අප දහ දෙනකුගෙන් පමණ යුත් නිලධාරීන් කණ්ඩායමක් වසරක පමණ තාක්ෂණික පුහුණුවක් සඳහා 1980 වර්ෂයේ ඉන්දියාවට ගියෙමු.
අප කණ්ඩායමට අමතරව එම පාඨමාලාවේ නයිජීරියානු ටැන්සානියානු සහ මුරුසියස් නිලධාරීන් කිහිප දෙනකු ද සිටියහ.
ඒ දිනවල අප ඉන්දියාවට යද්දි ලංකාව ඉන්දියාවට වඩා තාක්ෂණය අතින් බොහෝ ඉදිරියෙන් සිටිය බව කිව යුතුය. ලංකාවේ එකල වර්ණ රූපවාහිනී තිබුණු අතර ඉන්දියාවේ තිබුණේ කළු සුදු රූපවාහිනිය පමණි.
ලංකාව විවෘත ආර්ථිකය පටන් ගැනීම සහ ඉන්දියාවේ සංවෘත ආර්ථිකය තව දුරටත් පවත්වා ගැනීම නිසා මේ තත්ත්වය ඇතිව තිබූ අතර මේ පිළිබඳව ඉන්දියාවේද ොකු උනන්දුවක් එසේම ප්‍රසිද්ධියක් ඇති වී තිබුණි. ඉන්දියාවේ එකල ආණ්ඩු කිරීම licensing Raj එකක් බව රටේ ාස්‍යයට මෙන් කියූ බව මට මතක් වෙයි.
සමහරවිට ඉන්දියාව ද විවෘත ආර්ථිකයට යන්නට ඇත්තේ අප එක්වරම අළු ගසා දමා නැගිට ආකාරය දුටු පසු වෙන්නටත් පුළුවන.
අප ඉන්දියාවේ මෙලෙස ඉගෙන ගනිද්දි ඉන්දියාවේ නොයෙකුත් ප්‍රාන්ත වලට ගමන් කිරීමට හැකියාව ලැබුණි. ඒ නොයෙකුත් ක්ෂේත්‍රවල පාසැල් පිහිටා තිබුණේ ිවිධ ප්‍රාන්තයන්හි නිසාය. අප වැඩි කලක් ම සිටියේ කේරලයේ අරුණා කුලම සහ කොච්චි දූපත ආශ්‍රිතව වුවත්, රට හැම තැනම වාගේ නොයෙකුත් නගරවලට පාසැල් මාරු වෙන විට යාමට හැකියාව ලැබුණි.
රට ඇතුළේ ගමන් සියල්ල දුම්රියෙන් කෙරුණු අතර දවස් ගණන් දුම්රියවල ගමන් කරන්නට ලැබුණි.
අපට රජයෙන් පලවෙනි පන්තියේ දුම්රිය ප්‍රවේශපත්‍ර ලැබුණු අතර, එකල ඉන්දියාවේ දුම්රියේ පලවෙනි පන්තිය පාවිච්චි කළේ බොහෝම ටික දෙනෙකි. නළුවන් දේශපාලඥයන් වැනි ධනවත් බලවත් පුද්ගලයන් මේ අතර වූහ.
වරෙක අපි මෙලෙස දීර්ඝ ගමනක් යද්දී, අපගේ දුම්රිය ් ප්‍රධාන දුම්රිය ස්ථානයක රාත්‍රී කාලයේ නැවතීමකට පැමිණියේය. අපි එලෙස දුම්රිය ඉඳහිට නැවැත් වූ විට කෝපි එකක් ඛී සිගරට් එකක් බොන්නට දුම්රිය වේදිකාවට පැමිනෙන්නට පුරුදුව සිටියෙමු. මෙම දුම්රිය ස්ථානයේ දී මෙලෙස එළියට එන විට තුන් හාරසීයක පිරිසක් අපට පෙති දෙකක් එහායින් පෙට්ටියක අසල පිරි පොරකන අයුරු අපට දක්නට ලැබුණි.
