Sunday, August 29, 2021

covid පිළිබඳ වැදගත් තොරතුරු

 


එක්සත් ජනපදයේ, CDC centre for disease control and prevention නමැති ආයතනය විසින් ්‍රසිද්ධ කරන ලද පරීක්ෂණ කිහිපයක ප්‍රතිඵල දැක ඒවා අපගේ මිතුරන්ටත් දැනගැනීමට සැලැස්වීම සුදුසු බව මට හැඟුනි. ඒ නිසාම එම රීක්ෂණයන්හි ප්‍රථිඵල පරිවර්තනය කර පහතින් ලියා තබන්නෙමි.


මෙයින් පළමු වැන්න සහ  තුන්වැන්න මට යම් පුද්ගලිකව දැනෙන දෙයක් බැවින් මෙම ලියවිල්ල පරිවර්තනය කිරීමට මට සිතුනු තවත් හේතුවක් වූ බව ද කියනු කැමැත්තෙමි.


බාබර් සැලූන් එකක බාබර් සහ ගනුදෙනුකරුවා අතර ඔවුන්ගේ සේවය සලසන අවස්ථාවේ covid වැනි රෝගයක් බෝවීමට ඉතාමත් පහසු තැනක් බව නොකිවමනාය. covid පැමිණි මුල් කාලයේ සිටම මම මගේ නිවසේදීම කොන්ඩය සම්පූර්ණයෙන්ම බූ ගා දැමීමට තීරණය කරන ලද්දේ ද මේ නිසාය.


මේ සිද්ධියේදී බාබර් වරුන් දෙදෙනෙකු, ඔවුනට තරමක්  රෝග ලක්ෂණ තිබියදී දින අටක් තුළ එකසිය තිස් නම දෙනෙකුට සේවා සපයා ඇත. එක් ගනුදෙනුකරුවකු ට ගත කර ඇති කාලය විනාඩි 15 කි. මේ 139 දෙනාගෙන් පරීක්ෂණයට භාජනය කරගැනීමට හැකිවූ හැට හත් දෙනෙකුට රෝගය බෝ වී නොමැති බව සොයා ගැනුනු අතර, මේ සැලුන් එකේදී එම නගරයේ නීතිරීති වලට අනුව සියලුම දෙනා සෑම වේලාවකම මුහුණු ආවරණ පැළඳ සිට ඇත.


බීජිං නගරයේ covid ආසාධිතයන් සිටි පවුල් 124ක,  ආසාදිතයින් දිගටම මුහුණු ආවරණ පාවිච්චි කළ නිසා පවුලේ අනෙක් අයට රෝගය පැතිරීම සියයට හැත්තෑ නමයකින් අඩුවී ඇති බව තවත් විශ්ලේෂණයකින් පෙන්වා දී ඇත.

එක්සත් ජනපදයේ යුධ නෞකාවක් වන තියඩෝර් රූස්වෙල්ට් නෞකාව, තුළ සිදුවූ කොවිඩ් ආසාදනය පැතිරීම පිළිබඳ සිද්ධිය මුහුණු ආවරණ වල ආරක්ෂාව පිළිබඳ තවත් හොඳ විශ්ලේෂණයක් අපට දෙයි.. යුද නෞකාවක වායුසමනය කරන ලද කුඩා කාමර සහ ජීවත්වන අවකාශයන් ඇති ස්ථානයක වුවද, මුහුණු ආවරණ පැළඳි නිසා රෝගය පැතිරීම සඳහා ඇති අවදානම 70% කින් අඩු වී ඇති බව පසුව කරන ලද විශ්ලේෂණ වලින් පෙනීගොස් ඇත.


එසේම චීනයේ සිට කැනඩාව බලා පැමිණි මගී ගුවන් යානයක කැනඩාවට පැමිණි පසු එක් මගියෙකු covid ආසාදිතයකු බව සොයාගෙන ඇත. එම ගුවන් යානයේ සිටි අනෙක් මගීන් දවස් දාහතරක් පරීක්ෂාවට භාජනය කරන ලද අතර ඔවුන් කිසිවෙකුටත් කොවිඩ්  අසාධනය වී නැත. වායුසමනය කරන ලද එතරම් කුඩා අවකාශයකත් , එලෙස රෝගය පැතිරී නොමැති වීම පුදුම සහගතය. එහෙත් ඔහුගේ මුළු ගමනම ආසාදිතයා මුහුණු වැස්මක් පැළඳ සිට ඇත. 


මේ සෑම උදාහරණයකින්ම අපට පෙනෙන්නේ, මුහුණු ආවරණ හරියට පාවිච්චි කිරීමෙන් පමණක්ම මෙම රෝගය පැතිරීම බොහෝ දුරට අඩු කර ගත හැකි බව ය. එසේම මේ රෝගය මිනිස් සංහතියට බරපතළ ලෙස ්‍රශ්න ඇති කරන්නත් නිසා, අප මෙම රෝගය පිළිබඳව නිරීක්ෂණය කරන; විශේෂයෙන්ම එහි පැතිරීම පිළිබඳව, විශ්ලේෂණයන් සිදු කර  ප්‍රසිද්ධ කිරීම, ඉතාමත් වැදගත් එසේම අත්‍යවශ්‍ය කාරණයක් බව පෙනෙයි. 

නමුත් අපේ රටේ එවැනි විශ්ලේෂණයන් සිදුකර ඒවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් දක්නට ලැබෙන්නේ ම නැති තරම් ය.


මෙය අපේ ඇති ලොකු අඩුපාඩුවකි. ඒ අතරම මෙම ආයතනය විසින් මෙම ප්‍රසිද්ධ කිරීම්වලට සුව පැමිණ ඇති එක් නිගමනයක් පහත පරිදිය.


මෙවැනි දත්ත සඳහා පවත්වන ලද ආර්ථික විශ්ලේෂණය කිනුත් පසුව නිරීක්ෂණය වී ඇත්තේ, නියමිත ආකාරයට මුහුණු ආවරණ පැළඳීම 15% කින් වැඩි කරන්නේ නම්, lockdown කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවයි. 


අප මේ පිළිබඳව ද යම් අවධානයක් යෙදවීම කාලෝචිත බව හැඟේ.


2 comments:

  1. https://lankacnews.com/කොරෝනා-සුළු-ලෙඩක්-කියූ-එස/

    ReplyDelete
  2. මේ තොරතුරු ඉතා වැදගත්.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...