීමය. එලෙස කටයුතු සිදුවන්නේ නම් ජනතාව ඇමතිවරයා කොහේ සිටින්නේද අගමැතිවරයා කොහේ යන්නේද සොයා බැලීමට අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. 
මේවාට අමතරව තවත් බොහෝ ප්‍රයෝජන මෙවැනි යෝජිත දිස්ත්‍රික් සම්බන්ධීකරණ ක්‍රමවේදයකින් ලබාගත හැක්කේය. මෙවැනි ක්‍රමවේදයක් ඇති කිරීමට සමහර විට ප්‍රාදේශීය දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් අතර යම් අකමැත්තක් ඇති වන්නට ඉඩ තිබේ. ඒ නිලධාරීන්ගේ හා දේශපාලඥයින්ගේ ප්‍රදේශයේ බලයේ ඛාදනයක් ඇතිවේදැයි යන සැකය ඉස්මතු වීමයි. නමුත් එවැනි සුලු බල අරගල වලට වඩා අප සියලු දෙන උත්සුක විය යුත්තේ මෙවැනි ආපදා අවස්ථාවක එහි කෘරත්වයට මුහුණ දුන් ජනතාවට හැකි උපරිම අයුරින් උදව් කර ඔවුන්ගේ ජීවිත යතා තත්වයට පත් කිරිමයි.

එසේ කිරීමට නම් අපි මේ සදහා අප සතුව ඇති හොඳම අවිය මුලු බලයම යොදා යෙදවිය යුත්තේය.      

Tuesday, April 11, 2017

උතුරු කොරියාව; ප්‍රශ්නය විසදෙන්නේ කෙසේද?




උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ඨික අවි බලය ලබා ගැනීමට කරන උත්සාහය (න්‍යෂ්ඨක මිසයිල උණ්ඩ)  නිසා දැන් එරට මුලු ලෝකයේම අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම මෙම අනතුරුදායක තත්වය කරුණු කිහිපයක් නිසා අපටද ඉතා වැදගත්ය. 


  1. කොරියාව ආසියාතික රටක් වීම. 
  2. න්‍යෂ්ඨික අවි උතුරු කොරියාව වැනි ඒකාධිපති රාජ්‍යයකින් නිපදවා ගතහොත් මුලු ලෝකයේම ආරක්ෂාව බිඳ වැටීමේ අවදානම. 
  3. කොරියාවේ රුසියාව සහ චීනය සමග ඇති දේශ සීමා. 
  4. උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා වන දකුණු කොරියාවේ ශ්‍රී ලංකාවේ තරුණයන් දහස් ලණනක් රැකියාවේ යෙදීම. 



පැරණි එමෙන්ම බලගතු රාජ්‍යයක් වූ කොරියාව පසුගිය ශතවර්ෂ දෙකේදී නොයෙකුත් අසල්වැසි බලගතු රාජ්‍යයන්ගේ ආක්‍රමණයන්ට යටත් විය. විශේෂයෙන්ම චීනය, රුසියාව කොරියාවේ යම් යම් ප්‍රදේශ වරින් වර අල්ලා ගනිමින් කොරියාව පාලනය කලේය. 1910 දී ජපානය විසින් කොරියාව යටත් කර ගන්නා ලද අතර, මිලියන් ගණනක් කොරියානු ජාතිකයින් ජපානය අධිරාජ්‍ය විසින් හමුදාවට සහ කම්කරුවන් වශයෙන් යුධ සමයේදී යොදා ගන්නා ලදි. එම යුද්ධයේදී ජපානයෙන් පිටත යුධ පෙරමුනුවල බොහෝ කලක් යුධ කල සොල්දාදුවන්ගේ සතුට සදහා  කොරියානු තරුණියන් බලෙන් යැවීමද මෙහි කොටසක් විය. (comfort women)

1945 ජපානය යුද්ධයෙන් පැරදී යටත් වූ පසු උතුරු කොරියාව රුසියාව යටතටද, දකුණු කොරියාව ඇමරිකාව යටතටද පත්විය. මෙහි දේශ සීමාව වූයේ එකල තාවකාලිකව එකඟතාවයක් ඇතිකර ගත් 38 වෙනි දේශාංශය හෙවත් 38 වෙනි සමාන්තරයය. කොරියානු අර්ධද්වීපයේ උතුරු පැත්තේ සෝවියට් වර්ගයේ රජයත් බිහිවුනු අතර, දකුණු පැත්තේ බටහිර වර්ගයේ රජයක් බිහිවිය. මෙම රාජ්‍යයන් දෙක අතර 1950 යුද්ධයක් ඇතිවුනු අතර, දකුණු කොරියාවට ඇමරිකාවද උතුරු කොරියාවට චීනයේ සහ රුසියාවේද උදව් ලැබිණ. අවුරුදු තුනක් පැවති මෙම යුද්ධයෙන් මිලියනයක් පමණ මිය ගිය බව පැවසේ. 