මේ පිළිබඳව සොයා බැලීමේදී සෙනඟ එතන පිරී ඇත්තේ ඒ පෙට්ටියෙ ්‍රසිද්ධ නළුවෙකු සිටින බව දැනගෙන බව අපිට දැනගන්නට ලැබුණි. අපි ටිකක් එදෙස බලා සිටින විට අපේ කෙනෙකුට හොඳ අදහසක් පහළ වුණි.
අපි ඒ අදහස වහාම ක්‍රියාත්මක කළෙමු. ඒ නළුවාගේ නම මට හරියට දැන් මතක නැතත් එහි අගට babu කියා තිබුණු බව මතකය. අපේ දෙදෙනෙකු ඒ සෙනග ලඟට ගොස් දන්න දෙමළෙන් මෙසේ කියමින් අප සිටි පෙට්ටිය පෙන්වූහ.
" අඩේ, ......... බාබු එන්න ඩා, අංගෙ රාජේශ් කන්නා, ඉර්කා "
එක්වරම දර්ශනය සම්පූර්ණයෙන්ම වෙනස් විය. එතන මුලින් සිටි සෙනගත් තවත් අලුත් පිරිසුත් අපේ පෙට්ටිය ළඟ පිරෙන්නට පටන් ගත්හ. අප ඔවුනට ඇතුළට එන්නට ඉඩ නොදී සිටියත් ටික වේලාවකින් ඔවුන් පාලනය කර ගැනීමටත් නොහැකි තත්ත්වයක් ඇති විය.
පසුව එතැන සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා අපේ පෙට්ටියට ආරක්ෂාව සැපයූනු අතර ටික වේලාවකින් එම පිරිස ඈත්කර තැබීමට පොලිස් නිලධාරීන් සමත් වූහ.
අවසානයේ දුම්රිය පිටත් වීමට විනාඩියකට දෙකකට පෙර එතැන සිටි පොලිස් නිලධාරියෙකු මා වෙත පැමිණියේය.
" කෝච්චිය යන්න ඉස්සර මට පොඩ්ඩක් ඔලුව ඇතුලට දාල රාජේශ් ඛන්නා බලන්න පුලුවන්ද" ඔහු මගෙන් ඇසුවේය.
ReplyDeleteහ හා.....ඒ කාලේ ඉන්දියාවේ ආර්තිකය පටන ගන්නවයි කියන්නේ හවස පහෙන් පස්සෙනෙ...රජයේ කාර්‍යාල ටික වැහුවම. ඇත්තටම ඉන්දියාව විවෘත උනේ මන මෝහන් සිං යටතේ. ඊට කලින් ගෙවුම් ශේශ අර්බුදයක් ඇවිල්ලා අයි එම් එෆ් ගියානේ,,,,, - MAYYA - https://maiyyagelokaya.blogspot.com/
ඔව් ඉන්දිරා ගාන්ධි ගෙන් පස්සේ
Deleteඔව් ඉන්දියාව තව අවුරුදු පනහකින් බැලුවත් දියුණුව කෙසේ වෙතත් නලු නිළියන්ට පන දෙන එකනම් තියේවි!
ReplyDeleteඅද ඔසියන්ට පැරදිලා කීදෙනෙක් දිවි නහ ගනීද දන්නෑ!
යන අතරේ දුම්රිය ළඟ සෙනගක් ඉන්නා
ReplyDeleteමොන හේතුද කියාගන්න නැහැනේ දන්නා
දෙන බොරුවකි ඉන්නා බව රාජෙශ් ඛන්නා
බැන නොහිටිය එක පුදුමයි එතනින් පන්නා....
ජයවේවා !!!
අපේ අයියලා ඒ කාලේ සන්ලයිට් සහ ටෝච් බල්බ් යනාදිය ඉන්දියාවට අරං ගියා නේද?
ReplyDelete