Monday, August 23, 2021

දුඹුරු බත් සහ කුරුඳු කෑම අගුණද


 


අපට බොහෝ කාලයක පටන් සුදු බත් වෙනුවට දුඹුරු බත් කන්නැ යි කියා ඇත. දුඹුරු බත්වල සුදු බත් වලට වඩා විටමින් ෆයිබර් ඛනිජ ලවණ තිබෙන බවත් ීරයට ඒවා අත්‍යවශ්‍ය නිසා දුඹුරු බත් කෑමෙන් අපට මහත් ප්‍රයෝජන ලැබෙන බව අප සිතා සිටියෙමු. නමුත් ඒ අතර එහි අපට ඉතාමත් අ ගුණදායක ආසනික් ද තිබෙන බව දැන් විද්‍යාත්මකව සොයාගෙන තිබේ.

ඉඳහිට වේලක් කන විට මෙවැනි ගුණදායක දේවල් ශරීරයට ලැබෙන නමුත් බත් නිතරම කන කෙනෙකුට ශරීරයට ලැබෙන ආසනික් ප්‍රමාණය ද වැඩි වෙන්නට පටන් ගනී. වැඩිපුර ආසනික් ආහාරයට ගැනීම හෘදයාබාධ වලට සහ පිළිකාවලට මුල් විය හැකි බවට කරුණු සොයාගෙන තිබේ.


අනෙක් බොහෝ ධාන්‍ය වලට වඩා වී ගස පොළොවෙන් ආසනික් උරාගනී. මෙලෙස උරාගන්නා ආසනික් දුඹුරු හාල්වල, සුදු හාල් වලට වඩා සියයට අසූවකින් වැඩි බව සොයාගෙන තිබේ. 


එලෙස වැඩිපුර ආසනික් තිබෙන්නේ සහල් ඇටයේ පිටත ස්ථරයේ වැඩිපුර ආසනික් තැන්පත් වන නිසාය. සුදු හාල් සෑදීමට, නම් දුඹුරු හාල් පිරිසිදු කරන විට එම ආසනික් අධික තට්ටුව ස්ථරය ඉවත් වෙයි.  කාබනික හා අකාබනික පොහොර යොදා ගොවිතැන් කළ ද මෙලෙස සහල්වල ආසනික් එකතුවීම වෙනස් වන්නේ නැත.


මේ නිසා දුඹුරු සහල් සතියකට වරක් දෙකක් කෑවට ්‍රශ්නයක් නැති වුව ද නිතරම ආහාරයට ගතහොත් එය සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන. මේ නිසා සහල් වෙනුවට සමහර ආහාර වේලවල් වලට යනයිඩ් අඩු වෙනත් ධාන්‍ය වර්ග ගැනීම අපේ සෞඛ්‍යයට බොහෝ හිතකර වෙයි.


කුරුඳු


අපි කෑම ගන්නා විට කුඩා කුරුඳු කැබැල්ලක් ආහාරයට දැමීමෙන් කිසි පාඩුවක් වෙන්නේ නැත, ඇත්තෙන්ම එයින් අපේ ආහාරයේ රසයට පොඩි කික් එකක් දෙයි. ඇත්තෙන්ම කුරුඳු කුඩු කුඩා හැන්දක් දෙකක්, දිනපතා ආහාර සමග ගැනීමෙන්, ශරීරයේ සීනි ප්‍රමාණය පාලනය කර ගැනීමට උදව් වනු ඇත. නමුත් සමහර ලාභ කුරුඳු වර්ග විශේෂයෙන්ම කැසියා නැමැති කුරුඳු වර්ගය මේස හැන්දකට වඩා දිනකට ආහාරයට ගතහොත්, එය වකුගඩු රෝග වලට මුල් විය හැකි බවට සොයාගෙන තිබේ. මේ එම කුරුඳු වර්ගයේ, තිබෙන coumarin නැවත  රසායනික ද්‍රව්‍ය නිසාය


නමුත් Ceylon cinnamon නමින් හැඳින්වෙන ලංකාවේ නිෂ්පාදනය කරන කුරුඳු ශරීරයේ සීනි පාලනය සඳහා පාවිච්චි කිරීමේ වරදක් නැති බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇත. ඒ අපේ කුරුඳු වර්ගයෙහි coumarin රසායනික ද්‍රව්‍ය කැසියා කුරුඳු වර්ගයේ තිබෙනවාට වඩා 60 ගුණයකින් අඩු නිසාය.


ඇත්තෙන්ම ලංකාවේ බොහෝ ගෙවතු වල කුරුඳු ගස් අපිට දකින්නට පුළුවන. අපේ ගෙදර වත්තේ ගස් දෙකක් තිබේ. එහෙත් බොහෝවිට ලංකාවේ මිනිසුන් තමන්ගේ ගෙවත්තේ තිබෙන පුරුදු ගසෙන් කුරුඳු පොත්තක් ගෙන ව්‍යංජනවලට දානවට වඩා කඩෙන් කුරුඳු ටිකක් මිලදීගෙන ුස්සියේ පාවිච්චි කිරීම ප්‍රිය කරති. අපි ද මෙලෙස වත්තේ තිබෙන කුරුඳු ගසෙන් ආහාරයට කුරුඳු ටිකක් පාවිච්චි කිරීම පටන් ගත්තේ මෙයට අවුරුදු පහකට පමණ පෙර ය.


මේ නිසා ආහාර රසවත් කිරීමට හෝ ඇඟේ සීනි පාලනය කිරීමට කුරුඳු යොදා ගන්නවා නම් අප යොදා ගත යුත්තේ ceylon cinaman වර්ගයේ කුරුඳු බව මතක තබාගත යුතුය. 



1 comment:

  1. කැසියා මා අසා ඇති පරිදි පිළිකාකාරකයක් වශයෙන් සලකනවා. මේ වර්ග දෙක පිලිබඳ විස්තර ඇතුලත් පොතක් මාස කිහිපයකට පෙර ලංකාවේ පලකලා .

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...