Saturday, November 27, 2021

බුවනෙකබාහු රජු ක්‍රිස්තියානි ආගමට එකතුවීම

 

ඇන්තනි බැරටෝ

1547 වසරේ අන්තෝනියෝ මොනිස් බැරටෝ නමැති පෘතුගීසි නිලධාරියා සියයක් භට පිරිස් සමග ලංකාවේ එකල තිබූ දේශපාලන විරුද්ධවාදිකම් වලින් යම් ප්‍රයෝජනයක් ගැනීමට හැකියාව විමසා බැලීමට කොළඹට පැමිණියේය. 

එසේ පැමිණියේ එකල කෝට්ටේ සීතාවක හෝ කන්ද උඩරට කුමන රාජධානියකට පෘතුගීසි සහයෝගය ලබාදිය යුතුදැයි ීක්ෂාකර එසේ ඔවුන්ට වඩාත්ම ප්‍රයෝජන ලැබෙන රාජ්‍යයට සහයෝගය ලබාදීම පිණිසය.

ඔහු මුලින්ම කෝට්ටේ බුවනෙකබාහු රජුට සහයෝගය ලබා දීමට තීරණය කළේය. කෝට්ටේ හමුදාවත් සමග ඔහුගේ හමුදාව සීතාවක මායාදුන්නේ රජුට විරුද්ධව මෙහෙයවූයේය.


සීතාවක මායාදුන්නේ රජු නගරය පෘතුගීසි සහ කෝට්ටේ හමුදාවට විවෘත කර  දැරණියගලට පලා ගියේය. ඔවුනට නගරය ලබාදෙන බවත් සියලු වස්තුව ඔවුන්ට රැගෙන යාමට හැකි බවත් දන්වා ලිපියක් ද ඔවුනට ලැබෙන්නටද සැලැස්සුවේය.


සටනකින් තොරවම සිතාවක ජයගත් පෘතුගීසි සහ කෝට්ටේ හමුදාව කන්ද උඩරටට පහරදීමට පිටත් වූහ. එහෙත් එහිදී ඔවුන්ගෙන් හොඳින් පහර කෑ එම හමුදාව පරාජයට පත්ව ආ පසු සීතාවකට පැමිණියහ. පෘතුගීසි හමුදාවෙන් අඩක් එම සටනේදී මිය ගියහ.


ආපසු සීතාවකට පැමිණි පෘතුගීසි සහ කෝට්ටේ හමුදාවට සියලු පහසුකම් ලබාදුන් mayadunne ඔවුනට ආපසු කොළඹ බලා යාමට බෝට්ටු ඇතුළු සියලු පහසුකම් සැලසුවේය.


කොළඹට පැමිණි පසු මෙතෙක් කල් පෘතුගීසින්ට තමන් ක්‍රිස්තියානිය ආගමට හැරෙන බවට පොරොන්දු දෙමින් සිටි කෝට්ටේ බුවනෙකබාහු රජුට ඉක්මනින් එලෙස ක්‍රිස්තියානි ආගමට හැරෙන ලෙසට බැරටෝ පණිවුඩ යැවීය.


එහෙත් එසේ නොවන බව දුටු barreto කොළඹ සිට කෝට්ටේ අගනුවරට ගොස් රජු හමුවී එසේ ආගම මාරු නොකළහොත් රජුට මරණයෙන් පසු අපායේ ගත කරන්නට සිදුවන දඬුවම් පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.


මේ විස්තරය අසා සිටි රජු මේ තරම් හොදට අපාය ගැන දැනගැනීමට මේ සෙන්පතියා දැනටමත් අපායට ගොස් එහි දඩුවම් විද ඇද්දැයි ඔහුගෙන් විමසීය. 


එකල යුරෝපයේ බොහෝ ආගමට බර ෘතුගීසි රාජ්‍ය නිලධාරියකු වු බැරටෝ මෙයින් බොහෝ කෝපයට පත් විය. ඔහු තමන් රජු ඉදිරියේ සිටිනා බවත් අමතක වී, තමන්ගේ තොප්පිය ගලවා පොළොවේ ගසා එතනින් පිටත් වී කොළඹට ගියේය.


රජු ඔහුගේ සිත සැනසීමට ොළඹට යැවූ ත්‍යාග ද බාර නොගත් මේ සෙන්පතියා වහාම කොළඹින් පිටත් වී ආපසු ඕවා බලා ගියේ, රජුට තමන් රටින් පිටවන බවත් නොදන්වා ය.


1 comment:

  1. /* මේ විස්තරය අසා සිටි රජු මේ තරම් හොදට අපාය ගැන දැනගැනීමට මේ සෙන්පතියා දැනටමත් අපායට ගොස් එහි දඩුවම් විද ඇද්දැයි ඔහුගෙන් විමසීය. */

    Hats off for that king.

    Oh, that's exactly what Barreto has done.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...