Sunday, November 30, 2025

නවතා තිබූ රජයේ වාහන ගංවතුරට අසුවීම

 ඊයේ ප්‍රවෘත්තිවලට ේරාදෙණිය ප්‍රදේශයේ ගංවතුරට අසු වූ වටිනා රජයේ වාහන කිහිපයක් සෑහෙන දුරට විනාශ වී තිබෙන දර්ශනයක් දුටුවෙමි. 


මේ තරම් ගංවතුර තර්ජනයක් තියෙද්දි රජයෙන්ම එය පැහැදිලිවම පුරෝකතනය කරද්දී රජයේ දේපළ මෙලෙස විනාශ වන්නට හැරීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි. 


ජල මට්ටම් ක්‍රමයෙන් වැඩිවන විට වත් මේවා වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට කටයුතු නොකලේ මන්ද 


මෙවැනි අවස්ථාවන් සඳහා මුහුණ දෙන ආකාරය සඳහා රජයේ SOP (standard operating procedure) නොමැත්තේ ද? 


එසේ නොමැත්තේ නම් අනාගතයේදීවත් රටේ හදිසියේ සිදුවිය හැකි ්‍යසනයන අවස්ථාවන්හිදී රාජ්‍ය දේපළ ආරක්ෂා කර ගැනීම පිළිබඳව sop දැන්වත් සාදා තබා ගැනීම ඉතාම වැදගත් යැයි සිතේ. 

Sunday, November 23, 2025

Kadugannawa

 කලකට පෙර සටනේ දිවි පූජා කළ හමුදා සමාජිකයන්ගේ දරුවන්ට ිෂ්‍යත්ව දීමේ උත්සවයකට නාවික හමුදාව වෙනුවෙන් මම සහභාගි වුණෙමි. මේ උත්සවයේ ප්‍රධාන අමුත්තා  ලෙස පැමිණ සිටියේ ජනරාල් සිරිල් රණතුංග මහතාය. ඔහු එදින සභාව අමතද්දී කඳුළු සැලෙනූ මට මතකය.


උත්සවය අවසානයේ තේ පැන් සංග්‍රහයේ දී ඔහු මාත් සමග  කඩුගන්නාව ගැන  යම් අත්දැකීමක් කීවේය.  කඩුගන්නාව යම් හේතුවක් නිසා එතනට මාතෘකාවක් වන්නට ඇත. 

කඩුගන්නාවේ කඩවල් බොහෝ ගණනක් එකල පාරේ තිබුනේ බෑවුම පැත්තට වන්නටය. එය මටත් තවමත් මතක තිබේ. 


මහාවනැල්ල තමන්ගේ ගම නිසා කඩුගන්නාව පැත්තේ ඇවිදින්නට යද්දී ඔහු මේ පිළිබඳව එම කඩා අයිතිකරුවන් සමග කතා කර ඇත. 

ටික දිනක් මෙසේ කතා කිරීමෙන් පසුව ඔහුට එම කඩා අයිතිකරුවන්ට එසේ පාරේ බෑවුම පැත්තට වන්නට කඩ සාදා ගෙන සිටීම නිසා ඒ හරියේ දෙවනගල පැත්තේ දර්ශනය සංචාරකයන්ට බලන්නට අපහසු වන බව ්‍යාපාරිකයින්ට පෙන්නා දීමට  හැකියාව ලැබී තිබේ. එසේ දර්ශනය අවහිර වන විට ඒ හරියේ වාහන නවත්වන්නට සංචාරකයන් අකමැති වන බවද ඔහු පෙන්වා දී ඇත.

මේ අනුව ඔහුගේ මග පෙන්වීම නිසා පාරේ බෑවුම පැත්තේ තිබූ කඩවල් කන්ද පැත්තට ගෙන ගිය බව ඔහු මට පැවසුවේය. 


අද මට මේ කතාව මතක් වූයේ කන්ද පැත්තේ හෝටලයක් මතට ගලක් පෙරලීම නිසා ඇතිවූ ශෝකජනක සිද්ධිය  දුටු විටය.


මමත්  කොළඹ යන හැම විටකම බෑවුම පැත්තේ වාහනය නවතා ටිකක් ඒ දර්ශනය දෙස බලා ඉන්නට පුරුදු වී ඇත්තෙමි.



The voyage to Siam

  This story is based on King Kirti Sri Rajasinha’s embassy of 1750–1751, supported by the Dutch, to seek Siamese monks who could restore up...