Sunday, September 19, 2021

2004 වසරේ බිම්බෝම්බ සහ නව නිපැයුම්



මම 2004 /5 වසරවල උතුරු නාවික විධානයේ ියෝජ්‍ය ආඥාපතිවරයා වශයෙන් සේවය කළෙමි. මෙලෙස නියෝජ්‍ය ආඥාපතිවරයා, ආඥාපතිවරයා හා සමග වාසය කළේ එසේම කාර්යාල යනාදිය පවත්වාගෙන ගියේ කන්කසන්තුරය වරාය මැදිකර පිහිටුවා තිබුණු උත්තර නමැති නාවික කඳවුරේ ය.


මේ අතර යුද හමුදාවේ යුද හමුදාපතිවරයා මාරුවිය. අලුත් යුද හමුදාපතිවරයා බවට පත්වූයේ වර්තමානයේ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. ඔහු මුලින්ම පත්වීම භාරගෙන පලාලි කඳවුරට පැමිණෙන දින ඔහුත් සමඟ එකල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සඳගිරි ද පැමිණෙන බව දන්වා මට ද එම රැස්වීමට පලාලි කඳවුරට පැමිණෙන ලෙසට දන්වා තිබුනී. 

ඊට පෙරදින නාවික හමුදාපතිවරයා ද කන්කසන්තුරේ වෙත පැමිණ අප දෙදෙනාම එම රැස්වීමට ගියෙමු. එසේ පලාලි වෙතට යනවිට මම නාවික හමුදාපතිවරයා ත් රැගෙන මගේ වන එළවා ගෙන ගිය බව මට මතකය.


මේ රැස්වීමට, ප්‍රදේශය සෑම ජේෂ්ඨ හමුදා නිලධාරියකු ම වාගේ පැමිණ සිටි අතර රැස්වීමේදී යුද්ධය පිළිබඳ නොයෙකුත් ප්‍රශ්න ගැන කතා බහ ඇති වුණි. 

මේ සෑම දෙනෙකුටම තිබුණු ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස සඳහන් කෙරුණේ එකල ත්‍රස්තවාදීන් විසින් හමුදාවන්ට විරුද්ධව පාවිච්චි කෙරුණු බිම්බෝම්බ පිළිබඳවය. මේ තර්ජනය පිළිබඳව යමක් කළ යුතුයැයි සෑම දෙනාම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හමුදාපතිවරයාට දන්වා සිටියෝය.. 


මේ අවස්ථාවේ නව යුද හමුදාපතිවරයා මේ පිළිබඳව කරන්නට යම් විසඳුමක් තිබේ දැයි රැස්ව සිටි සියලු දෙනාගෙන් ඇසුවේය. මේ පිළිබඳව මට යම් අදහසක් තිබුණි. එවැනි අදහසක් තිබුණා පමණක් නොව මම මේ සඳහා යම් විසඳුමක් කලකට පෙර 2001 වර්ෂයේදී උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපතිවරයා වශයෙන් සිටියදී ඉදිරිපත් කර තිබුණි. ඇත්තෙන්ම මේ ළඟදී මම මගේ පරණ කබඩ් එකක් අස් කරද්දිඑසේ ඉදිරිපත් කරන ලද යෝජනාව හමු වුනු අතර මෙම ලිපිය ලිවීමට මුල් වූයේද එම හමුවීමයි. 


දැන් මේ ප්‍රශ්නය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි. එකල එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අපගේ වාහන වලට බිම්බෝම්බ තැබීම පටන්ගත් මුල් කාලෙ වගේ විය. මුලින්ම මෙම බිම්බෝම්බ සවි කළේ වයර් සහිතවය. බෝම්බය පාරේ වලලා, එය පුපුරුවන්නට විදුලිබල සංඥාව සේ නැත්නම් ට්‍රිගර් කිරීම, එයට සවි කරන ලද වයර් එකක් දිගේ එවීම, එම බෝම්බ පිපිරවීමේ ක්‍රමවේදය විය. 

එහෙත් ඊට පසු මෙම බිම් බෝම්බ පිපිරවීම වළැක්වීමට පාරේ වාහන වලට ඉදිරියෙන් එසේ පාරෙන් ඉවතට වයර් තිබේදැයි බැලීමට clearing  පාටි එකක් යොදා ගැනීමට පටන් ගැනිණ. ඔවුන් පාරේ දෙපස කාණුවල උදේ පාන්දර සහ සැක සිතුනු විට නගුලක් වැන්නත් ඇදගෙන යාමෙන් මෙම වයර් සොයාගැනීම කරන ලදී. මෙවැනි ක්‍රම මගින් ත්‍රස්තවාදීන්ගේ අරමුණ ව්‍යවර්ථ වන බව දුටු ඔවුහු, ඊට වඩා තාක්ෂණයෙන් ඉහළ වයිෆයි ්‍රමයක් යොදා ගැනීමට පටන් ගත්හ. එතනදී සිදුකරන ලද්දේ බෝම්බය පිපිරවීමට අවශ්‍ය සංඛ්‍යානයෙ රේඩියෝ තරංග, ඈතක සිට වයර් නොමැතිව පිපිරවීමට අවශ්‍ය වේලාවට මුදා හැරීමයි. (Remote control)

මේ ක්‍රමයේදී ක්ලියරින් පාටි වල ්‍රයෝජනය සම්පූර්ණයෙන්ම නැතිව ගියේය. මම මුලින් කියූ යෝජනාව නවික හමුදා මූලස්ථානය ට ඉදිරිපත් කළේ මෙම අවධියේ දීය. එම යෝජනාවෙන් ඉදිරිපත් කරන ලද්දේ නොයෙකුත් වැනි බෝම්බයක් ට්‍රිගර් කිරීමට පාවිච්චි කළ හැකි සංඛ්‍යාන නිකුත් කරන උපකරණයක් සාදා වාහනයේ ඉදිරිපස එය සවි කළ යුතු බවයි.

