ලංකාවට දකුණෙන් ඇති මුහුදේ නිල් තල්මසුන් ,වෙනත් මුහුදු ජීවීන්ට සහ වෙරළට කිට්ටුව ීවර යාත්‍රාවලට අනතුරු වන නිසා ලංකාව කිට්ටුවෙන් වැටී තිබෙන අන්තර්ජාතික මුහුදු ගමන් මාර්ගය මුහුදු සැතපුම් 15කින් පමණ දැන් පවතින මුහුදු මාර්ගයෙන් දකුණට ගෙන යාමට යෝජනාවක් අන්තර්ජාතික maritime සංවිධානය අධ්‍යයනය කරමින් සිටී.
මෙම යෝජනාව දැන් සෑහෙන කලක සිට නොයෙකුත් සංවිධාන වලින් ඉදිරිපත් කරන ලද්දක් වන අතර එවැනි තීරණ ගැනීමේදී ඉක්මනට ඉරන වලට නොපැමිණ සියලු කෝණයන් සලකා බලා තීරණ ගැනීම අන්තර්ජාතික සංවිධානයන්ගේ සිරිතයි. මෙම යෝජනාව ද මේ අවුරුද්දේ තීරණයක් ගැනීමට බොහෝදුරට ඉඩකඩ තිබෙන බව පෙනේ.
මෙලෙස මුහුදු මාර්ගය රටෙන් ටිකක් දුරස් වීමෙන් අපට බොහෝ පාඩු සිදුවිය හැකි යැයි පැවසෙන ්‍රවෘත්ති විශ්ලේෂණයක් මම මේ ලඟකදී රූපවාහිනී නාලිකාවක ්‍රවෘත්තියක් තුළින් දුටුවෙමි.
ඇත්තෙන්ම එය තරමක් දුරට දකුණට ගෙන යාමෙන් අපිට පාඩුවක් සිදුවිය හැකිද?. මම මේ පිළිබඳව තරමක් සොයා බලන්නට සිතුවෙමි
1914 වසරේ ඇමරිකාවේ දී වානිජ ගුවන් ගමන් පටන් ගන්නා තෙක් ලෝකය සෑම තැනකම මිනිසුන් රටින් රටට ගමන් කළේ ඒ රටවල් යාබදව පිහිටියේ නැත්නම් මුහුදු මාර්ග වලිනි.. තවත් බොහෝ කලක් යනතෙක් ලෝක සංචාරයන් සිදුකෙරුණේ මගී නෞකා වලිනි. 1922 වසරේ අයින්ස්ටයින් විද්‍යාඥයා ලංකාවට පැමිණියේත් ජපානයට යන අතරමඟ කොළඹ වරායට ඔහුගෙන් නැව පැමිණි අවස්ථාවේ ය.
එංගලන්තෙ සිට ඕස්ට්‍රේලියාවට එසේත් නැත්නම් අනික් පැත්තට යන ක්‍රිකට් කණ්ඩායම් පවා එකල යායුතු වූයේ ලංකාව හරහා ය. මෙම නෞකා ඉන්ධන සඳහා යොදා ගත්තේ ගල් අඟුරු වූ අතර මුළු ගමනටම ගල්අඟුරු පුරවාගෙන ගියොත් නැවේ වෙන දෙයක් ගෙන යාමට නොහැකි වන නිසා එසේ ගල් අඟුරු අතරමඟ පහසු වරාය කදී ලබා ගැනීම ම නෞකා වල සාමාන්‍ය චර්යාව විය.
කොළඹ සහ ගාල්ල ම ගල් අඟුරු ලබා ගැනීම සඳහා ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් වූ අතර ඇමරිකාවේ සිට ජපානයට ගිය පළමුවෙනි යුද නෞකාව ගමන අතරමගදී ගල් අඟුරු ලබා ගත්තේ ද ගාල්ලේ නි.
ගුවන් ගමන් වාණිජ වශයෙන් ස්ථාපිත වූ පසු මෙම ෞකා වලින් ගමන් කිරීමේ අවශ්‍යතාවය නොමැති වූ අතර දැන් නෞකා වල අතිශය බහුතරයක් මගීන් ගමන් කරන්නේ විනෝදය සඳහා පමණි.
දැන් ගල්අඟුරු ලබාගන්නට නෞකා කොළඹට හෝ ගාල්ලට එන්නේ නැත, ඒමට අවශ්‍යතාවයක්ද නැත.
වර්තමානයේ ලංකාව අසළින් මේ අප කතා කරන්න මුහුදු මාර්ගයේ මැව් කොපමණ ගමන් කරනවාද, එම ැව් ප්‍රමාණය විශාල තෙල් ගෙනියන නැව් 4500 කුත් ඇතුළුව වසරකට 40000 පමණ වන බව ගණන් බලා ඇත. ඒ කියන්නේ දවසකට සීයකට තරමක් වැඩියෙනි.
මේ නැව් 40 දාහෙන් ලංකාවට එන්නේ නැව් කීයක් පමණ ද. එම ප්‍රමාණය 2021 වසරේ තුන්දාස් 3675 ක් විය. එම නෞකා කොහොමටත් කොළඹ වරායට පැමිණෙන බැවින් ඇත්තෙන්ම අප බැලිය යුත්තේ ඉතිරි නැව් තිස්හයදාහට සඳහා යම් සේවාවක් ලබා දී අපට යම් විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි දැයි බැලීම ය.
එලෙසම දැන් මේ යෝජනා වෙමින් පවතින මුහුදු මාර්ගයේ අපෙන් තරමක් ඈත් කිරීම අපට එසේ අනෙක් නැව්වලින් ආදායමක් ලබා ගැනීමට කොතරම් දුරට බාධාවක් වේදැයි බැලීම ය. ඉතිරි කොටස හෙට හෝ අනිද්දා
No comments:
Post a Comment