Sunday, October 31, 2021

පැරීසියට යාම

 පසුගිය බදාදා, මම අප සමාගමේ ව්‍යාපාරික කටයුත්තකට තවත් දෙදෙනෙකු සමග පැරිස් නුවර බලා පිටත් වීමි. emirates සමාගමේ ගුවන් යානය පිටත් වීමට තිබුණේ උදය දහයයි පහටය. කලින් දවසේ කොළඹ ගොස් ,PCR පරීක්ෂාව කරගෙන, ගමන් බලපත්‍රයත් එකතු කරගෙන ආපසු නුවර ගියෙමි. 


මම නිවසින් උදේ 5:00 ට යාමට බලාපොරොත්තු ව සිටිය ද, කතා කළ කිහිප දෙනකුම ඒ වෙලාව මදි යැයි කිවූ නිසා උදේ හතරට නිවසින් පිට වීමි.  උදේ 6:00 වනවිට ගුවන් තොටුපළට පැමිණියෙමි. හරියටම ඒ වේලාවට මගේ කොළඹ ජීවත්වන මිතුරන් දෙදෙනාට ගුවන්තොටුපළට පැමිණියහ.

වෙනදා පැය දෙකක් පමණ තබා ගුවන් තොටුපලට පැමිණෙන අපි, මෙදින , පැය හතරක් කලින් පැමිණියේ, covid වසංගතය නිසා කලින් පැමිණිය යුතු යැයි බොහෝ දෙනා කිව් නිසා ය.

ඒත් අපි පැමිණි පසු වෙනදාටත් වඩා බොහෝ ඉක්මනින් check in counter වලට පැමිණියද, ඒවායේ වැඩ කරන නිලධාරීන්ගේ ඉතාමත් සෙමෙන් වැඩ කිරීම නිසා, අප ගුවන් යානය ළඟට ගියේ වීමට මොහොතකට පෙරය. 


මෙයට තවත් හේතුවක් වූයේ online checkin කරගෙන පැමිණීමට අපට අමතක වූ නිසාය.


වසන්ගත යෙන් පසු, ගුවන් ගමන් පටන්ගෙන කාලයක් ගත වී නොමැති නිසා මම හිතුවේ ගුවන් යානය ඇතුළත ද පෙර පරිදි නොව යම් සමාජ දුරකින් මගින් වාඩි කරවන බවය. එහෙත් මගින් වාඩි කිරීම  පෙර පරිදිම සෑම ආසන එකටම එක මගියෙකු බැගින් බව දුටුවෙමි. මට සිතුණේ මේ පරීක්ෂණයක අපි guinea pig වරුන් බව ද කියාය. ගුවන් ගමන් වසංගතේ ට පෙර තිබුණු පරිදිම නැවත, පටන් ගෙන ඇත.


mask දාගෙන හිටියද නිතරම කෑම ගැනීමට යමක් පානය කිරීමට mask ගලවා තබන නිසා, එවැනි සංවෘත අවකාශයක එක් අයෙකුට හෝ රෝගය තිබුණේ නම් බොහෝ දෙනෙකුට බෝ වෙන්න ඉඩ තිබුණි.

එකම වාසිය සියලු දෙනාම පැය 48ක් ඇතුළත pcr ආර් පරීක්ෂණ කර තිබීමය. 


අපගේ මුල් අදියරේ ගුවන් ගමන තිබුණේ කොළඹ සිට ඩුබායි දක්වාය. මෙහිදී මම හොද චිත්‍රපටයක් තෝරා ගැනීමට පරික්ෂා කරද්දී , රිඩ්ලි ස්කොට් ගේ නම දුටු නිසා එම චිත්‍රපටය පරික්ෂා කර බැලුවෙමි. last mile stone නම් වූ එම චිත්‍රපටය, කෙන්යාවේ නම කීමටත් අපහසු තවමත් ලෝකයේ මැරතන් සඳහා වාර්තාව තිබෙන ්‍රීඩකයෙකුගේ මැරතන් තරගයක් පැය දෙකකට අඩුවෙන් දුවන්නට කරන උත්සාහයක් වටා ගෙතී තිබුණි.


මෙම සැතපුම් 26 පැය දෙකකට අඩුවෙන් දුවන්නට කරන ලද උත්සාහය සාර්ථක වුවත්, එහිදී ඔහුට වඩා වේගයෙන් දුවන්නට, නොයෙකුත් උදව් කිරීම් නිර්මාණය කර තිබූ නිසා එය ලෝක වාර්තාවක් ලෙස පිළි නොගැනේ. 

නමුත් චිත්‍රපටය මනාවට සදා තිබුණි. එය කොතරම් සිත් ඇදගන්නා සුළු ද යත්, මගේ දෙපසින් සිටි දෙදෙනාම අවසානයේ ඒ චිත්‍රපටය බලන්නට පටන්ගත්හ.....


4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ගුවන් ගමන ඉවර වෙනකම් ච්ත්‍ර පටි දෙක තුනක් බලප කාලයක් මතක නෑ.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...