Thursday, September 23, 2021

වෙළඳ නෞකා වල සොරු ඇල්ලීම

 

https://lakshmanillangakoon.blogspot.com/2021/08/blog-post_24.html?m=1


අවුරුදු 10ක් පමණක් නාවික හමුදාවේ සේවය කර එහෙත් අවුරුදු 100ක පමණ ්‍රියාකාරකම්වල යෙදුණා අමුතු විදිහේ අත්දැකීම් ඇති මගේ මිතුරෙකු ගැන මම මීට පෙර බ්ලොග් දෙකක් ලියා ඇත්තෙමි.

ඒවායේ link මුදුනේ ඇතුල් කර ඇත.


මේ මිතුරා ලුතිනන් වරයෙකු ලෙස නාවික හමුදාවෙන් ඉවත් වී ; ඒ ඉවත් වුණු කතාව බොහෝ සිත්ගන්නා සුළු එකක් වුවත් එය ලියන එක හොඳ දැයි සිතා ගැනීමට අපහසු නිසා නොලියා සිටිමි, ටික කලකින් වෙළඳ නෞකාවකට රැකියාව සඳහා පිටත් විය. ඔහු එසේ ගියේ එංගලන්ත නාව්ක සමාගමකට අයිති, නෞකාවක හතරවෙනි නිලධාරියා වශයෙනි (කපිතාන් , ප්‍රධාන නිලධාරී, දෙවන නිලධාරි තුන්වන නිලධාරීන් සහ හතරවන නිලධාරීන් වෙළඳ නෞකා වල සාමාන්‍යය hierarchy ය වෙයි. 

කපිතාන්වරයා  නෞකාවේ ප්‍රධානියා ය. එහි සියලු වගකීම් දරන්නේ ඔහු විසිනි. ඊළඟට සිටින chief officer එහෙම නැත්නම් ප්‍රධාන නිලධාරී නෞකාවේ ගෙනයන බඩුබාහිරාදිය පිළිබඳ වගකීම දරයි. අනෙක් නිලධාරීන් ඔවුන්ගේ වැඩ කටයුතු වලට සහාය දක්වන අතර, මුහුදේ දී නෞකාව නියමිත ස්ථානය කරා ගෙන යාමට උදව් වෙති.

සාමාන්‍යයෙන් වෙළඳ නෞකාවක මුහුදේ දී නැව ගමනේ යෙදෙන විට එකෙක් නිලධාරීන් නැවේ මෙහෙයුම් කටයුතු කරන්නේ පහත ආකාරයටය.

මේ නිලධාරීන් නෞකාව ගමනාගමන යෙදවීමට පැය හතරෙ මුරයන් කරයි.


හතරවෙනි නිලධාරියා වශයෙන් සේවයට බැඳුණු ගේ මිත්‍රයා ඉංග්‍රීසි ජාතික කපිතාන් සහ ප්‍රධාන නිලධාරී ගේ සිත් දිනාගෙන ඉක්මනින් ඉහළ තනතුරුවලට උසස්වීම් ලැබුවේය.


මේ නෞකාව සේවයේ යොදවා තිබුණේ ැදපෙරදිග ප්‍රදේශයේ වූ අතර එකල මැදපෙරදිග යුද්ධයක් ද පැවතිණ.

කෙසේ හෝ මේ දිනවල නෞකාවේ හතරවෙනි නිලධාරියෙකු සඳහා පුරප්පාඩුවක් ඇති වින. මේ නෞකාවට නොයෙකුත් රැකියාවන් සඳහා සුදුසුකම් ඇති පුද්ගලයන් සොයා දුන්නේ ලංකාවේ ම ව්‍යාපාරයෙහි යෙදෙන සමාගමක් මගිනි. 

පුරප්පාඩු වූ හතරවැනි නිලධාරියාගේ රාජකාරි සඳහා ද, සුදුසුකම් ලත් ගැලපෙන පුද්ගලයෙකු එම සමාගම මගින් ම ලංකාවේ සිට මෙම නෞකාව වෙත එවන ලදී. 


තමන්ට තවත් ලාංකික නිලධාරියෙකු නෞකාව වෙත ලැබීම පිළිබඳව මගේ මිතුරා බොහෝ සතුටට පත්විය. එහෙත් මගේ මිතුරා තමන්ගේ වොච් එක (මුරය) වන 0400-0800 අවසන් කළ පසු ඊළඟ මුරයට පැමිණිය යුත්තේ අලුතෙන් ලංකාවෙන් නෞකාව වෙත ගිය නිලධාරියාය. සාමාන්‍යයෙන් එසේ මුරයක් භාරදෙන විට, අලුතෙන් පැමිණෙන නිලධාරියා නෞකාව තිබෙන ස්ථානය හරියටම ශපථ කර ගැනීමට, fපික්ස් එකක් ලබාගැනීම නෞකා ජීවිතයේ සිරිතයි. 


මගේ මිත්‍රයා ද නව නිලධාරියා එසේ fix එකක් දාන තුරු බලා සිටියේ ය. එහෙත් ඔහු එයට එතරම් උනන්දුවක් නොපෙන්වන නිසා ඔහුට fix එකක් දමන ලෙසට දන්වා සිටියේය. දුර තුනක්, දුර දෙකක්, දුර සහ කෝණ සංයෝගයක් යනාදී වශයෙන් මෙම fix එසේත් නැත්නම් තම ස්ථානය ැන ගැනීමේ ක්‍රමය සොයා ගනු ලැබේ.


මා මිතුරාගේ වදයට, අලුත් 4වැනි නිලධාරියා radar  උපකරණයෙන් බලා fix එකක් දැම්මේ ය......... ඉතිරි කොටස හෙට. 🤣


 https://lakshmanillangakoon.blogspot.com/2021/09/blog-post_78.html?m=1


2 comments:

  1. දාන මළ ඉලව්වක් එක සැරේ ලියලා දානවකෝ.. හිනාවෙන්න හරි අඩන්න හරි හෙට වෙනකම් බලාගෙන ඉන්න කොට එපාවෙනවා ඕයි....

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා තමයි පටන් ගන්නේ, නමුත් දිග වැඩිවෙනකොට පස්සේ ලියන්නම් කියලා හිතෙනවා

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...