මෙම යුද්ධයෙන් පසු දකුණු කොරියාව සීඝ්‍ර දියුණුවක් ලබා ගත්තේය. උදාහරණයක් වශයෙන් 1957 දී ඒක පුද්ගල ආදායම ඝානාවට වඩා අඩු වූ දකුණු කොරියාව 2008 වන විට ඝානාවේ ඒක පුද්ගල ආදායම මෙන් දාහත් ගුනයකින් වැඩිවිය. මේ අතර උතුරු කොරියාව කොමියුනිස්ට් රාජ්‍යයක් පවත්වා ගනිමින් එක තැන පල්වෙන ආර්ථිකයකට මුහුන දුන්නේය. එහි ඒක පුද්ගල ආදායම ඩොලර් 1800 කි. දකුණු කොරියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 38000 කි. උතුරු කොරියාව මෙන් 21 ගුනයකි. සන්සන්දනයක් සදහා දකුණු කොරියානු ඒක පුද්ගල ආදායම ලංකාවේ මෙන් 3.65 කි.

දකුණු කොරියාවේ භූමිය වර්ග කිලෝ මීටර් 10,0000 වන අතර එහි ජනගහනය මිලියන් 51.5 කි. මේ අතර උතුරු කොරියාවේ භූමිය වර්ග කිලෝ මීටර් 120,000 ක් වන අතර ජනගහනය මිලියන් 25 ක් පමණ වෙයි. එකතු වුවහොත් මිලියන 75 සහ 220000 වෙයි. 

මේ පසුබිම යටතේ දැන් අපි උතුරු කොරියාවේ මිසයිල සහ න්‍යෂ්ඨික අවි ප්‍රශ්නය සලකා බලමු. ඒ සදහා අප වැනි ලෝකයේ සාමාන්‍ය රාජ්‍යයන් මෙන් නොව මෙම ප්‍රශ්නයෙන් කෙලින්ම බලපෑම් ඇතිවිය හැකි පරදු දරනා රටවල් මොනවාදැයි බලමු. 

චීනය - ලෝක බලවතකු යැයි සැලකෙන උතුරු කොරියාවේ දේශ සීමාවේ තිබෙන චීනයට උතුරු කොරියාව කුඩු පාවිච්චියට පුරුදුව සිටින ඉමහත් කරදර කාරි හිතුවක්කාර දරුවෙකු වැනිය. චීනයේ උදව්වෙන් සහ ඒ සමග වෙළඳාමෙන් ජීවත්වෙන උතුරු කොරියාව චීනයේ උදව් නොමැති වුවහොත් බංකලොත් වෙයි. එසේ බංකලොත් වී ජර්මනියේ සිදුවූවාක් මෙන් කොරියාවන් දෙක එකක් වුවහොත් ඉතා බලගතු එමෙන්ම බටහිරට හිතැති විශාල රාජ්‍යය චීනයේ දේශ සීමාවේම ඇතිවේ. චීනය මෙයට කැමති නැත. 

එසේම උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි ලබාගත හොත් ඉන්පසු චීනයටවත් උතුරු කොරියාව පාලනය කරගත නොහැකි බව චීනය දනී. ඔවුන්ට න්‍යෂ්ඨික අවි තාක්ෂණය තිබුනත් එය මිසයිල වලට යොදා ගැනීමට තාක්ෂණය මෙතෙක් නොමැති බව විශේෂඥයන්ගේ අදහසයි.  එහෙත් ඔවුනට ආර්ථික උදව් නවත්වා දුර්වල කරන්නට ගිය හොත් ඔවුන් බංකලොත් වී දකුණු කොරියාව හා එක්වුවහොත් මුල් ප්‍රශ්නය ඇතිවෙයි. චීනය මේ නිසා මුහුණ දෙන්නේ මග සිටියොත් තා නසී ගෙදර ගියොත් අඹු නසී තත්වයකටය. 

එක්සත් ජනපදය සහ බටහිර රාජ්‍යයන් - උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි සහ අන්තර් මහත් ද්වීපික බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීම ඇමරිකාවේ අංක එකේ තර්ජනය බවට පත්වේ. ඔවුනට මේ යන ලෙසට න්‍යෂ්ඨික අවි දියුණු කර ගැනීමට තව අවුරුදු තුනක් පමණ ගතවේයැයි විශේෂඥයින් කීවද ඒ මත රැදෙන්නටද අපහසුය. කිම් ජොන් උන් වැනි කිසිසේ්ත්ම විශ්වාස කල නොහැකි පුද්ගලයෙකුට ඇමරිකාවේ නගරවලට කෙලින්ම න්‍යෂ්ඨික මිසයිල යැවිය හැකි බලයක් ලැබීම ඇමරිකාවට මෙතෙක් කලක් ඇති වූ නපුරුම හීනය වන බවට කිසිම නොඅනුමානයක් නැත්තේය. 

