Wednesday, November 15, 2023

චන්ද ඔට්ටු

 බද්දේගම සිටින වැවිලිකරුවකු වන ආනන්ද ලැනරෝල් මහතා මගේ හොඳ මිතුරෙකි. ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ europa ඉතිහාසය පිළිබඳව ඔහු ඇවිදින විකිපීඩියා එකක් බඳුය.


සතියකට වරක් දෙවරක් අපි දෙදෙනා බොහෝ දේවල් ගැන කතා කරන්නේමු. එහිදී මාතෘකාවන් නොයෙක් අතට විහිදී යන අතර සෑම දිනකම වාගේ කතා කරන විට ඔහුගේ මාතෘකාවන් අතර එක් විශේෂම මැක්කෙකු වෙයි. ඒ ලංකාවේ අපරාධ සඳහා මරණ දඬුවම දීම නොකර සිටීම පිළිබඳවයි. ඔහු සැම විටම කියන්නේ මරණ දඬුවම වහාම ක්‍රියාත්මක කළ යුතු බවය.


අද අපර භාගයේ අප ටික වෙලාවක් කතා කරමින් සිටියෙමු. එහිදී අප වැඩිපුර කථා කරමින් සිටියේ ඊලඟ ඡන්දයේදී කවරෙකු ජයග්‍රහණය ලබාගැනීමට වඩා ඉඩකඩ තිබේද යන්නයි.


අප දෙදෙනා මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදී ඔහු මීට පෙර ඡන්දවල ඔහු ගේ අනාවැකි බොහෝ විට සත්‍ය වූ බව කියා සිටී අතර ඒ සඳහා පොඩි උදාහරණ දෙක තුනකුත් කීවේය.


පලවෙනි එක දෙදාස් පහ මැතිවරණයෙ රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ජනාධිපති ඡන්දය ඉල්ලා සිටි අවස්ථාවයි. ඒ ඡන්දයට මාසයකට පෙර සිරගත වී සිටි එස් බී දිසානායක බැලීම සඳහා ආනන්ද මහ රෝහලේ මර්චන්ට් වාට්ටුව වෙත ගොස් ඇත. ඔහුට එහිදී එස්බී බැලීමට පැමිණ සිටි බන්දුල ගුණවර්ධනද මුණගැසුණි. 


ඔවුන් මේ වන විට ඉදිරියේදී පැවැත්වෙන නාධිපති ඡන්දයෙන් කුමන ප්‍රතිඵලයක් ලැබේදැයි කතා කරමින් සිට ඇත. ආනන්ද දුටු SB  "මෙන්න හොඳ අනාවැකියක් කියන්න පුළුවන් කෙනෙක් ලැනරෝල් මහත්තයා මොකද කියන්නේ ඡන්දයේ ප්‍රතිඵල ගැන" යනුවෙන් පවසා ඇත.


ඒ ඇසූ ආනන්ද පවසා ඇත්තේ ඊළඟ මාසයේ ඡන්දයෙන් නිල් වික්‍රමසිංහ ඡන්ද ලක්ෂ 48ක් පමණ ද මහින්ද රාජපක්ෂ ඡන්ද ලක්ෂ හතළිස් හයක් පමණ ද ලබා ගනු ඇති බව ය.


"දෙමළ ඡන්ද ඔබ දැම්මේ කාගේ ගොඩටද?"

එස්බී ආනන්ද ගෙන් අසා සිටියේය.


"රනිල් වික්‍රමසිංහගේ ගොඩට", ආනන්ද පවසා සිටියේය.


"මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා" එස්බී කීවේය. 


"ප්‍රභාකරන්ට අවශ්‍ය මහින්ද දිනවන්න මොකද මහින්ද වටේ තමයි හෙළ උරුමය ජනතා විමුක්ති පෙරමුණ වගේ ජාතිවාදී පක්ෂ එකතු වෙලා ඉන්නේ, එතකොට යුද්දෙ අන්තිමට පෙනෙන්නේ සිංහල දෙමළ යුද්ධයක් විදිහට, ඒක  තමයි ප්‍රභාකරන්ට අවශ්‍ය" SB එකතු කළේය.


ආනන්ද ගෙදර යන ගමනුත් රියදුරා සමග එස් බීට බැන්නේය. 


ඔහු දකුණේ තවත් දේශපාලන කණ්ඩායමක් සමග මේ ඡන්දය පිළිබඳව ලක්ෂ 25ක ඔට්ටුවක් ද දැම්මේය. ඔහු කිව්වේ රනිල් දිනන බවයි. 

ඔහුට එම ඔට්ටුව දැමීමට සිදුවූයේ ‍රසිද්ධියේ යම් තැනක ඔහු රනිල් දිනන බවට ඔට්ටුවක් දැමීමට ද තමන් කැමැති බව ප්‍රකාශ කර සිටි නිසාය.


ඔහුගේ ඔට්ටු සගයන් ලක්ෂ 25 ක් රැගෙන ඡන්දයට දවස් දෙකකට පෙර ඔහුගේ නිවසට පැමිණියහ. ඔවුන් එකතු වී ඔහු දන්නා අඳුනන නීතිඥයකු ළඟට ගියේය. 

ටික වේලාවක් නීතීඥයන් සමඟ කතා කරමින් සිටී එම පිරිස ඔවුන්ට නීතිඥයා ලඟ අත්සන් කිරීමට ගිවිසුම් ගැසීමට අවශ්‍ය නැති බව පවසා ඔවුන් ගෙනාපු ලක්ෂ 25 ආනන්දට දී අනිද්දා 12ට ඔවුන්; ඒ කියන්නේ ඡන්දයෙන් පසු දාට, ඔහුගේ නිවසට පැමිණ ඔට්ටුව නිරාකරණය කරගැනීමට කැමැති බව පවසා ආපසු ගියහ.


ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පැරදිණි. පසුදින 12ට ආනන්දගේ නිවසට පැමිණි ඔට්ටුව දැමූ පිරිස ඔවුන්ගේ රුපියල් ලක්ෂ 25 ද ආනන්දගේ ලක්ෂ 25 ද එකතු කරගෙන ගියහ. 

ඊළඟ episode එකේ ඔහු මීටත් වඩා ඡන්ද ඔට්ටුවක් දිනපු කතාව



4 comments:

  1. සමහර වචන වල අකුරු අඩුයි. උදාහරණයක් ලෙස රනිල් කියන එක නිල් කියලා ලියලා තියෙන්නේ...

    මේ පාර නම් චන්ද ප්‍රතිපල ගැන කියන්න හරි අමාරුයි, අරගලයත් එක්ක මිනිස්ස්ය් වෙනස් වෙලා කියලා හිතනවා - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  2. මාත් 1977 ඡන්ද ඔට්ටුවකින් රුපියල් පහක් දිනුවා. ඒ කාලේ පාන් ගෙඩියක් ශත 80 යි.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...