Friday, September 10, 2021

හැමවිටම තමන් හරි යැයි කියා තීරණ ගැනීමේ වැරැද්ද

 



මේ චිත්‍රයේ තිබෙන්නේ දෙවන ලෝක මහා යුද්ධයේ ජර්මනියේ ගුවන් නාශක තුවක්කු වලින් වෙඩි වැදි ආපසු පැමිණෙනු එක්සත් රාජධානියේ නාවික හමුදාවේ ගුවන් යානා වල, වැඩිපුරම වෙඩි වැදුණු ස්ථාන වල සාමාන්‍ය අගයන් ලකුණු කර එය චිත්‍රයකට නැගීමකි.

සතුරාගේ වෙඩි පහරට ැඩියෙන්ම ලක්වන ප්‍රදේශ මේවා නිසා එම කොටස් වෙඩි පහරට වඩා ඔරොත්තු දිය හැකි අමුද්‍රවය කින් සෑදිය යුතු බවට, එසේත් නැත්නම් ම ප්‍රදේශ යම් ක්‍රමයකින් වෙඩි නොවදින තත්ත්වයට පත්කළ යුතුයැයි නාවික හමුදාව අදහස් කළේය.

එහෙත් මේ පිළිබඳව ඔවුන් සියල්ල දත්තන් ලෙස තමන්ගේ තීරණය ක්‍රියාත්මක කරන්නට ගියේ නැත. තවත් විද්‍යාඥයන් සහ ගණිතඥයින් කිහිපදෙනකුගෙන් මේ පිළිබඳව විමසා බැලූහ. ඒ ඔවුන් සැම විටම තමන් හරි යැයි සිතා වැඩ නොකරන, එසේම තවත් මේ පිළිබඳව වැදගත් අදහස් තිබෙන්නට පුළුවන් ්‍රවීණයන්ගෙන් විමසිය යුතු යැයි සිතූ නිසාය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පෝලන්ත ගණිතඥයෙකු වූ ඒබ්‍රහම් වෝල්ඩ් 1902-1950 කියා සිටියේ ඇත්තෙන්ම ඔවුන් වෙඩි නොවදින හෝ වෙඩි පහරට ඔරොත්තු දෙන ආකාරයට සකස් කළ යුත්තේ වඩා වෙඩි වැදුනු තැන නොව, වෙඩි පහර නොවැදුනු තැන් බවයි. 


ඔහු මේ සඳහා ඔහුගේ උපදේශය සඳහා ඉතා අපූරු හේතුවක් ඉදිරිපත් කළේය. 


ඒ රාජකීය ගුවන් හමුදාවට මේ පරීක්ෂණය සඳහා යොදාගත හැකිව තිබෙන්නේ වෙඩි වැදුනත් ආපසු තම රටට තමන්ගේ ගුවන් පථයට පැමිණීමට හැකි වූ ගුවන් යානා වලට පමණක් බවයි. ගුවන් යානා එසේ සතුරු ප්‍රදේශවලට ගියවිට බොහොමයක් ගුවන් යානා සතුරු ගුවන් නාශක වෙඩි වලින් විනාශ විය. සමහර විට මේ සඳහා ගිය ගුවන් යානා 10 කින් ආපසු පැමිණියේ එකක් දෙකක් පමණි. 


ඔහු මේ සඳහා හේතුව පැහැදිලි කළේ මේ නොපැමිණි ගුවන් යානා සැලකිල්ලට ගනිමිනි. 


ගුවන් හමුදාව ඇත්තෙන්ම වඩා අධ්‍යයනය කළ යුත්තේ, වඩා තමා ශක්තිය තම තාක්ෂණය යෙදවිය යුත්තේ ආපසු නොපැමිණෙන ගුවන් යානා ගෙන්වා ගැනීමටය යයි ඔහු පවසා සිටියේය.


එසේ වෙඩි වැදී විනාශ වන ගුවන් යානා බේරා ගැනීමට නම් වෙඩි වැදී ආපසු පැමිණෙන ගුවන් යානා වල වෙඩිවැදුණු ස්ථාන නොව; ඒවා කෙසේ වුවත් ආපසු පැමිණ ඇත, ඒවායේ වෙඩි නොවැදුනු ස්ථාන, ගුවන්යානා නාශක වෙඩි වැදුනත් , ගුවන් යානයට අලාභහානි නොවන ලෙසට ශක්තිමත් කළ යුතු බවය. 

එක්සත් රාජධානියේ නාවික හමුදාව මේ උපදේශය පිළිගත්තේය. ඒ නිසා බොහෝ ඔවුන්ගේ ගුවන් යානා සහ නියමුවන් බේරගන්නට පුළුවන් විය.


