Sunday, September 19, 2021

අතීතයෙන් සත්‍ය කතා 2 හූනියම් දේවතාවාගේ සරම කැඩීම

 දෙවැනි කොටස

. ඒ වතුවල දේවල්වලින් තමයි ඔවුන් ජීවත් වුණේ. ඒ වතු වල වැඩට එන මිනිස්සු තාත්තට හැමදාම උදේට කියනවා මහත්තයා වතුවල කෙසෙල් කපල තියනව. කිතුල් තෙලිජ්ජ හොරකම් කරල තියෙනවා කියලා. දවසක් අම්මා ගෙදර නිදාගෙන ඉද්දි ශබ්දයක් ඇහිල තියෙනවා. ඉන්පසු අම්මා නැගිටලා කොකෝවා කඩන කෙක්ක අරගෙන පහලට යන විට පොල් ගහක හූනියන් දේවතාවුන් වහන්සේ වගේ ඇඳගෙන කෙනෙක් ඉන්නවා. අම්මා හිතලා තියෙන්නේ ඇත්තටම හූනියන් දේවතාවුන් වහන්සේ කියලා. ඉතින් අම්මත් කෙක්ක ඉහලට ඔසවනවා ලු ආයෙමත් පහළට ගන්නවලු. 


ඒ හොරා නැගල තියෙන්නේ හොරෙන් පොල් කඩන්න. ඊට පස්සේ හිමීට හොරා බැහැලා දුවලා. අනිත් හොරු ඇළට වෙලා මේ හොරා දෙන පොල්ගොඩ ගහනවලු. ගෙදර හිටපු බිලින්දා කියන වැඩට හිටපු අයට කියලා පොල් ගෙදරට ඇදගෙන. පස්සේ මේ කතාව ප්‍රසිද්ධ වෙලා ගිහිල්ලා තියෙනවා. 


තාත්තගේ දෙවෙනි කසාදේ අම්මට දුලා පස් දෙනෙක් හිටියා. දුවලාට ඒ ඉඩම් බෙදලා දුන්නා. හුඟදෙනෙක් කසාද බැඳලා ඒ ඉඩම් විකුණලා ගිහිල්ලා. තවමත් ටිකක් තියෙනවා. ඒ කාලෙට මිනිස්සුන් දහයක් පහලවක් විතර රාත්‍රී 12 වෙනකන් වැඩ කරනවා. අපේ තාත්තා බොක්කාවල අරඹේපොල තිබ්බ ඉඩම් අපේ අයියා නමට ලියලා දෙන්න කියලා කිව්වහම නිකංම ලියලා දෙනවා. ඔහොම දීලා තාත්තට වත්තෙ රස්සාව නැති වුණා. ඉන්පසු අලවතුගොඩ පෙට්‍රල් ෂෙඩ් එකේ manager රස්සාව දුන්නා. 


තාත්තා හරිම කරුණාවන්තයි. ඉල්ලන දෙයක් ඕනම කෙනෙකුට දෙනවා. ටයි කලිසම්   නැහැ කිව්වත්, කන්න නැහැ කිව්වත්, බඩු අරන් දෙනවා. තාත්තට කවුරුහරි ඉඩම් නැහැ ගෙවල් නැහැ කිව්වොත් අහවල් වත්තේ ගස් ටික කපා ගෙන ඉදපන් කියනවා. ඉතින් තාත්තා ඔහොම කරලා තාත්තට සල්ලිත් ඉවර ඉවර වුනා. දේපළත් ඉවර වුනා. ඉන්පසු තාත්තට මුලින් හිටපු යාළුවො නෑදෑයො හිතවත්තු කිසිම කෙනෙක් තාත්තව වැඩිය ගණන් ගත්තේ නැහැ. තාත්තා එයාගේ දේපළ ඉවර උනාට පස්සේ පහත රට කසාදෙට අනුව අම්මාගේ දේපල වලින් කොටසක් තාත්තට අයිති වුන නිසා ඒ සේරම පොඩි මාමට විකුණුවා. පොඩි මාමා අපි තුන්දෙනාගෙම කොටසුත් භුක්ති විඳිනවා. පොල් පුවක් කුරුඳු තේ වතු. මට දැන් අවුරුදු පහලවක් 18ක් විතර වයස. මම පොඩි මාමාගෙන් රුපියල් පන්සියයක් ඉල්ලුවා. එයාගේ දුවලා බක්කි කරත්ත වල නුවරට එන්නෙ ඉගෙන ගන්න. ඒ කාලේ අමු තේ කොළ රාත්තල ශත පහක් හතක් පමණ වුණා. එහෙම සල්ලි ඉල්ලුවහම වහාම කරුංකා ගොඩ පෙන්නලා ඉස්කෝලෙට සල්ලි ගෙවන්න ඕන. අරක ගණන් නැහැ, මේක ගණන් නැහැ, කියලා කොලේ වහනවා. 


ඉන්පසු මම පුවක් ගස් යන කොල්ලො පහ හය දෙනෙක් අල්ලාගෙන පුස්ස මුදුන ඉඩමේ පුවක් කැඩුවා. නැන්දලා පණිවිඩ යවලා පොඩි මාමා මාව බය කරන්න ලොකු පොල්ලකුත් අරගෙන දුවගෙන එනවා. ඉන්පසු මම කිව්වා නිකං බොරුවට රණ්ඩුවට එන්න එපා.එක්කො උඹලා ඉවරයි නැත්නම් මං ඉවරයි කියලා තර්ජනය දැම්මා. ඉන්පසු මම කිව්වා කඩාපු පුවක් ගෝනි 20 කැමතිනම් සල්ලි දීලා ගන්න කිව්වා. ඉන්පසු සල්ලි දීලා ගෝනි ටික පොඩි මාමා ගත්තා. මම කිව්වා කවුරු හෝ විවාහක දෙදෙනෙක්ගේ කෙනෙක් මැරුණම ඒ දේපළ කොටසක් බිරිදට හරි ස්වාමියාට හරි අයිතිවෙනවා. ඉතිරි ටික අයිති වෙන්නේ දරුවන්ට. ඒත් දැන් මේක අයිති වෙලා තියෙන්නේ පොඩි මා මට කියලා කිව්වා. ඉන්පසු මම මාමගෙන් ඇහුවා අම්මගෙ මල්ලි ද නැත්නම් මිනිහා ද කියලා. 


මාමා මැරෙන මොහොතේ මේ කතාව කියලා අඩල තියෙනවා, පොඩි මහත්තයා මට මෙහෙම කිව්වා කියලා. එයාගෙ පුත්තු දුවලා ඔක්කොම ආණ්ඩුවේ ලොකු ලොකු රස්සා වල ඉන්න අය. ඔය කියාගෙන ආපු කරුණ අනුව බලනකොට මමයි අක්කයි දැන් තනි වෙලා. එයාලා අපිට නිතරම වෙනස්කම් කරනවා. මම පොඩි කාලේ ගොඩක් සැරයි. එයාලා අපිට ඒ විදියට කරන කොට මමත් ඒ කාලේ එයාලට ගහලා බැනලා හිරිහැර කරනවා. දෙවැනි අම්ම පොඩි මාමට ගොඩක් ආදරේ නිසා ඒවා එයාලට භුක්ති විඳින්න දුන්නා. අපේ දෙවෙනි අම්මා අපි පොඩි මාමා ගෙන් ගිහින් සල්ලි ඉල්ලනවා එහෙම එච්චර සතුටු නැහැ

No comments:

Post a Comment

The government printer'

  The Government Printer In Aluthwattha, Digana, a man could spend twenty years learning a trade and still earn less than someone who could ...