Saturday, November 6, 2021

2 පැරිසියට යාම 2

 


ගුවන් ගමන් වල කෑම බීම යනාදිය සැපයීම covid වසංගතයෙන් කිසිම විදිහකින් වෙනස් වී නොමැති බව පෙනුණි. 


අප හවස පැරිසියේ ඩිගෝල් ගුවන්තොටුපල වෙත පැමිණි අතර, එහිදී අපගේ ගමන්මලු සොයා ගැනීම සඳහා තරමක් අසීරු එලෙසම දුර ගමනක් ගුවන්තොටුපල තුළම යාමට සිදුවීම හැරෙන්නට, සියල්ල සාමාන්‍ය ආකාරයෙන් සිදු විය.

එහෙත් ගුවන් ගමන් දෙකේදීම, covid කාලෙට වඩා යම් වෙනසක් මට දක්නට ලැබුණි. ඒ ගුවන් සේවිකාවන් සියලු දෙනාම පාහේ නැගෙනහිර යුරෝපයේ රටවලින් පැමිණි අයවලුන් බවය. සාමාන්‍යයෙන් පෙර එමිරේට්ස් ගුවන් සේවයේ දක්නට ලැබුනු තරම් ආසියාතික යුවතියන් මෙවර දක්නට නොලැබුණි. ඒ වෙනුවට ශක්තිමත් උස මහත කඩිසර තරුණ ගුවන් සේවිකාවන් නැගෙනහිර යුරෝපයෙන් පැමිණ ඇති බව හොඳින් පෙනුණි. මෙය සමහර විට ඉදිරියේදී trend එකක් වන්නටත් පුළුවන් විය හැක.


ගුවන්තොටුපලින් පිටතට පැමිණි පසු කුලී රථයක් ලබා ගැනීමට!  විශේෂයෙන්ම අප තිදෙනාගේ ම ගමන්මලු තිබුණ නිසා, යම් වෙහෙසක් දරන්නට සිදු වේ යැයි අප සිතුවද, කුලී රථ සම්පූර්ණයෙන්ම එක් ස්ථානයකින් පාලනය කරන ලද බව පෙනුන නිසා එතැන සිටි ලංකාවේ පෙනුමැති තරුණ කාන්තාව මුණගැසී අපගේ ප්‍රශ්නය කීවෙමු. 

ඇය අප ගියේ ගමන්මලු දෙස බලා එයට ගැලපෙන වාහනයක් වහාම ගෙන්වා දුන්නාය. හෝටලයට පැමිණීම සදහා අපට යුරෝ 36ක් වැය විය.


පසුදා සිටම නොයෙකුත් ව්‍යාපාරික කටයුතු වල යෙදුණු අපි ට, අපගේ යම් ඇඳුනුම් කම් වලින් හි ජීවත් වන ශ්‍රී ලාංකික මිතුරන් දෙදෙනකු බොහෝ පිහිට විය. අපගේ ව්‍යාපාරික කටයුතු සඳහා ඔවුන් තිදෙනාම ඔවුන්ගෙ සම්බන්ධතා හරහා ප්‍රංශ සමාගම් අපට හඳුන්වා දුන් අතර එයට අමතරව ඔවුන්ගේ නිවෙස් වල ට, අපව රැගෙන ගොස්  සංග්‍රහ කිරීම ද බොහෝ කෙරුණි. 

මුලින්ම හමු වුන මිතුරා වුරුදු 35ක් පමණ ප්‍රංශ ජීවත් වී ඇති අතර විවාහව සිටින්නේද ප්‍රංශ කාන්තාවක සමඟය. 

ලංකාවට ඇති බැඳීම් තබාගැනීමට බොහෝ මහන්සි වන ඔහු එක් දරුවෙකුට යම් තරමකට ලංකාවේ අධ්‍යාපනයක් ලබා දීමට පවා පෙළඹී ඇත. එම දරුවන් ද බටහිර සංස්කෘතියට වඩා අපේ ජීවන රටාවන් අනුගමනය කරමින් ජීවත් වන බවක්ද පෙනෙන්නට තිබීම අපට බලවත් සතුටක් ගෙන දුන්නේය.

එහෙත් එම දරුවන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට උත්සාහ කළ විට   ඒ සම්බන්ධව බොහෝ ප්‍රශ්න ඇති කරන බවක් අපට දැනගන්නට ලැබුණි.


මෙය ඉතාමත් කණගාටුදායකය. ප්‍රංශයේ පුරවැසිභාවය තිබෙන ්‍රී ලාංකික පියෙකුගේ දරුවන් දෙදෙනෙකුට එම පියාගේ බලවත් ඕනෑකම නිසා තරමක  ගාස්තුවක් ද ගෙවා තමන්ගේ මව්රට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අපහසු කරන්නට නීති හෝ රතු පටි තිබේනම් කොතරම් කණගාටුදායක තත්ත්වයක් ද?

3 comments:

  1. ඔය අවසන් කරුණ දුටු විට මට සිහිවූයේ මීට ටික කලකට පෙර අසන්නට ලැබුණු කතාවක්. ඒ ශ්‍රී ලාංකික මවකට විදේශිකයෙකුට දාව ලැබුණු තම දරුවන්ට ලාංකික පුරවැසිකම් ලබා දීමට කිසිස්සේත්ම නොහැකිය යන්න.

    කාන්තාවන්ට මත්පැන් මිළට ගන්නට හෝ මත්පැන්හලක සේවය කිරීමට නොහැකිය යන් නීතිය වගේ එකක්.

    දැන් නීති වෙනස්දැයි නොදනිමි.

    ReplyDelete
  2. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

The Gentleman in the Cave

Every afternoon, when the shadows of the tea bushes lengthened across the road, the planter walked his dog past Dingiri’s house. The planter...