මේ සිද්ධියේදී නවික හමුදාව මුලින් සිතුවේ මුලින් ගණනය කළේ, බේරී පැමිණි ගුවන් යානා පිළිබඳව පමණි. ඒවායින් පමණක් යම් ගණනයක් සිදු කළවිට, ඒ ගණනය කිරීමට, ඒ ගණනින් ලැබෙන ප්‍රතිඵල වලට survivorship bias නැමැති වැරද්දක් එකතුවන බව සිද්ධිය පිළිබඳ විශ්ලේෂණයේ දී පැහැදිලි වෙයි. 

එය තවමත් තීරණ ගැනීමේදී ගණනය කිරීම් වලට යොදාගනු ලැබේ.


7 comments:

  1. සුළු නිවැරදි කිරීමක් - ඒබ්‍රහම් වෝල්ඩ් ගේ සේවය ලබාගත්තේ ඇමෙරිකානු ගුවන් හමුදාව සහ නාවික හමුදාවයි. එක්සත් රාජධානිය යනු බ්‍රිතාන්යයයි. එය එක්සත් ජනපදය විය යුතුයි. ඒ කෙසේ වුවත්, වැදගත් සංකල්ප අඩංගු මෙවන් ලිපි වලින් පාඨකයා දැනුවත් කිරීම පිළිබඳව මාගේ ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කමෙන්ට් එකෙන් පස්සෙ මම ගොඩක් හෙවුවා, නමුත් ඒක හරියට පැහැදිලිව නැහැ, කොහොමත් ජර්මනියට බෝම්බ දාපු ගුවන් යානා ආපසු එන්න ඇත්තේ එංගලන්තය ට, ඒ කාලෙ ඇමරිකාවයි එංගලන්තෙ එක්ක වැඩ කළ නිසා ොළොම්බියා විශ්ව විද්‍යාලයේ වැඩ කරපු wald මිත්‍ර පාක්ෂික රටක් ලෙස මේකට සම්බන්ධ වන්න හැකියාවකුත් තිබෙනවා, කොහොමත් මම තව දුරටත් හොයාගෙන යනවා

      Delete
    2. මේ ලිපි කියවා බලන්න.

      https://medium.com/@penguinpress/an-excerpt-from-how-not-to-be-wrong-by-jordan-ellenberg-664e708cfc3d

      https://sofrep.com/fightersweep/a-mathematicians-war-how-abraham-wald-helped-win-world-war-ii-without-ever-firing-a-shot/

      Delete
  2. මේ රූපය දුටු විටම පේන දෙයක් තමයි එන්ජින් දෙකට වෙඩි වැදී නැති බව. ඒ කියන්නේ දඩයක්කරුවන් සතුන්ගේ කණ අසලට වෙඩි තියනවා වගේ, එන්ජිමට තිබ්බා නම් බඩු බනිස්.



    ReplyDelete
  3. https://www.researchgate.net/publication/254286514_Abraham_Wald's_Work_on_Aircraft_Survivability

    ReplyDelete
  4. මේ පින්තූරය මා සහභාගී වූ වැඩමුළුවකදී දැක තිබෙන එකක්. මාගේ ක්‍ෂණික නිරීක්‍ෂණය වූයේ නියමුකුටියට ප්‍රහාර එල්ල වී නැති බවයි. එය නිරික්සූ එකම තැනැත්තා මා නොවෙයි. එසේම අත්තටු වල තිබෙන එන්ජින් ප්‍රහාර වලට ලක් නොවී තිබෙන බව ඊළඟට දුටුවා. මෙය වැඩි දෙනෙකුගේ ප්‍රථම නිරීක්ෂණය.

    මෙය ඉදිරිපත් කිරීමේ හේතුවම "survivorship bias" ගැන කියා දීම නිසා මා ඒ ගැන වැඩි දුර කියන්නට යන්නේ නෑ. කිව යුතු දේ වන්නේ වැඩි දෙනෙකුගේ නිරීක්‍ෂණ සමපාත උණත් නිගමන එසේ නොවුන බවයි. එනම් බොහෝ දෙනා survivorship bias එකට යටත් බව අපට තේරුණා. නියමුකුටිය සහ එන්ජින් ප්‍රහාර වලට ලක් නොවීමම මේවා ආපසු පැමිණීමට හේතුව වන්නට හැකි බව නිගමනය කළේ අප කිහිප දෙනෙක් පමණයි. වැඩි දෙනෙක් ආපසු පැමිණීමට අපොහොසත් වූ ගුවන් යානා අමතක කර තිබුණා. අපට ඒවායේ දත්ත නෑ.

    මා සාමාන්‍යයෙන් තීරණ ගන්නේ දත්ත ප්‍රමාණවත් නම් පමණයි. ඉහත විස්තර කළ වැඩමුළුවේදී මා ආපසු නොපැමිණි ගුවන් යානා වලත් මෙවැනිම දත්ත ඇත්දැයි විමසා සිටි බැවින් ප්‍රශ්නය වෙනම මාවතකට යොමු උනා.

    ReplyDelete
  5. අතිශය වැදගත් ලිපියක්!

    ReplyDelete

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...