එහෙත් නාවික හමුදාවෙන් එම යෝජනාව පිළිගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.


පලාලි රැස්වීමේදී මේ ගැන ඇසූ විට වෙනත් කිසියම් විසඳුමක් ඉදිරිපත් වූයේ නැති නිසා ම මගේ අදහස සභාවට ප්‍රකාශ කළෙමි. මගේ යෝජනාව වූයේ අපගේ වාහන සතුරු තර්ජනය තිබෙන ප්‍රදේශවල ගමන් කරන විට බිම් බෝම්බ පිපිරවීම  සඳහා යොදවා ගත හැකි සංඛයාත වල රේඩියෝ තරංග නිකුත් කරනා උපකරණයක් එසේ නැත්නම් උපකරණ කිහිපයක් මේ වාහන වල ඉදිරියෙන් සවි කිරීමයි. එවිට බෝම්බය පුපුරන්නට ‍ප්‍රෝරෝග්‍රෑම් කර ඇති සංඛයාතය ඇති රේඩියෝ තරංගය බෝම්බයට පැමිණි විට බෝම්බය පුපුරා යයි. එවිට බෝම්බය පුපුරා යන්නේ වාහනය බෝම්බය මතට ඒමට පෙර ය. මේ අදහස ගැන ජෙනරාල් ෆොන්සේකා මගෙන් යම් පැහැදිලි කිරීම් කිහිපයක් විමසූ අතර ඔහු මේ පිළිබඳව යම් උනන්දුවක් දක්වන බව මට සිතුනි.


රැස්වීම අවසානයේ මා ආපසු කන්කසන්තුර කඳවුරට ගියෙමි. අපේ කදවුර අසල තිබූ යුද හමුදා කඳවුරක එකල ්‍රධානියා වශයෙන් සිටියේ සංඥා බලකායේ කර්නල් මීඩින් වූ අතර ඔහු, මෙකල මගේ මේස පන්දු ක්‍රීඩාවේ නිතරම යෙදුණු මිත්‍රයා විය. 


ඔහු පසු දින උදේ පැමිණ මා හමු වී, ඔහු පනාගොඩ කඳවුරට මාරු කර ඇති බව පවසා සිටියේය. ඔහුගෙන් පෙරදින රාත්‍රියේ general Fonseka මා ඉදිරිපත් කළ යෝජනාව ඒ පරිදි උපකරණයක් සෑදීම ්‍රායෝගිකව දැයි විමසා බලා ඇති බව මට දැනගන්නට ලැබුණි.

ඔහු එය ප්‍රායෝගික යැයි පැවසූ විට වහාම හෙට පනාගොඩ කඳවුරට ගොස් මෙම උපකරණ සෑදීමට පටන් ගන්නා ලෙසට දැනුම් දී ඇත. 

යුද්ධ කාලයේ බිම් බෝම්බ වලින් අප හමුදාවල වාහන ආරක්ෂා කර ගැනීම සඳහා මගේ දායකත්වය ඒ පරිදිය.


අවසානයේ එලෙස සාදන ලද උපකරණ ප්‍රමාණයක් නාවික හමුදාවේ වාහන ආරක්ෂා කර ගැනීමට ද අප වෙතද ලැබුණි.


ඉන් ටික කලකට පසුව මම නාවික හමුදාවේ projects and plans අධ්‍යක්ෂවරයා බවට පත් වුණු පසු, ආරක්ෂක අමාත්‍යාංශයේ මුලින්ම පිහිටුවන ලද නව සොයා ගැනීම පිළිබඳව කමිටුවේ ්‍රිගේඩියර් මීඩින් සමග සාමාජිකයෙකු ලෙස බොහෝ කලක් යුද්ධය සඳහා නව නිපැයුම් දියුණු කිරීමට මම කටයුතු කළෙමි.


2 comments:

  1. සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමයි.

    අපි අපේ බොස් හරහා, බොස් ගේ බොස් හරහා ලියුමක් ලොකුම බොස්ට යවනවා. ඒ බොස් ඒකේ මිනිට් එකක් දාලා යටින් ඉන්න පොඩි බොසෙකුට යවනවා. එයා අදාල අංශයට යවනවා. බොහෝ විට එතැන හෝ ස්ම්හරවිට අතරමගදී ලියුම නතරවෙනවා.

    ෆලෝ අප් නොකලොත් වැඩේ හැමදා පෙට්ටියේ.

    -රසික සූරියආරච්චි

    ReplyDelete
  2. සඳගිරි මහත්තමයා සෙබල නිලයේ ඉඳලා නාවික හමුදාපති උනා කියලා අහලා තියෙනව..
    එහෙම වෙන්නෙ කොහොමද..

    ReplyDelete

කොටි පොල්ලේ පහර දීම

 යුද්ධයේ මුල් කාලයේදී ඉන්දියාවේ සිට ලංකාවට සහ අනිත් පැත්තට ොටි ත්‍රස්තවාදීන්ගේ මුහුදු ගමනා ගමනය නිතරම සිදු කෙරුණි. පුහුණුවට යන තරුණ තරුණියන්...