ඉන් පෙර යමක් කල යුතුය. ඒ සදහා ඔවුන්ගේ ලොකුම බලාපොරොත්තුව චීනයයි. ඒ චීනය සතු උතුරු කොරියාවට බලකල හැකි ලීවරය ඒ සදහා පාවිච්චි කිරිමයි. චීනය මේ සදහා ඇමරිකාවත් සමග එකතුව කටයුතු කිරිමට බොහෝ ඉඩ තිබෙන බව පොනේ. එහෙත් කොරියානු අර්ධද්වීපය එක කොරියාවක් වනවාට චීනය එකග නොවන නිසා න්‍යෂ්ඨික අවි ප්‍රයත්නය නැවැත්වීමට චීනය වෙනත් ක්‍රමයක් සොයනු ඇත.
 කොරියාව පැත්තට යන යුධ නැව් බොහෝ විට යවන්නට ඇත්තේ, වරෙක කීසිංජර් ඉන්දියානු සාගරය ගැන කිව්වාක් මෙන් අවිනිශ්චිතතාවයක් ඇති කිරිම සදහා විය යුතුය.

දකුණු කොරියාව  - දකුණු කොරියාව කලක සිටම උත්සාහ කරන්නේ කැඩුනු කොරියාවන් දෙක එකතු කර එක් බලගතු කොරියාවක් සාදා ගැනීමටය. එසේ එකතු වුවහොත් කොරියාව ජපානය හා සමාන බලගතු ආර්ථිකයක් බවට දියුණු වීමට හැකි වනු ඇත. විශේෂයෙන්ම උතුරු කොරියාව නිසා ආරක්ෂාවට කරන වියදම්ද ඔවුනට බොහෝ දුරට කපා හැරීමට ඉඩ ලැබෙනු ඇත.  

ජපානය - ජපානය සහ කොරියාව බොහෝ කලක සිට සතුරන් වුවද දැන් දකුණු කොරියාව සහ ජපානය ඇමරිකාවේ සඟයන් වෙති. එම රටවල් දෙකේම ඇමරිකානු හමුදා සේනාංක ස්ථාන ගතකර ඇත. කොරියාවන් එකතු වී බලගතු කොරියාවක් බිහිවීමට ජපානය එතරම් කැමැත්තක් නොවූවද උතුරු කොරියාවට න්‍යෂ්ඨික අවි ලැබෙනවාට වඩා ඔවුනට එය බොහෝ ප්‍රිය ජනක විය යුතුය. 

රුසියාව - උතුරු කොරියාව ඇමරිකාවට කරදරයක් ලෙසට මේ තත්වයෙන් තිබීම පිළිබඳව රුසියාව සතුටු විය යුතුය. එහෙත් ඔවුන්ද න්‍යාෂ්ඨික අවි දරන උතුරු කොරියාවකට කැමැත්තක් තිබිය නොහැක. උතුරු කොරියාව න්‍යාෂ්ඨික අවි අසලට පැමිනෙන්නේ නම් ඔවුන්ද එය නැවැත්වීමට ඇමරිකාවට උදව් කරනු ඇත. 

මුලු ලෝකයම - කොරියාවන් දෙකම එකට එකතු වී එක් බලගතු ආර්ථිකයක් සෑදී දැන් උතුරු කොරියාවේ ජල ජාතික නිෂ්පාදනය වන ඩොලර් බිලියන 1520 දෙගුනයක් වුවහොත් එය බිලියන 3000 ත් එහා යනු ඇත. මෙය ලෝක ආර්ථිකයේ දළ නිෂ්පාදනයේ 2% පමණ දැනෙන වැඩිවීමකි. 

මේ අනුව සියලු පරදු දරන්නන්ගේ විශේෂයෙන්ම චීනයේ අවශ්‍යතා සහ සීමාවන් බැලූ විට උතුරු කොරියාවේ න්‍යෂ්ඨික ප්‍රයත්නය නැවැත්විය යුතුය. එහෙත් එම රට බංකලොත් වීමට තරම් දුර්වල කලයුතු නොවේ. එසේ නම් බොහෝ විට සිදුවන්නට ඉඩ ඇත්තේ චීනය විසින් දැනට පවත්වාගෙන යන උතුරු කොරියානු ප්‍රතිපත්ති වෙනස් නොකරන එහෙත් න්‍යෂ්ඨික අවි උමතුව නොමැති චීනයට ගැති නායකයෙකු පත්කර ගැනීමයි. 
    

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...