Thursday, September 23, 2021

වෙළඳ නෞකා වල හොරු ඇල්ලීම අවසාන සහ දෙවැනි කොටස

 https://lakshmanillangakoon.blogspot.com/2021/09/blog-post_23.html?m=1

තරමක වේලාවක් ගත කර, සිතියම මත අඳින ලද fix එක, තමන් ඇත්තෙන්ම සිටින ස්ථානය ට වඩා මුහුදු සැතපුම් අසූවක් පමණ දුරින් තිබෙන බව මගේ මිතුරාට පෙනුණි.


 අලුත් නිලධාරියාට  අත්වැරදීමක් සිදුවන්නට ඇතැයි, සිතා ඔහු නැවත වරක් අලුත් fපික්ස් එකක් දමන ලෙසට කියා සිටියේය. එයත් ඒ ආකාරයෙන්ම වැරදුනු නිසා, කොහේ හෝ යම් වරදක් සිදුවී ඇති බව මගේ මිතුරා අවබෝධකර ගත්තේය. 

ඔහු ඒ වන විට තමාගේ මුරය අවසන් වී තිබුණ ද, ඉතිරි පැය හතරම bridge එකේ නැවතී අලුත් නිලධාරියාට රේඩාර් එක යොදාගෙන තමන් ඉන්නා තැන සොයාගන්නා ආකාරය ඉගැන්වීය. 

තමන්ට ඒ හැකියාව නොමැති වීම පිළිබඳව ඔහු නොයෙකුත් කාරණා කිව්වද ඒවා පිළිගත නොහැකි කාරණා විය. ලාංකිකයෙකු නිසා උදව් කිරීමටත් අවශ්‍ය නිසා ත්, නැව වැරදි ආකාරයකට ගමන් කරවා විශාල අනතුරකට මුහුණ පෑමට ඉඩ තිබෙන නිසා ත් , මගේ මිතුරා මාසයක් පමණ යන තෙක්, අලුත් නිලධාරියාට නාවික ගමනාගමනය සහ නෞකාවල භාණ්ඩ සහ තෙල් පිලිබඳ ගණනය කිරීම් ඉගැන්වීය.

අලුත් නිලධාරියා මේ තරම් දැනුමෙන් මද වීමට යම් වංචා සහගත යමක් සිදුවී ඇති බව තේරුම්ගත් මගේ මිතුරා, දවසක නිලධාරීන්ගේ සහතික දමා තිබෙන කපිතාන්ගේ දහවල් කාමරයේ (day room) තබා තිබෙන මේ අලුත් නිලධාරියාගේ සහතිකය පරීක්ෂා කර බැලීය. 


ඒ සහතිකය තමන්ගේ සහතිකයට වඩා අවුරුදු දෙකකින් අලුත් එකක් වුවද සහතිකයේ අංකය තමන්ගෙ අංකයට වඩා සීයක් පමණ පැරණි අංකයක් තිබීම ඔහු නිරීක්ෂණය කළේය. ඔහු අනෙක් නිලධාරීන්ට හොරෙන් මේ පිළිබඳව අලුත් නිලධාරියාට පෙන්වා ඔහුගෙන් කරුණු විමසා සිටියේය. 


තමන් වංචාසහගත සහතිකයක් යොදාගෙන මේ රැකියාව ලබා ගෙන ඇති බව ඔහු පිළිගත්තේය. මගේ මිතුරා ඔහු සාක්ෂාත් කරගත් මේ වංචාව පිළිබඳව නෞකාවේ කපිතාන්ට වාර්තා නොකර, නෞකාවේ මෙවර මාස හය කොන්ත්‍රාත්තුව අවසන් වන තෙක් සේවය කර ආපසු රටට යන ලෙස ඔහුට දන්වා සිටියේය. 

ඔහුගේ මෙයට පොරොන්දුවී ලිපියක් ද ලබා ගත්තේය. 

එහෙත් ඉන්පසු මගේ මිතුරා ාත්‍රියට නිදා ගන්නා විට ; සාමාන්‍යයෙන් නෞකාවල කාමර ඇතුලෙන් අගුලු දැමීම නොකරන නමුත්, තමන්ගෙ කාමරයේ අගුළු දැමීමට අමතක නොකළේය.

මීළඟට නෞකාවේ සේවයට පැමිණි, ඉන්දියාවේ ගෝවා වල නිලධාරියකු වූ...... සම්බන්ධයෙන් ද මෙවැනිම සිදුවීමක් සිදු විය. ඔහුගේ වෙළඳ නෞකා වල හැකියාවන් සුදුසුකම් සහ අත්දැකීම් වලට වඩා අඩු බව පෙනුණු මගේ මිතුරා ැන් පරීක්ෂාකිරීමට ක්‍රමයත් දන්නා නිසා, කපිතාන්ගේ දහවල් කාමරයේ සහතික නැවත පරීක්ෂා කළේය. මෙය ඉන්දියානු සහතිකයක් නිසා තමන්ගේ සහතිකයත් සමඟ සංසන්දනය කර එහි යම් වැරැද්දක් සොයාගැනීමට නොහැකි බව තේරුම් ගත් ඔහු, එහි තිබිය හැකි අනෙකුත් වැරැදි පිළිබඳව පරීක්ෂා කළේය. 

එම සහතිකයේ ද ඔහු යම් පටලැවිල්ලක් නිරීක්ෂණය කළේය. එය ධර්මාශෝක අධිරාජයා පිළිබඳ පටලැවිල්ල කි. ඒ ඒ ඉන්දියානු රාජ්‍ය ලාංජනය වන අශෝක ස්ථම්භයේ එක් සිංහයකු පැත්තකට කඩා වැටී සිටිනු දැකීමයි. 

ඔහු මෙම සහතිකය පෙන්නුවා ඉන්දියානු නිලධාරියාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරන විට ඔහු ද ඔහු විසින් කර ඇති වැරැද්ද පිළිගත්තේය. ඉන්දියානුවාට ද, වංචාසහගත ලාංකික නිලධාරි 8 දුන් ප්‍රතිකර්මය ම ලබා දුන්නේය. 


මින් පසු ඔහු තමන්ගෙ කාමරයේ නිදාගන්නා විට ඇතුළතින් අගුල් දෙකම දාගන්න පුරුදු වූයේ ය.


සෑම අත්දැකීම කින් ම කෙනෙකුට යමක් ඉගෙන ගන්නට පුළුවන. ඔහුගේ මෙම අද්දැකීමෙන් අපට කරුණු කිහිපයක් පෙනේ. 


වෙළඳ නෞකා වල කොපමණ හොර සහතික ඇති නිලධාරීන් සේවය කරනව ඇද්ද යන බව.


නෞකා ගමනාගමනයේ නිලධාරියකුගේ මුරයක් කිරීමට කොතරම් කෙටි කලකින් ඉගෙන ගන්නට පුළුවන් ද යන බව.


යම් වංචාවක් කරන විටත්, ඒවා ්‍රවේසමෙන් නොකළහොත්, සුළු වැරැද්දකින් එය අසූ වන්නට ඉඩ තිබෙන බව.


1 comment:

The government printer'

  The Government Printer In Aluthwattha, Digana, a man could spend twenty years learning a trade and still earn less than someone who could ...